I told her.........


"මොනාද මේ වෙන්නෙ??"

"සාහියා 😳😳😳"

මන් එක පාරටම සාහියා දිහා බැලුවේ භය වෙලා.. එයා මොන විදිහට මේක තේරුම් ගනීද දන්නෙ නෑනේ..

"ටේ ඔප්පා, මොනාද ඔයාලා මේ කරන්නේ?? මෙතන තනියම??"

"සාහියා මේ මාශිට වොශ්රූම් යන්න ඕනේ වුනා.. ඒකයි මේ..."

"හරි ඒත් ඔප්පා ඇයි මෙතන?? ඔයාව හැමෝම හොයනවා.. අනික ඇයි ගෙස්ට් රූම් එක තියෙද්දී ඔයාගේ රූම් එකට එක්කන් ආවේ??"

"අනේ සාහියා වැරදියට හිතන්න එපා.. මන් යන්නම්"

"කොහෙද යන්නේ??"

මගේ අතින් ඇදල මාව ආයේ හිටිය පැත්තටම සාහියා තල්ලු කලා.. ටේ හොල්මන් වෙලා වගේ බලන් හිටියා..

"ඔයා දැන් ගියොත් ලොකු අවුලක් වෙනවා.. මන් ටේ ඔප්පා එක්ක යනවා.. මන් ඔයාට කෝල් එකක් දුන්නම එන්න.. නැත්තම් මොකද වෙන්නෙ කියල තේරෙනවනේ.. මීඩියාවලින් ඉන්නවා"

"හරි මන් එහෙම කරන්නම්..."

මාව ටේගේ රූම් එකේ දාල සාහියා ටේ ගේ අතින් ඇදගෙන යන්න ගියා.. මන් ෆෝන් එකත් අතේ තියන් බලන් හිටියේ මට කෝල් එක එනකන්.. බලන් ඉදල බැරිම තැන මන් ඇදෙන් ඉදගත්තා.. දැන් පැයකටත් වඩා ගියා.. මොකක් හරි අවුලක් වුනාද?? මට බයකුත් දැනුනා...

....................

"මේ එහෙනම් අපි යනවා.. උබ එන්නෙ නෑනේ ඩෝම් එකට??"

"නෑ කුකී... හෙට එන්නම් මහන්සි"

"ආ මේ උබ ඇයි එක පාරට පේන්න නැති වුනේ?"

"ආ.. මේ වොශ්රූම් ගියා.."

"හා හා 😀😀මේ අපි යනවා.."

බැන්ග්ටැන්ලා හැමෝටම කියල ගියා.. අන්තිමට ඉතුරු වුනේ සාහියා එක්ක එයාගේ ගෙදර අය විතරයි..

"ඔප්පා එහෙනම් අපි යනවා.."

"ඕකේ... බායි"

"ඔප්පා මන් ඔයා එක්ක හෙට කතා කරන්නම් මොකක්ද රූම් එකේ වුනේ කියල..."

"අහ්හ්හ්හ්හ් මේ..."

"ශ්ශ්ශ්.. ඒක හෙට.. බායි"

අම්බෝ අන්තිමට ඔක්කොම ගියා.. එපා වෙලා මන් හිටියේ.. මාර මහන්සියක් දැනුන නිසා මන් කෙලින්ම ගියේ මගේ රූම් එකට.. රූම් එකට ගිහින් දොර ඇරිය ගමන් මන් මුලින්ම කලේ මේ ඇදන් ඉන්න ටී එක ගලවපු එක..

"අපෝ මේක මාර වදයක්.. මොකට මේව මිනිස්සු අදිනවද මන්දා... ශික්.."

මටම බැන බැන මන් වොශ්රූම් එක පැත්තට යන්න හැරෙද්දිම දැක්කේ මාශිව..

"මොකක්?? ඔයා තාම මෙහෙ??"

එයාට හොදටම මගේ ඇද උඩ නින්ද ගිහින්..

"මේ සාහියා නම්....."

මන් හෙමින් හෙමින් ලගට ගියා.. හොදටම නින්ද ගිහින් හිටිය නිසා ලග තිබ්බ බෙඩ්ශීට් එක අරන් මාශිට පෙරෙව්වා.. නැගිට්ටුවේ නැත්තේ නැගිට්ටුවා කියල මේ වෙලේ මෙයාව මගේ රූම් එකෙන් කොහොමත් එලියට යවන්න බැරි නිසා.. අප්පා දැක්කොත් මගේ බෙල්ල ඉවරයි.. මන් ඩෝ එකත් ලොක් කලේ අර මල්ලි කියන එක එක පාරට කඩාගෙන එයි කියල හිතල.. එහෙම්ම මන් මගේ මහන්සිය නිවා ගන්න වොශ් එක්ක දන්න ගියා..

.......................

එක පාරටම මාව ඇහරුනේ උඩක ඉදන් පහලට වැටෙනවා වගේ තේරුන නිසා..

"ආ... ඒක හීනයක්ද?? හුටා මන් මේ කොහෙද ඉන්නේ??"

මගේ ඇස් ඒ මේ අත ගියේ මන් ඉන්නෙ කොහෙද කියල හොයාගන්න මට තප්පර ගාණක් ගිය නිසා.. මන් ටග්ගාලා ඇදෙන් බැස්ස පාර මන් දිව්වේ ඩෝ එක ළගට.. ඒක ලොක් කරලා..

"මොකො මේ කලබලෙන්??"

මන් ටග්ගාල පිටිපස්ස හැරුනේ ටිකක් ඈතට වෙන්න ඇහුන ටේ ගේ වොයිස් එකට.. හැරුනේ අපරාදේ කියල හිතුනේ ඒ වෙලේ.. ටේ හිටියේ තෙත කොන්ඩෙ මූණට දාගෙන ටවල් එක විතරක් ඇදගෙන.. අර මොකක්ද ලැජ්ජාව කියන එක කොහෙද මන්දා මන් ටේ ගේ ඔලුවේ ඉදන් යටි පතුලට වෙනකන් ඇහිපිය ගහන්නෙ නැතුව බලන් හිටියා..

"බැලුවා ඇතිද??"

"ආ..... ටේ මට යන්න ඕනේ.. ඒත් මේක ලොක්"

මන් කතාව මග අරවන්න එහම කිව්වා.. මොකො ඉතින් ටේ දන්නෙ නැද්ද ඩෝ එක ලොක් කියල..

"මන් ලොක් කලා..දැන් යන්න බෑ කොහෙවත්.. අද මෙහෙ ඉන්න වෙනවා.."

"අනේ ටේ විකාරද?? මට යන්න ඕනේ.. අනික ඔයා එක්ක කොහොමද මන් ඉන්නේ?"

"එහෙනම් මාත් එනව ඔයා එක්ක ඔයාගෙ ගෙදර.. මොකද දැන් ඔයා එලියට ගියොත් මාව මෙහෙන් පන්නවා... 😁😁"

මට මොනාද කියන්නේ කියල හිතාගන්න බැරි වුනා.. මන් ගොඩක් බය වෙලා ටේ දිහා බලන් හිටියේ..

"ටේ ඔක්කොටම කලින් ඔයා ඇදුමක් දාගන්නකෝ"

"ඇයි?? මන් රෑට ඇදුම් නැතුව නිදාගන්නේ..."

"මොකක්?? මෙන්න මේක අරිනවකෝ"

"🤣🤣🤣 ඉන්නව මන් ඇදුමක් දාන් එන්නම්.."

එහෙම කියල එයාගේ රූම් එකේ වම් පැත්තේ තිබ්බ රූම් එකට ගිය ටේ විනාඩි 5ක් වගේ ඇතුලත ශෝට් එකකුයි බැගී ටී එකකුයි ඇදගෙන ආවා..

"මේ ඔයා ගියේ නැත්තේ ඇයි??"

"යන්න මට කෝල් කලාද? මන් කොච්චර වෙලා බලන් හිටියද?? කාලාත් නෑ බඩගිනි"

"සොරි ඒකට. ඉන්න මන් මොනාහරි අරන් එන්නම්.. "

ටේ ආයෙම රූම් එකෙම් ගියේ එලියෙන් ලොක් කරගෙන.. අයියෝ මේ මොන මරාලයක්ද පාත් වුනේ???

.
.
.
.

"මට සැන්ඩ්විච් ටිකක් ඕනේ"

"මොකක් ටේ කෑවේ නැද්ද?"

"ඔම්මා... කෑවා... ආයේ බඩගින්නක් ආවා.. මන් යනවා"

මන් චාටුවක් දාගෙන සැන්ඩ්විච් දෙකකුයි ඔරේන්ජ් ජූස් එකකුයි අරගෙන ආවා..

"කෝ??"

"ඇයි??"

මන් හිටියේ ඇද ලග බිම වාඩි වෙලා.. ටේ මගේ ලගට කෑම එක ගෙනල්ල දීලා ඇදෙන් හාන්සි වුනා...

"මේ ඔයා මට කැමතිද??"

කටට දාගත්ත පාන් කෑල්ලත් හිර වුනා.. මේ යකා මාව මරන්නද හදන්නේ 😒😒😒

"මොකද කැස්ස?? මට එහෙම හිතෙනවා.. මොකද මට ඔයාව ගොඩක් මතක් වෙනවා"

මන් කිසිම සද්දයක් නැතුව සේරම කෑවේ යකෙක් කන්න බඩගින්නක් තිබ්බ නිසා.. මාරයි මෙච්චර ලොකු පාටි එකකට ඇවිල්ල මන් කන කෑම බලන්නකෝ.. 🥺🥺🥺

එක පාරටම ඇදේ හිටිය ටේ මගේ මූණට එබුනා..

"ඒයි මරන්නද හදන්නේ?? මෝඩයා.."

"අහන දේට උත්තර දෙන්නකෝ.. හැබැයි.."

"හැබැයි මොකද??"

"දුන්නෙ නැත්තම්..."

"ඇයි මොනා කරන්නද??"

"පෙන්නන්නද කරන එක.."

එහෙම කිව්වම මන් ගස්සලා ඇද ලගින් නැගිට්ටෙ මූණ පොඩ්ඩක් හෝදගන්න යන්න.. ඒ එක්කම ටේ මාව ඇදල ගත්තේ ඇදට..

"මේ මොකද?? මට යන්න දෙන්න.. මන් කෑගනවා.."

"වැඩක් නෑ.. එලියට සද්දේ යන්නේ නෑ 😉😉"

"අනේ ටේ සාහියා දැනගත්තොත් මන් ඉවරයි..ප්ලීස්.."

"ඔයා හරිම ලස්සනයි.. මන් ඔයාට කැමති.. ඇත්තටම මට ඔයාව ගොඩක් මතක් වෙනවා.. ඔයාට එහෙම නැද්ද කියන්නකෝ?? යන්න දෙන්නම්.."

"නෑ.."

එහෙම කිව්වම ටේ එයාගේ අත මගේ අතින් බුරුල් කලා.. එහෙම කලාම මට මාර හිස්බවක් දැනුනා.. මන් නැගිටින්නේ නැතුවම ටේගේ මූණ දිහා බලන් හිටියේ මන් මොකක්ද කිව්වෙ කියල හිතලා... නෑ ඒක නෙමෙයි ඇත්ත.. මට ඔයාව මතක් වෙනවා..

"මොනාද බලන් ඉන්නේ?? නැගිටින්න.."

ටේ ඔරවගෙන එහෙම කියල අනිත් පැත්ත හැරිල ඇස් දෙක පියාගත්තා.. මාත් වොශ්රූම් එකට ගිහින් ඇවිල්ල මූණ පිහදගෙන ළග තිබ්බ සෝෆා එකෙන් හාන්සි වුනා.. මන් එන ඩින්ගට ටේ ට හොදටම නින්ද ගිහින්..

මන් ආයෙම නැගිටල එයා ලගට ගිහින් ඒ අතින් එක පාරක් ඇල්ලුවා.... මාර සිනිදුයි... ඒ එක්කම ටේ මගේ අත තද කරල අල්ල ගත්තා.. නිදිමතේම එයා මගේ අත එයාගෙ ඇගිලි අතරේ හිර කරගත්තා.. මන් යන්න හැදුවට යන්න බැරි වුනා.. බැරිම තැන එතන බිමින්ම වාඩි වෙලා මන් එයාගේ ඇදට ඔලුව තියාගත්තා..

Time passed

"සාහියා ඔයා මට කතා කලාද??"

"හ්ම් ඔව්ව්"

"හදිස්සියක්ද?? මොකෝ අවුලෙන් වගේ??"

"නෑ මේ....."

"බේබී ගර්ල්....."

එක පාරටම මන් බැලුවේ ඩෝ එක දිහා.. ටේ ඔයා...

"ආ මේ ඉන්නෙ දෙන්නම... මොකෝ දෙන්න බර කතාවක??"

"ඔප්පා.. මොකෝ මේ හදිස්සියක්ද??"

"නෑ.... මේ මන් මෙතනින් වාඩි වෙන්නද?"

එහෙම අහල මගේ මූණ දිහා බලන් හිටියේ කන්න වගේ ටේ.. ඉතින් මගෙන් අහන්නෙ මොකටද? මන් ආයෙම සාහියා දිහා බැලුවේ සාහියා ඉස්සරහ ටේ එක්ක මන් කොහොමද ඉන්න ඕනේ කියල දන්නෙ නැති නිසා..

"අම්බෝ මෙයාගේ ගණන්... "

එහෙම කියන ගමන් මගේ එහා පැත්තේ පුටුව ඇදගෙන ටේ වාඩි වුනා..

"ටේ ඔප්පා මට කියන්න ඊයේ මොකක්ද වුනේ??"

"ඊයේ මගේ බර්ත්ඩේ එකනේ මැට්ටී"

"නෑ රූම් එකේ ඔයාලා දෙන්න මොනාද කලේ??"

සාහියා ඇගට පතට නොදැනී ඒක අහල දැම්මා.. මගේ මූණම රතු වෙන්න ගියේ තප්පරයෙනුත් අඩික් කාලයි..

"අම්බෝ මේ මෙයාගෙ මූණ.. හිතාගන්න පුලුවන් නේ මොනාද වුනේ කියල මේ මූණ දැක්කම 😂😂"

"අනේ එහෙම නෑ... මුකුත් වුනේ නෑ සාහියා.. මන් ගියේ වොශ්රූම් එකට.."

"ඒත් මන් දැක්ක දේවල්???"

"සාහියා.."

"මොකෝ??"

"මාශී මට ගැලපෙන්නෙ නැද්ද??"

"ටේ ඔප්පා මොනාද මේ අහන්නේ??"

"ඇයි ඇත්තටම අහන්නේ?? මෙයා මුකුත් කියන්නෙ නෑ...."

"මොනාද මිස්ටර් ටේ මේ කියන්නේ??"

මේ යකාට නම් හොදටම පිස්සු.. ඇයි මේ මෙහෙම කියවන්නේ.. මන් යන්න නැගිට්ටෙ තවත් ඉන්න බැරි නිසා.. මොකද මට වෙනසක් තේරුනා සාහියාගේ.. එයා ඇත්තටම ටේ ට අකමැති නම් ඇයි මේ හාර හාර මේකම අහන්නේ??

මන් යන්න හද්දිම ටේ මගේ අතින් ඇද්දා.. මන් ආයේම හිටපු විදිහටම වාඩි වුනා..

"මේ හවසට ගමනක් යමු.. 5ට කාර් පාර්ක් එකට එන්න"

"ඔප්පා...."

මන් මුකුත් නොකියම නැගිටල එලියට ආවා.. මේක හිතන තරම් සෙල්ලමක් නෙමෙයි කියල මට තේරුනේ සාහියාගේ හැසිරීමෙන්.. කලින් හිතුව වගේ ටේ ට අකමැති වෙන්න කිසිම හේතුවක් නැතුව සාහියා අකමැති වුන එක මට ප්‍රශ්නයක්...

Time passed

මන් ඕෆ් වෙලා ගෙදර යන්න හිතාගෙන ඔෆිස් එකෙන් එලියට ගියා විතරයි කාර් එකක් බ්‍රේක් කලේ මාව එකතැන ගල් කරල..

"මෝඩයා...."

"නගින්න.. වෙලාවට ආවේ, නැත්තම් මිසින් නේ"

මේ යකා කොහෙන්ද මේ පාත් වුනෙ?? මන් නගින්නෙ නැතුව අහක බලාගත්තේ මට මෙයා එක්ක යන්න ඕනේ නැති නිසා.. ඒත් එක පාරටම මේ යකා හෝන් එක එක දිගට ගහන්න ගත්තා. වටේ ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්න නිසා බැරිම තැන මන් කාර් එකට නැග්ගා.. මොකද මෙයාව පේන එකක් කියලද?? මාවනේ නෝන්ඩි වෙන්නෙ....

"මේ මිස්ටර් ටේ..."

"ඕ බබා...."

"මොකක්???"

"මොකක්ද කියන්න ගියේ??"

"ඔයාට මෙවා සෙල්ලම්ද??"

"නෑ.. මේ ඒක නෙමෙයි කොහෙද යන්නේ??

"රූම් එකට"

"ආ.... පටන් ගත්ත ගමන්???"

"මොකක්??"

ඊයා මාශී තමුසේගේ කට නම්.. මේ යකා නම් හිතන්නෙම අනිත් පැත්තට..

"මන් කිව්වේ මාව මගේ රූම් එක ලගින් දාලා ඔයා යන දේවස්තානයක යන්න කියල"

"බෑ මට බඩගිනි... කන්න යන්න ඕනේ"

"මට බඩගිනි නෑ.."

"හරි එහෙනම් ඔහොම ඉන්නව එලි වෙනකන්.."

එහෙම කියල මෙන්න මේ යකා එලියට බැහැලා කාර් එක ලොක් කලා.. මොකක්ද අනේ මෙයා කරන්නේ.. මන් කෑ ගැහුවට මටම තේරුනා එයාට මුකුත් ඇහුනේ නෑ කියල.. මන් ටග්ගාලා කෝල් එකක් ගත්තා.. මාර ආතල් අපි දෙන්න ගන්නෙ.. අඩි දෙකේ දුරට කෝල් කර කර...

"යමු කන්න.."

එහෙම කිව්ව ගමන් ටේ ටග්ගාලා කාර් එකට නැග්ගා..

"කොහෙද යන්නේ??"

"මේන් ස්ට්‍රීට් දාලා ක්‍රොස් රෝඩ් එකේ තියන රෙස්ටුවරන්ට් එකට යමු.. මගේ යාලුවෙක් ඉන්නවා..."

මට ටග්ගාලා මතක් වුනේ ලියාගේ රෙස්ටුවරන්ට් එක.. දන්නෙ නැති තැන්වල නොයා මන් ඒකට යන්න පාර කිව්වා.. හරියටම 15 මිනිස්ට් වලින් අපි රෙස්ටුවරන්ට් එකට ආවා.. මන් මුලින්ම බැහැලා ඇතුලට ගියේ ලියාට කෝල් කරන ගමන්....

"හෙලෝ මොකෝ??"

"මේ ඕයි මන් රෙස්ටුවරන්ට් එකේ ඉන්නෙ.. අනේ ඕයි මේ මාත් එක්ක කොල්ලෙක් ඉන්නවා..තමුසේ කට කැඩිච්ච මුකුත් නොකියා ඉන්නවා.. කලින්ම කිව්වා ඔන්න..."

ඒ එක්කම ෆෝන් එක තියල ලියා දුවගෙන ආවේ මන් ලගට.. කාර් එක පාර්ක් කරල එන ටේ දිහා රෙස්ටුවරන්ට් එකේ අය බලන් හිටියේ නිකන් කුමාරයෙක් එනවා වගේ.. ලියත් ආසවෙන් බලන් හිටියා..

"කවුද ඕයි මේ කොල්ලද?"

"එච්චරනෙ මට දැන් අඩු... නෑ මේ මගේ බොස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්"

"මොකක්?? ඉතින් එයා එක්ක තමුසේ මොනාද කරන්නේ??"

"පස්සෙ කියන්නම්.. මේ යකා මගේ පස්සෙන් එනවා.."

"මොකක්?? මොනාද ඕයි කියවනේ??"

ඒ එක්කම ටේ අපි ලගට ආවා.. ඇවිල්ල මගේ ඉනෙන් අත දාලා අල්ල ගන්න ගමන් ලියාගෙ පැත්තට අනිත් අත දික් කලා..

"හායි මන් ටේ... කිම් ටේ.. මාශිගේ බීඑෆ්, ඔයා??"

ලියා මන් දිහායි ටේ දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන් ටේ ට අත දික් කලා..

"හායි මන් ලියා.. මාශීගේ මෙහෙ ඉන්න හොදම යාලුවා... "

මන් ශේප් එකේ ටේගෙන් ඈත් වෙලා එතන තිබ්බ ටේබල් එකට ගියා..ලියා අපිට ඕනේ කෑම ටික අහගෙන ගියේ ඉක්මනටම එවන්නම් කියල..
................

"ඔයාගේ යාලුවා නේද ඒ ලියා??"

"ආ ඔව්..."

මන් ලගට මාශි ගැන අහගෙන ආවේ ෆෙලෙක්ස්..

"එයා අයිඩල් කෙනෙක් එක්කද යාලු?"

"ඒ වගේ නේද??"

"ඔයත් ආස එහෙම කෙනෙක්ටද??"

"ආ......අනේ එහෙම නෑ.."

"එහෙනම්??"

මන් කෑම රෙඩී කරන අතරේ ෆෙලෙක්ස් මගෙන් 1000ක් ප්‍රශ්න ඇහුවා..

"මට ආදරේ ඕන කෙනෙක්.. එයා අයිඩල් කෙනෙක් සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියල එකක් මගේ හිතේ නෑ..."

"ඉතින් තාම හම්බුනේ නැද්ද??"

මන් එහෙම ඇහුව ගමන් බැලුවේ ෆෙලෙක්ස්ගේ මූණ දිහා...ඔයාට මගේ ආදරේ තේරෙන්නෙ නැද්ද?? ඒත් ඇයි මේවා ඔයා අහන්නේ?? මන් මගේ හිතින්ම ඇහුවේ ඇත්තටම මට ෆෙලෙක්ස් කියන්නේ සෑහෙන්න අමාරු ප්‍රෙහෙලිකාවක් නිසා..

"තාම නෑ... දවසක හම්බෙයි"

"හ්ම්ම් අපි බලමුකො නේ... මටත් පෙන්න හම්බුනාම..."

"හ්ම් අනිවාර්යයෙන්ම"

එහෙම කිව්වම ෆෙලෙක්ස් මගේ ඔලුවට වෙනදා දාන සුපුරුදු තට්ටුව දාගෙන යන්න ගියා.. ඔයා නම් ප්‍රශ්න පත්‍රයක්.. මන් ටග්ගාල මාශීගේ ඕඩර් එක ගෙනිච්චා.. යකෝ මූ මට මෙහෙම එකක් කිව්වෙත් නෑනේ..

"ලියා ඔයත් එන්න කන්න"

"අනේ බෑ මාශි... මන් වැඩනේ.. ඔයාලා කෑම එක එන්ජෝයි කරන්නකෝ.. 😌😌"

එහෙම කියාගෙන ලියා ඇතුලට ගියේ මට ඇහැකුත් ගහන ගමන්..

"මාශී උත්තරයක් නැද්ද??"

"මොකටද??"

"මන් කැමති කිව්වනේ.. මටත් කියන්න කැමතිද නැද්ද??"

"ආ.... "

ටේ එක පාරටම මගේ අතින් ඇල්ලුවා.. මන් ටග්ගාල අත ඇදල ගන්න හැදුවත් ටේ තද කරල මගේ අත අල්ල ගත්තා..

"මෝඩි මන් කන්නේ නෑ ඔයාව.. මට ඇත්තටම ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයා ගැන මොකක්දෝ අමුත්තක් දැනුනා.. ප්ලීස්"

ටේ ඇස් දෙක හීනී කරල බලපු ඒ බැල්මට මගේ පපුවත් මොකක්ද වුනා..

"මට කාලය ඕනේ.. මෙහෙම එක පාරටම..."

"හරි කොච්චරකල් ඕනෙද??"

"ඒත් සාහියා???"

තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා මට.. සාහියා කියන්නේ මෙයා මැරි කරන්න ඉන්න කෙනා..මන් මේ මොකක්ද කරන්නේ??

"එයා මගේ නංගී වගේ.. මගේ හිතේ තියා එයාගේ හිතේවත් එහෙම කැමැත්තක් නෑ..."

"ඒත් ඔයාලගේ ගෙදර???"

"ඒක මන් බලාගන්නම්කෝ..."

මන් මුකුත්ම නොකිය බිම බලාගත්තේ කියන්න දෙයක් නැති නිසා..

"මට ඉක්මනට උත්තරයක් ඕනේ...මන් දන්නවා ඔයා මට කැමති කියල.. හැබැයි බයයි නේ."

මන් ඒත් බිම බලාගෙනම් හිටියා.. මන් කැමති කියන්නද? අනික මේවා කොහෙන් කෙලවර වෙයිද??

"හරි හරි දැන් කන්නකෝ.. මන් ටිකක් ෆාස්ට්.. හිතේ තියන් ඉන්න අමාරුයි..."

"හ්ම්ම් හරි.. මන් හිතල කියන්නම්.."

මන් ඇග බේර ගන්න එහෙම කියල ආයෙම කන්න පටන් ගත්තා.. ටේ ත් මාත් එක්කම කාලා ලියාට සමුදීලා ආවේ ගෙදර යන්න පරක්කු නිසා..
.
.
.
.
.
.
.

"මන් යනවා මිස්ටර් ටේ.. Thank you for ur treat"

"ආයේ මිස්ටර් කෑල්ල කිව්වොත් බලාගන්නම් මන්..දවස් දෙකයි දෙන්නෙ... ඊට පස්සෙ ඉදන් මන් බලන් ඉන්නෙ නෑ.."

මන් ඔලුව වනන ගමන් රූම් එකට ගියා..ටේ ට නොකිව්වට ඇත්තටම ටේ මගේ පස්සෙන් මෙහෙම එන එකට මන් ආසයි. මොකද මාත් එයාට කැමතී ගොඩක්.. ඔව්ව්ව් මන් එයාට ගොඩක් කැමති.. අනික එයා ගොඩක් කෙලින් කතා කරන කෙනෙක්.. මන් කොල්ලෙක්ගේ ආසම ලක්ෂණයක් ඒක... ඉතින් ඇයි මන් අකමැති වෙන්නෙ.. වොශ් දාලා ආව ගමන් ෆෝන් එක රින්ග් වුනා.. හරි හරි ලියා ඕපදූපේ අහන්න කතා කරනවා..

"හෙලෝ ලියා ප්‍රින්සස්.......
.
.
.
.
.
.
.
.

අපේ කතාව ඉවර වුනේ හරියටම පැයක් ගියාට පස්සේ...එහෙම්ම ෆෝන් එක ඇදේ පැත්තකට විසික් කරල මන් කොට්ටෙ බදාගත්තේ අද හොදට නිදාගන්න ඕනේ කියල හිතාගෙන.. ඒත් නින්ද නම් මට උරුම නෑ කියන්න වගේ එක පාරටම මගේ ඔලුවට ආවේ අද උදේ මන් ඇහරෙද්දී ටේගේ රූම් එකේ හිටිය හැටි මතක වෙලා..

😒😒😒😒




plz vote and comment, if you feel this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top