He does not belong to me.... 💔
"මොකද මිස්ටර් වුක්"
"මිස්ටර් ජූන්, සාහියා මිස් එනවා"
ඔව් මන් ගාඩ් එකට කිව්වා එයා එනවා නම් කියන්න කියල.. මොකද මාශී මෙහෙ නිසා..
"මාශී ඔයා යන්න ටේගේ රූම් එකට"
"අහ්හ්හ්හ්"
"ප්‍රශ්න අහා අහා ඉන්න වෙලාවක් නෑ.. යන්න ඉක්මනට"
"හරි ජූන්"
මන් ටග්ගාල දුවලා ගියේ ටේගේ රූම් එකට.. මන් රූම් එකට ගිහින් ඩෝ එක ලාවට වහගෙන බලන් හිටියේ මොකද වෙන්නෙ කියල.. එකපාරටම ගාල කඩාගෙන වගේ සාහියා ආවා..
"ටේ ඔප්පා...."
ඔක්කොම සාහියා දිහා බැලුවේ මුකුත් නොදන්න ගාණට.. සාහියා ටේව දැකල ටේ ළගට දුවගෙන ආවා..
"ඔප්පා ඔයා කොහෙද ඊයේ ගියේ?? මන් කොච්චර හෙව්වද??"
"මන් ඩෝම් එකට ආවා.."
"ආවද ඔයාව ගෙනාවද?"
"අහ්හ්හ්හ්හ්"
"ඔප්පා මන් ඔක්කොම දන්නවා.. කෝ මාශී??"
"මාශීයෙක් කොහොමද මන් දන්නේ?? මන් නැගිටිද්දී හිටියේ මගේ රූම් එකේ"
"සාහියා කලබල වෙන්න එපා.. වාඩිවෙන්න.. "
ජූන් සාහියා කෑගහන නිසා මැද්දට පැනල කිව්වා.. ඒත් සාහියා එයාගේ කෑගැහිල්ල නැවැත්තුවෙ නෑ.. සාහියා හොදටම අඩනවා..
"ඇයි ඔප්පා මට මෙහෙම කරන්නේ?? ඔව් මන් දන්නවා ඔයා ආදරේ කලේ මට නෙමෙයි මගේ අක්කට.. ඒත් අයි මට දැන් ආදරේ කරන්න බැරි?? මගේ මොකක්ද තියන අඩුව?? මට ඔයා නැතුව ඉන්න බෑ ඔප්පා.. ඔයා කියන්න මොකක්හරි වැරැද්දක් තියනව නම් මන් ඒක හදාගන්නම්. ඒත් මෙහෙම කරන්න එපා.. ප්ලීස් 😢😢😢😢"
එහෙම්මම සාහියා බිම ඉදගත්තේ ටේව ගොඩක් අසරණ කරලා.. මන් මේ ඔක්කොම බලාගෙන හිටියේ.. මගේ ඇස්වලටත් කදුලු ආවා. මන් දන්නවා ඈත් වෙන්න බැරි තරම් සාහියා ටේට ඇඩික්ට් වෙලා ඉන්නේ කියල.. ඒත් ඔයා එයාව ලබාගන්න යන්නේ වැරදි විදිහට..
ටේ අඩන සාහියා ලගට පාත් වෙලා එයාගේ උරහිස්වලින් අල්ලලා නැගිට්ටුවා..
"ඔව් මන් සාරාට ආදරය කලා.. ඒ ඔයා නෙමෙයි සාහියා.. ඔයා හිතනවද ආදරය ඔහේ හිතේ ඇති වෙන දෙයක් කියල 😔"
"නෑ නෑ..ඒත් ඔයාට උත්සහ කරන්නවත් බැරිද??"
"මන් ආදරේ කරන්නේ මාශීට.. මන් කොහොමද සාහියා මගේ හිත ඕනේකමින් වෙනස් කරන්නේ??"
"මාශීට??? එයාට පුලුවන් වුනා මගේ අක්කගේ තැන ගන්න... බට් මට බැහැ.."
"අහන්නකෝ මගේ සාහියා.. ඔයා මතකද ඉස්සර හිටිය හැටි.. ටේ ඔප්පා කියාගෙන එනවා, අනේ මට බෑ ඔයාව මැරි කරන්න කියනවා.. ඒත් දැන් මේ මොකද??"
"ඔව්ව් මන් එහෙම හිටියා.. ඒ කාලේ මන් ඔයාට ආදරෙයි කියල මට දැනුනේ තේරුනේ නෑ.. ඒත් දැන් දැනෙනවා තේරෙනවා.. මන් ඔයාව විතරමයි මැරි කරන්නේ"
"සාහියා......😡"
ටේගේ මූණ ක්ශනිකයෙන් රතු වුනා.. මෙච්චර තේරුම් කරලත් තේරුම් ගන්නෙ නැති වෙනකොට කේන්ති යන එක සාදාරනයි..
"ඔප්පා ඔයාට බෑ මට මෙහෙම කරන්න"
එහෙම කියන ගමන් ටේ ලගට පැන්න සාහියා ටේව අත් දෙකෙන් තද කරල බදාගත්තා.. ටේ සාහියාගේ උරහිසින් අල්ලලා සාහියාව ඈත් කලා.. ටේ සාහියගේ මූණ ලගට පාත් වුනේ මොනාහරි කියන්න කියල මට තේරුනා.. ඒත්.... ඒත් සාහියා ටේට කතා කරන්න නොදී ඒ තොල් සාහියගේ තොල්වලින් අල්ල ගත්තා. හැමෝම බලන් ඉද්දී.. ඉක්මන් හාදුවක් දුන්න සාහියා ටේගෙන් අයින් වෙනවා එක්කම මගේ කකුලත් පණ නැති වුනා.. මට පහලට ගිහින් කියන්න ඕනේ ටේ මගේ කියල.. ඒත්.....
"සාහියා මොනාද ඔයා කරන්නේ?? ප්ලීස් යන්න දැන්"
ටේට ගොඩක් තරහ ගියා.. ටේ සාහියට යන්න කියල කෙලින්ම ආවේ රූම් එකට.. රූම් එකට ආව ටේ ඩෝ එක ලොක් කරල කෙලින්ම ආවේ මගේ ළගට.. මාව ඇදල අරන් හග් කලා..
"ටේ... අවුල් වෙන්න එපා"
මන් ටේ ගේ ඔලුව අතගාන ගමන් කිව්වා..
"මට සමාවෙන්න.. සාහියා ඇයි මට මෙහෙම කරන්නෙ??"
"හරි දැන් ඒක හිතන්න එපා..මන් ඉන්නවනේ.. සාහියා ආදරෙන් අන්ද වෙලා.."
"හ්ම්ම්ම්ම් මට ගැලවීමක් නැද්ද??"
"මන් ඔයාව එයාට දෙන්නෙ නෑ.."
"ඔහොම ඉන්න..."
මාව ඈත් කරපු ටේ මගේ දිහා ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක බැලුවා..
"ඇයි??"
"ඔයා දන්නවද සාහිය මන් අතරේ තියන ප්‍රශ්නේ??"
"සාරා... ඒකනේ ඔයාට මේකෙන් ගැලවෙන්න බැරි ප්‍රශ්නේ??"
"ඒත් ඔයා??"
"හරි හරි මන් ඒක දන්නවා..හරිනේ.. "
මන් කිව්ව එකට ඔලුව වනන ගමන් ටේ ගිහින් ඇදට වැටුනා..
"මේ ටේ එහෙනම් මන් යනවා.. වැඩට යන්න ඕනේ. මන් උදේම කෝල් කරල කිව්වා එද්දී පරක්කු වෙනවා කියල"
"යන්න එපා.. සාහියා ඔයාව මරන්න තරම් කේන්තියෙන් ඉන්නෙ.. අද යන්න එපා"
"අහ්හ්හ්හ් ඒත්..."
"මන් කියන දේ අහන්න"
ටේ තරහ මූණක් අරන් මට කිව්වා.. මටත් ඇත්තටම මෙයාව දාලා යන්න නම් හිත දෙන්නෙ නෑ තමා.. අක්මැත්ත පෙන්නලා මාත් වැඩට නොයා නැවතුනා..
"අපි යමු අද එලියට??"
"එලියට??"
"ඔව්ව්ව්"
එහෙම කියන ගමන් ටේගේ එහා පැත්තට මාව ඇදල ගත්තා.. එයාගේ අතක් උඩ මන් ඔලුව තියන් මන් ඒ මූණ දිහා බැලුවේ ගොඩක් ලැජ්ජාවෙන්..
"මොකෝ මූණ රතු වෙලා??"
"නිකන්.. ඔයා මෙහෙම මාත් එක්ක මගේ ළග ඉන්නව කියල හිතන එකත් මට හීනයක් වගේ ටේ"
එක පාරටම ටේ මගේ උරහිස හැපුවා..
"ආව්ව්ව්ව්ව්"
මන් ඔරවගෙන ටේ දිහා බැලුවා..
"හීනයක් නෙමෙයි දැක්කනේ"
"මෝඩයා.. මන් දන්නවා හීනයක් නෙමෙයි කියල"
ටික ටික මට තව ළං වුන ටේ මාව එයාගේ අත් දෙකයි පපුවයි මැද්දේ හිර කරගත්තා.. අපි එහෙම්ම ගොඩක් දේවල් කතා කලා.. අපේ අතීතේ ගැන දැන් ඉන්න විදිහ වගේම මොනා වෙයිද මේ ඔක්කොම කතා කලා..
.
.
.
.
.
.
Liya's restuarnt
මන් හිටියෙ අද ස්පෙශල් ගෙස්ට් කෙනෙක්ට එයාගේ ඕඩර් එක ලෑස්ති කරන ගමන්.. කවුද දන්නේ නෑ..බට් දැන් දවස් දෙකකට වගේ කලින් තමා ඕඩර් එක නම් දාලා තියෙන්නෙ.. අද හවස ඒ කෙනා මේ මුලු රෙස්ටුවරන්ට් එකම බුක් කලා.. ඒ නිසා අපේ අය හොදටම වැඩ.. නිකන් වෙඩින් එකක් වගේ. මන් හිතන්නේ ඕඩර් එක දැම්ම බෝයි එයාගේ ගර්ල්ට ප්‍රොපෝස් කරන්න හදන්නෙ...
"හෙයි ලියා... කොහොමද කෑම??"
"අහ්හ්හ් ඒව ඕකේ ෆෙලෙක්ස්.. ආ ඒක නෙමෙයි මොකො අද සතුටෙන්???"
"නෑ නෑ නිකන්...."
"නිකන් වෙන්න බෑ.."
"නිකන් අනේ... කීයටද ඕෆ් වෙන්නෙ??"
"අද ටිකක් ඉන්න වෙයි වගේ මේ ස්පෙශල් බුකින් එකක්නේ.."
"අහ්හ් එහෙමද?? ඒක හොදයි"
එහෙම කියාගෙන ෆෙලෙක්ස් ගියා.. මන් කල්පනා කලේ මොකක්ද මේකේ තියන හොදේ කියල.. මෙහෙම දෙයක් නැති වුනත් කවදමහරි ඔයා මගෙන් ඔයාට ආදරෙයිද අහනකන් මාත් බලන් ඉන්නවා..මගේම සිතුවිලි වෙලාවකට මට වදයක් වුනා.. ඒත් මගේ හිත ඒක පිලිගන්නේ නෑනේ...
Time passed
මන් ඩෝම් එකේ ඉදල ආයෙම ගෙදර යන්න ලෑස්ති වුනේ.. කොහොමත් වෙන්න පුලුවන් හැමදේම වුනානේ..
"මන් එහෙනම් යානවා ටේ"
"යන්නම ඕනේද??"
"මේ උබ බැන්දම හැමදාම තියාගනින්, දැන් යන්න දීපන්"
"අනේ මේ පොඩි එකෝ.. උබට මේවා තේරෙන්නෙ නෑ"
"ඔව් ඔව් මන් බබානේ.. මට තේරෙන්නෙ නෑ.. "
"ඔව්ව් ඔයා අපේ බබා බෝයි නේ"
"හරි හරි.. මොනා වුනත් මාශී ටේව මීට් වෙද්දී බෙල්ල පේන්නෙ නැති ඇදුමක් ඇදන් එන්න"
හරි ඔය කලේ.. කුකී නම් 😒😒
"ටේ ඕක නවත්තන්නකෝ"
මන් ටේට රවලා කිව්වේ කුකී මගේ පටි 7ම රෝල් කරන්න කලින්,
"මේ මන් ජිමින්ට කිව්ව වගේ කියන්නේ, උබල දෙන්නත් ඔය කරන මගුල් මේ කුකියගෙන් පරිස්සම් වෙලා කරපල්ලා.."
"ඔව් ඔව් ජූන්.."
කොහොමත් කුකීට දෙයක් මාට්ටු වුනොත් ආයෙ බැනර් එකක් ගහල පාරේ එල්ලුවා වගේ තමා.. මතකනේ ජූන් ඇන්ඩ් මනූගේ කෝපි කෝප්පේ, ජිමින් ඇන්ඩ් හශීගේ කිචන් සීන් එක.. දැන් අලුත්ම එක මාශි ඇන්ඩ් ටේගේ බෙල්ල 😁😁😁
උන වස ලජ්ජාවත් අතේම අරන් මන් ආවේ ලියා වැඩ කරන රෙස්ටුවරන්ට් එකට.. වෙලාවට හරියටම 7යි.. මන් රෙස්ටුවරන්ට් එකට යද්දී රෙස්ටුවරන්ට් එක වෙඩින් එකකට වගේ සරසලා.. මාරම ලස්සනයි..
මන් ඉතින් වෙනදා වගේම ලියාට කෝල් කලා..
"කියන්න මාශී..."
"මොකක්හරි තියනවද අද රෙස්ටුවරන්ට් එකේ??"
"ඉන්න ඉන්න එලියෙද ඉන්නෙ??"
"හ්ම්ම් ඔව්ව්"
කෝල් එක කට් කරපු ලියා මගේ පැත්තට දුවගෙන ආවා..
"ආහ්හ්හ් කෙල්ලව දැක්ක කල්.. මොකො වුනේ??"
"පස්සේ කියන්නම්කෝ.. මොකද අද මේ සරසලා??"
"අද බුකින් එකක්..."
"වාව්.. ප්‍රොපෝස් කරන්න හදන සීන් එකක් වගේ මට පේන්නේ.."
"ඔව් ඔව් එහෙම එකක්ලු.. අපිත් හරියටම දන්නේ නෑ.."
"කෝ උබේ අර මනමාලයා??"
"මනමාලයා කියන්න එපා.. ෆෙලෙක්ස්"
"අම්බෝ අම්බෝ... කෝ ඉතින්??"
"අනේ මන්දා.. දැක්කෙ නෑ හවස ඉදල.. එන්න අපි යමු ඇතුලට. බුකින් ඒරියා එකේ අනිත් පැත්ත. ටේබල් එකක් තියනවා...."
"ඒත්..."
"යමු... අද පිට අය කටවත් මේක ඇරල නෑ.. බට් ඔයාට ඇරල 😌😌"
එහෙම කියාගෙන මාවත් ඇදගෙන ලියා ගියේ සරසපු කොටස එක පැත්තකට වෙන්න තිබ්බ පොඩි ටේබල් එකකට... මායි ලියායි පැය භාගයක් වගේ කතා කර කර ඉද්දී ෆෙලෙක්ස් ආවේ ෆුල් සූට් එකක් ඇදල ලස්සනම ලස්සන මල් එකක් අරන්...
එයා ඈත තියා එද්දී ලියාගේ ඇස් දිලිසුනේ තරු වලටත් වඩා එලියට.. මන් ලියාගේ අත තද කලේ එයා අපේ පැත්තට එන නිසා....
.
.
.
.
.
.
.
.
At sahiya's place
"සාහියා මේ දොර අරින්න.. අප්පට කියන්නද මන්??"
"අනේ මට ඉන්න දෙන්නකෝ"
"දරුවෝ අපි කතා කරමු..මේ දොර අරින්නකෝ"
ඔම්මගේ බල කිරිල්ලට මන් ඩෝ එක ඇරියා.. ඇරපු ගමන් ඔම්මා මාව බදාගත්තේ ඇස්වල කදුලු පුරවගෙන..
"මොකක්ද මේ දොරත් වහන් කරන්නේ?? ඇයි මේ අඩන්නේ?? ටේ එක්ක ප්‍රශ්නයක්ද??"
"ඔම්මා.. එයා මට ආදරේ නෑ.."
සාහියා මහ හයියෙන් අඩන ගමන් කිව්වා..
"අහ්හ්හ්හ්හ්"
"ඔව්ව් එයා ආදරේ වෙන කෙනෙක්ට.. එයා එයා ආදරේ අර මගේ ශූ ඩිසයින් කරන කෙල්ලට"
"මොකක්?? ඔයා ඉන්න මන් ඒක ගැන අහන්නම්"
"වැඩක් නෑ.. ඒකයි ඇත්ත.. අනේ ඔම්මා මට ටේ ඔප්පව ඕනේ"
එහෙම කියද්දී මගේ ඇස් නිලංකාර වුනා.. මට තේරුනා මගේ මුලු ඇගම පණ නැති වෙනවා වගේ..
.
.
.
.
.
පුදුම හිර ගතියක් මට දැනුනේ.. මන් හෙමින් හෙමින් ඇස් අරිද්දී මගේ ඉස්සරහ හිටියේ ටේ ඔප්පා.. එයා මගේ අතක් අල්ලන් හිටියේ.. ඊට පිටිපස්සේ ටේ ඔප්පගේ අප්පා හිටියා..මගේ අප්පයි ඔම්මයිත් හිටියා..
"සාහියා දැන් කොහොමද??"
"මට මොකක්ද වුනේ??"
"ඔයා ෆේන්ට් වුනා සාහියා.. ඔයාට දැන් හොදයි"
"ඔම්මා..."
"අඩන්න එපා දුව.. ටේ පොඩ්ඩක් මාත් එක්ක එන්න පුලුවන්ද??"
"අහ්හ්හ් ඔව් මිසිස් යූබින්"
ඔම්මා ටේ ඔප්පවත් එක්කන් මගේ රූම් එකෙන් එලියට ගියා..
එක පාරටම මිසිස් යූබින්ගේ අත ඇවිත් මගේ කම්මුලේ නැවතුනා..
"ටේ තමුන්ට මගේ දුව සෙල්ලම් බඩුවක්ද??"
"මිසිස් යූබින්???"
ටේ කම්මුල අල්ලන් පුදුමයෙන් සාහියාගේ ඔම්ම දිහා බලන් හිටියා..
"මගේ දරුවව අඩවල මොකක්ද මේ කරන්නේ තමුනුයි තමුන්ගේ අර කෙල්ලයි??"
"මොකක්??"
ටේට හැමදේම තේරුනා.. මුල ඉදන් හැමදේම තේරුනා..
"මගේ ළමයගේ ජීවිතේට මොකක්හරි වුනොත් මන් කාටවත් යහතින් ඉන්න දෙන්නෙ නෑ..මගේ එක ළමයෙක් උදුරගත්තා මදිද?? මගේ අනිත් ළමයට එහෙම කරන්න එපා..."
එහෙම කියාගෙන මිසිස් යූබින් ළග තිබ්බ පුටුවෙ ඉදගත්තේ අඩන ගමන්.. මාත් එයාගේ එහා පැත්තෙ වාඩි වුනා.. මන් මගේ අත් දෙකෙන් ඔලුව අල්ලගත්තේ මට මොකක් කරන්නද කියල හිතාගන්න බැරි නිසා..
.
.
.
.
.
.
සාහියව බලල මන් ආයෙම ආවේ ඩෝම් එකට.. හැමෝගෙම ජීවිත එක්ක බලද්දී මට දැන් මගේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ.. කාටවත් මගේ දුක තේරෙන්නෙ නෑ.. හැමෝටම ඕනේ මාව ඉත්තෙක් කරගන්න.. මගේ ඔලුවම අවුල් ජාලයක් වුනා.. එහෙම්ම ඩෝම් එකෙ කා එක්කවත් කතා නොකර මන් ගියේ රූම් එකට..ගිහින් වොශ් එකක් දාගෙන ඇදට වැටුනේ ඊයේ මාශි එක්ක ගෙවුනු රෑ මතක් කර කර.. මට ඒ සතුට ඕනේ වුනත්....
.........................
ෆෙලෙක්ස් ආවේ අපි ඉන්න පැත්තට.. මගේ හිතට ලොකු සතුටක් ආවා.. මාත් ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලන් හිටියා.. ඒත් ඒ එක්කම මගෙයි ෆෙලෙක්ස්ගෙයි ඇස් යාවුන පාර අවහිර කලේ මන් එදා ෆෙලෙක්ස් එක්ක ගිහින් ගත්ත ඩ්‍රෙස් එක.. මන් වාඩි වුන තැනින් නැගිට්ටේ මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව.. ඒ එක්කම ඒ කෙල්ල ළගට ගියා ෆෙලෙක්ස් එයාගේ අතේ තිබ්බ මල් එක එයාට දීලා හග් කලා.. සාක්කුවෙන් අත දාලා එලියට ගත්ත මුද්ද එයා ඒ කෙල්ලට දැම්මේ ඔක්කොගෙම සතුට මැදින්..
"I love you Jihana"
"Love you too felex"
එහෙම කියල ෆෙලෙක්ස් ජිහානාගේ තොල් සිප ගත්තේ ගොඩක් ආදරෙන්.. මගේ ඇස්වලින් කදුලු පෝලිමට වැටෙද්දී මන් මාශීගේ අත තද කරල අල්ල ගත්තා..
"ලියා... ප්ලීස් අඩන්න එපා.."
"මාශී, මොකක්ද මේ වෙන්නෙ??"
මන් ටග්ගාලා ලියාව එක්කන් පිටිපස්සෙන් එලියට ගියා.. ලියා මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා.. මට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුනා..
ලියා ෆෙලෙක්ස්ට ගොඩක් ආදරේ කලේ.. ෆෙලෙක්ස් ආදරේ කලේ නෑ කියන්න බෑ.. සමහර ලියා කිව්ව දේවල් එක්ක මට විශ්වාස කරන්න බෑ ෆෙලෙක්ස් ලියාට ආදරේ කලේ නෑ කියල.. ඔව් ෆෙලෙක්ස් ලියාට ගොඩක් බලාපොරොත්තු දුන්නා.. පොඩි පොඩි දේවල් වලින් පවා එයා ලියාට බලාපොරොත්තු දුන්නා.. ඒකයි ලියා ෆෙලෙක්ස් ගැනම විතරක් හිත හිත කවදාහරි එනකන් බලන් හිටියේ.. ඒත් අන්තිමට 😓😓😓😓
මන් ලියාව එක්කන් ගියේ මගේ රූම් එකට.. ලියා හිටියේ මැරිල වගේ.. මන් ලියාව දැනගෙන සෑහෙන්න කල් වෙනවා..ඒ කාලේ පුරාම එයා ෆෙලෙක්ස් ගැන හිතුවා.. අවුරුදු 2ක් 3ක් ඔව්ව් ඊටත් වැඩි.. එහෙම ආදරයක් තමන්ගේ ඉස්සරහම වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න කාටද පුලුවන්???
"ලියා අහන්න මන් කියන දේ"
"මාශී මට නිදාගන්න ඕනේ.. මන් මෙතන නිදාගන්නද??"
"හරි ඔයා නිදාගන්නකෝ"
ලියා කාලවත් නෑ.. ඒත් එයා නිදාගන්න එක හොදයි.. මොකද තව අඩන්න එයා ලග කදුලු නෑ කියල මන් දන්නවා.. මන් ලියා ඇලවුනාම බෙඩ්ශීට් එක පොරවල ඔලුව අත ගෑවේ නින්ද යනකන්.. ටික වෙලාවකින් ලියාට නින්ද ගියා.. ඒත් ඒ ඇස් කොනෙන් කදුලු බේරෙනවා.. 😓😓😓
මන් සෝෆා එකෙන් ඉදගෙන කල්පනා කලේ මොකක්ද දැන් කරන්නේ කියල.. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ කියල.. එක පැත්තකින් ටේ.. අනික් පැත්තෙන් සාහියා.. දැන් ලියා..
.
.
.
.
.
Time passed
උදෙ නැගිටිද්දී මන් හිටියේ සෝෆා එකේ ඇලවෙලා.. මන් නැගිට්ට ගමන් බැලුවේ ඇද දිහා.. ඒත් ඇදේ ලියා හිටියේ නෑ.. මන් කලබලයෙන් නැගිට්ටේ ලියාව බලන්න.. එයා රූම් එකේ කොහේවත් හිටියේ නෑ.. එක පාරටම ඩෝ එක පැත්තට දුවද්දී ලියා ආවේ කෑම වගයක් උස්සන්..
"කෙල්ල... දැන්ද නැගිට්ටේ??"
"ඔයා කොහෙද ගියේ? මන් බය වුනා??"
"ඒ මොකෝ?? මන් මෙහෙ පාරවල් දන්නෙ නැද්ද??"
"ඔයා හොදින් නේ??"
"ඔව් මාශී.. උන දේ වුනා.."
මන් ලියාව හග් කලේ එයාගේ මූණේ තිබ්බ හිනාව දැකලා.. ඒත් මන් දන්නවා මේ ඔක්කොම රගපෑම් කියල.. මොකද අවුරුදු ගාණක් ආදරේ කරපු ආදරේ ඔයා මේ දවසකට අමතක කරන්නෙ නෑ කියල.. ඒත් කමක් නෑ බොරුවට හරි ඔයා හිනාවෙලාවම ඉන්න ඕනේ....
"අපෝ මේ මූණ හොදන් එනවා කන්න..."
"ඉන්න ටග්ගාල එන්නම්"
මන් වොශ් එකක් දාන් ආවේ ටේ ඇන්ඩ් මගේ ගැන ලියාට කියන්න.. මොකද එයාට ඒකෙන් හරි පොඩි සතුටක් ලැබෙයි කියක හිතල... මන් එලියට එද්දී ලියා කෑම ඔක්කොම රෙඩි කරල ටීවී එකත් දාලා.. මන් කෑගහගෙන එලියට ආවේ මේසේ උඩ තිබ්බ කොප්පෙ වතුර එක බොන ගමන්..
"ලියා දන්නවද ටේ...."
මගේ අතේ තිබ්බ වතුර කෝප්පේ බිමට වැටුනේ මාවත් එතනම ඇදගෙන වැටෙන ගමන්..
මගේ අත තියවුනේ බිදුන වීදුරු කට්ටක් උඩට..
මොනාද වුනේ?? ඇයි මාශී වැටුනේ?? ලියාට මොනා වෙයිද??
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top