Hurt 💔
එන්න එන්නම වැස්ස තද කරද්දී ජේකේගේ තුරුලේ හිටිය මන් තවත් එයාගේ පපුවට ගුලි වුනා.. ඒක වැරැද්දක් ද කියලවත් ඒ විනාඩි ගාණට මට හිතන්න ඕනේ වුනේ නෑ.. මොකද ඒ මොහොත මන් වින්දා..
ජේකේගේ තද සිපගැනීම මාව වෙනම ලෝකෙකට අරගෙන ගියා.. ඒක ගොඩක් රසවත් වෙනස්ම දෙයක් වුනා.. ඒත් ඒ හාදුව තනිකරම අපි දෙන්නා අතරේ ආදරයට වඩා වෙන දෙයක් එලියට ගත්තා.. මගේ හැගීම් මටත් නොදැනීම එලියට එද්දී මගේ ඇගිලිවලින් මන් ජේකේගේ තෙත් පපුවේ රටා ඇන්දේ හුස්ම ගන්න එක ටික ටික හිර වෙද්දී.. ඒත්... ඒත් ඒ මොහොතකටවත් මට එයාව ඇයි ඈත් කරන්න හිතෙන්නෙ නැත්තේ??
"ජේ.....හ්ම්ම්ම්ම් ජේකේ....
මගේ කෙදිරුම් හඩට ජේකේ මගේ තොල්වලින් ඈත් වුනා..
"ඉයුන්......"
මන් මගේ නළල ජේකේගේ නළලට තියලා ඒ ඇස් දිහා ගොඩක් ආදරෙන් බැලුවා..
"ඔයා මට කොච්චර ආදරෙයිද??"
"ගොඩක්"
"ගොඩක් කියන්නේ??"
"කියන්න බැරි තරම් ගොඩක්....."
"මට පොරොන්දුවක් වෙනවද??"
"මොකක්ද බබා???"
"ඔයා... ඔයා කවදාවත් මගෙන් ඈත් වෙන්නේ නෑ නේද??"
"මොනාද ඉයුන් මේ... මන්... මන් පොරොන්දු වෙනවා"
මොන කෙහෙල්මලකට මට ඇඩුනද දන්නේ නෑ.. ඒත් මට ජේකේව නැති කරගන්න බයක් හිතුනා පලවෙනි පාරට..
"මට... ජේකේ මට බයයි.. මන් හිනා වෙන්න ගත්තේ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ.. ප්ලීස් මගෙන් ඒ සතුට උදුරගන්න එපා..."
"කවදාවත් නෑ... මන් ඔයා එක්ක ඉන්නවා හැමදාම"
ඒ එක්කම ජේකේ මගේ ඉස්සරහා තිබ්බ ලොකර් එක ඇරියා.. ඒකේන් පැක් කරපු බොක්ස් එකක් මගේ අතට දුන්නා..
"අඩන එක නවත්තලා ඕක බලන්න"
මාත් කදුලු පිහද ගන්න ගමන් ඒක ඇරලා බැලුවා..
"ජේකේ... මේක.. මේක මටද??"
ඒක ෆෝන් එකක්.. දෙයියනේ මන් ආසම පාට..
"හ්ම්ම් ඔව්ව්.. මට ගෙදර ගියාමත් ඔයා එක්ක කතා කරන්න ඕනේ... මගේ නම්බර් එක සේව් කරලා ඇති
"පුෆ්ෆ්ෆ්ෆ් හැන්සම් බෝයි කියලා කවුද සේව් කලේ??"
"ඇයි මන් හැන්ඩ්සම් නැද්ද??"
"නෑ...."
"අහ්හ්හ්??"
"ගොඩක් හැන්ඩ්සම් නේ...."
"ආසද??"
"හ්ම්ම් ඔව් ගොඩක්.. තැන්කිව් ජේකේ"
"ඉයුන්..."
"හ්ම්ම්????"
මන් ෆෝන් එක කරකව කරකව ජේකේ දිහා බලද්දී එයා ආයෙත් මගේ තොල් හිතන්නවත් බැරි තරම් ඉක්මනින් අල්ල ගත්තා.. ජේකේ වෙනදට මෙහෙම නෑ.. මට ලොකු වෙනසක් තේරුනා.. මන් එයාව තල්ලු කරන්න ට්රයි කලත් එයා මට ඒකට ඉඩ දුන්නේ නෑ.. එයාගේ එක අතක් මාව එයාට ළං කර ගද්දී අනික් අත මගේ කකුල දිගේ උඩට යනවා වගේ මට තේරුනා..
තප්පර ගාණකට ගොඩක් දේවල් සිද්ද වෙද්දී එලියෙන් ආව හෝන් සද්දෙට අපි දෙන්නම ගැස්සුනා..
භාගෙට ගැලවුන මගේ ෆ්රොක් එක මන් ටග්ගාලා හදාගද්දී ජේකේ එයාගේ ශර්ට් එකේ බටන්ස් ටික කලබලෙන් දාගන්න ගමන් එලියට බැස්සා..
අයියෝ.. මොකක්ද මේ මන් කරන්න ගියේ?? ඉයුන් තමුසෙට නම් පිස්සු..
මටම බැන බැන ඉද්දී ජේකේ ඇවිල්ලා කාර් එකේ දොර ඇරියා..
"එන්න නෝනා.. මෙයාලා මේ කාර් එක ගැන බලයි.. අපි යමු අරකේ"
මන් ලැජ්ජාවෙන් මූණත් බිමට කරන් ගිහින් ජේකේගේ ඩ්රයිවර් ගෙනාපු කාර් එකට නැග්ගා..
"ඩැඩාට කියන්න එපා.."
"හරි පොඩි මහත්තයා"
.
.
.
.
"මොනාද කියන්න එපා කිව්වේ??"
"ඔයා ගැන"
"අහ්හ්හ්?? හා හා... කොහෙද දැන් අපි යන්නේ"
"ගෙදර"
"පාටිය??"
"මෙහෙම යන්න බැහැනේ"
"ජේකේ...."
"මොකද??"
"කාටවත් මේ දේවල් කියන්න එපා"
"මොනාද??"
"කාර් එකේ උන දේවල්.. ප්ලීස්"
"මෝඩී.. ඕවා කිය කිය යන ඒවද?? අනික කියන්න තරම් දෙයක් වුනාද??"
ජේකේ මගේ ඔලුව අතගාන ගමන් එහෙම කියද්දි නම් හිතට පොඩි සැනසීමක් දැනුනා..
කොහොමහරි මේ දේවල් මට නම් හුරු නෑ.. වෙලාවකට මටම හිතෙනවා මෙච්චරකල් මන් මුරණ්ඩු නපුරු කෙනෙක් වුනේ ආදරය කියන දේ මගෙන් ඈත් වෙලා තිබ්බ නිසාද කියලා.. මොකද ජේකේ ලයිෆ් එකට ආව දවසේ ඉදන් මගේ ජීවිතේ කනපිට හැරුනා..
එදා දවසත් ඒ විදිහට ගෙවුනා.. ගිය වැඩේ නොකෙරුවත් මගේ ජීවිතේ අමතකම නොවෙන රැයක් ඒක.. එයාගේ අත අල්ලන් මන් ඇවිද්ද හැටි ඒ හාදු ගැන හිත හිතම මන් සැනසීමේ එදා නිදා ගත්තා..
.
.
.
.
.
After few days
ප්රශ්නයක් නැතුව දවස් ගාණක් ලස්සනට ගෙවිලා ගියා.. ජේකේ මට තවත් ළං වුනා.. යූරී නම් ආස වුනේ නෑ මන් ජේකේට ළං වෙනවට.. මොකද ඉස්සර දවසෙම එයා එක්ක හිටියට දැන් එහෙම නෑනේ..
මායි යූරී ග්රවුන්ඩ් එකේ බෙන්ච් එකේ ඉදගෙන හිටියෙ,
"මගේ කෙල්ල..."
කොහෙදෝ ඉදන් ආව ජේකේ මගේ උරහිස වටේ අත යවන ගමන් එයාගේ පැත්තටම මාව ඇදලා ගත්තා..
"ඕයි ඕයි ජේකේ... උබ දැන් වැඩී.. මේක ඉස්කෝලයක්.. අපිත් ඉන්න ඕනේ"
"අනේ ඉදපන් ජිමින්... ඉස්කෝලේ තමා.. කොහෙ වුනත් මන් ඉන්නේ මට ඕනේ විදිහට"
"ඉයුන් මන් යනවා"
"කොහෙද යන්නේ යූරී.. ඉන්න මාත් එනවා"
"එයාට යන්න දෙන්න.. මට ඔයා එක්ක කතා කරන්න ඕනේ"
යූරී එතනින් යද්දී ටේ ජිමින් ඩබලත් ග්රවුන්ඩ් එක පැත්තට ගියා..
"මොකද අරයා ගියේ??"
"දන්නේ නෑ"
"මට අකමැතිද එයා.."
"ඔව්ව්ව්.."
"ඇයි?? හ්ම්ම් හරි මන් කැමති කරන් පෙන්නම්කෝ..."
"හ්ම්ම්ම්"
"මේ අද හවස ගමනක් යමුද??"
"කොහෙද??"
"ක්ලබ්"
"මට බෑ.."
"ඔයා මගේ කෙල්ල නම් මගේ විදිහට ඉන්න ඕනේ ඉයුන්.."
"අහ්හ්හ්හ්?"
"නැත්තම් ප්රශ්න ඇති වෙයි.. ඔච්චර අමාරුද එන්න?? ඇයි?? මාත් එක්කනේ"
"ඒත් මන් ගිහින්...
"හරි පලවෙනි පාරට මාත් එක්ක යමු"
"හ්ම්ම්ම්"
"හාද??"
"මට බයයි"
"මෝඩී මරන් කන්නේ නෑ.. එහෙනම් 7ට එන්න.. මන් ඒකේ ඉන්නේ.. ඇවිල්ල කෝල් එකක් දෙන්න"
"හ්ම්ම් හා"
ජේකේ එතනින් යද්දී මන් කල්පනා කලේ මොකද කරන්නේ කියලා.. යූරීට කිව්වොත් බනී.. ක්ලබ් කියන්නේ නරක තැනක් නෙමෙයිනේ.. ඔය අපේ ඉස්කෝලේත් ගොඩක් ළමයි යන්නේ.. ගිහින්ම බලමුකෝ..
.
.
.
.
.
.
.
.
"හෙලෝ....."
ජේකේට කතා කලාට සද්දෙට මට මුකුත්ම ඇහෙන්න නෑ..
"හෙලෝ ජේකේ..."
"කියන්න"
"මන් ආවා"
"සීරියස්ලී??? ඇතුලට කෙලින්ම එන්න"
ජේකේ ලයින් එකේ ඉද්දිම මන් ක්ලබ් එක ඇතුලට ගියා..
මන් ගෙදර ඇවිල්ලත් කල්පනා කලේ යනවද නැද්ද කියලා.. නොයන්න හිත හදාගෙන ඉද්දී අප්පා හොදටම බීලා ඇවිල්ලා ඔම්මා එක්ක රණ්ඩු වුනා.. ඒක බේරන්න ගිය වෙලේ මටත් අප්පා කම්මුලට ගැහුවා.. අන්තිමට එලියට බැස්සේ කොහේ හරි යනවා කියලා හිතාගෙන වුනාට එතකොටයි ජේකේව මතක් වුනේ..
යකෝ මොනාද මේ ඇදුම්?? මේවා නැතුව හිටිය නම් ඉවරනේ..
වටෙ ඉන්න කෙල්ලෝ පිස්සුවෙන් වගේ නටනවා.. මන් මොකාද වගේ ඩෙනිමකුත් ඇදන් මේකේ මැදින් යද්දී තමා තේරුම් ගත්තේ මේ ඇදුමෙන් මෙතනට ආව එක ජාතියේ ගොන් වැඩක් කියලා..
ශික්.. වස ලැජ්ජාව.. කෝ අනේ මේ ජේකේ..
එතකොටයි මන් දැක්කේ අයිනේ තිබ්බ සෝෆා එකේ හිටිය ජේකේ ටේ ජිම්න් තුන්දෙනාව.. ඒ තුන්දෙනා ලග කෙල්ලො පිරිලා.. ජේකේගේ දෙපැත්තේ දෙන්නයි.. දෙන්නගේ ඇදුම දනිස්සෙන් වියත් දෙකක් විතර උඩට..
පිස්සුද මේ ගෑනුන්ට.. හෙලුවෙන් මොන මගුලක් ජේකේ ළග කරනවද..
මන් විදුලි වේගෙන් ජේකේ ළගට ගියා..
"ඔයා ආවද??"
"හ්ම්ම්ම්"
"ඔයා පොඩ්ඩක් යනවද.. මෙයාට ඔතන වාඩිවෙන්න"
ජේකේ වම් පැත්තේ හිටිය කෙල්ලව එතනින් යවද්දී ඒ හෝන්තුව මටත් රවාගෙන යන්න ගියා.. මන් ඒ ක්ශනිකයෙන් එතනින් වාඩිවුනා..
"ඔයත් යන්න"
එහා පැත්තේ ඉන්න අනිත් කෙනාට මන් අත දික් කරලා කිව්වා..
"කවුද බබා මේ??"
"බබා?? කවුද බබා?? ජේකේද??"
"නොන්සස්.. ජේකේ ඔයා මේ වගේ අයව ආශ්රය කරනවද??"
"ශ්ශ් ප්ලීස් දෙන්නම නවත්ත ගන්නවද... ඉයුන් ප්ලීස්..ටානියා ප්ලීස්"
"ජේකේ කවුද මේ??"
"ඉන්නකෝ ඉයුන්.. මේක ක්ලබ් එකක්.. මෙතන අපි ඔක්කොම යාලුවෝ.. ප්ලීස් කේන්ති ගන්න එපා"
"හ්ම්ම්ම් ඒත් එයාට යන්න කියන්න.. එයා මොකටද බබා කියන්නේ??"
"අයියෝ බොලද වෙන්න එපා.. ඒ නිකන් අනේ.. ටානියා ප්ලීස් ඔයා දැන් යන්නකෝ..."
"ඕකේ... පස්සෙ හම්බෙමුකෝ.."
ජේකේට ඇහැක් ගහගෙන ඒ හෝන්තුව එතනින් යන්න නැගිට්ටා.. මන් ඒ එක්කම ජේකේගෙ අත අල්ල ගත්තේ ඒ හෝන්තුවට පේන්නමයි..
"අහ් ඒක නෙමෙයි ජේකේ, මෙයා කවුරු වුනත් තැනකට එද්දී ඒ තැනට ගැලපෙන්න ඇදන් එන්න කියන්න.. මේක නිකන් විහිලු කරන තැන්ක් නෙමෙයිනේ..."
"හරි ඒක මන් බලාගන්නම්.. ඔයා දැන් යනවද?? එනවා මෙතන හෙලුවෙන් ඇදන් ජේකේව අල්ලගන්න"
"ජේකේ ආස මෙහෙම අදිනවට.. දන්නේ නැත්තම් දැනගන්නවා.."
"ජේකේ එහෙම නෑ.. අනේ බලන්නම එකනේ"
"මෙච්චර වෙලා බල බල තමා හිටියේ.. 😁😁"
"මොකක්ද තමුසේ කියන්නේ??"
ඒ වචන නිකන් මට පිහියෙන් ඇන්න වගේ.. ගෙදරත් එක්ක තිබ්බ තරහටත් එක්ක මගේ කේන්තිය තවත් වැඩිවුනා.. මන් ජේකේගෙ අත අතෑරලා නැගිට්ටේ හොබ්ම සමතලා වෙන්න ගහන්න..
"ඉයුන් කූල් ඩවුන්..."
"මෙයා කියන ඒවා ඇහුනද ඔයාට"
"මන් යනවා ජේකේ.. බායි"
එක පාරටම ඒ ගෑනී ජේකේගේ කම්මුලට කිස් එකක් දුන්නා.. මන් එක පාරට ශොක් වුනා වගේ..
තමුසෙට අද මන්...
මගේ අත නැවතුනේ ඒකීගේ කම්මුලේ.. මගේ කේන්තිය එක්ක ආව ආවේගෙට ගහපු පාරට ඒකී මේසේත් පෙරලගෙන වැටුනා.. වටේම කට්ටිය අපේ පැත්ත බලද්දී ජේකේ මගේ අත තද කරලා මිරිකලා අල්ලගත්තා..
"තමුසෙට පිස්සුද??"
"ජේ....
"මෝඩ ගෑනී.. තමුසේ මේක මොකක් කියලද හිතුවේ??"
මාව එහෙම්ම පිටිපස්සට තල්ලු කරපු ජේකේ ගියේ අර කෙල්ල ලගට..
"ටානියා.. Are u oky??"
"ෆයින් ජේකේ.. "
ජේකේට වාරූ දීලා එයා නැගිටිද්දී මන් අමාරුවෙන් නැගිටලා ජේකේ ළගට දිව්වා..
"ජේකේ.. මන් කියන
"ප්ලීස්.. යනවා යන්න.. තමුසෙව මේ වගේ තැන්වලට හරියන්නේ නෑ.. ශිට්.. බලනවා ඔක්කොම බලාගෙන.. තමුසෙට මාව ජෝක් එකක්ද??"
"ඒත් එයා කිව්ව දේවල්"
"ඉතින්.. ඒවා ඇගේ වැදුනද?? ගහන්න.. තමුසේ කෙල්ලෙක්ද?? ගහගන්නවා මරාගන්නවා.."
"ජේකේ ප්ලීස්..."
"අල්ලන්න එපා මාව.. මගෙන් මැරුම් කන්න කලින් යනවා පෙන්නෙ නැති දිහාවකට.. තමුසේ හරියන්නේ තර්ඩ් ක්ලාස් එකටම තමා.. මට මාර මොලේ අමාරුවනේ දෙකයි පනහේ උන් එක්ක යාලු වෙන්න.. ඔව් මන් වැරදි"
"ඕයි ජේකේ.. කූල් ඩවුන්.. ඇයි උබලා මොනාද බලන්නේ.. වැඩක් බලාගනිල්ලා"
වටේ ඉන්න අය එතනින් විසිරුනේ ටේගේ සද්දෙට..
"ඉයුන් ඔයා යන්න දැන්"
"මට ජේකේට කතා කරන්න....
"යනවා යන්න.. තමුසේ මට ලැජ්ජා කරන එකේ සීමාවක් නෑ.. ආයේ මගේ ඇස් ඉස්සරහට එන්න එපා.."
"ඒත්...
"ඉයුන් ඔයා යන්න.. මූ එක්ක දැන් කතා කරලා වැඩක් නෑ.. හෙට කතා කරමු"
"ජේකේ.... මන්...
"යමු ටානියා..."
මන් ජේකේ ලගින් වාඩිවෙන්න යද්දීම එයා අර කෙල්ලගේ අතින් ඇදගෙන එලියට පැත්තට ගියා.. මාත් පස්සෙන්ම ගියේ එයාව නවත්තන්න..
"ජේකේ අහන්නකෝ.. මන් කියන දේ...
.
.
"ජේකේ....."
එලියට ගිය ජේකේ කෙලින්ම ගියේ කාර් එක ලගට..
"නගින්න"
අර කෙල්ලවත් නග්ගගෙන ජේකේ මගේ දිහාවත් නොබලා යන්න ගියා.. මන් කාර් එක පස්සෙන් දිව්වේ මගේ ජීවිතේ ගැනවත් නොහිතා..
මට ජේකේව ඕනේ.. එයාට බෑ මෙහෙම කරන්න..
....ආදරයක් කවදාවත් නොලැබුන කෙල්ලෙක්ට ලැබෙන පොඩි ආදරේ ගොඩක් වටිනවා.. අහලා තියනවද කෙල්ලෙක් ආදරය කරන්න පටන් ගත්තොත් ඒක නවත්තගන්න ගොඩක් අමාරුයි කියලා කතාවක්.. ඉයුනුත් ඒ වගේ.. කවදාවත් ආදරයක් නොලැබුන එයාට ජේකේ කියන්නේ ලෝකයක්.. මොනා කොහොම වුනත් ආදරේ ආදරේම තමා...
"ජේකේ ප්ලීස් නවතින්න.. ඔයා මගේ.. ජේකේ..."
මන් පුලුවන් තරම් පස්සෙන් දිව්වත් මට එයාව නවත්තගන්න බැරිවුනා..
මගෙ වේගේ අඩු වෙද්දී මන් එහෙම්ම නැවතිලා බිමින් ඉදගත්තේ කකුල් දෙක හොදටම කැක්කුම ගත්ත නිසා..
"ඇයි මට මෙහෙම වෙන්නේ?? ඔම්මා අප්පා ඔයාලා මට ඇයි වයිර කරන්නේ?? ජේකේ ඔයත් එයාලා වගේ.. මට... මට ඔයාලා කවුරුත් ආදරේ නැද්ද?? "
ජේකේ කිව්ව වචනයක් වචනයක් ගානේ මගේ ඔලුවේ දෝංකාර දෙද්දී මන් කෑගහලා පාරේ මැද ඉදගෙන ඇඩුවා..
කදුලුවලින් බොදවුන මගේ මූණට එක පාරට කාර් එකක හෙඩ් ලයිට් එකක් වැදුනා.. ඒ එක්කම වටේම නිලංකාර වෙනවා වගේ දැනුනා....
.
.
.
.
.
.
.
සමහර වෙලාවට මේ ලෝකේ අපිට ආදරේ කරන අපිව තේරුම් ගන්න එකම කෙනා තමන් විතරයි.. අපේ හැගීම් තව කෙනෙක් ඉස්සරහා හෑල්ලු කරන්න කරන්න අපේ හැගීම්වල වටිනාකම අඩු කරනවා..
ඉයුන් කොච්චට ආදරේ කලත් ජේකේ කියන්නේ ඒ ආදරේට වටිනාකමක් දෙන හරිම කෙනාද??? ඔව් ජේකේ මේ දේවල් කරන්නේ යටි අරමුණකට.. ඉතින් අවංක ඉයුන්ගේ ආදරයට වටිනාකමක් කවදා ලැබෙයිද??
If you like this story, plz vote and comment 💜💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top