Intro 💐

"මැනේජර් ඇයි මේ හදිස්සියේ මට එන්න කියන්නේ??

කෝටියක් වැඩ තියන් මන් ගියේ මැනේජර්ගේ කැබින් එකට මට එන්න කිව්වේ ඇයි බලන්න..

"මන් ඇතුලට එන්නද සර්??"

"අහ්හ්හ්... ඒ වොයිස් එක... "

මන් ටිකක් මගේ මතකෙන් අතීතයට ගියත් මන් ආයේ වර්තමානයට ආවේ ආයෙත් මට කතා කරන සද්දෙට..

"සර්....."

"අහ්හ්හ්... හ්ම්ම් එන්න"

"සර් මට..... 🥺"

ඩෝ එක ඇරගෙන ඇතුලට ගිය මගේ කට නිකන් ඉබේම ලොක් වුනා වගේ.. දෙයියනේ 🥺🥺🥺

"අහ්හ්හ් ඉයුන් ශී...."

ජීවිතේ කාලයක් ආසවෙන් බලපු රූපේ... ඇස් තොල් මූණ තාම එදා වගේමයි.. මට ආදරේ නොකෙරුවට මන් ආදරේ කරපු රූපේ මගේ ඇස් ඉස්සරහා.... 🥺🥺🥺

3 yrs ago

"ඕඉ ඉයුන් ශී...."

"මොකද ඕයි කෑගහන්නේ??"

"අන්න අලුත් සෙට් එකක් බැහැලා"

"මොන??"

"කොල්ලො සෙට් එකක්.. හැබැයි...."

"ඇයි හැබැයි???"

"උන් ටික ලස්සනයි නේ"

මන් ඔලුව ගහන් හිටියේ ඊයේ රෑම මට නින්දක් තිබ්බේ නැති නිසා.. ගෙදර හැමදාම ප්‍රශ්න.. ඒත් මගේ නින්දම කෑවා මේ යූරි..

යූරී කියන්නේ මගේ අපාය සහයකයා.. මගේ හැම ප්‍රශ්නයක්ම දන්න එකම කෙනා තමා ඉතින්.. ( පහලින් ඉන්නෙ යූරි)

මන් තමා ඉයුන් ශී.. හැමෝම මට එක එක නම් වලින් කතා කරන්නේ.. ඉස්කෝලේ අය නම් කියන්නේ ඉයුන් කියලා.. ටීචර්ස්ලාට අනුව මේ ඉස්කෝලේ ඉන්න වැඩක්ම නැති කෙනා මන්.... ගෙදර අය... හ්ම්ම් එහෙම ලොකු ආශ්‍රයක් නෑ ගෙදර අය එක්ක මගේ..

"ලස්සනයි?? අනේ ඉන්නවා.. යනවා මට ඉන්න දීලා.."

"එනවකෝ කියන දේ අහලා"

මන් බෑ කියන්න කියන්න මේ යකා මාවත් ඇදගෙන ගියේ ග්‍රවුන්ඩ් එක ළග තියන බෙන්ච් එකට.. අපි එතනට යද්දී කෙල්ලෝ වට වෙලා හිටිය නිසා මට හිටිය කාවවත් පෙනුනේ නෑ..

"අයින් වෙනවා"

මගේ කට හඩට කෙල්ලො ටික අයිනට වෙද්දී මන් දැක්කේ බෙන්ච් එකේ වාඩිවෙලා හිටිය කොල්ලො තුන් දෙනෙක්..

මන් කෙලින්ම බෙන්ච් එක ලගට ගිහින් මගේ එක කකුලක් උස්සලා තිබ්බේ අයිනෙම හිටියේ එකා වාඩිවෙලා හිටිය තැනින්.. මගේ කකුලේ ඉදන් මගේ මූණට ඇස් ගෙනාපු උගේ මූණ හරියටම මන් දැක්කේ එතකොට..

"ඇයි???"

"නම??"

"ඇයි?? "

"කියන්න බැරි නමක්ද තියෙන්නේ??"

"ජේකේ.. ඇයි??"

"හ්ම්ම් සැරයි නේද"

"ඔයා කවුද??"

"මන් කවුරු වුනත් මොකද??"

එක පාරටම ඒ කොල්ලා නැගිට්ටේ මගේ කකුල යටින් අත දාලා එයා ළගට ලං කර ගන්න ගමන්..

"ඒයි...."

"ඉයුන් ශී??"

මගේ නම කියන ගමන් මාව බෙන්ච් එකට තල්ලු කරගෙන ඒ කොල්ලා හිටිය අනිත් කොල්ලො දෙන්නත් එක්ක යද්දී වටේම හිටිය කෙල්ලොත් හූ තියාගෙන පස්සෙන්ම ගියා.. අන්තිමට ළග ඉතුරු වුනේ යූරි ඇන්ඩ් සොන් ඊ විතරයි..

"අවුලක් නෑනේ.."

"නෑ නෑ යූරී"

"ඔයාලා දන්නවද ඒ කවුද කියලා"

අපි දෙන්නම බැලුවේ සොන් ඊ දිහා..

"ඔයා කතා කලේ ජේකේ එක්ක.. එයා ජූන්ගේ මල්ලී"

"වට්???"






මගේ අලුත් කතාව.. ආදරය වයිරය මේ ඔක්කොම එක්ක තියන ආදර කතාවක්. ප්‍රශ්න ගොඩක් මැද ජීවත්වෙන කෙනෙක් හැගීම් මොන වගේ ඇත්ද??  කතාවේ ටයිට්ල් එකේම තියන විදිහට මේකේ බොරුකාරයෙක් ඉන්නවා.. හැබැයි ඒ බොරුව මොන වගේ වෙයිද?? ඒකේන් මොන වගේ එන්ඩින් එකකට කතාව ගෙනියයිද?? ඇත්තටම බොරු කරන්නේ කවුද??

...කියවද්දී නිකන් ලව් ස්ටෝරි එකක් වගේ හිතෙයි.. ඒත් මන් හිතනවා මේක ඊට වඩා ගොඩක් වෙනස් එකක් වෙයි කියලා..

අඩුපාඩු කමෙන්ට් කරගෙන යන ගමන් කතාව රසවිදී කියලා හිතනවා..  💜💐


Plz comment and vote 💐💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top