Letting go of the heart..... 💕

At unknown place

ඔයා කොහෙද සෝයූන්.... තාම මන් වෙනුවෙන් බලන් ඉන්නවද?? නැත්තම් ඔයා වෙන කෙනෙක්ගේ වුනාද?? මන්.... මන් ඔයා වෙනුවෙන් ඉන්නවා..

නිසොල්මන් කාමරේ අඩ එලිය එක්ක මගේ අතේ තිබ්බේ මගේ ආදරේ ෆොටෝ එකක්... සෝ.. මගේ සෝව මට නැතිවුනා.. මීට අවුරුදු ගාණකට කලින් මට මගේ ආදරේ අත අරින්න වුනා.. ඒත් මන් කවදම හරි ඔයා ලගට එනවා.. එදාට ඔයා මන් වෙනුවෙන් හිටියොන් මන් ඔයාව මගේ කරගන්නවා..

..................

"තරහද??"

"මිස්ටර් ජේකේ.. ඔයා මට කිව්වේ මේක බිස්නස් වැඩක් කියලා.. ඔයා මේ දේවල් කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ??"

"ඔයාව"

"මේ වගේ දේවල්වලට රැවටෙන්න මන් ඉස්කොලේ යන කෙල්ලෙක් නෙමෙයි කියලා මතක තියාගන්න"

"මනුස්සයෙක්ගේ අතින් වැරද්දක් වුනාම එයා ජීවිත කාලෙම ඒකට විදවන්න ඕනේද ඉයුන්??"

"වැරැද්දක් නෙමෙයිනේ ජේකේ ඔයා මට කලේ.. මන්... කී පාරක් ඔයාට සමාව දුන්නද?? මාව රැවැට්ටුවා.. ඔයාලා මට ඇයි එහෙම කලේ?? ඇයි එහෙම කලේ?? ඔයාට එදා යූරීව ළගට ගද්දී මාව මතක් වුනේම නැද්ද??"

කදුලු වැටෙද්දී මන් ඉකි ගහ ගහ ජේකේගෙන් ඇහුවේ හිතේ නලියන ප්‍රශ්නයක්..

"ඉයුන්... බලන්න මන් දිහා"

ජේකේ එයාගේ අත් දෙක මැද්දට මගේ මූණ හිර කරන් බැලුවේ මගෙ ඇස් දෙක දිහා..

"මන් නිසා අඩන්න එපා.."

"හිනාවෙලා ඉන්නම්.. ඔයා මගෙන් ඈතට යන්න"

"මන් මෙච්චර ළං වෙන්නේ මට ඔයාව ඕනේ නිසා.. ඒත් ඔයා මට යන්නලු.. මන් ඔයාගෙන් දෙයක් අහන්නද??"

"අහන්න"

"මගේ ඇස් දිහා බලන් මට ඇත්ත කියන්න ඕනේ"

"හ්ම්ම්ම්"

"මට ආදරේ නැද්ද??"

දෙයියනේ මන් කොහොමද නෑ කියන්නේ.. මන්... මන් ආදරේ කරපු කරන එකම කෙනා ඔයා කියලා මන් කියන්නේ කොහොමද?? මට බෑ ආයේ දුක් විදින්න.. ඔයාගේ විදිහ මන් බලාපොරොත්තු වෙන විදිහ නෙමෙයි ජේකේ.. ඉතින් මට හිටිය වගේම මගේ නොවෙන ඔයාට ආදරේ කරන්න පුලුවන්.. ඔයා මගේ නොවුනත්..

"නෑ"

"හරි මට තමුසේ එක දෙයක් කියනවා එහෙනම්"

"මොකක්ද??"

"මට ආදරේ නැත්තම් එදා මට ආදරේ තියනකන් දාන්න කිව්ව රින්ග් එක තාම ඇයි අතේ??"

මොකක්?? මන්... මොකක්ද දැන් කියන්නේ??

"ඒකද ප්‍රශ්නේ?? මෙන්න මන් ඒක ගැලෙව්වා"

මගේ උත්තරේ සෘජු එකක් වෙයි කියලා එයා හිතන්නේ නැතුව ඇති...

Jk pov
මොකක්... ඔයා..ඔයා මට ආදරේ නෑ.. ඔයා මගේ ඇස් දිහා බලන් කොහොමද ඔහොම කියන්නේ.. ඔයා කොහොමද ර්හෙම කලේ... කියන්නේ තමුසෙට දැන් ජේකේව ඕනේ නෑ.. මන් විතරද ආදරේ කරන්නේ??
pov end

"ඔයා එහෙමද?? ඔයා මට ආදරේ කරලත් නෑ ඉයුන්.."

"අහ්හ්හ්??"

"මේ අවුරුදු ගාණට තමුසෙට මාව අමතක කරන්න පුලුවන් වුනා නම් කෝ තමුසෙගෙ ආදරේ?? මන් නිසා මැරෙන්න ගියා කිව්ව ඔක්කොම බොරු..."

"ජේකේ.....

"ඇති.... ඔව් තමුසෙ හරි.. නවත්තනවා.. ආයේ මට තමුසෙ මගේ යටතේ ඉන්න තවත් එක සේවකයෙක් විතරයි"

මට හිතාගන්න බැරිවුනා මොකක්ද වුනේ කියලා.. හ්ම්ම් ඒත් මෙහෙම වෙන එක හොදයි..

එතනින් එහාට ජේකේ කාර් එක පුලුවන් ඉක්මට සෝල්වලට අරන් ආවා. ඒ අතරේ හුස්ම ගන්න සද්දෙට පිටින් වෙන කිසිම සද්දයක් අපි අතරේ අහුනේ නෑ..
.
.
.
.
.
.

"මන් එහෙනම්......

මේ මොකද??

මන් කාර් එකෙන් බැහැලා ජේකේට යනවා කියන්න හදද්දිම මේ යකා කාර් එකත් ස්ටාර්ට් කරගෙන මෙන්න ගියා..

විකාර....

මන් මටම කියාගන්න ගමන් බස් හෝල්ට් එක පැත්තට ගියේ ගෙදර යන්න...
.
.
.
.
.
.

After one week

"ටේ..."

"කොහෙද යකෝ ඉන්නේ??"

"හ්ම්ම්ම් ඕයි ඉයුන් මට ආදරේ නෑ කිව්වා"

"උබ ක්ලබ් එකේද?? බීලා නේද ඉන්නේ?? උබ මොනාද යකෝ කරන්නේ?? මේ සතියටම ඔෆිස් එකට ගියේ නෑ.."

"හ්ම්ම්ම්"

"ඉදපන් මන් එන්නම්"

කෝල් එක කට් කරපු මන් මේසේ උඩින් ඔලුව තියන් කලපනා කලේ මගේ ඉයුන් ගැන.. එදා එයා මට ආදරේ නෑ කිව්ව දවසෙ ඉදන් මන් ඔෆිස් ගියේ නෑ..

එයාට මාව මතකත් නෑ.. මට කෝල් එකක්වත් නෑනේ.. ඔව් ඔයා ඇත්ත කිව්වේ.. ඔයා මට ආදරෙ නෑ.. මට ඕනේ නෑ..

මගේ කල්පනා ලෝකේම බින්දේ ටේගේ සද්දෙ...

"නැගිටපන්"

"ටේ... උබ ආවද?? උබ විතරයි මට ඉන්නේ"

"නවත්තගනින් නවත්තගනින්.."

"හ්ම්ම්ම් ඉයුන් මට ආදරේ නෑ කිව්වා.. ඉතින් මන් යන්නේ නෑ ආයේ ඔෆිස්.. ආයේ එයාව බලන්නේ නෑ.. පින්කි ප්‍රොමිස්"

"උබට මොකද වෙලා තියෙන්නේ ඕයි 😂😂"

Third person pov

ටේ අමාරුවෙන් වාරු කරගෙන ජේකේව අරගෙන ගියේ ටේගේ ගෙදර.. මොකද මෙහෙම ජේකේව එයාලගේ ගෙදර එක්කන් ගියොත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ටේට බැරි නිසා.. ජූන්ට කතා කරලා සිද්දිය කියලා කොල්ලා ජේකේවත් අරන් ගෙදර ගියා..

ඇදෙන් හාන්සි වුන ගමන් කොට්ටෙත් බදාගෙන ජේකේ හොද නින්දකට වැටුනා..

"උබ නාස්ති වෙන්නේ ඇයි බන් මෙහෙම??"

ටේට ජේකේ ගැන දැනුනේ ලොකු දුකක්.. පොඩි කාලේ ඉදන් එකටම හිටිය එකා විනාස වෙනවා බලන්න තරම් ටේටවත් ජිමින්ටවත් පුලුවන් කමක් නෑ..

ටේ බලන් ඉදලා බැරිම තැන ඉයුන්ට කෝල් එකක් ගත්තා...

📞📞📞📞📞📞

"ටේ......"

"ඉයුන් ඔයා ෆ්‍රීද??"

"කියන්න ටේ.. මේ මහ රෑ වැඩක් නෑ කොහොමත්"

"හ්ම්ම් මට කතා කරන්න ඕනේ ජේකේ ගැන"

"ප්ලීස් ටේ.. අපි කතා කරලා ඉවරයි.. එයා දැන් ඔෆිස් එන්නෙත් නෑ.. එයා මේක අමතක කරලා ඉන්නේ.."

"අමතක කරලා?? එදා ඉදන් අද වෙනකන් ඌ මොනාද කරන්නේ කියලා දන්නවද?? ඔයා කොහොම කෙල්ලෙක්ද??"

"අහ්හ්හ්??"

"මූ විනාස වෙනවා ඉයුන්... මූ බොනවා.. බීලා බීලා වැටිලා ඉද්දී මන් අපේ ගෙදරට එක්කන් ආවේ"

"මොකක්??"

"කටින් කියලා දෙන්නා ඈත්වුනාට මූ මැරෙන්න යන්නේ මෙහේ.. ඉයුන් මන් කාගෙන්වත් අද වෙනකන් දෙයක් ඉල්ලලා නෑ.. ඒත් අද මන් ඔයාගෙන් දෙයක් ඉල්ලන්නම්.. ඔව් මූ කලේ සතෙක් කරන වැඩක් තමා.. ඒකට ඌ විදෙව්වා ඔයාව හොය හොය අවුරුදු ගාණක්.. තවත් ඌට විදවන්න දෙන්න එපා ඉයුන්.. ඌ එක්ක ආදරෙන් ඉන්න.. ඌ ඔයාට ආදරෙයි ඉයුන්"

ටේගේ කට හඩ එන්න එන්නම කැඩෙන්න ගද්දිම ඉයුන්ට තේරුනා ටේ ඉන්නෙත් හොදින් නෙමෙයි කියලා..

"ඔයාට පුලුවන් නම් එන්න දැන්.. මූ විදවනවා බලන්න.. ඔයාගේ නම කිය කිය විදවන හැටි... මට බලන් ඉන්න බෑ ඉයුන්.. ප්ලීස් යාලුවෙක් නිසාවත් මගේ ඉල්ලීන ගැන බලන්න"

"මට ලොකේශන් එවන්න.. මන් එනවා දැන්"

ටේ කෝල් එක කට කරලා ගෙදර ලොකේශන් යැව්වා..

Pov end

මන් ටේගේ කෝල් එකෙන් පස්සේ ඇදන් හිටිය එකටම කෝට් එකක් දාගෙන එලියට බැස්සේ ටේගේ ගෙදරට යන්න..

"ඔයාට බෑ ඔහොම කරන්න ජේකේ.. ඔයා මන් හිතුවේ මේවා අමතක කරන්න ඇති කියලා.. ඔයා මන් නිසා විදවන්න ඕනේ නෑ.. ඉන්න මන් එන්නම් ජේකේ.. ඔයා ළගට...."
.
.
.
.
.
.

පැය භාගයක් වගේ ඇතුලත ඉයුන් ටේගේ ගෙදරට ගියා.. ටේගේ කාමරේ ගුලි වෙලා නිදන් ඉන්න ජේකේව දැක්කම මගේ පපුවම හෝස් ගාලා ගියා..

"අද මේ පලවෙනි දවස නෙමෙයි ඉයුන්.. මූ මේ සතියටම මෙහෙමයි.. මූ එදා ජිමින් ආවමවත් ක්ලබ් යන්න බෑ කිව්ව එකා, ඔයා නිසා වෙනස් වෙන්න ඕනේ කිව්වා.. ඒත් අද ඉන්න විදිහ"

මන් ටේගේ කතාව එක්ක ගියේ ජේකේ ළගට.. හොදටම දාඩිය නාලා හිටිය එයා ලගින් මට ආවේ තද වයින් ගදක්... මන් හෙමින් මගේ ඇගිලි ඒ කෙස් අතරින් ගෙනිච්චේ නලලට ඇලිලා තිබ්බ කෙස් ටික අයින් කරන ගමන්..

"මන් බොන්න මොනාහරි අරන් එන්නම්"

මාවයි ජේකේවත් කාමරේ තනිකරලා ටේ එලියට ගියේ දොරත් වහගෙන.. ජේකේගේ මූණ හොදටම මහන්සි පාටයි.. ඒ තොල් වෙව්ලනවා.. මන් හෙමින් ජැකට් එක අයින් කරලා ac එක වැඩිකලා..

"මෝඩයා... මොනාද මේ කරන්නේ?? තමුන් මට ලොකු පාර්ට් එකක් දාලා ගියේ මේ වගේ මෝඩ වැඩ කරන්නද??"

මන් නින්දේ හිටිය ජේකේගේ ඔලුව අත ගාද්දී එයා හෙමින් කෙදිරිල්ලක් දැම්මේ පොඩි බබෙක් වගේ..

"ටේ....."

"හ්ම්ම් ඇයි??"

මාත් ටේ වගේ එයා එක්ක කතා කලේ ඇත්තටම එයාගේ හිතේ තියන දේ දැනගන්න.. මොකද මිනිස්සු බිව්වම හදවතේ තියන දේවල් කියන්වලුනේ 🌝🌝

"ටේ... ඉයුන්..."

"ඉතින් ඉයුන්ට මක් වෙලාද??"

"මට ආදරේ නෑලු"

"ඉතින් ඔයත් ආදරේ වෙන්න එපා"

"මට බෑනේ ඕයි... ටේ එයාව ගෙනල්ලා"

"ඉස්කෝලේ යන කාලේ ඇයි එයාව රැවැට්ටුවේ?"

"...................."

"ඇයි ඒ??"

"මන් වැරැදි.. ඔව් වැරදී.. ඉතින් මන් සමාව... ගන්නම්"

"දැන් ඉයුන්ට ආදරේ ඇත්තටමද?"

"ඔව්ව්"

තාමත් ඇස් දෙක පියන් අඩ නින්දේ මන් අහන ඒවට ජේකේ උත්තර දෙනවා..

"ටේ.... උබේ කටහඩ"

"අහ් මේ මට කක්කල් කැස්ස"

"😂😂😂😂"

මෙන්න ඒ ගමන් මේ මිනිහා හිනා වෙනවා.. බිව්වම කොල්ලො මෙච්චර හුරතල්ද?? නෑ මන් හිතන්නේ ජේකේ ඔයා විතරයි මෙහෙම හුරතල්..

"මොකද හිනා වෙන්නේ??"

"උබට ඔහොම වෙල...."

"මොකක්??"

"ම....දි... දොයිගන්න ඕනේ"

"හ්ම්ම්ම් නිදාගන්න.. මන්.... මන් හෙට ඉයුන්ව ඔයාගේ ලගට ගේන්නම්"

මන් එහෙම කිව්වේ ඇයි?? මගේ හිත... මන් බය වුන දේම වෙන්නෙ ඇයි??

තවත් ජේකේ වචනයක්වත් කතා කලේ නෑ.. හොදටම නින්ද ගිහින්.. ශීට් එකත් පොරවලා මන් එන්න හදද්දී මගේ හිත මට මොකක්දෝ කියනවා කියලා තේරුනා..

මන් ආයේ බැලුවේ එයා දිහා.. මටවත් නොදැනෙන්න මගේ තොල් නැවතුනේ එයාගේ සීතල නළලේ..

"මන් ආදරෙයි"
.
.
.
.
.
.

රැය ඉක්මනට ගෙවිලා ගියා.. ටේට ජේකේව භාර දීලා මන් ආව වගක් නොකියන්න පොරොන්දු කරගෙන මන් ආයේ ගෙදර ආවා.. මන් මොකක්ද කරන්නේ?? මට හිතාගන්න බැරිවුනා.. මට මතක් වුනේ ඔන්නිව..

☀️☀️☀️☀️☀️

උදේම නැගිටලා මන් ඔන්නිව හම්බෙන්න ගියේ අද නිවාඩු දවස නිසා.. උදේම ගිය නිසා ඉක්මනට යන්න පුලුවන් වුනා..

"සෝ ඔන්නී..."

මගේ කටේ සද්දෙට ඔන්නී ගේ ඇතුලේ ඉදන් දුවගෙන ආවා..

"මෝඩී... තමුන් මොකද ආවෙ?? අදද මාව මතක් වුනේ??"

"වැඩවලට හිරවුනා ඔන්නී.. මන් ඇතුලට එන්නද??"

"හ්ම්ම් එනවා එනවා.. "

කේන්ති මූණක් පෙන්නුවත් එයා මට ගොඩක් ආදරෙයි.. මාත් ඔන්නිගේ අතේ එල්ලිලා ගිහින් වාඩිවුනා..

"මොනාද බොන්නේ??"

"වාඩිවෙන්නකෝ.. මට කන බොන එකට වඩා ලොකු දෙයක් කියන්න තියනවා.. ඒක කිව්වම මන් ඔයා දෙන ඕනේ දෙයක් කන්නම්"

"මොකක්ද?? ඇයි බදින්නද යන්නේ?? නැත්තම් අර ජේකේ කියන කොල්ලව හම්බුනාද??"

විහිලුවට හරි ඔන්නි කිව්ව එකට මගේ ඇස් උඩ ගියා... මෙයා කොහොමද දන්නේ ඒක...

"ඔයා කොහොමද ඒක දන්නේ??"

"ඒ කියන්නේ ඒ කොල්ලව හම්බුනාද??"

"හ්ම්ම්ම් හම්බුනා විතරක් නෙමෙයි"

"ඒ කියන්නේ??"

"මගෙන් චාන්ස් එකක් ඉල්ලනවා.. ඒත් මන්....

"තාම එයාට ආදරෙයිද??"

"ඔන්නී ඔයා ඒක දන්නවා"

"ඉතින් බයද ආදරේ කරන්න??"

"බය නෑ.. ඒත් ආයේ රැවටුනොත්??"

"හ්ම්ම් මේ අහන්නකෝ ඉයුන්, සමහරවිට ආයේ ඔයාට රැවටෙන්න වෙයි.. එහෙම හිතලා ඔයා එයාගෙන් ඈත් වෙනව නම් ඔව් ඒක තමා හරිම දේ.. හැබැයි සමහරවිට මේ ඔයාගේ ජීවිතේ සදාකාලිකම ආදරේ වෙන්නත් පුලුවන්.. එහෙම හිතුවොත් ඔයා අයින් කරන්නේ ඉදිරි ජීවිතේම ඔයාගේ සතුට"

"මන් අවස්ථාවක් දෙන්නද??"

"ඔයා මේ කියන කෙනාව මන් දැකලවත් නෑ.. හැබැයි ඔයා කිව්ව දේවල් එක්ක මට බයයි ඔයා එයා ලඟට යන එක, එයා ඇත්තටම බොරුකාරයෙක් නම්... හැබැයි එයා වෙනස් වෙලා අවංකව ඔයාට ආදරෙයි නම් සමහරවිට එයා ඔයාව රිද්දපු විදවපු කාලේ අමතක වෙන්න ඊට වඩා සතුටින් තියන්න පුළුවන්..."

"හ්ම්ම් මගේ හිත කියනවා එයා ලගට යන්න කියලා.. මන් මෝඩයිද ඔන්නි??"

"ඔයා එයාට ඒ තරම්ම ආදරේ නිසා ඒ.. ඒක මෝඩකම නෙමෙයි. ඉතින් බය වෙන්න එපා.. ඔයා අදටත් එයා ඈතින් ඉද්දී වුනත් දුකෙන්නෙ ඉන්නේ.. ඉතින් ළගට ගිහින් දුකක් දැනුනත් මොකද නේ??"

"හ්ම්ම් ඔව් ඔන්නී....."

"අනික් දේ ඉයුන්, එදා හිටියේ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි.. ඒත් අද ඉන්නේ ඒ දෙන්න නෙමෙයි.. එයත් ගොඩක් වෙනස් වෙලා ඇති.. ඔයාගේ හිතට එයාට අවස්ථාවක් දෙන්න හිතෙන තරමට එයා වෙනස් වෙලා ඇති"

අපේ කතාව දිගට යන අතරේ ඔන්නී මන් ආසම නූඩ්ලස් එක මට හදලා දුන්නා.. අපි දෙන්නගේ හිනාවෙන් මුලු ගේම පිරිලා..
.
.
.
.
.

At jk place

"පොඩී...."

"හ්ම්ම් හ්‍යොන්ග්"

"මොකද තාම නිදිද??"

"ඔලුව බරයි වගේ.. අහ්හ්හ්හ්"

"තමුසේ ආයේ මේ වගේ හැසිරුනොත් මන් අප්පට කියලා යවනවා මෙහෙන්"

"හ්ම්ම්ම්"

"මොකක්ද දැන් ප්‍රශ්නේ"

"හ්ම්ම්ම්"

"අර කෙල්ලද??"

"හ්ම්ම්"

"මන් කතා කරන්නම්.. කෝ දෙනවා නම්බර් එක"

"එයාට කතා කරලා තේරුමක් නෑ.."

"එහෙනම්"

මන් ටේට දවස් ගාණක් කියල හොයාගත්තේ එදා ඉයුන්ව බේරගත්ත නූනගේ විස්තර.. මන් හිටියේ එයාව හම්බෙලා හැමදේම කියන්න.. ඒත් දැන් මට හිතෙනවා හ්‍යොන්ග්ට තමා ඒක කරන්න පුලුවන් කියලා..

"එයාගේ ඔන්නිට... ඔව් එයාට පුලුවන් ඉයුන්ට මේක කියන්න"

"හ්ම්ම් හරි මන් එයා එක්ක කතා කරන්නම්"

මන් හ්‍යොන්ග්ට නූනගේ නම්බර් එක යැව්වා.. මට හ්‍යොන්ග්ව මට වඩා විශ්වාසයි.. මන් මෙහෙම ඉන්න එක හ්‍යොන්ග්ට බලන්න බෑ කියලා මන් දන්නවා.. ඒ නිසා එයා මන් වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා..

"මන් නම්බර් එක එව්වා"

මන් දුන්න නම්බර් එකත් අරන් හ්‍යොන්ග් කාමරෙන් එලියට ගියා..

.
.
.
.
.
.
.
.
.

කාලය කොච්චර වේගවත්ද?? මිනිස්සු කොච්චර වෙනස් වෙනවද?? හරියට ජේකේ වගේ..

"යෙබසියෝ.. කවුද මේ??"

"මේ ඉයුන්ගේ නූනාද??"

"ඔව් කවුද මේ?? ජේකේද??"

"නෑ එයාගේ හ්‍යොන්ග්"

මට කට හඩ හොදට පුරුදුයි...
ජූන් වගේම සෝටත් එක පාරටම හිතුන එකම දේ ඒක....






plz comment and vote, if you like this one 💜💐

Bạn đang đọc truyện trên: AzTruyen.Top