Get away from me 💔
"ලියා දන්නවද ටේ...."
මගේ අතේ තිබ්බ වතුර කෝප්පේ බිමට වැටුනේ මාවත් එතනම ඇදගෙන වැටෙන ගමන්.. මගේ අත තියවුනේ බිදුන වීදුරු කට්ටක් උඩට..
ලියා වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටේ ටීවී එකේ ගිය නිව්ස් එක දැකලා.. ලියා මගේ පැත්තට දුවගෙන ආවා..
"මාශී..."
මගේ ඇස්වලින් කදුලු පෝලිමට කඩාගෙන වැටුනා..
"මාශී ඔයාගේ අත කැපිලා.. දෙයියනේ ලේ එනවා."
ලියා මගේ අත ගත්තේ ලේ හොදටම යද්දී.. ඒත් මට ඒ මුකුත් දැනුනේ නෑ.. මන් ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලන් හිටියේ ටිවී එක දිහා..
ටේ හිටියේ.. ටේ මොනාද මේ කියවන්නේ???
"හැමෝටම ගුඩ් මෝනින්.. අද ස්පෙශල් මීඩියා කන්ෆරන්ස් එකක් ගත්තේ මගෙයි සාහියාගෙයි රිලේශන්ශිප් එක ගැන කියන්න.. අපි දැනට අවුරුදු දෙකක................
"ලියා මේ ටේ මොනාද මේ කියන්නේ??"
ලියා මාව හග් කරගෙන හොදටම අඩන්න ගත්තා... ලියා නොපෙන්නුවට හිටියේ සෑහෙන්න දුකෙන්.. දැන් මාත්.. අපි දෙන්න කොච්චර වෙලා ඇඩුවද කියන්න මට මතක නෑ.. දෙන්නටම මගේ අත කැපිලා තියෙන්නෙ කියලත් අමතක වුනා..
"මාශී අඩන්න එපා.. ඔයා ගන්නකෝ අර එයාගේ අයිය කෙනෙක්ට කෝල් එකක්"
"මොනා අහන්නද මේ ඉන්නෙ ටේනේ ලියා.. ඇයි ලියා ටේ මෙහෙම මට කරන්නේ?? ඊයේ ඊයේ එයා මාව බදාගෙන මන් ලගම ඉන්නවා කිව්වා.. එයා ආදරේ මට කිව්වා.. මොන වුනත් යන්නේ නෑ කිව්වා.. ඒත් අද??"
"මට තේරෙනවා.."
ලියා දුවල ගිහින් මුලින්ම අරන් ආවේ බැන්ඩේජ් එකක්..ලේ එන එක නවත්තන්න එයා ඒක බැන්දා.. ඒත් හොදටම අත කැපිලා,ලේ නවතින්නෙ නෑ...
"ලියා මගේ අත පණ නෑ වගේ.."
මගේ ඇස් නිලංකාර වෙනවා වගේ තේරුන නිසා මන් ටග්ගාල ලියාට කිව්වා.. මට මතක එච්චරයි...
.
.
.
.
.
.
.
මන් අමාරුවෙන් ලාවට ඇස් අරිද්දි මන් ළග හිටියේ ලියා.. මන් බැලුවේ ටේ මාව බලන්න ඇවිල්ලද කියල.. නෑ කවුරුත් හිටියේ නෑ...හ්ම් මන් හිටියේ කාත් කවුරුත් නෑ වගේ හොස්පිටල් එකේ ඇදක් උඩ..
"ලියා මට සමාවෙන්න.. මන් නිසා ඔයාටත්..."
"ශ්ශ්ශ් නෑ නෑ මට කරදරයක් නෙමෙයි ඔයා.."
"ඒත් ඔයත් දුකෙන් ඉන්න වෙලාවෙ..."
"මන් දුකෙන් නෑ.. අපි යන අයට යන්න දෙමුද??"
"අනේ ලියා... ටේ මට කිව්වා ඊයෙ"
"හරි හරි අපි ටේගෙන් අහමු ඇයි මෙහෙම කලෙ කියල"
ලියා මාව සැනසුවේ එයාගේ නංගී කෙනෙක් සනසනවා වගේ.. ලියා මේ වෙලේ ඉන්නේ මන් වගේම ලොකු දුකක් හිතේ තියන්.. ඒ දුක අස්සෙ එයා ඒක හංගගෙන මාව සනසනවා.. 😓😓😓
.
.
.
.
.
.
"හෙලෝ ජූන්ද මේ??"
මන් මාශිට නින්ද ගියාම එයාගේ හොස්පිටල් රූම් එකෙන් එලියට ආවේ එයාගේ ෆෝන් එකත් අරගෙන..
"ඔව්ව් මාශීගේ ෆෝන් එක නේද??"
"ඔව් මන් එයාගේ යාලුවා ලියා"
"කියන්න ලියා..."
"ටේ මොකක්ද අර කරන්නේ?? මාශී ඉන්නෙ හොස්පිටල් එකේ"
"මොකක්?? මොන හොස්පිටල් එකේද??"
මන් අපි ඉන්න හොස්පිටල් එක ජූන්ට කිව්වා.. එයා එක පාරටම කෝල් එක කට් කලා.. මන් ආයේ ගත්තට ආන්ස්වර් කලෙත් නෑ.. මන් ආයේ මාශී ගාවට ගිහින් ඔලුව අත ගාගා හිටියා.. මාශීගේ අතට මැහුම් 6ක් දැම්මා.. ඒක ගැඹුරටම කැපිලා..
එක පාරටම ඩෝ එක ඇරගෙන ඇතුලට ආවේ ජූන්.. ජූන් එක්ක තව කොල්ලො දෙන්නෙක් ආවා.. මන් ජූන්ව දැකල තියනවා.. බට් මට අනිත් අයව නම් මතක නෑ...
"මාශී...."
මන් ඉදගෙන හිටිය තැනෙන් නැගිට්ටෙ භය වෙලා..
"මොකක්ද වුනේ???"
මන් උන හැමදෙයක්ම කිව්වා.. මන් කියන හැමදෙයක්ම එයාලා අහගෙන හිටියේ ගොඩක් දුකෙන්..
"අහ්හ්හ්හ්හ්හ්"
"මාශී... ඇයි අත කැක්කුමද??"
"නෑ නෑ ලියා.. අහ්හ් ජූන් ඔයාලා?? ජින් සුගා කොහොමද??"
"මොකද වුනේ??"
ජූන් සැර කරල මාශිගෙන් ඇහුවා.. මාශී බිම බලාගත්තේ කදුලු හංගන්න ඕනේ නිසා..
ජූන් මාශී ලග තිබ්බ පුටුව ඇදල අරන් වාඩි වුනේ මාශීගේ දිහා අනුකම්පා සහගත බැල්මක් දාන ගමන්..
"මාශී මන් කියන දේ හොදට අහන්න"
"හ්ම්ම්ම්"
"ටේ කරන්නෙ මොකක්ද දන්නෙ නෑ අපිත්.. ඒත් එයා ඉන්න ප්‍රශ්නේ ඔයා දන්නවා නේද??"
"හ්ම්ම්ම්ම්"
"ඒත් ඌට ලොකු හේතුවක් ඇති.. ඔයාට බලාගෙන ඉන්න පුලුවන්ද??"
"කොච්චර කල්ද??"
ලියා එක පාරට මගෙයි ජූන්ගෙයි කතාව මැද්දට ආවේ ලොකු කේන්තියක් එක්ක..
"අහ්හ්හ්හ්හ්"
"කොච්චර කල් බලන් ඉන්නද?? එයා අන්තිමට සාහියාව මැරි කලොත්?? එදාට අපි කොහොමද මෙයාගේ හිත හදන්නේ??"
"ඔව් මට තේරෙනවා.. ඒත් ටේ ගොඩක් අසරණයි"
"දැන් අති ඔය දෙන්නම නවත්තන්න.. මට ටේ එක්ක කතා කරන්න ඕනේ"
"ඒත්....."
"ප්ලීස් ජූන්.. මට එක පාරක් කතා කරන්න ඕනේ. එකම එක පාරක්"
"හරි.. ඒත් මෙහෙම ටේව එලියට එක්කන් එන්න බෑ. ඔයාව ඩිස්ජාජ් කලාම මන් ඩෝම් එකට එක්කන් යන්නම්"
එහෙම ටිකක් වෙලා කතා කරල ජූන්ලා යන්න ගියා.. ලියා මාත් එක්ක දවසම හොස්පිටල් එකේ හිටියා.. කොහොමත් ලියා කිව්වා එයාට අද වැඩට යන්න මූඩ් එකක් නෑ කියල.. ඉතින් මාත් එක්ක කතා කර කර අපි දෙන්න අපේ දුක බෙදාගත්තා.. වෙන කරන්න දෙයක් නෑ..
.
.
.
.
.
.
.
.
පහුවෙනිදා මාව ඩිස්ජාජ් කලා.. මගේ අතේ කැක්කුම ටිකක් තිබ්බට හොස්පිටල් එකේ නැවතිලා ඉන්න තරම් අමාරුවක් නෑ කියල ඩොක්ටර්ස්ලා කිව්වා..ඉතින් ලියා මාව එක්කන් කෙලින්ම ගියේ ඩෝම් එකට.. මන් බෑ කිව්වත් දෙකෙන් එකක් බේරගන්න ඕනේ කියල මාව බලෙන්ම එක්කන් ගියා..
ජූන් ඇවිල්ල මාවයි ලියාවයි ඇතුලට එක්කන් ගියා..
"ජූන් ටේ නැද්ද??"
"උඩ.... යන්න ඔයා උඩට"
"අහ්හ්හ්හ්"
"යන්න ගිහින් කතා කරන්න.."
"මන් ටේගේ රූම් එකට යන්න නැගිට්ටා.."
"ආ මේ මාශී"
මන් ආයෙම බැලුවේ ජූන් දිහා...
"ටේ ඉන්න තත්ත්වය තේරුම් ගන්න.. ඔයාලා ඔක්කොටම වඩා ඌ අසරණයි"
මන් ඔලුව වනාගෙන ටේගේ රූම් එක ලගට ගිහින් තට්ටු කලා.. ටේ එලියට ආවේ පිස්සෙක් වගේ.. ශෝට් එකක් ඇදලා ටී එකක්වත් නැතුව කොණ්ඩේ පිස්සෙක් වගේ අවුල් කරගෙන..
"මොකද ටේ මේ??"
"ඇයි ඔයා ආවේ?"
"අහ්හ්හ් මන් එන්න එපාද??"
එහෙන අහද්දී ටේ දැක්කා මගේ අත බැන්ඩේජ් කරල තියනවා.. එක පාරට මගේ අත ඇදල ගත්තා..
"මේ මේ මොකද වුනේ??"
"තුවාල වුනා..."
"අහ්හ්හ්හ් ඇත්ත කියන්න"
මන් ටේවත් එක්කන් රූම් එක ඇතුලට ගිහින් ඩෝ එක වහගත්තා..
"වාඩිවෙන්නකෝ.. "
මන් මුලිනම් ගිහින් ටී එකක් හොයන් ඇවිත් ටේට දුන්නේ ඒක ඇදගන්න.. මාර සීතලක් තිබ්බේ.. ඒත් ටේ පිස්සුවෙන් වගේ ඔහේ හිටිය හැටි දැක්කම මට ඇඩෙන්න ආවා.. බනින්න හිතාගෙන ආවට ටේගේ අසරණකම දැක්කම මට බැරි වුනා වචනයක්වත් කියන්න..
සෝෆා එකෙන් වාඩි වුන ටේගේ අත් දෙක අල්ලගෙන මන් සෝෆා එක ලග බිමින් වාඩි වුනා..
"මොකද මේ?? කියන්න මට මොකක්ද වුනේ කියල??"
"මුකුත් නෑ.. ඔයා මගෙන් ඈත් වෙන්න.. මට බෑ ඔයාව ළගට ගන්න.. මන් සාහියව මැරි කරනවා.."
"හ්ම්ම්ම් මන් දන්නවා.. හැමදේම.. ඔව් ඔයා එයාව මැරි කරන්න.. මන් ගැන හිතන්න එපා. ඒත් ඔයා ඔයා ගැන හිතන්න"
මන් අල්ලන් හිටිය අත ගසලා දාලා ටේ නැගිට්ටා.. මාව එහෙම්ම වැටුනේ බැලන්ස් එක නැතුව..මගේ මැහුම් දැම්ම අතට බර දීල මන් නැගිට්ටේ ඒ අතට මැහුම් දැම්ම කියල අමතක වෙලා..
"ආව්ව්ව්ව්ව්"
මගේ ඇස් දෙකෙන් කදුලු පැන්නේ වේදනාව උහුලගන්නම බැරුව.. ටේ මගේ දිහාවත් නොබලා රූම් එකෙන් යන්න ගියා.. මන් අතේ අමාරුවත් කොහොමහරි ඉවසන් පහලට ගියේ ටේ පස්සෙන්..
"ටේ....."
මන් පහලට යද්දිම වගේ සාහියා එලියෙ ඉදන් ආවේ ටේ ළගට..
"ඔප්පා.. කොහොමද??"
ආව ගමන් සාහියා ටේව හග් කලා.. ටේත් වෙනදා වගේ නෙමෙයි සාහියාව එයාගේ තුරුලට ගත්තේ ගොඩක් ආදරෙන්.. මන් හෙමින් හෙමින් එයාලා ලගට ගියා.. ලියාගේ ඇස් ලොකු වුනේ මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව.. මටත් ඒ වගේ..
"එනව කියල කෝල් කලෙත් නෑනේ"
"ඇයි මොකටද කෝල් කරන්නෙ?"
තාම සාහියා හිටියේ ටේට තුරුල් වෙලා..
"මෙයා මොකද මෙහෙ කරන්නේ??"
සාහියා ඊලගට හැරුනේ මගේ පැත්තට.. මට මොනාද කියන්නේ කියල හිතා ගන්න බැරි වුනා..
"මන් ආවේ...."
"මොකට ආවත් කමක් නෑ.. ඒත් ආයේ මේ පැත්තේ එන්න හිතන්නවත් එපා.. කොටින්ම ටේ ඔප්පාගේ දිහා බලන්නවත් හිතන්න එපා.."
මන් බැලුවේ ටේ දිහා.. සාහියා කියන මුකුත් ඇහුනේ නෑ වගේ ටේ සෝෆා එකෙන් වාඩි වුනා.. මට හිතාගන්න බෑ..
"ටේ... ටේ මොකක්ද මේ වෙන්නෙ?? ඔයා මට කිව්වා නේද මාව අතාරින්නේ නෑ කියල??"
ඕනේ මගුලක් කියල මන් මගේ දුක එලියට පිට කලා..
"හරි දැන් ඒක ටේ ඔප්පා වෙනස් කරන් ඉන්නේ??"
"ඒක වෙන්න බෑ.. ටේ මටයි ආදරේ ඔයාට නෙමෙයි.."
"දෙන්නම කියවිල්ල නවත්තනවද??"
ටේ මගෙයි සාහියගෙයි කතාව මැද්දට ආවා..
"ටේ මොනාද මේ වෙන්නේ??"
මන් ආයෙම ඇහුවේ මට වෙන මුකුත් හිතාගන්න බැරි නිසා..
"මන් සාහියට ආදරෙයි.. අපේ වෙඩින් එක නෙක්ස්ට් ඉයර් එකේ ගන්නවා.. ඔව් මන් ඔයාට ආදරේ කලා.. ඒත් ඒ ඔක්කොම දැන් ඉවරයි.. අදින් පස්සේ අපි අපිව අදුරන්නේ නෑ"
"නෑ මට ඒක විශ්වාස කරන්නද කියන්නේ?? ඔයා සාරාට ආදරේ කරපු එක ඇත්ත.. ඒත් මෙයාට කවදාවත් ආදරේ කලේ නෑ.."
"ඔව් ඒ ඔයා නිසා.. මට සාහියගේ ආදරේ පෙනුනේ නෑ ඔයා නිසා..තව මුකුත් කියන්න එපා.. ඔයා දැන් මෙහෙන් යන්න.. අනිත් දේ ආයේ මෙහෙ එන්නත් එපා"
එහෙම කියලා ටේ සාහියගේ අතින් ඇදගෙන යන්න ගියේ උඩට...
මන් එත්නම වැටුනේ උන මුකුත් හිතාගන්න බැරුව.. මගේ ළගට ලියා දුවගෙන ආවේ ජූන් බලාගෙන ඉද්දී...
"මාශී ඔයාගේ අතින් ලේ එනවා..ජූන් මොනාහරි කරන්නකෝ"
ජූන් ටග්ගාලා ගාඩ් කෙනෙක්ට කතා කලේ මාව හොස්පිටල් ගෙනියන්න වාහනයක් ගෙන්න කියන්න.. කෝල් කරපු ගමන් ගාඩ් කාර් එක අරන් ආවා..ලියා ජූන් එක්ක මාව එක්කන් යද්දී සාහියා එක්ක උඩට නගින ටේ දිහා බලන් හිටියේ මන් කදුලු පිරුන ඇස් දෙකෙන්..
මොන අසරණකමක් තිබ්බත් ඔයා මට මෙහෙම කරයි කියල මන් කවදාවත් හිතුවේ නෑ.. මන් නිසා ඔයාට සාහියා මිස් වුනා කියල කවදාවත් ඔයාගෙන් අහන්න ඕනේ වුනේ නෑ.. අදත් මන් ආවේ ඔයාට සැනසීමක් වෙන්න.. බැනලා ඇයි මෙහෙම මෝඩ කතාවක් කිව්වේ අහන්න.. ඒත් ඒත් හැමෝගෙම හිත හදන්න ගිය මන් ගැන 😓😓හ්ම්ම්
ලියා මාව එක්කන් ආයේ ආවේ හොස්පිටල් එකට.. ඩොක්ටර්ස්ලා මට නොසෑහෙන්න බැන්නා.. මුලු තුවාලෙම පෑරිලා.. ඒත් මට මෙහෙමයි කියන්න වේදනාවක් නෑ.. හ්ම්ම් ටේ ඔයා 😢😢
.
.
.
.
.
"මාශී..."
"හ්ම්ම්"
"මාශී මන් කියන දේ අහගෙනද ඉන්නේ??"
"ටේ ආයේ ඔයාව සාහියගෙන් බේරගන්න මන් එන්නෙ නෑ."
"මාශී මන් කියන දේ අහන්න.. මේ බලන්න"
ලියා මගේ මූණ එයාගේ පැත්තට හරව ගත්තේ මන් ඔහේ කියවන්න ගත්ත නිසා..
"මන් ඔයා එක්ක ඉන්නවා.. බලන්නකෝ අවුරුදු ගාණක් ආදරේ කරපු එයා මාව දාලා ගියා.. මාත් දුකෙන්.. ඉතින් අපි දෙන්නම දුකෙන්.. අපි දුක බෙදාගමු.. තනියම ඔහොම විදවන්න එපා.. මන් ඔයාට දුක කියන්නම්, ඔයා මට කියන්න"
මට ලියා මොනාද කියන්නෙ කියල කිසිම දෙයක් තේරුනේ නෑ..මන් කලෙ ඔලුව වැනුව එක විතරයි.. ඒ ඇර මගේ වගේම ඇස්වල කදුලු එයාගෙත් තිබ්බා.. අපි දෙන්නම විදවනවා.. අපි දෙන්න ආදරේ හෙව්වේ වැරදි තැනකද?? නැත්තම් මේක අපේ අවාසනාවද??
Time passed
"ගුඩ් මෝනින් කෙල්ල... නැගිට්ටද??"
ඇස් දෙක ඇරගන්න බැරි තරම් මගේ ඇස් බරයි.. ඊයේ ගොඩක් ඇඩුවා අපි දෙන්නම.. මේ වෙලේ මායි ලියායි ඉන්නේ වැටෙන්න පුලුවන් උපරිම වැටිලා.. බට් ලියා මට වඩා ස්ට්‍රෝං..
"හ්ම්ම් ලියා.. වැඩට යන්නද??"
"ඔව්ව් ඔයා යන්නේ නැද්ද??"
"නෑ.. මන් අයින් වෙන්න තීරණය කලා.. ඔයා කොහොමද ලියා යන්නේ??"
"ඇයි??"
"ෆෙලෙක්ස්??"
එහෙම අහද්දී ලියා මගේ ළගට ආවේ තේ එකකුත් අරන්...
"අපි දෙන්නටම වුනේ එකම දේ.. ඒත් වෙනසක් තියනවා.. ඔයාලා එකිනෙකාට ආදරය කලා.. ඒත් මගේ 😓😓මේක ඒක පාර්ශ්වික ආදරයක් ලියා.. එයා මගේ ආදරේ දන්නේ නෑ.. තාමත් මන් ෆෙලෙක්ස්ට යාලුවෙක්.. මේක මගේ මෝඩකම.. එයා දුන්න පොඩි පොඩි බලාපොරොත්තු හිතේ ගොඩගහගෙන තනියම ආදරේ කලා.. මට මේකෙන් පැනලා යන්න බෑ.."
"මට ඇයි ඔයා වගේ ශක්තිමත්...."
"ඔයා ශක්තිමත්... ඔව් ගොඩක්.. ඒත් මගෙයි ඔයාගෙයි ආදරේ පැරදුනාට කතා දෙකක්.. ඔයා මේක මෙහෙම හරි දරා ගත්ත එක මට පුදුමයක්.. මේ අහන්න මන් වැඩට යනවා.. මන් හවස එනකන් කොහෙවත් නොයා ඉන්න... දුක හිතුනොත් අඩන්න.. කෑගහල අඩන්න.. හැබැයි අඩන්න විතරයි පුලුවන්."
"හ්ම්ම්ම් හරි ලියා ඔයා මේව ගැන හිතන්න එපා.. ඔයා යන්න දැන්"
"හරි මන් යනවා.. බෙහෙත් වෙලාවට බොන්න.. අනිත් දේ මතකනේ ඇතුලටම වෙලා ඉන්න.."
එහෙම කියාගෙන ලියා ගියා.. ඔව් කිව්වත් වගේ එයාට බෑ අස් වෙන්න.. මොකද ෆෙලෙක්ස් තාම ලියාගේ හිත දන්නේ නෑ..
"හ්ම්ම් ඔයාට හොද කොල්ලෙක් හම්බෙයි.. ෆෙලෙක්ස්ට වඩා ගොඩක් හොද"
යනකන් ඉදල එහෙම කිව්වේ ලියා කියන්නෙ වචනෙන් විස්තර කරන්න බැරි චරිතයක් නිසා.. ලියා නොහිටින්න මට අද මොනා වෙලාද කියල හිතද්දිත් බයයි...
.
.
.
.
.
.
දවල් වෙද්දි මට පුදුම කම්මැලිකමක් ආවේ.. ඉතින් මන් ඇදුමක් දාගෙන එලියට බැස්සේ ටිකක් ඇවිදල එනවා කියල හිතන්.. ලියා එන්න කලින් එන්නත් එපැයි.. මන් පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගියා..
අතත් පොඩ්ඩක් කැක්කුම ගත්ත නිසා මන් ආයෙම රූම් එකට එන්න හැරුනා.. වෙලාව බැලුවම දැක්කේ වෙලාව 5ත් වෙලා කියල.. මන් ටග්ගාල හැරුනේ 7ට ලියා එන්න කලින් යන්න ඕනේ හිතලා.. මන් සල්ලි ගෙනාවෙ නැති නිසා ආයෙම පයින් එන්නත් එපැයි.. ටික දුරක් එද්දී මන් දැක්කේ ටේගේ ලොකු පෝස්ටර් එකක්..
ඒක ගොඩක් ලස්සනයි.. මන් නැවතිලා ඒ පෝස්ටර් එක දිහා බලාගෙන හිටියේ ආයේ ඔයාව කවදාවත්ම බලන්න මන් එන්නෙ නෑ කියල හිතාගෙන..
මට කොච්චර හිත හදාගත්තත් ඇඩෙන එක නවත්තගන්න බෑ.. පෝස්ටර් එක දිහා බලන් ඉද්දී මගේ ඇස්වලි හෝ ගාලා කදුලු බේරුනේ ඉන්නෙ පාරේ කියලත් අමතක කරවලා..
"ආව්ව්...."
කවුදෝ මනුස්සයෙක් මගේ හැප්පුනාමයි මන් ඉන්නෙ පාරේ කියල මතක් වුනේ.. අඩ අඩම මන් රූම් එකට හෙමින් හෙමින් ආවා.. එක පාරටම මන් එන පාර හරස් කරල නතර කලේ කලු පාට කාර් එකක්..
ටිකක් වෙලා ගියාම කාර් එකෙන් බැස්සේ සාහියා...
"ආ මාශී... ජොබ් එකෙන් අයින් වුනාලු නේ??"
"හ්ම්ම්ම්"
"අහ්හ් මන් මේ ඔයාගේ රූම් එකට යන ගමන්.. හොදයි මගදි හම්බුන එක.. මේක හොදට කියවන්න.. ඔයා මගෙත් එක්ක වැඩ කරන්න සයින් කරපු ඇග්‍රිමන්ට් එක.. අයි තින්ක් ඔයාට බෑ මෙහෙම මගදි අයින් වෙන්න.. ඔයා මේක 2years වලට සයින් කරල තියෙන්නෙ.."
මන් එයා දුන්න ෆයිල් එක අතට ගත්තේ කලබලෙන්..
"ඕක හෙමින් බලන්න.. මන් යනවා.."
එහෙම කියල කාර් එකට නගින්න ගියා සාහියා ආයේ මගේ පැත්ත හැරුනා..
"ආහ්හ් මේ හෙට එද්දී ටිකක් හොදට ඇදගෙන එන්න.. හෙට මට ඉවෙන්ට් එකක් තියනවා.. ටේ ඔප්පා එක්ක යන්න.. මන් හිතන්නේ ඔයත් එන්න ඕනේ"
කට කොනෙන් නෝන්ඩියට හිනා වෙලා කාර් එකට නැගල සාහියා ගියා.. මන් ෆයිල් එකත් අරන් රූම් එකට දිව්වේ මොකක්ද මේකේ තියෙන්නෙ බලන්න...
"දෙයියනේ..."
"මන් ආවෝ....."
මට කදුලු හන්ගන්න බෑ.. මන් අවුරුදු දෙකකට සයින් කරල.. ඊට කලින් අයින් වෙන්න බෑ.. වෙනවා නම් කම්පැනි එකට ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන් මගෙන් වන්දියක් ගන්න..
"මොකෝ වුනේ?ඇයි මාශී??"
"මට අයින් වෙන්න වෙන්නෙ නෑ ලියා.. මන් කොහොමද වැඩට යන්නේ??"
මන් ෆයිල් එක ලියාට දුන්නා.. ලියා ෆයිල් එක හොදට බැලුවා..
"හ්ම්ම්ම් ඔයාව සාහියා කොටු කරන්න හදන්නේ.. ඔව් මේකේ හැටියට ඔයාට අයින් වෙන්න බෑ.."
"මන් මොකද කරන්නේ ලියා"
"වැඩට යන්න"
"ඒත්..."
"ඇයි ඒත්?? මන් මේ යන්නේ?? ඔයා යන්න.. ඔයාට රිදෙන්නෙ නෑ කියල පෙන්නන්න දෙන්නටම."
"ඒත් මට බෑ ඒක දරාගන්න"
"හ්ම්ම් ඒත් ඔයා මේකට මූණ දෙන්නම ඕනේ"
ඔව් මට ලියා කියන දේ තේරෙනවා.. එයා කියන්නේ මට ස්ට්‍රෝං වෙන්න කියල..ඔව් මන් කවද වෙනකන් මේවා වලින් හැංගෙන්නද??
"හ්ම්ම් මන් යන්නම්"
"හොද කෙල්ලා..ආ මේ එන්න මන් අද කෑම ගෙනාවා.."
ලියා ගෙනාපු කෑම කන ගමන් මන් ලියාගෙන් අද මොකද වුනේ ඇහුවා..ලියාගේ මූණේ සතුටක් තිබ්බෙ නැති නිසා..
"අද ෆෙලෙක්ස් එයාගේ කෙල්ලව මට මීට් කලා මාශී.."
"මොකක්???"
"ඔව්ව්.. මට දුකයි.. මන් එයාට ආදරේ කලානේ.බට් මේක මගේ ලැබීම.. දැන් හැමදාම හවසට ඒ ගර්ල් එනවා ෆෙලෙක්ස් හම්බෙන්න.. මොකද එයාලා එකට ගෙදර යන්නේ..මන් බලාගෙන ඉන්නවා.."
"ඔයාට හොද කෙනෙක් හම්බෙයි.."
"ඒත් මට බෑ එයාව අමතක කරන්න..මට පුලුවන් ඈතින් ඉදන් ආදරය කරන්න"
"ඒයි මෝඩ කතා කියන්න එපා..අපි බලමුකො.. දැන් අවුලෙන් ඉන්න එපා.. කන්න... "
.
.
.
.
.
.
"හ්ම්ම් මේ අද මොන දේ වුනත් ඉවසන්න.. අඩන්න එපා මොනා වුනත් මොනා කිව්වත්"
"හරි ලියා..."
ලියාට සමුදීලා මන් ආවේ කම්පැනි එකට.. සාහියා කිව්ව වගේ ඉවෙන්ට් එකක් නිසා ඔක්කොම අමතක කරල මන් සිම්පල් ඇදුමක් එකක් අදගෙන ආවා..
(අතේ බැන්ඩේජ් එක කෝ කියල හොයන්න එපා)
මන් ඇතුලට යද්දී මන් දැක්කා ටේ ලිෆ්ට් එක ඇතුලට යනවා.. මන් අනිත් පැත්ත බලාගත්තේ එයා මාව දකී කියල.. පස්සෙ මන් කෙලින්ම ගියේ සාහියගේ රූම් එකට.. වෙනදා පුරුද්දට මන් ඩෝ එක ගිය ගමන් ඇරියා..
"ඒයී.... මැනස් දන්නේ නැද්ද??"
සාහියා එක පාරට කෑගැහුවා.. මන් එක තැනම ගල් වුනා...
"😳😳😳"
ටේ හිටියේ සාහියා එක්ක.......... 😓😓😓😓
තුන්කොන් ආදර කතාවල හැමදම එක්කෙනෙක්ට අඩන්න තනි වෙන්න වෙනවා... ජීවිතේ කියන්නේ අකුරු තුනක වචනයක් විතරක් නෙමෙයි.. ඒක ඊට එහා ගිය වෙනමම ගැඹුරක්.. ගොඩක් අයට නොතේරෙන 🙂🙂
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top