Still with you.....
කදුලු පිහදගත්ත මන් වොශ්රූම් එකෙන් එලියට එද්දිම ලොකු සද්දයක් ඇහුනා.. මන් පොඩ්ඩක් ඒ පැත්තට ගියේ ඒ සාහියගේ රූම් එක පැත්ත නිසා..
"🥺🥺🥺🥺🥺🥺"
මන් ආයෙම වොශ්රූම් එකට ගියේ මේ වෙලේ මාව දැක්කොත් විනාසයක් සිද්ද වෙන නිසා.. ඔව් මීඩියාවලින් ඇවිල්ලා හිටියේ.. මෙයාලටත් ඕනේ නැති මගුලක් නෑ..
"දැන් මන් මොකද කරන්නේ??"
මන් ලග තිබ්බ බකට් හැට් එක දාගෙන එලියට ගියේ මේකේ ඇතුලට එන අය මගේ දිහා කන්න වගේ බල බල යන නිසා.. කාටවත් නෝට් නොවෙන්න මන් ශේප් එකේ එලියට ගියා.. මන් එලියට යද්දිම සාහියාගේ රූම් එකෙන් ටේ එලියට ආවා..
"මොනාද ඔයාලට දැනගන්න තියෙන්නේ??"
"මිස්ටර් ටේ මොකක්ද ඊයේ ක්ලබ් එකේ වුනේ??"
"දැන් සාහියා ගැහුව කියන කෙල්ල මේකට පියවර ගන්න කියල ඔයාලා කාටහරි කිව්වද??"
"ඒත් මිස්ටර් ටේ..."
"ඒ රණ්ඩුව වුනේ සාහියා ඇන්ඩ් එයාගේ යාලුවෙක් අතරේ.. ඒක සාමන්‍ය රණ්ඩුවක්.. ඇයි මෙහෙම අනිත් අයගේ ජීවිතවලට මැදිහත් වෙන්නේ??"
ඒක කියද්දී නම් මට එයාලා ගැන ලොකු දුකක් ඇති වුනා.. මේ ඔක්කොම මන් එහා පැත්තේ තිබ්බ බිත්තියට කවර් වෙලා අහගෙන හිටියා..
"මිස්ටර් ටේ ඔයා සාහියා එක්ක තියන සම්බන්ධය මොකක්ද?? ඇයි ඔයා එයාගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ??"
"අහ්හ්හ්හ්හ්"
"එයා මන් මැරි කරන්න ඉන්න කෙනා.. ඉතින් එයා මගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන එක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ...."
ටේ ඒ ප්‍රශ්නෙට ගොලු වුනාට එක පාරට එලියට ආව සාහියා මීඩියාවලට එයාලගේ වෙඩින් එක ගැන කිව්වා..
මන් තවත් මොහොතක්වත් ඉන්නෙ නැතුව එතනින් එලියට ආවා.. එලියට එන ගමන් මුලින්ම කලේ ටේගේ නම්බර් එක ඩිලිට් කරපු එක.. ඔව් මන් ආයේ ඔයා දිහා බලන්නෙවත් නෑ... නොපෙන්නුවට උත්සහ කලා මේ වෙනකන්ම ඔයාව මගේ ළගට ගන්න.. ඒත් ඒක හීනයක්ම විතරයි..
.
.
.
.
.
.
.
.
.
පාරේ ඔහේ ඇවිදලා ඇවිදල මහන්සිය දැනුනම ආයේ රූම් එකට යන්න මන් තීරණය කලා.. ඒත් මට මගේ දුක කාටම හරි අන්තිම පාරට කියන්න ඕනේ වුනා.. මන් දන්නවා මාව මේ වෙලේ තේරුම් ගන්න ඉන්නේ ලියා විතරයි කියල...
"හෙලෝ ලියා...."
"ඔව් කියන්න මාශී"
"වැඩද තාම??"
"නෑ මන් මේ ගෙදර යන්න හදන්නේ.. ඇයි??"
"මට කියන්න ගොඩක් දේවල් තියනවා.. මේව මගේ හිතට වදයක් ලියා.."
"හ්ම්ම් ඉන්න මන් එන්නම්.. ඔයා රූම් එකට වෙලා ඉන්න.."
ඒ වචනේ මට ලොකු සැනසීමක් වුනා.. මන් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන රෑට ලියාට එක්ක කෑම ඕඩර් කරල බලන් හිටියේ ලියා එනකන්..
ටික වෙලාවකින් ඩෝ බෙල් එක වැදුනා.. මන් ටග්ගාලා ගිහින් ඩෝ එක ඇරියේ ලියා නිසා..
"මොකෝ මට හදිස්සියේම එන්න කිව්වේ??"
"මුලින් ඇතුලට එන්නකෝ..."
ලියා ආවට පස්සෙ ප්‍රශ්න කතා කරන එක පැත්තකට දාලා මුලින්ම කතා කලේ ඕපදූප... ටික වෙලාවක් ගියාම ඕඩර් කරපු කෑම ආව.. ඒවත් කකා ඉද්දී ලියා ආව වැඩේට බැස්සා..
"දැන් කියනවා මොකක්ද අවුල කියල??"
"හ්ම්ම් මගේ හිතට හරි නෑ.. මන් ටේ එක්ක යාලුවෙලා ගොඩක් කල් අෆෙයාර් එක තිබ්බෙ නෑ තමා.. ඒත් මගේ හිතට හරි නෑ ලියා..."
"හරි මොනාද වුනේ??"
මන් උන හැමදේම කිව්වා.. එදා හොස්පිටල් එකේ වුන දේවල් එක්කම ක්ලබ් එකේ උන දේවල්..
"හ්ම්ම්ම් ඔයා එදා ටේ දුන්න කොලේ බැලුවේ නෑ කියල නේ කිව්වේ??"
"ඔව්ව් ලියා.. මට නිදහසට කරුණු බලන්න ඕනේ නෑ.."
"ඒත් මන් කියනවට ඒක බලන්න.."
"ඒත් ඇයි??"
"නෑ මන් කියනවට බලන්නකෝ.. ඔයා කිව්ව දේවල් එක්ක මට හිතෙනවා ඒක බලන එක හොදයි කියල"
"හ්ම්ම් ඉන්න මන් ඒක අරන් එන්නම්කෝ"
ලියාගේ බලකිරිල්ලටම මන් බෑග් එක අවුස්සලා ඒ කොලේ හොයා ගත්තා.. ඒකේ මුලින්ම ලියල තිබ්බ එක දැක්කම මගේ අතත් හිරි වැටිලා ගියා..
මැණික,
මට සමාවෙන්න... ඔයා හිතනවා ඇති මන් ඔයාව රැවැට්ටුවා කියලා.. පිටින් පේන තරම් අපි සතුටෙන් නෙමෙයි ඉන්නේ.. සමහර හේතු එක්ක මටවත් සටන් කරන්න බැරි තරමට මන් අසරණ වෙලා.. මට මේ ප්‍රශ්න මැද්දට ඔයාව ගන්න බෑ.. සාහියා කියන්නේ මගේ අතීතේ එක පැත්තක ඉතුරුවුන එකම එක දේ.. කවදාවත් හිතුවෙ නැති විදිහට මගේ වර්තමානෙම වෙනස් වුනා ඔයා හම්බුනාම.. හැබැයි අතීතේ වගේම මට දැනුත් ආදරේ උරුම නෑ කියල තේරෙනවා.. කවදමහරි ඔයාට ඇයි මන් මෙහෙම කලේ කියල දැනගන්න ලැබෙයි.. හැබැයි මතක තියාගන්න මන් ඔයා වගේම මේ අදරේට ආදරේ කලා.. මට වයිර කරන්න එපා.. මගෙන් ඇයි මෙහෙම කලේ අහන්නත් එපා.. මන් ගොලු වෙනවා.. මන් අද ආවේ ලියා මට ඇවිල්ල බැන්න නිසා.. මට භය හිතුනා මාශී.. ප්ලීස් ඔයා දුර්වල නෑ.. ඔයා ශක්තිමත්... සාහියා වගේ මාව භය කරලා අසරණ කරන්න එපා.. ඒත් ඔයාට මගේ අයියලා ටික දවසක ඇත්ත කියයි.. පුලුවන් නම් ඒ දවස එන්න කලින් මට සමාව දෙන්න..
මීට ඔයාගේ ටේ...
මන් ඒ කොලේ ගුලිකරල ඈතට විසික් කරල දැම්මේ මන් ගැන ඇති වුන කේන්තිය නිසා..
"ඇයි ලියා මන් මේක කියෙව්වේ නැත්තේ?? ලියා මගේ ටේ ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.. එයාට ඕනේ ඇති මේකෙන් බේරෙන්න.. ඒකයි එයා නොකිය මට මෙහෙම දෙයක් කියන්න ඇත්තේ.."
"අහන්න දැන් අඩන්න එපා.. ඔව් සමහරු ආදරේ කරල දුක් විදිනවා.. සමහරු ආදරේ නොකියා දුක් විදිනවා.. හරියට මන් වගේ.. හැබැයි මේ දෙගොල්ලොම දුක්විදිනවා.. ඒක අපේ ජිවීතේ හැටි මාශී.. අපි අඩල මේවට උත්තර හොයන්න ගියොත් ගොඩක් අසරණ වෙනවා.. තේරුනාද??
"වෙන මන් මොනාද කරන්නේ??"
"එයා කිව්ව අයියල ලගට යන්න..ඇත්ත අහන්න"
"ඔයා හිතනවද කියාවි කියල..."
"මන් එතන හිටිය නම් මන් කියනවා.. ඒ ඔයා මගේ හොදම යාලුවා නිසා.. එයාලත් අනිවාර්යයෙන් කියයි..."
"හ්ම්ම් මන් හෙටම යනවා.."
"මෝඩී.. දැන් අඩන්න එපා.. හැමදේම ලස්සනට හොදට විසදෙයි..."
මගේ හිතට ලොකු සහනයක් දැනුනා.. ලියා එක්ක තව ගොඩක් වෙලා කතා කර කර ඉදල රෑ වුනාම ලියා යන්න ගියා.. මොකද ඌට හෙට වැඩ නිසා.. මාත් එයා ගියාම ඇදට ගියේ ටේ මොන වගේ ප්‍රශ්නයකද ඉන්නෙ කියල හිතන ගමන්.....
"ටේ මට එක පාරක් ඔයාගේ දුක කියන්න.. මන් ඔයා එක්ක හැමදාටම ඉන්නවා...."
...............
That faint voice of yours that grazed me
Please call my name one more time
I'm standing still under the frozen light, but
I will walk towards you, step by step
Still with you
We laugh together, we cry together
These simple feelings were everything I had
When will it be?
If I see you again
I will look into your eyes
And say, "I missed you"
The moon looks lonely
Like it's crying in the bright night sky
Even though I always know the morning will come
I want to stay in your sky like a star
Every day, every moment
If I knew this was gonna happen
I would have remembered more of them
When will it be?
If I see you again
I will look into your eyes
And say, "I missed you"
Behind the faint smile that looked at me
I will draw a beautiful purple shade
Though our footsteps may be out of step
I want to walk this path with you
Still with you
(still with you - JK)
....................
Time passed
මට උදේ නැගිට්ට වෙලේ ඉදන් ඕනේ වුනේ මොකක්ද මේ ටේට හිර කරන් විදවන්න තරම් තියන ප්‍රශ්නෙ දැනගන්න... ලියා කිව්ව වගේ එයාගෙ අයියල ටික ටේ මේ විදිහට විදවනවා බලන්න අකමැති ඇති අනිවාර්යයෙන්ම.. ඒ නිසා මන් මේ ගැන එයාලගෙන් අහන්නම ඕනේ.. මන් අද නිවාඩුව දාලා ගියේ ටේලා ඉන්න ඩෝම් එකට.. බැන්ග්ටැන්ලව ආශ්‍රය කරල නැති වුනාට එදා ටේගේ පාටි එක දවසේ මන් ඒ අයව දැක්කා.. කොහොමත් සාහියා මාව වැඩිකල් එයා ගාව තියාගන්න එකක් නැති නිසා නිවාඩුව දාන එක නම් ලොකු අවුලක් වුනේ නෑ..
.
.
.
.
"excuse me.."
"ඔව් මිස්, මොකක්ද කාරණාව??"
"මට මිස්ටර් නම්ජූන්ව හම්බෙන්න පුලුවන්ද?"
මන් ඩෝම් එක ලගට ආවට ඒක ඇතුලට යන එක නම් පොඩ්ඩක්වත් ලේසි වුනේ නෑ.. ගාඩ්ලා 1000ක් ප්‍රශ්න අහනවා..
"මිස් අපොයින්ට්මන්ට් එකක් දැම්මද??"
"අනේ නෑ.. ඒත්.."
"සොරි මිස්... එහෙනම් මිස්ට යන්න දෙන්න බෑ.."
"ප්ලීස්.. මේක හදිස්සියක්..."
"මිස් මෙහෙ රූල්ස් තියනවා"
"හරි මිස්ටර් නම්ජූන්ගෙන් අහන්න එක පාරක්.. මිස් මාශී කියල කෙනෙක් හම්බෙන්න ඇවිල්ල ඉන්නවා එවන්නද කියල?? ප්ලීස් ප්ලීස්"
මගේ වදේටම එයා කාටදෝ කෝල් කලා..
"හරි මිස් යන්න.. මෙයා මිස්ව එක්කන් යයි"
මාව එක්කන් ගියේ තව ගාඩ් කෙනෙක්.. අම්බෝ මේක නිකන් දිව්‍යලෝකය වගේ.. වාහනයක් ඕනේ මේකෙ යන්න නම්.. මාර ලස්සනයි.. මන් ඉතින් මෙහෙම තැනක් දැක්ක ෆස්ට් ටයිම් නිසා වටේම බල බල ගියා.. අන්තිමට අපි ආවේ ඩෝම් එකේ ඩෝ එක ලගට..
"මිස් මෙතන ඉන්න... එයාල එයි"
"තැන්කිව්..."
මන් ඩෝ එක ළග පිලිමයක් වගේ හිටවල ඒ ආව කෙනා නම් යන්න ගියා.. මන් ඉතින් ඩෝ එක දිහාම බලගෙන හිටියේ කීයට හරි මේ අලි දොර අරිනකන්.. එක පාරටම ඩෝ එක ඇරගෙන එලියට ආවේ කුකී.. ( මන් එයලව දන්නවා.. ඉස්සර අදුරන්නෙ නැති වුනාට දැන් මාත් මේ ෆීල්ඩ් එකේනේ වැඩ... අනික ටේ ගේ යාලුවොනේ.. ආශ්‍රය නොකලට ටේ මට මෙයාලව ෆොටෝවලින් පෙන්නලා තිබ්බෙ)
"එන්න ඇතුලට"
මන් එන්න කිව්ව ගමන් ඇතුලට ගියා.. හිතාගන්න බෑ මෙහෙම තැන් ලෝකේ තියනවද කියලා.. ඒ තරම්ම ලස්සනයි.. මන් වටේම බල බල ගිහින් ඩාං ගාලා කකුලත් ස්ටූල් එකක වැදුනා..
"ආව්ව්ව්ව්ව්ව්"
"ඔහ්හ්හ්හ් වැදුනද??"
ඒ එක්කම ආවේ ජින් ඇන්ඩ් සුගා.. මන් ඔලුව වනන ගමන් බලන් හිටියේ නිකන් බයෙන් වගේ.. අපරාදේ තනියම ආවේ....
"වාඩිවෙන්න.. ඉන්න නම්ජූන් එයි දැන්"
විනාඩි 5ක් වගේ යද්දී නම්ජූන් ආවා.. හැබැයි ජිමින් ඇන්ඩ් හොබී හිටියේ නෑ.. ඒ ගැන හිතන්නෙ නැතුව මන් ආව දේ අහන්න ලෑස්ති වුනා..
"මොනාද බොන්නේ??"
"මුකුත් එපා මිස්ටර්..."
"මිස්ටර් මිස්ටර් ඕනේ නෑ මට ජූන් කියන්න..ලේසි නේ"
"හරි.."
"ඔයා ආවේ ටේ ගැන අහන්න නේද??"
"ඔව්"
"මොනාද දැනගන්න ඕනේ???"
"මට ඕනේ.... මට දැනගන්න ඕනේ එයා ඉන්න ප්‍රශ්නේ.."
"ඒත් අපිට ඒවා කියන්න බෑ... එහෙම නේද ජූන්??"
කුකී මැද්දට පැනලා එහෙම කිව්වේ ජූන් දිහා බලන ගමන්..
"හ්ම්ම් මන් දන්නවා.. බට් ටේ අවුලෙන් දුකෙන් ඉන්නේ.. ඒ නිසා ප්ලීස් මට කියන්න.. මට ඕනේ එයාට උදව් කරන්න.. මන් එයාට ඇත්තටම ආදරය කරනවා.."
එහෙම කියාගෙන මන් බිම බලාගත්තේ හිතුවෙ නැති විදිහට මගේ ඇස්වලින් කදුලු වැටුන නිසා.. ඒ වචන මගේ හිතට ඒ තරම් සැරට වැදුනා.....
"හ්ම්ම්ම් හරි අපි ඔක්කොම කියන්නම්.. හැබැයි මන් හිතන්නෙ නෑ ඔයා ලග උත්තර තියෙයි කියල..."
"අහ්හ්හ්හ්"
"ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔයා වගේම ඌත් ඔයාට ආදරෙයි.. ඔයා ඒක දන්නවද??"
"අහ්හ්හ්හ්"
"ඔක්කොම කියන්නම්.. ඇයි එයා ඔයාව රිජෙක්ට් කලේ?? ඇයි එයාට කෙල්ලෙක් නෑ කියල කිව්වේ?? අෆෙයාර් එක නැති වුනාම වුනත් ඔයා ගැන හෙව්ව විදිහ ඔක්කොම කියන්නම්..."
"අනික් දේ අපි බලන් හිටියා කවදමහරි ඔයා අපිව හම්බෙන්න එනකන්.. මේ ඔක්කොම කියන්න.. ඒත් මෙච්චර කල් ගනී කියල හිතුවෙ නෑ..අපි හිතුවේ ඔයා අපේ කොල්ලව අමතකම කරල කියල...."
ජූන්ගේ කතාව අස්සෙන් ජින් එයාගේ හිතේ තිබ්බ දේවලුත් කියල දැම්මා...
"නෑ මන් එයාව කවදාවත් අමතක කලේ නෑ..ඒත් එදා සාහියාගේ අප්ප ඇහුවම එයා ආදරය කරන කෙනෙක් නෑ කිව්වා.. මන් හිතුවා එයා මට ළං වුනේ ආදරයක් නැතුව කියල..ඊට පස්සෙ මට තේරුනා එයා සාහියට ආදරේ නෑ මන් ගැන හිතනව කියල.. ඒත් ඒක අහන්න යන හැමපාරම මට හම්බුන උත්තරේ, මාශී මට සමාව දෙන්න.. මගෙන් ඈත් වෙන්න..විදවන්න එපා.. ඔන්න ඔච්චරයි.. මන් හිත හදාගන්න ට්‍රයි කලා.."
"හ්ම්ම්ම් හරි දැන් අපි කියන දේවල් හොදට අහගෙන ඉන්න.. අපේ කොල්ල වෙනුවෙන් අපිත් ඕනෙම දෙයක් කරනවා..."
"හ්ම්ම්ම්ම්"
Flash back
(මේ අතීත ආවර්ජනය මන් බලපු ඩ්‍රාම එකක් යොදාගෙන නිර්මාණය වූවකි)
ටේ කියන්නේ කලින් කිව්ව වගේම කිම් කම්පැනි සමූහයේ අයිතිකාරයගේ ලොකු පුතා.. එයාට නංගී කෙනෙක් ඇන්ඩ් මල්ලී කෙනෙක් හිටියා.. එයාගේ ආසවට එයා අයිඩල් කෙනෙක් වුනේ මුලදී එයාගේ අප්පගේ අකමැත්තෙන්.. හැබැයි දැන් ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි..
සාහියා...සාහියා කියන්නේ යූබින් කම්පැනිවල අයිතිකාරයගේ බාල දුව.. හරියටම ටේට වඩා අවුරුදු දෙකක් එයා බාලයි.. ඔව්ව් මේ කතාවේ කොහේවත් කතා නොවුන තව දුවෙක් මිස්ටර් යූබින්ට හිටියා.. එයා සාරා..
සාරා ටේ කියන්නේ එකම වයසේ එකටම ඉස්කෝලේ ගිය එකටම හැදුන දෙන්නෙක්.. හැබැයි කෝ දැන් ඒ සාරා???
"ඔම්මා මට යන්න පරක්කු වෙනවා..මේ නංගී එන්නෙ නෑනේ..."
"සාහියා... අක්කට පරක්කු වෙනවා.. ඔයා යන්නේ නැද්ද??"
"ඉන්න මේ එනෝ..."
අද මායි අක්කයි ටේ ඔප්පයි එයාගෙ නංගී මල්ලී තව ටේ ඔප්පගේ යාලුවෝ දෙන්නෙකුයි පොඩි පික්නික් එකක් යන්න.. මෙයාට ඉතින් ටේ ඔප්පව විනාඩියක්වත් රස්තියාදු කරන්න බෑනේ.. ඒකයි ඔය බෙරිහන් දෙන්නෙ...
"යමු වදේ"
අපි ඔම්මලට කියල ආවේ ටේ ඔප්පලගේ ගෙදර.. එහෙන් උදේට කෑව අපි ගමන් යන්න එලියට බැස්සා..
"සාරා මගේ ළමයි තුන් දෙනාව බලාගන්න"
"හරි මිසිස් කිම්"
"අනිත් අය කෙසේවෙතත් මෙයා ටේ ඔප්පව නම් මලක් වගේ පරිස්සම් කරයි..."
"සාහියා 😡😡😡"
කොහොමත් මගේ කටට බ්‍රේක් නෑ.. ටේ ඔප්පා මගේ අක්කට ආදරය කලා.. අපේ මෝඩ සාරත් ටේ ඔප්පට ආදරය කලා.. දෙන්නට දෙන්න නොකිව්වට දෙන්න හිටියේ අද බදින සීන් එකේ..
කොහොමහරි අපි ටේ ඔප්පගේ වෙහිකල් එකේ අපේ ප්ලෑන් එක තියන තැනට ආවා. මෙතන මාරම ලස්සනයි.. පාර එක පැත්තක මුහුද... අනික් පැත්තේ හෙලකට සමාන ලස්සන පොඩි කැලයක්... අපි ඒ මැදින් ගිහින් අන්තිමට නැවතුනේ හිස් බිමක් තියන නිස්කලංක තැනක....
අපි ගොඩක් හිනාවෙවී කාලය ගත කලා.. ටේ ඔප්පගේ ඇස් තිබුනෙම මගේ අක්ක ගාව..ඒ දෙන්න ගොඩක් මැචින් කපල් එකක්..
"සාරා අපි වටයක් යමු..."
"කොහෙද??"
"එන්නකෝ..."
"අනේ බෑ ටේ.. මට බයයි.."
"මොකක්ද එන්නකෝ මාත් එක්කනේ.."
අක්ක බෑමයි කියද්දී ටේ ඔප්පා අක්කව ඇදගෙන ගියේ කාර් එක ලගට..
ඒත් එදා අක්කා බෑ කිව්වම ටේ ඔප්පා නොයා හිටියා නම්....
ටේ ඔප්පා අක්කවත් දාගෙන අපි ආව පාර දිගේ ආයෙම ආපස්සට ගියා.. මායි අනිත් අයයි ආසවෙන් බලන් හිටියත් මගේ හිතේ මොකක්දෝ බයක් තිබ්බා.. ආපස්සට ගිය ටේ ඔප්පා කාර් එක ගොඩක් වේගෙන් ඉස්සරහට ඩ්‍රයිව් කලා..
....................
හැමදේම නිමේෂයකින් වෙනස් වුනා.. පරිසරයම නිශ්ෂබ්ද වුනා වගේ..
"මොකක්ද ටේ මේ තමුසේ කලෙ?? කෝ මගේ ළමයා??"
අප්ප හොදටම අඩනවා.. ඔව් එයා අක්කට නොසෑහෙන්න ආදරය කලා.. එයාගේ ඇස් දෙක වුනේ අපි දෙන්නා..
"මට මගේ ළමයව ගෙනල්ල දෙනවා.."
ඔව්ව් මගේ අක්ක යන්නම ගියා.. ටේ ඔප්පා හිටියේ හොස්පිටල් එකේ ඇදක් උඩ.. අපි හැමෝම හිටියේ එලියේ.. අප්පා ආව ගමන් ගියේ ඔප්පාගේ කාමරේට.. එයාට හොදටම කේන්ති ගිහින්.. ඔව්ව් එයාගේ එක ඇහැක් නැති වෙද්දී 😓😓😓😓
කොහොමහරි ටේ ඔප්පගේ අප්පලා මගේ අප්පගේ යාලුවෝ එකතු වෙලා අප්පගේ හිත හැදුවා.. එදා ටේ ඔප්පගේ අප්ප මගේ අප්පට එක පොරොන්දුවක් වුනා.. ඒ ටේ ගේ ජීවිතේ තියනකන් එයා සාහියව බලාගන්න ඕනේ කියන එක..
ටේගේ අතින් වුන වැරැද්ද නිසා ටේ ජීවිත කාලයටම සාහියාගේ යටතේ ගැටගහල තියන්න ටේගේ අප්පා තීරණය කලා..
ටේගේ අතින් නැති වුන සාරා වෙනුවෙන් ජීවිත කාලෙම සාහියාව බලාගන්න ටේට සිද්ද වුනා.. එයාගෙ අතින් වුන වැරැද්ද නිසා ටේත් දුක් වින්දා.. එයා භය වුනා ආයෙම එහෙම දෙයක් අහන්නවත්.. එයා එදා ඉදන් සාහියාව මලක් වගේ බලාගත්තා..
Flash back end
මගේ ඇස්වලින් කදුලු හෝ ගාලා වැටෙද්දී මන් මගේ ප්‍රශ්නේ ජූන්ගෙන් ඇහුවා..
"ජූන් මොකක්ද සාහියගේ අක්කට උනේ?? "
"හ්ම්ම්ම් එදා ආව ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව කාර් එක මුහුද පැත්තට වෙන්න තිබ්බ වැටේ වැදුනා..
ටේ ඉන්න පැත්ත වැටට හිර වෙද්දී සාරා හිටිය පැත්තේ ඩෝ එක විසික් වුනේ සාරාවත් මුහුදට විසික් වෙන ගමන්.. ටේට ඒ එක්කම සිහිය නැති වුනා.. එයා සිහිය එද්දී හිටියේ හොස්පිටල් එකේ ඇදක් උඩ.. සාරාගේ බොඩි එකවත් හොයාගන්න වුනේ නෑ දවස් ගාණක් යනකන්.. ඒත් හරියටම දවස 4කට පස්සෙ සාරගේ බොඩි එක හොයාගත්තා.."
"දෙයියනේ...."
"ටේ ජීවිතේ වැටුන පලවෙනි දවස ඒ.. එයාගේ මෝඩ වැඩේ නිසා සාරව හැමෝටම නැති වුනා..ඒකයි සාහියාව මේ තරම් පරිස්සමෙන් බලාගන්නේ.. කොටින්ම එදා සාහියා අත කපාගත්ත කිව්වම ටේ බය වුනේ එයා නිසා යූබින් අන්කල්ගේ අනිත් දුවත් නැති වෙයි කියල.. ටේට එයාගේ අතීතයෙන් බේරිමක් නෑ... ආදරේ වෙනුවට එයා එදා බැදල දැම්ම වගකීම එක්ක කොටු වෙලා."
"ඒත් එයා මට ළං වුනේ??"
"හ්ම්ම්ම් සාහියා අක්ක නැති වුනා කියල දුක්වුනා.. හැබැයි එයාට ඕනේ වුනේ නෑ අක්කගේ තැන ගන්න.. සමහරවිට එයාට ටේ ගැන ආදරයක් තියෙන්න ඇති.. ඒක එයාට දැනෙන්න ඇත්තේ ඔයා ටේගේ ලයිෆ් එකට ගියාට පස්සෙ වෙන්න ඇති.. ඒකයි එයා ඔයාලා මැද්දට ආවේ.. "
"එතකොට ටේ එයාගේ අතින් වුන වැරද්දට හැමදාම වන්දි ගෙවන්න ඕනේද??"
"හ්ම්ම්ම්"
මන් මගේ අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන්න ගත්තේ මට ටේ ගැන ලොකු දුකක් දැනුන නිසා.. මෙච්චර දුකක්.. ඔව් ටේගේ අතින් වැරැද්දක් වුනා.. ඒත් මෙච්චර ලොකු දඩුවමක් 😓😓😓😓
"ටේ තාම මට ආදරෙයිද?? ටේට සාරට පස්සෙ වෙන කිසිම කෙල්ලෙක් ඉදලා නැද්ද?? ඒත් සාහියා මට කිව්වනේ...."
"නෑ සාරාගෙන් පස්සෙ හිතගිය පලවෙනි කෙල්ල ඔයා.. එයා කවදාවත්ම සාහියට ආදරේ කලේ නෑ.. ක්ලබ් යන්නේ එයා දුකට..නැතුව කෙල්ලො එක්ක නටන්න නෙමෙයි...."
"ඒත් ඇයි එයා එයාගේ හිතේ තියන දේවල් හංගන්නේ?? සමහරවිට දැන් එයාව කට්ටිය තේරුම් ගනී.."
"එහෙමද හිතන්නේ??"
"අහ්හ්හ්....."
"එදා එයා ආදරේ කරන කෙනෙක් නෑ කිව්වට පස්සෙ මොකද වුනේ?? එයා කොහොමද එදා ඉදන් ජීවත් වුනේ කියල දන්නවද?? අඩුම තරමේ ඇයි එහෙම කිව්වෙ කියලවත් දන්නවද??"
"ආ...... ඒ කියන්නේ????"
Plz vote and comment, if you feel this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top