Memories.... 💔
අවසානයට ජේකේට සිද්ධවුනා සැලීව මැරි කරන්න.. සැලී ජේකේගේ අතේ එල්ලිලා.. කොහොම කලත් හිත පිරෙන්න ආදරය කරපු කෙනෙක්ට මේවා බලන් ඉන්න අමාරුයි.. හ්ම්ම් ඉයුන්ටත්.. ඒත් ඉයුන් බොද වුන ඇස් එක්ක මූණේ රැදුන ලස්සන හිනාවකින් ජේකේ දිහා බලන් හිටියේ ඇහි පිල්ලමක්වත් නොගහා..
හැමෝගෙම මැදින් ජේකේ සැලී එක්ක යද්දී හැමෝම නැගිටලා දෙන්නට සුභ පැතුවා.. ලගට නොගියට ඉයුනුත් ජේකේට විශ් කලා..
හැමදාම හිනාවෙලා ඉන්න..
මේ වෙලේ ඉයුන්ගේ හිතේ රැදුනේ තමන් ගැන දුකක්ම විතරයි.. පොඩි කාලේ ඔම්මා දාලා ගියා.. ලොකු වෙද්දී ගෙදර අය වෙනස්කම් කලා.. දැන් පණ වගේ හිටිය ආදරය දාලා යනවා.. ඉතින් තවත් මොනා නැති වෙන්නද??
[There should be a GIF or video here. Update the app now to see it.]
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා...
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා.....
.
.
.
.
.
.
.
.
Next day
"කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නෙ?"
ඊයේ කෙලින්ම ඉයුන් ආවේ සෝයූන්ලගේ ගෙදරට...
"මන් යනවා ඔන්නී.. ඔම්මා බලාගෙන ඇති.."
"බොරු කියන්නේ මටද?"
"ඔන්නී... කුකී ගැන ජූන් ඔප්පට කිව්වද??"
"හ්ම්ම් ඔව්ව්...."
"ජේකේට දැනගන්න තියන්න එපා.. එයා... එයා ගොඩක් පසුතැවෙයි"
"හ්ම්ම් හරි"
"මන් යන්න ඕනේ.. පරණ ඉයුන් නෑ දැන්..."
"හිනාවෙලා ඉන්න ඕනේ ඔයා.. තේරුනාද"
"මන් හැමදාම හිනාවෙලා ඉන්නම්.. නැති වෙන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි ඔන්නී"
"ඔහොම කියන්න එපා ඉයුන්"
සෝ ඉයුන්ව බදාගත්තේ ලොකු ආදරයක් එක්ක ඇතිවුන දුකකින්...
"හ්ම්ම් මන් යන්න ඕනේ... ටැක්සි එක ඇවිල්ලා"
"පරිස්සමෙන්... මාව බලන්න එන්න ඕනේ"
සෝ ඔන්නිටත් සමුදීලා මන් එලියට ආවා..
මට සමාවෙන්න ඔන්නී.. මට ඇත්ත කියන්න බෑ.. මට මේ පරිසරය එක්ක තවත් ජීවත් වෙන්න බෑ... ඔයාලා කාටවත් හොයාගන්න බැරි ලස්සන තැනකට මන් යනවා.. ආයේ කවදම හරි මගේ හිත හදාගෙන මන් ආවොත් ඔයාවයි ඔප්පවයි බලන්න එනවා..
ඒ කියන්නේ ඉයුන් ගියේ ගෙදර නෙමෙයි.. එහෙනම් කොහෙද?? කොහෙ වුනත් එයාගේ හිතට සතුටු තැනකට නම්......
.
.
.
.
.
At airport
"ඔම්මා මන් යනවා"
"පොඩී පරිස්සමෙන්"
"ඉක්මනට එනවා ඔයාව බලන්න.. එතකන් පරිස්සමෙන් ඉන්න පැටියෝ... පොඩී ඉක්මනට එනවා"
ජේකේට මිස්ටර් ජියෝන්ට කතා කරන්න කිසිම උවනාවක් තිබ්බේ නෑ..
සැලී එක්ක ජේකේ අද ඔසී යනවා.. දෙන්නගේ හනිමූන් එකට.. ලබන සතියේ මීරා සියෝන් ක්රිස්නිත් යන නිසා සතියක් නිදහසේ අලුත් කපල් එකට ඉන්න අදම ඒ දෙන්නව පිටත් කලා..
අන්තිමට ආදරය කරපු දෙන්න තැන් දෙකක තනිවුනා...
ජේකේ අන්තිම පාරට එයාගේ ජීවිතේ හොදම මතක තියන අය එක්කම කොරියාවට සමුදුන්නා.. එයාගේ හිත එයා පොරොන්දු කර ගත්තා ආයේ කවදාවත් කොරියාවට එන්නෙ නෑ කියලා.. ඒ වගේම ඉයුන්ව අමතක කරනවා කියලා..
ඒත් ජේකේට ඒක කරන්න පුලුවන් වෙයිද??
After one year
කාලය ගෙවිලා ගියා.. ජේකේ සැලීව මැරි කරලා අදට හරියට අවුරුද්දක් වෙනවා.. කොරියාවෙන් ගිය ජේකේ ජන්ග්ගේ ෆියුනරල් එකටවත් ආයේ කොරියාවට ආවේ නෑ.. ඒ වගේම ඒ කාලේ ඉයුන්ට මේ ලෝකේ හිටිය එකම කෙනා වුන ඉයුන්ගේ අප්පත් එයාව සදහටම දාලා යන්න ගියා.. ඒත් ඒ දේටවත් ඉයුන්ව හොයාගන්න සෝට බැරිවුනා....
මේ කොරියාවේ හිම වැටෙන සීත කාලය.. ඔව්ව් දෙසැම්බරයේ හිම හැම තැනම... පෙනන නොපෙනෙන පරිසරයම සුදු පාටයි.. මතක අතීතයට යන්න උත්සහ කරන සෝල් නුවර අදටත් එදා වගේම ලස්සනයි... වෙනස එදා දැක්ක තරු අද පායලා නෑ.. ඒත් මන් සෝල් පාලම ළගට වෙලා බලාගෙන හිටියේ අදුරු අහස දිහා.. මොකද මන් මෙතනට තාමත් ආදරෙයි... හැමදාටම ආදරෙයි....
"අප්පා........"
මගේ මතකය අතීතයෙන් මිදුනේ මගේ පිටිපස්සෙන් ඇහුන කට හඩට...
.
.
.
.
.
.
Joon's house
"ජූන්...."
"මන් කාමරේ"
"ජේකේ මොනාද රෑට කන්නේ??"
"පොඩී ආසයි නූඩ්ලස් කන්න.. ඒවා හදන්න"
"හ්ම්ම් හරි.. ජූන්....."
"කියන්න"
"කොල්ලා හොදටම ඇදිලා ගිහින්... අපේ කොල්ලටම ඇයි මෙහෙම වුනේ??"
"හ්ම්ම් මටත් හිතාගන්න බෑ සෝ... කාලය ඇයි මගේ පොඩීටම රිද්දන්නේ කියලා.."
"මගේ ඉයුන් කොහෙද දන්නේ නෑ.. කොල්ලා තාම වචනයක් කතා කලේ නෑ.. ඒත් මන් දන්නවා එයා අහන්නේ මුලින්ම කෝ නූනා මගේ ඉයුන් කියලා... ඒත් මන් ලග දෙන්න උත්තරයක් නෑ"
"කොල්ලා ඔසී ගියාම මන් හිතුවේ හැමදේම හරි යයි කියලා.. ඒත් ඒකෙන් වුනේ මගේ පොඩීගේ ජීවිතේ කෑලි කෑලි වලට කැඩුන එක"
"මන් යනවා කන්න හදන්න.. බලන්න කෝල් එකක් දීලා පොඩී කොහෙද කියලා"
හ්ම්ම් නිකන් අන්ඩර දෙමළ වගේ නේ... හරි මෙන්න මේකයි සිද්ද වුනේ...
ජේකේ ඔසී ගියාට පස්සේ ගොඩක් උත්සහ කලා පරණ මතකවලට සමුදෙන්න.. ඒත් ඉයුන් කියන්නේ ජේකේගේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරිවුන මතකයක්.. ඉතින් කාලයක් ඒ මතකත් හංගන් ජේකේ සැලී එක්ක ජීවත් වුනා.. හැබැයි ජේකේට සැලීට ළං වෙන්න ඕනේ කමක් පොඩිවත් තිබ්බේ නෑ... සැලී ළං වෙන හැම පාරම කොල්ලා ඒ තැන්වලින් අයින් වෙන්න හේතුවක් හොයාගත්තා.. සරලවම දෙන්න මැරේජ් එකක් කලත් හිටියේ එහෙම නොකරපු දෙන්නෙක් වගේ, සැලීට වෙනස තේරුනත් එයා උත්සහ කලේ ජේකේව එයාගේ පැත්තට නම්ම ගන්න.. ඒත් සැලී ඒකෙදිත් අසාර්ථක වුනා..
ඉතින් ඔහොම්මම මාස 8ක් වගේ ගෙවිලා ගියා.. ගොඩක් ළං නොවුනත් සැලී ජේකේ සතුටෙන් ජීවත් වුනා...
ඒත් හදිස්සියේම සැලී රෑක කලන්තේ දාලා වැටුනා.. ජේකේ පලවෙනි පාරට සැලී ගැන බය වුනා.. ඉයුන් ගැන විතරක් මතකේ තිබ්බ ජේකේ එදා තමන්ගේ පපුවට තුරුල් කරන් සැලීව ඉස්පිරිතාලෙට ගෙනිච්ච විදිහ තාමත් ජේකේගේ ඇස්වල මැවෙනවා ඇති..
Flashback
"ඩොක්ටර් මොකද මගේ වයිෆ්ට??"
"මිස්ටර් ජේකේ... හ්ම්ම් සොරි.. අපිට පේශන්ව බේරගන්න බැරිවුනා"
"මොකක්??"
Flashback end
ඒත් ඒ මොකක්ද? කොහොමද??
සැලී කියන්නේ පරම්පරාවෙන් ලැබුන දරුණු ලෙඩකින් පීඩා වින්ද කෙල්ලෙක්... දරුණු පිලිකාවක් එයාගේ යටි බඩේ තිබ්බා.. ඒක දැනන් හිටියේ මීරායි සියෝනුයි විතරයි.. අඩුම සැලීවත් ඒක දැනගෙන හිටියේ නෑ.. ඔව් ඒක සැලී දැනන් හිටිය නම් කෙල්ල කීයටවත් ජේකේගේ ජීවිතේ මේ විදිහට විනාස කරන්නේ නෑ.. මීරා ළග හිටියේ නැති නිසා කෙල්ලට වේල් කිහිපයක්ම බෙහෙත් ටික මිස් වෙලා.. එක පාරටම ආව කැක්කුමකට කෙල්ල වැටෙද්දී කෙල්ල හිතන්නේ නැතුව ඇති මේ එයාගේ අන්තිම වැටිල්ල කියලා..
කොහොම හරි අවසානෙට ජේකේට සැලීවත් නැත්තටම නැති වුනා.. ජීවිතය කියන්නේ මේක තමා..
සැලී නැතිවුනත් සැලීගේ සුවද අහිංසකකම ආදරය එක්ක මාස දෙකක් තුනක් ජේකේ අමාරුවෙන් ඒ ගෙදර තනියම හිටියා.. ඒ අතරේ ජන්ග් මැරුනා කියාලා කිව්වත් කොල්ලා ආපස්සට කොරියාවට එන එක ප්රතික්ෂේප කලේ ආයේම කොරියාවට එන්න තරම් කොල්ලා හොද තත්ත්වෙක හිටියේ නැති නිසා.. දිගින් දිගටම මානසිකව වැටුන ජේකේ දිහා බලන් හිටිය මීරා අන්තිමට තීරණය කලා ජූන්ට ජේකේ ගැන ඇත්ත කියන්න... ජූන් ඒ ක්ශනිකයෙක් ජේකේව කොරියාවට ගේන්න ඔක්කොම වැඩ ලෑස්ති කලා..
ඉතින් ඔන්න ඔහොමයි කොරියාවට ආයේ නොයෙන්නම හිත හදන් ගිය ජේකේ කොරියාවට ආවේ...
.
.
.
.
.
.
"අප්පා......"
සෝල් පාලම උඩ ඉදන් අහස දිහා බලන් හිටිය ජේකේගේ මතකය අතීතයෙන් මිදුනේ එයාගේ පිටිපස්සෙන් ඇහුන කට හඩට...
මේ කතාව කියවද්දී හිතෙනවා ඇති නේ මේ කතාව යන්නේ ඉයුන් වටේ කියලා.. ඒත් පොඩ්ඩක් හිතන්න, ඉයුන් කියන්නෙ උපතින්ම කිසිම වාසනාවක් නැතිව ඉපදිච්ච කෙනෙක්. එයාට එයාගේ හීන වලට ලං වෙන්න ලොකු බධක තිබ්බා.. ඇත්තටම තමන් කැමති කිසි දෙයක් එයාට ළඟා කරගන්න ලේසි වුණේ නෑ.. හැබැයි ජේකේ කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. තමන්ට හැම දෙයක්ම ලගා කරගන්න ඕනේ තරම් හැකියාව තිබ්බා.. හැබැයි එහෙම හැමදේම තිබිලත් එයාට ජීවිතයේ සතුට වෙනුවෙන් කිසිම දෙයක් ළඟා කරගන්න බැරි වුණා. ඉතින් එහෙම බැලුවොත් වැඩිපුරම අවාසනාවන්ත විදිහට ජීවිතේ දේවල් නොලැබෙන්නෙ ඉයුන්ට ද එහෙම නැත්නම් ජේකේට ද?? පිටතින් බලන කොට මේ කතාව ඉයුන් වටේ ගෙතුනු කතාවක් විදිහට ගන්න පුලුවන්, ඒත් හැම දෙයක්ම ලැබෙන්න වාසනාව තිබිලත් හැමදේම නොලැබෙන මේ කතාවේ යටින් කියන්නේ ජේකේ ගැන නෙමෙයිද??
.....ඇත්තටම බොරුවක් මෙච්චර දුර ජීවිත ගොඩක් අමාරුවේ දායි කියලා හිතන්නෙවත් නැතුව ඇති එදා ජේකේ......
vote and comments 💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top