New life 💐

"යූරී?? ඔ...යා???"

මගේ ඇගම පණ නැතිවුනා.. දෙයියනේ මන් මගේ ප්‍රශ්න කිව්ව දෙන්න මට මොකක්ද මේ කලේ??

"ඔයාලා දෙන්නා??"

මන් ජේකේගෙන් ඈත් වෙලා දොර පැත්තට අඩිය අඩිය ගියේ දෙන්නට මාරුවෙන් මාරුවට අත දික් කරන ගමන්...

"ඉයුන්....."

‍යූරී ශීට් එකත් ඇගෙ ඔතන් ඇදෙන් බැස්සේ මගේ පැත්තට එන්න වුනත් මන් එයාට අත දික් කරලා වෝනින් කලේ එන්න එපා කියන්න..

"තමුසෙලා දෙන්න?? දෙයියනේ, මන් මගේ හැමදෙයක්ම කිව්වේ ඔය දෙන්නට.. ඇයි මෙහෙම කලේ??"

"ඉයුන් අහන්නකෝ මන් කියන්නම්"

"‍යූරී තමුසේ හැපින්නක්.. තමුසේ හැපින්නක්"

"ඉයුන් මට සමාවෙන්න"

"තමුසෙලා දෙන්නට ඕනේ එකට ඉන්නනේ.. ඉන්න.. මන් යන්නම්.. ආයේ මගේ ජීවිතේ යූරී කියලා කෙනෙක්වත් ජේකේ කියලා කෙනෙක්වත් නෑ.."

"ඉයුන් මන්...

"තව මොනාද ජේකේ?? තමුසේ මේ තරම් පහත් මනුස්සයෙක් කියලා මන් හිතුවේ නෑ..."

"ඔව් මන් පහත්..තමුසෙද උසස් එතකොට?? ඔව් මන් යූරී එක්ක නිදාගත්තා.. ඒ මන් ඒකීට තියන ආදරේකට නෙමෙයි.. මට... මට ඕනේ වුනේ තමුසෙගෙන් පලිගන්න"

"පලිගන්න??"

"ඔව්ව්ව් උබට මතකද මට ගැහුව එක?? උබට මන් එදා කිව්වා අප්ප වෙනුවෙන් ඕනේ දෙයක් මන් කරනවා කියලා.. එදා ඒ විඩීයෝ එක නිසා අප්පා සෑහෙන්න ලැජ්ජ වුනා... කවදාවත් නැතුව අප්පා ගෙදර ආවෙත් නෑ.. එයා.. එයා මන් නිසා ලැජ්ජා වුනා.. ඒ තමුසේ නිසා.. තමුසෙටත් ඒ දුක දැනෙන්නම ඕනේ..."

"ඒ කියන්නෙ ඔයා මට දවසක්වත් ආදරේ කලේ නැද්ද??"

"නෑ.. එක දවසක්වත්... මට උබට ආදරේ කරන්න ඕනේ නෑ.. මට ඕනේ උබෙන් පලිගන්න.. උබ අත උස්සපු එකට වගෙම මගේ අප්පට කරපු ලැජ්ජාවට"

"ජේකේ... එතකොට ඔයා කිව්ව ඒවා?? ඔයා දුන්න දේවල්??"

"ඉයුන් බබෙක් වෙන්න එපා.."

මට එතනින් එහාට කතා කරන්න දෙයක් තිබ්බේ නෑ.. ඇස් එන්න එන්න බොද වෙනවා වගේ තේරුන නිසා තවත් එතන ඉන්නෙ නැතුව මන් එලියට දුවගෙන ආවා...

"ඔයාව මට ඕනේම වෙලාව මේක ඔම්මා.. මට... මට මොකක් කරන්නද හිතාගන්න බෑ.. ඔම්මා මට මේ ලෝකේ කවුරුත් නෑ... ඔම්ම අප්පා මට ආදරේ නෑ.. ජේකේ... එයත් මාව රවට්ටලා.. යූරී එයත් මාව රවට්ටලා ඔම්මා... ඔයාට ඇහෙනවද??"

පිස්සුවෙන් වගේ කියව කියව මන් පාර දිගේ ඔහේ දිව්වා..

[There should be a GIF or video here. Update the app now to see it.]

"ඉතින් එබැවින් නවතිමි.... හදින් පිටමන් නොකරමි"

.....ඇයි මන් මේ සින්දුවට මෙච්චර ආදරේ කරන්නේ කියලා දන්නේ නෑ.. හැබැයි මට මේ සින්දුව අහන්න ඕනේ වුනා මෙතනදී 😰 හිතන්න ඉයුන් කදුලු පිරුනු ඇස් එක්ක ඔහේ පාර දිගේ ඇවිදන් යද්දී මේ සින්දුව පසුබිමින් ඇහුනොත්..... හ්ම්ම්ම් මේ ගීතය ඉයුන්ගේ අතීතය වර්තමානය එකට යා කරනවා....

ඒ මගේ පාසල් කාලේ අවසාන දවස... මේ මිනිස්සු එක්ක ගෙවුන අවසාන දවස....

.......................

"ජේකේ, අනේ ඉයුන්??"

"මාව අල්ලන්න එපා... ශික් මන් මේ මොකක්ද කලේ??"

"අනේ ජේකේ යන්නකෝ.. එයාව හොයන්න.. එයා ගෙදර ප්‍රශ්නෙක ඉන්නෙ"

"උබට දැන්ද ඒක මතක් වුනේ??"

"ඔව් මන් වැරදී.. මන් මේ මොකක්ද කලේ.. මන් මේකට මටම සමාව දෙන්නේ නෑ.. ඒත් ප්ලීස් මේ වෙලේ එයා ලගට යන්න.. එයා මට වයිර කරනවා ඔයාට වඩා.. ප්ලීස් ජේකේ..."

.........................

-At present-

මන් තාමත් හිටියේ ජේකේගේ කැබින් එකේ දොර ළග.. යනවද නැද්ද කියලා හිත හිත...

"මොකද ඉයුන්??"

එතකොටම පිටිපස්සෙන් ඇහුනේ මගේ නම.. මන් හැරිලා බලද්දී ඒ ටේ..

"ටේ??"

"මොකද භාවනා කරනවද?? එන්න යමු ඇතුලට"

ටේ දොරත් ඇරගෙන මටත් එන්න කියන ගමන් කැබින් එක ඇතුලට ගියා.. මාත් ටේගේ පිටිපස්සෙන් ඇතුලට ගියා...

"ගුඩ් මෝනින් කොල්ලෝ.. මොකෝ මේ ඉයුන් උබේ කැබින් එකේ දොර ළග භාවනා කරන්නෙ??"

"මොකක්??"

එතකොටයි ජේකේ මූණ ඔබන් හිටිය ෆයිල් එකෙන් මූණ එලියට අරන් මන් දිහා බැලුවේ..

"මට එන්න කිව්වේ??"

"වාඩිවෙන්න"

මන් ලග තිබ්බ පුටුවෙන් වාඩිවෙද්දී ටේ ගියේ ඊට ටිකක් එහායින් තිබ්බ සෝෆා එකට..

"මන් ඉන්න එක අවුල් නම් මන් එලියෙන් ඉන්නද??"

"නෑ නෑ බන්.. මේකයි ඉයුන් අපේ අලුත් ඇග්‍රිමන්ට් එක සයින් කරන්න අපිට බූසන්වලට යන්න වෙනවා.."

"අහ්හ්හ්??? අපිට??"

"ඔයාටයි මටයි"

"ඒත්....."

"මේක බිස්නස් වැඩක්.. ප්ලීස් අපි අපේ පර්සනල් දේවල් අදාල නොකරගෙන ඉමු ඉයුන්"

Tae pov
මොන ඇග්‍රිමන්ට් එකක්ද මේ මූ කියන්නේ?? පර්සනල් දේවල් අදාල නොකරගෙන ඉමුලු?? මගුල තමා.. මූ ආයේ හදන්නේ ඉයුන්ව.. 🌝🌝
Pov end

"ඔව් ඔව් ඉයුන්... ඔයාලා දෙන්න තරහා ඇති.. ප්‍රශ්නත් ඇති.. බට් ඒක අපේ කම්පැනි එකේ වැඩවලට බලපාන්න බෑ.."

"හරි මන් එන්නම් මිස්ටර් ජේකේ.. මිස්ටර් ටේ"

"ගුඩ් ගර්ල්"

"මන් එහෙනම් යන්නම්"

ඉයුන් යනවත් එක්කම මන් ගිහින් අල්ලගත්තේ ජේකේගේ බෙල්ල..

"උබ මොකක්ද කරන්න යන්නේ?? ආයේ සෙල්ලම් කරන්නද?? ඔය තරහා...

"මන් ඒකී එක්ක තරහා නෑ"

"මොකක්??"

"උබලා දැක්කා එදා ඒකීව හොයන්න මන් කාපූ කට්ටක්.. මට ඕනේ එදා මොනාද උනේ කියලා සමාවගන්න.. මන්... මන්... ඉයුන්ට ආදරෙයි ටේ..."

"මට ඕක හිතුනේ එදා ඉයුන් ගැන ආරංචියක් නැතිවුන දවසේ ජේකේ... උබ පිස්සෙක් වුනා සරලවම.. උබ කෙල්ලෙක් නිසා එහෙම උන පලවෙනිපාර.. ඒත් මෙච්චර කාලයක් ගිහින් උබේ හිත තාම ඒකීට ලව් කියලා නම් හිතුවේ නෑ"

"හ්ම්ම්ම් මට උදව් කරපන්"

"හරි යකෝ.. උබට නොකරන උදව් කාට කරන්නද??"

"හ්ම්ම්ම්"

"මෝඩයා.. මේ අද හවස ක්ලබ් එක පැත්තේ යමන්.. අර කොටා එනවලු අද"

"මට බෑ"

"වට්?"

"බන් මන් ඔය ඔක්කොම නවත්තනවා ඉයුන් නිසා"

"හ්ම්ම්ම් හරි හරි එහෙනම් මන් ඌව එක්කන් එන්නම් උබලගෙ ගෙදර"

"හා"

"මන් ගියා.. උම්මා"

"පලයන් යන්න"

......................

Night at jk's place

"උබ ආවා නේ එහෙනම් ආයේ?"

"ඇයි උබලා මාව කපලම දාන්නද හිතුවේ??"

ජිමින් ආව ගමන් ඔරවන් බැලුවේ ජේකේ දිහා...

"වරෙන් වරෙන් යමු කාමරේට.. ඉතින් මොකෝ ඩිග්‍රී එකේ තත්වේ??"

"ශේප් බන්.. ඒක නෙමෙයි මට ටේ කිව්වා ඉයුන් ගැන"

"හ්ම්ම් එයා ඉන්නවා.."

"උබ එදා බය වුන විදිහ මතක් වෙද්දී"

"හ්ම්ම්ම් එයාට කිසිම කරදරයක් නැති එකම ලොකු දෙයක්"

"හ්ම්ම් ඔව් ජිමින්.. මන් මුල ඉදන් උබලා දෙන්නගේ ඔය වැඩේට අකමැති වුනේ ඕකයි.. දැන් පේනවනේ වුන දේ"

"හරි බන් උන දේවල් වුනානේ... දැන් අපේ ජේකේ එහෙම නෑ.. ඉක්මනට කෙල්ලෙක් හොයලා බන්දලා දෙමු"

"මට ඕනේ ඉයුන්ව"

ජිමින් කිව්ව එකට ජේකේ උත්තර දුන්නේ මේසේ ළග තිබ්බ ටෙඩියව අතට ගන්න ගමන්,

"වට්??"

"ඔව් ජිමින්, මූට ඉයුන්ව ඕනේලු"

"ආයේ??"

"නෑ මූ සිරාලු.. අනේ මන්දා.. ඒත් බන් එදා උබ යූරී එක්ක දැක්ක විදිහට ඒ කෙල්ල ආයේ උබට චාන්ස් එකක් දෙන්නෙ නෑ ලොවෙත්"

"උදව් කරපන් මට"

"ඕයි මන් ඉයුන් හිටිය තැන හිටිය නම් උබව දකින පලවෙනි දවසෙ මූණට කෙල ගහන්නේ.. ඒ අතින් ඉයුන් කොච්චර හොදද??"

"යකෝ මන් දන්නවා මන් කලේ සතෙක්වත් නොකර දෙයක් කියලා.. ඒක මන් දන්නවා යකෝ.. ඒත් බන් මන් ආයේ එහෙම වැරද්දක් කරන්නේ නෑ.. එයා එදා ගියාම මට මාර තනිකමක් දැනුනා.. මට ඕනේ බන් එදා මගේ අතින් වුන වැරැද්ද හදාගන්න.. තව ඉයුන්ට මොකද එදායින් පස්සෙ වුනේ කියලා අහන්න ඕනේ"

"හරි හරි.. ඔක්කොම එක පාරට කරන්න බෑ.. මුලින් අපි කෙල්ල එක්ක කතා කරලා බලමු"

"හ්ම්ම්ම්ම්"

කතාවෙන් කතාව තුන් කට්ටුව හොදට පදම් වුනේ අවුරුදු 2කට පස්සේ ජිමින් ආව සතුටට.. කොල්ලා හිටියේ කැනඩාවල..
.
.
.
.
.
.
.
.

Nextday morning

"නූරියා, ඉයුන්ට එන්න කියන්න"

"හරි සර්"
.
.
.
.

"ඉයුන් ඔයාට මැනේජර් එන්න කිව්වා"

"හරි"

මේ මොන වදයක්ද?? හැමදාම මගේ මූණ බලන්නද මන්දා එන්න කියන්නේ.. මේක හරියන්නේ නෑ..

මන් කේන්තියෙන් ගියේ ජේකේට හොද දෙකක් කියන්න..

"මිස්ටර් ජේකේ.....

මන් කඩාගෙන බිදගෙන ඇතුලට ගියේ බනින්නම බලාගෙන.. ඇයි වදේ හැමදාම එන්න එන්න කියනවා.. ෆෝන් එකක් තියෙන්නේ පොල් මලවන්නද??

"ජිමින්...."

බනින්න ගිය වචන ටික ගිලගන්න වුනේ ජිමින්ව දැක්ක නිසා..

"ඉයුන්.. කොහෙද ඕයි අතුරුදහන් වුනේ??"

"අහ්හ්හ්.... ඔයා කවද්ද ආවේ??"

"ඊයේ... ඉතින් කොහොමද??"

"හොදයි ජිමින්.... ඇයි ජේකේ මට කතා කලේ?"

"හෙට 8 වෙද්දී එන්න"

"හෙට සැටර්ඩේ"

"ඉතින්.. හෙට බූසාන් යන්න තියනවා.. මන්ඩේ මෝනින් තමා අපි එහෙන් එන්නේ.."

"දවස් දෙකක්??"

"වයි??"

"අහ්හ් නෑ.. හරි මිස්ටර් ජේකේ.. ජිමින් මන් යනවා.. අපු පස්සෙ කතා කරමු"
.
.
.
.
.

"මොකක්ද ඔය ඇග්‍රිමන්ට් එක බන්??"

"මට එයා එක්ක කතා කරන්න ඕනේ.. එයා ආයේ මට අකමැති වුනත් මට සමාවගන්න ඕනේ"

"උබ ප්‍රේමබුංග රාජයෙක් වෙලානේ 😂"

..............

ඊළග එපිය බූසාන් ගමනෙන් හම්බෙමු 😍

Bạn đang đọc truyện trên: AzTruyen.Top