Busan pt 1

උදේම ලෑස්තිවුන ජූන් සෝ එක්ක ජේකේවත් එක්කන් ආවේ ලස්සන මල් ගොඩක් එක්ක සෝල්වල අවසාන භාගයට වෙන්න තිබ්බ ලස්සන නිසොල්මන් කනත්තට...
(කෙටි විරාමයක්)
........................

උදේම ඇහැරුනේ මන්ම ඊයේ රෑ තිබ්බ එලාර්ම් එකේ සද්දෙට..

"ශික්ක්.. මෙච්චර උදේ මොන මගුලකට යනවද??"

ජේකේටයි ජොබ් එකටයි බැන බැනම මන් ලෑස්ති වුනේ 8 වෙද්දී ඔෆිස් එක ළගට යන්න බලාගෙන...
.
.
.
.
.
.

"ගුඩ් මෝනින් ඉයුන්"

"මෝනින් ජේකේ"

"යමුද??"

"ඔයාගේ කාර් එකේද??"

"ඔව්, ඇයි??"

"මන් හිතුවේ කම්පැනි එකෙන් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක...

"මාත් එක්ක යන්න බෑ වගේද?? ඉට්ස් ඕකේ ඉයුන්.. මන් ඔයාට වෙනම එන්න කාර් එකක් ඇරේන්ජ් කරන්නම්"

මන් මොකද කරන්නේ?? තව කාර් එකක් ගෙන්නගෙන යනවද?? එක්කො මොකටද?? මන් යන්නේ ඔෆිස් එකේ වැඩකටනේ...

"නෑ නෑ ජේකේ.. ෆයින්.. අපි යමු"

ජේකේගේ කාර් එකට නැග්ග අපි දෙන්නම කිසිම කතාවක් නැතුව පැය භාගයක් විතර දුරක් ගියා..

"ඉයුන්...."

"............"

"ඉයුන්....."

"අහ්හ්හ් කියන්න"

"මොන සිහියෙන්ද යන්නේ??"

මන් මොන සිහියෙන් ගියත් ඔහේට මොකද??

"මන් වෙන කල්පනාවක ගියේ.."

"මට ඔයා එක්ක කතා කරන්න ඕනේ"

"කියන්න.. හැබැයි ඔයා කියන්න යන්නේ පරණ දේවල් ගැන නම් ප්ලීස් ඒ ගැන මුකුත්ම කියන්න එපා.."

"මන් දන්නවා ඉයුන් මන් වැරදි කියලා.. ඒත් මට ඔයාගෙන් දැන් ගන්න ගොඩක් දේවල් තියනවා"

"එදා කිව්වා වගේම ඔයා වගේ කෙනෙක් මට කැමති වෙයි කියල මන් හිතුව එකම වැරදි.. ඒ නිසා වැරැද්ද ඔයාගේ වුනත් මගේ වුනත් යූරිගේ වුනත් දැන් ඕවා තේරුමක් නෑ"

"ඒත්...."

"ප්ලීස් ජේකේ"

"මන් කියන දේ අහනවා.. තමුසෙට හෙන ගහන්නේ නෑනේ මන් කියන දේ ඇහුවා කියලා"

ජේකේ මහ හයියෙන් කෑගහද්දී මාව ගැස්සිලා ගියා.. මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ එයාගේ මූණ දිහා..

"අහන්න ඉයුන්... මට...මට කේන්ති ගියා.. සොරි.. මන් කියන දේ අහනවද??"

"ඩ්‍රයිව් කරන ගමන් කතා කරන්න බෑ"

මන් එහෙම කිව්ව ක්ශනිකයෙක් ජේකේ කාර් එක පාරේ අයිනට කරලා නැවැත්තුවා..

"මොකද පරක්කු....

"ශ්ශ්ශ්.... එදා ඔයාට මොකද වුනේ??"

"මට මොකද වුනේ?? දැනගෙන ඔයා මොනා කරන්නද??"

"කරන්න නම් දෙයක් නෑ.. ඒත් මට දැනගන්න ඕනේ.."

"මට කියන්න ඕනේ නෑ.. මන් වෙනම වෙහිකල් එකක් දාගෙන යන්නම්.."

මන් එහෙම්ම බහින්න යද්දී ජේකේ මගේ අතින් ඇදලා අරන් සීට් එකට තියන තද කලා.. එයා හිටියේ රතු වෙලා... මගේ මූණට ඔන්න මෙන්න...

"ජේ...කේ... අයින් වෙන...වා..."

"අයින් වෙන්නම්.. මට මන් අහන ඒවට උත්තර ඕනේ"

"හරි මන් කියන්නම්.. මුලින් මගේ අත අතාරින්න.."

ඒත් එයාගේ අත පොඩ්ඩක්වත් බුරුල් වුනේ නෑ..

"මට රිදෙනවා"

"සොරි"

මන් හෙමින් අත අතගාන ගමන් බැලුවේ ජේකේ දිහා..

"එදා ඔයා ගියා.. හැබැයි මට ඊට පස්සෙ ඔයාව හොයාගන්න බැරිවුනා.. ඔයාට මොකද උනේ?? ඔයා කොහෙද ගියේ?? එදා කිව්ව දේවල් මොනාද??"

"හ්ම්ම් මන් කියන්නම්.. හැබැයි එක කොන්දේසියක් උඩ"

"මොකක්ද??"

"ඊට පස්සෙ ඉදන් අපේ පරණ මතක ගැන හාර හාර අවුස්සන්න එපා.. එදා හිටිය ඉයුන් අද නෑ ජේකේ"

"ඉයුන්... මන් කියන....

"එකගද??"

"හ්ම්ම් කියන්න මට ඔක්කොම"

"හ්ම්ම්ම් මන් කියන්නම්.... එදා ඔයාවයි යූරිවයි....

ඒ නම් දෙක කියනවත් එක්කම මට මතක් වුනේ ඒ දවස.. කවුරුහරි ඇහුවොත් ඔයා අකමැතිම දවස මොකක්ද කියලා මගේ උත්තරේ එදා... මට එතනින් එහාට කතා කරගන්න බැරි තරමට ඒ අතීතයට මන් වයිර කරනවා.. ඒත්... ඒක අතීතය... මන්.. මන් ඒ අතීතයෙන් මිදිලා ඉන්නේ... හොද හුස්මක් අරන් මන් මට උන දේවල් ජේකේට කියන්න තීරණය කලා.. ඒ එයා මගෙන් සදහටම ඈත්වෙයි කියන බලාපොරොත්තුවෙන්..

"එදා ඔයාවයි යූරිවයි මන් දැක්කට පස්සේ මගේ ලෝකෙම මගේ කකුල් දෙක ඉස්සරහා කඩන් වැටුනා ජේකේ.. මට මේ ලෝකේ ජීවත් වෙන්න එක හොද හේතුවක්වත් තිබ්බෙ නෑ.. ඒත් යූරී මන් අඩද්දී මාව හිනැස්සුවා, මන් බඩගින්නෙ ඉද්දී මාව කන්න කොහෙට හරි ඇදන් ගියා.. කොටින්ම මගේ තනියට මාත් එක්ක හැමදාම හිටියා.. මගේ හැමදේම දන්න එකම කෙනා.. ඒත් එයා මට කරපු දේ ඉස්සරහා මගේ මුලු ජීවිතේම මට එපා වුනා.. අනිත් කෙනා ඔයා.. මට මගේ ජීවිතේ ගැන කිසිම ලෝභකමක් තිබ්බේ නෑ.. අද මැරෙයිද හෙට මැරෙයිද කියලා.. ඒත් ඔයාව හම්බුනාට පස්සෙ මට මගේ ජීවිතේ ගැන ලෝභ හිතුනා.. ඔයාව මගේ කරගන්න මට ඕනේ වුනා.. ඉතින් මන් ඔයාව මටත් වඩා විශ්වාස කලා.. ඔයා එහෙම කරන තැනට මාව පත් කළා ජේකේ.."

වචන එකින් එක මගෙන් එලියට එද්දී ඒ හා සමානවම මගෙ ඇස් වලින් කදුලුත් එලියට ආවා..

"ඉතින් මන් එහෙම විශ්වාස කරපු ආදරේ කරපු ඔයාලා දෙන්න මට එහෙම කලාම මට මොනා නොවෙන්න ඇද්ද ජේකේ?? එදා මන් එලියට ඇවිල්ලා ඔහේ පාර දිගේ ඇවිදන් ගියා.. යන්න කියලා කිසිම තැනක් නොතිබ්බ මන් පිස්සෙක් වගේ පාරේ ඇවිදගෙන ගියා.. කාටවත් මගේ දුක කියන්න බෑ.. කවුද මගේ දුක අහන්නේ... පැය ගාණක් ඇවිද්ද මන් අන්තිමට නැවතුනේ සෝල් පාලම ළග.. ඔයා දන්නවද එදා එතන හරිම ලස්සනයි.. හද එලියට වතුර මට කතා කරනවා වගේ.. මුලු අහසෙම තරු ගොන්නක්.. මන් වශී වෙලා වගේ බලන් හිටියේ ඒ අහස දිහා.. මගේ ඔම්මත් ඒ අස්සේ ඇති කියලා මට හිතුනා.."

ඒත් ඔම්මා ඔයා කොහෙද???

අදටත් ඉඩක් හම්බුන ගමන් මන් හොයන්නේ ඔයාව ඔම්මා..

"ටික ටික පාලම කෙලවරට ගිය මන් දැක්කේ ඒකට නගින්න තිබ්බ පොඩි පඩියක්.. මට හිතුනෙම මන් වගේ කවුරුත් නැති අයට මෙතනට ඇවිල්ලා පනින්න තමා මේක හදලා තියෙන්නෙ කියලා.. මන් අමාරුවෙන් ඒක උඩට නැග්ගා.. එතනට ඒ වටේම ලස්සනට පෙනුනා ජේකේ.. "

Flashback

"ළමයෝ ඔයා ඔය මොකද කරන්නේ??"

මගේ පිටිපස්සෙන් ඇහුනේ තරුණ ගෑනු කෙනෙක්ගේ කටහඩක්.. මන් හැරිලා බලද්දි එතන හිටියේ අවුරුදු 25ක විතර ලස්සන ගෑනු ළමයෙක්.. හරියට සුරදූතියක් වගේ, එයා ලස්සනයි..

මන් හිනා වෙලා ආයේ ඉස්සරහා බලාගත්තා..

"යොදොන්සේ (නංගී).....

ඒ වචනෙට මන් ආයේ එයා දිහා බැලුවා.. මාව වෙව්ලනවා වගේ..

"එන්න, බහින්න"

එයා මාව අල්ලලා එතනින් පහලට බැස්සුවා.. ඒත් කවුද ඔයා??

"මට යන්න දෙන්න ඔන්නී... මට... මට යන්න ඕනේ"

"යන්න දෙන්නම්.. හැබැයි මාත් එක්ක චුට්ටක් කතා කලාට පස්සෙ"

එහෙම කියලා එයා පාලම ලග බිමින් ඉදගත්තේ මාවත් එතනින් ඉන්දවන ගමන්..

"මොකද මේ?? ප්‍රශ්නයක් නම් කැමති නම් මට කියන්න"

මන් ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ එයා දිහා.. මන් ඔයාව දන්නෙත් නෑ..

"ඔයාගේ නම??"

"ඉ...යුන්..."

මන් වෙව්ලන කටහඩින් කිව්වා"

"මන් සෝයූන්"

මන් ලාවට හිනාවුනා..

"මගේ වටේ හිටිය අයත් මාව රැවට්ටුව එකේ මන් කොහොමද ඔයාව විශ්වාස කරන්නේ??"

"හ්ම් ඒක හොදම හොද ප්‍රශ්නයක්.. මාත් ඔයා වගේ මෙතනට ආව කෙනෙක්.. ඔයා වගේම මෙතනින් පනින්න.."

"ඔන්නී???"

"හ්ම්ම් අවුරුදු 3කට කලින් මගේ ආදරේ මට නැතිවුනා.. මගේ ඔම්මා අප්පා මාව දාලා ගියා.. ලෝකේ මන් තනිවුනා.. ඉතින් මාත් මැරෙන්න ඕනේ කියලා මෙතනට ආවා.. ඒත් එදා අද මන් ආවා වගේ කවුරුත්ම ආවේ නෑ.. ඒත් මගේ ආදරේ මාව නැවැත්තුවා.. ඔව් එයා මට තාම ආදරේ ඇති.. එදා මට එහෙම හිතුනා... ඉතින් මන් තනියම නැග්ග තැනින් බැස්සා"

"ඇයි ඔයාලා වෙන්වුනේ??"

"එයා ලොකු සල්ලිකාරයෙක්.. එයා ගොඩක් හොදයි.. මට ගොඩක් ආදරෙයි.. කාටවත් කරදරයක් කලේ නෑ.. ඒත් මගේ ඔම්මා අප්පා නැතිවුනාට පස්සේ එයාට ගෙදරින් මේ අෆෙයාර් එකට අවසර ලැබුනේ නෑ.. අපිට හැමදේම නැතිවුන නිසා.. ඒක සාධාරණයි.. මුකුත් නැති මට දෙන්න එයාලා පුතාලා හදාලා නෑ.. එයා ගොඩක් ෆයිට් කලා.. ගොඩක්... මන් වෙනුවෙන්.. ඒත් ඒ දේවල් නිසා එයාගේ අප්පා අසනීප වුනා.. එයා බය වුනා.. එයා මගෙන් ඈත්වුනා.. හැබැයි කවදාවත් මාව අමතක කරන්නේ නෑ කියන පොරොන්දුව එක්ක.. ඕනේම ළමයෙක්ට තමන්ගේ ඔම්මා අප්පා නේ වටින්නේ 🥺🥺"

"ඉතින් එයා ආයේ ආවද??"

"එදා ඉදන් අද වෙනකන් මන් එයාව දැක්කේ නෑ කවදාවත්ම.. එයා සතුටෙන් ඇති.. සමහරවිට වෙන කෙනක් මැරි කරලා..."

"ඔන්නී....."

"දැන් ඇයි ඔයා මෙහෙම දෙයක් කරන්න ගියේ??"

මන් ඔක්කොම කිව්වා.. මෙච්චරවෙලා ඇග ඇතුලේ හිර කරන් හිටිය ඔක්කොම මන් කිව්වා.. මගේ ඇස්වලින් කදුලු බේරෙද්දී මන් ඒ ඔන්නිට ඔක්කොම කිව්වා..

Flashback end

"පස්සේ ඔන්නී මාව එයාගේ ගෙදර එක්කන් ගියා.. මන් කැමති වුනේ නෑ.. ඒත් එයා මාව බලෙන්ම එක්කන් ගියා.. ඒක පුංචි ගෙයක්.. ගේ එක්කම ඔන්නිගේ සැලුන් එක තිබ්බා.. එය හොද මේකප් ආටිස් කෙනෙක්.. ටික ටික ඔන්නී මගේ ජීවිතේ කොටසක් වුනා.. අපි දෙන්න සතුටෙන් හිටියා.. ඒත් හදිසියේම අප්පට අසනීපයි කියලා මට ආරංචියක් ආවා.. මන් ගෙදරින් ඈත් වුනත් මන් එයාලා ගැන හෙව්වා.. මට අන්තිමට ආයේ හිටිය අපායටම යන්න වුනා.. මීට අවුරුද්දකට කලින්.. ඔම්මා අප්පව බලාගන්නෙ නැති නිසා මන් ආයේ ඒ ගෙදරම ඉන්න තීරණය කලා.. හැබැයි එයාලා මට සැලකුවේ කලින් විදිහටමයි.. හැබැයි මන් කලින් හිටිය ඉයුන් නොමෙයි නිසා මට ඒ දේවල් මහ දේවල් වුනේ නෑ.."

මගෙ කතාව මන් මදකට නැවැත්වුවේ නොනවත්වාම මට ඇඩුනා නිසා..

"ඊට පස්සේ තමා මට ටේගේ අප්පගේ ඔෆිස් එකේ ජොබ් එකක් හරිගියේ.. ඒත් මන් ඒක ටේගේ අප්පගේ කියලා දැනන් හිටියේ නෑ.. සැරෙන් සැරේ ඔන්නිව බලන්න ගියාම මන් හිතට එන දුක නිවාගන්නවා එයා එක්ක කතා කරලා... ඉතින් ජේකේ.. මේ තමා මගේ කතාව.. ඔයාට දැනගන්න ඕනේ වුන.."

මන් මගේ කතාවම ජේකේට කිව්වා.. කිව්වද?? නෑ... ගොඩක් අඩුපාඩු හිස් තැන් එක්ක මගේ කතාව මන් එයාට කිව්වේ.. ඔයා නොදකින්න ඕනේ ඔයා දැනගන්න ඕනේ නැති ගොඩක් ඒවා මගේ කතාවේ තියනවා ජේකේ.. ඒවා මන් විතරක්ම දැනගනී...

මගේ කතාව අවසානේ මන් බැලුවේ ජේකේ දිහා.. ජීවිතේ පලවෙනිපාරට මන් ජේකේගේ ඇස්වල කදුලු දැක්කා..

"ඔයා හොදින්ද??"

"මන් හොදින්ද?? ඔයා මන් නිසා මැරෙන්න ගියේ ඇයි?? දෙවියන්ට ස්තූති වෙන්න එදා ඒ නූනා ආවා.. නැත්තම් මගේ ඉයුන්ට මොකක්...

"මගේ ඉයුන්?? ජේකේ මන් මගේ කතාව කිව්වා."

"මන් දෙයක් අහන්නද ඉයුන්??"

"හ්ම්ම්ම්"

"ඔයා කිව්වා ඔය මෙහෙන් ගියත් ඔයා ගෙදර අය ගැන හෙව්වා කියලා... එතකොට මන් ගැන??"

"අහ්හ්හ්??? මොකටද??"

"අහ්හ්හ්??"

"මන් ඇයි ජේකේ ඔයා ගැන හොයන්නේ?? ඇයි??"

"මන් ඔයාව කොච්චර හෙව්වද ඉයුන්... මට... මට තේරුනා මගේ වැරැද්ද.. අනිත් දේ....

"අපි යමුද?? මට යන්න ඕනේ"

මන් එහෙම්ම ශටර් එකෙන් එලිය බැලුවේ මගේ ඇස්වල කදුලු පිරෙද්දී..

මන් කොහොමද මන් ඔයා ගැන හෙව්වා කියන්නේ.. ඔයා මට කලේ කවදාවත් සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි.. ඒත් මට ඔයාට තියන ආදරේ නවත්තගන්න බැරි වුනා.. ඉතින් මන් ඔයා ගැනත් හෙව්වා ජේකේ.. ඔයත් මාව හෙව්වා... ඔව්ව් මගෙන් සමාවගන්න වෙන්න ඇති.. නැත්තන් මට තව රිද්දන්න වෙන්න ඇති.. කොහොම කලත් මට ඔයාට වයිර කරන්න ශක්තියක් තිබ්බේ නෑ.. හැබැයි මට ඔයාව අමතක කරන්න ශක්තියක් තිබ්බා.. ඒත් ඇයි මගේ ඉස්සරහට ආයේ ආවේ?? ඇයි මගේ ජීවිතේටම මෙහෙම වෙන්නේ??

කල්පනා ලෝකෙක හිටිය මන් ගැස්සුනේ මගේ අතට සීතලක් දැනෙද්දී.. මන් ගැස්සිලා බලද්දී ජේකේගේ මූණ මගේ ඔඩොක්කුව උඩ.. එයාගේ කම්මුලේ සීතලට මගේ අතේ තිබ්බ රස්නේ ක්ශනිකයෙක් මැකුනා..

"මොනාද මේ කරන්නේ?? අයින් වෙන්න ජේකේ"

"චුට්ටක් ඉන්න දෙන්න මෙහෙම.. මට සමාව ගන්න ඕනේ ඉයුන්.. මන් ඕනේම විදිහකට සමාව ගන්නම්.. මන් මොනාද කරන්න ඕනේ.. ඔයා ගියාට පස්සේ මන් ඔයාව ගොඩක් හෙව්වා.. මට කියන්න ඕනේ වුනා මන් ඔයාට ආදරෙයි කියලා.. ඔව් මන් ඔයාට වයිර කලා.. බොරු කලා.. ඒත් ඔයා ගියාට පස්සේ මට තේරුනා, නෑ මන් ඔයාට ආදරේ කරනවා කියලා.. මන් හෙව්වා ඔයාව.. ඒත් ඔයා කොහේවත් හිටියේ නෑ.. එක දවසක් හන් ගග ළග ගෑනු ළමයෙක්ගේ බොඩි එකක් තියනවා කියලා ආරංචියක් ආවා.. ඔයා දන්නවද මන් කෑ ගහලා ඇඩුවා ඉයුන්.. මන් බය වුනා ඔයාට කරදරයක් වෙලා කියලා.. මගේ වාසනාවට ඒ ඔයා නෙමෙයි.. ඔයාව මට ආයේ හම්බුනා ඉයුන්.. මන් ඔයාව බලාගන්නම්.. ප්ලීස් මගේ ළගට එන්න ඉයුන්.."

"මොනාද මේ කියන්නේ?? මන් ඔයාව ඕනේවටත් වඩා විශ්වාස කලා ජේකේ.. තවත් බෑ.. ඔව් කොහෙත්ම බෑ"

"ප්ලීස් ඉයුන්"

"බෑ.."

"ප්ලීස්"

"අපි යමු.. නැත්තම් මන් බහිනවා මේකෙන්"

"හ්ම්ම්ම් හරි හරි.. යමු"

මන් ඇස් කොනෙන් දැක්කා ජේකේ හෙමින් සැරේ ඇස් කොනේ තිබ්බ කදුලු පිහදනවා..

මට සමාවෙන්න ජේකේ.. ඒත් මට ආයේ අමාරුවෙන් ගොඩ ගත්ත මගේ ලයිෆ් එක මරන්න ඕනේ නෑ.. එදත් ඔයා මෙහෙමයි මගෙන් අවස්ථාවක් ඉල්ලුවේ. අදත් ඒක එහෙමයි.. මට බෑ.... ඔව් මන් තාම ඔයාට ආදරෙයි.. එදා වගේම අදත් ඔයාව දකිද්දී මගේ හිතට සතුටක් එනවා.. මගේ හිතම පුරවනවා ඔයාගේ මූණ.. ඒත් මන් දුරින් ඉදන් ආදරේ කරන්නම්.. ඒක අපි දෙන්නටම හොදයි...

එතනින් එහා බූසාන්වලට යනකන්ම අපි අතරේ කතාවක් තිබ්බෙ නෑ..

"මෙන්න ඔයාගේ කී එක ඉයුන්"

ජේකේ දුන්න කී එකත් අරන් මන් ගියේ හොටෙල් එකේ මගේ රූම් එකට.. මගේ පිටිපස්සෙන් ජේකේත් ආවා..

මන් රූම් එක ලගින් හිටගෙන බැලුවේ මේ යකා මොකද මගේ පස්සෙන් එන්නේ කියලා..

"ඇරලා ඇතුලට යනවා"

"ඔයා??"

"ඇයි මටත් එන්නද කියන්නේ?? මේ තියෙන්නෙ මගේ රූම් එක"

මොකක්?? මගේ එක ඉස්සරහා රූම් එක.. යසයි මේ යකාගේ වැඩ නම්...

මන් කතාවක් නැතුවම ඇතුලට ගිහින් දොර ලොක් කරගත්තා.. කෙලින්ම ගියේ ඇදට.. මහන්සියටයි හිතේ අවුලටයි එක්ක මන් ටිකක් හාන්සිවුනා..
.
.
.
.
.
.

Jk pov

කාමරේට ආව මන් හොදට නාගත්තේ ඉයුන් කිව්ව එකින් එක ආයේ මුල ඉදන් හිතන ගමන්..

ඔයාට මොනාහරි උනා නම් ඉයුන්?? මට හිතෙද්දිත් ඇග පණ නැතිවෙනවා වගේ..

ඔයා මට සමාව දෙන්නෙම නැද්ද ඉයුන්?? මට දැන් ආදරේ නැද්ද?? මට යූරීව ඕනේ උනේ නෑ.. මන් කොහොමද මන් ඔයාට ආදරෙයි කියලා ඔප්පු කරන්නේ??

Pov end

බූසාන් පලවෙනි දවස ඒ විදිහට ගෙවිලා යද්දී මන් ජේකේට කෝල් එකක් ගත්තේ මීටින් එක කීයටද අහන්න..

📞📞📞📞📞

"කියන්න ඉයුන්"

"මීටින් එක කවදද??"

"මන්ඩේ... ඒකට ඉදලා එහෙම්මම යමු"

"ඕකේ"

කෝල් එක කට් කරලා එහෙම්ම ඇස් දෙක පියාගත්තේ ගමන් මහන්සියට...

....................

Jk pov

හ්ම්ම්ම් හෙට මාත් එක්ක ඇවිදින්න යමු.. අවුරුදු ගාණක් මන් නිසා විදෙව්වනේ.. මන් පොඩි දෙයිනුත් ඔයාව සතුටු කරන්නම් ඉයුන්.. මට පුලුවන් විදිහට මන් ඔයා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා...

මාත් ඒ අතීතය ගැනම හිත හිත ඇදෙන් හාන්සිවුනේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියලා අවිනිශ්චිතතාවෙන්...

Pov end




ඇත්තටම ජේකේ මේ ඉයුන්ට පෙන්නන ආදරේ ඇත්තක්ද?? නැත්තම් තාම මේක රගපෑමක්ද?? නිකන් සම්පූර්ණ කර ගන්න බැරිවුන.. නිකමට හරි ආදරේ ඇත්ත නම්, ඒත් ඉයුන් ඒකට ඉඩ දෙයිද?? තාම ආදරේ හිතේ තියන් ඇයි ඉයුන් ජේකේව අයින් කරන්නේ?? ඉයුන් ජේකේට නොකිව්ව කතාවේ ඉතුරු ටික මොකක්ද??

Plz comment and vote readers 💜💐

Bạn đang đọc truyện trên: AzTruyen.Top