Chapter 9

පසුදින සුපුරුදු විදිහට මන් වැඩට ගියා.. Loan application එකකුත් අරගෙන room එකට ගිහින් ඒක fill කරලා භාර දුන්නා.. දැන්නම් මාර නිදහසක් දැනෙන්නෙ 😌😌😌

ඒත් මන් මෙහෙම කලාට කෙනෙක් කැමති නෑ.. ඔව් ඒ jin.. එයාට ඕනේ මන් මේකෙන් අයින් වෙන්න.. අවංකවම මටත් ඒක හිතිලා එයා වෙනුවෙන් අයින් වෙනවා කියල හිතන් එදා ගෙදර ගියේ.. ඒත් අම්ම එහම අඩනවා බලගෙන ඉන්න මට බෑ.. මට සමවෙන්න
jin... මට වෙන කරන්න දෙයක් නෑ.. 😢😢😢

" yoha, මොක්ද report එකේ තත්වේ??"

"ආ සර් මන් ඒක අද හවසට දෙන්නම්.. තව පොඩි වැඩ වගයක් තියනවා.."

" oky yoha"

............................................

මෙ report එක ඉවර කරන්න මන් bangtanලාගේ පොඩි interview එකක් ගන්න හිතාගෙන උඩට ගියා.. Manager ඒ ඔක්කොම ලෑස්ති කරල තිබ්බෙ..

මන් එයාලගේ office room එකේ door එකට තට්ටු කරල,

" මන් ඇතුලට එන්නද?"

" ආ කවුද?"

ඇතුලෙන් කවුරු හරි එහෙම අහද්දි නම් මට බයක් හිතුනේ එයාල busy වෙලාවක මන් මේකත් උස්සන් ඇවිල්ලද කියල හිතලා...

" මන් yoha.. Report එකේ interview එකට ආවෙ"

"ආ ඔයාද? එන්න එන්න ඇතුලට"

මන් ඇතුලට යද්දි ඔක්කොම වගේ මන් දිහා බලන් හිටියේ නිකන් පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ... 😒😒😒

හැබැයි කෙනෙන් ඇර.. ඔව් jin මන් දිහ බැලුවෙවත් නෑ..

මන් මගේ හිතටම කියාගත්තෙ මට සමවෙන්න jin කියල 😑😑😑

"දැන් මොකක්ද අපෙන් වෙන්න ඕනෙ?? " එහෙම ඇහුවෙ suga 🐱

"ලබන සතියෙ තියන program එකට කරපු trailer එක ගැන පොඩි interview එකක් තමා මට නම් ඕනේ..."

හිතුවට වඩා මෙයාල ගොඩක් friendly... එක එක්කෙනා ගානේ අරන් මගේ වැඩෙ ලස්සනට මන් කරගත්තා... අන්තිමට ආවෙ jin ලගට

" jin ඔයාගෙ අදහස?"

එහෙම කියල මන් බයෙන් එයා දිහා බැලුවා... හ්ම් එයා ඒයාගේ idea එක කියාල ඉවර වෙලා අනිත් අයට නෑහෙන විදිහට 😢😢

" ඔයාට පලිගන්නද ඕනේ?? හරි මාත් ඔයාට පලිගන්න හැටි පෙන්නන්නම්?

" අනේ jin මට එහෙම ඕනේ නෑ.. "

" ඔයාට මන් කිව්ව දේ නිකන්ම වචනයක් වුනා නේ?"

එහෙම කියලා එයා නැගිටල එලියට ගියා 😢😢😢😢

ඔයාල බලනව ඇති නේ ඇයි මට ඇත්ත කියන්න බැරි කියලා..මන් එයාට මගෙ අවුල කිවුවොත් එයා මට සල්ලි දෙයි.. මට මේකෙන් අයින් වෙන්න වෙයි... ඒත් අන්තිමට ආදරෙ අමතක කරන්න සල්ලි ගත්තා කියන හැගීම මගේ ලග හැමදාටම ඉතුරු වෙයි.. එයා වුනත් මන් එයා කියුව දේ කරන්න සල්ලි ගන්නව කියල හිතයි, මොකද කටවත් ඇත්ත හොයන්න ඕනේ නෑනෙ... අන්න ඒකයි මෙහෙම දුකක් විදන් හරි මන් වැඩට එන්නෙ 😥😥😥😑

.............................

"excuse me miss, manager ඔයාට එන්න කිවුවා"

"ආ හරි මන් එන්නම්"

මන් ගියේ ඇයි මට කතා කලේ කියල බලන්න...

"සර්, මට කතා කළාද?"

"ආ yoha, එන්න වාඩි වෙන්න, නෑ ඔයා loan එකක් apply කලාද?"

" අනේ ඔව් සර්.. ගෙදර පොඩි ප්‍රශ්නයක්, ඒකට සල්ලි හදිස්සියක්"

"ආ ඒක තමා මන් බැලුවේ.... හරි මන් ඒක හදල දෙන්නම්.. ඒක නෙමෙයි ලබන සතියේ අපේ කොල්ලො ටිකේ අලුත් වැඩේට අපි ටෝකියො යන්න ඕනෙ... ඔයාට details හම්බුනානෙ"

"ඔව් සර්... මන් ලෑස්ති වෙන්නම්"

" හරි එහෙන්ම් ඔයා යන්න, මන් ඕක මතක් කරන්න එන්න කිවුවේ.."

"හරි සර්... "

වාසනාව හොදටම වැඩියි කියන්නෙ, ඉස්සර jin පේනමානෙ ඉන්න දකින්න කතා කරන්න කොච්චර ආසද?? දැන් මතක් වෙද්දි බයක් දැනෙන්නෙ...

................ සතියකට පසු හරියටම අගෝස්තු 5...............

" good morning everybody, අපි අද ඉදන් අපේ අලුත් වැඩේට හරියටම සති දෙකක් යොදවනවා.. මන් විශ්වාස කරනව ඔයාලගෙ උපරිම සහයෝගය ලබාදෙයි කියලා.."

එහෙම කතා කරගෙන කට්ටිය බඩුත් අරගෙන vehicle එකට නැග්ගා.. Bangtan කොල්ලෝ එන්නෙ වෙනම vehicle එකක.. එයාලගෙ vehicle එක පස්සෙන් අපිත් airport එකටම ගියා... හරියටම පැය 10කින් අපි ටෝකියො වලට ළගා වුනා... ගොඩක් රෑ වුන නිසා එහෙම්ම අපි වෙන් කරපු hotel එකට ගියා.. මායි තව අපේ staff එකේ girlsලා තුන්දෙනෙකුයි එකම room එකේ හිටියේ... Bangtanලා හිටියෙ වෙනම VIP room වල.. වෙන වෙනම room 7k එයාල වෙනුවෙන් ලෑස්ති කරලයි තිබුනේ..

හිතුවට වඩා ලස්සනට අපේ වැඩේ තිතටම කරගත්තා.. ගොඩක් අය මට ප්‍රශංසා කලේ මගේ පලවෙනිම වැඩේ මන් හොදටම කලා කියලා... මටත් සෑහෙන්න සතුටුයි... මේ දවස් 10 පුරාම අපි ගොඩක් busy වුනා.. ඒ නිසා අපේ personal දේවල්වලට කාලයක් තිබ්බෙ නැතිම තරම්... අන්තිම දවස් 4 අපිට තිබ්බෙ අපේ වැඩවලට. හරියට shopping වගේ දේවල්වලට... සති දෙකක් එකට හිටියට තාම මගේ මූණ බලල jin කතා කරන්නෙවත් නෑ..

"හෙට 7ට staff party එක තියනවා ළමයි"

ඔව් හෙට තමා අපි මෙහෙ ඉන්න අන්තිම දවස... අනිද්දා අපි ආයේ korea යනවා...

...................... පසු දින රෑ

මන් ටෝකියෝවලින්ම මට ලස්සන frock එකක් ගත්තා.. ඒකත් ඇදගෙන පොඩි makeup එකකුත් දාගෙන මන් party එක තිබ්බ hall එකට ගියා... මාර බයක් මට දැනුනේ... මෙහෙම එකකට යන first time නේ ☺️☺️☺️☺️

මන් ඇතුළට යද්දි ඔක්කොම මගේ පැත්තට හැරුනේ මාව මීට කලින් දැකල නෑ වගේ...

"මොකද මේ කට්ටිය මන් දිහ බලන්නෙ?? මගේ මොකක් හරි වැරැද්දක්ද?? Makeup එකවත් අවුල් වෙලාද" මන් මගේ හිතිනම ඇහුවා

" yoha මෙහෙට එන්න"

එහෙම කිවුවේ jiyal.. එයා මාත් එක්ක වැඩ කරන කෙනෙක්.. ඉතින් මන් එයා ඉන්න තැනට ගියා..

" අනේ ඔයා අද ගොඩාක් ලස්සනයි yoha"

" අනේ ඔයත් ගොඩක් ලස්සනයි"

" joke නෙමෙයි ඔයා අද princess කෙනෙක් වගේ... අනිවා අද නම් ඔයා තමා දවසේ topic එක වෙන්නෙ... "

එහෙම කියද්දි මට හිනා ගියේ ලජ්ජාවට..

"කෝ අපේ කොල්ලො ටික"

" අර ඉන්නෙ.."

" ඔයා ඉන්නෙ අද topic ටික.. බලන්නකෝ අනේ ලස්සන... අපි කොනේනෙ මෙයාල එක්ක"

එහෙම මන් කියුවේ එයාල අද ගොඩාක් ලස්සන නිසා.. අද විතරක් නෙමෙයි ඉතිම් ☺️☺️☺️☺️

" හරි හරි yoha, ඒත් මෙහෙම ලස්සනට ඔයාව දැකල නෑනේ... "

ඔන්න ඔහොම අපි ඉතින් ඕපදූප කියව කියව හිටියා.... Jin මගේ දිහත් බලනවා මන් දැක්කා. ඒත් නපුරුකම මූනේ පිරිලා 😒😒😒

.....................

" excuse me"

" ආ ඔව් කියන්න"

කලින් දැකල නැති ලස්සන කොල්ලෙක් මන් ලගට ඇවිත් කතා කළා... මාව එක පාරට ගැස්සුනේ කවුද කියල හිතාගන්න බැරුව....

Plz comment and vote, If you feel this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top