I love you.. but
"මාශී......😳😳😳😳😳"
මන් මාශී ලගට දිව්වේ මාශී ඇදේ පැත්තක ගුලිවෙලා ඉන්න හැටි දැකලා.. මන් ළගට ගිය ගමන් මශීගේ අතින් ඇල්ලුවේ එයාව නැගිට්ටවන්න..
"දෙයියනේ ඔයාට හොදටම උණ.. මොකක්ද මේ කරන්නේ?? මාශී නැගිටිනවා.."
මන් බොහොම අමාරුවෙන් මාශිව නැගිට්ටුවා.. ගින්දර වගේ ඇග..
"ලියා.... "
"මොකද වුනේ? යමු බෙහෙත් ගන්න"
"මට බෑ ලියා.. මට මෙහෙම ඉන්න දෙන්නකෝ.."
බෑ කියද්දිම ටැක්සි එකකට කෝල් කරල මන් බෙහෙත් ගන්න එක්කන් ගියේ මේ ඉන්න විදිහට හිටියොත් ලොකු අවුලක් වෙන නිසා.. හොස්පිටල් එකෙදී උණ බහින්න බෙහෙත් දුන්න නිසා ආයේ රූම් එකට එද්දී ලාවට උණ අඩු වෙලා තිබ්බේ.. හිටියට වඩා කතා කරගන්න පුලුවන් තත්ත්වෙක මාශී හිටියා..
මන් මාශිව ඇදෙන් හාන්සි කරල හොදට රෙද්දකුත් පොරවල ගියේ කන්න මොනා හරි තියනවද බලන්න.. නූඩ්ල්ස් එකක් තිබ්බ ජාති ටික දාලා හැදුවේ මෙයා වේල් තුනකින් විතර කාලා නෑ කියල පෙව්න නිසා..
"නැගිටල මේක කන්නකෝ... මට කියන්න මොකද වුනේ?? දෙයියනේ මන් අදත් ආවේ නැත්තම්?? කෝ ෆෝන් එක??"
"බෑග් එකේ ඇති ලියා.. මන් වැස්සෙ තෙමුනා..ඒකයි මේ"
මන් එහෙම්ම බෑග් එක අස්සෙ තිබ්බ ෆෝන් එක ගත්තා.. ෆෝන් එක ඕෆ්.. මන් ටග්ගාල චාජ් එකට ගැහුවා.. ෆෝන් එක ඔන් වෙනවා එක්කම හෝ ගාලා නොටිෆිකේශන් පෝලිමට ආවා.. මන් කෝල් කරපුවා කියල හිතල මන් ෆෝන් එක නොබලා මාශිගේ පැත්තට හැරුනා..
"දැන් කොහොමද?? ඇගට අමාරුද තාම??"
"නෑ ලියා.. දැන් හොදයි.. තැන්කිව් ආවට.."
"කෝ ටේ?? අඩුම තරමේ එයාට කියන්න තිබ්බ අසනීපෙන් නම්..."
එහෙම කිව්වම මාශී බිම බාලගත්තේ මට මූණ දෙන්න බෑ වගේ..
"මොකද?? මොකක්හරි ප්‍රශ්නයක්ද??"
"ටේ... ටේ මට කලේ බොරුවක් ලියා🥺🥺🥺"
"මොකක්?? මොකද වුනේ කියනවා"
මාශී මට වුන හැමදේම අකුරක් නෑර කිව්වා.. ඒ කිව්ව වචනයක් වචනයක් ගානේ මගේ කේන්තිය වැඩි වුනා.. මාශී කියන්නේ හෙන සෙන්සිටිව් කෙනෙක්.. එයාට මේ වගේ දෙයක් දරාගන්න කොහොමත් බෑ.. මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්...
"ඊට පස්සෙ ඔයාට මොකද වුනේ කියලවත් එයා බැලුවේ නැද්ද?? "
"දන්නේ නෑ.. එදා ඉදන් තාම ෆෝන් එක ඕෆ්"
"ආවේවත් නැද්ද??"
"මන් මුකුත් දන්නේ නෑ.."
එහෙම කියල නූඩ්ල්ස් එක ලග මේසේ උඩින් තියල මාශී ආයෙම නිදාගත්තා..
මාත් ඊට වඩා දෙයක් අහන්න නොගියේ එයා සෑහෙන්න අවුලෙන් ඉන්න නිසා.. මන් ඊලගට ගියේ ෆෝන් එක ලගට.. ටේගෙන් මැසේජ් ඇවිල්ල තියනව දැක්ක මන් වැරදි වැඩක් වුනත් ඒ මොනාද බලන්න මැසේජ් ටික ඕපන් කලා...
"මාශී මට කතා කරන්න ඕනේ..."
"ඔයාගේ ෆෝන් එක වැඩ නැත්තේ ඇයි??"
"මට සමාවෙන්න.."
"මේවා මන් හිතල කලේ නෑ.."
"ඔයා මැසේජ් බලනව නේද?? මට සමාව දෙනව නේද??"
"මට ඔයාව මගේ ලගට ගන්න බෑ.. අපි ඈත් වෙමු.."
"මන් ආයෙ කවදාවත් එන්නෙ නෑ ඔයාගේ ඉස්සරහට.. මට සමාව දෙන්න.."
"මේවා මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ.. Im really sorry mashi"
එතනින් පස්සෙ ටේගේ මැසේජ් නැවතිලා තිබ්බා.. මන් ඒ මැසේජ් ඔක්කොම ඩිලීට් කරල දැම්මා.. මගේ අතත් වෙව්ලන්න ගත්තා.. මට ටේ එක්ක තරහකට වඩා ආවෙ මාශී ගැන දුකක්.. එයා සෑහෙන්න වැටිල ඉන්නෙ කියල තේරුනා..
.
.
.
.
.
.
මාශීට ආයේ හොදට රෙද්ද පොරවල මන් ගියේ ටේව හම්බෙන්න.. ඒත් මන් කෝල් කලාට එයා ආන්ස්වර් කලේ නෑ.. දැන් වෙලාව එයා අනිවා සාහියාව ගන්න එන වෙලාව.. මට මාශී ඒ ගැන කියක තිබ්බා.. ඉතින් මන් කෙලින්ම ගියේ සාහියාගේ කම්පැනි එකට..
"excuse me, මට සාහියව හම්බෙන්න ඕනේ.."
"මේ වෙලේ නම් බෑ මිස්.. එන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ.."
ඔව් කොහොමත් මෙහෙම එයාව හම්බෙන්න බෑ කියල මට තේරුනා.. මන් එහෙම්ම ආයේ හැරෙද්දී දැක්ක ටේ එනවා.. මන් ටග්ගාල ගියේ ටේ ළගට..
"ලියා?? ඔයා කොහෙද මේ?"
"ඔයාට වෙලාව තියනව නම් මට විනාඩි 5ක් කතා කරන්න පුලුවන්ද?"
"ඒත්..... මන් මේ සාහියව ගන්න ආවේ.. හරි කතා කරමු.. යමුකෝ උඩට.."
එහෙම කියල ටේ මාව එක්කන් ගියේ ගෙස්ට් රූම් එකට..
"වාඩි වෙන්න"
"ඔයත් එක්ක වාඩි වෙලා කතා කරන්න දෙයක් නෑ.. ඔයා මාර ලස්සනට අර කෙල්ලගේ ලයිෆ් එකම විනාස කරනවා.. මොකක්ද මේ කලේ??"
"මොකක්ද??"
"මොකක්ද?? ඔයා මාශිගේ පස්සෙන් ඇවිල්ල වද දීලා ඒ කෙල්ලගේ හිතේ ආදරයක් ඇති කරල එපා වුනාම අත ඇරල දැම්මම හරියනවද??"
"ලියා මන් කියන දේ අහන්න"
"මේක මතක තියාගන්නවා.. ඔයා නිසා ඒ ළමයා දුක් විදිනවා.. ඔයා මේකට වගකියන්න ඕනේ.. නිකන් හරි ඒ ළමයට මොනාහරි වුනොත්..."
"මොකක්ද ඔයා මේ කියන්නේ? ඇයි මොනාද මාශිට වුනේ??"
"එයාට මොනාද වුනේ අහන්න ඕනේ නෑ ඔයා... ඔයා ඔය ඉන්න විදිහටම ඉන්න.. "
මන් කියන්න ගිය එක නෙමෙයි අන්තිමට කිව්වෙ.. මට මේක හෙමිහිට කතා කරන්න ඕන වුනේ.. ඒත් මට ටේව දැක්කම කේන්ති ගියේ එයාට මේක ගාණක්වත් නෑ වගේ දැක්ක නිසා.. මන් බැනල ආයේ වචනයක්වත් කතා කරන්න නොදී එතනින් එලියට ආවේ රෑට කන්න කෑමත් අරන් මාශිව බලන්න යන්න...
.
.
.
.
.
.
.
මගේ බලකිරිල්ලට සතියක් අමාරුවෙන් මාශි නිවාඩු දැම්මා.. එයා කියන්නේ මේ වුන දේවල් එයාගෙ ජොබ් එකට ගාවගන්න ඕනේ නෑ කියල ඒත් ගිහින් නිකන් දුක්විදින්න බැහැනේ..
Time passed
මන් ආයෙම අකමැත්තෙන් හරි සාහියා ගාව වැඩට ආවා.. මට වුන කිසිම දෙයක් මේ ජොබ් එකට අදාල නෑනේ...
"මාශී...."
"කියන්න සාහියා"
"ඔයා මාත් එක්ක තරහද??"
"ඒ මොකටද??"
"ටේ ඔප්පා..."
"ඒ ඇයි මන් ඔයා එක්ක තරහ වෙන්නේ??"
"නෑ ටේ ඔප්පා ඇන්ඩ් ඔයා"
"අයියෝ ඒක හිතන්න එපා.. අනික මිස්ටර් ටේත් ඔයාට කැමතිනේ.."
"ඔයාගේ හිතේ මන් ගැන පොඩිවත් තරහක් නැද්ද??"
"අනේ නෑ..."
එහෙම කියාගෙන මන් එතනින් ආවේ ප්‍රින්ට් කරන්න දුන්න ෆයිල් එකක් ගන්න..
ඔව් සාහියා මට ඔයා එක්ක තරහක් නෑ.. ඒ වගේම ටේ එක්කත්.. හැබැයි මට කියාගන්න බැරි දුකක් තියනවා.. මන් සතියක් තනියම ගෙදරට වෙලා මේ හැමදේම කල්පනා කලා.. මන් ගොඩක් මෝඩ වුනා.. ඔයා වගේ කෙනෙක් මට ගැලපෙයි කියල හිතපු එකත් ලොකු මෝඩකමක්..මන් මොනා වුනත් මෙහෙට ආව වැඩේ කරන් මෙහෙන් ඉක්මනටම යන්න හිත හදාගත්තා..
මන් සාහියාගේ රූම් එකෙන් එලියට යන්න ඩෝ එක අරිද්දිම ඩෝ එක එහා පැත්තේ හිටියේ ටේ..
මට එක පාරට බැලුවේ ඒ ඇස් දිහා.. ඒ ඇස් තාම දිලිසෙනවා එයාව දැක්ක පලවෙනි දවසෙ වගේ.. මන් එයාට ආචාරකරල එතනින් යන්න හැදුවේ...
"මාශී...."
"කියන්න මිස්ටර් ටේ..."
මන් ටේට පිටිපස්ස හැරිලම ඇයි කියල ඇහුවේ මට ඒ මූණ බලන්න බැරි නිසා.. ඔයා වැරදී ටේ.. ඒත් මට බැහැ ඔයාට බනින්න අඩුම ඔයා දිහා රවලවත් බලන්න.. ඒ තරමට මන් මේ ආදරේට ඇබ්බැහිවෙලා..
"මට සමාවෙන්න..."
"මන් යනවා.."
මන් එතනින් කෙලින්ම ආවේ වොශ්රූම් එකට..
වොශ්රූම් එකට වෙලා මන් ටික වෙලාවක් හිටියේ ටේ යනකන්.. හරියටම විනාඩි 15කට වගේ පස්සේ මන් එලියට ආවේ එයා සාහියව එක්කන් යන්න ඇති කියල හිතලා.. හිතුව වගේම එයා ගිහින්... මන් ඉතුරු වැඩ ටික කරල රූම් එකට ගියා..
කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු නොවෙන තාක් කල් අපිට සතුටෙන් ඉන්න පුලුවන්.. කෙනෙක්ට ඇබ්බැහි වෙනව කියන්නේ කෙනෙක් ලයිෆ් එකේ කරන මෝඩම වැඩක්.. හරියට මාශී කලා වගේ.. එයා ටේ ට ආදරේයි.. ඒකයි තමන්ටම වයිර බැද බැද මාශී දුක් විදින්නේ....
...................
මන් වොශ් එකක් දාලා කොණ්ඩේ පිහද පිහද එද්දී ඩෝ බෙල් එක ගහන සද්දයක් ආවා.. ලියා වෙන්න ඇති කියල හිතල මන් ටග්ගලා ගිහින් ඩෝ එක ඇරියා..
"ටේ 😳😳😳"
"මන් ඇතුලට එන්නද??"
මන් හා කියන්නත් කලින් ටේ ඇතුලට ඇවිල්ල සෝෆා එකෙන් වාඩි වුනා.. මට මුකුත් හිතාගන්න බැරි වුනා..
"ටේ ඔයා?? ඇයි ආවේ??"
ඒ එක්කම ටේ දැක්කා මගේ මේසේ උඩ තියන බෙහෙත්...
"කාගෙද මේ බෙහෙත්??"
"මගේ රූම් එකේ වෙන අයගේ ඒවා නෑනේ..."
"මොනාද වුනේ?? ඇයි මොනාටද මේ බෙහෙත් බොන්නේ?"
"ටේ ඔයා දැන් ගියොත් හොදයි..."
"මන් ආව විතරනේ.. අමුත්තන්ට මෙහෙමද සලකන්නේ??"
"ප්ලීස් මිස්ටර් ටේ.. දැන් ඔයා යන්න"
"මොකද මාත් එක්ක තරහෙන්ද??
"යන්නකෝ කියන දේ අහලා.. මොකක්ද ඇයි මට මෙහෙම කරන්නේ?? මට ඉන්න දෙනවා.. මන් ඔයාලට මොකක්ද කරපු වරද?? මන් ඔයාටවත් සාහියාටවත් මෙහෙම කියන වරද කරල නෑ.. මාව දැන දැන ඔයා රැවැට්ටුවේ, ඒත් මන් ඒ හැමදේම තනියම දරා ගත්තා.. මට ඉන්න දෙන්න පාඩුවේ.. මාත් මනුස්සයෙක් ටේ... මට දරාගන්න පුලුවන් සීමවක් තියනවා.. 😢😢😢"
මන් මොනාද කිව්වේ දන්නේ නෑ.. ඒත් කටට ආව ඔක්කොම එක හුස්මට කියල දැම්මේ අන්තිමට හිටගෙන හිටිය මන් එතනම වාඩි කරවලා..
"මාශී මොකද මේ?? හරි ඔව් මන් වැරදි"
"ඔව් ඔයා වැරදී.. මට ඉන්න දෙන්න ටේ.. මන් කොහොමහරි මගේ හිත හදාගන්නම්"
මගේ මූණ ටේ එයාගේ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තේ මගේ කදුලු එයාගේ ඇගිලිවලින් පිහිදන ගමන්...
"අඩන්න එපා... මට ඕනෙ තරම් බනින්න.. ගහන්න.. ප්ලීස් අඩන්න එපා.. මාත් සතුටෙන් ඉන්නෙ කියලද හිතන්නේ?"
"මන් දන්නේ නෑ.. ඒත් දැන් ඔයා යන්න..."
"හරි මන් යන්නම්... මේක අහන්න මට සමාවෙන්න.. මන් ඔයාට රිද්දුවා ගොඩක්..පුලුවන් නම් මට සමාව දෙන්න..."
මන් එහෙම්මම නැගිටල වොශ්රූම් එකට ගිහින් දොර ලොක් කරගත්තා.. ලාවට වගේ ටේ කතා කරන සද්දේ ඇහුනත් මන් කන් දෙකම තද කරන් හිටියේ කීයට හරි ටේ ගියාම එලියට එන්න.. පැයක් විතර අඩ අඩ ම ඉදල සද්දයක් නැති නිසා මන් එලියට ආවා..
"ටේ ඔයා ගියාද?? ටේ...."
ඔව්ව් එයා ගිහින්... මන් ඇදට යන්න හදද්දී මේසේ උඩ කොලයක් තියනව දැක්කා... එකේ මොනාදෝ ලියල තිබ්බා.. මන් ඒක කියවන්නේ නැතුව එහෙම්ම බෑග් එකට ඔබාගත්තේ මට කිසිම දෙයක නිදහසට කරුණු ඕනේ නැති නිසා.. මගේ හිතේ සිතුවිලි මගේ හිතින්ම වචන කලේ හද එලිය වැටුන සිවිලිම දිහා බලාගෙන.. ඒ වචන මට ඔයාව කවදාවත් ලැබෙන්මෙ නෑ කියල මගේ හිතට වද දුන්නා.. හරියට කොච්වර ආස වුනත් දේදුන්න බලල සතුටු වෙනවා මිසක් ලබා ගන්න බෑ වගේ..
This feeling is fresh & vibrant
I lust to relish everyday
If only you were with me
The times of thinking
are infinite
Your warmth will never feel again
That you are so far away from me
Moist air wrapped around me
Like it reminded me of that
What I love to see
Can you see the picture
Shining in seven colors
I forget everything
Like getting ready to say something
I feel a great strangeness
Yes, at the edge of the rainbow
It's a treasure that value is countless
You do the same for me
The rainbow brought me joy
Never can claim the treasure
Yes, you are that same for me
Take comfort in what you see
Be pleased pretty much
what you hear
Let him revel in,
find the peace in life
Everyday looking forward
From a distance to that comfort
You shine brighter than ever...💜
මාශී වගේම ටේත් ඒ වගේම සාහියත් එකම ආදර කතාවේ චරිත තුනක්.. හැබැයි කෙනෙක්ගේ සතුට අනිවාර්යයෙන් මේ කතාවේ නැති වෙනවා.. ලියා ආදරෙ නොකියා ඈතින්ම ඉන්න එක හොදයි කියල මාශිට තේරුනේ එයාට මේ හැමදේම නැති වුනාට පස්සේ...... 🥺🥺🥺🥺
.
.
.
.
.
.
.
.
.
Next day
"ටේ ඔප්පා.. අපේ අප්පා එනෝ කිව්වා අපේ වෙඩින් එක ගැන කතා කරන්න.."
"මොකක්??"
"ඔව්"
"මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා..."
ටේ සාහියගෙන් එහෙම අහද්දිම සාහියා මගේ දිහා බැලුවා.. මන් හිටියේ එහා මේසේ සාහියාගේ නෙක්ස්ට් ඉවෙන්ට් එකේ ඩිසයින් එක කරන ගමන්..
"නෑ එයා හිටියට කමක් නෑ.. සාහියා ඔයා මට ආදරේ කලේ නෑ..ඒ එක්කම ඔයා මේ මැරේජ් එකටත් අකමැත්තෙන් හිටියේ.. ඒත් මායි මාශී.."
"ඔයා මගේ විතරයි ඔප්පා.. මන් ඔයාව කාටවත් දෙන්නෙ නෑ.."
මන් මේ මොකේටවත් අවදානේ නොදී මගේ වැඩේ කලත් ඒ කිව්ව දේවල් මට හොදට ඇහුනා..
"ඒත් මන් තාම ඔයාට ආදරේ මගේම නංගී කෙනෙක්ට වගේ..."
"ඔප්පා...."
මන් නැගිටල යන්න හැදුවේ මේ දේවල් මට අහන්න ඕනේ නැති නිසා.. ඒත්,
"ඔව් සාහියා මන් තාම ආදරේ...."
ටේට එතනින් එහාට මුකුත් කියන්න වුනේ නෑ.. සාහියා නැගිටල යන්න ගියේ අඩාගෙන...
"සාහියා..."
ටේ කතා කලාට සාහියා නැවතුනේ නෑ.. ටේ ඒ එක්කම ආවේ මගේ ලගට.. මන් ආයෙම වාඩි වෙලා මගේ වැඩේ කරන්න ගත්තේ ටේව මගාරින්න හිතාගෙන..
"මාශී...."
"මිස්ටර් ටේ ඔයා මේ වෙලේ සාහියා ගැන බලන්න ඕනේ.."
ඔලුව උස්සන්නෙවත් නැතුව මන් ඒක කිව්ව ගමන් මගේ මේසෙට අතින් ගහලා ටේ යන්න ගියා.. මන් ඇස් අස්සේ හිරකරන් හිටිය කදුලු ඔක්කොම එක පාරට එලියට දැම්මා..
ඔයා සාහියට ආදරෙත් නෑ, ඒත් එයාගෙන් ඈත් වෙන්නත් බයයි.. මොකක්ද ටේ මේ වෙන්නේ?? මන් මගෙන්ම අහන ගමන් මේසේට ඔලුව තියන් කල්පනා කර කර හිටියා..
ඒ එක්කම ආව හුලගට මගේ ලග තිබ්බ කොලේ මේසේ අස්සට වැටුනා.. මන් ඒක ගන්න නැවෙද්දී ඩෝ එක හෙන සද්දෙන් ඇරගෙන සාහියා ආවේ ලොකු කලබලයෙන්.. මන් නැගිටින්න හද්දිම එයා කෝල් එකකින් කාටදෝ කියන දේවල් ඇහුන ගමන් මන් එහෙම්ම ඉදල ඒ හැම දෙයක්ම අහගෙන හිටියා..
"හෙලෝ මිස්ටර් ජේ"
"..........."
"ටේ කොහෙටද යන්න බලන්න"
".............."
"ආ... ක්ලබ් එකට... හරි ඔයා පස්සෙන්ම යන්න.. ඇතුලට යන්න එපා.. අදුරගනී.. බට් මට ටේව අද ඕනේ..."
"....."
"හොද සිහියෙන් බැරි නම් සිහිය නැතුව හරි ටේ ඕනේ මට.. එයාට මාව කොහොමත් රිජෙක්ට් කරන්න බෑ..මන් ඒ ගැන බලාගන්නම්.. ඔයාට කරන්න තියන දේ තේරෙනවනේ..."
ඒ එක්කම කෝල් එක කට් කරලා සාහියා යන්න ගියා... මන් ටග්ගලා මේසේ අස්සෙන් නැගිට්ටේ ඒ කිව්ව වචන එකක්වත් ශුවර් නැති නිසා..
"මොකක්?? සාහියා ඔයා මෙහෙම කෙනෙක්ද?? ටේ.. බෑ ටේට මුකුත් වෙන්න දෙන්න බෑ.. ඔයාට බෑ මේ වගේ ජරා වැඩක් කරල ටේව ලබාගන්න.."
මන් මටම කියන ගමන් ටග්ගලා එලියට දිව්වේ සාහියට කලින් ක්ලබ් එකට යන්න.. මන් දන්නවා ඒ ක්ලබ් එක.. මන් ගිහින් නැති වුනාට සාහියා මට ඒ ගැන නිකන් ඉන්න වෙලාවට කියල තියනවා... මන් ක්ලබ් එක ලගට ගියා..
කලින් ඇවිල්ල නැති නිසා බයෙන් බයෙන් ඇතුලට යද්දී ටේ VIP පැත්තට යනවා දැක්ක.. එයා එක්ක ගාඩ්ලා දෙන්නෙක් හිටියා.. මෙයා VIP එකට ගියොත් මට යන්න වෙන්නෙ නෑ.. ඒ නිසා මන් දුවක ගිහින් ටේගේ අතින් ඇද්දා..
ඒ එක්කම මාව පස්සට තල්ලු කලේ එහා පැත්තේ හිටිය ගාඩ්.. මන් අමාරුවෙන් නැගිට්ටේ මගේ පශ්චාත් භාගේ හොද පාරක් ඇනුන නිසා..
"ඔයා මොකද මෙහෙ??"
ටේ මන් ලගට ආවේ මාව දැක්ක ගමන්..
"මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.. අපි මෙතනින් යමුද??"
"මෙතනින් යන්න බෑ.. මන් ටේබල් එකක් බුක් කලා.. යමු එතනට.."
බෑ බෑ සාහියා ආවොත් එයා අනිවා දකිනවා.. කොහොමත්ම එතනට යන්න බෑ..
"බෑ මට තනියම කතා කරන්න ඕනේ..."
"බට් මාශී මට අවසර තියෙන්නෙ මෙතනට එන්න විතරයි මේ වෙලේ.. පේනවනේ ගාඩ්ලා.."
"එහෙනම් මේකේ රූම් එකකට යමු"
"මොකක්??"
තමුසෙගේ කොහොමත් නම්බුවේ ගන්න දෙයක් නෑ මාශී.. කෙල්ලෙක් කියන ඒවද මේ කියන්නේ.. ඒත් මේ වෙලේ ලැජ්ජවයි නම්බුවයි ගැන හිතල වැඩක් නෑ.. ටේ මන් දිහා බලන්නේ නිකන් කට කොනෙන් හිනා වෙලා මහ අමුතු විදිහට.. ශික් ලැජ්ජාවේ බෑ..
"බැරිද?? මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ.."
"හරි එහෙනම් ඉන්න. මන් ගිහින් කෝල් එකක් දෙන්නම්.. එත්කොට එන්න.. "
එයා ගාඩ්ලට මොනාදෝ කියල ගියා. හරියට විනාඩි 5කට විතර පස්සෙ මට ටේ කෝල් කරල නම්බර් එක කිව්වම මන් ඒ නම්බර් එක තියන රූම් එකට ගියා..
බයෙන් බයෙන් මන් ඩෝ එක ඇරලා ඇතුලට ගියා..
"දැන් මොකක්ද කියන්න තියෙන්නෙ??"
මන් ඇතුලට යද්දිම ඩෝ එක ලග ඉදල ටේ ඇහුව පාරට මාව ගැස්සුනා.. හරිනේ දැන්.. දැන් මොනාද මන් අහන්නේ??? අයියෝ මට බොරුවක් ලෑස්ති කරගන්නවත් කල් දෙනවක්කො..
"මේ මේ..... "
"මොකෝ ගොත ගහන්නේ??"
"සාහියට ආදරේ කරන්නෙ නැත්තම් ඇයි ඒක කියල අයින් නොවෙන්නේ??"
මගේ හිතට වද දුන්න ප්‍රශ්නේ මේක.. වෙන අහන්න දෙයක් නැති එකේ මන් මේකම අහල දැම්මා..
"ඒක ලොකු කතාවක්.. ඒක වෙලාව ආවම කියන්නම්..."
එහෙම කියාගෙන ටේ ගිහින් ඇද උඩින් ඉද ගත්තා.. මන් කල්පනා කලේ ඊලගට මොකක්ද අහන්නේ කියල.. මොකද සාහියා ඇවිල්ල ටේව හොයල නැති වුනත් රෑ වෙනකන් යන්නේ නෑනේ.. මෙයාව කොහොම හරි මෙතනම තියාගන්න වෙනවා.. නැත්තම සාහියා මෙයා ලව්වා මොනා කරගනීද දන්නේ නෑ.. මොකද දවසක් ටේ මට කිව්ව පොඩ්ඩක් බිව්ව ගමන්ම එයාව මත් වෙනවා කියල..
"ඒයි මොනාද ඔය කරන්නේ???"
Thank you mashi for ur lyrics... Those words are so beautiful and made my story even more beautiful ..
Plz vote and comment, if you feel this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top