Chapter 10

"මාව අදුරන්නෙ නෑනේද? බය වෙන්න එපා.. මන් kim hoso හදුනාගන්න ලැබීම සතුටක්..."

එහෙම කියල මගේ දිහාට අත දික් කලා.. බයටද මොකටද මන්දා මට මුලින්ම බැලුනේ jin දිහා.. කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා 🥺🥺

" hello මන් yoha"

" මන් Haru Ltd එකේ.... මගේ තාත්තගේ තමා business එක නම්... මාත් පොඩ්ඩක් වැඩ කරනවා ඒකෙ"

යකූ මේ අපේ program එකට sponsor කරන company එකේ ලොක්කගේ පුතානේ

"ආ එහෙමද... මන් එහෙම ගොඩක් අය අදුරන්නෙ නෑ.. මන් අලුත් කෙනෙක්"

" ඒක තමා මාත් බැලුවේ මේ ලස්සන කෙල්ල කවුද කියල"

එහෙම කිව්වම මන් බිම බලගත්තා ☺️🥺😌😌

මන් එයාව දැකලවත් තිබ්බේ නෑ.. අනේ මන්දා අපි ළගට වෙලා ගොඩක් වෙලා එයා හිටියා... එයා මේකෙ special guest කෙනෙක් නිසා ඔක්කොම අපි දිහා සැරෙන් සැරේ බැලුවා.. අනේ මන්දා ඉතිම් 🤷🏻‍♀️🤷🏻‍♀️

" yoha මන් එහෙනම් යනවා... ආයේ හම්බෙමුකො"

"හරි mr.hoso"

ඔන්න එයා නම් ගියා... Jin මන් දිහ කන්න වගේ බලාගෙන ඉන්නවා.. මොකටද ඉතිම් එයා බලන් ඉන්නෙ?? එහෙම හිතලා මන් අනික් පැත්ත හැරුනා...

ටික වේලාවකට පසු .............

" එහෙනම් අද මේ පොඩි function එකට ආව ඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි."

ඒ එක්කම jin මන් ගාවට ඉක්මනටම ආවෙ අනික් පැත්තෙන් mr.hoso එන නිසා කියලයි මට හිතුනේ...

" දැන් යන්න ඔයා"

"ආ ඔව් මන් මේ යන්න හදන්නෙ jin"

"ආ yoha යන්නද හදන්නෙ"

"ආ ඔව් mr.hoso, ඔයා යන්නෙ නැද්ද?"

"මාත් මේ යන්න හදන්නෙ... යන්න කලින් ඔයාව හම්බෙන්න ආවෙ පොඩි දෙයක් කතා කරන්න"

" yoha, මට පොඩ්ඩක් අමාරුයි, ඉක්මනට මගේ room එකට එක්කන් යන්න පුලුවන්ද??"

මන් උඩ ගියේ එක පාරට jin මගේ උරහිසට අත දාලා එයාගෙ බඩ අල්ලගත්ත නිසා...

" ඔයාල දෙන්න?? 😳😳"

" ආ jin මගේ school කාලේ ඉදන් යාලුවෙක්, මන් දැන් යන්න ඕනේ මෙයාව එක්කගෙන"

"හරි yoha.. අපි පස්සෙ හම්බෙමු... එහෙදි ☺️ දැන් මාව දන්නවනේ"

"හරි mr.hoso"

" අපි යමුද yoha????"

එහෙම ඇහුවෙ jin ටිකක් සැර කරල.... මට හිතාගන්න බෑ මෙයාට කොහෙන් ආව අමාරුවක්ද මේ කියලා....

" jin මොකද වුනේ ඔයාට?? මන් managerට inform කරන්නද"

"මට ඇති අමාරුවක් නෑ.. ඔයා මොකක්ද එයා එක්ක කරන්නෙ??? මාව එක්කන් යන්න room එකට.."

"ආ.... Room එකට මන්?"

" ඔව් ඇයි බැරිද? ඔයා මන් කියන දේ කරන්න ඕනේ නේද? Ms.Yoha"

" හරි මන් ඔයාව එක්කගෙන යන්නම්, ඒත් ඔයාට අමාරුවක් නැත්තම් ඇයි මන් එක්ක යන්නෙ ඔයාව??"

මට හිතාගන්න බෑ මොකක්ද වෙන්නෙ කියල... හැබැයි jinට හොදටම තරහ ගිහින් කියල නම් මට තේරුනා.. 🤷🏻‍♀️🤷🏻‍♀️ jin මගේ උරහිසට එයාගෙ අත දාගෙන මාත් එක්ක එයාගේ room එකට ගියා.. වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ මන් මෙයා එක්ක ඉද්දී කාටවත් සැකයක් ඇති වෙන්නෙත් නෑ.. අපරාදේ කලින් අපි අදුරනව කිව්වේ.. එහෙම නැත්තම් මෙයා මට මෙහම ළං වෙන්නෙ නෑනෙ..

" jin ඔයාගේ room එකට ආවා.. මන් එහෙනම් යනවා"

"කොහෙද යන්නෙ?"

"ආ මගේ room එකට යන්න ඕනේ, ඇයි තව මොකක්ද මන් කරන්න ඕනේ??"

" මට ඔයා එක්ක කතා කරන්න ඕනේ, එන්න ඇතුලට"

"අනේ බෑ jin.. කවුරුහරි දැක්කොත් ඔයාටත් ප්‍රශ්නයක් වෙයි"

එහෙම කියද්දිම දොර ඇරපු jin මාව ටග්ගාලා room එක ඇතුලට ඇදල ගත්තා..

" jin 😠😠"

" ඇයි මොකද? කවුරුත් දැක්කේ නෑ.. බය වෙන්න එපා.."

" මන් යන්න ඕනේ, ඔයාටයි මටයි කතා කරන්න දෙයක් නෑනේ නේද"

"නෑ තියනවා මට.. ඔක්කොටම කලින් call එකක් අරන් අද රෑට එන්නෙ නෑ කියන්න room එකේ එක්කෙනෙක්ට"

"පිස්සුද ඔයාට? මන් කොහේ ගියා කියලද කියන්නෙ? අනික මට මෙහෙ ඉන්නද කියන්නෙ රැයක් ඔයා එක්ක"

"ඉස්සර ඔයා මාත් එක්ක අවුරුද්දක් හරි ඉන්න ආසයිනේ yoha??? ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ??"

" ඒ ඉස්සර yoha... අනික එදා ඔයා මගේ boyfriend.. ඒත් අද එහෙම නෑ"

"මන් අදටත් ඔයාගෙ තමා.. "

එහෙම කියල එයා මාව බදාගත්තා තදකරල...

" yoha, මට පාලුයි.. ඔයා පේන්න හිටියේ නැති වුනාම මට දරාගන්න බෑ.. ඒත් ඔයා පේන්න ඉද්දී මට මුකුත් කරගන්න බෑ වගේ, මට මගේ අඩුපාඩු දැනෙනවා yoha 😢😢"

"jin මොනාද මේ කියවන්නෙ?? අපි දෙන්නා ආදරේ කළා, ඒත් ඔයා මට ඔයාගෙන් යන්න කිව්වා ඔයාගේ හීනේ නිසා... දැන් මට මොකක්ද ඔයා කරන්න කියන්නෙ??"

"මගෙන් ඔයාට යන්න පුලුවන්ද? මන් දන්නවා ඔයා අයින් වුනේ නැත්තේ ඇයි කියලා.. එහෙම වුන එක හොදයි"

"ආ........ Jin මන් යන්න ඕනේ..."

"එපා.... Plzz අද මාත් එක්ක ඉන්න, හෙට හවසනෙ මෙහෙන් යන්නෙ plz yoha"

මට මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරිවුනා.. එයා මාව අතඇරියෙම නෑ..

"හරි මන් ඉන්නම් දැන් අයින් වෙන්නකෝ"

එහෙම කිව්වට පස්සෙ එයා මාව අතඇරල අයින් වුනා... මන් එතන තිබ්බ සැටියෙන් ගිහින් ඉදගත්තා..

"ඔයා දැන් wash එකක් දාගෙන ඇවිත් නිදාගන්න"

එයා door එක lock කරල wash එකක් දාගෙන ඇවිල්ල ඇදෙන් හාන්සිවුනේ ගොඩක් මහන්සි පාට මූණක් එක්ක.. මන් සැටියට වෙලා බලාගෙන හිටියා..

"yoha....."

මට ලාවට නින්ද යමින් තිබ්බේ.. එකපාරට jin මගේ ළගට ඇවිල්ලා කතා කළා.. මට උඩ ගිහින් ඇහැරුනේ....

"ඔහොම නිදාගන්න බෑනේ,එන්න ඇදට"

"පිස්සුද ඔයාට, ඔයා නිදාගන්නකෝ"

Jin මාව උස්සන් ඇදට අරන් ගියා.. මන් ආයේ බහින්න උත්සහ කළාට එයා යන්න දුන්නේ නෑ.. මගේ පිටිපස්සෙන් එයාගෙ අත යවලා ඉනෙන් තද කරලා අල්ලගත්තා...

" yoha..."

"හ්ම්ම්ම්ම් ඇයි?"

" mr.hoso ඔයාට මොනාද කිව්වේ"

"එහෙම විශේෂ දෙයක් කිව්වේ නෑ.. ඇයි?"

"නෑ නෑ නිකන්"

එහෙම කියල එයා මගේ උරහිසට kiss එකක් දීලා ඇදෙන් හාන්සි වුනා.. ගොඩක් වෙලා යන්න කලින් මහන්සියටම එයාට නින්ද ගියා... නිදාගත්තම මාර cute අනේ මෙයා... බලාගෙන ඉන්න පුලුවන් අවුරුද්දක් හරි... එයාට නින්දයනකන් ඉදල මන් ආයේ සැටියට ගියා..

................ ට්‍රීං ට්‍රීං

එකවරම jinගේ phone එක ring වුනා.. දෙන්නම එකපාර ඇහැරුනා.. කට්ටිය එන්න කලින් මන් යන්න ඕනේ.. Jin ටග්ගාලා කට්ටිය ඉන්නවද බලල ඇවිල්ල මට යන්න කිව්වා.. මන් ටග්ගලා මගේ room එකට ගියා... මට හිතාගන්න බෑ මොකක්ද ඊයේ වුනේ කියලා..හැබැයි එක දෙයක් මන් දන්නවා.. Jin තාම මට ආදරෙයි කියල, ඒ වගේම mr.hoso නිසා එයාට පොඩි ඉරිසියාවක් ඇති වුනා කියල...

" yoha ඔයා ඊයේ කොහෙද හිටියේ???"

"ආ මේ මන්......."

" ළමයි ඉක්මනට එන්න. අපිට පරක්කු වෙනවා.."

දෙයියෝ බේරගත්තා වගේ kim ඇවිල්ල මාව බේරගත්තේ... ඒත් හවසනේ යන්න තියෙන්නෙ 😳😳😳😳

"දැන් කොහෙද යන්නෙ?"

"ඇයි අපේ flight එක වෙනස් වුනානේ... 11ට තියෙන්නෙ"

අෆ්ෆා ඉවරයි... මන් ටග්ගලා මගේ ලට්ටපට්ට ටික ලෑස්තිකරගත්තේ කලබලයෙන්.. .🥺🥺🥺

ඔන්න ඔහොමයි අපේ ටෝකියෝ tour එක ඉවර වුනේ.. අපි 11 flight එකේ ආයේ korea ආවා.. Bangtanලා හවස තිබ්බ සුපුරුදු flight එකේ ආවා
☺️☺️☺️☺️

................................

Plz comment and vote, If you feel this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top