First day 💏

සතිය ගෙවිලා සෙනසුරාදා වෙනකන් මන් හිටියේ ඇගිලි ගැන ගැන.. ඒ ඉයුන්ව බලන්න, මගේ ළගට ගන්න, අත් අල්ලන් ඇවිදින්න... ඔව්ව් ඒ කාලේ මට මග ඇරුන ආදරේ විදින්න...

"මොකෝ බුම්බගෙන යන්නේ??"

ජේකේ මාව ගන්න ආවේ අද දවසෙම මාත් එක්ක ඉන්න පොරොන්දු වෙලා.. කාර් එකට නැගලා ටික දුරක් ගියත් මගේ ඔලුවේ තිබ්බේ සෝ ඔන්නී ගැන..

"නෑ"

"ප්‍රශ්නයක් නම් මට කියන්න බබා"

ඒ කිව්වම මන් ජේකේ දිහා බැලුවේ අත් දෙකම නිකට ලගින් තියන්..

"මොකද??"

"මන් බබෙක් නෙමෙයි"

"මට බබෙක්... කියන්න මොකක්ද ප්‍රශ්නෙ??"

"සෝයූන් ඔන්නි"

"ඇයි ඉතින්?"

"මන් කල්පනා කලේ මට ඔයාව හම්බුනා වගේ එයාටත් ඔප්පව හම්බුනා නම් කියලා"

"අපි ඔන්නිට කියමු"

"මොකක්ද? ඔප්පා එක්ක කතා කරන්න කියලද??"

"ඔව්ව්ව්"

"එයා ළග නම්බර් එකක්වත් නෑ ජේකේ.. ඒ ආදරේ නැතිවෙලා ගොඩක් කල්.. හරියටම බැලුවොත් අවුරුදු පහකටත් වැඩි.. ඒත් එයා තාම ඉන්නේ ඔප්පා එයි කියලා.. ඒත්..."

"ඇයි ඒත්??"

"එයා ආයේ එයිද?? මේ මන් දෙයක් අහන්නද?"

"මට බෑ ඔන්නිව භාරගන්න"

"යා ජේකේ.. තමුන් මගේ.."

"මෝඩී.. මොකක්ද අහන්න ගියේ?"

"ඇයි ඔයාගේ ඔප්පා මැරි නොකරන්නේ?"

"හ්ම්ම් එයාටත් වෙලා තියෙන්නෙ ඔයාගේ ඔන්නිට වුන දේමයි.. මන් ඒ කාලේ ඕවා ගැන දන්නේ නෑ.. දැනන් හිටිය නම් හ්‍යොන්ග්ට ඔහොම වෙන්න දෙන්නේ නෑ"

කතාවෙන් කතාව අපි ආවේ බීච් එකට.. ඒ මගේ ආසම තැන.. යන්න ගොඩක් තැන් තිබ්බත් මගේ හිතට නිදහසක් ගේන්නේ මෙතන.. ඒකයි මන් ජේකේට මෙතනට යමු කිව්වේ..

අපි කාර් එකෙන් බැහැලා ඇවිදගෙන ගියේ රැල්ල එන නොයෙන ගාණට තිබ්බ වෙරළ ළගට..

"අපි මෙතනින් වාඩිවෙමුද??"

"හ්ම්ම්"

අපි දෙන්න වාඩිවුනේ හෙවන එක්ක ලස්සනට අහසයි මුහුදයි පේන තැනක.. වාඩිවුන ගමන් ජේකේ මගේ අත එයාගේ ලගට ගත්තේ ඒ අත් අතරේ හිරකරගන්න ගමන්..

"ඉතින් ඔප්පා මැරි කරන්නේ නෑලුද??"

"හ්ම්ම් අනේ මන්දා.. ඒත් ඒ වගේ තමා"

"ඇයි එහෙම වෙන්නේ... මට ගොඩක් දුකයි ඒ දෙන්න ගැනම"

"කාලය හොද උත්තරයක් දෙන්නටම දෙයි ඉයුන්.. අපි බලන් ඉමු"

මගේ හිත කිව්වේ ජේකේගේ උරහිසින් මගේ ඔලුව තියාගන්න කියලා.. මන් ආසයි ඒකට... මන් බැලුවේ එයාගේ පළල් උරහිස් දිහා..

"තියාගන්න ඔලුව"

යා.. තමුන් මගේ හිතත් කියවනවද??

මන් කට කොනෙන් හිනාවෙන ගමන් මගේ ඔලුව එයාගේ උරහිසට බර කලා.. කවදාවත් නැති සනීපයක් මට දැනුනා.. හරියට කාලයක් ආසාවෙන්ම හිටිය දෙයක් ලැබුනා වගේ..

"ඉයුන් මන් දෙයක් අහන්නද??"

"හ්ම්ම්"

"එදා ඔයා මගෙන් ඇහුවා නේ ඔයා ජිමින් එක්ක එහෙම හිටිය නම් මන් සමාව දෙනවද කියලා"

"හ්ම්ම්ම් ඔයා දෙන්නෙ නෑ"

"ඉතින් ඔයා කොහොමද බබා මට සමාව දුන්නේ??"

"මන් ඒ තරම් ඔයාට ආදරේ කරනවා.. මට ඕනේ ඔයාව.. ඒකයි"

"මට ඔච්චර ආදරේ කරන්න එපා ඉයුන්"

"මට පුලුවන් නම් මන් ඔයාට ආදරේ කරන එක නවත්තන්නේ ඒ දවසේ.. ඒත් මට එදත් ඒක බැරිවුනා අදත් කරන්න බෑ"

"මට මොනාහරි වුනොත් ඔයා....

මන් උරහිසින් ඔලුව අරන් ජේකේගේ කට මිරිකලා ඇල්ලුවා...

"ආව්ව්ව්ව්ව්ව්.... හරි.... අත අරින්න"

"අනාගතය මවන්න එපා ජේකේ.. ඔයාට කලින් මන් යන්නත් පුලුවන්.. ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ.. ඒ නිසා මේ ගෙවෙන තප්පරයේ සතුට නැති කරන්න එපා.. කොහොමත් මන් ඉන්නකන් මගේ ජේකේට මුකුත් වෙන්න බෑ"

"එසේය එසේය මැතිණියනි"

අපේ ආදරණීය කතා එක්ක අපි දෙන්න වෙරළ කොනක තනිවුනා..

මේ ආදරේ තමා මන් බලාපොරොත්තු වුනේ.. එදා වගේම අදත් ජේකේ සැරෙන් සැරේ මගේ තොල් කම්මුල්වලට හාදු දෙන්නේ පොඩි බබෙක් වගේ.. ඒත් එදා වගේ අද මන් ඒවා නැවැත්වුවේ නෑ.. ඔව් මන් ඒ හුරතල් ආදරයට ගොඩක් ආදරෙයි....
.
.
.
.

......... සරලව තමන්ගේ යාලුවා එක්ක හිටිය කෙනෙක්ට සමාව දෙන්න ඔයාට පුලුවන්ද?? ලියන මටත් බෑ... කියනවන ඔයාටත් බෑ.. හැබැයි ඉයුන්ට පුලුවන්.. සමහර චරිත තේරුම් ගන්න කල්පයක් ගියත් බෑලූ.. හැම ආදරයක්ම ඇත්ත නෑ.. හැබැයි සමහර තැන්වල ආදරය උතුරන්න තිබ්බා.. හරියට ඉයුන් ළග වගේ.. ඔව් මාත් දැකලා තියනවා ආදරය නිසා මොන වැරැද්ද කලත් සමාව දෙන කෙල්ලෝ කොල්ලෝ.. ඉතින් ඉයුන් විතරක්ම නෙමෙයි එහෙම ඉන්නේ......

At unknown place

"සෝ... ඔයා දන්නවද අදට අපේ අෆෙයාර් එකට අවුරුදු 5යි... ඔයාට මතකද?? මට නම් මතකයි... ඉන්න තැනක හොදින් ඉන්නවා නේද?? අපි ආයේ හම්බෙයි නේද?? මට... මට මැරෙන්න තප්පරයක් හරි තියලා ඔයාව බලන්න ඕනේ.. ඔයා වෙන කෙනෙක්ගේ වුනත් කමක් නෑ.. එක පාරක්....."

හවස 5ට වගේ ඇති වෙලාව... හීනියට ජනෙල් වලින් වැටෙන එලිය ඇර වෙන කිසිම එලියක් මගේ කාමරේ තිබ්බෙ නෑ.. මන් මේ බිත්ති හතරට කොටු වෙලා අවුරුදු පහක් දුක් විදිනවා.. ඉස්සරහටත් විදවයි.. මගේ අතේ තිබ්බේ මගේ එකම ආදරේ සෝගේ ෆොටෝ එකක්.. ඒකේ එයා හරිම ලස්සනයි.. හරියට කුමාරියක් වගේ....


At sooyun place

"අදට අපේ අෆෙයර් එකට අවුරුදු පහයි.. ඉතින් ඔයා දැන් මොකද කරන්නේ?? මාව බලන්න එන්නෙ නැද්ද?? ඔයාට එන්න ඕනේ නේද?? ඒත් මන් ඉන්නේ කොහෙද දන්නේ නෑ නේද?? මන් දවසක ඔයාව හොයාගෙන එනවා.. එදාට වෙන කෙනෙක්ගේ වෙලා ඉන්න එපා... කොච්චර හිත හයිය වුනත් මට එදාට ඒක දරාගන්න බැරිවෙයි...."

මීට අවුරුදු ගාණකට කලින් මායි එයයි හරි ලස්සනට ආදරේ කලා.. අපි දෙන්න මේ තරම් පව් කරලා.. ඒකයි ඒ ආදරේ හිතේ තියන්ම ඈත් වෙන්න වුනේ.. මගේ ඇතේ තිබ්බෙ මගේ පලවෙනි වගේම එකම ආදරේ ෆොටෝ එකක්... එයා හැන්ඩ්සම්... ඔව් ඒ කාලේ එයා එක්ක මන් යද්දී කෙල්ලෝ මට රවන හැටි මතක් වෙද්දී මට ලෝභයි... ආයේ එකම එක පාරක් ඔයාව බලන්න තිබ්බ නම් 😰

.......................

"හවස් වෙලා තියන ඉක්මන"

"හ්ම් ඔව්ව් ඔයා එක්ක ඉද්දී තමා වෙලාව මෙච්චර ඉක්මනට යන්නේ"

"මලවිකාර.. මෙයාගේ හුරතලේ.. මේ ඒක නෙමෙයි ජේකේ"

"ඇයි?"

"ඔන්නිට ඔයාව හම්බෙන්න ඕනේ කිව්වා"

"හ්ම්ම් කවද්ද??"

"මන් ලබන සතිය මැද යනවා ඔන්නිව බලන්න.. එනවද??"

"හරි යමු"

"ගුඩ් බෝයි"

"මන් හ්‍යොන්ග්වත් එක්කන් එන්නද??"

"අහ්හ්හ්?? එයා එයිද??"

"ඇයි දන්නේ නෑ.. ඒත් එයා ඉන්නේ ලොකු අවුලක.. ඒ නිසා මන් හිතනවා මාත් එක්ක එක්කන් එන එක හොදයි කියලා.."

"එහෙනම් එක්කන් එන්නකෝ"

"නූනා මගේ හ්‍යොන්ට වශී වෙයිද??"

"අනේ මේ.. හැබැයි ඔප්පා මගේ ඔන්නිට වශී වෙන්න නම් පුලුවන්..."

"බලමුද??"

"හරි බලමු"

"ඔට්ටුවක් දාමු"

"මොකක්ද??"

"ඔයා පරද වුනොත් මට දිග කිස් එකක් ඕනේ.. මන් පරාද වුනොත් මන් ඔයාට දිග කිස් එකක් දෙනවා"

"හා.... යා ඒයි කට්ටයා.. දෙකම එකයිනේ"

"ඉතින්... මට දිග එකක් ඕනේ"

අපි දෙන්නගේ කෑගැහිලටයි හිනාවටයි මුලු නිස්කලංක පරිසරයම කන පිට ගැහෙනවා..

මන් ඒ එක්කම මගේ තොල් ළං කලේ ජේකේ ළගට..

"මොකද??"

"ඇයි දැන් ඕනේ කිව්වේ??"

ජේකේ ඒ තප්පරයෙම එයාගේ එක අතක් මගේ බෙල්ල පිටිපස්සෙන් යවලා මගේ තොල් එයාගේ තොල්වලට ඈදාගත්තා.. මගේ අත් දෙකෙන් මන් එයාගේ ජැකට් එක ගුලි කරේ ඒ හැගීම උපරිමයට විදින ගමන්..

ඉර බහින හවසක එයාගේ හාද්දක් කියන්නෙ මගෙ කතාවේ ලස්සනම මතක සටහනක්.. නොනවත්වාම ජේකේ හාද්ද රසවිදිද්දී දෙන්නම ලස්සන ලෝකෙක අතරමං වුනා.. ඒ හාදුව ඒ තරම් දීර්ඝ වුනා... රසවත් වුනා.....
.
.
.
.
.
.
.
.
.

සති අන්තය හිතනවටත් වඩා වේගෙන් ගෙවිලා ගියා.. සදුදා අගහරුවාදා බලන් ඉද්දී ගෙව්නේ වැඩවලට.. ඉයුන් කිව්ව වගේම දෙන්නා ඔෆිස් එක අතරේ ඈතින් ඉන්න තීරණය කලා.. හේතු දෙකකට, එකක් ඔෆිස් එකේ අය වැරදියට හිතලා එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා සහා ජේකේගේ පවුලේ අය නිසා.. තාමත් ඉන්නේ එදා හිටිය හැමදේම තියන සල්ලිකාර කොල්ලෙක් සහා කාත් කවුරුත් නැති පොඩි ජොබ් එකක් කරන දුප්පත් කෙල්ලෙක්.. ඉතින් ඒ ආදරේ ජේකේගේ පැත්තෙන් සාර්ථක කරගන්න දෙන්නට කාලයක් ඉවසන්නම වෙනවා කියලා දෙන්නටම තේරුනා..

.......බදාදා දවසක උදේ වරුව.......

"හ්‍යොන්ග්??"

මන් අද ඉයුන් එක්ක ඔන්නිව බලන්න යන්න දාගත්තා.. අද ස්පෙශල් මීටින් එකක් තියන නිසා ටේ ඒකට යන්නම් කියන පොරොන්දුව එක්ක මන් ඉයුන් එක්ක යන්න තීරණය කලා..

"කියන්න පොඩී"

"මොකද මේ කලුවරේ??? හ්‍යොන්ග් ඔයා මොකක්හරි ප්‍රශ්නෙක නම් මට කියන්න"

"ඇයි එහෙම අහන්නේ??"

"මේ ටිකේම හොස්පිටල් ගියෙත් ඉදලා හිටලා.. කාමරේටම වෙලා කල්පනා කරනවා..."

"හ්ම්ම්ම්"

"මට දැන් ඕනේ දෙයක් තේරෙනවා.. මොකක්ද ප්‍රශ්නේ??"

මන් හ්‍යොන්ගේ ඇදෙන් හාන්සි වෙන ගමන් ඇහුවේ පොත් මේසේට වෙලා මොනද ලියන ගමන් හිටිය හ්‍යොන්ග් දිහා බලාගෙන....

"මටත් උබට වගේ මගේ ආදරේ ඕනේ"

"මොකක්??"

"උබ වාසනාවන්තයි.. ඒත් මන්... මට මගේ ආදරේ නෑ... මගේ සෝයූන් නෑ"

හ්ම්ම් ඔව් ඔයාලට මුල ඉදන්ම තේරෙන්නෙත් ඇති.. නැත්තම දැන් තේරෙන්නෙත් ඇති.. සෝයූන් එහෙම නැත්තම් ඉයුන්ගේ ඔන්නීගේ පලවෙනි සහා එකම ආදරේ ජූන්... ජූන්ගේ සදාකාලික ආදරය සෝයූන්.. කාලෙකට කලින් වෙන්වුන තාමත් එනකන් බලන්,

ජේකේට කොහෙද ඉතින් මතක... ඉයුන් එයාගේ ඔන්නිගේ නම කිව්වට මේ කොල්ලට ඕවා මතක තියනවා නම් බැරියෑ..

"හ්‍යොන්ග් මන් අද ගමනක් යනවා.. එනවද යන්න"

මට හ්‍යොන්ග් ගැන තියෙන්නේ ලොකු දුකක්.. මන් දන්නේ නෑ ඇයි අප්පා මෙහෙම කලේ කියලා.. ඒත් අද කාටත් වඩා විදවන්නේ ඒ නිසා මගේ හ්‍යොන්ග්.. සමහරවිට සෝයූන් නූනා මැරි කරලත් ඇති...

"මට බෑ පොඩී"

"මන් නිසා එන්න.. ප්ලීස්"

"කොහෙද??"

"ඉයුන්ගේ ඔන්නිගෙ ගෙදර"

"ඔයාලා යන්න.. මන් මොකටද??"

"හ්ම්ම් ඉයුන් කිව්වේ ඔයාව එක්කන් එන්න කියලා.. මන් කියන්නම් බෑ කිව්වා කියලා"

එහෙම කියලා මන් නැගිට්ටේ පරක්කු වෙන නිසා යන්න..

"හ්ම්ම් මන් එන්නම්"

"ඉක්මනට එන්න පහලට"

මන් කට කොනෙන් හිනාවෙන ගමන් පහලට ගියේ හ්‍යොන්ග්ව ඕනේ වැඩකට මට සෙට් කරගන්න හොද මොලයක් තියන එක ගැන ලොකු ගැම්මකින් 😂😂.
.
.
.
.
.
.

ඉයුන්වත් අරගෙන අපි පිටත් වුනේ ඔන්නිගේ ගෙදර යන්න..

මොනා වෙයිද?? ජේකේවත් ඉයුන්වත් මේ කිසිදෙයක් හිතාමතා කරන දේවල් නෙමෙයි.. ඒ වගේම ජූන්වත් සෝවත් මේ ගැන දන්නේ නෑ..

සරලව ජූන් ආයේ සෝව බලාපොරොත්තු වෙනවා, සෝ ජූන්ව බලාපොරොත්තු වෙනවා.. ඒත් එදා අකමැතිවුන හේතු තාම එහෙම්මමයි.... ඉතින් මේ දේවල් සතුටට හේතු වෙයිද?? නැත්තම් ඉන්නවටත් වඩා දුකකට පාර කපයිද??

ඒ ගමනෙන් හම්බෙමු.. ටටා බායි.... 🌝



Vote and comment 💐💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top