Chapter 15 ( final)
ජීවිතේ හරිම සංකීර්ණයි.. මිනිස්සු එනවා යනවා.. ගොඩක් අය කියනවා ප්‍රථම ආදරයට වඩා හදවතට දැනුන ආදරේ අමතක කරන්න බෑ කියලා.. හ්ම් ඔව් ඒක ඇත්ත.. මගේ ආදරේ වෙනස වුනේ ප්‍රථම වගේම හදවතට දැනුන ආදරෙත් එකම ආදරයක් වුන එකයි... අම්මයි මායි පුළුවන් විදිහට ජීවත් වුනා.. අම්මට මාව බන්දල දෙන්න ඕනේ වුනත් මට බැරි වුනා මගේ මතකයන් වලින් මිදෙන්න.. Mr.hoso මන් අන්තිමට එහෙන් එද්දි මාත් එක්ක ගොඩක් වෙලා කතා කළා.. එයාට ඕනේ වුනේ මට උදව් කරන්න, ඒත් මන් දන්නවා ඇයි එයා මට උදව් කරන්නෙ කියල.. කළින් කිව්වා වගේම එයා නරක කොල්ලෙක් නෙමෙයි, හැබැයි ආදරයක් බලෙන් ඇති කරගන්න බෑ.. සල්ලි ලස්සන කොච්චර තිබ්බත් ආදරයක් නැත්තම් මගේ හිතේ, බොරුවක් කරන්න බෑ මට.. අදටත් mr.hoso මට කතා කරනවා... හැබැයි මට එයාට ආදරේ කරන්න කියල කියන්නෙ නෑ. මට දැන් මගේ දෙයක් කියන්න ඉන්නෙ අම්මයි mr.hoso විතරයි...
" yoha හෙට mrs.teonse එනවා එයාගේ අලුත් පොත launch කරන්න... 8 වෙද්දි එන්න ඕනේ"
"හරි මිස්, මට මතකයි... හෙට නම් ගොඩක් වැඩ තියෙයි නේද???"
"ඔව් අනිවාර්යයෙන්, කට්ටිය ගොඩක් හෙට එයි... ඒ නිසා වැඩ නම් වැඩි වෙයි ගොඩක්..."
හෙට අපේ bookshop එකේදී මෙහෙ ඉන්න ලොකු ලේකිකාවක් එයාගෙ අලුත්ම පොත launch කරනවා... කොහොමත් ඒක ගන්න එයා එක්ක කතා කරන්න එයාගෙ fansලා ගොඩක් එයි...
ඉතින් අදට වැඩ ඉවරයි.. මන් දැන් ගෙදර යන්නයි ලෑස්ති වෙන්නෙ.. හරියටම රෑ 9යි වෙලාව.. හෙට වැඩේට පොඩ්ඩක් අපි අපේ bookshop එක ලෑස්ති කළා.. ඒකයි අද වෙනදට වඩා පරක්කු වුනේ.. මන් ඉතින් තනියම phone එකත් ඔබ ඔබ ඇවිදගෙන ගියා....
...................................
මන් වෙනදා වගේම තනියම phone එක ඔබ ඔබ ගියා.. නුපුරුදු දෙයක් නෙමෙයි මට මේක.. හැබැයි අද නම් ගොඩක් රෑ වෙලා වගේ කියල මට දැනුනා.. මන් යන පරේ එහා පැත්තෙ වෑන් එකක් නවත්තල තිබ්බා.. හ්ම් ඔව් ඒක idolsලා යන වෑන් එකක් කියල දැක්ක ගමන් මන් අදුරගත්තෙ කලින් BH එකේ වැඩ කරපු නිසා.. එයාල මේ වගේ ගොඩක් රෑ වුනාම තමා හුළගක් වදින්න හරි එළියට එන්නෙ.. නැත්තම් නිදහසක් නැති නිසා.. හ්ම් මන් ඉතින් ඒ පැත්ත බලන්නෙත් නැතුව එතන පහුකරගෙන ගියා...
" yoha....."
හොදටම හුරුපුරුදු කටහඩක්... මාව ගැස්සිලා ඒ පැත්ත හැරුනේ මගේ නම කිව්ව ගමන්...
"ආ......"
" yoha, මේ මන්"
එහෙම කියාගෙන වෑන් එක ඇතුලෙන් කෙනෙක් එලියට ආවා.. ඔව් ඒ jin තමා.. මට අදහගන්න බැරුවුනා... මගේ මූණේ තිබ්බ කම්මැලිකම කොහෙන් ගියාද මන්දා.... එයා එලියට ආවේ ගොඩක් සතුටෙන් කියල ඒ මූණේ තිබ්බ හිනාවෙන් මට තේරුනා.. මටත් කියාගන්න බැරි සතුටක් ඇති වුනේ හිතුවා වගේම මට මගේ ඇස් දෙකට ආයේ එයාව එක පාරක් හරි දකින්න හම්බුන නිසා....
" jin ඔයා... ඔයා මේ.."
එහෙම කියාගෙම මන් එයා ළගට දිව්වේ හිතාගන්නත් බැරි සතුටෙන්... Band එකේ අනිත් අයත් ගොඩක් සතුටෙන් බලන් හිටියා.... මට එච්චරයි මතක... 😥😥😥😥😥😥
මන් එයා ළගට දුවද්දි එක පාරට car එකක ලයිට් එකක් මගේ මූණට වැදුනා.. මාව ඒකේ හැප්පුනා.. මන් හිටිය තැන ඉදල ආපස්සට මාව විසික්වුනා.. ලාවට වගේ මට පෙනුනා jin මගේ ළගට දුවගෙන එනවා... එයාගේ ලස්සන ඇස්වල මන් වෙනුවෙන් කදුලු ගොඩක් පිරිල තියනවා මට හොදට මතකයි... එහෙම්ම එයාව බොදවෙලා ගියා... එතනින් පස්සෙ මට මොකද වුනේ මන්වත් දන්නෙ නෑ.. මන් හිතුවේ නෑ මේ අපි එකිනේකා දකින අන්තිම අවස්ථාව කියල... හ්ම් මට යන්න වෙලාව හරි.. එහෙනම් jin මන් නවතින්නම්.. අන්තිම වතාවටවත් ඔයාට මන් මෙච්චරක් ආදරේ කළා කියල කියාගන්න මට බැරි වුනා.. ඒත් ඔයාගෙ ආදරේ මන් දැක්කා.. අවුරුදු ගාණකින් දැක්කත් එක තප්පරයෙන් මාව අදුරගන්න තරම් මන් ඔයගේ හිතේ ජීවත් වෙලා.. මාව හැප්පුන වෙලේ ඔයාගෙ ඇස්වල තිබ්බ කදුලු වලින් ඔයාගේ ආදරේ මන් දැක්කා..
ආදරේ කියන්නෙ හිමිවීමම නෙමෙයි... අයිතිකරගන්න එකම නෙමෙයි.. සමහර වෙලාවට ආදරේ කියන්නෙම නැතිවෙන එක.. කාටවත් අපේ ආදරේ බොරුවක් කියන්න බෑ.. මීට අවුරුදු ගානකට කලින් පලවෙනි පාරට මන් එයාව දකිද්දි තිබ්බ හැගීම අන්තිම පාර මගේ ඇස් දෙක වැහෙද්දිත් තියනවා.. හීනේ වෙනුවෙන් මාව අතැරිය එයා ඒ අවුරුදු ගාණටම මගේ ගැන තිබ්බ ආදරේ ලස්සනට පරිස්සම් කරලා... අදටත් දැක්ක සැනින් මාව අදුරගන්න තරම් ඒ ආදරේ ගොඩක් ශක්තිමත්...
ඔව් මෙහෙම අපේ කතාව අවසන් වුනා... මන් නවතින්නම්... මන් කියන මේ කතාවේ jinට මොකද වුනේ කියන්න මට බැහැ.. මන් මෙතනින් එහා කතාවක් දන්නෙ නෑ.. හැබැයි එයා ලස්සනට ඉන්න එක මගේ එකම ආසාව....
හීනයක් පස්සෙ දිව්ව කොල්ලෙක්... අතරමගදී හිතුවෙවත් නැති ආදරයක් එයාට හම්බෙනවා.. ජීවිතේ හීනෙකට කොටුකරගෙන හිටිය කොල්ලෙක් ලස්සන ආදරයක් නිසා වෙනම ලෝකේකට ගියා... ආදරේ ඈත් කලත් හැමවෙලේම ඒ ආදරේ එයාගේ ඉස්සරහට ආවේ ඉරණම නිසා වෙන්න ඇති... හරි පරිස්සමට හිතේ ආදරේ පරිස්සම් කරපු කෙල්ලෙක්... කොල්ල වෙනුවෙන් ආත්ම 7ක් වුනත් බලන් ඉන්න තරම් අවංක කෙල්ලෙක්.. හැබැයි මොකක් නිසාද මන්දා අද එයාලට එයාලව සදහටම නැති වුනා.. හ්ම්ම් ආදරේ මේක තමා.. හිමිවීම් අහිමිවීම් තමා ආදරේ කියන්නේ. හිමිවෙවා ආදරේ කරන හැමෝටම එයාලා පතන ආදරේ.. අහිමි නොවේවා එවන් ආදරයන්....
අවසානෙට හීනෙයි ආදරෙයි අතරෙන් හීනෙම විතරක් ඔහුට ඉතුරු වුනේ ඒ අවංක ආදරේ හැමදාටම මතකයක් පමණක්ම කරලා....
Plz comment and vote, If you feel this story 💜💜💜 Thank you all for ur votes and supportive comments
Bạn đang đọc truyện trên: AzTruyen.Top