He came.... 💔

ඒ තොල්වල තිබ්බේ සැර රසක්.. ඒත් මට ඒ සැර දැනුනේ නැති තරම්... මන් විනාඩි ගාණක් ඒ තොල් මගේ කරගත්තා.. ජේකේගේ ඇස් මගේ ඇස්වලට තදින් බැදිලා තිබ්බේ.. ඒත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් මට හම්බුනේ නැති නිසා මන් හෙමින් එයාගෙන් ඈත් වුනා..

"ඇයි නැවැත්තුවේ??"

"මන් විතරනේ කරන්නේ.. 😒"

"හැමදාම මන් කරලා අද ඔයා කලාම මොකද.. මෙහෙ එනවා"

මන් දන්නේ නෑ මේ ආදරේ කොහෙන් කොහොම නතර වෙයිද කියලා.. ඒත් මන් මේ ගෙවෙන හැම තප්පරේකටම ආදරේ කරනවා.. සතුට කියන දේ මට ඇත්තටම හම්බුනේ ජේකේගෙන්.. ඉතින් මන් මේ ආදරේට ආදරේ කරන එක වැරදිද??

මොහොතකට අපේ සිපගැනීම එක්ක මට මතක් වුනේ මගේ අතීතය වුනාට මන් ඒ අතීතෙට ඉස්සර තරම් අද වයිර කරන්නේ නෑ.. මොකද අද මට සතුටු වෙන්න හම්බෙලා තියන වෙලාව වටින නිසා..

ජේකේගේ තුරුලෙම රැය ගෙවිලා ගියා.. එයාගේ සිපගැනීම් එක්ක අපි දෙන්න මේ රෑ අමතක නොවෙන රැයක් කරගත්තා...

Time passed

"ජේකේ...."

"හ්ම්ම්ම්ම්"

"නැගිටින්න..."

"අහ්හ්හ්හ්"

ජේකේ හිටියේ මාව එයාගේ නිරුවත් පපුවට තුරුල් කරන්..

"හැමදාම නැගිටිද්දී මෙහෙම ඔයාව පේනව නම්??"

"හැමෝම කියනවා"

"මොකක්??"

"ජෝක් එකක් කලේ.. කෝ මගේ ශර්ට් එක??"

මාව අයින් කරගෙන ජේකේ නැගිටලා ඇදෙන් වාඩිවුනේ ශර්ට් එක හොයන ගමන්...

"ලෑස්ති වෙන්න බබා.. යමු නේ..."

"මොකද කලබෙලේ??"

"අප්පා මගෙ අද ඔලුව කයි.. ගෙදර ගියේ නෑ කියලා දන්නවා නම් ඉවරයි"

"ඔයා අප්පට ගොඩක් බයයි නේ??"

"ඔව්ව්ව් ගොඩක්.. එයා මගේ හැමදේම.. එයා අද වෙනකන් මට වැරැද්දක් කරලා නෑ ඉයුන්.. මන් එයා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා"

"ගුඩ් බෝයි"

මන් තමුසෙවත් විනාස කරනවා....

"මොනාද හිතන්නේ ජේකේ??"

"අහ්හ් නෑ.. අපි යමු"

මාත් ඉක්මනට ලෑස්ති වුනේ ජේකේගේ තදියමට....
.
.
.
.
.

Flashback end

එදා ඉදන් අද වෙනකන් මට ජේකේගෙන් එක කෝල් එකක්වත් ආවේ නෑ.. මන් ට්‍රයි කලත් මට එයාව කන්ටැක් කරගන්න බැරිවුනා..

"ඉයුන්??"

මන් ආයේ වර්තමානෙට ආවේ ඔම්මගේ සද්දෙට.

"හ්ම්ම්ම්"

මන් ගිහින් දොර අරිද්දී ඔම්මා හිනාවෙලා මාව කාමරෙන් එලියට ඇදලා ගත්තා..

"ඔම්මා මන් මේක කරන්නම ඕනේද??"

"ඔව්ව්.. උබට සැපට ඉන්න පුලුවන්..."

"ඒත්....

"උබේ ඔය අඩෝ ඇඩියාව නවත්තගනින්.. උබට මේ ගෙදර ඉන්න ඕනේ නම් මන් කියන දේ කරපන්"

මාව බලෙන්ම ඇදගෙන ඔම්මා අරගෙන ගියේ සාලේට, මිනිස්සු 5ස් දෙනෙක් වගේ හිටියා..

"මේ ඉන්නේ අපේ ලොකු දුව"

මන් බිම බලාගෙනම හිටියේ මට ඒ එකෙක්ගෙවත් මූණක් බලන්න ඕනේ නැති නිසා..

අනේ ජේකේ, ඔයා කොහෙද?? ඇයි මාව මගාරින්නේ?? මට මැරෙන්න හිතෙනවා.. එක පාරක් ඉන්න තැනකින් එන්න.. මාත් එක්ක එක පාරක් කතා කරන්න...

මගේ ඇස් කදුලුවලින් බොද වෙද්දී ඔම්මා මගේ ළගට ආවා..

"ගිහින් කතා කරනවා"

මන් එතකොටයි මූණ උස්සලා බැලුවේ ඒ මනුස්සයා දිහා... එයා නැගිටලා එලිය පැත්තට යද්දී ඔම්මා බලෙන්ම මාව ඇදගෙන ගියේ ඒ පැත්තට..

"කතා කරලා බලන්නකෝ"

ඔම්මා එලියේ තිබ්බ බෙන්ච් එකෙන් මාව ඉන්දලා මගේ කන ළගට පාත්වුනා..

"මොනාහරි අවුලක් කලොත් මන් බලාගන්නම්"
.
.
.

"හ්ම්ම් ඉයුන් නේද නම?"

"හ්ම්ම්"

"මොකද බිම බලාගෙන"

"ඔයාගේ වයස කීයද??"

"40යි.. ඇයි ඔයා මට අකමැතිද?? ඒත් ඔයාගේ අප්පා නම් කිව්වේ ඔයා මට කැමති කියලා"

"අහ්හ්හ්??"

"ඇයි කොල්ලෙක් ඉන්නවද??"

මන් කිසිම දෙයකට උත්තර දුන්නේ නෑ..

එක පාරට මේ මිනිහා මගේ අතින් ඇල්ලුවා.. ඒකට යකා නැග්ග පාර මන් අත ගසලා දාලා නැගිට්ටා..

"මොකද??"

"ඔයා කොහොමද මගේ අත අල්ලන්නෙ??"

"මන්... මන් ඔයාව බදින්න ඉන්න කෙනා"

"මන් එහෙම කිව්වද?? මන් ඔහේට කැමති නෑ.."

මන් එහෙම්ම අඩාගෙන කාමරේට දිව්වේ ඔම්මලා හැමෝම බලන් ඉද්දී.. කාමරේට දුවපු මන් කාමරේ ඇතුලෙන් ලොක් කරගත්තේ කාටවත් එන්න බැරිවෙන්න....

"ඇයි මොකද උනේ මිස්ටර් ජෝසප්?"

"උබලා මට මේකීව බන්දන්න යන්නේ අකමැත්තෙන්ද??"

"නෑ එහෙම දෙයක් නෑ.. අපි කියන දේ අහන්න මිස්ටර්

"‍අපි යමු.. මන් මේ කෙල්ලට කැමති.. හැබයි ඒකී නම් මට කැමති නෑ, එක්කෝ වෙන එකෙක් ඇති"

"ඔයා කැමති නම් මේ මැරේජ් එක වෙනවා මිස්ටර් බින්"

"හෙට කෙල්ලව මගේ ගෙදරට එක්ක වරෙන්.. මේකී මගේ සල්ලි දැක්කම කොහොමත් බෑ කියන්නේ නෑ"

"හරි"

...............

මන් කාමරේ අඩද්දී මට ඇහුනා ආව කාර් එක ගිය සද්දේ,

"ඉයුන් උබ මොකක්ද ඒ කලේ?? උබට ඕනේ නැද්ද අපි දවසල් හරි හොදට කාලා බීලා ඉන්නවා බලන්න... මේ දොර ඇරපන්"

"එන්න අපි පහලට යමු.. මේ ගැන හෙට කතා කරමු"

ඔම්මගේ සද්දෙට අප්පා ඇවිල්ලා කතා කලා.

"තමුන් පාඩුවේ ඉන්නවා.. මේ ඔක්කොම ඔහේගේ වැරදි.. මේකීගේ ඔම්මා එක්කම මේකීවත් වල දාන්නෙ නැතුව හදාගන්න ගෙනාවා"

ඒ කිව්ව දේට මට දොර ඉබේම ඇරුනා...

"මොකක්ද ඔම්මා ඔයා කිව්වේ??"

කාලය හැම දේම විසදයි.. ඉයුන් කියන්නේ කාගෙ ළමයෙක්ද?? ආදරේ කොනෙන් කොන මිස් වෙන කෙල්ලෙක්ගේ අසරණකම ඉස්සරහා මල් වුනත් වටෙයිලු... හැමෝම කොනින් කොන රිද්දද්දී ඉයුන් ආදරය කොහොම විශ්වාස කරයිද???

Vote and comment 🥺💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top