Rooftop
"ඒයී.... මැනස් දන්නේ නැද්ද??"
සාහියා එක පාරට කෑගැහුවා.. මන් එක තැනම ගල් වුනා...
"😳😳😳"
ටේ හිටියේ සාහියා එක්ක.......... 😓😓😓😓
ඔව් ටේ හිටියේ සාහියව කිස් කරන්න හදන ගමන්.. එයා ගොඩක් සාහියගේ මූණට ළං වෙලා හිටියේ.. ටේ එයාගේ අත් දෙකෙන්ම සාහියගේ ඉන තද කරල එයාට නතු කරගෙන හිටියේ..
"සොරි මිස් සාහියා..... ඇන්ඩ් මිස්ටර් ටේ"
මන් ඩෝ එකත් වහගෙන එලියට ආවා.. මන් ඩෝ එකෙ ලොක් එක අල්ලගෙනම ඩෝ එක ළගින් ඉදගත්තේ මන් ඒ දැක්ක දේ හිතා ගන්න බැරුව.. නෑ ටේ ඔයා අසරණ නෑ.. මායි අසරණ.. මට මේවා බලන්න බෑ... මන් ඩෝ එක ළග ගොඩක් වෙලා අඩ අඩ හිටියා.. එක පාරටම ඩෝ එක ඇරුනා..
මන් ගැස්සිලා නැගිට්ටේ සාහියා වෙන්න ඇති කියල හිතලා.. ඒත් ඒ හිටියේ මගේ ටේ 😓😓 එයා එලියට ආවේ එක අතකින් එයාගේ තොල් පිහදන ගමන්.. මන් දිහා බලලා නොදැක්ක ගාණට එයා යන්න ගියා.. මන් එයා මගේ ඇස් දෙකට නොපෙනෙනකන් බලන් ඉදල කදුලු පිහදාගෙන ඇතුලට ගියා..
"මාශී ඉකමනට පහළට එන්න.. ඉවෙන්ට් එකට පරක්කුයි"
"හරි සාහියා"
"කලින් කිව්ව වගේ මිස් සාහියා කියන්න.. අනිත් එක ටේ නෙමෙයි මිස්ටර් ටේ"
මන් ඔලුව වැනුවේ ඒක පිලිගත්තා කියල කියන්න.. සාහියා මට එන්න කියල පහලට ගියා.. මන් මගේ පපුව අල්ලන් මේසෙට අත තිබ්බේ මට දරන්න පුලුවන් සීමාව උපරිමයට ආව නිසා.. මට බෑ මේකේ ඉන්න.. මන් ඇයි මේ ඇග්රිමන්ට් එක සයින් කලේ.. මට මන් ගැන ඇති වුනේ පුදුම කලකිරීමක්.. ඒ එක්කම ෆෝන් එක රින්ග් වුනා..
"................."
"හරි"
ඉක්මනට එන්න කියල මට ඒ කෝල් එක ආවේ.. මන් ටග්ගාලා පහලට ගියා.. යද්දී ටේ ඇන්ඩ් සාහියා කාර් එකේ හිටියේ.. පිටිපස්සෙ 😓😓 මන් දුවල ගිහින් ඉස්සරහෙන් නැග්ගා.. වෙන කරන්න දෙයක් නෑ.. ඔයා මෙහෙම රිද්දනව නම් මාත් ඒ වේදනාව විදින්නම්..
"ඩ්රයිවට් ඉක්මනට යමු"
"ඕකේ මිස් සාහියා"
සාහියා හිටියේ ටේගේ ඇගේ... ටේ එක්ක මහ හයියෙන් හිනා වෙවී.. මට ඔක්කොම සයිඩ් කණ්නාඩියෙන් පේනවා කියල එයාලා දන්නෙ නැතුව ඇති.. ටික දුරක් ගියාම මට කෝල් එකක් ආවා..
"හෙලෝ"
"............"
"අමතක වුනා.."
"............."
"සොරි සොරි.."
".............."
ලියා කෝල් කරල මට හොදටම බැන්නා.. බෙහෙත් බිව්වේ නැති එකට.. ලියා මෙහෙම මාව එව්වට සෑහෙන්න බයයි.. එයා දන්නවා එයා වගේ මට මේවා දරාගන්න බෑ කියල.. මන් ටග්ගාල බෑග් එකෙන් මගේ බෙහෙත් ටික බිව්වා.. ඒ එක්කම සාහියා මාත් එක්ක කතාවට ආවා..
"ඇයි බෙහෙත් බොන්නේ??"
"අහ්හ්හ්හ් මේ අතට"
"මොනා වෙලාද??"
"වැටිලා මිස්"
"අහ්හ්හ්හ් බෙහෙත් බොන්න තරම් ලොකු ඉන්ජර්ඩ් එකක්ද??"
"හ්ම්ම් වැටුන පාර අත කැපුන..ඒකයි මිස්"
මන් ඉස්සරහ බලාගෙනම උත්තර දුන්නා..
"අහ්හ් ඒක මිසක්.... ටේ ඔප්පා"
"හ්ම්ම්ම්ම්"
"අප්පා කිව්ව වගේ අපි මැරි කලාම මෙහෙන් යනවද??"
"ඔව්ව්ව්"
"ශා මරු.. මන් ආසයි ඔයා එක්ක තනියම ජීවත් වෙන්න"
"හ්ම්ම්ම්ම්"
"මේ මාශී"
"ඔව් මිස් කියන්න"
"ඔයා ඔයාගේ රටට යන්න ආස නැද්ද??"
"ගොඩක් ආසයි.. මන් ඉක්මනටම යනවා මිස්"
"මට එතකොට අලුත් ඩිසයිනර් කෙනෙක් හොයා ගන්න වෙයි නේද??"
"ඔව්ව් මිස්"
මලවදේ කට පියන් යන්නෙම නෑනේ.. මන් ගියාම වෙන කෙනෙක් හොයාගන්න වෙනවා තමා.. ඕක තේරෙන්නෙ නැද්ද?? මෝඩ කතාමයි අහන්නේ...🙂🙂
මන් කිව්ව කිසි දෙයකට ටේ ගෙන් උත්තරයක් තිබ්බෙ නෑ..
"මිස්ටර් ටේ අපි ආවා"
ඩ්‍රයිවර් අපිව ඉවෙන්ට් එක තියන තැන බස්සලා කාර් පාර්ක් එකට ගියේ කාර් එක දාන්න..
සාහියා ටේගේ අතින් අල්ලගෙන ඇතුලට ගියා.. මන් ඒ දෙන්නගේ පිටිපස්සෙන් ඇතුලට ගියා..
"එන්න මිස්.."
සාහියව එක්කන් ගියේ මේ ඉවෙන්ට් එකේ මේන් ප්‍රඩියුසර්.. සාහියා තමා මේ ඉවෙන්ට් එකේ මේන් ප්‍රසන්ටර්.. සාහියා ගියාම ටේ එහා පැත්තේ තිබ්බ රූම් එකට ගියා.. මටත් කරන්න දෙයක් නැති නිසා මන් ඔහේ බලාගෙන හිටියා මෙයාලා වැඩේ ඉවර කරලා එනකන්..
කොහොම වුනත් අද උදේ ටේ සාහියා එක්ක දැක්ක විදිහ මතක් වෙද්දී මට ඇඩෙන්න ආවා.. බට් මාවම අසරණ කර ගන්න බැරි නිසා මන් ඒක හිර කරගෙන හිටියා..
"මිස් මාශී"
"ඔව්ව්"
"මිස්ටර් ටේ කොෆී එකක් ගේන කිව්වා"
මොකක්?? මන් දැන් වැඩකාරිද එයාගේ?? මන් බැන බැනම කොෆී මැශින් එකෙන් කොෆී එකක් අරන් ගියේ ටේ ගිය රූම් එක පැත්තට.. කලින් වගේ කඩාගෙන ගියේ නැත්තේ ඇතුලේ මොනා වෙනවද කියල නොදන්න නිසා..
"ඇතුලට එන්න"
මන් හෙමින් ඩෝ එක ඇරගෙන ඇතුලට ගියා..
"ටේ.... මිස්ටර් ටේ මේ ඔයාගේ කොෆී එක??"
"එක?? කෝ සාහියගේ එක??"
"අහ්හ්හ්හ්හ් ඉන්න මන් තව එකක් ගේන්නම්.. මට කිව්වේ ඔයා විතරයි ඉල්ලුවෙ කියල"
"අහ්හ්හ් තව එකක් ගේන්න.."
මන් එතනින් එන්න ආවේ තව කොෆී එකක් ගෙනියන්න..
"මෙන්න මිස්ටර් ටේ.. ඒත් කෝ මිස් සාහියා??"
ඒ එක්කම රූම් එකේ පැත්තකින් සාහියාගේ වොයිස් එක ඇහුනා..
"ටේ ඔප්පා"
"හ්ම්ම් ඇයි??"
"මට මේ ශිපර් එක දාගන්න බෑ..ප්ලීස් හෙල්ප් මී"
"ඉන්න"
ටේ යන්න ගියේ සාහියා හිටිය පැත්තට. ඒ කියන්නෙ සාහියා තාම අදිනවා... ඒත් ටේ ඇයි යන්නේ?? මට ඉබේටම ටේගේ අත ඇල්ලුනා.. ටේ මගේ මූණ දිහා බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක..
"මන් යන්නද මිස් සාහියට උදව් කරන්න?"
"ඒ ඇයි? එයා මට නේද කතා කලෙ??"
මගේ අත ගසලා ටේ ගියේ සාහියගේ චේන්ජින් රූම් එකට.. මොනාද ටේ මේ ඔයා කරන්නේ?? මට හිතාගන්න බෑ මේ ඉන්නේ මීට දවස් ගාණකට කලින් මට ආදරේ කරපු කෙනාමද කියලා 😔😔
මේ ඔක්කොම බලාගෙන මන් ගලක් වගේ හිටියා. මොකද මේ අය ඉස්සරහ මන් නිකන්ම නිකන් මාශී නේ..
"ආව්ව් ඔප්පා..."
සාහියාගේ හිනාව එක්ක එයා ටේ එක්ක හුරතල් වෙන වචන මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා..
ටික වෙලාවකින් ටේ ඒ රූම් එකෙන් එලියට ආවේ කට කොනේ අමුතු හිනාවක් එක්ක.. ඒත් මගේ ඇස්වල තිබ්බෙ කදුලු.. කොච්චර වෙනස්ද?? කෙනෙක් හිනා වෙද්දී ආදරයකට පුලුවන්ද අනෙක් කෙනා අඩවන්න..
"මිස්ටර් ටේ මන් එලියෙන් ඉන්නම්.. මොනාහරි ඕනේ නම් කියන්න"
තවත් මට එතන ඉන්න බැරි නිසා මන් එහෙම කියාගෙන එලියට ආවා..
.
.
.
.
.
.
.
.
.
.
.
ඉවෙන්ට් එක පැය 3ක් වගේ තිබ්බා.. මොනා වුනත් සාහියා ගොඩක් ටැලන්ට් කෙනෙක්.. එයා වැඩේ ලස්සනටම කලා.. වැඩේ ඉවර කරලා අපි ආයෙම යන්න එලියට ගියා.. ඒ එක්කම කාර් එක ආවා..
"නගින්නෙ නැද්ද මාශී??"
ටේ ඇන්ඩ් සාහියා නැගලා මගෙන් ඇහුවේ මන් නැග්ගේ නැති නිසා. මට මේකේ යන්න බෑ.. මන් පයින් ගියත් මේකේ යන්නේ නෑ කියලා හිතාගත්තා..
"නෑ.. මගේ යාලුවෙක් එනවා කිව්වා මාව ගන්න.. මන් මෙතන ඉන්නම්"
"අහ්හ්හ් එහෙනම් අපි යනවා"
ටේ දවසටම මන් දිහා හරියට බැලුවේ දැන්.. මන් දිහා අමුතු විදිහට බලලා අනිත් පැත්ත බලාගත්තා.. සාහියා ඩ්‍රයිවර්ට යන්න කිව්වේ මන් එන්නෙ නැති නිසා.. එයාලාගේ කාර් එක පේන්නෙ නැති වෙනකන් හිටිය මන් පයින්ම බස් හෝල්ට් එකට ආවා...
.
.
.
.
.
සමහර මිනිස්සු අඩන්න හේතු 1000ක් තිබ්බත් අඩන්නේ නැතුව ඉන්නෙ ලෝකයාට තමන්ගේ ප්‍රශ්න පෙන්නන්න බැරි නිසා.. ඒත් ඒක කොච්චර වේදනාවක්ද?? අඩන්න ඕනේ තැන හිනා වෙන එක... 😔😔😔
බස් එකට නැග්ග මාශී ටේගේ ලෝකේ අතරමං වුනේ ක්ශනයෙන්... ආදරයක් මරන්න ලේසි නෑ........
නිහඬ වෙලා බලන් හිටපු කල අවසනට
මටම අයිති හිමි සඳ හමුවන තුරාවට
අගුලා ලා තිබූ පාලු නිවහනට
නුඹම පැමිණ කතා කළා හදවතට
නුඹම වෙනුවෙන් හද ගැහෙනකොට
මෙච්චර ලස්සනද කියා සිතුනා ආදරය
කතා කරන ඇස් අස්සේ හැංගිලා ඉන්නට
ලෝබ උනා ගෙවෙනා හැම විනාඩියට
ආදරේ මහ ගොඩක් දුන්නා ටික කලට
හදවතේ හිස්තැන් පිරවූවා හරි අපූරුවට
විශ්වාසයි පන මෙන් මට හිමි වස්තුව
සිහින මැවුවා නුඹත් එක්ක ගෙවනා ජීවිතය
කුණාටුවට පෙර නිහඬයි අහස් ගැබ
හරි අමුත්තක් දැනෙනවා මැණික බයයි මට
යන්න එපා තනිකර කකියනවා හදවතම
තවත් ඉවසන්න බැ වේදනාව කඳුළකට
ළං ළං වෙන්න ඇයි යන්නේ ඇතටම
කියන්න මැණික මං ඔය හිත රිද්දුවද
පැටලුන තැන් ලිහන්න උත්තර තියනවද
මට උරුම දුක් වේදනා පමණමද
බලන් ඉන්නවා තවත් සැනසෙන්න
ඔබ වෙනුවෙන් ගැහෙන හදවතට පන දෙන්න
නොනිදා පහන් කරන රැය නිමවෙන්න
මැණික යළි නුඹ එන්නේ කවදා ද 💔💔💔
At liya's restaurant
"ආව්ව්ව්ව්ව්ව්"
"මොකද??"
මන් ළගට දුවගෙන ආවේ ෆෙලෙක්ස්..
"නෑ මේ අත කැපුනා.. ඒක හරි"
"පරිස්සමෙන් කරන්න බැරිද??"
ඇයි ෆෙලෙක්ස් මේ?? මගේනේ අත කැපුනේ.. ඔයා තවත් මට මෙහෙම බලාපොරොත්තු දෙන්න එපා.. මට මට හිත හදාගන්න ඕනෙ... මගේ අත අල්ලන් හිටිය එයාගේ දිහා බලාගෙන මන් කල්පනා කලා..
"ඒක අවුලක් නෑ.. "
එහෙම කියාගෙන මන් එයාගෙන් මගේ අත ඇදගෙන ගියේ බෙහෙත් දාගන්න.. ඒ එක්කම මගේ පස්සෙන් ආවා එයා මගේ අතින් ඇදගෙන එක්කන් ගියේ බෙහෙත් දාන්න..
"මෙහෙ එනවා.. බෙහෙත් දාන්න"
මට මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරිවුනා..
"මෙතනින් වාඩිවෙන්න.. මන් බෙහෙත් අරන් එන්නම්"
බෙහෙත් එක අරන් ඇවිල්ල හරි පරිස්සමට එයා බෙහෙත් ටික දැම්මා..
"ෆෙලෙක්ස්...."
"හ්ම්ම්ම්ම්ම්ම්"
"ඇයි මෙහෙම??"
"කොහොමද? ආ මේ ඒක නෙමෙයි කියන්න දෙයක් තියනවා"
"මොකක්ද??"
"මන් තව ටික දවසයි මෙහෙ ඉන්නේ"
"මොකක්??"
"ඔව් මගේ රිසාල්ට් එනවා ලගදිම.. ඊට පස්සෙ මන් යනව ඉතින්"
මගේ අතේ වේදනාව වඩා වැඩියි ෆෙලෙක්ස් මේ ඔයා කරන දේවල් නිසා මට දැනෙන වේදනාව.. ඔයා ගියාම?? මට ඔයාව පේන්නෙ නෑ... දන්නවද ඔයා වෙන කෙනෙක්ගේ උනත් මන් ආදරෙයි කියල.. ඔයාව හැමදාම මෙහෙම පේන එකම ඇති මට..ඒත් මෙහෙන් ගියාම...
"ඔව් නේද?? හොද ජොබ් එකක් හොයාගන්න"
"අනිවාර්යෙන්... මන් මෙහෙන් ගියත් ඔයාට කතා කරන්නම්.. මන් වගේ පාට්නර් කෙනෙක් හම්බුනාම මට කියන්න ඕනේ.. මන් බලාගෙන ඉන්නවා"
"හ්ම්ම්ම්ම්"
මට ඕනේ නැති පාර්ට්න කෙනෙක් නෑ.. මේක බොරුවක් කියලා දැන දැන ඔයා ගැන හිත හිත ඉන්න මන් ආසයි..
ෆෙලෙක්ස් බෙහෙත් දාන අතරතුර දෙන්න බර කතාවකට වැටුනේ. ඒ කතාවේ හැම වචනයකම ලියා බලන් හිටියේ ෆෙලෙක්ස් දිහා.. මොකද එයාට නැති වුන ආදරය තාම එයාගේ හිතේ තියනවා.. හැමෝම එපා කිව්වත් එයා බලන් ඉන්නවා.. ඒත් එයා කවදාවත් ෆෙලෙක්ස්ගේ අෆෙයාර් එක කැඩෙන්න කියල නම් හිතුවෙ නෑ.. ඔව් එයා කවදාවත් හිතන එකකුත් නෑ.. ආදරේ සමහර වෙලාවට නොකියා ඉන්න එකත් දුකක් කියන්නෙ මේකට.. අපි හංගගෙන ඉන්න ඉන්න ඒ ආදරේ ඈත් වෙන එක වෙන්නේ 🥺🥺
Time passed
මන් වෙනදා වගේ සාහියා ළග වැඩ.. වෙන කරන්න දෙයක් නැතිකමට හැමදේම දරාගෙන ඉන්නවා.. මොකද අයින් වෙනව නම් මේකට ගෙවන්න වෙනවා.. එච්චර සල්ලියක් තියනව නම් මන් මේකේ වැඩට එන්නෙ නෑනේ..
කවුරුහරි ඩෝ එකට තට්ටු කරනවා සද්දයක් ඇහුනා.. සාහියා ලන්ච්වලට ගිය නිසා මන් එන්න කිව්වා.. ඩෝ එක ඇරගෙන ආවේ ටේ..මන් ඉදන් හිටිය තැනෙන් නැගිටුනේ ටිකක් ගැස්සුන නිසා..
"ටේ....🥺🥺"
"කෝ සාහියා??"
"ලන්ච් ගන්න ගියා"
"ගොඩක් වෙලාද??"
"දැන් ටිකක් වෙලා.."
එහෙම කියල ටේ ගිහින් මෙතන තියන සෝෆා එකෙන් වාඩි වුනේ ෆෝන් එක අතට ගන්න ගමන්.. මාත් ආයේ වාඩි වෙලා මන් කර කර හිටිය වැඩේ ආයේ කරගෙන යන්න පටන් ගත්තා.. ඒත් මගේ ඔලුව එක තැනක තියා ගන්න බෑ මට..
"අත කොහොමද දැන්?"
"අහ්හ්හ්හ්හ්"
"අත කොහොමද???"
"හොදයි මිස්ටර් ටේ.."
"මොනා කරන්න ගිහින්ද ඇත්තටම තුවාල වුනේ??"
ඔයා නිසා තමා.. ඒත් ඇයි මන් මේවට උත්තර දෙන්නේ?? වැඩක් නෑනේ..
"වෙඩින් එක කවද්ද??"
"අහ්හ්හ්හ්හ්හ්"
"ඔයාගෙයි සාහියගෙයි 😔"
"හ්ම්ම්ම් ලබන අවුරුද්දේ"
"හ්ම්ම්ම්ම්"
අපේ කතාව ඒ වචනෙත් එක්ක නැවතුනා.. තමන් ආදරය කරපු කෙනා වෙන කෙනෙක් මැරි කරන්න යනවා..හ්ම්ම් මාශීට කදුලු හංගන්න බෑ.. ෆයිල් එක දිහා බලාගෙන මාශී ඇඩුවේ දුක හිරකරගෙන ඉන්න බැරි නිසා..
එක පාරටම සාහියා ආවේ කිසි කතාවක් නැතුව..මූණත් දෙක කරගෙන 😒😒
"ඔප්පා.. ඔයා ගොඩක් වෙලාද ඇවිල්ලා??"
"ටිකක් වෙලා"
"ඒයි මාශී, මට කෝල් එකක් දෙන්න බැරි වුනාද??"
මන් උඩ ගියේ සාහියාගේ කෑගැහිල්ලට.. මන් මොකටද? ඇයි ඔයාගේ ඔප්පට ෆෝන් එකක් නැද්ද??
"අහ්හ්හ්හ්හ්හ්"
"හරි හරි දැන් ඔයා ආවනේ.. මොකො මට කතා කලේ??"
"අද ඩිනර්වලට යමුද??"
"අද??"
"හ්ම්ම්ම් ප්ලීස්..මට ඔයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියනවා..අප්ප කිව්වා වෙඩින් එක ගැන කතා කරගන්න කියලත්"
"හ්ම්ම් හරි මන් එන්නම් ඔයාව ගන්න"
එහෙම කියල ටේ සාහියගේ නළලට කිස් එකක් දුන්නේ මගේ පැත්ත බලලා.. ඔයාට ඕනේ මට රිද්දන්නද??
එහෙම්ම ටේ එලියට ගියා.. ඒත් සාහියා එක පාරටම මෙහෙම ඩිනර් එකකට යන්නේ හොදකට වෙන්න බෑ.. කොච්චර අහිංසකයි කියල පෙන්නන්න හැදුවත් එයා එහෙම කෙනෙක් නෙමෙයි.. ඒත් මන් මොනා කරන්නද?? දැන් එයාලා ආදරය කරනවනේ... මට බෑ මැදිහත් වෙන්න.. ඒත් ටේට කරදරයක් වුනොත්.. මන් එක පාරටම රූම් එකෙන් එලියට ආවේ වොශ්රූම් එකට ගිහින් එන්නම් කියාගෙන..
මන් එලියට එද්දී ටේ ලිෆ්ට් එක ළග හිටියේ. මන් ටේ ළගට ගියේ මට පුලුවන් උපරිම වේගෙන්.. ගිය ගමන් ලිෆ්ට් එක ඩෝ එක ඇරුනා.. ටේ එක්කම මාත් ඒකට නැග්ගා.. මන් ටග්ගාල උඩම තට්ටුවට ලිෆ්ට් එක දැම්මා..
"අහ්හ්හ්හ්??"
ටේ මන් දිහා බලන් හිටියේ කලබල වෙලා.. මොකද එයා මෙහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑනේ..
උඩටම ගිහින් ඩෝ එක ඕපන් වෙද්දි මන් ටේගේ අතින් ඇදගෙන එලියට ගියා.. මන් ආවේ රූෆ්ටොප් එකට.. ඒකේ කාටවත් පේන්නේ නැති තැනකට මන් එයාව ඇදගෙන ගියේ සාහියා දැක්කොත් මගේ අවසාන කටයුතුත් මෙතනම කරන නිසා...
"මොකක්ද ඔයා කරන්නේ??"
මගේ අත ගසලා දාන ගමන් ටේ ඇහුවා...
"ඔයා මට රිද්දන්න.. කවදාවත් ආදරේ නොකරපු කෙනෙක් විදිහටම රිද්දන්න..ඒත් මන් එදත් ඔයාට කිව්වා ඔයාට රිද්දගන්න එපා කියල.. ඔයාට රිද්දන්න මන් ඉඩ දෙන්නෙ නෑ.."
"දැන් මොකක්ද මට වුනේ??"
"ඔයා සාහියා එක්ක ඩිනර් එකට යන්න එපා.. මතකනේ ගිය පාර උන එක.."
"මොකක්ද උනේ?? අනික එයා මන් මැරි කරන්න ඉන්න කෙනා"
"ටේ මට ඇත්ත කියන්න... ඔයා ඇයි මෙහෙම රිද්දන්නෙ මට??"
"මන් ඇයි ඔයාට රිද්දන්නේ??"
"ඒක තමා.. මන් ඔයාට ආදරය කලා.. තාමත් එහෙමයි. සාහියට රිද්දන්න නෙමෙයි ඔයාට ආදරය කලේ😔😔 ඒත් ඔයාල දෙන්නම මට රිද්දනවා.."
"මට කාටවත් රිද්දන්න ඕනේ නෑ.. මගෙන් ඈත් වෙලා ඉන්න..මන් සාහියට කියන්නම් ඔයාට මෙහෙන් අයින් වෙන්න හෙල්ප් කරන්න කියල.. හරිනේ එතකොට??"
"හරිද එත්කොට??"
"මොකක්ද මට කරන්න කියන්නේ??"
මට මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න බැරි වුනා.. මන් ටේව තද කරල බදාගත්තේ සෑහෙන්න කාලෙකින් එයාගේ මූණ බලලා කතා කරන්න පුලුවන් වුන සතුටට..
ටේ එයාගේ අත් දෙකෙන් මාව අයින් කරන්න උත්සහ කලත් මන් එයාව අත ඇරියේ නෑ..
"මාශී මට යන්න දෙන්න.. මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා"
"කමක් නෑ.. ඔයාට යන්න බෑ එයා එක්ක.. මන් යන්න දෙන්නෙ නෑ. මන් ඔයාව අමතකම කරන්නම්. හැබැයි අද සාහියා එක්ක යන්න බෑ"
"මොකක්??"
"හ්ම්ම්ම් ඔව්ව්ව්ව් අද ඔයා එයා එක්ක ඩිනර් එකට යන්න එපා.. ආයේ කවදාවත් මන් ඔයාලා අතරට එන්නෙ නෑ.. ඔයා එයාව ඉක්මනට මැරි කරන්න.. මන් ආස නෑ එයා ඔයාව පාවිච්චි කරන්න යන විදිහට"
මන් කියන හැම වචනයක්ම ටේ මගේ අත්වලට හිර වෙලා අහන් හිටියා..හෙමින් අත බුරුල් කරල මන් ටේ දිහා බැලුවේ එයාගේ උත්තරේ මොකක් වෙයිද කියල..
ටේ එයාගේ ෆෝන් එක අරන් සාහියට කෝල් කරල අද එන්න වෙන්නෙ නෑ කිව්වා..
"දැන් හරිද?? මන් යන්නේ නෑ"
"හ්ම්ම්ම්ම් තැන්කිව්.. මේ කාලෙකට හිතට පොඩි සැනසීමක් අදයි ආවේ.."
"මන් යනවා.."
"ටේ...."
යන්න ගියපු ටේ එහෙම්ම නැවතුනේ මගේ කටහඩට..
"හ්ම්ම් එයා එක්ක සතුටෙන් ඉන්න.. කවදාවත් මන් මැරෙනවා කියලා බය කරල ඔයාව මගේ ලගට ගන්නේ නෑ... ඔයා එයා එක්ක ඉන්නෙ සතුටෙන් නම් මට ඒ ඇති.. හැබැයි මන් මැරි මැරි ඉපදෙනවා ටේ.. මොකද මන් ඔයාට ගොඩක් ආදරේ කලා.. ඒත් මට, මට ඒ ආදරය අයිති නෑ.. සාහියා ගොඩක් වාසනාවන්තයි... තැන්කිව් මට ආදරේ කියන්නේ මොකක්ද කියල කියලා දුන්නට.. පුලුවන් නම් අර කිව්ව වගේ සාහියට කියන්න මට මෙතනින් අයින් වෙන්න හෙල්ප් කරන්න කියලා"
මගේ ඇස්වලින් හෝ ගාලා කදුලු වැටෙද්දී මට පිටුපාලා ඉන්න ටේට මන් ඔක්කොම කිව්වා... ආයේ කවදාවත් එයාගේ ඉස්සරහට යන්න ඕනේ නෑ..
"අපේ කතාව.... ටේ මාශී 😔 මෙතනින් නවත්තමු"
මගේ ඒ වචනෙට ටේ මන් දිහා බැලුවේ කදුළු ඇස් දෙකේ පුරවගෙන... හැරුන ක්ශනිකයෙන් ටේ දුවන් ආවේ මගේ ළගට.. මීට විනාඩි ගාණකට කලින් හිටිය ටේද කියල මට හිතාගන්න බැරි වුනා.. මාව ඇදල ගත්ත පාර මන් නැවතුනේ එයාගේ අත් දෙක අස්සේ පපුවට තද වෙලා.. මාත් මගේ අත් දෙකෙන්ම එයාව තද කරල අල්ල ගත්තා.. එයාගේ කදුළු මගේ උරහිස දිගේ බේරෙද්දී මන් එයාගෙන් ඈත් වුනේ එයාගේ මූණ මගේ අත් දෙකෙන්ම අල්ලන ගමන්..
"ඇයි මේ?? අඩන්න බෑ ඔයාට.."
"මට සමාවෙන්න..."
"මොකටද??"
"රිද්දුවට.. හිතුවෙ මන් සාහියට ඇත්තටම ආදරෙයි කියලද??"
"හ්ම්ම්ම් ඔව් ඔයා ගොඩක් එයාට කිට්ටු වෙලා.."
"හ්ම්ම්ම් ඔයා දැක්ක වගේ කිසිම වෙලාවක මන් එයාව කිස් කලේ නෑ. ඒ ඔක්කොම ඔයාට පෙන්න කලේ.. අද නලලට දුන්න කිස් එක විතරයි මන් එයාට දීලා තියෙන්නේ.. තරහද ඒකට??"
මන් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න..
"එදා චේන්ජින් රූම් එකේ??"
"ඔයාට දෙන වදේට මන් එයාගේ ශිපර් එක කොණ්ඩෙත් අහුවෙන්න දැම්ම නිසා එයා එහෙම කෑහැහුවේ.. ඒ ඇර වෙන මුකුත් එතන වුනේ නෑ.. එයා බොරුවට හුරතල් වුනේ, ඔයා එලියේ ඉන්න නිසා"
"ඇයි මේ දේවල්??"
"මැණික.. ඔයා මන් මෙච්චර දුකක් දීලත් මාව විශ්වාස කරනවා.. කොහොමද ඒ??"
"දන්නවද මන් කවදාවත් හිතුවේ නෑ මෙහෙම කරාවී කියල මට.. ඔයා ගොඩක් අසරණයි.. ඒත් සාහියා එක්ක මට රිද්දන එකක් නෑ කියලයි හිතුවේ.. ඒත් ඔයා එදා ඩෝම් එකේදී එයා එක්ක උඩට යද්දී.."
"මට හැරිලා අනේ මාශී එන්න මගේ ගාවට කියන්න ඕනේ වුනත් මට බෑ ඔයාට අනතුරක් වෙනවා බලන්න.. මේ අත මන් නිසා නේ තුවාල වුනේ?? මන් දන්නවා"
"ඒත් ඇයි මෙහෙම කරන්නේ??"
"සාහියගේ අප්පා නිසා.. එයා ඔයාව මරායි මේව දැනගත්තොත්.. "
"ඒ කිව්වේ??"
"එදා සාහියා හොස්පිටල් එකේ ඉදල ගෙදර එක්කන් ගියාම මිස්ටර් යූබින් මට කතා කලා..එයා මට ලාස්ට් වෝනින් එක දුන්නා.. ඒ ඔයා ගැන..මට බය හිතුනා මට මුකුත කරගන්න බැරුව ඔයා මේවට වන්දි ගෙවයි කියලා..ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ.."
"මට හිතුනා.. ඒත්..."
"අහන්න මේ විදිහටම දිගටම ඉන්න.. තේරුනාද??"
"ඒ කිව්වේ??"
"මන් සාහියට ආදරය කරන එක ඔයා විශ්වාස කරනවා වගේ"
"ඒත්..."
"ඒත් නෙමෙයි... මට ටික කාලයක් දෙන්න.. මන් උත්තරයක් හොයාගන්නම්.. හිතන තරම් මේක ලේසි නෑ.. ඔයා තාම සාහියගේ ෆැමිලි එක ගැන දන්නේ නෑ. ඒ නිසා මන් කියන දේ කරන්න.. හරිද??"
"හරි"
ඒ එක්කම ටේ මගේ තොල්වලට බර උනේ ගොඩක් ආදරෙන් දෙන්නගෙම ඇස්වලින් කදුලු වැටෙද්දී..අපි දෙන්න ඒ ආදරය ඉර බැහැලා යන අතරේ ලස්සනට විදගත්තා.. ඒ තොල් මාව හැමදාම වෙනමම ලෝකෙකට අරන් යනවා.. අපි දෙන්න කාලෙකට පස්සෙ විදින ආදරය එක්ක වෙනමම ලෝකෙකට ගියා... ටේ එයාගේ පාලනය නැති කරගත්තේ මාව ළග තිබ්බ බිත්තියට තද කරන ගමන්.. එයාගේ සිපගැනීම රළු වෙනවා එක්කම මට තේරුනා එයාගේ එක අතක් මගේ පිට සියුම්ව පිරිමදින බව.. මාත් ඒකට අවනත වුනේ මගේ අත් දෙකෙන්ම ටේව මගේ ලගට තද කරගන්න ගමන්....
.
.
.
.
.
"මාශී...... මාශී???"
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top