Everything is not oky.... 💔
"ඔයාගේ මල්ලිට වෙන අෆෙයර් එකක් තියනවා"
"මොකක්?"
මෙයා කොහොමද ඒක දන්නේ?? අපේ ගොනා ඒක කියලද හැමෝටම....
"හ්ම් ඔව්... මන් කැමති නෑ මගේ සැලීට කවුරුත් බොරු කරනවට"
"මොනාද කියන්නේ?"
"මන් මේ ගැන අන්කල් ජියෝන්ට කියන්න ඕනේ"
"එපා..."
"අහ්හ්හ්?? මගේ සැලී රැවටෙයි.. මන් අන්කල්ට කියන්න කලින් ඔයාට කියන්න ඕනේ කියලා හිතුවා.. ඇයි එයා අෆෙයර් එක ගෙදරට නොකියන්නෙ?"
"හ්ම් මන් ඒ ගැන බලාගන්නම්.. ඔයා අප්පට කියන්න එපා"
"හ්ම්ම් ඕකේ... ජූන් ඔයා හවසට ෆ්‍රීද?"
"ඇයි?"
"මන් සෝල්වලට ආවේ අවුරුදු 10කින් වගේ.. මට චුට්ටක් ඇවිදින්න ආසයි"
"හ්ම්ම් මන් ඩ්‍රයිවර් කෙනෙක් රෙඩි කරන්නම්"
"ඔයා එක්ක යන්න ඇහුවේ.."
"මන් මේ වැඩ එක්ක බිසී"
"ඕකේ.. මන් එහෙනම් ගිහින් එන්නම්"
"හරි මන් හවසට ඔයාව ගන්නම්.. සෝල් පාලම ලගට එන්න"
ජූන් ක්රිස්නිව ගන්න කැමති වුනේ ජේකේ ගැන හිතලා.. ජූන්ට මේ දේ ලොකු අමුත්තක් දැනුනා.. ක්රිස්නි ගියාට පස්සෙ ජූන් කෝල් එකක් අරන් සෝට විස්තරේ කිව්වේ කෝකටත් පෙර සූදානම හොද නිසා.. සෝගේ අවසරය එක්ක හවස 4ට වගේ ජූන් ක්රිස්නිට සෝල්වල ලස්සන පෙන්නන්න ගියා..
.
.
.
.
.
.
Jk's place
"ඔම්මා... ඔම්මා...."
"පොඩි මහත්තයා.. නෝනා කාමරේ"
මන් අද ඔක්කොම ඔම්මට කියනවා.. එහෙම හිතාගෙන මන් ඔම්මගේ රූම් එකට යද්දී ඔම්මා හිටියේ ඇදේ හාන්සිවෙලා..
"ඔම්මා... මොකද මේ?"
"පොඩී..."
"මොකද ජන්ග් පැටියෝ මේ.. ඔයා ලෙඩ පාටයි"
"ඔයාගේ ඔම්මගේ කාලය දැන් ඉවරයි පොඩී..."
"මොනාද ඔම්මා කියනවන්නේ?"
"අහන්නකෝ පොඩී.. මන් ලොකු හීන දෙකක් දැක්කා.. එකක් ලොකූගේ වෙඩින් එක.. ඒත් එයා ඒක මට දුන්නේ නෑ.. ඒත් මන් දැන් දකින් එකම හීනේ ඔයාගේ වෙඩින් එක.. ඔම්මට සනීප නෑ පොඩී.. ඔයාට පුලුවන්ද සැලීව මැරි කරන්න ඉක්මනට??"
"ඔම්මා ඒත් මන් සැලීට ආදරේ නෑ"
"ඔයාගේ අප්පත් මාව මැරි කලේ අකමැත්තෙන්.. දන්නවද එයා මට මුලින් හැමවෙලේම බනිනවා.. එයාට ඕනේ වුනේ බිස්නස් වැඩ විතරයි.. ඒත් ඔයාගේ අප්පා මට දැන් කොච්චර ආදරේද?? මට ඒ දවස්වල ඉදන් මෙහෙම සැරෙන් සැරේ ලෙඩ වෙනවා.. ඔයත් ඒක දන්නවනේ, ඒත් ඔයාගේ අප්පා මාව ඇහැක් වගේ බලාගත්තා"
"ඔම්මා... මට කියන්න දෙයක් තියනවා..."
"අප්පත් සතුටු වෙන මාවත් සතුටු වෙන දෙයකට ඉල්ලන්නේ සැලීව මැරි කරන්න කියලා විතරයි පොඩී.. ඔම්මගේ අන්තිම ඉල්ලීම කියලවත් ඒක ඔයාට කරන්න පුලුවන්ද??"
මන් මොකක්ද ඔම්මා කියන්නේ... අනේ මන් ආදරේ වෙන කෙනෙක්ටනේ.. ඒත් ඔයා මේ ඉන්න තත්වේ එක්ක මන් කොහොමද් ඒවා ඔයාට කියන්නේ.. ඔව් මගේ ඔම්මා කාලෙක ඉදන් හාට් පේශන් කෙනෙක්.. එයාට දුකක් ආවම එයා ගොඩක් දුර්වල වෙනවා..
"හරි ඔම්මා"
ඔම්මට නින්ද යනකන් ඔලුව අත ගාපු මන් එලියට එද්දී මගේ ඉස්සරහට ආවේ අප්පා..
"අප්පා...මේ මන්.....
"වෙඩින් එකට රෙඩී වෙන්න...."
"අප්පා....."
"ඔම්මා නිසාවත්.. මන් ඩොක්ටර්ව හම්බුනා.. එයා ගොඩක් දුර්වලයි.. මගේ ජන්ග්ගේ අන්තිම ඉල්ලීම ඔයා.. පුලුවන් නම් පුතෙක් විදිහට උබවත් එයාගේ ඉල්ලීම ඉශ්ට කරන්න.. සැලීව ඔයාට බන්දන එක එයාගේ ඒ කාලේ ඉදන් තිබ්බ හීනයක්.. එයා පොරොන්දු වෙලා හිටියේ ඔයා පොඩි කාලේ ඉදන්ම.."
එතනින් එහා වචනයක්වත් කතා නොකර මන් කෙලින්ම ගියේ මගේ රූම් එකට..
දෙයියනේ මන් මොකක්ද කරන්නේ?? ඉයුන්ට මන් මොකක්ද කියන්නේ? එයා නැතුව මන් කොහොමද ඉන්නේ?? ඒත් මගේ ඔම්මා.. එයා මට ගොඩක් ආදරෙයි.. මන් කොහොමද එයාට එහෙම දෙයක් කරන්නේ.. ළමයෙක් හැටියට අසරණ වෙන තැනක් තමා මේ.. ආදරයද ඔම්මද?? අපි හිතන විදිහට නම් ඔම්මා තමා උත්තරය... හ්ම්ම් ජේකේගේත් අන්තිම උත්තටය වුනේ එයාගේ ඔම්මා..
හිතකින් නොවුනත් එයා තීරණය කලා ඔම්මා නිසා මේ වෙඩින් එක කරන්න.. එයාගේ ජීවිතයම වගේ ඉන්න ඉයුන්ව සදහටම අමතක කරන්න...
Next day soyun's place
"ගෙදර කවුද?"
"ඉන්න එනවා..."
.
.
.
.
"අහ්හ්හ් මිස්ටර් ජියෝන්"
"මන් ඇතුලට එන්නද?"
"එන්න... ජූන්... ඔයාගේ අප්පා ඇවිල්ල"
සෝගේ සද්දෙට ජූන් ආවා..
"අප්පා.. ඇයි මේ?"
"වැදගත් දෙයක් කතා කරන්න ආවේ"
"සෝ අපිට බොන්න මොනාහරි"
සෝයූන් කිචන් එකට යනවත් එක්කම මිස්ටර් ජියෝන් එයාගේ ගාඩ්ලවත් එලියට යැව්වේ ජූන් එක්ක තනියම කතා කරන්න ඕනේ නිසා..
"මේකයි ජූන්... මන් කෙලින්ම කියන්නම්, ජේකේගේ වෙඩින් එක ලබන මාසේ"
"මොකක්?? කාත් එක්කද?"
"මිසිස් මීරගේ පොඩි දුව එක්ක.. සැලී"
"ඒත් අප්පා....
"ශ්ශ්ශ්ශ්ශ් මන් මේ ආවේ ඔයාට ඉන්වයිට් කරන්නවත් සැප දුක බලන්නවත් නෙමෙයි, ජේකේ කැමතිවුනා.. ඔයා එයාගේ හිත වෙනස් කලොත් උබේ මේ ලස්සනට තියන පවුලට මන් හොද වැඩක් කරනවා.. උබට සතුටෙන් මෙහෙම ඉන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.. හැබැයි පොඩි එකාගේ ඔලුවට විකාර දාලා මේ කසාදේ කැඩුවොත් එදාට මන් නරකයි කියන්න එපා"
ඒ එක්කම මිස්ටර් ජියෝන් නැගිට්ටේ යන්න.. ජූන්ට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිවුනා..
මොකක් ජේකේ කැමතිවුනා.. ඒත් ඒ කොහොමද??
"අහ්හ් තව දෙයක්... මන් ජේකේගේ කෙල්ල ගැන හැම විස්තරයක්ම දන්නවා.. උබත් මේ දේවල් දන්නවා.. ඒකීව මේ කතාවෙන් අයින් කරගන්න.. උබේ නෝනාට කියලා.. නැත්තම් මට සිද්ධ වෙයි ඒකීව අයින් කරන්න"
ඒ එක්කම සෝගේ අතේ තිබ්බ ට්‍රේක බිමට වැටුනා.. ජූන් සෝ ලගට දිව්වේ කෙල්ල හොදටම ඒ වචනෙට බය වුනා කියලා දන්න නිසා.. මිස්ටර් ජියෝන් ඒත් එක්කම යන්න ගියා...
"සෝ බය වෙන්න එපා.. ඉයුන්ට මුකුත් කරන්න අප්පට බෑ.. මන් ඒ ගැන බලාගන්නම්"
"අනේ ජූන්... පොඩි දෙන්නා.. අපිට උන දේම ඇයි දෙයියනේ මේ ළමයි දෙන්නටත් වෙන්නේ?"
"හ්ම්ම්ම් මන් හිතුවා මොකක්හරි අප්පා කරයි කියලා.. ඒත් මේ වගේ දෙකයි පනහේ වැඩක් කරයි කියලා හිතුවේ නෑ.. ශික්"
"ජූන් අපි ඉයුන්ව මෙහෙ ගෙන්න ගමුද?"
"පොඩී කැමති වෙලා වෙඩින් එකට.. පොඩී එහෙම කරන්න ඇත්තේ ලොකු හේතුවකට සෝ.. මන් ඒක එයාව හම්බෙලාම හෙට දැනගන්නම්.. එතකන් ඉයුන්ට මුකුත්ම කියන්න එපා..."
".............."
"තේරුනාද?"
"හ්ම්ම් ඔව්ව්....."
Next day at kim' office
"මිස්ටර් ජේකේ, ජූන් කියලා කෙනෙක් හම්බෙන්න ඇවිල්ලා"
"එන්න කියන්න"
.
.
.
.
"පොඩී..."
"හ්යොන්ග්"
ජේකේ ජූන්ව දැක්ක ගමන් දුවලා ගිහින් බදාගත්තේ පොඩි එකෙක් වගේ..
"මන් අහන්න....
"වෙඩින් එක ගැන... මන් දන්නවා.. මට වෙන ඔප්ශන් එකක් නෑ හ්යොන්ග්"
"මොකක්ද වුනේ කියපන්"
"ඔම්මා නිසා.."
"ඇයි ඔම්මට මොකද?"
"හ්ම්ම් දැන් ටිකක් හොදයි..."
"ඉයුන්?"
"මගේ ඉයුන්ව හොදට බලාගන්න හ්යොන්ග්"
"හ්ම්ම්ම් මන් මුකුත් අහන්නේ නෑ.."
"හ්ම්ම්ම් ඔම්මා නිසා මන් මේක කරනවා හ්යොන්ග්.. ඉයුන්ට මන් ආදරෙයි.. ඒත් ඔම්මා මගේ ජීවිතේ අංක එක"
"හ්ම්ම්ම් උබට වරදින්නේ නෑ පොඩී"
"මට පොරොන්දු වෙනවද දෙයක්?"
"මොකක්ද?"
මන් උන ඔක්කොම සරලව හ්යොන්ට කිව්වා.. එදා අප්පා ආව ඒවා කිව්වම මට ඉයුන් ගැනත් ඇතිවුනේ ලොකු බයක්.. ඒ කියන්නේ අප්පා දන්නවා ඉයුන් ගැන..
"මගෙ ඉයුන්ව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා"
"හ්ම්ම් පොරොන්දු වෙන්නම්.. ඒත් ඒ කෙල්ල මේක කොහොම දරාගනීද?"
"මගෙ ඉයුන් ගොඩක් ස්ට්‍රෝං.. එයා මාව තේරුම් ගන්නවා.. මට ඒක විශ්වාසයි..."
ජූන් එක්ක ජේකේ හිතේ තියන හැම දෙයක්ම එකින් එක කිව්වා.. මොකද ජේකේ හිටියේ දරාගන්න පුලුවන් දුකක් හිතේ තද කරන් නෙමෙයි.. කාටත් කලින් මැරුන නම් කියලා හිතෙන තරමට ජේකේ මානසිකව වැටිලා හිටියේ.. මොකද ජේකේට ඉයුන් කියන්නේ දැන් එයාගේ ඇගේම කොටසක් වගේ..
ජේකේ අදින් හැමදේම ඉවර කරන්න කියලා හිතාගෙන ඉයුන් එනකන් වෙනදා වගේම බලාගෙන හිටියා.. ඉයුන් ඈතින් එන හැටි දැක්ක ජේකේට හිතුනේ එකම එක දෙයයි...
ඔයා ඔහොම එනවා බලන් ඉන්න අන්තිම දවස අද...
ඉයුන් හිතන්නේ නැතුව ඇති මේ ජේකේ එයා එනකන් බලන් ඉන්න අන්තිම දවස කියලා..
අප්පා ඉයුන්ට කරදරයක් කරයි සහා ඔම්මගේ ඉල්ලීම නිසා ජේකේට සිද්ධ වුනේ අප්පගේ තීරණයට කැමතිවෙන්න.. එදා ජූන්ට වුන දේමයි.. ඒත් එක පොඩි වෙනසක් තියනවා.. එදා ජූන් නෙමෙයි අද ජේකේ.. එයාට කවදාවත්ම ආයේ හැරෙන්න බැරි වෙන්නයි ඔක්කොම සිද්ධ වෙන්නේ...
"මහන්සිද??"
"හ්ම්ම් ඔව්ව් නේ.. මොකෝ අද මූණ මැලවිලා"
ජේකේ කිසි කතාවක් නැතුව කාර් එක ඩ්‍රයිව් කලා..
"මොකෝ ජේකේ?? මොකක්හරි අවුලක්ද??"
"මට ජේකේ කියලා කියන්න එපා.. ආදරෙන් කතා කරනවකෝ"
"ඒකද මේ?? ඉතින් මොකද මගේ බබා මේ අවුලෙන්?"
ඒත් ජේකේගෙන් කිසිම කතාවක් තිබ්බෙ නෑ.. අන්තිමට දෙන්න ආවේ සෝල් පාර්ක් එකට.. එදා ඉයුන් ජේකේට ආදරෙයි කිව්ව තැන.. දෙන්න ආදරය කරන්න පටන් ගත්ත තැන...
"එන්න"
"ඇයි මෙතනට ආවේ? මට බයක් දැනෙනවා"
ජේකේ ඉයුන්ගේ අතින් අල්ලන් එක්කන් ගියේ එදා දෙන්නා වාඩිවෙලා හිටිය බෙන්ච් එකට.. එදා වගේම අදත් හද එතනට ලස්සනට පේනවා.. තරු ගොන්නයි අහසේ..
"වාඩිවෙන්න"
ජේකේ ඉයුන්ව වාඩි කරවලා එයත් වාඩිවුනේ ඉයුන්ගේ අත මදකටවත් අත අරින්නේ නැතුව..
"දැන්වත් ප්‍රශ්නේ කියන්නකෝ.. මන් ඉන්නවනේ ඔයාට.. මගේ උරහිසෙන් ඔලුව තියාගන්න"
ජේකේ ඒ තප්පරයෙම ඉයුන්ගේ උරහිසට ඇල වුනා.. ජේකේට ශක්තියක් තිබ්බේ නෑ ඉයුන්ගේ ඇස් බලන් මේ දේවල් කියන්න.. ඒත් තවත් කෙල්ලට දුකක් දෙන්න ඕනේකමක් ජේකේට තිබ්බේ නෑ..
"ඉයුන්....."
"හ්ම්ම්ම්ම්"
"අපි මේ අෆෙයර් එක නවත්තමු"
"ඔයාට ඕනේ ඒකද?"
ජේකේ කිව්ව එකට කිසිම වෙනසක් නොකර ඉයුන් උත්තර දුන්න පාරට ජේකේ නැගිටලා බැලුවේ ඉයුන් දිහා..
"ඉයුන්....."
"සමාවෙන්න, ඒත් මන් ඔයා ඔප්පා එක්ක කතා කරපු ඔක්කොම අහගෙන හිටියේ.. මන් ඔයාට ෆයිල් එක දෙන්න එද්දී මට ඇහුනේ"
"හ්ම්ම් ඒකට කමක් නෑ"
"අපි අපිට අයිති නැතුව ඇති"
"මට ඔයා නැතුව බෑ"
"මටත්"
"හ්ම්ම්ම්"
"ඒත් මට ඔයාව තේරෙනවා.. මේක ඔයාගේ ඔම්මගේ අන්තිම ඉල්ලිම.. ඒක කරන්න.. මන් කවදාවත් ඔයාට වයිර කරන්නේ නෑ.."
"ඔයා කොහොමද ඔහොම ඉන්නේ බබා.. මටත් කියලා දෙන්න"
"ආදරය කියන්නේ බලෙන් අල්ලන් ළග තියාගන්න එකම නෙමෙයි ජේකේ.. මන් මැරෙනකන් ජේකේට ආදරය කරනවා"
"ඔයා හිතනවද මන් ඒ කෙල්ලට කැමති කියලා"
"ඔය පොඩි හිතේ මට ඇරුනම වෙන කාටවත් ඉඩක් නෑ කියලා මන් දන්නවා.. ඒත් ඔයා හොද පුතෙක්.. එක පාරක් අප්පා නිසා.. දැන් ඔම්මා නිසා.. ඒ දෙන්න ගොඩක් වාසනාවන්තයි.. "
"හ්ම්ම්ම්ම්"
"මට ඔයාව තුරුල් කරගන්න ඕනේ..."
"එන්න ලගට"
ජේකේගේ අත් දෙකට හිර වෙලා මන් ඒ පපුවට තදින් තුරුල් වුනා..
"ජේකේ...."
"හ්ම්ම්ම්"
"මන් අඩන්නද?"
"මාත් අඩන්නද?"
"ඔයාට අඩන්න බෑ.."
"එහෙනම් ඔයාටත් නෑ"
"එහෙනම් අඩමු..."
මන් ජේකේගේ ශර්ට් එක තෙත් වෙනකන් ඇඩුවා.. ජේකේගේ කදුලු මගේ උරහිස දිගේ බේරෙනකන් එයත් ඇඩුවා.. අපි දෙන්නට අපෙන් ඈත් වෙන්න බෑ.. ඒත් මේ ලෝකේ හම්බෙන නැති ආදර කතා අස්සට අපේ ආදර කතාවත් දාලා..
"තව අඩන්න එපා ඉයුන්"
"හ්ම්ම්ම්ම්"
"මට හැමදාම ආදරය කරනවද?"
"ඔයා කාගෙ වුනත් ඉයුන් ජේකේගේ විතරයි"
"ආදරෙයි බබා"
"ඔහොම කියන්න එපා.. මට ඇඩෙනවා"
ජේකේ ඉයුන්ව තමන්ගෙන් ඈත් කරලා බැලුවේ ඒ රතු වෙලා තියන මූණ දිහා..
"ඇති දැන් ඇඩුවා"
"මටත් වෙඩින් එක කියනවද?"
"අහ්හ්හ්හ්හ්??"
"මට බලන්න ආසයි"
"හ්ම්ම් කියන්නම්.... ඒත්"
"ප්ලීස්... මට කියන්න"
"හ්ම්ම්ම්"
"මන් උරහිසෙන් ඔලුව තියන් ඉන්නද?"
"තියාගන්න"
හද එලියට මුලු පරිසරයම ලස්සනයි.. මන් ජේකේගේ අත අල්ලන් බලන් හිටියේ තරු දිහා.. මගේ ජේකේ වගෙම ලස්සනයි.. අපි දෙන්න රෑ 12ත් පහු වෙනකන් අහස දිහා බලන් හිටියා.. මොකද මේ අපි දෙන්න හම්බෙන අන්තිම දවස නිසා.. ජේකේ ආයේ ඔෆිස් එන්නේ නෑ.. එයාගෙ අප්පා ටේගේ අප්පා එක්ක කතා කරලා.. ඉතින් ආයේ මට ජේකේව බලන්න වෙන්නේ නෑ..
දරාගන්න මට හොදට පුලුවන්.. පොඩි කාලේ ඉදලා මට හැමදේම නැති වෙන නිසා මේ දේවල් දරාගන්න මට ඉගෙනගන්න ඕනේ වුනේ නෑ..
"අපි යමුද?"
"යමු ජේකේ"
ජේකේ මගේ අත මොහොතකටවත් අත ඇරියේ නෑ..
ජේකේ මාව වෙනදා වගේම අපේ ගෙදරට යන පාර ලගින් බැස්සුවා.. මන් ආපස්ස නොබලා ඒ පාර දිගේ ඉස්සරහට ගියේ මගේ හිත කෑගහලා අඩන්න කියද්දී..
දන්නවද ඔයාට කියන්න ලොකු දෙයක් මගේ හිතේ තියනවා.. ඒත් මන් ඒක නොකිව්ව එක කොච්චර දෙයක්ද කියලා අද මට හිතෙනවා.. හ්ම්ම් ඔයා සතුටෙන් ජීවත් වෙන්න ඕනේ..
[There should be a GIF or video here. Update the app now to see it.]
මේ වචන හරි ලස්සනයි.. හරියට ඉයුන් තනියම එයාටම කියාගන්නවා වගේ... හැමදේම නැතිවෙන කෙල්ලෙක්ට මේක දරාගන්න පුලුවන් වෙයි කියලා හිතුවට ආදරය නැති වෙන එක දරාගන්න හිතන තරම් ලේසි නෑ...
"අනේ මාව දාලා යන්න එපා ජෙකේ... මන්... මන් ඉන්නෙ කොහොමද?"
මන් මේ ලෝකේ ඕනේ තරම් මේ වගේ ආදර කතා දැකලා තියනවා.. කිසිම සාධාරණ හේතුවක් නැතුව දුක් විදින ආදරවන්තයෝ..
Jk pov
සමාවෙන්න මගේ ඉයුන්.. ඔයාව මට වටිනවා.. මන් ඈතට ගියත් ඔයාට ආදරෙයි.. කවදා හරි මන් ඔයාව බලන්න එනවා.. එදාටත් ඔය වගේම ලස්සනට ඉන්න.. ජේකේගේ හිතේ ඉන්නේ ඉයුන් විතරමයි...
Pov end
[There should be a GIF or video here. Update the app now to see it.]
කියනවා වගේ දවසක කොහේම හරි ඒ ආදරෙත් හම්බෙයි කියලා අපි හිතමු.. ඒත් දැනට ඒ ලස්සන ආදරයට නැවතීම තියන්න වෙනවා.. මගේ කතාවේ ජේකේගේ හිතෙත් මේ වගේම පද මැවෙනවා ඇති.. මට මේ කොටස ලියද්දී මතකෙට ආවේ මේ සින්දු දෙක.. ඒ දෙක අහන ගමන් කියවද්දී ඔයාලටත් ඒ ආදරය තවත් ලස්සන දැනෙයි....
ඔන්න ඔය විදිහට ජේකේ ඉයුන් ලස්සන ආදර කතාව නිමාවුනා.. දවස දවස ගෙවිලා ගියා.. ඉයුන් පුරුදු වුනා ආයෙ තනියම ජීවත් වෙන්න... හොරෙන් හොරෙන් ජේකේගේ ෆොටෝ එකක් බලලා හිත හදාගත්තේ වෙන කරන්නම දෙයක් නැති නිසා.. ජේකේටත් ඒක එහෙම්මමයි.. ටේගේන් ඉයුන් ගැන හැමදාම අහන එක ජේකේට පුරුද්දක් වුනා.. බලන්න කතා කරන්න බැරි වුනාට ජේකේ හැම තප්පරයකම ඉයුන් හොදින්ද කියලා හොයලා බැලුවා.. ඒ තරම් ඒ ආදරේ මහ ගොඩක් තිබ්බා...
කාලය ගොඩක් වේගවත්.. නොදැනීම මාසයක් ගෙවිලා ගියා.. තව දවස් දෙකකින් ජේකේගේ වෙඩින් එක.. කට්ටිය ගොඩක් බිසී.. ඉයුන්ගේ ආසවට ජේකේ ඉයුන්ටත් වෙඩින් එකට ආරාධානා කලා..
ආ තව දෙයක් කියන්න අමතක වුනා.. ක්රිස්නිගේ ප්ලෑන් එක වුනේ සෝව තරහා කරලා ජූන්ව ලගට ගන්න.. ඒත් ඉතින් ඒ ඩබලගේ ආදරය ලග ඔය එක එක නැට්ටිච්චියොන්ට කොහේ රගන්නද... එයා වැඩේ අත ඇරලා දැම්මා..
ජූන් සෝ ටේ ජිමින් යන නිසා ඉයුනුත් වෙඩින් එකට යන්න ආසාවෙන් හිටියේ.. තමන්ගේ පණ ලස්සනට ඉන්නවා බලන්න ඒ තරම් එයා ආසා කලා.. වෙන කෙනෙක් එක්ක හරි එයා සතුටෙන් ඉන්න ඕනේ කියලා විතරයි ඉයුන් හිතුවේ.......
Vote and comments 💐
Bạn đang đọc truyện trên: AzTruyen.Top