Friends
"සාහියා ඔයා මොකක්ද කියන්නේ මේකට?? මොනාද මේ ටේ කියන්නේ??"
"අප්පා......"
"මිස්ටර් යූබින් මන් මේ....."
"ඔහොම ඉන්න ටේ.. ඔයා කිව්වනේ දැන්... සාහියා කියන්න මොකක්ද මේ?? මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මිස්ටර් කිම් මොකක්ද මේ වෙන්නේ??"
"ටේ තමුන් හොද සිහියෙන්ද?? තමුන් දන්නවා සාහියා කියන්නේ කවුද කියල...."
"අප්පා.. ප්ලීස් සාහියගෙන් අහන්නකෝ... අපි පොඩි කාලේ ඉදන් එකට හිටියා..ඒත් එයා මට මගේම නංගී වගේ... එයාටත් මාව පේන්නෙ ඒ වගේ තමා.... ඔයාලා කවුරුත් මගෙයි සාහියාගෙයි කැමැත්ත ඇහුවද??"
"මොනාද මේ වෙන්නේ?? සාහියා මේ ටේ කියන්නෙ ඇත්තද???"
"නෑ අප්පා...."
"මොකක්?? සාහියා මොනාද මේ කියන්නේ?"
මගේ ඇස් උඩ ගියා.. සාහියා මට ආදරේ කලේ නෑ.. ඔව්ව් ඒක මන් හොදට දැනගෙන හිටියා.. ඒත් එක පාරටම මේ දිව දෙකේ කතා.......
සාහියාගේ ඒ වචනෙට මගේ පපුවත් එක්ක මොකක්දෝ වුනා.. සාහියා කියන්නෙ ගොඩක් හොද ගෑනු ළමයෙක්.. ඔව් එයා ටේ ට ආදරේ කලා..ඒ එයාගෙම සහෝදරයෙක්ට වගේ... ඒත් ඇයි ඔයා ටේ කියන්නෙ බොරු කියලා කියන්නෙ?? ඒක වෙන්න බෑ.. මන් හිටිය තැනින් අඩි දෙක තුනක් ආපස්සට ගියේ මට ඒ වචන විශ්වාස නැති නිසා...
Flash back
මන් මාශි... මන් දැන් නම් ඉන්නෙ කොරියාවල.. මෙහෙට මන් ආවේ පොඩි ලක් එකක් වැඩ කරලා.. හරියටම ලොතරැයියක් වගේ.. නිකන් හම්බුන එක නිසා මාත් ඉතින් මෙහෙ ආවා.. කෙටියෙන් කිව්වොත් මන් මෙහෙට ආවේ ජොලියට කම්පිටිශන් එකකට දැම්ම ඩ්‍රෝවින් එකක් සිලෙක්ට් වෙලා.. ඒ කම්පිටිශන් එක වර්ල්ඩ්වයිඩ් තිබ්බේ... ඉතින් රටවල් බර ගාණක විනර්ස්ලා 50ක් කොරියන් වල මේ ගැන ඉගෙනගන්න ආවා.. මේක තිබ්බේ සිග්මා කියල කම්පැනි එකක්.. එයාලා අපිට ඉතින් ස්පොන්සර් කරනවා...මන් මෙහෙට ඇවිල්ල ඩ්‍රෝවින් ඉගෙන ගන්න අතරේ මගේ හිතේ තිබ්බ ආසවක් නිසා ෆූට් වෙයාර් ඩිසයින් ගැන ඉගෙනගන්න කෝස් එකක් කරන්න ගත්තා.. ඒ අතරෙදි මගේ ඩ්‍රෝවින් එක මෙහෙ තියන ආර්ට් ගැලරි එකේ ප්‍රසන්ට් කරන්න අපේ කම්පිටිශන් එකේ බෝඩ් එක තීරණය කලා.. ඉතින් මන් බැලන්ස් එකේ මේ දෙකම කරගෙන ගියා.. මෙහෙදි මට හිතුවෙවත් නැති විදිහට ලංකාවෙ තව ගෑනු ළමයෙක් හම්බුනා.. එයා නම් ෆූට් වෙයාර් ඩිසයින් ගැන ඉගෙනගන්න අතරේ මෙහෙ පොඩි ජොබ් එකක් කලා.. එයා ලියා..
මේ ඉන්නෙ මාශි....
මන් ලියා.. මන් නම් මෙහෙට ආවේ මීට අවුරුදු දෙකකට කලින්... මගේ ආසවක් තිබ්බ ෆූට් වෙයාර් ගැන පොඩියට හරි ඉගෙනගන්න.. ඉතින් මෙහෙ හිටිය මගේ කසින් කෙනෙක්ගේ මාර්ගයෙන් මන් මෙහෙට ආවා.. ඒ අතරෙ මට සෙට් වුනා මාශිව.. මට ගොඩක් යාලුවො හිටියේ නැති නිසා මාශී මගේ හොදම යාලුව වුනා.. අපි දැනට මේ ඩිසයින් කෝස් එකට ජොයින් වෙලා මාස එකහා මාරක් වගේ වෙනවා.. අපි දෙන්නම මේකට මාරම කැමති නිසා කිසිම බෝරින් එකක් නැතුව වැඩේ ගොඩදාගෙන යනවා..
මේ ඉන්නෙ ලියා..මේ දෙන්න ගොඩක් ලස්සන කෙල්ලො දෙන්නෙක්..මාශි ටිකක් කටකාරයි.. ලියා කියන්නේ වෙනමම චරිතයක්.. ඒක තේරුම් ගන්න කාටවත්ම බෑ..
................................
"ඒයි.... තමුසෙ හැමදාම පරක්කු වෙන්නෙ මොකද??"
"වැඩ වැඩ අනේ.. දන්නවනේ.."
"අනේ මේ... මන් දන්නවා තමුසේ අරකට එලිය වැටෙනකම් නිදාගන්නවා කියලා..."
"අනේ ඉන්නවා මාශී... ඊයේ රෑ වැඩ ඉවර වුනේ වෙලාගිහින්... එපා වෙනවා වෙලාවකට නම්...🥺🥺"
"හ්ම්ම් ඉතින් මොකද ඔයා ඔය පාර්ට් ටයිම් ජොබ් කරන්නේ??"
"ඇයි නැත්තම් සල්ලී??"
"අනේ මේ ලියා.. තමුසෙට ගෙදරින් හැම සතේම එවනවා කියල මන් දන්නවා.."
"හරි හරි මට කම්මැලි නිසා අනේ..."
(ලියාට සල්ලි තියනවා... ඕකට කොහොමත් නොසෑහෙන්න ජොබ් පිස්සුව තියනවා.. ජොබ් හොයන්නෙ කම්මැලිකමට.. අපිටත් මලවදේ.. අපේ සීවී එහෙමත් ලෝකේ වටේම වේකන්සි හොය හොය දාන එක තමා ඌගේ ඩේලි ටයිම් ටේබල් එක)
"අද හවස මන් ආර්ට් ගැලරි එකට යනවා.. එනවද??"
"අද බැරි වෙයි මාශි... කලින් නොකියා නිවාඩු ගන්න ගියොත් අර බොසාගේ මූසල කටින් මගේ ගැන ලස්සන වර්ණවක් ගයාවි අනිත් අයට.... ඊට මීට මන් වැඩටම යනවා.."
"මූසලයා කිය කිය මොකට යනවද මන්දා ඕයි සමුසේ නම්.... "
"ඒක තමා මාත් මේ වැලුවේ....😢😢"
"අපෝ මේ අර තමුසෙගෙ තාම නැව් නැග්ගෙ නැති ආදර කතාව නම් පටන් ගන්න එපා..එක්කො තමුසෙ හැරිල ගෙදර යනවා.. නැත්තම් ඔය තියන නැවට නගිනවා.."
"බලෙන් නගින්නද??"
"අනේ මන් වගේ නම් බලෙන් හරි නගිනවා...මගුල"
"නැවකටනේ බන්.. මගදි මුහුදට තල්ලු කලොත්??"
"අනේ මේ...අන්න අපේ ඇදුරුතුමා එනවා..."
අපෝ අපි දෙන්නගේ සද්දේ ගැන නම් මේ මුලු කෝස් එක කරන ඔක්කොම දන්නවා.. මේ ලියා වැඩ කරන්නෙ රෙස්ටුවරන්ට් එකක.. ඒකේ ඉන්න කොල්ලෙක්ට මූ කැමති.. මූ නිකමටවත් කියලත් නෑ කියන්න හිතකුත් නෑ.. මන් වගේ නම් ඕනේ වෙඩිමක් කියල ඕක කියන්න බැරි නම් ලියල හරි දෙනවා..කොහෙද මූ නිකන් ගෑනුකමේ උපත වෙන්න යනවනේ..
......................
"මේ මන් යනවා..ඔයා එන්නෙ නෑනේ.."
"බෑ බෑ මන් යනවා මට වැඩට යන්න පරක්කුයි.."
ලියා ක්ලාස් එක ඇරුන ගමන් දිව්වේ ජොබට.. ඕකා මේ කෝස් එකට වඩා ඔය ජොබ් එකට යන්න ආසයි..
මන් ඉතින් සුපුරුදු මගේ රත්තරං කකුල් දෙකෙන් ඇවිදගෙනම ආර්ට් ගැලරි එකට ගියා.. අහ් අවුලක් නෑ හූවයි බල්ටි දෙකයි මෙතන ඉදල...
"excuse me, මේ මගේ කාඩ් එක."
මට මගේ ඩ්‍රෝවින් කම්පිටිශන් එකෙන් දුන්න කාඩ් එක පෙන්නලා ඇතුලට යන්න වුනේ අද මෙතනට පිටස්තර කාටවත් ඇතුලට එන්න බෑ අවසරයක් නැතුව.. ඒ අද කොරියාවේ ලොකු බිස්නස්මන්ලා වගේම ජනප්‍රිය ගොඩක් අය මේකට එන නිසා..
"මිස්ගේ ඩ්‍රෝවින් එකේ නම්බර් එක කියන්න පුළුවන් නම් මන් තියන තැන කියන්නම්.."
"ආ ඉන්න.. ආ මේ නම්බර් 458"
"මිස් ඒක තියෙන්නෙ අර පැත්තේ..."
මන් ටග්ගාලා ගියේ මගේ ඩ්‍රෝවින් එක තියන තැනට.. හැමෝම වගේ මන් ඉතින් ඒක ළගට වෙලා හිටගෙන හිටියේ ඇවිල්ල මේක ගැන අහන අයට උත්තර දෙන්න... ලස්සන නලුවො නිලියෝ පෝලිමට එනවා.. කකුල් දෙකත් දැන් නම් කැක්කුමයි වගේ..
"excuse me"
මගේ ඉස්සරහෙන් ඇහුන සද්දෙට ෆෝන් එකේ මූණ ඔබාගෙන හිටිය මන් ගැස්සිලා උඩ බැලුවා..
"වාව්....😍"
"මොකක්ද කිව්වේ??"
හරි කොහොමත් මගේ මේ කට නිසා මන් සෑහෙන්න නම්බුව නැති කරගන්නවා.. ඒක නිකන් ඇගේම කොටසක් මගේ...
මගේ ඉස්සරහ හිටියේ ලස්සන කොල්ලො දෙන්නෙක්.. දෙන්නම මන් වගේ දෙකක් විතර උසයි.. වාව්.. මාරම හැන්ඩි යකෝ.. නිකන් මූණවල් දිලිසෙනවා..
"මිස්ගේ ආර්ට් එක ගොඩක් ලස්සනයි.. මෙතන තිබ්බ ආර්ට් එක්ක බලද්දි මේක ගොඩක් වෙනස්.."
එතන හිටිය එක්කෙනෙක් කිව්වා.. මන් වැඩිය කේපොප් කේ ඩ්‍රාමා බලන්නෙ නැති නිසා මන් ඕව ගැන ඕව වල ඉන්න අය ගැන දන්නෙ නෑ..ඒත් මෙයාලා දෙන්න නම් අනිවා ඇක්ටර්ස්ලා දෙන්නෙක් කියල නම් දැක්ක ගමන් කියන්න පුලුවන්.
"තැන්කිව් මිස්ටර්........"
මන් ප්‍රශ්නාර්ථයක් දාගෙන එයාගේ මූණ දිහා බැලුවා..
"ආ මන් කිම් ටේ.... මෙ පාර්ක් ජිමින්"
"ආ තැන්කිව් කිම් ටේ...."
එහෙම කියල ඒ දෙන්න යන්න ගියා.. මන් මෙහෙට ඇවිල්ල ටික කාලයක් වුනාට ඒ වගේ ලස්සන කෙනෙක් ඇස් දෙකෙන්ම දැක්ක පලවෙනි පාර වගේ.. මන් එයාලා නොපේනී යනකන්ම බලන් හිටියා....
Tae pov
මොකක්?? මේ කෙල්ල මාවයි ජිමිනවයි දන්නෙ නැද්ද?? මේ ලෝකේද ඉන්නේ?? අනික කොරියාවල ඉදල අපිව දන්නෙ නෑ කියන්නෙ ඇසුත් පේන්නෙ නැද්ද කොහෙද??? මාර කෙල්ලෙක්.. නැත්තක් දන්නෙ නෑ වගේ ඇක්ට් කරනවද?? ඕනේ එකක්...
Pov end
එදා දවස ඉතින් මේකේ ඇතුලෙම ගෙවිල ගියා.. එක එක ප්‍රශ්නවලට උත්තර දීලම මගේ කටේ කෙලත් හිදිලා.. ඒ අස්සෙ දවසෙම හිටගෙන.. මාර ආතල් මොනා වුනත්.. දැන් බස් එකේ යන්නත් ඕනේ කියල මතක් වුනාම තවත් මරු.. මාර වාසනාවක් මට තියෙන්නෙ..
හිතින්ම බැන බැනම අන්තිමට ඒකෙන් එලියට ආව මන් බස් හෝල්ට් එකේ විනාඩි 20කට වඩා වාඩි වෙලා හිටියේ මට ඕනේ වෙලාවට කොහොමත්ම මේ මගුල් පාරෙ බස් යන්නෙ නැති නිසා... කොහොම හරි මන් අන්තිමට මගේ වාස භූමියට ආවා.. ලියා ඉන්නෙ එයාගෙ කසින් දන්න තැනක..මන් ඉන්නේ ඊට ටිකක් මෙහා පොඩි රූම් එකක් රෙන්ට් එකට අරන්..
...........................
ඔහොම හැමදාම අපි ඒ කෝස් එකට ගියා.. ආසව නිසා අපි දෙන්නට මේ වැඩේ හොදට පුලුවන්... ඉතින් දවසක් කොරියාවල ලොකු කම්පැනි එකකින් අපේ ක්ලාස් එකට ආවා...
"ගුඩ් මෝනින් හැමෝටම.. අපේ කම්පැනි එකේ අලුත් ප්‍රජෙක්ට් එකකට අපිට ෆූට් වෙයාර් ඩිසයින් ටිකක් ඕනේ.. ඉතින් අපි කැමති මේ අය එක්ක ඒක කරන්න.. ඔයාලට තියෙන්නෙ නෙක්ස්ට් වීක් වෙද්දි ඔයාලගේ ඩිසයින් අපිට එවන්න..අපි ඒවගෙන් හොදම එක අපේ ඊලග ඉවෙන්ට් එකට ගන්නවා..."
අපි නිකන් උඩ බිම බැලුවේ මේ මොකක්ද කිව්වේ කියල... ආවා කිව්ව ගියා.. අහල තියනව මෙහෙ වැඩ ඔහොම තමා කියල...
"මොකෝ කරනවද ඩිසයින් එකක්??"
"හා කරමු ලියා.."
අපි දෙන්නත් ඉතින් වැඩේට බැස්සේ ලංකාවේ අපේ ගැම්ම පෙන්නන්න..
Time passed
"අපි හැමෝගෙම ඩිසයින් බැලුවා.. මෙතන ගොඩක් ස්ටෑන්ඩර්ඩ් ඒවා තියනවා.. ඒකෙන් අපි 10ක් තේරුවා.. මේකෙන් එක්කෙනෙක්ගේ එකක් අපි අපේ නෙක්ස්ට් ඉවෙන්ට් එකට ගන්නවා.. ඒ ඇරුනම අනිත් අයට චාන්ස් එකක් තියනව කැමති නම් අපි එක්ක එවෙන්ට් කරන අයිඩල්ලා එක්ක ජොයින් වෙන්න.. කැමති නම්.. "
එහෙම කියල ඒ ආව කෙනා අලි පත ෆයිල් එකක් අරන් නම් කියන්න ගත්තා...
"ලියා ෆර්නැන්ඩස්"
මොකක් මගේ නම... මන් උඩ ගියා යකෝ.. ඒ එක්කම අර යකා මගේ පිටට තට්ටුවක් දැම්මේ ටාන් ගාලා කනෙන් සද්දේ පිට වෙන්න... මන් නැගිටල ඉස්සරහට ගියා.. මගේ නම 5 වෙනියටයි තිබ්බේ..
"මාශි සෙයාරා"
"මොකක්?"
මගේ කටෙන් එහෙම කිය වුනේ මේක මට විශ්වාස කරන්න බැරි නිසා.. මොකක් මන්ද හොදම එක කරල තියෙන්නේ.. මන් නැගිටල ඉස්සරහට යද්දී ලියා මන් ගැන ලොකු ආඩම්බරයකින් බලන් හිටියා.. මට වඩා ඌට සතුටුයි කියලා මන් දන්නවා..
"හෙලෝ මාශි... ඉතින් මේ අපේ කාඩ් එක.. හරියටම හෙට 1ට අපේ කම්පැනි එකට එන්න.. අපේ එවෙන්ට් එක නෙක්ස්ට් වීක් නිසා ඉක්මනට ඇග්‍රිමන්ට් සයින් කරන්න ඕනේ... ඈම් අයි ක්ලියර්??"
මන් ඔලුව වනල එයාලා දුන්න කාඩ් එක ගත්තා.. ඒ එක්කම ලියාටත් අනිත් අයටත් කාඩ් එක ගානේ දුන්නා.. හැබැයි එයාලට මීටින් එක තිබ්බේ ලබන සතියට පස්සේ... වැඩි කතාවක් නොකර ආව ටික කියල එයාලා යන්න ගියා..
"මේ අද නම් පාටියක් ඕනේ.. යමු මන් වැඩ කරන තැනට.."
"මාව හූරන් කන්නද හදන්නෙ??"
"හූරන් හරි මිරිකල හරි කමක් නෑ පාටියක් ඕනේ.."
"හා හා.... යමු කොහොමත් අර මනමාලයවත් මට බලාගන්න පුලුවන් නේ.."
"මේ එක්කෝ වෙන එකකට යමු.."
"නෑ නෑ අරකටම යන්න ඕනේ... මට බලන්න ඕනේ තමුසේ මේ මැරෙන්න යන කොල්ල මොකාද කියල.."
"හ්ම්ම්"
මගේ කටත් වෙලාවකට දාගන්නෙම බාල්දි..ශික් දැන් මෙයා මන් වැඩ කරන තැනට ඇවිල්ල මොනා කරයිද?? ෆෙලෙක්ස්ට මොනාහරි කියයිද?? ඉවරයි ඉවරයි....
ලියා එහෙම නැත්තම් මගේ කතාවේ ඉන්න පිරිමි චරිතේ තමා ෆෙලෙක්ස් කියන්නේ... එයා බැලූ බැල්මට ඇක්ටර් කෙනෙක් වගේ.. මන් වැඩ කරන රෙස්ටුවරන්ට් එකට ඇවිල්ල දැන් මාස 4ක් වගේ වෙනවා.. හ්ම්ම් මගේ හිතේ එයාට ලොකු කැමැත්තක් තියනවා.. මොකද එයා අනිත් අයට වඩා ගොඩක් වෙනස්... මන් කොරියාවේ කෙනෙක් නෙමෙයි නේ.. ඉතින් මන් වැඩ කරද්දී මට ගොඩක් කැපිලි ආවා.. මුලදි කවුරුත් මගේ පැත්තට හිටියේ නෑ..මන් නොසෑහෙන්න අඩල ඇති.. තනියම හැමදේම දරාගත්ත මට ෆෙලෙක්ස් ගොඩක් හොද යාලුවෙක් වුනා.. එයා ආවට පස්සේ හැමෝගෙන්ම මාව බේරගත්තා.. කවුරුහරි මට වචනයක් හරි කිව්වොත් එයා මන් වෙනුවෙන් කතා කලා.. ඒ නිසාදෝ මන්දා මටත් නොදැනීම මගේ හිතේ එයාට ආදරයක් ඇති වුනා.. ඔව්ව්ව් මන් එයාට ගොඩක් ඇඩික්ට් වෙලා... ඒක මට නවත්තගන්න බෑ... මේ ඉන්නෙ එයා..ටිකක් නෙමෙයි ලෝකයට එයා ගොඩක් අහංකාර නපුරු කොල්ලෙක්.. හැබැයි ඇතුලින් ගොඩක් ලස්සන...
........................
At liya's restuarnt
"මේ කෝ අරයා??"
"මොරයද??"
"මනමාලයා??"
"මේ මාශී.. එයාගේ නම ෆෙලෙක්ස්..නොට් මනමාලයා.."
"කෝ ෆෙලෙක්ස් ඉතින්??"
හරිනේ ඔය කලේ.. නම කිව්වේ මොකටද ලියා මේ හෝන්තුවට.. තමුසේ මාර ඉල්ලන් නෑමක් නාන්නේ..
"ඒයි හෙමින් කියනවකෝ ඇහුනොත්???"
"තමුසේ ආදරේ ඉගි කරලද කියන්න හිතන් ඉන්නේ??"
"අනේ ඉන්නවකෝ...."
මන් අද වැඩ කරල රෑ 9ට ඕෆ් එක ගත්තේ මාශිට එයාගේ ට්‍රීට් එක ඒ වෙලාවට දෙන්න සෙට් කරලා.. අපි දෙන්න හොදට කකා බිබී කියව කියව ඉන්න තැනට ආවේ ෆෙලෙක්ස්...
"හායි ලියා.. යාලුවෙක් වගේ??"
"ආ.... ආ ඔව් මේ මගේ යාලුවෙක්..මාශී මේ ෆෙලෙක්ස්.. මෙතන වැඩ කරන යාලුවෙක්??"
"යාලුවෙක් විතරද??"
"ඒ කිව්වේ?"
ෆෙලෙක්ස් මූණ ප්‍රශ්නාර්ථයක් එක්ක මන් දිහා බැලුවා.. හරිනේ ඔය කන්නේ මේ යකා ගම හරි අපූරුවට..
"අනේ මේ දන්නෙ නැද්ද?? මෙයා ජෝක්ස් කරනවා.."
"හා ඒක මිසක්.. මන් එහෙනම් යනවා.. බායි."
එහෙම කියල අපි දෙන්නටම සමුදීලා ෆෙලෙක්ස් ගියා..
"අම්බෝ මාර හැන්ඩියෙක්නේ ඕයි.."
"අම්බෝ ඇස්වහ පුච්චන්න ඕනේ.."
"අනේ ඉන්නවා ලියා.. මන් කිව්ව කියල කොලේක ලියාගන්නවා තමුසේ ඔහොම තාපසයෙක් වගේ හිටියොත් හුලං තමා කන්න වෙන්නේ...."
"හරි හරි"
ලියාට කොච්චර කිව්වත් වැඩක් නෑ..ඌට අර කියන කිසිම දෙයක් නෑ ගට් එක අරන් ඕක කියන්න.. හැමදාම අන්තිමට ඕක ඉවර වෙන්නෙ හරි හරි එකෙන්ම තමා.. හරි තමා ඉතින්...
කොහොම හරි 10.30ට වගේ අපි දෙන්නා ආයෙම යන්න ලෑස්ති වුනාම ලියා ආයෙම ඇතුලට ගිහින් කට්ටියට සමු දුන්නා..මාත් දන්නෙ නැති වුනාට හැමෝටම කියල ආවා.. හෙට අර වැඩේට යන්නත් ඕනේ නිසා පය ඉක්මන් කරල මායි ලියා යි දෙන්නම වාසස්ථානවලට ආවා.මාව බස්සගෙනම එයා ගියේ මගේ රූම් එක එයාගේ රෙන්‍ට් රූම් එකට කලින් තියන නිසා.....
Time passed
"හෙලෝ..... මන් මාශී"
"ඔව් මිස්..මොකක්ද වෙන්න ඕනේ?"
"අද මට 1ට එන්න කියල කිව්වා.. මේ තියෙන්නෙ කාඩ් එක."
ඊයේ දුන්න කාඩ් එක පෙන්නුවා මන්. ඒක බලලා කාටදෝ කතා කරලා මාව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් යන්න කිව්වා..මාත් සත්තු වත්ත බලන්න එක්කන් ගිය පොඩි එක වගේ වටේම ලස්සන බල බල ගියා.. ඒ යද්දීම මගේ ඇස් නැවතුනේ මන් හොදට දැකල පුරුදු දෙයක් ළග.... හත්තිලව්වයි...
.
.
.
.
.
.
.
.
.
Plz vote and comment,if you feel this story 💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top