Proposal
"උබට ප්රොපොසල් එකක් ගෙනාවා"
"මොකක්??"
මන් ඉදගෙන හිටිය තැනෙන් නැගිට්ටා නෙමෙයි නැගිටුනා..
"මොනාද ඔම්මා ඔයා කියන්නේ?? ඔයා මට කියන්නේ මේ නාකී මනුස්සයට කැමති වෙන්න කියලද??"
"ඇයි උබ හිතනවද උබට ඔයිට වඩා හොද කෙනෙක් හම්බෙයි කියලා??"
දෙයියනේ මොනාද මේ කියන්නේ මෙයා.. මන්... මේ වයසක මනුස්සයව බදින්න.. ඒත් ජේකේ...
"මට බෑ ඔම්මා"
"ඇයි උබට බැරි?? උබට කොල්ලෙක් ඉන්නවද??"
"කොල්ලෙක් හිටියත් නැතත් ඇයි ඔම්ම මන් වයසක කෙනෙක් බදින්නේ??"
"මොකද අපිට සල්ලි ඕනේ නිසා.."
"ඔයා මාව විකුණන්ද හදන්නේ?? ප්ලීස් ඔම්මා.. මන්.. මන් ජොබ් එකක් කරලා ඔයාලට සල්ලි හොයලා දෙන්නම්..."
මන් ඔම්මගේ කකුල් දෙක ලග වැටිලා ඉල්ලුවේ ලොකු අසරණකමකින්.. මොකද මන් දන්නවා අප්පා කරන්නේ ඔම්මා කියන දේ කියලා.. මට ගැලවීමක් තියෙන්නේ ඔම්මා බෑ එපා කිව්වොත් විතරයි කියලා..
"මන් උබට සතියක් දෙන්නම්.. උබ මේ මිනිහව බදින්නම ඕනේ.. පේනවද උබට අර ළමයි දෙන්නවා"
ඔම්මා අත දික් කලේ මල්ලීයි නංගීයි හිටිය පැත්තට..
"අඩුම උන් දෙන්නවත් සැප විදී.."
මගේ අතට ගහගෙන ඔම්මා එලියට යද්දී මන් කෙලින්ම දිව්වේ මගේ රූම් එකට.. ඇතුලෙන් රූම් එක ලොක් කරලා මන් පැය ගාණක් ඇඩුවා..
අඩන අතරේ මට අප්පා ආව සද්දේ ඇහුන නිසා මන් හැදුවේ අප්පට මේ ගැන කියන්න...
.
.
.
.
.
.
.
At jk's home
"ක්ලබ් එක පැත්තේ වරෙන්"
"මට බෑ බන්"
"මොකද ඉයුන් නීතී දැම්මද??"
"අනේ ඒකීගේ නීතී.. මට අද ඇගට හරි නෑ ජිමින්"
"ටානියත් ඇවිල්ලා.. උබේ ඇගට හරි කරලා ගනී.. උබව අහනවා වදේ යකෝ.. වරෙන්කෝ"
"අනේ උබ ඕනේ මගුලක් ඒකී එක්ක කරගනින්.. මන් තියනවා"
ජිමින්ගේ ෆෝන් එක කට් කරපු මන් ඇදේ හෙඩ් බෝඩ් එකට ඔලුව තියාගත්තා.. වෙනදට නැති මොකක්දෝ අවුලක් හිතේ හොල්මන් කරනවා වගේ...
"ඉයුන්??? ආයිශ්ශ්ශ් මේ මොකද යකෝ මට ඒකීව මතක් වෙන්නේ?? ඕනේ එකක් කෝල් එකක් අරන් බලමු.. මටත් කම්මැලීනේ"
ජේකේ ඇත්තටම අද ක්ලබ් නොගියේ ඇයි?? බැරිවෙලාවත් ඉයුන් නිසාද???
📞📞📞📞📞📞📞
"ගන්නවකෝ කෝල් එක... මොන මගුලේ ගිහින්ද??"
තප්පර ගාණක් ෆෝන් එක රින්ග් වෙලා අන්තිම තප්පරේ කෙල්ල ෆෝන් එක ආන්ස්වර් කලා.. ඒත් ඉයුන්ට කතා කරගන්න බැරි තරම් අඩලා හිටියේ.. කෙල්ල අප්පට කියන්න යද්දී ඇහුන දේවල් එක්ක..
Flashback
මන් දොර ඇරන් යද්දීම මට අප්පගෙයි ඔම්මගෙයි කටහඩ ඇහුනා.. මන් නැවතිලා දෙන්නගේ කතාව ඇහුවේ ඒ කතා කලේ මන් ගැන නිසා..
"ඒයි මන් කිව්වා ඉයුන්ට අරක"
"මොකද කෙල්ල කියන්නේ??"
"හ්ම්ම් කැමති නෑ"
"ඕකී කැමති වෙන්නේ නෑ"
"එහෙම කියලා නිධානෙට පයින් ගහන්නද කියන්නේ ඔයා??"
"මන් ඕකීව බන්දනවා ඔය මිනිහට.. අනික වයස වැඩි වුනා කියලා මොකක්ද අවුල??"
"ඒක තමා ඒයි මාත් කියන්නේ??"
"හ්ම්ම්"
"මේවා ඔයාගේ වැරදී.. "
"හරි හරි වුන දේ උනා.. මන් මොකක්හරි කරන්නම්"
මන් ඉස්සරහට තිබ්බ අඩිය ආයේ ආපස්සට අරන් කාමරේට ගියේ මේ දේවල්වලට එයාලා ලග උත්තරයක් මන් වෙනුවෙන් නැති නිසා..
"ඒත් මොනාද අප්පගේ අතින් උන වැරැද්ද?? ඇයි ඔයාලා මට දේවල් හංගන්නේ? මාත් ඔයාලගේ ළමයෙක් නේද?? ඇයි මට මෙහෙම කරන්නේ??"
කණ්නාඩියෙන් පේන මන් දිහාම බල බල මන් ඇඩුවේ මට මේ වෙලේ හිතේ තියන දේවල් කියන්න වෙන කෙනෙක් නැති නිසා.. මන් කොහොමද කාටවත් මේවා කියන්නේ.. මාව විකුණන්න යනවා කියලා.. හැමෝම මට හිනාවෙයි...
Flashback end
"ජේ....කේ..."
"මොකද කරන්නේ?? ඇයි ආන්ස්වර් කරන්න පරක්කු වුනේ??"
"මන්.. මන් පහල හිටියේ"
"ඉතින් කොහොමද අද දවස??"
මන් කොහොමද ජේකේ ඔයාට මේවා කියන්නේ?? ඒත් මට ඇයි මගේ ප්රශ්න ඔයාට කියන්න බැරි??
"ජේ...කේ..."
"ඔයා අඩනවද??"
"හ්ම්ම් මට ප්රශ්නයක්"
"මොකක්ද?"
මන් උන හැම දෙයක්ම ජේකේට කිව්වා... ඔව් මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් ජේකේ.. ඔයා විතරයි මට ඉන්නේ...
"වට්?? ඔයාගේ ඔම්මට ඔලුව හොද නැද්ද??"
"ජේකේ... ප්ලීස් මාව බේරගන්න.. එයාලා මාව බන්දයි ඒ නාකී මිනිහට"
"හරි මුලින් අඩන එක නවත්තන්න"
"මට බයයි"
ඒ එක්කම එලියෙන් ඔම්මගේ කටහඩ ඇහුනා..
"ඉයුන්... කෑම කන්න එන්න.. අප්පට කතා කරන්න ඕනේලු"
"හරි"
ඔම්මා යන සද්දේ ඇහුනට පස්සේ මන් ආයේ ජේකෙට කතා කරන්න ගත්තා..
"හරි හෙට ඉස්කෝලේ ආවම කතා කරමු.. දැන් කාලා එන්න"
කෝල් එක කට් කරලා ඕනේ එකක් කියලා මන් පහලට ගියේ කන්න.. ඒත් අප්පයි ඔම්මයි මට කන එකත් එපා කලේ අර නාකී මිනිහා ගැන කියලා.. අප්ප කේන්ති ගියාම මට ගහන නිසා එයාලා කියන හැම එකටම ඔලුව වන වන මන් හිටියා..
"මන් යනවා නිදාගන්න.."
"අර මනුස්සයව හම්බෙන්න ලෑස්ති වෙයන්"
කිසිම දේකට උත්තරයක් නොදී මන් කාමරේට ගිහින් දොර වහන් කල්පනා ලෝකේට වැටුනේ නින්ද මගේ අහලකවත් නොතිබ්බ නිසා...
.
.
.
Next day morning
මන් වෙනදටත් කලින් ඉස්කෝලෙට ගියේ යූරීව හම්බෙන්න.. ඒත් යූරී ඇවිල්ලා හිටියේ නෑ.. මන් මේසේට ඔලුව තියන් කල්පනා කලේ මන් මොකක්ද කරන්නේ කියලා...
"කෙල්ල... මොකෝ අද උදෙන්ම??"
"යූරී... මට... මට කියන්න දෙයක් තියනවා... නෑ නෑ කියන්න දේවල් දෙකක් තියනවා"
"මොනාද??"
"මන්.... මන්... මේ"
"මොකක්ද ඕයි කියනවකෝ"
"ජේකේ එක්ක යාලුවුනා"
"මොකක්??"
"මට එයාව අමතක කරන්න බෑ"
"හ්ම්ම් ඔයාගේ කැමැත්තක්"
"ඔයා තරහා නැද්ද??"
"අනිත් දේ මොකක්ද??"
"මට ගෙදරින් ප්රොපොසල් එකක් ගෙනල්ලා"
"දැන්ම?? හරි දැන් තමුසේ ඒකට අකමැති මේ ජේකේ නිසාද??"
"එයත් එක හේතුවක්.. ඒත් වෙන හේතුවක් නිසා"
"මොකක්ද??"
"එයා නාකියෙක් ඕයි"
"මොකක්?? මට හිතුනා මොකක්හරි පොල් පරාලයක් කියලා"
"මන් මොකද කරන්නේ??"
"තමුසෙගේ කුමාරයට බේරගන්න කියනවා"
"ඒ කිව්වේ?"
"මෝඩයා.. දැන් ජේකේ කියන්නේ කවුද?? මිනිස්ටර් කෙනෙක්ගේ පුතෙක්.. තමුසෙගේ ඔම්මයි අප්පයි අකමැති වෙයිද ඌට?"
"ඒත් එයා හා කියයිද??"
"එයා ඔයාට ආදරේ නම් ඇයි බෑ කියන්නේ??"
"හ්ම්ම් මන් අහන්නම්"
"හ්ම්ම්... අහ් මේ කාලද??"
"මොන කෑමද??"
"එනවා එනවා.. මට බඩගිනි"
බලෙන්ම මාවත් ඇදගෙන යූරී ගියේ කැන්ටින් එකට..
.
.
.
.
.
.
.
"මන් යනවා යූරී... අද ජේකේ ඇයි දන්නෙ නෑ ඉස්කෝලේ ආවේ නැත්තේ??"
"මන් කොහොමද ඕයි දන්නේ?? බායි"
යූරීට සමුදීලා මන් පාරේ තියන ගල් කැට ටිකකට පයින් ගහා ගහා ගියේ අද එන්න කිව්වට ජේකේ ඉස්කෝලේ ආවේ නැති එක ගැන ලොකු අවුලකින්..
"ඉයුන්"
මාව ගැස්සුනේ එක පාරට ආව හෝන් සද්දෙට...
"ඔයා??"
"නගින්න"
"ඇයි අද ඉස්කෝලේ ආවේ නැත්තේ??"
කවුද ආවේ කියලා හිතාගන්න පුලුවන් නේ...
"නගින්න මුලින්"
මාත් ඉතින් කාර් එකට නැග්ගා..
"වැඩ වගයක් වැටුනා.. සෝ මොකෝ අර ප්රශ්නේ"
"ජේකේ....."
"හ්ම්ම් ඇයි??"
"ඔයාට එන්න බැරිද??"
"කොහෙද??"
"අපේ ගෙදර??"
"ඒ ඇයි??"
"ඔයා එක්ක මන් යාලු කිව්වොත් එයාලා මට නිදහස දෙයි... ප්ලීස්"
"හරි මට දවස් දෙකක් දෙන්න.. මන් එන්නම්"
"මන් හිතුවේ ඔයා බෑ කියයි කියලා.. ඒත්.."
"ඔයානේ මගේ කෙල්ල.. ඇයි මන් බෑ කියන්නේ"
"හ්ම්ම්ම් ඔව්ව්...."
මන් සීට් එකෙන් ඉස්සරට ඉස්සිලා ජේකේගේ කම්මුලට කෙටි හද්දක් දුන්නා..
ඒ පාර නම් කොල්ලා රතුවුනා.. හිතත් ගැස්සුනාද කොහෙද... ඒ තරම් හයියෙන් බ්රේක් කලා..
"මදි..."
"මොකක්??"
"ඕක මදී.. මෙතනට ඕනේ"
ජේකේ එයාගේ මහපට ඇගිල්ලෙන් පෙන්නුවේ එයාගේ තොල්.. ඒවා රෝස පාටයි...
මට දෙන්නත් ඕනේ.. ඒත් මොකක්ද මොකක්ද වගේ.. මන් ඒ ගැන හිතන පමාවට ජේකේ එයාගේ අත මගේ බෙල්ල පිටිපස්සෙන් දාලා ලගට ඇදලා ගත්තා.. මන් නැවතුනේ එයාගේ තොල් ඉස්සරහා.. එයාගේ හුස්ම ගන්න රස්නේ පවා මට හොදට දැනුනා..
"මොකද බය වෙලා??"
මන් නෑ කියන්න ඔලුව වනන ගමන් ඇස් දෙක පියාගත්තේ ජේකේට අවසර දීලා.. ටික වෙලාවකින් මගේ තොල් තෙත් වෙනවා වගේ මට දැනුනා.. ජේකේ හරියට ලොලිපොප් එකක රස බලනවා වගේ එයාගේ තොල් එහෙ මෙහෙ ගෙනිච්චා.. ටික වෙලාවක් රස වින්ද ජේකේ විනාඩි ගාණක හාද්ද අවසන් කලේ පිටිපස්සෙන් ඇහුන හෝන් සද්දෙට..
"wtf.... "
ඒ එක්කම මන් ලැජ්ජාවෙන් ශටර් එකෙන් එලිය බලද්දී ජේකේ ඉස්සරහට කාර් එක ඩ්රයිව් කලා...
.
.
.
.
.
.
.
After two days.....
"ඉයුන්... අද මට පාටියක්"
"කොහෙද??"
"අපේ හොටෙල් එකේ"
"හා...."
"ඔයත් එනවද??"
"ඒත් ඔයාගේ අප්පා??"
"එයා එන්නෙ නෑ, මගේ යාලුවෝ එක්ක"
කොහොමෙන් කොහොම හරි අන්තිමට මන් නැවතුනේ ඒ පාටි එකේ.. ජේකේ ටේ ජිමින් වගේම තව කොල්ලො දහ දෙනෙක් කෙල්ලො පහක් වගේ පාටියේ හිටියා.. ඒක මේ පොඩි පාටියක්.. මාත් එයාලා එක්ක කතා කර කර හිටියේ...
"මූට වැඩී වගේ.. මන් ගිහින් රූම් එකකට දාලා එන්නම්"
"ඉන්න දීපන්කෝ ජිමින්"
"ජේකේ උබට වැඩී යකෝ..."
"උබ ඉදපන් කොටා.. කෝ මගේ බබා"
"උබට බබාලත් හම්බුනාද??"
"ඉයුන්???"
"මේ ඉන්නේ ඕයි"
"අහ්හ්හ් මෙහෙ එනවා.. මාව එක්කන් යනවා"
හොදටම බීලා හිටිය ජේකේ මගේ උරහිසට පාත් වුනා..
අම්බෝ මෙයාගේ බර...
"ජිමින් මන් කොහෙටද....
"එන්නකෝ.. මන් එක්කන් යන්නම්"
මන් අමාරුවෙන් අමාරුවෙන් ජේකේව අරන් ගියේ vip ඒරියා එකේ තිබ්බ රූම් එකකට...
ඒක ඇරපු ජිමින් මට ඇද පෙන්නුවේ ජේකේව ඒකෙන් හාන්සි කරන්න කියලා... මන් ජේකේව හාන්සී කරලා එන්න හැරෙද්දීම ජේකේ මගේ අතින් ඇදලා ලගට ගත්තා..
"ජේකේ.. මොකද කරන්නේ?? යන්න දෙනවා"
"මේ... හ්ම්ම්ම්... මේ මන් යන්නම්.. ඔයා මූව නිදි කරවලා එන්න"
"අනේ ජිමින්.... ඉන්නකෝ"
After few days....
කාලය ගෙවිලා යන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නොදී... ඒ තරම්ම වේගවත්..
අද අර මනුස්සයා මාව බලන්න අපේ ගෙදර එනවා... ජේකේ එන්නම් කිව්වට අද වෙනකන් ආවේ නෑ... ගෙදර අයගේ බලකිරිල්ලට මට ඒ මිනිහා ඉස්සරහට යන්න වෙනවා.. මන් තාමත් ජේකේව බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඒත් එයා නෑ.. පහුගිය දවස් දෙකට එයා ඉස්කෝලේ ආවෙත් නෑ..
මන් හිටියේ මගේ රූම් එකේ.. කණ්නාඩියෙන් මගේ මූණ බලාගෙන, අවුරුදු ගාණකට පස්සෙ අප්පා මට ඇදුමක් ගෙනල්ලා දුන්නා... හ්ම්ම් අර මිනිහා එද්දී අදින්න.. ඒකත් ඇදගෙන මන් කාමරේ පුටුවක වාඩිවෙලා කල්පනා කලේ ජේකේ ගැන..
"ඔයා කෝ ජේකේ?? ඉස්කෝලේ ආවෙත් නෑ.. කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ.. ඔයාට ප්රශ්නයක්ද මොකක්හරි?? ඇයි මට කතා කරලා නොකියන්නේ???"
උත්තරයක් නැති ප්රශ්න කෝටියක් එක්ක මන් තනිවෙලා ඉද්දී මන් ගියේ දවස් කීපයක අතීතයට...
Flashback
එදා පාටියේදී ජිමින් ජේකේවයි ඉයුන්වයි තනියම රූම් එකේ දාලා යන්න ගියා...
"ජේකේ ඔයාට මොකද?? මන් ජූස් එකක් ගේන්නද??"
ජේකේ හිටියේ මගේ අත තද කරගෙන, මට හෙල්ලෙන්නවත් බෑ..
ටික ටික අත බුරුල් වෙද්දී මන් හෙමින් මගේ අත ඇදලා ගත්තා...
"අහ්හ්හ්හ් මේක... තදයි..."
නිදිමතේම ජේකේ ශර්ට් එකේ බටන්ස් ගලවන්න ට්රයි කරද්දී මට තේරුනා එයා ඉන්නේ ටිකක් අමාරුවෙන් කියලා.. මන් හෙමින් බටන්ස් දෙක තුනක් ගලවලා එයාගේ ශූස් දෙකත් අයින් කලේ හොදට නින්ද යයි කියලා.... ඒත් මන් ජේකේ දිහා බලද්දී එයා ඇස් ඇරගෙන මන් දිහා බලන් හිටියේ කට කොනෙන් හිනාවෙලා.
"අම්බෝ, මන් බයවුනා ජේකේ... ජූස් එකක් ඕනේද??"
"එපා"
"එහෙනම්?? එහෙනම් ඔයා නිදාගන්න.. මන් යන්නම් ටැක්සි එකක් දාගෙන"
"එපා"
මෙයාගේ හුරතලේ 😌
"අහ්හ්හ්?? රෑ වෙනවනේ... ඔයා නිදාගන්න.. ඔයාට ඩ්රයිව් කරන්න බෑ"
"බෑ"
"මොකද මේ"
"ඔයාව ඕනේ"
"මොකක්??"
"එනවා"
මන් වචනයක්වත් කතා කරන්න කලින් ජේකේ මව එයාගේ ලගට ඇදලා ගත්තා..
"ජේකේ... මට යන්න දෙන්න"
"ඔයා මගේ.. මට අයිති ඔයාව"
"මොනාද කියවන්නේ?? අහකට වෙනවා.. ජේකේ මන් කෑගහනවා"
"ඇයි?? තමුසෙට මන් ලගට එන්න බැරි??"
"ජේකේ අයින් වෙනවා"
මගේ ඇස්වලින් කදුලු බේරෙන්න පටන් ගත්තා.. ජේකේ මාව එයාගේ අත්දෙක අස්සට තද කරගෙන හිටියේ.. මට කවදාවත් නොදැනුන බයක් දැනුනා..
"අහ් එහෙමද?? පලයන් යන්න.. උබට කොහොමත් දැන් වෙන උන් ඉන්නවනේ ඕවට.. මට උබේ මුකුත් එපා"
ජේකේ එයාගේ අත් දෙකෙන් මාව ඇදෙන් තල්ලු කරද්දි මන් එහෙම්ම ඇද ලග බිමට වැටුනා..
ඒ වචන????
මන් ඇද ලගම ඉදන් කකුල් දෙක අස්සට ඔලුව ගහගත්තේ ඒ වචන ඒ තරම් මට රිද්දවපු නිසා.. 🥺
විනාඩි ගාණක් කාමරයම නිශ්ෂබ්දව ගෙවිලා ගියා.. මගෙ ඉකි සද්දෙ විතරයි ඇහුනේ,
මගේ උරහිස්වලින් ජේකේ මාව කෙලින් කලා.. එයා හිටියේ මගේ එහා පැත්තේ වාඩිවෙලා..
"අඩන්න එපා"
"අඩවලා අඩන්න එපා කිව්වම හරිද ජේකේ??"
"ඇයි මාව අවිශ්වාස?? මන් ලගට එන්න බැරි ඇයි??"
"ඔයා හිතන්නේ මන් ගැන එහෙමද??"
"කොහොමද??"
"මට අර නාකී මනුස්සයා ඕනේ කියලා??"
"සොරි බබා...."
ජේකේ මාව එයාගේ පපුවට තුරුල් කරගන්න ගමන් කිව්වා.. මන් එයාගේ ශර්ට් එක තෙත් වෙනකන් ඇඩුවා..
විනාඩි ගාණකට පස්සේ මන් එයාගේ තුරුලෙන් ඈත්වුනා...
"අඩලා ඉවරද?? එහෙනම් දැන් මට බනින්න"
"බෑ"
"සොරි ඉයුන්.. මන් වැරදි.. මට එහෙම නොකියා ඉන්න තිබ්බා"
"හ්ම්ම්ම්ම්"
"අපි යමු... මන් ටැක්සි එකක් ගෙන්නම්.. ඔයා ඒකේ යන්න"
"බෑ"
"අහ්හ්හ්?"
"ඔයාව ඕනේ"
මගේ ලගින් නැගිට්ට ජෙකේව මන් ආයේ ලගට ඇදලා ගත්තා.. කොල්ලා මගේ උකුල උඩට වැටුනේ.. මන් ඒ මූණ මගේ අත්වලින් තද කරලා අල්ලගත්තා.. ජේකේගේ ඇස් දෙක බෝල ගෙඩි දෙකක් වගේ ලොකු වෙලා..
"මොකෝ???"
මන් ඒ ක්ශනිකයෙක් එයාගේ තොල් අල්ලගත්තා..
Plz vote and comment, if you like this story 💜💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top