Secret 😰
"අප්පා......"
සෝල් පාලම උඩ ඉදන් අහස දිහා බලන් හිටිය ජේකේගේ මතකය අතීතයෙන් මිදුනේ එයාගේ පිටිපස්සෙන් ඇහුන කට හඩට...
එයා හැරෙද්දී පොඩි දග මල්ලක් එයාව පහු කරගෙන දුවගෙන ගියා.. ජේකේ හරිම ආසවෙන් බලාගෙන හිටියා.. පොඩි හරි හිතේ කොනක ජේකේටත් මේ වගේ හීනයක් තියෙන්නෙ ඇති... සැනසුම් සුසුමක් හෙලපු ජේකේ සෝල් පාලමට සමුදීලා පයින්ම ආවේ ගෙදරට... සෝල්වලම තිබ්බ ජේකේගේ ගෙදර දැන් ඉස්සර තිබ්බ සතුට නෑ.. මිස්ටර් ජියෝන් කාලයක් තිස්සේ ගෙදරටම වෙලා ඉන්නේ ජන්ග් නැතිවුන දුක තාම හිත කොනේ හොල්මන් කරන නිසා.. ජූන් සෝ මිස්ටර් ජියෝන්ව බලාගන්න ඒ ගෙදරට ගියේ ජේකේගේ වගේම ජියෝන්ගෙත් අවසරය එක්ක..
ඒත් ඔම්මා නැති ගෙදර ජේකේට පාලු කනත්තක් වගේ වුනා...
පාරේ එහෙ මෙහෙ අත යන මිනිස්සු දිහා බලාගෙන ජේකේ ගෙදරට ආවා.. පයින්ම ආව නිසා කොල්ලට හිතුවට වඩා මහන්සියක් දැනුනා..
"කොහෙද පොඩී ගියේ?"
"මන් ගියා සෝල් නුවර බලන්න.. කාලයක් මගේ අස්වලින් හැංගුන ඒ ලස්සන බලන්න හ්යොන්ග්"
"යමු කන්න.. අප්පත් බලාගෙන ඉන්නේ"
කට්ටියම කෑම මේසේට ආවා..කාලෙකින් ඔක්කොම එකට.. එදා අකමැතිවුන සෝ නූනා අද ගෙදර සිරියාව වෙලා.. මගේ ඔම්මා වගේ එයා අප්පවයි හ්යොන්ග්වයි බලාගන්නවා... මට ඒ ගැන හිතේ කොනක ඇතිවුනේ පොඩි සතුටක්...
"ඒත් මගේ ඉයුන්....."
හීනි කට හඩෙන් මන් එහෙම කිව්වා නෙමෙයි ඉබේටම කියවුනා.. කොච්චර කාලයක් ගියත් මට තාමත් ඒ මූණ අමතක කරගන්න බැරිවුනා..
"ජේකේ කාලා ඉමු"
"හ්ම්ම් හ්යොන්ග්"
"පොඩී... මොකද කරන්න හිතාගෙන ඉන්නේ?"
"මන් ආයේ යන්න ඕනේ"
"ඒත් හ්යොන්ග් ආසයි ඔයා මෙහේ ඉන්නවට"
"මාත් ආසයි.. ඒත් එහෙ වැඩ ගොඩ ගැහිලා"
"හරි ආවා විතරනේ... අපි ටික දවසක් ඉමු"
ජූන් කොහොමත්ම මේ තත්වේ උඩ ජේකේව තනියම ආයේ ඔසී යවන්නේ නෑ.. මොකද ජේකේ ඉන්නේ හොද මානසික තත්වයක නෙමෙයි.. උදේ හවස බෙහෙත් ගන්න තරම් මානසික පීඩනයක කාලයක් ජේකේ විදෙව්වා.. යාන්තමට හොද වුන නිසා ආයේ ආයේ ඒ තත්වෙට තමන්ගේ මල්ලිව දාන්න ජූන් කොහොමත් ඩොක්ටර් කෙනෙක් හැටියට කැමති නෑ.
කට්ටියම කාලා නැගිටලා ගියේ තමන්ගේ කාමරවලට...
"ජූන්... මන් ජේකේ එක්ක කතා කරන්න ඕනේ"
"හ්ම්ම්ම්"
.
.
.
.
"පොඩී..... මන් ඇතුලට එන්නද?"
"එන්න නූනා"
"කොහොමද මගේ කොල්ලට?"
"කෝ මන් ඔයාලට බලාගන්න කියලා ගිය මගේ ඉයුන්?"
සෝගේ කට ඉබේටම වැහුනා... කෝ ඇත්තමට ඉයුන්..
"අහන්න පොඩී... සෝ හැමදාම ඔයාගේ ඉයුන්ව හෙව්වා.. ඒත් එයාව අපිට හොයාගන්න බැරිවුනා"
"හ්යොන්ග් ඔයාලා මට පොරොන්දු වුනා"
"හ්ම්ම් අපිට සමාවෙන්න.. හෙට පොඩි ගමනක් යන්න ලෑස්තිවෙන්න.. උදේම"
තවත් වෙලා කතා කරන එක මේ වෙලේ අවශ්‍ය නෑ කියලා හිතුන ජූන් සෝවත් එක්කන් ජේකේගේ කාමරෙන් එලියට ආවා.. මොකද කොහොම කිව්වත් ජේකේ අහන්නේ ඉයුන් ගැන නිසා ඒවට දෙන්න උත්තර කා ලගවත් තිබ්බේ නෑ..
.
.
.
.
.
.
Next day morning
උදේම ලෑස්තිවුන ජූන් සෝ එක්ක ජේකේවත් එක්කන් ආවේ ලස්සන මල් ගොඩක් එක්ක සෝල්වල අවසාන භාගයට වෙන්න තිබ්බ ලස්සන නිසොල්මන් කනත්තට...
"හ්යොන්ග්?? ඇයි අපි මෙතනට ආවෙ??"
"එන්න යමු.. ඔයා එනකන් මෙතන කෙනෙක් බලාගෙන ඉන්නවා"
"මට බෑ.."
"එන්න..."
ජේකේගේ හිත ගැහෙන වේගේ එන්න එන්නම වැඩිවෙද්දී ජූන් කනත්ත කොනක ලස්සන ලිලී මල් ගොඩක් ලග තිබ්බ පොඩි සොහොනක් ලගට ජේකේව එක්කන් ගියා...
"කුකී......"
ඔව් ඒ සොහොන් කොතේ කොනක තිබ්බේ ඒ නම.. ජේකේ එතනින් වාඩිවෙලා හරි ආසාවෙන් ඒ කොත අතගෑවේ හරියට කාලයක ඉදන් අදුරන කෙනෙක් වගේ..
"හ්යොන්ග්... නූනා.... මේ.... මේ කවුද?"
"ඔයා දන්නවද පොඩී.. එදා ඔයාගෙන් වෙන් වෙලා සෝ ළගට ආව ඉයුන් හැංගුව ලොකුම දේ මේක..."
"අහ්හ්හ්??"
ජේකේ හිටියේ කිසිම දෙයක් තේරුනේ නැති විදිහට ජූන් දිහා බලාගෙන,
"ඔව්ව් එයාවත් නොදන්න ඔයාවත් නොදන්න කතාවත් එතකොටත් වෙලා.. ඔයා නිසා එයා ප්‍රෙග්නට් වෙලා හිටියේ... හරියටම දවස් ගාණකට කලින්... ඒත් ඒ ගැන දැනගද්දී එයා සෝ ළගට ඇවිල්ලා මාස 5ක් විතර ගිහින්... කෙල්ල මුලදි ඇඩුවත් පස්සේ එයාව ජීවත් කරන්න ඕනේ වුනා.. මොකද ඒ ඔයා නිසා.. ඒ තරම් එයා ඔයාට ආදරේ කලේ..."
"මොනාද මේ කියන්නේ... මට... මට එහෙම එකක් ඉයුන්....
"ඔව්ව්ව් එයා කිව්වේ නෑ.. හැංගුවා.. ඒ වෙනකොටත් එයාගේ කුකී ලෝකේ හිටියේ නැති නිසා..."
ජේකේ ඉදන් හිටිය තැනෙන් නැගිටලා කෙලින්ම ආවේ ජූන් ලගට...
"මට කියන්න මොකක්ද උනේ??"
"එයා ඔයා නිසා අවුරුදු 17දී ඔම්මා කෙනෙක් වුනා ජේකේ... හරියටම කෙල්ලගේ 18 වෙනි උපන්දිනයට කලින් කෙල්ල ඔම්මා කෙනෙක් වුනා.. අමාරුවෙන් හරි කෙල්ල ඒ හැමදේම දරාගත්තා... ඒත් අවාසනාවකට ළමයෙක් හදන්න තරම් කෙල්ල ශාරිරිකවත් මානසිකවත් ශක්තිමත් වුනේ නෑ.. එදා හරියටම ඉරිදා දවසක්... මන් බය වෙලා ඇඩුවා.. මට උදව්වට කවුරුත් හිටියේ නෑ.. මන්... මන් කෙල්ලව හොස්පිටල් එකට අරන් යද්දිත් අපේ පොඩි කුකී අපිව දාලා ගිහින්.. ඒත් වාසනාවකට මගේ කෙල්ලට මුකුත් වුනේ නෑ.. ඒ පොඩි කාලෙට කෙල්ල සෑහෙන්න දුකක් වින්දා.. හැමදාම මෙතනට ආවා.. මොකද එයා කිව්වේ මේ ඉන්නේ මගේ ජේකේ කියලා... එයා හැමදාම මේ කොත බදාගෙන ඇඩුවා.. කාලයක් අමාරුවෙන් මට පුලුවන් වුනා ඒ මතකවලින් කෙල්ලව ගොඩ ගන්න.. ඒත් ඒ කාලෙම ඉයුන්ගේ අප්පා අසනීප වුන නිසා කෙල්ල ආයේ මගෙන් ඈත්වෙලා ගෙදර ගියා.. ඒත් ඉයුන් ඒ හැමදේම හිතේම තියන් ලස්සනට ජීවත් වුනා"
සෝ කම්මුල දිගේ බේරෙන කදුලු පිහදාන ගමන් කතාව එක දිගට ජේකේට කිව්වා.. ඒ තව දුරටත් මේවා රහස් විදිහට තියාගන්න ඕනේ වුනේ නැති නිසා..
කතාව අවසානයේ ජේකේ පොඩි කුකීගේ කොත ළග ඉදගත්තේ අතේ තිබ්බ සුදු රෝස පොකුර එතනින් තියන ගමන්...
"මට සමාවෙන්න... මගේ... පුතේ... මට මුකුත්ම කරගන්න බැරිවුනා... ඔයා වෙනුවෙන්වත්... ඔයාගේ ඔම්මා වෙනුවෙන්නවත්... ඔයා... ඔයා මට සමාව දෙනවද?"
"ජේකේ... අපි යමු..."
"හ්යොන්ග් මට මෙච්චර දේවල් නැති වෙලාද?"
"යමු... ඇති දැන්"
බලෙන්ම වගේ ජූන් ජේකේවත් අරන් සෝ එක්ක කනත්තෙන් එලියට ආවා.. ලස්සන මල් එක්ක සුවද හමන ලස්සන තැනක අද එයා තනියම.. ජේකේගේ හිතට ආවේ මහා කාලකන්නි හැගීමක්...
.
.
.
.
.
.
.
"මිස්....."
"සම්චන්... කොහොමද?"
"හොදයි මිස්..."
"මන් ගිහින් එන්නම්"
.
.
.
.
.
"අහ්හ්... කවුද මේ මල් තියලා ගිහින් තියෙන්නේ?? මගේ කූ පැටියට දැන් මෙතනත් යාලුවොද??"
මන් ඕනේකමින් වටපිට බැලුවේ පේන හරියක කවුරු හරි ඉන්නවද බලන්න...
"මේ මල් ලස්සනයි කුකී.. ඔයාට ඔන්න අදත් ඔම්මා රෝස මල් ගෙනාවා.. අද රෝස මල් එක්ක තව ලස්සන සුදු රෝස මලුත් තියනවා.. ඔයා සතුටෙන් නේද?? ඔම්මා ආයේ ඉක්මනට ඔයාව බලන්න එන්නම් කුකී.. එතකන් පරිස්සමෙන් ඉන්න ඕනේ"
කොතට ලංවෙලා කෙටි හාද්දක් තිබ්බ ඉයුන්.... ඔව් ඉයුන් නැගිටලා යන්න ගියා...
.
.
.
.
.
කාලයක් ගෙවිලා ගියා.. ජේකේ කොරියාවට ඇවිල්ලා මාසයකටත් කිට්ටුයි.. හැමදාම කුකීව බලන්න ගිය ජේකේ මතක ඇතුව සුදු රෝස මල් පොකුරක් ගෙනිච්චා.. ඉයුන්ට කවුද මේ මල් තියන්නේ කියලා හොයාගන්න ඕනේ වුනත් එයා එන හැමවෙලේම එයාට ජේකේව මග ඇරුනා..
....................
අද ලස්සන රැයක්.. මන් පොල පැත්තට යන්න එලියට බැස්සේ මිනිස්සු පිරුනු තැනකට යන්න හිතේ තිබ්බ ලොකු ආසව නිසා.. කාලයක් විදින්න බැරිවුන ජීවිතය දැන් මට විදින්න ඕනේ වුනා..
වෙලාවට හවස 5ත් පහු... ලාවට වැටෙන පොදයක් එක්ක මන් ජැකට් එකත් දාගෙන පාර මැදට වෙලා බලන් හිටියේ වැඩ ඇරිලා මිනිස්සු එක රොත්තට එහෙ මෙහේ දුවන හැටි..
"යා.... මෝඩ ජේකේ... ඔහොම ඉන්නවා"
හැමදාම වගේ අදත් හිතපු තැනෙන් කතාව ලියලා ඉවර කරගන්න වුනේ නෑ..
Vote and comments 💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top