JoonSo ❤️
"මන් සෝයූන්ව අද මැරි කරනවා"
කිව්වනේ අද ලස්සන දවසක්..
"හ්‍යොන්ග්??"
"මට කරන්න වෙන දෙයක් නෑ.."
"මට ඔයාව තේරෙනවා.. හ්ම්ම් මේක වෙන්න ඇති තියන හොදම උත්තරය"
ඉයුන්වත් අරගෙන අපි කෙලින්ම ගියේ සෝ නූනගේ ගෙදර.. යන අතරමග වුනේ මොකක්ද කියලා මන් ඉයුන්ට කිව්වා.. ඉයුන් ගොඩක් බයවුනා.. එක පැත්තකින් සෝ නූනා ගැන, අනෙක් පැත්තෙන් අපි දෙන්න ගැන..
"සෝ...."
හ්‍යොන්ග් කලබලෙයෙන් දුවගෙන ගියේ නූනගේ ගේ ඇතුලට..
"ජූන්.. ඔයා?? මොකද මේ කලබලෙන්?? මොකක්හරි ප්‍රශ්නයක්...
"ඉක්මනට ඇදුමක් දාන් එන්න"
"ඇයි මන් ඇදුම් නැතුව ඉන්නවා වගේ පේනවද??"
"වෙන එකක් ඇදන් එන්න"
"කොහේ යන්නද?"
"ගමනක්.. පරක්කු වෙනවා"
හ්‍යොන්ග් බලෙන්ම නූනට ඇදුමකුත් අන්දගෙන කාර් එකට දාගත්තා... තාමත් වෙම කිසි දෙයක් නූනට තේරෙන්නෙ නෑ කියලා දැක්කම කියන්න පුලුවන්..
"මට දැන්වත් කියනවද කොහෙද මේ යන්නේ කියලා"
"තව පැය කාලකින් කියන්නම්"
මායි ඉයුනුයි මුකුත් නොකියා බලන් හිටියේ හ්‍යොන්ග්ගේ කටින්ම ඒක නූනට කියන්න ඕනේ කිව්ව නිසා..
ටික දුරක් ඇවිල්ලා හ්‍යොන්ග් කාර් එක නැවැත්තුවේ ලස්සම ෆ්ලවර් ශොප් එකක් ළග.. ෆ්ලවර් ශොප් එකෙන් හ්‍යොන්ග් අරන් ආවේ ලස්සන රෝස පාට මල් පොකුරක්.. නූනා ඇදාලා හිටිය ෆ්‍රොක් එකට ඒක ගොඩක් ලස්සනයි..
"මේක ඔයාට"
"අනේ මට කවුරුහරි කියනවද මොකක්ද වෙන්නෙ කියලා..."
"තව විනාඩි 10යි බබා.. ඉවසන්නකෝ"
"මට බෑ.. මේ මලුත් අරන් කොහෙද අනේ එක්කන් යන්නේ... ඉයුන් ඔයාවත් කියන්නකෝ"
"අපෝ මට බෑ.. ඔයාගේ එක්කෙනා බනී මට"
"එහෙම කොහොමද ඔයාට හ්‍යොන්ග් බනින්නේ.. මන් ඉන්නවා ඔයාට"
කාර් එක නිකන් කාටද පඩි හම්බුනා වගේ.. මාලු කඩේ පරාදයි... හැමෝගෙම කෑගැහිල්ල එක්ක අපි ආවේ චර්ච් එකට..
"ජූ...න් මොකද මේ?? මගේ හිතට අමුත්තක් දැනෙනවා.."
මායි ඉයුනුයි කාර් එකෙන් බැහැලා බලන් හිටියේ හ්‍යොන්ග් නූනව බස්සනකන්.. හ්‍යොන්ග් නූනගේ දොර ඇරලා එලියට කතා කරද්දී ඒ දෙන්නව මන් මේ ලෝකේ ඉන්න ලස්සනම දෙන්න විදිහට පලවෙනි පාරට දැක්කා..
මගේ හ්‍යොන්ග් මෙච්චර ආදරණීයද??
"බහින්න සෝ... අද ඉදන් ඔයා මගේ"
"අහ්හ්හ්?"
"අපි අද මැරි කරමු"
"ජූන් 🥺"
"මට සමාවෙන්න මට බෑ ඔයාගේ හිතේ තියන විදිහට මන් ලගට ගන්න.. ලොකු වෙඩින් එකක් එක්ක, ඒත් මට බෑ ආයේ ඔයාව නැති කරගන්න"
"මට එහෙම මුකුත් එපා.. මට ඕනේ ඔයාව.. මන් දන්නවා ඔයා දෙයක් කරන්නේ හොදට හිතලා කියලා.. මාව ඔයාගෙ කරගන්නවා නම් මට ඒ හොදටම ඇති"
ජූන් සෝගේ නළලට කෙටි හාදුවක් තිබ්බේ සෝගේ ඇස්වලින් කදුලු බේරෙද්දී.. කෙල්ලගේ හීනයක්, ලොකු වෙඩින් එකක්?? අපෝ නෑ... කෙල්ලට ඕනේ වුනේ එයාගේ ජූන් ළග සතුටෙන් ඉන්න....
"අපි යමු ඇතුලට"
.
.
.
.
.
.
.
"ජන්ග්... කෝ ජූන්??"
"පොඩී එක්ක කොහෙද යනවා කියලා ගියේ?"
"බලනවා වෙලාව.. 5ටත් කිට්ටුයි"
"මන් කෝල් කරලා බලන්නම්"
ජන්ග් කෝල් එකක් ගත්තේ ජූන්ට.. ජූන්ගේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ඇහුනේ ළග පාතකින් වගේ.. දෙන්නම හැරෙද්දී ජූන් හිටියේ පිටිපස්සේ.. ජේකේත් ඒ එක්කම හිටියා..
"කොහෙද ගියේ.. ඉක්මනට ලෑස්ති වෙන්න"
ජන්ග් කියද්දී ජූන් සෝයූන්ව ඇදලා එයාගේ පිටිපස්සෙන් ඉස්සරහට ගත්තා.. මිස්ටර් ජියෝන්ගේ ඇස් දෙක ගිනි රතු වෙන්න ගියේ තප්පර ගාණයි..
"මොකද... මොකද මේ කෙල්ල මෙහේ?? උබලා දෙන්න කොහෙද ගියේ?"
"මට සමාවෙන්න අප්පා.. ඔම්මා... මන් සෝව මැරි කලා"
ජන්ග් අඩියට දෙකට ආවෙ ජූන් ලගට,
"මොකක්ද කියන්නේ?? ලොකූ විහිලු කරන්න එපා.. අප්පට කේන්ති යයි"
"අප්පගේ කේන්තියට මන් බය නෑ.. එක පාරක් එයා නිසා මන් අවුරුදු පහක් දුක් වින්දා.. ආයේ මට බෑ ඒක කරන්න.."
"උබගේ කියන ඔක්කොම අරන් බැහැපන් මේ ගෙදරින් එලියට"
"මහත්තයා.."
"ජන්ග් යනවා උඩට"
"මන් කියන දේ....
"මන් එක පාරයි කියන්නේ"
ජන්ග් ජූන් දිහා කදුලු පිරුනු ඇස් වලින් බලාගෙනම උඩට ගියා... මිස්ටර් ජියෝන් ඉස්සරහා එයාට කරන්න දෙයක් නෑ..
"ජේකේ.. ඔයත් උඩට යනවා.."
"අප්පා ඇයි හ්‍යොන්ග්..
"මන් ඔයාටත් එක පාරයි කියන්නේ.. යනවා.."
"හ්‍යොන්ග්....."
ජේකේ ජූන්ව බදාගත්තේ මිස්ටර් ජියෝන් ගැන ඇතිවුන කලකිරීම එක්ක..
"පොඩී ඔයා යන්න උඩට.. ඔයාට ඕනේ වෙලාවක අපි දෙන්නා ඉන්නවා.. මන් කිව්ව දේවල් විතරක් අමතක කරන්න එපා"
ජූන් ජේකේව එයාගෙන් ඈත් කරන ගමන් කිව්වා.. ජේකේත් උඩට ගියාට පස්සේ ජූන් සෝගේ අතින් අල්ලගෙන යන්න ගියේ ජූන්ගේ කාමරේ පැත්තට..
"මේ ගේ ඇතුලට එක එක උන්ව එක්කන් එන්න උබ මේක මොකක් කියලද හිතුවේ??"
"මේ මගේ වයිෆ්, මන් මේ ගෙදර ලොකු පුතා.. මන් යන්නම්.. හැබැයි මගේ වයිෆ්ට අයිතියක් තියනවා ඒකට උදව් කරන්න"
"පුලුවන් තරම් ඉක්මනට මෙහෙන් පලයන්.. ආයේ මේ ගෙදර එකෙක් මැරුනා කිව්වත් උබට මේ ගෙදරට අඩිය තියන්න බෑ"
"හ්ම්ම්ම්, එන්න සෝ"
සෝවත් එක්කන් ආවේ පොඩි කාලේ ඉදන් ජූන් අද වෙනකන් දුක සතුට බෙදාගත්ත එයාගේ කාමරේට.. කලු සුදු කාමරේ ගොඩක් පිලිවෙලයි.. කොල්ලෙක්ද ඉන්නේ කියලා හිතන්න බැරි තරම්...
"ජූන් ඔයාට මන් නිසා....
"මන් නිසා ඔයාට උන දේවල්වලට මේක මොකක්ද සෝ.. අතන මගේ බෑග් එක ඇති, අරන් එන්න"
දෙන්නා පුලුවන් ඉක්මනට ජූන්ගේ අත්‍යවශ්‍යම දේවල් ඒ බෑග් එකට දාගත්තා.. සෝ එක්ක කාමරෙන් එලියට අඩිය තියපු ජූන් ආයේ හැරුනා... ඇඩුවේ නැති වුනාට ජූන්ට මේක දරාගන්න බෑ.. මේ දේ බලාපොරොත්තු වුනත් මේක දරාගන්න අමාරු වෙයි කියලා ජූන් හිතුවේ නෑ..
"ජූන්...."
"හ්ම්ම් යමු"
සෝගේ අතින් අල්ලන් පහලට එද්දී ඉස්සරහට ආවේ ජන්ග්... ජූන් ඒ ක්ශනිකයෙක් ජන්ග්ව බදාගත්තා..
"ඔම්මා මට සමාවෙන්න.. ඒත් පුලුවන් නම් ඔයාවත් මාව තේරුම් ගන්න"
"පරිස්සමෙන් සතුටෙන් ඉන්න"
ජන්ග් එච්චරයි කිව්වෙ... සෝගෙත් අත අල්ලලා හිනා වෙලා ආයේත් කාමරේට යන්න ගියා..
අවසාන පාරට ආයේත් හැරිලා බැලුව ජූන්ට කතා කලේ මිස්ටර් ජියෝන්...
"උබලා දෙන්න කියන්නේ මගේ ඇස් දෙක.. මේ ලෝකේ ඉන්න හොදම කෙල්ලෝ දෙන්නයි මට උබලට දෙන්න ඕනේ වුනේ.. ඒත් උබ කොහෙද ඉන්න...
"අප්පා ඕක නවත්තන්න.. මන් ඔයාටවත් ඔම්මටවත් වචනයක්වත් අද වෙනකන් කියලා නෑ.. ඒ නිසාවත් මගේ වයිෆ්ට ඔහොම කතා නොකර ඉන්න.. ඔව් ඔයා මන් වෙනුවෙන් කරපුව මන් දන්නවා.. ඒ නිසයි එදත් මන් මගේ ආදරේ උකසට තිබ්බේ.. ඒත් උනේ මන් හිතුව දේ නෙමෙයි.. ආයේ මට විදවන්න ඕනේ නෑ.. මන් යනවා.. ඔයා කිව්වා වගේ ආයේ නෑවිත්ම ඉන්නම්.. ඔයාට මාව ඔයාගේ පුතා කියන එකෙන් අයින් කරන්න පුලුවන් වුනාට මට බෑ ඔයාව මගේ අප්පා කියන එකෙන් අයින් කරන්න.. මන් ඔයාටයි ඔම්මටයි පොඩීටයි එදා වගේම ආදරෙයි.."
ජූන් එක හුස්මට කියවගෙන ගියා...
"යමු සෝ"
මිස්ටර් ජියෝන්ට තවත් කතා කරන්න දෙයක් තිබ්බේ නෑ..
ජූන් සෝ එක්ක ආයේ කවදාවත් නොයෙන්න ඒ ගෙදරින් එලියට බැස්සා..
.
.
.
.
.
.
.
දෙන්නා ආවේ සෝගේ පොඩි ගෙදරට...
"මොනාද ජූන් කල්පනා කරන්නේ?"
"මගේ වැඩවලට මට සෝල් යන්න වෙනවා හැමවෙලේම.. ඒත් ඔයාව තනියම දාලා යන්න බෑ"
"මට ඉන්න පුලුවන්... ඔයා බය වෙන්න එපා.."
"දැන් අප්පා ඉන්නේ තරහෙන් බබා.. බලමුකෝ.. මුලින්ම මේ කාර් එකෙන් බැහැලා ඉමුද?"
"යමු ඇතුලට.. මම් කන්න මොනාහරි හදන්නම්"
.
.
.
.
.
.
.
සමහර ආදර කතා කිසිම සාධාරණය හේතුවක් නැතුව විනාස වෙනවා.. හැබැයි අපිට එක හේතුවක් මත ඒ ආදරේ රකින්න පුලුවන් නම් කොච්චර ලස්සනද??
අද දවස ජූන්ට සෝට ලස්සනම දවස වුනත් ජූන්ගේ අප්පටයි ඔම්මටයි ලස්සන දවසක් වුනේ නෑ.. මොකද එයාලගේ ලොකුම හීනේ අද ඇස් ඉස්සරහා විනාස වුනා..
At night jk's place
"කියන්න ඉයුන්?"
ජේකේ හිටියේ ලොකු ප්‍රශ්නෙක.. ඒ ජූන් නිසා.. පොඩි කාලේ ඉදන් එකට හැදුන හැමදාම එකටම හිටිය හ්‍යොන්ග් එයාව දාලා යන්න ගියා.. ඉයුන්ට ජේකේගේ අවුල ඉවෙන් වගේ තේරුන නිසා කෝල් එකක් ගත්තේ වචනෙකින් හරි හිත හදන්න හිතාගෙන,
"අපි ඔප්පවයි නූනවයි බලන්න යමු"
"මට බයයි ඉයුන්, අප්පා ඉන්නේ ලොකු කේන්තියකින්"
"බය වෙන්න එපා.. ඔප්පා මෝඩ නෑ, එයා හැමදේම බලාගනි"
"හ්ම්ම්ම් කවදහරි මටත් මේ දේම කරන්ම වෙයි කියලා මට බයයි"
"හ්ම්ම්ම් ඔව්ව්... සෝයූන් කියන්නේ මන් වගේ කෙනෙක් නෙමෙයි, ඒ අතින් ඔයාගේ අප්පා මේ ඉයුන්ට කැමති වෙන්නේ නෑ ජේකේ"
"හ්ම්ම් ඒත් මන් ඔයාව අතඅරින්නේ නෑ.. බැරිම වුනොත් මාත් හ්‍යොන්ග් කරපු දේම කරනවා"
"එහෙම වෙන්නේ නෑ.. අපි කැමති කරගමු.. සමහරවිට අප්පා තේරුම් ගනී ඔප්පා එහෙම කලේ ඇයි කියලා"
"මාත් හිතනවා"
දෙන්නගේ කතාව දිගටම යද්දී ජන්ග් සහා මිස්ටර් ජියෝන් හිටියේ තවත් ලොකු කතාවක...
"මහත්තයා, මීරා හෙට රෑ මෙහෙට එනවා"
"හ්ම්ම්ම්"
"මන් දන්නවා ඔයා ඉන්නේ හොදින් නෙමෙයි කියලා, ඒත් දැන් ඕකම ගැම හිතන එක නවත්තන්නකෝ"
"මන් මුන් දෙන්නට මොනාද නොදුන්නේ?? මගේ ජීවිතේ මට නොලැබුන හැමදෙයක්ම මන් දීලා බලාගත්තේ"
"හ්ම්ම් ඒත් ලොකූ ඒ කෙල්ලට ගොඩක් ආදරෙයි මහත්තයා.. දැන් එයාලා මැරි කරලා, අපි ඒ දෙන්නට සතුටෙන් ඉන්න දීලා බලන් ඉමු"
"බලාගමුකෝ.. ඌට පුලුවන් නම් මෙහෙම කරන්න උගේ අප්පට, මාත් ඌ මගේ පුතා කියන එකෙන් අයින් කරනවා.."
"මහත්තයා, මගේ දරුවට හීරිමක් හරි උනොත් එදාට මන් මේ වගේ මහත්තයා ළගට එන්නේ නෑ.."
"ජන්ග්, වාඩිවෙන්න... හ්ම් හරි මන් ඒක අමතක කරන්නම්"
"හ්ම්ම්ම්"
කේන්තිය එක්ක නැගිට්ට මිසිස් ජියෝන් ආයේම වාඩිවුනේ මීරා ගැන කතාවට මුළ පුරන්න..
"මහත්තයා අපේ පොඩී ගැන දැන්ම කතා කරලා තියාගන්න එක හොදයි කියලා හිතෙනවා"
"මීරට කියන්න අනිද්දා මෙහෙ ඩිනර්වලට එන්න කියලා.. ඒක කතා කරලා තීන්දු කලාම අඩුම පොඩි එකා හරි අපිට සතුටු වෙන දෙයක් කරයි"
"හ්ම් මන් කියන්නම්"
.
.
.
.
.
.
.
.
.
හායි.... ඉතින් ඔය විදිහට අපේ ජූන්සෝ ආදරය එකතු වුනා.. හැබැයි එතනින් මත්තට අපේ ඉයුන්ජේකේ ආදරය මොන වගේ පැත්තකට ගලාගෙන යයිද?? ජූන් කරපු දේම ජේකේත් කරයිද?? නැත්තම්.....
Vote and comments 💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top