I know everything......

"මේ මොකක්ද වෙන්නෙ?? මන් කොහොමද ටේව බේරගන්නේ??"

මට මුකුත් මතක් වුනේ නෑ.. මන් ඕනේ මගුලක් කියක නැගිට්ටෙ එතනට යන්න..

හැබැයි ඒ එක්කම..........

ඒ එක්කම සාහියා පාත් වෙලා ටෙගේ නළලට කිස් එකක් දුන්නා..

මගේ ජීවිතේ මේ වගේ කේන්ති ගියේ නෑ කවදාවත්.. මට සාහියට ගහන්න තරම් කේන්තියක් ආවා.. මට තේරුනා සාහියා කරන්න යන දේ.. මන් යන්න හදපු විදිහටම එතනට යන්න හදද්දීම සාහියා යන්න ගියා.. එයා කොහෙට ගියාද කියල නම් දැක්කෙ නෑ.. ඒත් මට තේරුනා ගියේ හොදකට නෙමෙයි කියල... ඒක වෙලාව කරගෙන මන් ටග්ගලා ටේ ළගට ගියා.. හොදටම නිදි මේසේ උඩ.. මන් සීරුවට ඔලුව අතගෑවේ කොහෙවත් ඉන්න මායි සහියායි නිසා ටේ කොච්චර දුකක් විදිනවද කියක හිතන ගමන්..

"ටේ... ටේ ඔයාට මාව ඇහෙනවද??"

ටේ නින්දෙන් වගේ ලාවට ඇස් ඇරල බලලා ආයෙම ඇස්වහ ගත්තා..

"මේක හරියන්නෙ නෑ.. ටේ නැගිටින්න.."

මන් ටේව මගේ උරහිසට වාරු කරගෙන එතනින් ඉක්මනට එක්කන් ගියා.. එලියට යන ගමන් කොහොමහරි අනික් අතෙන් ටැක්සි එකක් දාගත්තේ වැඩිවෙලා මෙතන ඉන්න එක අවුල් නිසා.. මන් එලියට යද්දිම වගේ කෝල් කරපු ටැක්සි එක ආවා.. මන් ටැක්සි එකට ටේව දාගෙන කෙලින්ම ගියේ ඩෝම් එකට.. මොකද මගේ රූම් එකට එක්කන් ගියොත්, ඒක සාහියා දැනගත්තොත් ඒකත් ටේටම අවුලක් වෙන නිසා..

(මාශී බනින්න එපා මට 😌😌)

Sahiya pov

මන් අද ටේට ඩිනර් එකට එන්න කිව්වේ ලොකු ප්ලෑන් එකක් ඔලුවෙ තියාගෙන.. මිස්ටර් ජේගේ උදව්වෙන් මන් මේ හැමදේම ප්ලෑන් කලා.. ටේ මට ආදරේ නෑ.. අර මාශී ඉන්නකන් ටේ මට ආදරේ වෙන්නෙ නෑ.. ඒත් මට බෑ ටේ ඔප්පව නැති කරගන්න.. මන් බලෙන් හරි ඔයාව මගේ කරගන්නවා..

හොටෙල් එකට ගිහින් මන් වේටර්ට දුන්නේ මත්වෙන පෙති දෙකක්.. ටේට ගෙනාව ඩ්‍රින්ක් එකට දාලා මන් කිව්ව විදිහටම වේටර් කිව්ව දේ කලා.. ටිකක් වෙලා යද්දි ටේට මන් දුන්න ඒවා වැඩ කලා කියල මට තේරුනා..

"මගේ ඔලුව පැලෙන්න වගේ.. කැක්කුමයි.. මාව කැරකෙනවා වගේ"

"ඔප්පා මන් ඔයාව මෙතන රූම් එකකට එක්කන් යන්නද අමාරු නම්..?"

"නෑ මගේ ඩ්‍රයිවර්ට කෝල් කරන්න.. එයා මාව එක්කන් යයි"

"බෑ ඔයාට ඔහොම යන්න බෑනේ.."

මේ හම්බුන චාන්ස් එක මන් නැති කරගන්නේ නෑ ඔප්පා... අද මන් ඔයාව මගේම කරගන්නවා.. ආයේ මෙහෙම චාන්ස් එකක් මට එන්නෙත් නෑ..

එහෙම හිතාගෙන මන් ගියේ ටේ ඔප්ප ලගට.. මන් ඒ මූණ මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තේ මට ටේ ඔප්පට ළං වෙන්න හම්බුන චාන්ස් එකේ උපරිම ප්‍රයෝජන ගද්දී... ඒ එක්කම ටේ ඔප්ප මේසේ උඩට ඔලුව ගහගත්තා..

"ඔප්පා.. තව ටිකක් ඉවසන්න.. මට ඔයාව මගේම කරගන්න ඕනේ.. මගේම විතරක්.. අදින් පස්සේ ඔයාට මගෙන් අඩියක්වත් ඈත් වෙන්න වෙන්නෙ නෑ.. අක්කා මට සමාවෙන්න.. මට බෑ දැන් ඔප්පා ගැන නොහිතා ඉන්න.. මෙයා දැන් මගේ..."

එහෙම කියාගෙන මන් මගේ ටේ ඔප්පගේ නළලට කිස් එකක් දුන්නා. මට ඔයා ගැන ආදරයක් තිබුනේ සෑහෙන්න කල් ඉදන්.. ඒත් මට ඒක තේරුනේ නෑ.. ඒත් ඒක මට දැන් හොදට තේරෙනවා.. මගේ වෙන්නම ඕනේ ඔයා... නැත්තම් වෙන කාගෙවත් වෙන්න දෙන්නෙ නෑ..

මන් ටේ ඔප්පව එතන තියල ගියේ රිසෙප්ශන් එකට.. මන් ගිහින් රූම් එකක් ගත්තේ ලොකු බලාපොරොත්තුවක් එක්ක.. මගේ හිතේ තිබ්බ සතුට.. එදා ක්ලබ් එකේදී මාශී හිටියේ නැත්තම් ටේ ඔප්පා ඈත් වෙන්න බැරි තරම් මට ළං වෙලා..ඒත්...
කමක් නෑ අද මගේ වැඩේ මට ඕනේ විදිහට වෙනවා.. මාශීට කොහොමත් බෑ අද මගෙන් මගේ ඔප්පව ඈත් කරන්න..

"ඔප්පා..."

මන් ආයෙම එද්දී ටේබල් එකේ ඔප්පා හිටියේ නෑ.. මන් වටේම බැලුවේ මෙතන හිටිය ටේ ඔප්පා කෝ කියල..

"ඔප්පා.. ටේ ඔප්පා...."

ඒ වෙලේ වේටර් කෙනෙක් ආවා..

"මිස් මොකක්ද ප්‍රශ්නේ??"

"මෙතන හිටියා බෝයි කෙනෙක්.. එයා කෝ??"

"ආ.... මන් දැක්ක ගර්ල් කෙනෙක් එයාව එක්කන් යනවා.."

"මොකක් ගර්ල් කෙනෙක්?? මාශී තමුසේ..."

මගේ කේන්තිය උපරිම වුනා.. මේ ගෑනී මගේ වැඩ ඔක්කොම අවුල් කරනවා..

හිතේ තිබ්බ කේන්තිය එක්ක මන් ගියේ මාශීගේ රූම් එකට.. යද්දී මන් හිතුවේ කොහොමද මාශී මේ ගැන දැනගත්තේ කියල.. මිස්ටර් ජේ එක්ක මන් විනාඩි 15ට මාශීගේ රූම් එකට ගියා...මන් ඩෝ එකට තට්ටු කලා සෑහෙන්න වෙලා.. ඒත් මොකෙක්වත් ඩෝ එක ඇරියේ නෑ..

"මිස්ටර් ජේ.. කෝ ඔප්පා??"

"වෙන යන්න තැනක් නෑ මිස්.. අපි තව ඉමුද?? තාම මගද දන්නේ නෑ.."

ඔව් කොහොමත් මෙයාට ටේව අරන් ටේගේ ගෙදර යන්න බෑ.. ඩෝම් එකට යන්න බෑ.. එයාව දන්නේ නෑ කවුරුත් කොහොමත් 😡😡😡 මන් කාර් එකට නැගල බලාගෙන හිටියේ කීයට හරි මාශී මගේ ටේ ඔප්පව අරගෙන මෙතනට එනකන්.. මොකද එයාට යන්න තිබ්බ එකම තැන මෙතන නිසා..

...................

මන් ටේව කොහොමහරි ටැක්සි එකට දාගත්තා.. ඩෝම් එක ලගට එනකන්ම ටේ හිටියේ මට හේත්තු වෙලා නිදාගෙන..

"ටේ ඔයා නිදිද?? ඔයාට ඇහෙනවද මන් කියන ඒවා?? සාහියා ඔයා ඇයි මෙහෙම ජරා වැඩක් කරන්න ගියේ?? ඔයා ටේට ආදරය කරන්න.. එයාව බලාගන්න, ඒත් කවදාවත් මගේ ටේට මෙහෙම දේවල් කරන්න එපා.. එයා පව්.. ඔයාට තේරෙන්නෙ නෑ ඔයා කරන දේවල්වලින් එයා කොච්චර විදවනවද කියල.. මටත් සමාවෙන්න ටේ... මන් නිසාත් ඔයා විදවනවා.."

මගේ හිතේ දුක නැති වෙනකන් මන් තනියම කියව කියව ආවා.. අන්තිමට ටැක්සි එක ඩෝම් එක ලගින් නැවැත්තුවා.. මන් කොහොමහරි අමාරුවෙන් ඩෝ එක ලගට ටේව එක්කන් ගියා.. වෙලාව රෑ 10ට කිට්ටුයි..

"කුකී බලන්න ඩෝ බෙල් එක ගහන්නේ කවුද කියල"
.
.
.
.

"ටේ.... මොකෝ මේ??"

එකපාරට අනිත් අයත් දුවගෙන ආවේ කුකීගේ කටේ සද්දෙට..

"මාශී ඔයා?? මොකක්ද උනේ?? ටේ බීලද??"

"නෑ ඒත් මන් කියන්නම් මොකක්ද වුනේ කියල.. මුලින්ම මෙයාව රූම් එකට ගෙනියමුද??"

ජූන් ඇන්ඩ් කුකී අමාරුවෙන් ටේව මගෙන් ඇදල ගත්තේ ටේ මගේ උරහිස තද කරල අල්ලගෙන හිටිය නිසා.. ටේව රූම් එකේ ඇදෙන් හාන්සි කරන ගමන් කට්ටිය මොකද වුනේ ඇහුවා.. මන් ඉතින් උන දේ කිව්වා..

"මොකක්?? ආයෙත්??"

"මේක හරියන වැඩක් නෙමෙයි හ්‍යොන්ග්, අපි ටේගේ අප්පට කියමු"

"මොනා කියන්න්ද ජූන්?? මොකද එයා මේකට අකමැතිද?? අනේ නිකන් ඉන්න"

එහෙම කිව්වම ඔක්කොම ජින් කිව්ව දේ පිලිගත්තා.. මන් ටේගේ ඇද ලගින් ඉද ගත්තේ ටේගේ අත අල්ලන ගමන්.. හොදටම දාඩිය දාලා ඒ මූණට.. මන් මගේ අනිත් අතින් මූණට වැටිල තිබ්බ කෙස් ටික පස්සට කලේ මගේ ඇස්වලින් කදුලු වැටෙද්දී.. මෙච්චර අහිංසක මූණක් බලන් ඔයා ඇයි මෙහෙම ජරා වැඩ කරලා ටේව ලබාගන්න යන්නේ?? ඔයාට ටේව ඕනේ නම් ගන්න.. ඒත් එයාගෙ කැමැත්තෙන්.. මෙහෙම නෙමෙයි 😓😓😓😓

හැමෝම මන් දිහායි ටේ දිහායි මාරුවෙන් මාරුවට බල බල ඉදල රූම් එකෙන් යන්න ගියා.. මන් ටේට පොරවපු බෙඩ්ශීට් අයින් කලේ ටේට හොදටම දාඩිය දැම්ම නිසා.. මන් ටේගේ ඔලුව අත ගා ගා ඒ මූණ දිහා බලාගෙනම හිටියා..

ටික වෙලාවකින් මට කාගෙදෝ කෙදිරියක් ඇහුනා.. මන් හෙමින් ඇස් අරිද්දී හිටියේ ටේගේ  තද කරගෙන අල්ලගෙන ඔලුව ඇදේ පැත්තකට වෙන්න තියන්..

"ටේ.... ඇයි??"

"ආව්ව්ව් මගේ ඔලුව..."

ටේ ඔලුව අල්ලගෙන එහෙම්ම ඇදෙන් වාඩිවෙලා මන් දිහා බැලුවේ පුදුමෙන්..

"ඔයා... ඔයා මොකද මේ?? මන් කොහොමද ඔයා එක්ක ආවේ?? කෝ සාහියා??"

"සාහියා?? ඔයාට එයාවද මතක් වුනේ??"

"නෑ.. ඒත් මන් අන්තිමට හිටියේ එයා එක්ක... ඒකයි ඇහුවේ??"

"මන් ඔයාව එක්කන් ආවා... එයාට හොරෙන්"

"අහ්හ්හ්හ්??"

"ඔව්ව්.. ඔයාට වෙරි වුනා.."

"මොකක්?? "

"ඔව් ඔයා විශ්වාස කරනවද මන් කියන දේ?"

"මොකක්ද??"

"සාහියා ඔයා බිව්ව ඩ්‍රින්ක් එකට මොනාහරි දැම්මා"

"මොකක්?? ඒක වෙන්නෙ කොහොමද?? අනික ඇයි එයා එහෙම කරන්නේ?"

"ඔයාම හිතල බලන්න... එදා ක්ලබ් එකෙදිත් වුනේ ඕකම තමා"

ටේට මාශී කිව්ව දේ තේරුනා.. මොකද එයාටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමා ඇයි එදා සාහියා අච්චර කේන්ති ගත්තේ කියල.. අනිත් එක එයාට මතක් වුනා එයාගේ ඔලුව කැරකෙන්න ගත්තේ ඒ ඩ්‍රින්ක් එක බිව්වට පස්සෙ කියල..

"මේක එයා දැනගත්තොත්?? මාශී, යූබින් කියන්නෙ එච්චර හොද මනුස්සයෙක් නෙමෙයි.."

"කමක් නෑ.."

එහෙම කියල මන් ටේගේ ඇද උඩට නැග්ගා.. ගිහින් මන් එක පාරට ටේව හග් කලා..

"ටේ..."

"හ්ම්ම්ම්"

"සාහියගෙන් පරිස්සම් වෙන්න"

"හ්ම්ම්ම්"

"මොකද?? පරිස්සම් වෙන්න ටේ.. මට බයයි"

"ඒත් මට එයාව මැරි කරන්න වෙනවා.."

"හ්ම්ම්ම්"

ඒ වචනෙට මගේ හිත රිද්දන්න තප්පරයක්වත් ගියේ නෑ.. මන් ටේගෙන් ඈත් වෙන්න හද්දීම් ටේගේ මූණේ තිබ්බ හිනාව නැති වුනා.. ටේ අනිත් පැත්ත හැරුනා.. මන්  ටේ ළගට ඇදල බැක් හග් කරලා ටේගේ උරහිසට ඔලුව තියාගත්තා..

"මාශී...."

"හ්ම්ම්ම්ම්"

"ඔයා කොහොමද ඩෝම් එකට ආවේ??"

හුටා දැන් මොකක්ද මන් කියන්නේ??? ඇත්ත කියන්න බෑ..

"මන් එදා වැඩකට සාහියගෙන් ජූන්ගෙ නම්බර් එක  ඉල්ල ගත්තා.. ඒකට කෝල් කරල ආවේ"

"ඒක මිසක්.. ඒත් මන් බැලුව කොහොමද ඔයා මෙහෙට ආවේ කියල දන්නෙත් නැතුව"

ඒ එක්කම මගේ අත ටේ තද කරලා අල්ල ගත්තා..

"අතාරින්නකෝ.. මන් ඔයාට බොන්න මොනාහරි ගේන්නම්"

"ඕනේ නෑ... මෙහෙම ඉන්නකෝ"

"හ්ම්ම්ම්ම්"

ටික වෙලාවක් මගේ ඉදල එක පාරට මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා.. මාව ගැස්සුනා එක පාරට..

"මොකද ටේ??"

ටේ මට එහාට කතා කරන්න දුන්නේ නෑ.. එක පාරට ඇදට තල්ලු කරල මගේ තොල්වලට බර වුනා.. මගේ ඇග පුරාම කරන්ට් එක ගියා වගේ.. මන් ටේව මගේ ඇගෙන් අයින් කරන්න උත්සහ කලත් මට ඒක කරගන්න බැරි වුනා.. ටික වෙලාවක් ගියාම මාත් ඒ සිපගැනීමට අවනත වුනා.. ටේගේ බෙල්ල වටේ අත යවපු මන් ඒ පහස විදගත්තා..
.
.
.
.
.
.

"ටේ..... මාශී??"

කවුරු හරි ඩෝ එකට තට්ටු කරන සද්දෙට මන් එක පාරටම ඇහැරුනා.. මන් හිටියේ ටේගේ තුරුලේ.. මට නැගිටින්න ලෝභ හිතුනා..

"ඕ... ඉන්න එනවා.."

හෙමින් ටේගෙන් ඈත් වුන මන් ඩෝ එක ඇරියේ ඇහැ පිහද පිහද...

"ආ කුකී??"

"කන්න එන්න.."

එහෙම කියල කුකී මන් දිහා බලලා අමුතු හිනාවක් දැම්මා..

"ඇයි හිනා වෙන්නේ??"

"නෑ නෑ.. රාත්‍රිය මනරම් කියා මට හැගේ..."

"මොකක්??"

එහෙම කියාගෙන කුකී පහලට ගියා.. මාත් ආයේ ඩෝ එක වහල ආවේ වොශ්රූම් එකට..ඒ එද්දී දැක්කේ ටේ පොඩි බබෙක් වගේ හොදටම නිදී..
.
.
.
.
.
.
.
.

පිටිපස්සෙන් ආව හෝන් සද්දෙට එක පාරට මාව ගැස්සුනා..

"මිස්ටර් ජේ..."

මන් හිටියේ කාර් එකේ.. මිස්ටර් ජේ ඉස්සරහ නිදී.. ඒ කියන්නේ මන් රෑම මෙහෙම හිටියද?? දෙයියනේ.. මන් ඊයේ ටේ ඔප්පටයි මාශිටයි නොසෑහෙන්න කෝල් කලා.. දෙන්නගෙන් එක්කෙනෙක්වත් ආන්ස්වර් කලේ නෑ..මන් කේන්තියටම බැන බැන ඉද්දී මෙතනම නින්ද ගිහින්..

"අපි ඉක්මනට ගෙදරට යමු.. අයියෝ"

මට කේන්තිය තව වැඩි වුනා..
.
.
.
.
.
.
.
.
මන් වොශ්රූම් එකට ගිහින් කණ්නඩියෙන් මූණ බැලුවේ කුකී ඇයි හිනාවුනේ කියල බලන්න..

"හුටා.."

මන් ටග්ගාල බෙල්ල අල්ලගත්තා..

"ටේ මොකක්ද මේ කලේ?? දෙයියනේ ලැජ්ජාව"

මගේ බෙල්ල බල්ලො කාලා වගේ.. රතු වෙලා..පාරවල් හෙනට.. ශික් අර යකා හිනාවුනේ... අයියෝ ඔක්කොටම කියාවී..

මන් වොශ්රූම් එකෙන් එලියට ආවේ ඇතුලේ තිබ්බ ටවල් එකෙන් මූණ පිහදාන ගමන්.. එලියට එද්දී ටේ ඇදේ වාඩී වෙලා ඈනුම් අරිනාවා.. මට යකා කේන්ති..

"ඒයි මේ??"

මන් ලගට ගිහින් පෙන්නුවේ මගේ බෙල්ල.. බෙල්ල දැක්ක ගමන් ටේට බකස් ගාලා හිනා ගියා..

"😂😂😂😂"

"මොකද හිනාවෙන්නෙ?? අනේ කුකී දැක්කා"

"ඌ කොයි වෙලේද ආවේ??"

"උදේ නැගිට්ටවන්න.. අනේ ටේ.."

මන් ඔරව ඔරව යන්න හද්දි මගේ අතින් ඇද්ද ටේ මාව එයාගේ උකුල උඩට ගත්තා..

"මට මේ ආදරේ විදින්න වුනේ නෑ මාශී"

"මටත්"

"මට ඕනේ මේ ආදරේ"

"ඉතින් මේ ඉන්නේ මන්"

"ඒත්...."

ඒ එක්කම මන් ටේගේ කටට මගේ අත තිබ්බේ මට සාහියා ගැන අහන්න ඕනේ නැති නිසා..ටේ මගේ ඇස් දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව බලාගෙන හිටියා.. මාත් ඒ ඇස් අස්සෙ අතරමං වුනේ ක්ශනිකයෙන්...

"මේ ඕයි......"

එක පාරටම ඇතුලට ආවේ ජිමින්...

"සොරි... මට තේරෙනවා කේන්ති කියල.. ඒකට සොරි.. කරගෙන යන්න.."

එහෙම කියල ජිමින් යන්න හැරිල ආයෙම හැරුනෙ අපේ පැත්තට..

"දැන්මම කන්න එන්නෙ නෑ කියල මන් කියන්නම්"

කට කොනෙන් හිනාවෙන ගමන් ජිමින් පහලට ගියා.. ටේගේ ලගින් ඈත් වුන මන් මන් ඊයේ බ්ලවුස් එකට උඩින් දාන් හිටිය කෝට් එකත් දාගෙන පහළට ගියා..

අද කොහොමත් හරිම වාසනාවන්ත දවසක්.. කුකී ජිමින් දෙන්නම ඉස්සරහ ලැජ්ජ වෙන්න පුලුවන් උපරිමයට ලැජ්ජ වුනානේ.. පහලට යද්දී ඔක්කොම කෑම මේසේ....

"එන්න මාශී... කෝ ටේ??"

"එයා එනවා ජූන්"

"සීතලයිද??"

කට කොනෙන් හිනාවෙලා කුකී නෝන්ඩියට මගෙන් ඇහුවේ මන් කෝට් එක දාලා හිටිය නිසා.. ශික් මාර ලැජ්ජාව..

මන් මුකුත් නොකියම ගිහින් කෑම මේසෙන් වාඩි වුනා.. ටේත් පහලට ආවම අපි ඔක්කොම කෑවා.. ඒ එක්කම එක පාරට ගාඩ් කෙනෙක් දුවගෙන ආවා..

"මොකද මිස්ටර් වුක්"
.
.
.
.
.
.




Plz vote and comment, if you feel this story 💜💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top