Chapter 12

ජීවිතේම කලකිරිලා හිටිය මට මගේ ජීවිතේ ගැන ලොකු අසතුටක් ඇති වුනේ ආදරේ වෙනුවෙන් මෙච්චර කල් බලන් හිටියට මට හම්බුන දේ ගැන හිතලා... අයිති නැති දේවල් කොහොම කලත් අපිට ලැබෙන්නෙ නෑ ඒකයි මන් පිලිගන්න අකමැති වුන ඇත්ත.. හැබැයි දැන් මට තේරෙනවා jin කියන්නෙ මට හීනයක්ම විතරයි කියල..... 😢😢😢😢

...........................................

කාලය ගෙවිල ගියා, ආසවක් නැති වුනත් loan එක නිසා මට වැඩට යන්න වුනා.... දවස් සති මාස ගෙවිල ගියා... මේ මාස කිහිපයටම මට jinව දෙතුන් පාරකට වඩා හම්බුනේ නෑ.. ඒ හම්බුන හැම පාරම මන් එයාව මගඇරලා ගියේ මට මගේ හිත කොහොම හරි හදාගන්න ඕනේ වුන නිසා.......

" yoha, ඔයාට guest කෙනෙක් ඇවිල්ල ඉන්නවා... මන් room එකට එන්න කියන්නද??"

මට reception එකෙන් call එකක් ආවා..

"ආ හරි එන්න කියන්න"

...................

"මන් ඇතුලට එන්නද?"

හුරුපුරුදු කටහඩක් ඒක....

"ඔව් එන්න"

මට හිතාගන්න බැරි වුනා.. Mr.hoso ඒ..

" mr.hoso ඔයා???? කොහොමද? එන්න වාඩි වෙන්න"

Mr.hoso ඇවිල්ල වාඩි වෙලා අපි කතා කලා පැය භාගයක් වගේ... ඒ අතරේ business ඒවා වගේම personal දේවලුත් කතා කලා..

" yoha, මන් ඔයාගෙන් ඇහුව දේ ගැන ඔයා මට කිසි උත්තරයක් දුන්නෙ නෑ"

"ආ මේකයි.. මට එහෙම දෙයක් ගැන දැන්ම හිතන්න ආමරුයි mr.hoso"

"ඇයි ඔයා එහෙම කියන්නෙ?? මාව අවිශ්වාස ද? අපි ආශ්‍රය කරල බලමු කිව්වේ ඒකයි"

"අනේ එහෙම එකෙක් නෑ, ඒත් මට affair එකක් ගැන හිතන්න බෑ"

එහෙම කියල මන් බිම බලගත්‍තා.. මන් දන්නවා මට දැනෙනවා mr.hoso නරක කෙනෙක් නෙමෙයි කියල,ඒත් මට බෑ මගේ හිත බලෙන් වෙනස් කරගන්න.

"මන් උත්සහ කරන්නම් මේක ගැන හිතන්න.. ඒත් මට කාලය ඕනේ... හැබැයි ඔයා මන් වෙනුවෙන් බලන් ඉන්න එක බොරු වැඩක් mr.hoso..."

" එක මට mr.hoso කියන්න එපා... දෙක මට ඔයා වෙනුවෙන් බලන් ඉන්න පුලුවන්"

"මට තේරෙන්නෙ නෑ... ඔයාට මීට වඩා තේරුම් කරන්න"

"ඔයාට ආදරේ එපා වෙලාද තියෙන්නෙ?? හැමෝම එක වගේ නෑ... මන් හෙට 5ට ඔයාව ගන්න එනවා... Car park එකේ ඉන්න... මන් එහෙනම් යනවා.."

මට වචනයක්වත් කතා කරන්න වුනේ නෑ.. එහෙම කියල එයා ගියා... ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියන්නෙ මේකට. මන් මගේ හිත හදාගන්න උත්සහ කරනවා, මෙයා වෙන දෙයක් කතා කරනවා..... 😢🥺

...............................

වැඩ ඉවර කරල යන්න බඩු ටික ලෑස්ති කර කර මන් හිටියේ, එක පාරට දොර ඇරෙන සද්දයක් ආව නිසා මන් හැරිලා බැලුවේ... 😳😳

" jin "

" ඕ මන් තමා"

"ඔයා ඇයි මේ වෙලේ මෙතනට ආවේ... කවුරුහරි එයි"

" ඉතින් මොකද?? මන් දැන් මෙතන කාටහරි බය වෙන්න ඕනේද?"

"ඔයාට ප්‍රශ්නයක් නැති වුනාට මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. Please මෙතනින් යන්න දැන්"

මන් යන්න කිව්වට එයා ගියේ නෑ..මගේ ළගට ටික ටික ළං වුනා... මට කරගන්න දෙයක් නැති වුනා.. මන් jinව තල්ලු කරගෙන යන්න හැදුවට එයා මාව තද කරල බිත්තියට හේත්තු කලා..

" jin ඔයා සෙල්ලම් කරන්නෙ මගේ job එකත් එක්ක.. අනේ මට යන්න දෙන්නකෝ"

මන් අඩ අඩ ඒයාගෙ එහෙම ඉල්ලුවෙ මන් ගොඩක් බයවෙලා හිටිය නිසා.... නිවුනු කටහඩකින් jin මට කතා කළා...

" hoso අද මොකටද ඔයාව හම්බෙන්න ආවේ?"

" විශේෂ දෙයක් නෑ.. ඒත් ඔයාට ඒක වැඩකුත් නෑ"

"කියනවා එයා මොකටද ආවේ??"

හෙන සද්දෙන් jin කෑගහගෙන බිත්තියට ගැහුවා... මාව ගැස්සුනා.. කවදාවත් jin මෙහෙම හැසිරෙනවා මන් දැකල තිබ්බෙ නෑ..මට මෙහෙම කතා කරලත් නෑ.. මන් බයටම අඩ අඩ බිම ඉදගත්තෙ මගේ ඇගම පණ නැති වුන නිසා... එයත් මගේ ලගට පාත් වුනා..

" yoha, මන් අහන්නෙ ඇයි එයා ආවෙ කියල... මොකටද ආවෙ"

මට උත්තර දීගන්නත් බැරි තරම් ඇඩුනා...

" yoha, please අඩන්න එපා.. මට සමාවෙන්නකෝ..මට එයා ආවෙ ඇයි කියන්න"

" අනේ jin ඇයි මෙහෙම කරන්නෙ?? මන් කවුද jin ඔයාගේ?? අනේ මට ඉන්න දෙන්න..."

" බෑ ඔයාට බෑ..කියන්න ඇයි ආවේ??"

" ඔයා මෙහෙම කරන එක වැරදී...ඔයාගෙ girlfriend මේ දේවල් දැනගත්තොත්...."

" ආ...... "

එහෙම කිවුවම එයාගෙ මූණම වෙනස් වුනා... ටග්ගලා මගේ ළගින් නැගිට්ටා.. නැගිටල යන්න හැදුවා......

"ඇයි? ඔයාට එයාව අමතක වුනාද?"

" ඔව් yoha, මට ඔයා කාව හම්බුනත් මොකද?"

" ආ ඔව් mr.hoso ආවා.. මාව එයාගෙ කරගන්න ඒයාට ඕනේ... මන් හෙට එයාට මගේ කැමැත්ත කියනවා..."

ඇයි මන් මේව කිව්වේ කියල මන් දන්නෙ නෑ..කෙන්තියටම කියවුනා... මන් කියන ඔක්කොම අනිත් පැත්‍ත හැරිල අහන් ඉදලා එයා එහෙමම්ම යන්න ගියා....

😢😢😢😢😢😢😢😢😢

මට jinව අමතක කරන්න බෑ.. ඒත් එයාට බෑ මට මෙහෙම කරන්න.. එයා මාව පාලනය කරන්න යනව කියල මට හිතුනා....

.............................

මන් අද වැඩ ඉවර කරල ගෙදර යන්න ලෑස්ති වුනේ.... අද mr.hoso එනවා කිව්වා.. ඇත්තටම මට යන්න ඕනේ කමක් තිබ්බෙ නෑ. ඒත් එයා බලාගෙන ඉන්නව, ඒ වගේම මට ඕනේ වුනේ මන් ඔයා ගැන හිතන්නෙ නෑ කියල jinට පෙන්නන්නයි... ඒ නිසා මන් car park එකට ගියා... Mr.hoso කිව්ව වෙලාවටම ආවා.. මන් එයාගේ car එකට නැග්ගා... මට මාවම තේරෙන්නේ නෑ... අපි cafe එකකට ගිහින් විස්තර කතා කලා..

" yoha..... මන් දන්නවා ඔයාට ආදරේ ගැන විශ්වාසයක් නෑ කියල... ඔයා school කාලේ ආදරේ කරපු කෙනා ඔයාව රැවට්ටුවා කියල හැමෝම ඒ මිම්මෙන් මනින එකෙන් ඔයාගේ ජීවිතේට එන ඇත්තටම ආදරේ කෙනාවත් ඔයා නැති කරගන්නවද?"

" ආ..... ඔයා කොහොමද මේ දේවල් දන්නෙ??"

" දැන් ඔයාට තියන ප්‍රශ්නේ මන් මේවා දැනගත්ත විදිහද දැන්???"

"කියන්න කවුද ඔයාට මේව කිව්වේ???"

" කවුරුහරි.... "

එහෙම කියල එයා මගේ අත්දෙකෙන් ඇල්ලුවා..

"මන් ඔයාට ඇත්තටම කැමති... මුලින්ම ඔයාව දැක්ක ගමන් මට ඔයා ගැන ආදරයක් ඇතිවුනේ.... පුලුවන් නම් මට අවස්ථාවක් දෙන්න.."

මන් මොකක්ද කියන්නෙ, මටම හිතාගන්න බෑ..

"මට ටික කාලයක් හිතන්නෙ ඕනෙ 😢😢"

ඇත්තටම මට හිතන්න කාලයක් ඕනේ නෑ.. මට කොහොමත් වෙන කෙනෙක් ගැන හිතන්න බෑ.. Jin මට අයිති නැති වුනාට මට ඕනේ වුනේ මගේ පාඩුවේ තනියම ඉන්න විතරමයි.. මන් කාලය ඉල්ලුවේ මට කියන්න වෙන දෙයක් නැති නිසා.......

" හරි ඔයාට කොච්චරකල් ඕනේද? හැබැයි මන් ඔයාව බලන්න එනවා හැමදාම"

"ආ.... නෑ එහෙම කරන්න එපා... ඒක මන් වැඩ කරන තැන"

"හරි හරි ඔයා බයවෙන්න එපා... ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. කොහොමත් මන් මේ සතියේ වැඩ වගයකට එන්න ඉන්නේ..."

අනේ මන්දා මෙය හැමදාම ආවොත් මට job එකෙන් අයින් වෙන්න වෙයි... මට මොනා කරන්නද හිතාගන්න බෑ.. මෙයාට අණ කරන්නත් බෑ, jinට අණ කරන්නත් බෑ.. ඔක්කොම මගේ පිට තමා ඉතින් 😑😑😑

............................................

සුපුරුදු පරදි මගේ වැඩ කරගෙන මන් ඉතිම් හිටියා... Mr.hoso එයාගේ වැඩවලට අපේ office එකට එනෝ යනෝ.. ඒ අතරින් මාවත් හම්බෙන්න අමතක කරන්නෙ නෑ.. අනේ මන්දා mr.hoso මගේ කැමැත්තක් නැතුවම මන් ගැන හොයනව හිතනවා... මන් කැමැත්තක් දෙන්න කැමති කෙනාට මාව මතක් වෙන්නෙ වෙලාවකට විතරයි...

" Hey babygirl"

" mr.hoso කොහොමද? වැඩේ කරගත්තද??"

"ඒවා නම් කොහොමහරි කරගත්තා කියමුකෝ, ඔයා මට මුකුත් කියන්නෙ නෑනේ....

Mr.hoso එහෙම කියද්දිම jin rm එක්ක room එකට ආවා...

"මොනාද අපේ yoha ඔයාට කියන්නෙ නැත්තේ hoso"

" නෑ rm, මන් මේ කෙල්ලගේ පස්සෙන් මෙච්චර යනවා, මෙයා මුකුත් කියන්නෙ නෑනේ.... මගේ එච්චර අඩුපාඩුවක් තියනවද"

"අනේ නෑ mr.hoso... මේ මන්"

" ආයේ mr mr ගානවා..."

" ආ ඔයාලා අතරේ affair එකක් තියනවද??"

"තියෙන්න තිබ්බ මේ කෙල්ල කැමති වෙනව නම්.. කොහෙද නෑනේ jin... මන් කොච්චර අහනවද 😢😢"

"ඇයි yoha ඔයා මෙයාට අකමැති.. Mr.hosoගේ කිසි අඩුවක් නෑ...."

එහෙම කිව්වේ jin.. කොහොම කියනවද මන්දා... එයා හොදටම හේතුව දන්නවා.. ඒත් කිසිම හිතක් පපුවක් නෑ වගේ කතා කරනවා..

"හරි හරි yoha හිතන්නකෝ එහෙනම් තව.. මන් බලන් ඉන්නවා.... මන් යනවා එහෙනම්"

එහෙම කියල mr.hoso ගියා....

"ඇයි එයාට අකමැති ඔයා"

"ඒකෙන් වැඩක් නෑ.. ඇයි ඔයාලා ආවේ? මොකක්හරි වෙන්න තියනවද මගෙන්???"

"ඇයි ඔයා එයාට අකමැති?"

ආයෙම jin මගෙන් ඒක අහද්දි නම් rmට පුදුම හිතුනා..

" yoha කැමති වෙන කෙනෙක් ඇති, එහෙම නේද yoha"

" හ්ම්ම්ම්ම්"

"දැක්කනේ මන් කිව්වේ.... අපි ප්‍රාර්ථනා කරමු yoha කැමති කෙනාව එයාට හම්බෙන්න කියල"

"මන් නිසාද එයාට අකමැති වුනේ??"

Jin එක පාරටම එහෙම ඇහුවම මන් විතරක් නෙමෙයි rm පවා උඩ ගියා... මට එක පාරටම rm දිහා බැලුනා.. එයා jin දිහා බලන් ඉන්නවා... Jin මන් දිහා බලන් ඉන්නවා....

"මොනාද jin මේ කියන්නෙ?? ඇයි yoha ඔයා නිසා mr.hoso ට අකමැති වෙන්නේ????"

" මොකද මෙයා තමා මගේ debut එකට කලින් හිටිය කෙල්ල... ඔයාලට කිව්වේ මෙයා ගැන තමා..."

" මොකක්??? "

" jin දැන් මේක හොදටම ඇති.. මන් mr.hosoට කැමති නෑ.. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා..."

"මන් එලියෙන් ඉන්නම්"

එහෙම කියල rm එලියට ගියා.. ඒත් දැන් මොනා වෙයිද කියල දෙයියෝ තමා දන්නෙ... Jinගේ කලින් කෙල්ල මන් කියල මෙයාල දැනගත්තොත් මාව අනිවර්‍යෙන් අයින් කරනවා.. මොකද ඒක jinට ප්‍රශ්නයක් වෙන නිසා..

"මොනාද ඔයා මේ කරන්නෙ?? මන් මෙහෙ වැඩ කරන්නෙ මගේ loan එක ඉවර වෙනකන් විතරයි.. Please මට ඉන්න දෙන්න.. හැමෝම මේක දැනගත්තොත්... 😥😥😥😥"

" rm මේක කාටවත් කියන්නෙ නෑ.. ඒත් ඔයා මන් නිසාද මෙහෙම කරන්නෙ?? එහෙනම් ඒක බොරු වැඩක්... මොකද මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා.... ඔයා ඔයාගේ ආදරේ හොයාගන්න... මට බෑ මේ දේවල් වලට වගකියන්න..."

"ඔයා ආදරේ කරන කෙනා එදා මන් lift එකේ දැක්ක කෙනාද??"

"හ්ම්ම්ම්ම් ඔව්... Next year අපිට relationship වලට අවසර හම්බෙයි ගොඩක් දුරට.. එතකොට අපි අපේ affair එක ගැන කියන්න ඉන්නේ.."

"හ්ම්ම්ම්ම්ම් congratulations 🥺☺️"

"ඔයාත් ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න..."

"හ්ම් ඔයා ඒ ගැන හිතන්න එපා.. ඒත් මට දෙයක් අහන්න පුලුවන්ද ඔයාගෙන්"

" හ්ම් "

" ඇයි මෙහෙම කරන්නෙ ඔයා?? "

"කොහොමද?"

" mr.hoso මාව හම්බෙන්න ආවම ඔයා එදා හැසිරුනේ හිතාගන්නවත් බැරි විදිහට.. ඔයාට මගෙන් වැඩක් නැත්තම් ඇයි ඔහොම හැසිරෙන්නෙ?? අනික jin ආදරේ කලේ මන් විතර නම් මන් ඒ දුක විදගන්නම්... ඔයා මන් ගැන හිතන්න එපා"

"ආදරේ කලේ ඔයා විතරයි 😳😳 මොනාද ඔයා කොහොමද එහෙම කියන්නෙ????"

" ඇයි නැතුව ඔයාත් ආදරේ කලා කියලද කියන්නෙ... කොහොමද jin එහෙනම් ඔයා මෙහෙම කතා කරන්නෙ??"

"මන් යනවා"

එහෙම කියල එයා ගියා.. මගේ කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් එයාගෙන් හම්බුනේ නෑ.. හ්ම් ඒ කියන්නෙ එයා ඇත්තටම ඒ කෙල්ල එක්ක 😢😢 මට හිතාගන්න බෑ.. මගේ කකුල් වෙව්ලන්න වගේ.. එහෙම්ම ම පුටුවෙන් ඉදගෙන මන් කල්පනා කලේ මන් දැන් මොකක්ද කරන්නෙ කියල....

Plz comment and vote, If you feel this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top