I can't leave........
"එදා එයා ආදරේ කරන කෙනෙක් නෑ කිව්වට පස්සෙ මොකද වුනේ?? එයා කොහොමද එදා ඉදන් ජීවත් වුනේ කියල දන්නවද?? අඩුම තරමේ ඇයි එහෙම කිව්වෙ කියලවත් දන්නවද??"
"ආ...... ඒ කියන්නේ????"
"ඔයා හිතුවෙ එයා ඔයාට බොරු කලා කියල.. සාහියා ඉස්සරහ ඔයාව අත ඇරිය කියල... එහෙම නේද??"
"හ්ම්ම්ම් ඒක එහෙම නෙමෙයි මන් දන්නවා දැන්.. ඒත් ටේ ඇයි එහෙම කලේ??"
"හරි අපි ඒ ඔක්කොමත් ඔයාට කියන්නම්.. ඒත් ඔයාට හිතෙනවද මේවට උත්තර ඔයා ළග තියනවා කියල??"
"ඒ කිව්වේ?"
"ටේ සාහියාව මැරි කරන්න යන්නේ.. ඔව් ඌ මේ වෙලේ අසරණයි.. සාහියා සුයිසයිඩ් කර ගන්න එකක් එදා කලේ ටේව භය කරන්නම තමා.. දැන් ටේ භයයි අතීතයේ වුන දේවල් ආයෙම වෙයි කියල.. ඒත් ඒ භයට ඌ ආදරේ නොකරන කෙනෙක් මැරි කරල කොහොමද සතුටෙන් ඉන්නේ?? ඔයාට පුලුවන් වෙයිද අපේ කොල්ලව මේ හැමදේකින්ම බේරගන්න??"
"ඔව් මට පුලුවන්... එහෙම බෑ එයාලට උන එක වැරැද්දකට ටේගේ ජීවිතයම විනාස කරන්න.. අනික සාරා... ඔව් සාරා කවදාවත් මේ දේවල්වලට කැමති වෙන එකක් නෑ... මොකද මේ ඔක්කොම වුනේ අත්වැරදීමකින් නිසා..."
"හ්ම්ම්ම් ඔයාට පුලුවන් නම් අපේ කොල්ලව බේරගන්න.. නැත්තම්....."
"නැත්තම්???"
"නැත්තම් ඌ ඌට මොනා කරගනීද දන්නෙ නෑ.. "
"මන් ටේට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.."
"හ්ම්ම් ඌ කිව්ව දේවල් එක්ක ඔයා මොන වගේ කෙනෙක්ද කියල අපි හිතුව විදිහ හරියටම හරි.."
"මොනාද මන් ගැන කිව්වේ???"
Flash back
"මොකෝ අද මනමාල හිනාවක් එක්ක??"
"ඇයි අපිට එහෙම හිනා එන්න හොද නැද්ද?? උබට විතරද බැදල ළමයි හදල ආතල් එකේ ඉන්න පුලුවන් ජිමිනො??"
"හරි හරි මොකෝ බැරි... දැන් කවුද උබේ ළමයින්ගේ අම්මා??"
"මොකක්??"
"නෑ ඉතින් දැන් බැදල ළමයි හදන එකක්නේ කිව්වේ 😂😂"
"😒😒 මට කෙල්ලෙක්ට හිත ගියා"
"ඕයි සීරියස්ලි??"
"ඇයි පුදුමෙන්??"
"උබගේ කටින් ඔහොම එකක් අහන්නත් ආසයි ටේ.. සාරාගෙන් පස්සෙ උබ හිටියේ කෙල්ලො එපාම කියන තැනනේ"
"හ්ම්ම් ඔව්ව්ව් ඒත් මේ කෙල්ලව දැක්ක දවසේ ඉදල මට මොකක්දෝ කැමැත්තක් ඇති වුනා.. සාරා මට වයිර කරන එකක් නෑ නේද?"
"උබ කිව්ව සාරා නම් කවදාවත් උබට වයිර කරන්නෙ නෑ බන්.. ඉන්න තැනක ඉදල මුලින්ම උබ ගැන සතුටු වෙනවා ඇත්තේ එයා..."
"හ්ම්ම්ම්"
"හරි හරි දැන් කියපම් කවුද කෙල්ල?? උබ කිව්වද??"
"ඔව් කිව්වා.. කියල අමාරුවෙන් පස්සෙන් ගිහින් අද තමා ඉතින් වැඩේ හරි ගියේ.. සාහියාගේ ශූ ඩිසයිනර් මාශීව දන්නවා නේ?? එයා...."
"මොකක්?? එදා උබේ පාටි එකට ආව කෙල්ලද??"
"ඔව්ව්"
"මේ උබ එදා අතුරුදහන් වුන එකට ඒ කෙල්ල සම්බන්ධයි කියල නම් කියන්න එපා..."
" සම්බන්ධයි තමා..ඒ වෙලේ අපි හිටියේ මගේ රූම් එකේ..."
"මොකක්?? යකෝ යාලුවෙන්නත් කලින්?? ෆාස්ට් අහ්හ්හ්"
"අනේ මේ උබ හශී එක්ක යාලුවෙලාද අර අර වගේ ඒවා වුනේ?? යකෝ මූ මැරි කරන්න කලින් ළමයෙක් හදපු එකා.. මට කියන කතා..."
"හරි හරි දැන් මැරි කරලනෙ.. කට කට"
ඒ එක්කම අපේ කතාව මැද්දට ආවේ ජූන් ඇන්ඩ් ජින්.. අනිත් අය එනකන් අපි කියව කියව හිටියා පැය ගාණක්.. ටේ හිටියේ ගොඩක් සතුටෙන්.. කාලෙකින් ඒ හිනාව අනිත් අය දැක්කේ.. කෙල්ලෙක්ට මේ තරම් කොල්ලෙක්ව වෙනස් කරන්න පුලුවන්ද?? ඔව් පුලුවන්...
මාශී ටේ කතාවට වැඩි ආයුෂ තිබ්බෙ නෑ.. එදා සාහියගේ ඇන්ඩ් ටේගෙ ෆැමිලි මීටප් එකෙදී සාහියා කිව්ව දේවල් එක්ක ටේගේ මූණට ආව සතුට හිනාව ආයෙම නැති වුනා..
"ඇයි ටේ?? ඔයා වෙන කෙනෙක්ට කැමතිද??"
"නෑ අන්කල් යූබින්.. එහෙම කෙනෙක් නෑ.."
ටේ එදා ගොඩක් අසරණ වුනා.. නිකන් හරි ටේ මාශි ගැන කිව්ව නම් මොනා වෙයිද කියල හිතාගන්නවත් බැරි වුනා ටේට.. එහෙනම් මේ ඇවුල් ජාලයට මාශීත් මැදිවෙනවා.. ඒ නිසා ටේ එහෙම කෙනෙක් නෑ කිව්වා.. මොකද යූබින් කියන්නේ පිටින් පේන තරම් සංවේදී මනුස්සයෙක් නෙමෙයි... එයාගෙ එක දුවෙක් නැති වුන එක ඉවසුවට අනික් දුවගේ ලයිෆ් එක එක්ක ටේට සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ.. එයාට ඒ කෝණෙන් කොහොමත් ටේ ඇන්ඩ් මාශී ආදර කතාව බලන්න ඕනේ නෑ.. එහෙම වුනා නම් අන්තිම ඉලක්කය වෙන්නෙ ටේ නෙමෙයි... ඒ මාශී.. මොකද සාහියාගේ ආදරේ නැති කරන්නෙ නෑ යූබින්.. ඒ වෙනුවට ඒ කතාවේ තුන්වෙනි චරිතේ අයින් කරාවී.. අන්න ඒ නිසයි එදා ටේ එහෙම කිව්වේ..
Tae pov
මන් ඒ වචනේ කටින් පිට කලාට මගේ හිත ඔයාව හෙව්වා.. ඔයා දුවගෙන ගිය දිහා මන් බලන් හිටියේ දරාගන්න බැරි දුකකින්... මට ඔයාගෙ පස්සෙන් ඇවිල්ල මට සමාවෙන්න කියන්න ඕනේ වුනා.. ඒත් මන් ගොඩක් අසරණයි..
මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. ඔයාගේ ආරක්ෂාවත් මන් බලන්න ඕනේ.. ඔව් මන් දන්නවා යූබින් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියල.. ඒකයි මන් හිත හදාගෙන ඈත් වෙන්න තීරණය කලේ.. නැතුව මට පුලුවන් කමකට නෙමෙයි.. ඒත් එදා ලියා ඇවිල්ල මට බැන්න වචනයක් ගාණේ මට ඔයාව බලන්න ඕනේ වුනා..ඕනෙ මගුලක් කියලා ඒකයි එදා මන් ආවේ.. ඒත් මට ඕනේ කිසිම දෙයක් කියාගන්න මට බැරි වුනා..මේසෙ උඩ කොලේක කියන්න පුලුවන් විදිහට මගේ තත්ත්වය මන් ඔයාට කිව්වා..මන් බලන් හිටියා ඒක බලල ඔයා මට කතා කරනකන්..මන් ජූන්ට කෝල් කර කර ඇහුව ඔයා ආවද කියලා. ඒත් එහෙම මුකුත් උනේ නෑ..
Tae pov end
"මොකද ටේ මේ??"
"ජූන් මන් මොකක්ද කරන්නේ??"
"අහ්හ්හ්හ්?"
"සාහියා මීඩීයා වලටත් මේ සම්බන්දේ කිව්වා අද.. මට ගැලවීමක් නෑ"
"ඕනේ මගුලක් කියල ඕක අත අරිනවකෝ"
"ඔව් මාත් ඒකට ආසයි.. ඒත් මට බෑ මගේ හිතින් බේරෙන්න.. සාහියා මොනාහරි කරගත්තොත්?? සාරාව මන් නැති කලා.. සාහියා??"
"සාරාව උබ නැති කලේ නෑ.. ඒක අත් වැරැද්දක්.."
"කොහොමහරි එදා ඒ දේ වුනේ මගේ අතින්"
"මාශී??"
"නෑ මන් එයාව ලගට ගන්නේ නෑ.. මට බෑ"
"එයා උබට ආදරෙයි තාම.. ඔයා කිව්ව වගේ එදා ක්ලබ් එකට අරහෙම ආවේ මොකක්හරි ලොකු හේතුවකට.. අනික හිතපන් වෙනදට සාහියට මාශී ඔයා එක්ක හිටියා කියල ඔච්චරම කේන්තියක් යන්නේ නෑ.. ඒත් එදා??? අනික සෙනග ඉස්සරහ??"
"හ්ම්ම් ඔව් ඒක ඇත්ත... ඒත් මන් ආයේ මාශී ඉස්සරහට නොයන්න හිත හදාගත්තා.. මන් එයාට ආදරේ කලා.. දැන් එයා ගැන හිතන්නෙ නෑ... කොටින්ම මේ හැමදේම මට දාරගන්න පුලුවන් කියල එයාට කිව්වා.. එයත් මාව අමතකම කරයි.. මට ආදරේ නම් අයිතිම නැති දෙයක් ජූන්.."
"නෑ මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න ඕනේ"
"උත්තරේ මගෙයි සාහියගෙයි වෙඩින් එක.. ඒක නොවුනොත් මොනා වෙයිද?? අනික මාශී මේ දේවල්වලින් ඈත් වෙන එක එයාට හොදයි"
"හ්ම්ම්ම් අපි බලමුකෝ ටේ.. කොහොමත් අතීතය ආයේ වෙන්න දෙන්නෙ නෑ.. හැමදාම මෙහෙම විදවන්න දෙන්නෙත් නෑ උබට අපි.."
එහෙම කියල මන් ටේව හග් කලේ මගේම මල්ලී කියල හිතාගෙන..
Flash back end
"අහ්හ්හ්හ්හ්"
"ඔයා හිතුවෙ ටේ සතුටෙන් කියලද??"
"නෑ ඒත් මන් හිතුවේ ටේ මේ ඔක්කොම අමතක කලා කියල..මොකක්දො මගෙ හිත කිව්වා.. ඒත් "
"නෑ එයාට හැමදාම ඔයාගෙන ඈත් වුන එක දුකක් වුනා... ලියා ඇවිල්ලා එයාට හොදටම බැන්නා.. ඒ දවසේ ඌ පිස්සෙක් වගේ හිටියෙ.. ඌ ගොඩක් බය වුනා.. දන්නවද ඌගේ දුර්වල තැනටමයි ඔයා වගේම සාහියත් හැමතිස්සෙම ගහන්නේ..."
"නෑ මට ඕනේ නෑ එයාට එහෙම කරන්න"
"එහෙම ඕනේ නැති වෙන්න ඇති.. ඒත් සාරාගෙන් පස්සේ එයා භයයි.. ගොඩක් භයයි එයාගේ ලග ඉන්න කෙනෙක්ට ලෙඩක් හැදෙද්දිත්... විශේෂයෙන්ම සාහියට.. එයාගේ අතින් සාරා නැති වුනා, එයා සාහියට එයාගෙ අතින් ඒකම වෙනව බලන්න අකමැති වුනා.. සාහියා ඒ තැන හොයාගත්ත.. සාහිය දැන් ගහන්නෙම ඒ තැනට.. ඔයා එදා ලෙඩ වුනා කියල දැනගත්තම ඌ ගොඩක් ඇඩුවා.. ඔයාලා දෙන්නම ඌව දෙපැත්තෙන් හිර කලා.."
"අනික් දේ සාරා නැති වෙලා සෑහෙන්න කල් යනකන් එයා කෙල්ලෙක් දිහා බැලුවෙවත් නෑ.. ඔයාට තමා ඊට පස්සෙ හිත ගියේ. අපි ගොඩක් සතුටු වුනා...ඌ ආයේ ජීවත් වෙයි කියල සතුටෙන්.. ඒත් ඒකත් නැති උනා.. 😓😓😓"
ජූන් කිය කිය ඉදපු කතාව මැද්දෙන් කතා කලේ සුගා.. ඒ කිව්ව වචනයක් වචනයක් ගනේ මන් ගොඩක් ඇඩුවා.. කෙල්ලො දන්නේ හැම එකටම අඩන්න කිව්වට ඔව් අසරණ වුනාම ඒ ඇර වෙන මොනා කරන්නද??
"මන් මේ මුකුත් දන්නෙ නෑ.. ඒත් මන් තවත් ඉන්න එක ටේට අවුලක් නේද?"
"මෙහෙමයි දෙන්නම දෙපැත්තෙන් ඌව හිර කරද්දී ඔය දෙන්නටම වඩා අසරණ වෙන්නේ ඌ.. හිතන්න දෙන්නම සුයිසයිඩ් කරගන්න හැදුවොත් මොනාද අපේ කොල්ල කරන්නේ?? ඒත් එහෙම කියල ඔයා ඈත් වෙන එක උත්තරේ කියල හිතන්න එපා.. මොකද ටේ ආදරේ ඔයාට.. ඔයා ගියොත් ටේ සාහියව මැරි කරයි.. ඒත් ජීවිත කාලෙම විදවයි.. මොකද එයාගේ ලයිෆ් එකේ ආදරය කරපු දෙන්නම ඇස් ඉස්සරහ නැති වුනා කියල..."
"ඒත් ජූන් මන් මොකක්ද කරන්නේ?? මට බෑ ටේ මෙහෙම විදවනව බලන්න.. මන් ටේ මෙහෙම දුකක් විදිනව කියල හීනෙන්වත් හිතුවෙ නෑ"
මන් ඇත්තටම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. ටේ කොච්චර අසරණද? ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?? නැති වුන කෙනෙක් වෙනුවෙන් ඉන්න කෙනෙක්ගේ ලයිෆ් එකම විනාශ කරනවා.. ටේගේ අප්පට බැරිද එයාගේ පුතාගේ දුක තේරුම් ගන්න 😓😓😓
මන් ජූන් එක්ක ගොඩක් වෙලා කතා කලා. ජූන් සෑහෙන්න අවුලෙන් ඉන්නෙ ටේ නිසා.. ටේගේ ප්‍රශ්නේ නිසා..අපි කතා කරන අතරතුර අනික් අය එයාලගේ වැඩ කරන්න ගියා.. ජින් දවල්ට කන්න කෑම ඕඩර් කරල අපි ඉන්න තැනට ආයෙන ආවා..
"මාශී....."
"හ්ම්ම්ම්"
"අඩන එක නම් නෙමෙයි උත්තරේ..ටේට ආදරෙයි නේ??"
"හ්ම් ඔව් මන් එයාට ගොඩක් ආදරෙයි..."
"එහෙනම් එයාට යන්න දෙන්න එපා.."
"ඒ කිව්වේ??"
"අපිත් හිතුවේ ඔයා මේ කතාවෙන් අයින් වෙන එක හොදයි කියල.. හේතුව නැත්තම් ඔයාට බෑ අන්කල් යූබින් එක්ක හැප්පෙන්න.. ඒ එක්කම සාහියා...."
"ඔව් මන් දන්නවා.. මන් දන්නවා සාහියා කියන්නේ අහිංසක කෙනෙක් නෙමෙයි කියල...."
එදා ක්ලබ් එකේ එයා කරන්න ගිය හැමදේම මන් එයාලට කිව්වා..
"මොකක්?? එයා එච්චර තර්ඩ් ක්ලාස් වැඩක් හිතුවද??"
"හ්ම්ම්ම්"
"ඔයා එයා ලගට ගිය එක හොදයි.. ටේට බොන්න බෑ... එයා මත් වෙනවා පොඩ්ඩට"
"හ්ම්ම් ඔව්ව් මන් ඒකයි ගියේ.. එයාව ටේ මැරි කරන එක අවුලක් නෑ.. ඒත් එහෙම දෙයක්??"
"අම්බෝ ඕකට නම් කියන්නේ ඉරිසියාව කියල... වෙන මුකුත් නෙමෙයි... මේ ඔයා එක්ක ඉන්න වෙලාවට ඌ බොනවද??"
"නෑ ඇයි??"
"නෑ ඌ බිව්වම මත් වෙනව කියල දැනන් සාහියාගේ වැඩේම කෑවේ ඔයානේ..ඔයාට මොකක්හරි එක්ස්පීරියන්ස් එකක් තියනවද කියල බැලුවේ ඌ එක්ක??"
"අනේ මොනාද කියන්නේ"
මන් අඩන කදුලුවලින්ම හිනා වුනේ ඒ කතාවට.. ඊට වඩා මට ලැජ්ජ හිතුනා...
"හරි මේකයි එහෙනම් වෙන්න ඕනේ...ඔයා ටේගෙන් ඈත් වෙන්න එපා.."
"ඒත් ටේ??"
"ඉන්නකෝ කියනකන්.. ඔයා ටේව බලාගන්න.. ටේට ආදරේ කරන්න.. සාහියට දිනන්න දෙන්න එපා.. අපි ඔයා එක්ක ඉන්නවා.. කොහොමත් මායි ජිමිනයි මැරි කරල ඉන්නෙත් ලංකාවේ දෙන්නෙක්.. එයාලත් ආවම ඔයාට තනියක් නෑ.. ඇත්තටම ඔයාව ඈත් කරල සාහියව ටේට බැන්දුවොත් ඌ මේ ඉන්නවට වඩා වලකට වැටෙන්නේ..."
"ඒත් සාහියා නිකන් ඉදීද??"
"මන් හිතන්නේ නෑ සාහියා ඇත්තටම එයාගේ ලයිෆ් එක නැති කරගනී කියල.. ඔය ඔක්කොම ටේව රවට්ටන්න.. "
"අහන්න අපේ ටේව බේරලා දෙන්න.."
කුකී කොහෙදෝ ඉදන් කියාගෙන ආවා..
"ඔව් මන් ටේට ඔහොම දුක් විදින්න දෙන්නෙ නෑ.. ටේ ආදරේ මට නම් සාහියට නෙමෙයි කාටවත් බෑ එයාව ගන්න.."
"හොද කෙල්ල.."
කතාවෙන් කතාව හවස් වුනා.. අපි කට්ටිය දවල්ටත් කලා හවස් වෙනකන් ටේ ගැන කතා කලා.. අද ටේ ඩෝම් එකට රෑට එනෝ කිව්ව නිසා මන් ටග්ගාලා එයා එන්න කලින් ගෙදර ආවේ මේ හැමදේම රහසක් විදිහට තියාගන්න ඕනේ නිසා..
Time passed
"ලියා... අද වැඩ ඉවර වුනාම වැඩක් නැත්තම් මාත් එක්ක ගමනක් යමුද??"
"ආ... ඒ කොහෙද??"
"යමුද කියන්නකෝ??"
"හ්ම් යමු ඉතින්..."
මන් ෆෙලෙක්ස් එක්ක වැඩ ඕෆ් වුනාට පස්සෙ ආවේ සෝල්වල තියන ලොකු ශොපින් මෝල් එකකට.. වාව් මන් මේකට ආව ෆස්ට් ටයිම්..
"මට කෙනෙක්ට ගිෆ්ට් එකක් ගන්න ඕනේ.."
"ඒ කාටද?"
"ගර්ල් කෙනෙක්ට"
එහෙම කිව්වම නම් මට ලොකු දුකක් ඇති වුනා.. ඒත් ගර්ල් කෙනෙක්ට කිව්ව කියල එයා මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නම ඕනේ කියල එකක් නෑනේ.. මන් වෙන මුකුත් අහන්නෙ නැතුව එයා එක්ක ගියේ ලේඩිස් ඩ්‍රෙස් තියන ශොප් එකකට.. අපි ගොඩක් ඩ්‍රෙස් බැලුවා.. අන්තිමට ෆෙලෙක්ස් ලස්සනම ලස්සන ඩ්‍රෙස් එකක් අතට ගත්තා..
"ලියා.. ප්ලීස් මේක ඇදන් එනවද?? මේක ලස්සනද බලන්න ඕනේ??"
"මන්??"
"ඔව්ව්ව්... ඔයාගේ සයිස් ගන්න ඕනේ.."
මන් ඒකත් අරන් චේන්ජ් කරන්න ගියා..
එයා නිකන් හරි මේක මටද ගන්නේ?? ඒක වෙන්න බෑ මොකටද මට ගන්නේ.. ඒත් මගේම සයිස්???
විකාර හිත හිත මන් ඒක චේන්ජ් කලා.. ඒක ඇත්තටම ලස්සනයි.. කොල්ලෙක්ට මේ තරම් හොද චොයිස් එකක් තියනවද කියලත් හිතුනා.. මන් ඒක ඇදන් එලියට ගියා..
"වාව්... 😍"
මන් ලගට ආවේ ෆෙලෙක්ස්.. එයා ඒකට ගොඩක් ආසයි වගේ.. ඒ ඇස් මගේ දිහා බලන් හිටියේ ලොකු කතාවක් ඒ ඇස්වල තියාගෙන වගේ.. එයා ඒක ගන්න තීරණය කලා..
මන් ආයෙම චේන්ජ් කරගෙන ආවා.. පස්සෙ ෆෙලෙක්ස් ඒක අරගෙන අපි ඊලගට ගියේ ඩිනර් එක ගන්න.. රෙස්ටුවරන්ට් එකක වැඩ කරනවා වුනාට අපි කන්නේම ඒකෙන් නෙමෙයි හැබැයි.. මගේ හිතට ඒ ගෙව්න පැය ගානටම ප්‍රශ්නයක් වුනේ කාටද මේක ගත්තේ කියල...
"කාටද ඕක ගත්තේ??"
ප්‍රශ්නේ අහලම දැම්මේ නැත්තම් වදයක් නිසා ඒක හිතට..
"යාලුවෙක්ට..."
එහෙම කියල හිනාවෙලා ෆෙලෙක්ස් බිම බලාගත්තා.. එතනින් එහාට මන් මුකුත් අහන්න ගියේ නෑ..
ඩිනර් අරන් මාව රූම් එකෙන් බස්සන් එයා එහෙම්ම යන්න ගියා.. මන් රූම් එකට ඇවිල්ල වොශ් දාලා මාශීට කෝල් එකක් ගත්තේ මොකක්ද වුනේ අහන්න..
"හෙලෝ මාශී, මොකෝ වුනේ??"
.
.
.
.
.
.
.
.
.
.
මන් වුන හැමදේම ලියාට කිව්වා.. මොකද මගේ පැත්තට ඉන්න ලොකුම හයිය මට ලියා.. මොනා වුනත් එයා මාත් එක්ක ඉන්නවනේ... කතාවෙන් කතාව වෙලාවත් ගියා.. දෙන්නම රෑ 11.30ට වගේ කෝල් එක කට් කලේ නිදාගන්න...
Time passed
කාලය ගෙවිලා ගියා.. මගේ ඩ්‍රෝවින් එකට ඒ කම්පිටිශන් එකේ සෙකන්ඩ් ප්ලේස් එක හම්බුනා.. ඒ එක්කම මගේ ඩ්‍රෝවින් වැඩේ නම් ඉවර වුනා.. හැබැයි මන් ආසවෙනම කරන ෆූට් ඩිසයින් ක්ලාස් එක තව මාස 3ක් වගේ තියනවා.. ඒකේ වැඩත් එක්ක මන් ගොඩක් බිසී වුනා.. සාහියගේ ළග තාම මන් වැඩ.. කොච්චර ප්‍රශ්න වුනත් සාහියා මාව ආයි කලේ නෑ..
හිතන්නේ මට ආදරේකට කියලද?? නෑ අනිවාර්යයෙන් මොකක්හරි ලොකුම ලොකු හේතුවක් ඇති...
"මාශී මට ඉවෙන්ට් එකක් තියනවා අනිද්දට.. මට ලස්සන ඩිසයින් එකක් ඕනේ"
කොච්චර තරහක් හිතේ තිබ්බත් සාහියා මට ගොඩක් ආදරෙන් සැලකුවේ පිට අයට එයා හොද කෙනෙක් කියල පෙන්නන්න.. හැබැයි එයා තාම දන්නේ නෑ එයාගේ ඇත්තම විදිහ මන් දන්නවා කියල...
ඒ එක්කම සාහියා කාටදෝ කෝල් එකක් ගත්තා.. අහන් හිටියේ නැති වුනාට එයා කියන දේවල් මට හොදට ඇහුනා..
"ටේ ඔප්පා..."
"............."
"ඩිනර් ගන්න එලියට යමුද අද??"
"............"
"හ්ම්ම් ඒ කියන්නෙ බැරිද?"
".............."
"හොද ඔප්පා...."
එහෙම්ම කෝල් එක කට් කරපු එයා ආයෙම කෝල් එකක් ගත්තා..
"හෙලෝ මිස්ටර් ජේ.. මගේ වැඩේ.."
"........."
"ඕකේ.."
ඒකත් කට් කරපු සාහියා මූණෙන් දැම්මේ අමුතුම අමුතු හිනාවක්.. මට තේරුනා මොකක්හරි දෙයක් වෙන්න යනව කියල.. මිස්ටර් ජේ... ඔව් මට හොදට මතකයි ක්ලබ් එකේ ප්‍රශ්නේ දවසෙත් මෙයා කතා කලේ එයාට.. ඒ කියන්නේ??? නෑ මන් මුකුත් වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ..
හරියටම 5ට සාහියා ගියා.. එයා හිටියේ ගොඩක් සතුටෙන්.. මාත් මගේ බඩු ටික ඉක්මනට දාගෙනම එයා පස්සෙන්ම ගියා.. එයාගේ වෙහිකල් එක එනකන් ඉදල එයා ඒකේ ගියේ සෝල් වලට ටිකක් එහාට වෙන්න තියන ලස්සන හොටෙල් එකකට.. අද මගේ වෙලාව හොදම හොදයි.. කම්පැනි එකෙන් බැහැපු ගමන් ටැක්සි එකක් අත ලග.. මාත් එකෙන් මෙයාව ෆලොව් කලා.. මන් ඈතට වෙලා බලන් හිටියේ මොනාද මෙයා මේ කරන්නේ කියල..
ටික වෙලාවක් ඒකේ වේටර් කෙනෙක් එක්ක කතා කර කර ඉදල එයා ගියේ එයාලට වෙනම බුක් කරපු ටේබල් එකකට.. දවසක ඔයා එක්ක මට මේ වගේ ආදරෙන් එක රැයක් ගත කරන්න තිබ්බ නම් කියල හිතුනා... මන් මනෝලොකේන් එලියට ආවේ එතනට ආව ටේ දැකල..
"වාව්...."
ටේ කුමාරයෙක් වගේ.. ඔව් ටේ මට ආදරේ කරද්දී ඔයාට කොච්චර ඉරිසියා හිතෙන්න ඇතිද සාහියා?? මට ඒක හිතාගන්න පුලුවන්.. මාත් කවර් උන තැනකට වෙලා ඩ්‍රින්ක් එකක් බිබී හිටියා.. ටික වෙලාවකින් අර සාහියා කතා කරපු වේටර් ආවේ ඩ්‍රින්ක්ස් දෙකක් අරගෙන..
පැයක් විතර කතා කර කර දෙන්න ඩිනර් ගත්තා.. එක පාරට මන් ටේ ගේ වෙනසක් දැක්කා.. එයා නිකන් මත් වෙලා වගේ....
"මොකක්?? තමුසේ සාහියා..."
මට ඉන්නෙ කොහෙද අමතක වුනේ සාහියා කරපු වැඩේ තේරුන නිසා.. ඇයි මට මේක කලින් හිතුනේ නැත්තේ?? ඔව් එයා අනිවාර්යයෙන් ටේගේ ඩ්‍රින්ක්ස් එකට මත් වෙන්න මොනාහරි දාලා.. ටේ කොහොමත් බොන්නෙ නෑ..බිව්වත් බොන්නේ බැන්ග්ටැන්ලා එක්ක විතරයි.. ඒ නිසා අනිවාර්යයෙන් සාහියා මොකක්හරි දෙයක් කරල..
"ටේ ඔප්පා... ඔයාට මොකද??"
"මගේ ඔලුව පැලෙන්න වගේ.. කැක්කුමයි.. මාව කැරකෙනවා වගේ"
"ඔප්පා මන් ඔයාව මෙතන රූම් එකකට එක්කන් යන්නද අමාරු නම්..?"
"නෑ මගේ ඩ්‍රයිවර්ට කෝල් කරන්න.. එයා මාව එක්කන් යයි"
"බෑ ඔයාට ඔහොම යන්න බෑනේ.."
එහෙම කියාගෙන සාහියා නැගිටල ටේ ළගට ආවා.. ටේගේ මූණෙන් අල්ල සාහියා මුලු මූණම එයාගෙ අත දෙක අස්සෙ හිර කර ගත්තා.. ටේ දිහා සාහියා බැලුවේ කියන්න බැරි හැගීමක් එක්ක.. මගේ මුලු ඇගම පණ නැති වුනා..
"මේ මොකක්ද වෙන්නෙ?? මන් කොහොමද ටේව බේරගන්නේ??"
ඒ එක්කම ටේ මේසේ උඩට ඔලුව ගහගත්තා... සාහියා ටේ ළගින් නැගිට්ටේ මොකක් හරි කරන්න කියල මට තේරුනා.
මට මුකුත් මතක් වුනේ නෑ.. මන් ඕනේ මගුලක් කියක නැගිට්ටෙ එතනට යන්න..
හැබැයි ඒ එක්කම..........
ඒ එක්කම මොකද වුනේ?? 😢😢😢😢😢
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top