I'm not in Love with Anybody

මාශී තමුසෙ නම්.... 🙂🙂🙂 නම්බුව නැත්තටම නැති වෙලා නැති වෙලාම ගියා උදේ ටේගේ රූම් එකේදී.. ඔයාලා එක පාරට බලනවා නේ ලියා ඉස්සරහ ටේ එයා මාශීගේ බීඑෆ් කියල කියද්දිත් මාශී ඇයි කට පියන් හිටියේ කියල... ඔව් ඉතින් කට ඇරල නෑ කියන්න පුලුවන් ඒවා නෙමෙයි මාශී කලේ.. කොහොමත් ටේ දන්නවා මාශී ටේ ට ලව් කියලා... ඔය ඇඹරෙන්නේ කටින්ම අහගන්නනේ...

Flash back

මන් නැගිටිද්දී මට තේරුනා කවුරුහරි මගේ අතින් අල්ලන්න ඉන්නවා වගේ.. මන් ශේප් එකේ බැලුවේ මේ උදේම මගේ අත අල්ලන් ඉන්නෙ කවුද කියල..

"මොකක්?? මාශී???😳😳 ඔයා රෑම මෙහෙමද නිදාගත්තේ.. "

මටම කේන්තියක් ආවේ මන් හොදට ඇදේ නිදාගෙන ඉද්දී මේ කෙල්ල මෙහෙම බිම සීතලේ ඉන්න හැටි දැක්කම.. ඇදෙන් හෙමින් බැස්සේ ඇහරෙයි කියල හිතලා.. හෙමින් මගේ අතට වාරු කරගත්ත මාශීව මන් ඇදෙන් හාන්සි කලා..

"මාශී මගේ බෙල්ල බෙල්ල...."

මේ කෙල්ල මගේ බෙල්ල වටේ අත දැම්මේ නින්දෙන්මයි.. මට බෙල්ල ගන්න බැරි වුනා.. මන් ඉන්න විදිහ හිතාගන්න පුලුවන් නේ.. මගේ අත් දෙක මාශීගේ දෙපැත්තට තියන් ඩිෆ් ගහනවා වගෙ ඉන්න උනේ මේ කෙල්ල බෙල්ල අත ඇරියෙම නැති නිසා.. මට තවත් එහෙම ඉන්න බැරි වුනේ මගේ මුලු ඇගේම බර අතට ආව නිසා.. එක පාරට මාව මාශීගේ ඇගට වැටුනා..

"ආව්......."

මන් බය වුනේ නැගිට්ට ගමන් බනී කියල මන් මේව ඕනකමින් කලා කියල.. යකෝ මෙන්න තාම නිදි.. මන් ශේප් එකේ අත මගේ බෙල්ලෙන් අයින් කරන්න ට්‍රයි කලා.. මොකද කටේ හැටියට දැන් නැගිට්ටොත් මගේ බෙල්ලත් නැතුව යවනවා කියල දන්න නිසා.. ඒත් මෙයාගේ නියපොතුවලට මට බෑ ඒ අත අයින් කරන්න..

"මගේ වුනාම මුලින්ම මේ මගුලේ නියපොතු ටික කපන්න ඕනේ... බෙල්ලත් තුවාල කරනවකෝ මන් බලාගන්න..."

මාත් වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම්ම හිටියා.. ටික වෙලාවකින් අත බුරුල් වුන ගමන් මන් ටග්ගාල අහකට පැන්නා.. මන් ඉක්මනට දිව්වේ කණ්නාඩිය ළගට..

"අම්බෝ වෙලාවට පාරවල් නෑ.. නැත්තම් අද අර යක්කු ටික මගේ පටි 7ම රෝල් කරයි.."

මන් මටම කිය කිය ඉද්දී ලාවට වගේ කෙදිරියක් ඇහුනා..

"ටේ....."

ඒ මාශී.. මන් එයාගේ පැත්තට ගියත් අඩියක් දුරින් හිටියේ ඇගට ගුණ නිසා..

"මෝඩයා.. ඔයා ලස්සනයි... ආදරේ හිතෙනවා.."

"😂😂😂😂"

මට බකස්ගාලා හිනා ගියා.. මෙයා නින්දෙන් හොදට කියවනවා.. ටික වෙලාවක් කියවපු ඒව අහන් ඉදල ආයේ සද්දයක් නැති නිසා මන් වොශ් එකක් දාගෙන පහළට ගියේ කට්ටිය ගෙදරද බලන්න.. අප්පා කම්පැනි එකට ගිහින්.. ඔම්ම නංගී මල්ලී එක්ක කොහෙද ගිහින්.. මන් ටග්ගාල මේක වෙලාව කරගෙන ආයේ රූම් එකට ආවේ අර හොල්මනව ඇහරවන් එක්කන් යන්න..

"ඒයි... නැගිටින්න"

එක පාරටම බය වෙලා වගේ ඇහැරුන කෙල්ල ඇදෙන් බැස්සේ බය වෙලා..

"මන් කොහොමද ඇදට ආවේ?? ටේ ඔයා මොකක්ද කලේ?"

අම්බෝ යකෝ මේ අහින්සක මාව අල්ලනවනේ..

"මොනාද වුනේ කියල මතක් කරල බලන්නකෝ.. මන් නූලෙන් බේරුනේ.. කොහොමත් දවල් වෙද්දී මතක් වෙයි.. එහෙම කියල මූණවත් හෝදන්න කලින් මාවත් ඇදගෙන ගියේ කාර් එකට.. කාර් එකට නැග්ග ගමන් විදුලි වේගෙන් මාව රූම් එකට ලගට දාලා යන්න ගියා.. මොකක්ද ඒ වුනේ කියල මන් කල්පනා කර කරම රූම් එකට ගිහින් වොශ් දාලා වැඩට යන්න ලෑස්ති වුනා... ලාවට වගේ මට මතක් වුනා..ඒත් හරියටම මොකද වුනේ කියල මත්ක් වුනේ නෑනේ 🥺🥺🥺🥺

Flash back end

ඊයා ඕයි.. තමුසේ මේ මොකක්ද කරගෙන තියෙන්නෙ මාශී.. 🙂🙂 මරු හැබැයි.. (දැන් නම් ඔක්කොම මතක් වුනා.. හරි සනීපයි..)

කොහොමත් අර කිව්ව වගේ මට දවස් 4ක් වගේ යනකන් ටේව අම්බුනේ නෑ.. සාහියා ටිකක් වෙනස් වෙලා කියලත් වෙලාවකට මට තේරුනා..

"සාහියා....."

"ඔව් කියන්න"

"මන් දෙයක් අහන්නද? හැමැයි මට ඇත්තම කියන්න ඕනේ..."

කර කර ඉදපු වැඩේ නවත්තපු සාහියා මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා..

"මොකක්ද?? ටේ ඔප්පා ගැන නේද??"

"ආ.... නෑ මේ ඔව්🥺🥺"

"අහන්න මොනාද දැනගන්න ඕනේ.. ඔප්ප ගැන මන් තරම් දන්න කෙනෙක් නෑ.."

"මිස්ටර් ටේ මොන වගේ කෙනෙක්ද??"

"ටේ කියන්නෙ හොද කොල්ලෙක්.. ටිකක් සෙල්ලක්කාරයි.. හැබැයි කේන්ති ගියොත් විනාසයි.. අනික එයාට කෙල්ලො කියන්නෙ නිකන්ම නිකන් දෙයක් විතරයි.. ඕනේ තරම් කෙල්ලො ගැන මට කියල ඇති... "

"ඒ කිව්වේ එයාට කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්... "

"අපෝ ඔව් අනේ.. අපෝ මට නමුත් මතක නැති තරම්.. එයාගේ වචනවලට ඕනේ කෙනෙක් අහුවෙනවා.. කෙල්ලො මෝඩයි.. ඒව ඇත්ත කියල රැවටෙනවා... මන් දන්නෙ නැද්ද ඔප්පා ගැන"

"එහෙමද??"

"ඇයි ඔයා මේ ටේ ඔප්පා ගැන අහන්නේ??"

"අනේ නෑ නිකන් සාහියා.. මේ මන් චුට්ටක් ගිහින් එන්නම්.."

සාහියා කියපු වචන ගැන හිත හිතම මන් එලියට ආවා.. එලියට එද්දිම හම්බුනේ ටේව.. මන් එයා දිහා කෙලින්ම බලන් හිටියේ කිසිම හැගීමක් නැතුව..

"කොහෙද යන්නේ??"

"මන් කොහෙ ගියාම ඔයාට මොකද??"

"අයියෝ උදේම මොකො මේ?? මූණත් රතු වෙලා"

මන් ගස්සගෙන ගියේ ගෙස්ට් රූම් එකට.. ගෙස්ට් රූම් එකට ගිහින් මන් ඇතුලෙන් ලොක් කර ගත්තේ කවුරුහරි එයි කියන බයට..

"ඇයි මට මේ අවුල්??"

මන් ටික වෙලාවක් තනියම ගෙස්ට් රූම් එකට වෙලා හිටියේ සාහියා කිව්ව දේවල් මගේ ඔලුවෙ දෝංකාර දෙද්දී.. නෑ ටේ ඒ වගේ කෙනෙක් වෙන්න බෑ කොහොමත්ම.. මන් ඒක විශ්වාස කරන්නෙ නෑ.. ඔව් කවුරුත් කියන දේවල් ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්න හොද නෑ. මන් හිත හදාගෙන ගෙස්ට් රූම් එකේ ඩෝ එක ඇරියා...

"මන් කොච්චර වෙලා මෙතන හිටියද දන්නවද??"

"මිස්ටර් ටේ.. මන් දැනන් හිටියේ නෑ ඔයා හිටියා කියල මෙතන"

"උත්තරේ???"

"අහ්හ්හ්හ්හ්"

"මොකක්ද මාශී.. දවස දෙකයි දුන්නේ.. දැන් දෙකේ කෑලිත් නෑනේ??"

"හ්ම්ම්ම්ම්"

ඇත්තටම මට ඔයාට කැමති කියන්න ඕනේ.. හැබැයි සාහියා කිව්ව දේවල්??? මන් මොකක්ද කරන්නේ??

"ටේ.... මේ...."

එක පාරටම ටේ මගෙ අතින් ඇදගෙන ගෙස්ට් රූම් එකට ගියා..

"මොකක්ද කරන්නේ?? කවුරුහරි දැක්ක නම්.."

"දකින්න කලින් තමා මේකට එක්කන් ආවේ...මෝඩි"

"මන් කොහොමද ඔයාව විශ්වාස කරන්නේ??"

"ඇයි ඔයා මාව අවිශ්වාස කරන්නේ?? මෙච්චර මට චාන්ස් හම්බෙල මන් ඔයාට හීරීමක්වත් කලාද?? ඇයි එහෙම හිතන්නේ??"

"නෑ නෑ ඒත් ඔයා මේ දේවල් ජෝක්...."

මට එච්චරයි කියන්න හම්බුනේ.. මාව එයාගේ පපුවට තද කරල එයාගේ අත් අතරේ හිර කරගත්තා..

"ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්.. 100%ක්ම"

"හ්ම්ම්ම්ම් හැබැයි මට රිද්දන්න උත්සහ කරන්න එපා.."

එහෙම කිව්වම මාව අත් දෙකෙන් බුරුල් කරපු ටේ මගේ කම්මුල් දෙක අල්ල ගත්තේ මූණේ ලස්සන හිනාවක් එක්ක..

"අම්බෝ මාර සැරයි නේ... හරි මන් එහෙම කරන්නේ නෑ.. මව විශ්වාස කරන්න"

ඒ එක්කම ටේ චූටී ආදරණීය හාදුවක් මගේ නළලේ තිබ්බා.. ඒකට නම් මගේ මූණ රතු වෙලා ගියා..

"මන් යනවා.."

එයාව පොඩ්ඩක් පස්සට තල්ලු කරගෙන මන් එලියට දුවගෙන ආවා.. ඒ එද්දිම මගේ ඉස්සරහට හම්බුනේ සාහියා..

"මොකෝ මේ?? කොහෙද යන්නේ??"

ඒ එක්කම වගේ ටේ රූම් එකෙන් කොණ්ඩේ පිටිපස්ස කස කස එලියට ආවා.. මන් සාහියාට ආචාර කරල ටග්ගාලා ගියේ මන් දාලා ආව මගේ වැඩේ කරන්න..

"ඔප්පා... මොකක්ද ඔයාලා අතරේ වෙන්නෙ?"

"හෙයි බේබි ගර්ල් මාශීට මන් කැමති.. ඉතින් මන් කිව්වා.."

"මොකක්?? එයා???"

"හ්ම්ම් එයත් කැමති... දැන් ඔයාගේ ඔප්පාට කෙල්ලෙක් ඉන්නවා"

එහෙම කිව්ව විතරයි මූණට බොරු හිනාවක් දාගෙන සාහියා යන්න ගියා.. ටේත් ආයෙම ගියේ වැඩ වගයකට ඩෝම් එකට යන්නයි..

Time passed

කාලය සුපුරුදු විදිහට ගෙවිල ගියා.. ටේ මාශී ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා.. හැබැයි ඉතින් දෙන්නට හිතුව තරම් ලං වෙන්න වුනේ නම් නෑ.. මොකද ටේ සෑහෙන්න බිසී වුන නිසා.. හැබැයි ඒක ඒ දෙන්න ආදරේට බාදාවක් කරගත්තේ නම් නෑ.. අනික් පැත්තෙන් ලියා.. තාමත් එයා ආදරේ කරන කෙනාට ඈතින් ඉදන් ආදරය කරනවා..තව එක චරිතයක් ඉන්නවා.. සාහියා..... මේ ටිකේ සාහියා ඉන්නෙ ටිකක් අවුලෙන්.. සාහියට ටේගේ අෆෙයාර් එක අල්ලන්නේ නෑ..එකක් මාශී කියන්නේ එයා යටතේ වැඩ කරන කෙනෙක් නිසා වෙන්න ඇති.. නැත්තම් සාහියට ටේගේ තියන ආදරේ අඩු වෙයි කියල හිතල වෙන්නත් පුලුවන්.. කොහොමහරි මේ ආදර කතා මෙහෙම යද්දි එයාලා විදින සතුට නැති වෙන්න ගියේ විනාඩි කිහිපයයි.....

Flash back end

අද ෆැමිලි මීටප් එකක් කියල සාහියා අප්පයි ඔම්මයි එක්ක ටේ කොල්ලගේ ගෙදර ගියා... එයා මාවත් එක්කන් ගියා.. හැබැයි ඒ ඇයි කියන්න මන් දන්නෙ නෑ.. මාත් එක්ක එහෙදි වැඩ වගයක් තියනවා කියල තමා මාව එක්කන් ගියේ.. හැබැයි වුනේ හිතුවෙවත් නැති දෙයක්.. කතාවෙන් කතාව ටේගෙ අප්පයි සාහියාගේ අප්පයි ආවේ දෙන්නගේ වෙඩින් එක ගැන කතා කරන්න.. හිතේ දුකක් නෑ කියන්නමත් බෑ.. මොන කෙල්ලද මෙහෙම දෙයකට ආස?? ඒත් එක පාරටම ටේ කතාවට බාදා කලා..

"අප්පා අපි මේ වෙඩින් එකට කැමති නෑ.. අපි දෙන්නම කැමති නෑ.. අපි දෙන්න අපි දෙන්නට ආදරය කරන්නෙ නෑ"

"මොකක්ද ටේ කියන්නේ??"

"සාහියා ඔයා මොකක්ද කියන්නේ මේකට?? මොනාද මේ ටේ කියන්නේ??"

"අප්පා......"

"මිස්ටර් යූබින් මන් මේ....."

"ඔහොම ඉන්න ටේ.. ඔයා කිව්වනේ දැන්... සාහියා කියන්න මොකක්ද මේ?? මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මිස්ටර් කිම් මොකක්ද මේ වෙන්නේ??"

"ටේ තමුන් හොද සිහියෙන්ද?? තමුන් දන්නවා සාහියා කියන්නේ කවුද කියල...."

"අප්පා.. ප්ලීස් සාහියගෙන් අහන්නකෝ... අපි පොඩි කාලේ ඉදන් එකට හිටියා..ඒත් එයා මට මගේම නංගී වගේ... එයාටත් මාව පේන්නෙ ඒ වගේ තමා.... ඔයාලා කවුරුත් මගෙයි සාහියාගෙයි කැමැත්ත ඇහුවද??"

"මොනාද මේ වෙන්නේ?? සාහියා මේ ටේ කියන්නෙ ඇත්තද???"

"නෑ අප්පා...."

"මොකක්?? සාහියා මොනාද මේ කියන්නේ?"

මගේ ඇස් උඩ ගියා.. සාහියා මට ආදරේ කලේ නෑ.. ඔව්ව් ඒක මන් හොදට දැනගෙන හිටියා.. ඒත් එක පාරටම මේ දිව දෙකේ කතා.......

සාහියාගේ ඒ වචනෙට මගේ පපුවත් එක්ක මොකක්දෝ වුනා.. සාහියා කියන්නෙ ගොඩක් හොද ගෑනු ළමයෙක්.. ඔව් එයා ටේ ට ආදරේ කලා..ඒ එයාගෙම සහෝදරයෙක්ට වගේ... ඒත් ඇයි ඔයා ටේ කියන්නෙ බොරු කියලා කියන්නෙ?? ඒක වෙන්න බෑ.. මන් හිටිය තැනින් අඩි දෙක තුනක් ආපස්සට ගියේ මට ඒ වචන විශ්වාස නැති නිසා...

"ටේ ඔප්පා මන් ඔයාට ගොඩක් ආදරෙයි.. මට මේක කියන්න ඕනේ වුනේ ගොඩක් කාලෙකට කලින්.ඒත් මන් බය වුනා ඔයා අකමැති වෙයි කියල 😢😢😢"

සාහියා අඩ අඩ ඒ කිව්ව වචනෙට මගේ කකුලුත් පණ නැති වුනා.. මොකක්ද මේ වෙන්නේ?? ටේ එක පාරටම ගියේ සාහියා ලගට..

"සාහියා මේ මොනාද කියන්නේ?? ඔයා දන්නවා..."

"ඔව් මන් දන්නවා... ඔයා මට ආදරෙයි කියල...කවදාවත් මට රිදන්නෙ නෑ කියල.. එහෙම නේද??"

ටේගේ කටම ලොක් වුනා..සාහියා මොකක්ද මේ ඔයා කලේ?? ටේ ආදරේ කලේ මට??

"ටේ?? දැන් මොකක්ද කියන්නේ තමුන්?? සාහියා තමුන්ට ආදරෙයි.. මේ වෙඩින් එක ඊලග අවුරුද්දේ වෙනවා.. එච්චරයි"

"අප්පා..."

"ඇයි ටේ?? ඔයා වෙන කෙනෙක්ට කැමතිද??"

ඔව් ටේ කියන්න.. මන් නේද ඔයාගේ?? සාහියා නෙමෙයි... කියන්න ටේ කියන්නකෝ.. ඔයාට බෑ මෙයාව බදින්න..

"නෑ අන්කල් යූබින්.. එහෙම කෙනෙක් නෑ.. "

මොකක්??? අඩියෙන් අඩිය ආපස්සට ගිය මන් කෙලින්ම දිව්වේ පාරට.. කොහොමත් එයාල කාටවත් මාව මතකයකට තිබ්බෙ නෑ..අඩ අඩම පාර දිගේ මන් ආවේ ටේගේ වචනේ ඔලුවෙම දෝංකාර දෙද්දී..

"නෑ අන්කල් යූබින්.. එහෙම කෙනෙක් නෑ.."

ටැක්සි එකක්වත් ගන්න මතක් නොවුන මන් පාරේ දිගේ ඔහේ ඇවිදගෙන ගියේ මන් මොකක්ද කරන්නේ කියල හිතන ගමන්.. ඔයා හරි සාහියා ටේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියල මට තේරුනා දැන්.. හ්ම්ම් මායි ඔයයි ඉස්සරහ මන් කොහොමත් බින්දුවයි කියල මට එදාම හිතන්න තිබ්බ.. මගේ ඇස්වලින් කදුලු පෝලිමට වැටුනා.. මට නවත්තගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ.. එක පාරටම වහින්න පටන් ගත්තා.. මගේ කදුලු ලෝකයගෙන් හන්ගන්න වැස්සා වගේ හරියට.. ඒ වැස්සෙත් ටේ ගැනම හිත හිත මන් ඉස්සරහට ඇවිදගෙන ගියා....

මගේ ඇදුම් හොදටම තෙත් වෙලා... ඇගට ඇලෙන්න තරම්.. වාහනෙක හෝන් සද්දෙටයි මන් හරි සිහියට ආවේ..එත්කොට මන් හිටියේ මගේ රූම් එකට කිට්ටුව.. ඇගත් අත් දෙකෙන් වහගෙන මන් ඉක්මනට දුවල ගියේ රූම් එකට.. ඩෝ එක ලොක් කරගෙන වොශ්රූම් එකට වෙලා පැය ගාණක් ඇඩුවේ මගේ හිත නිදහස් කරගන්න.. හැබැයි අන්තිමට නිදහස් වුන හිතක් නැතුවම මන් වොශ් දාලා ඇදෙන් හාන්සි වුනා.. ලෝකයම මගේ වටේ කැරකෙන්න ගත්තා..

"ටේ ඔයා මේ තරම් බොරුකාරයෙක්ද?? මන් ඔයාව විශ්වාස කලා.. ඔයාගේ හිනාව වචන මාව කොච්චර සතුටෙන් තිබ්බද කියල දන්නවද? ඒත් ඔයා මට ආදරය කරල නෑ.. මන් ආදරය කරපු තරමට මට බෑ ටේ මන් ආදරය කරන කෙනෙක් නෑ කියන්න..ඔයාට මේවට උත්තර තියනවද???"

මාශී ගොඩක් ඇඩුවා.. මොකද මාශී ටේව එයාටත් වැඩිය විශ්වාස කලා.. ඒත් එයාගේ ඇස් ඉස්සරහම ඒ විශ්වාසය කෑලි කෑලිවලට කැඩිල ගියා....

Time passed

"සර් මන් අද කලින් යනවා..."

"හරි ලියා.. හෙට කලින් එන්න අර ස්පෙශල් ඕඩර් එකක් තියනවා"

මන් එහෙම්ම සර්ට කියල ගියේ චේන්ජ් කරගෙන එන්න..

"අද වැඩක්ද?? කලින්ම යන්නේ??"

"අම්බෝ මන් බය වුනා ෆෙලෙක්ස්.. ඔව් මගේ යලුවගේ ෆෝන් වැඩ නෑ දැන් දවස් දෙකක් වෙනවා.. මන් හිතුවේ බිසී නිසා කියල.. ඒත් පොඩ්ඩක් ගිහින් බලන්න කියල හිතුනා"

"ආ... ඔව් ඒක හොදයි... ඔයා බඩු ලෑස්ති කරන ගමන් අහන්නද ප්‍රශ්නයක්??"

"ඔව් අහන්න"

"කෙල්ලෙක් කොල්ලෙක්ගේ බලන ලොකුම දේ මොකක්ද?? අයි මීන් අෆෙයාර් එකක් ගැන හිතද්දී??"

මන් ටග්ගාල ෆෙලෙක්ස්ගේ මූණ බැලුවා..

"මොකෝ මේ හදිස්සියේ??"

"නෑ කියන්න්කෝ??"

"අනිත් අය ගැන දන්නේ නෑ.. ඒත් මන් නම් බලන්නේ එයා මට කොච්චර ආදරේද කියන එක.. ඒත් ඒක අපිට පිටින් බලල තේරුම් ගන්න බෑ.. ඒකනේ මන් මේ තාම තනිකඩ 😁😁"

"හ්ම්ම්ම් ඉතින් එත්කොට ඔයා හැමදාම මෙහෙමද ඉන්න හදන්නේ??"

"අනේ නෑ..දවසක මට ආදරය කරන කෙනෙකුත් හම්බෙයි.."

"එයා ඔයාට ආදරය කරපු පලියට ඔයා එයාට ආදරය කරනවද??"

"එහෙම හැමෝටම ආදරයක් හිතෙන්නෙ නෑනේ නේද?? බලමුකො... මොකෝ ඔයා කාටහරි කැමතිද??"

"නෑ නෑ මන් මේ නිකන් ඇහුවේ?? දන්නෙ නැද්ද මට එක එක ප්‍රශ්න ඔලුවට එනවනේ.."

"ආ ඒක මිසක්.. පුදුමයි ඔයාට කෙල්ලෙක් නෑ කිව්වමත් හැබැයි..."

"ඇත්තද??"

එහෙම කියන ගමන් අර සුපුරුදු තට්ටුව ඔලුවට දාගෙන ෆෙලෙක්ස් ගියා.. මන් ටග්ගාල බඩු ටිකත් දාගෙන ගියේ අර පිස්සු හොල්මනගේ රූම් එකට..යන ගමන් මන් කල්පනා කලේ ඇයි අද ෆෙලෙක්ස් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ කියල... කොහොමත් මටත් හිතන්න ප්‍රශ්න නැති එකේ එයා හරි මෙහෙම ප්‍රශ්නයක් මගේ ඔලුවට දාන එක සෑහෙන්න වටිනවා..

ටික වෙලාවකින් මන් ආවේ මාශීගේ රූම් එක ලගට.. රූම් එක නම් ලොක් කරල තිබ්බේ.. පාලුවට ගිහින් වගේ.. කොහොමත් මේ ටයිම් මෙයා ඕෆ් වෙනවනේ..අනිවා ඇතුලේ ඇති කියල හිතාගෙන මන් ගිහින් බෙල් එක රින්ග් කලා..

"මාශී... තමුසේ ඇතුලෙ ඉන්නවද??"

මන් ආයෙම ෆෝන් එක අතට අරන් කෝල් එකක් දුන්නා.. ඒත් ෆෝන් එක ඕෆ්.. දැන් නම් මට බයක් වගේ දැනුනා.. මොකද මෙතන පාලු කනත්තක් වගේ මට පෙනුන නිසා.. මන් ටග්ගාල මාශීගේ රූම් එකේ මන් ලග තියන කී එක එලියට ගත්තා.. ( නෑ නෑ දවසක් මූ කී එක නැති කරගෙන අන්තිමට මේක අරින්න ලොක් එක කඩන්න වුනා.. ඊට පස්සෙ දැම්ම ලොක් එකේ එක්ස්ට්‍රා කී එකක් මට තියා ගන්න එයාම තමා දුන්නේ) මන් ටග්ගාල ඩෝ එක ඇරියා.. මුලු කාමරයම අදුරුයි.. මන් ටග්ගාල ලයිට් එක දැම්මා..

"මාශී......😳😳😳😳😳"


Plz vote and comment, if you feel this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top