Sad or Happy.....
"යා.... මෝඩ ජේකේ... ඔහොම ඉන්නවා"
"ඒයි මන්ද මෝඩ.. ඔයා තමා මෝඩ.. මෝඩ ඉයුන්"
මගේ වටේ කැරකුන පොඩි දෙන්නා කියවන්නේ මගේ නමයි ඉයුන්ගේ නමයි... මන් දෙන්නව අත් දෙකෙන් අල්ලා නවත්තගත්තා..
"ඔහොම ඉන්න...."
"ආව්ව්ව්... ඔයා කව්ද??"
"ඔයා ජේකේද?? එතකොට ඔයා ඉයුන්??"
"ඔව්ව්...."
"ඒයි... ඔම්මා කියලා තියනවා නේ අදුරන්නේ නැති අය එක්ක කතාවට යන්න එපා කියලා"
"කවුද ඔයාලට ඔය නම් තිබ්බේ?"
"ඇයි අපි ඒක කියන්නේ??"
මූ නම් මන් වගේම පණ්ඩිතයි...
"ඉයුන් ඔයා කියන්නකෝ"
"ඔම්මා තමා.. එයාගේ හොදම යාලුවා ඉයුන්ලු.. එයා ලොකු වැරැද්දක් කාලාලු එයාට.. ඉතින් එයාගෙන් සමාවගන්න ඕනේ නිසා මට ඉයුන් කියලා නම තිබ්බලු"
"අහ්හ්හ්හ්...."
"මේ මෝඩයට නම් දාලා තියෙන්නෙ මෝඩයෙක්ගේ නමක්.. ඔම්මා කිව්ව ජේකේට ඉයුන් ගොඩක් ආදරේ කලාලු.. ඒකලු මෙයාට ජේකේ කියලා දැම්මේ.. ඒත් මන් නම් මේ මෝඩයට ආදරේ නෑ.. මෝඩ ජේකේ"
"ඔයා කට පියාගන්නවද?"
පෙනුමෙන් දෙන්න ට්වින්ස්ලා...
"ඔම්මගේ නම් යූරිද?"
මන් එහෙම ඇහුවම කොල්ලයි කෙල්ලයි මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා..
"ඔයා කොහොමද අපේ ඔම්මගේ නම දන්නේ?"
"කෝ දැන් එයා?"
එතකොටම මට ඇහුනේ ජේකේගෙයි ඉයුන්ගෙයි නම කියලා කතා කරන ගෑනු කෙනෙක්ගේ කටහඩ.. ඔව් ඒ යූරී... එයා මන් ලගට දුවගෙන ආවේ මාව නොදැක කියලා මන් හොදටම දැක්කා..
"කොහෙද ඔය දෙන්න යන්නේ?? ඔම්මා කියලා තියනවා නේ ශොප් එකෙන් එහාට යන්න එපා කියලා"
"යූරී..."
මගේ කටහඩට එයා මගේ මූණ දිහා බැලුවේ ක්ශනිකයෙන්...
"ජේකේ.... ඔයා...."
"හ්ම් ඔව් මන් යූරී"
"දෙයියනේ ඔයා... කෝ මගේ ඉයුන්??"
"මන් දන්නේ නෑ.. මාත් එයාව හොයනවා..."
"අහ්හ්හ්??"
"ඉතින් මේ ඔයාගේ බබාලා දෙන්නද?? ජේකේ ඉයුන්??"
"ඔයාලා නිසා මන් එයාලට ඒ නම් තිබ්බා.."
"තැන්කිව් යූරී.. මෙහෙම හරි ජේකේ ඉයුන් එකට ඉන්නවනේ"
"යමුද අපේ ශොප් එක පැත්තට..."
ජේකේ ඉයුන්ගේ අතින් අල්ලන් ගියේ පොඩි ජේකේ යූරීගේ අතින් අල්ලන් යන පිටිපස්සෙන්...
"මේ මගේ කොෆි ශොප් එක.. එන්න ඇතුලට"
මන් ශොප් එක ඇතුලට ගියාම දැක්කේ ඒක ඉස්සර මන් ඉයුන්ව හම්බුන බ්ලූබෙරි කැෆේ එක වගේමයි.. පිලිවෙලයි ලස්සනයි...
"ඔය දෙන්න යන්න අතනට ගිහින් පොතක් බලාගන්න"
මන් බාලගෙන හිටියේ ඒ දෙන්නගේ කෝලම් දිහා පුදුම ආසවකින්...
"ඉතින් මොනාද බොන්නේ ජේකේ??"
"මුකුත් එපා යූරී.. ඉතින් කොහොමද ඔයාට?"
"මන් ඉතින් අර දෙන්න එක්ක ඉන්නවා.. හස්බන්ඩ් නම් සෝල්වලින් පිට තමා වැඩ..."
"හ්ම්ම්ම්"
"මොකද ඔයාට වුනේ??"
අකමැති වුනත් මන් යූරීට මගේ කතාව කිව්වා.. එක අතකට ඒක මට සහනයක් වුනා.. ඔව් මන් කාට හරි මගේ දුක කියන්න හිතුවා.. ඒත් ඒ එදා මගෙයි ඉයුනුයි අතරට ආව යූරී වේවී කියලා මන් විශ්වාස කලේම නෑ.. ඒත් යූරීට මන් මගේ හිතේ තියන හැම දෙයක්ම මොකක්දෝ හේතුවකට කිව්වා.. ඊට පස්සේ හිතට දැනුනේ ලොකු නිදහසක්...
"දෙයියනේ... ඔයාලට මෙච්චර දෙයක් වෙලා... මට විශ්වාසයි ජේකේ එයා කොහේ හරි හොදින් ඇති..."
"හ්ම්ම්ම් ඔව්ව්ව්... මට ඔම්මා නැතිවුනා... මගේ පණ ඉයුන් නැතිවුනා, මගේ පුතා කුකී නැති වුනා... මගේ වයිෆ් සැලී නැතිවුනා... තව මට නැති වෙන්න කියලා මුකුත්ම නෑ යූරී.. මගේ ජීවිතේට සතුට අරන් ආව ඔක්කොම මාව මග දාලා යන්න ගියා... ඒත් ඉයුන් විතරයි මාව තනි නොකලේ.. ඒත් අද එයත් නෑ"
"හ්ම්ම්ම් මට ඔයාව තේරෙනවා ජේකේ"
අපේ කතාවට බධා කලේ ඉයුන්... ඉයුන් කියන්නේ පොඩි ඉයුන්, අපේ යූරීගේ බබා...
"ඔම්මා...."
"මැණික??"
"අර ආන්ටි තෙමෙනවා.. මන් මේ කුඩේ ගිහින් දෙන්නද??"
මාත් ආපස්ස හැරිලා බැලුවේ ඒ කෙනා දිහා.. ඒත් එයා හිටියේ මට පිටුපාලා... ලස්සන මල් පොකුරක් ඒ අතේ තිබ්බා..
"අයියෝ අර මල් ටිකත් තෙමෙනවා.. හ්ම්ම් ගිහින් දෙන්න"
"ඉයුන් යන දිහා බලන් හිටිය අපි ආයේ අපේ කතාවට වැටුනා...."
.
.
.
.
.
.
"ආන්ටී.. මේක ගන්න"
"මේක මටද??"
"ඔව්ව් ඔයා තෙමෙනවා..."
"හොද බබෙක්නේ.. මට කුඩේ දුන්නම ඔයා තෙමෙනවනේ"
"අර මගේ ඔම්මගේ ශොප් එක.. ඒකට මාව බස්සන් ආන්ටි ඕක අරන් යන්න"
"කෝ එන්න.. අපි යමු ඔයාගේ ඔම්මගේ ශොප් එකට"
මල් පොකුරත් අතින් ගත්ත ඒ කෙනා ඉයුන්ගේ අතත් අල්ලන් ගියේ යූරීගේ ශොප් එකට...
"ඔම්මා... මන් මේ ආන්ටිව එක්කන් ආවා.."
ජේකේ තාමත් හිටියේ ඒ ආව කෙනාට පිටුපාලා.. ජේකේගෙන් මිදුන යූරී බැලුවේ ඉයුන්ගේ දිහා..
"ඉයුන්......."
"යූරී???"
ජේකේට ඒ කට හඩ අදුර ගන්න තප්පරයක්වත් ගියේ නෑ.. ඉදන් හිටිය පුටුවත් පෙරලගෙන ජේකේ නැගිට්ටේ ඒ එයාගේ ඉයුන්ගේ කට හඩ නිසා..
ඔව්ව් ඒ ලස්සන මල් පොකුරත් අරන් හිටියේ ඉයුන්.. මල්වලට ආදරය කරපු ඉයුන් පුරුද්දක් විදිහට හැම මාසෙම සැලරි ගත්තම ලස්සන මල් පොකුරක් ගන්නේ එයින් එක එක කුකීට ගිහින් දෙන්න...
"ජේකේ...."
ජේකේ අඩියට නැවතුනේ ඉයුන් ලග..
ඒ ඇස් තාම එහෙම්මමයි.. ඒ තොල් තාමත් එදා වගේම හීතලට වෙව්ලනවා.. මගේ ඉයුන් ඒ...
"ඉයුන්.... ඔයා... මගේ ඉයුන්??"
ඉයුන්ගේ අතේ තිබ්බ මල් පොකුර බිමට වැටෙද්දී ඉයුන් අඩිය අඩිය පිටිපස්සට ගියේ තාමත් එයා ඉස්සරහා ඉන්නේ ජේකේමද කියලා හිතාගන්න බැරුව..
"ඉයුන් මන් ජේකේ.. ඔයාගේ ජේකේ"
ඊලග තප්පරයෙම මහ වැස්ස අස්සෙන් ඉයුන් ශොප් එකෙන් එලියට දුවගෙන ගියා.. ජේකේත් ඉයුන්ගේ පස්සෙන්ම දුවගෙන ගියා...
"ඉයුන් ප්ලීස් නවතින්න"
වැඩි දුරක් යන්න කලින් ජේකේගේ අත් අතරට ඉයුන් හිර වුනා.. වැහි වතුර එක්ක ඉයුන්ගේ ඇස්වලින් කදුලු හෝ ගාලා කම්මුල දිගේ බේරුනා..
(දැන් අහන්න එපා කුඩයක් කොහෙන්ද කියලා.. කුඩයක් මන් ණයට හොයාගත්තා)
"මැණික.... ඇයි මාව දැකලා දුවන්නේ?"
"ඔයා.... ඔයා මගේ නෙමෙයි... මට යන්න දෙන්න"
"මට ඇයි මගේ කුකී ගැන නොකිව්වේ??"
"එයා නෑ දැන්"
"සැලී ගියා..."
"අහ්හ්හ්?"
"ඔව්ව් මගේ ඔම්මා වගේම එයත් මාව දාලා ගියා..."
ටික ටික ජේකේගේ අත ලිහිල් වෙද්දී ඉයුන් හැරුනේ ජේකේගේ පැත්තට...
"හ්ම්ම් මට සමාවෙන්න ඉයුන්.. මන් මෙහෙම නොකර ඉන්න තිබ්බා.. ඒත් ඔයාව දැක්කම මට අපි හම්බුන පලවෙනි දවස මතක් වුනා.. මන් වයිෆ් මැරුන කාලකන්නි මිනිහෙක්..."
"ශ්ශ්ශ්ශ්ශ්... එහෙම කියන්න එපා... එන්න අපි යමු"
"කොහෙද??"
"එන්නකෝ"
මහ වැස්සේ ජේකේගේ අතින් අල්ලන් ඉයුන් සෝල් වීදිය දිගේ ඔහේ දුවන් ගියා.. දෙන්නටම හොදටම හති...ඒ අස්සේ හීතලට වෙව්ලනවා.. ඒත් තාමත් ඉයුන් ජේකේව අල්ලන් දුවනවා...
අන්තිමට ඉයුන් නැවතුනේ එදා ජූන් ජේකේව එක්කන් ගිය නිසොල්මන් නිස්කලන්ක සොහොන ලග..
"කුකී.... ඔයා අහගෙනද... මන්... මන් ඔයාගේ අප්පව හොයාගත්තා"
"ඉයුන්...."
"ඔයාද මගේ කුකීට සුදු රෝස ගෙනාවේ?"
"හ්ම්ම් අපේ කුකීට...."
"හ්ම්ම් ඔව්ව් අපේ කුකී...."
"ඔයාව වෙව්ලනවා... මේක ඇදගන්න"
ජේකේ එයාගේ කෝට් එක ගලවලා ඉයුන්ට ඇන්දුවා.. ඉයුන් හරි ආදරෙන් ඒක ඇදගත්තා..
"එන්න මෙතන තෙමෙන්නෙ නෑ..."
ඉයුන් ජේකේව එක්කන් ගියේ එතනම කොනක තිබ්බ රූස්ස ගහක් යට තිබ්බ බංකුවකට..
"ඉයුන්... මන්... මන් මේ අහන එක...."
"මගෙ ලගට දැන්වත් එනවද ජේකේ?"
"අහ්හ්හ්?"
"මන් තාම බලාගෙන ඉන්නවා.. ඔයා එනකන්... මේ බලන්න තාම මගේ අතේ තියෙන්නේ ඔයාගේ මුද්ද.. ඔයා කිව්වා මේක ගලවන්න එපා කියලා.. මතකද?"
"දෙයියනේ කොහොමද මෙහෙම තනියම හිටියේ.. අවුරුදු කීයක් ද ඉයුන්??"
"කල්පයක් හරි.. මට ඔයාගේ වෙන්න දැන්වත් පුලුවන්ද??"
"එන්න මන් ලගට...."
ජේකේ ඉයුන්ව තමන්ගේ තුරුලට ගත්තේ ගොඩක් ආදරෙන්..
"ඔයා මන් වගේ කෙනෙක් ලගට එන්න කැමතිද?"
"මගේ ජේකේ ළගට එන්න මන් අකමැති ඇයි?? මන්... මන් බලන් හිටියේ ඔයා කවදම හරි ආයේ එකම එක පාරක් මාව බලන්න එයි කියලා සැලී එක්ක.. ඒත් සැලී මට ඔයාව දුන්නා.. හැමදාටම... ජේකේ අනේ ආයේ මගෙන් යන්න එපා"
"කවදාවත් නෑ.. මන් ආයේ කවදාවත් ඉයුන්ව දාලා යන්නේ නෑ..."
ඉස්සර වගේම ජේකේගේ පපුව අස්සේ ඉයුන් නොසෑහෙන්න ඇඩුවා.. අද ජේකේත් ඇඩුවා කාලෙකින්.. මොකද කවදාවත් ඉයුන්ව එයාගේ කරගන්න එයාට පුලුවන් වෙයි කියලා ජේකේ හීනෙකින්වත් හිතුවේ නෑ...
.
.
.
.
.
.
.
After two months
"මිස් ඉයුන්, ඔයා කැමතිද මෙහි සිටින මිස්ටර් ජේකේව ඔයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා කරගන්න"
"ඔව්ව්... ගොඩක් කැමති...."
"එතකොට මිස්ටර් ජේකේ... මෙහි සිටින මිස් ඉයුන්ව ඔයාගේ නීත්‍යානුකූල බිරිද.....
"ඔව්ව් මන් කැමති..."
"කොල්ලට පුදුම තදියමක් නේ..."
ටේගේ සද්දෙට මුලු චර්ච් එකේම අය හිනාවුනා..
"ඉතින් ඉයුන්, ඔයා අද ඉදන් මගේ..."
"හ්ම්ම් ඔව්ව්...ජේකේ... නෑ මගේ බොරුකාර ජේකේ ඔයා අද ඉදන් හැමදාටම මගේ...."
හාද්දකින් ජේකේ හැමෝගෙම ඉස්සරහා ඉයුන්ගේ තොල් පරිස්සමට සිප ගත්තා... ඒක ගොඩක් ආදරණීය වුනා...
ජූන් සෝ ටේ ජිමින් වගේම යූරී එක්ක අපේ චූටි ඉයුනුයි ජේකෙයිත් ලස්සන දවස ලස්සන කරන්න එකතු වුනා...
අවසානයට කතාවේ වෙන් වීමක් එක්ක ඈත්වුන ඉයුන් ජේකේ එකතු වුනා.. සමහරවිට මේ ආදරය මෙච්චරම දැනෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති...
අවුරුදු ගණන් ලස්සනට මේ ආදර කතා ගලාගෙන ගියා.. අලුත් සාමාජිකයෝ පවුල්වලට එකතු වුනා.. හැමෝම සතුටෙන් කාලය ගත කලා..
අවසානයට මෙහෙම කියන්න ඕනේ.. මේ ලෝකේ ඕනේ තරම් ඉයුන්ලා තාමත් අහිමි වුන ආදරය එනකන් බලාගෙන ඉන්නවා.. ඕනේ තරම් ජේකේලා අසරණකමට තමන්ගේ ආදරය අත ඇරලා ඉන්නවා.. ඒත් ඒ මොන මට්ටමේ හිටියත් ඒ ආදරයන් හරි පරිස්සමට එකතු වෙන්න ඕනේ.. ආදරය කරන තැනක ඉන්න හැමෝටම වාසනව ලැබෙනව නම් ඒක තමා කෙනෙක් ආදරයක් තුළ දකින ලස්සනම දේ....
"ප්‍රේමය අවසන් වුවද ප්‍රේම කිරීම කිසි දිනෙක අවසන් වුයේ නැත"
කතාව කියෙව්ව ඔයාලට ගොඩක් ස්තුතියි.. ලස්සනද දන්නේ නෑ.. ඒත් හිතනවා රස විදින්න ඇති කියලා.. සෑඩ් එන්ඩින් එකකට යන්න හදලා හැමෝම ආස හැපි එන්ඩින් එකක් නිසා චුට්ටක් කතාව වෙනස් කලා.. අඩු පාඩු තියනවා නම් කියාගෙන යන්න...
Vote and comments 💐💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top