Past memo 😢

"වට්???"

"ඔව්... හෙල්ත් මිනිස්ටර්ගේ පොඩි පුතා"

ජූන් කියන්නේ අපේ ඉස්කෝලෙන් එලියට ගිය දක්ෂම ළමයෙක්.. එයා දැන් ඩොක්ටර් කෙනෙක්.. ඒත් කවුද දන්නේ එයාට මල්ලී කෙනෙක් ඉන්නවා කියලා..

"එතකොට අනිත් දෙන්නා??"

"අහ්හ් එයාගේ යාලුවෝ දෙන්නෙක්.. උන් ගැන නම් දන්නෙ නෑ"

"හ්ම්ම්ම් දැන් යමුකෝ"

යූරී මගේ පිටට තට්ටුවක් දාන ගමන් අපි තුන් දෙනා පන්තියට ගියා...

..............
..............

"ඕයි ජේකේ... උබ කොහොමද අර කෙල්ලගේ නම දන්නේ??"

"ඔව්ව් කොහොමද කියපන්.. උබ එන්න කලින් ගොඩක් දේවල් හොයලා වගේ..."

"ඔව් ඔව් හෙව්වා රෙද්දක්.. ඇයි ඒකීගේ නේම් කාඩ් එකේ තියෙන්නේ තොපි දෙන්නගේ නම් දෙකද??"

"ශිට්.. මන් හිතුවේ උබ ඒ කෙල්ලට ලයින් පාරක් දාලා කියලා කලින් ඉදන්ම"

"වෙන කෙල්ලො නැත්තම්... නෑ නෑ එක්කෝ ඒත් එපා.."

"හැබැයි මරු කෙල්ල 😂😂"

"ඇයි??"

"නෑ බයක් ගෑවිලාවත් නෑනේ"

ජිමින්ගෙයි ජේකේගෙයි කතාව මැද්දට පැන්නේ ටේ..

"මේ කුක්"

"ටේ උබට කිව්වා ඔය නම මේකේ කියලා එකෙක්ට හරි ඇහුනොත් මන් මරනවා"

"හරි හරි මේ ඔයාට මොන වගේ ෆීලින් එකක්ද ආවේ කෙල්ලව ලගට ගද්දී"

"මූණ කට සම්බෝල වෙන්න ගහන්න හිතුනා..."

"නොදකින්.. මූට නම් කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නෙම නෑ.. පොඩ්ඩක් බලපන්කෝ ජිමිනා දිහා.."

"ඇයි ඌට හතර මහා නිදානෙ පෑදිලාද??"

"නෑ නෑ.. යමන් යමන්.. පටන් අරන් ඇති"

කතාවෙන් කතාව අපි තුන් දෙනා ආවේ අපේ අලුත් පන්තියට..
.
.
.
.
.

At present

"ජේකේ....."

ඉයුන් ශීගේ කටින් මගේ නම කියවෙද්දී මන් වාඩිවෙලා හිටිය තැනෙන් ඉබේම නැගිට්ටා..

මොහොතකට අපි දෙන්න අපි දෙන්නගේ ඇස් දිහා බලන් හිටියත් ඒ බැල්ම තුල කිසිම හැගීමක් තිබ්බේ නෑ.. ක්ශනිකයෙන් ඉයුන් මගෙන් ඇස් අහකට ගත්තා..

"ඒත් කෝ මැනේජර්??"

"හ්ම්ම් අහ්හ් මේ.. වාඩිවෙන්න ඉයුන්"

"තැන්කිව්"

පුටුව ඇදලා මන් වාඩිවුනාම ජේකේත් මගේ ඉස්සරහෙන් වාඩිවුනා..

ඒත් මෙයා මොකද මේ මැනේජර්ගේ කැබින් එකේ කරන්නේ??

"මන් අද ඉදන් මේ සෙක්ශන් එකේ වැඩ බලන්නේ.. මේ කම්පැනි එක ටේගේ අප්පගේ.. මිසටර් යුන් ඒ කියන්නේ ඔයාලගේ මැනේජර් ටිකක් අසනීපෙන්.. ඉතින් එයා එනකන් අලුත් කෙනෙක් ගන්න එක බොරු වැඩක් නිසා මන් ආවා.."

"අහ්හ්හ්හ්??"

"මේක ටේ මගෙන් ඉල්ලපු උදව්වක්.. මන් ඇත්තටම ඔයා මේකේ වැඩ කියලා දන්නේ නෑ"

"අහ් ඉතින් මිස්ටර් ජේකේ මගෙන් මොකක්ද වෙන්න ඕනේ??"

"අහ්හ්????"

"මට කතා කලේ??"

"අහ්හ් මට මෙන්න මේ ෆයිල් එකට අදාල ඔක්කොම ඩොකියුමන්ට් ටික ඕනේ..අද හවස් වෙද්දී"

ජේකේ දුන්න ෆයිල් එක ගන්න ගමන් මන් නැගිට්ටේ එලියට එන්න..

"හරි මන් මේ ටික එවන්නම්"

එහෙම්ම හැරිලා ඩෝ එක ලගට යද්දී ආයේ මට ඇහුනේ ජේකේගේ කටහඩ.. කාලයක් අහන්න ආසම කරපු කටහඩ 🥺🥺🥺

"ඔයා වෙනස් වෙලා.."
"ගොඩක්"

"ඔව් ජේකේ.."

එහෙම කියාගෙනම මන් කැබින් එකෙන් එලියට ආවා..

ආවා... නෑ මාව එව්නා.. අතීතය මාත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරන් වගේ මහා කාලකණ්නි හැගීමක් මට දැනුනා.. මන් කෙලින්ම ගියේ මගේ කැබින් එකට..

හරියටම මාස තුනකට කලින් මන් මේ කම්පැනි එකේ එක්සෙකියුටිව් මැනේජර් කෙනෙක් විදිහට ආවා.. ඒත් මේක ටේගේ අප්පගේ බිස්නස් එකක් කියලා අද ජේකේ කියනකන් මන් දැනන් හිටියේ නෑ..

"ජේකේ.. ඔයා... එදා.. ඔයා හිටිය වගේමයි.. ලස්සනයි.. එදා මගේ ලගට ආව ජේකේමයි.. ඒත් ඔයා.. ඔයා බොරුකාරයෙක්.. ආදරේට වංචාකාරයෙක්.."

බිත්ති හතරට කෑගහලා කියද්දී මගේ ඇස්වලින් කදුලූ හෝ ගාලා කම්මුල දිගේ බිමට වැටුනා.. 😭😭😭

..............
.............

"එදා හිටිය ඉයුන් නෙමෙයි ඔයා.. ඔයාට මොකද වුනේ?? ඔයා මෙච්චර වෙනස් වුනේ කොහොමද??"

"ඇයි ඉයුන් මගේ ඉස්සරහට ආවේ.. ඔයාගේ ඇස් ඉස්සර වගේ මන් දිහා බලන්නේ නෑ.. මගේ ළගදී දිලිසුන ඇස්වල අද කිසිම හැගීමක් මන් දැක්කේ නෑ.. ඔයා... ඔයා මාව සදහටම අමතක කරාද 😶"

තැන් දෙකක් හිටියත් දෙන්නම හිටියේ අතීතය එක්ක පුදුම තරහකින්.. කලකිරීමකින්.. අතීතයට ඒ තරම් ඉයුන් වයිර කලා.. ඒ වගේම ජේකේත්..

...............

"නූරියා මේක මැනේජර්ගේ රූම් එකට ගිහින් දෙන්න"

"හරි ඉයුන්"

නූරියගේ අතේ ජේකේ ඉල්ලපු ඩොකියුමන්ට් ටික යැව්වේ ආයේ ආයේ එයාගේ මූණ බලලා මටම වද දී ගන්න ඕනේ නැති නිසා..
.
.
.

"සර්, මේ ටික ඉයුන් දෙන්න කිව්වා"

"අහ්හ්.. ඔතනින් තියන්න.."

ඔයාට මගේ ඉස්සරහට එන්න බැරි තරම් ඔයා මට වයිර කරනවද??

.........

වෙලාව හතත් පහුවුන නිසා මන් ගෙදර යන්න කැබින් එකෙන් එලියට එද්දී මගේ ඉස්සරහට හම්බුනේ ජේකේ..

3 yrs ago

"ගුඩ් මෝනින් කෙල්ල"

මන් දුවලා ගිහින් යූරිගේ බෙල්ල වටේ අත දාලා අල්ල ගත්තා..

"ආව් යකෝ.. මොකද අද හැපී එකේ??"

"ඇඩුවා කියලා මන් වෙනුවෙන් දුක් වෙන්න කෙනෙක් නෑනෙ යූරී"

"ඇයි රටක් වටින යාලුවෙක් ඉන්නේ??"

"අනේ මේ... "

"ඇයි බොරුද පැටියෝ මන්...

"ආව්.... ඒයි මෝඩයා..."

එක පාරටම මගේ ඇගේ කවුදෝ හැප්පුනා.. ඒ හැප්පුන පාරේ සැරට මාව එතනම වැටුනේ හැප්පුන එකා එක්කමයි..

"ඒයි තමුසේ...."

මට කියන්න ආව වචනත් අමතක වුනේ ජේකේව දැකලා.. එයා හිටියේ මගේ ඇග උඩ.. මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන.. කෙස්වලින් බේරෙන දාඩිය මගේ මූනට වැටෙද්දී තමා මට මොකක්ද වෙන්නේ කියලා තේරුනේ..

මේ යකා හිතුවද දන්නේ නෑ මේක ඩ්‍රාමා එකක් කියලා.. හෙන රොමෑන්ටික් විදිහට බලන් ඉන්න හැටි.. යකෝ මූ පිහාට්ටක් කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ..

"තමුසේ බරයි"

"අහ්හ්හ්හ්??"

"අයින් වෙනවා.."

මන් තිබ්බ තරහටම ජේකේව තල්ලු කරගෙන නැගිට්ටා..

"තුවාලද ඉයුන්??"

"නෑ නෑ.. සෙල්ලම් කරනව නම් ground එකේ කරනවද?? අතත් මොකක්ද උනා"

"ඔයාට අවුලක් නෑනේ??"

"අවුල්, ඇයි මොනාහරි දෙන්නද??"

ටික ටික ජේකේ මගේ ලගට එද්දී මාත් යූරිගේ අත අතඇරලා පස්සෙන් පස්සට ගියා..

"ඒයි.. යනවා.. මගේ ළගට එන්න එපා.."

"මොනාද දෙන්නේ ඇහුවා නේද??"

"අහ්හ්හ්..."

"ඕනේ දෙයක් දෙන්න පුලුවන්..."

"ජේකේ එන්න එපා ළගට.. මන් ගහනවා"

"මන් ආසයි"

"අහ්හ්හ්??"

"ඔයාගෙන් ගුටි කන්න"

මන් ජේකේගේ උරහිස්වලින් අල්ලලා අහකට තල්ලු කරන්න ට්‍රයි කලත් එයාගේ අත්වල ශක්තිය එක්ක මට හැප්පෙන්නත් බෑ.. තවත් මගේ මූණට එබුන ඒ ඇස් පලවෙනි පාරට මන් පැහැදිලිව දැක්කා.. ඒවා ගොඩක් ලස්සනයි.. හා පැටියෙක්ගේ වගේ අහිංසක පාටයි.. ඒ ඇස් එක්ක මාත් මොහොතකට නතර වුනත් එක පාරටම අපි දෙන්නා ගැස්සුනා.

"ජේකේ......"

ඒ පිටිපස්සෙන් ඇහුන කට හඩට...




අතීතයට වයිර කරන්න තරම් මොකක්ද ඉයුන්ට උනේ?? මොකක්ද ජේකේ කලේ??

Thnq soo much shenali nanga for this.. This is really really nice.. I love this 🥺💜

plz vote and comments 💐💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top