Fast forward
"කොල්ලෙක් ඉන්නවද??"
"ආ.... නෑ ඒත් ඇයි???"
"එහෙනම් ෆෝන් එක දෙන්නකෝ"
ටේ මගේ අතේ තිබ්බ ෆෝන් එක ඇදල අරන් මොකක්ද කරල ආයෙම අතට දීල ගිහින් කාර් එකට නැග්ගා..
"මගේ නම්බර් එක... මන් සාමන්යෙන් කොල්ලෙක් ඉන්නවද කියල අහන්නේ පුරුද්දට.. කොල්ලෙක් ඉන්නව නම් අහල නම්බර් එක ගන්න.. මොකද මන් ආස නෑ මගේ කෙල්ලගේ නම්බර් එක වෙන කොල්ලො ගන්නවට.. අනිත් කොල්ලොත් එහෙමද දන්නෙ නෑනේ 😁😁"
මොනා කියනවද මන්ද... අපිට කොහෙද මාලු අපි යන්නෙ නෑනේ මුහුදු කින්න තමා මට තියෙන්නෙ.. ටේ ආව වේගෙන්ම යන්න ගියා.. අපරාදේ හෙමින් යන්න කිව්වෙ කියල හිත හිත ගිහින් වොශ් දාගෙන මයි ෆේවරිට් නවල් එකත් අරන් ඇදට ගියේ අද දවසෙ වුන දේවල් ගැන පොඩි ආවර්ජනයක් කරන ගමන්.......
......................
"හායි බෝයිස් මන් ආවා..."
"ආව නම් වැඩක් බලාගනින්"
ලයිට් නිවාගෙන මොන මගුලක් මූ කරනවද??
"මේ ඕයි හශී නෑ නේ.. මන් දානව ලයිට් 😂😂"
මන් රූං ගාලා ගිහින් ලයිට් එක දැම්මා.. මූ අලියා පොලේ ගහල වගේ සෝෆා එකේ...
"ජිමින් උබ ෆේන්ට් වෙලාද? "
"ඉන්න දීපන්කෝ ටේ..නිදිමතයි.."
"ඉතින් අච්චර සුවිසල් රූම් එකක් තියෙද්දි උබ මෙතන අහවල් එක කරනවද??"
ජිමින් හෂීව මැරි කරලා ගියාට ඌ වෙනුවෙන් අපේ ඩෝම් එකේ ඉඩ එහෙම්ම තිබ්බ. ඉදල හිටල ජිමින් වගේම ජූනුත් ඇවිල්ල යනවා..
"මට බෑ, මන් මෙතන නිදාගන්නේ..."
"දැන් උබ ඇයි ආවේ?? යමන් මගේ රූම් එකට එහෙනම්... හෂී සෝහා ආවේ නැද්ද??"
"නෑ ඒ දෙන්න ලංකාවට ගියා මනූ එක්ක.. හෂී ආසවෙන්නෙ හිටියේ.. මටයි ජූන්ටයි ෆ්‍රී එකකුත් නෑනේ"
"යකෝ නවතින්න නෙමෙයිනේ ගියේ.. උබ නිකන් හැමදාටම ගියා වගේනේ ඕයි ඉන්නේ 😒😒"
"මට පාලුයි බන්..සෝහා නැති වුනාම ඇගෙන් කෑල්ලක් නෑ වගේ... උබට ඕවා තේරෙයි"
"සෝහා නැති වුනාමද නැත්තම් හෂී නැති වුනාමද?"
"දෙන්නම ඉතින්.. දෙන්නම මගේ නේ 😍"
"ආව් ආව් අපේ කොල්ලගේ මූණ.. හරි හරි දැන් යමන් රූම් එකට.. හෂී ආයෙම ආවම වැඩත් තියන නිසා රෙස්ට් කරපන් මේ ටිකේ 😂😂"
එහෙම කියාගෙන මන් මූව එක්කන් ගියේ ඌ මෙහෙන යන්න කලින් හිටිය උගේ රූම් එකට... එහෙම්ම ඇදට ඌව තල්ලු කරගෙන මන් මගේ රූම් එකට ආවා..
Tae pov
මගේ හිතේ මොකක්ද මන්දා අවුලක් තියනවා.. අර කෙල්ල.. ඇදට ආව වෙලේ ඉදන් මගේ ඔලුවට ආවේ අර කෙල්ලව..ඒත් ඇයි?? මන් ඕනේ තරම් කෙල්ලො දැකල තියනවා.. ඒත් මෙහෙම හිතිලා නෑ..ඕනේ එකක් කියල මන් නිදාගන්න හැදුවත් මගේ හිතේ ලොකු බරක් තියනව වගේ මට දැනුන..ෆෝන් එක අතට ගත්ත මන් බැලුවේ මාශිගේ නම්බර් එක දිහා. මට කතා කරන්න ඕනේ වුනත් එක්කො බෑ කියල හිතාගෙනම සිවිලිම දිහා බලන් ඔහේ හිටියා..
Tae pov end
Time passed
අද අපේ අර ඩිසයින්වල අනිත් මීටින් එක..ඒකට එදා තේරුන 10 දෙනාම යනවා.. මාත් එක්ක ලියා ත් යන්න ආවා.. ගිහින් පැයක් විතර ඉන්න වුනේ හදිසියේ එයාලට වැටුන මීටින් එකක් නිසා..
"ගුඩ් මෝනින්... ඔයාලගේ කාලය ගැන සමාව ඉල්ලනවා මුලින්.. අපි තව වෙලාව නොයවා කතාව පටන් ගමු..."
.
.
.
.
.
.
.
.
.
.
.
"පැහැදිලී නේද??"
"ඔව් සර්"
එතන හිටිය කෙනෙක් එයා කිව්ව දේවල් තේරුන බවට තහවුරු කලා.. ඒ එක්කම එයාලට අදාලව අයිඩල් නම්බර් එකක් දුන්න.. ලියාට මේ කම්පැනි එක යටතේ සෝලෝ ආටිස් කෙනෙක්ගේ ඩිසයිනර් පෝස්ට් එක දීල තිබ්බේ... ( මේ කම්පැනි එකේ ඉන්න ඔක්කොම ආටිස්ලා ෆීමේල්)
මගේ කාඩ් එක දිහා බැලුවම මටත් තිබ්බේ මෙහෙ ඉන්න සොලෝ කෙනෙක්ගේ නම්බර් එකක්.. හැබැයි හොදට අහල පුරුදු නමක්...
"සාහියා යූබින්"
මන් නම මතුර මතුර මතක් කලේ කවුද මේ කියල..
"හුටා..."
"ඇයි??"
"ලියා මන් මෙයාව දන්නවා.. මේ අර ටේ ගේ... නෑ නෑ එයා වෙන්න බෑ.. එයත් අයිඩල් කෙනෙක්ද එතකොට??"
ඒත් ඇයි මගේ හිත නිකන් අවුලෙන්.. මට එපා කියලද කියන්නේ සාහියා එක්ක වැඩ කරන්න.. ඒත් මේක ලොකු චාන්ස් එකක්නේ.. 🤷🏻♀️🤷🏻♀️
"අවුලක්ද මාශී???"
"නෑ ලියා.. එහෙනම් අපි යමුද??"
"යමු.. මන් යනවා රෙස්ටුවරන්ට් එකට.."
"මේ තමුසේ ඇදුම් ටිකත් අරන් ගිහින් නවතිනවකෝ.. ඇහුවොත් මන් යනව රෙස්ටුවරන්ට් එකට,නැත්තම් මන් ඉන්නෙ ඒකෙ 😒😒"
"😁😁😁"
මට හිනාවක් දාලා ලියා ටැක්සි එකක් අරන් ගියා.. මන් කල්පනා කලේ මන් මොකක්ද කරන්නෙ කියලා..ඒ එක්කම මට කෝල් එකක් ආවා..
"හෙලෝ... "
"හෙලෝ මාශී, මන් සාහියා"
"ආ.... ඕ ඔව් කියන්න මිස් සාහියා"
"ඔයා තාම ගියේ නැත්තම් මගේ රූම් එකට එන්න.. පහල රිසෙප්ශන් එකට මන් කියන්නම්"
"හරි මිස් මන් එන්නම්.."
සමහරවිට එයාට කියන්න ඇති මන් එයාගේ අලුත් ශූ ඩිසයිනර් කියල.. මන් ටග්ගාලා ගියේ එයාගේ රූම් එකට...
" excuse me, මන් එන්නද??"
ඔව් ඒ මන් හිතපු සාහියාම තමා.. ටේගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...
මොකට අවුල් යනවද කියල නොහිතම මන් ගිහින් එයාගේ ඉස්සරහෙන් ඉදගත්තා..
"ආ මන් ඔයාව දන්නවා වගේ.. ටේ ඔප්පගේ ඉවෙන්ට් එකේ හිටියේ??"
"ඔව් මිස් සාහියා..."
"අනේ ඔය මිස් එක නවත්තන්නකෝ.. අහන්නකෝ මේ මට සාහියා කියන්න... මන් ඔයාට එන්න කිව්වේ වැදගත් වැඩකට 😌😌"
"ඔව් කියන්න"
"මට ලස්සනම ලස්සන ශූ ඩිසයින් එකක් ඕනේ බෝයි කෙනෙක්ට"
"ආ.... "
"ඔව්ව් අනේ බෑ කියන්න එපා.. ටේ ඔප්පගේ බර්ත්ඩේ එක එනවා.. මට එයාට දෙන්න ඕනේ.. ඒ නිසා මට පුලුවන් ඉක්මනට ඕනේ"
"හරි මිස්.. කොච්චර දවසක් මට තියනවද??"
"ඒයි මිස් කියන්න එපා.."
"අහ්හ්හ්හ් හරි සාහියා.. කොච්චර දවසක් තියනවද??"
"සති දෙකක් තියනවා..හැබැයි පුලුවන් තරන් ඉක්මනටම ඕනේ.. මන් ඒක හදන්නත් එපැයි"
"හරි මන් දවස් 5ක් ඇතුලත් දෙන්නම්"
ඊට පස්සෙ ටිකක් වෙලා මගේ විස්තරත් කතා කර කර ඉදල මන් එන්න ආවා.. මන් බය වුනා වගේම සාහියා කියන්නෙ ටේ ගේ ෆියොන්සේ.. හ්ම්ම් ගෙවල් දෙකෙන්ම කැමැත්ත එක්ක දෙන්න මෙහෙම එකට ඉන්නේ.. හැබැයි හිතට සහනයක් වුනෙ දෙන්නම මේකට අකමැති එක.. ඒත් ඇයි ඒක මගේ හිතට සහනයක් වුනේ???
At liya's restuarnt
"ලියා අර ටේබල් එක බලන්න"
අද නම් මට මාර මහන්සී.. මෙයාලා කොහොමත් මාත් එක්ක අගෙන්ස්ට් එකටමයි ඉන්නේ.. එකක් ඉවර වෙද්දි එකක් කියනවා..
"ඔහොම ඉන්නෙ ලියා"
මන් නැවතුනේ ෆෙලෙක්ස්ගේ කටහඩට..
"ඇයි ඔයා යන්නේ?? මන් කම්ප්ලේන් කරන්න කලින් තමන්ගේ වැඩ අනිත් අයට පටවන්නෙ නැතුව අදාල අය කරනවද??"
"ආ......"
"ඔයා ඇයි මෙයාලගේ වැඩ කරන්නේ?? ඔයාට නෙමෙයි අපි හැමෝටම මෙතන සැලරි ගෙවනවා.. ආයේ අනුන්ගේ වැඩ කරල තිබ්බොත් මන් ඔයා ගැන කම්ප්ලේන් කරනවා.. තේරුනාද?"
මන් ඔලුව වැනුවේ මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව..
"ඔයා ඇයි ෆෙලෙක්ස්??"
"කට පියාගන්නවා මින්රූ... තමුන්ගේ වැඩේ තමුන් කරනවා.. මොනාද මෙහෙම පහත් වැඩ කරල බලාපොරොත්තු වෙන්නේ??"
මන් ඉස්සරහම තියන් ෆෙලෙක්ස් මින්රූට නොසෑහෙන්න බැන්නා.. මට තියා මෙතන ඉන්න කාටවත් ඒක හිතාගන්න බැරි වුනා..පස්සෙ අපි දෙන්නටම ගස්සල එයා ගියේ ආව කස්ටර්මර්ව බලන්න.. ෆෙලෙක්ස් මේකේ ඕනගේ නැ කෙනෙක්ලු. ඒ නිසා මෙයාට ටිකක් මින්රූලා බයයි.. නැත්තම් ඔහොම කට වහන් යන්නෙ නම් නෑ..
අද වැඩ ඉවර වෙලා මන් යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ..
"යන්නද ලියා??"
"ඔව්"
"යමු මාත් අද ඒ පැත්තෙන් යන්නේ..මන් එලියෙන් ඉන්නම්.. එන්න ඉක්මනට"
මන් ඔලුව වනල කල්පනා කලේ ෆෙලෙක්ස් ඇයි මෙහෙම කරන්නෙ කියලා.. ඔයා මට ඇත්තටම කැමතිද??නැත්තම්?? ඔයා ඇයි එහෙම නැත්තම් මට මෙහෙම බලාපොරොත්තු දෙන්නේ?? මේක මාර ප්‍රෙහෙලිකාවක් 🥺🥺
එලියට ගියාම මන් එනකන් බලන් ඉන්න ෆෙලෙක්ස්ව දැක්කම මගේ මුලු මහන්සියම නැති වුනා.. මන් දුවල ලගට ගියේ පොඩි බබෙක් වගේ..
"යමු"
"ආ ආවද? යමු..."
කතාවෙන් කතාවෙන් අපි මන් ඉන්න රූම් එකටම ආවා..
" තැන්කිව් ෆෙලෙක්ස් ආවට.."
"ඒක සුලු දෙයක්... මන් කොහොමත් මේ පාරෙන් අද යන්නේ.. අනිත් එක කට පියන් අනිත් අයට බයෙන් ජීවත් වෙන්න එපා.. තමන්ට කියල ආත්මගරුත්වයක් තියනවනේ.. ඒ නිසා කතා කරන්න ඕනේ හැමතැනම කතා කරන්න.."
එහෙම කියල මගේ ඔලුව අතගාලා එයා ගියා.. නොපෙනීයනකන්ම මන් බලාගෙන හිටියේ ඔයා නමක් නොදෙන මේ ලොන්ගතුකම මොකක්ද කියල හිතන ගමන්.. මාශි කියනවා වගේ ඔයත් මට ඇත්තම ආදරේ නම් අපි දෙන්න දෙපැත්තකට වෙලා මේ කරන දේවල් මොනාද?? හිතාගන්න බෑ ෆෙලෙක්ස් 😢😢
Time passed
අද ටේගේ බර්ත්ඩේ එක.. මන් දැන් සාහියට සෑහෙන්න කිට්ටුයි.. කොටින්ම හොදම යාලුවෙක් හා සමානයි.. ඉතින් ටේගේ බර්ත්ඩේ එකට මාව එක්කන් යන්න සාහියා අමතක කලේ නෑ.. මොකද ඒ ගිෆ්ට් එක මන් නේ ඩිසයින් කලේ.. මට ටිකක් ටේ ගේ චොයිස් එක තේරුන නිසා ලස්සන ඩිසයින් එකක් කරන්න පුලුවන් වුනා.. පාටි එක මාර ලස්සනයි.. කොරියාවල ගොඩක් ෆේමස් අය ඇවිල්ල හිටියේ...
"ටේ ඔප්පා... "
සාහියා කෑගහගෙන ගියේ පොඩි බබෙක් වගේ.. ගිය ගමන් ටේගේ ඇගට පැන්නේ..
"ආ මගේ බේබි ගර්ල් ආවද??"
"ඔව්ව් නේ.. මෙන්න මගේ ගිෆ්ට් එක..."
"හරි මන් මේක බලන්නම්කෝ"
"ඒක නෙමෙයි ඔප්පා.. මේ ඉන්නෙ මාශී, දන්නවනේ??"
"ආ මෙයා කොහෙද මේ?""
"මන් එක්කගෙන ආවේ... මෙයානේ මගේ ශූ ඩෙසයිනර්"
"වාව්... මේයාගේ ඩිසයින් ලස්සනයි.."
"තැන්කිව් මිස්ටර් ටේ ඇන්ඩ් හැපි බර්ත්ඩේ"
මන් එහෙම කියල ටේ ට මගේ අත දික් කලේ හැන්ඩ්ශේක් කරන්න..ටේ මගේ ඇස් දිහා කෙලින්ම බැලුවේ ගිලල දාන්න වගේ.. මගේ අත තදින් අල්ලපු ටේ කට කොනෙන් අමුතු හිනාවක් දැම්මා.. ඒ එක්කම මගේ ඇගදිගේ කරන්ට් එක ගියා වගේ මට දැනුනේ එයාගේ එක ඇගිල්ලකින් මගේ අතේ උඩ පැත්ත පිරිමැද්ද නිසා..මන් හෙමින් මගේ ඇත ඇදල ගත්තේ එයා තැන්කිව් කියද්දිමයි..
"තැන්කිව්..."
Tae pov
වාව් මාශී.. ඔයා මෙච්චර ලස්සනද??
තැන්කිව් සාහියා මෙයාව එක්කන් ආවට.. මන් හිතුවා වගේ මොකක්හරිම තියනවා මාශී අපි දෙන්න අතරේ.. අමතක කරන්න දෙන්නෙම නෑ ඔයා මට ඔයාව.. හරි අද මන් මේක විසදගන්නම්කෝ..
මන් එහෙම්ම හිතන ගමන් එයාගේ අතේ උඩ පැත්ත මගේ මහපට ඇගිල්ලෙන් පිරිමැදිනව එක්කම කෙල්ල ශොක් වුනා.. ආව්ව් ඔයා මේ තරම් බයද?? මට කෙල්ලොන්ගේ මේ ලැජ්ජ ගතිය නම් වැඩිය අල්ලන්නෙ නෑ..
Pov end
ශේප් එකේ අත අරන් මන් ටේගෙන් ඈත් වුනා.. සාහියා මාත් එක්කම හිටියේ මෙතන මාව දන්න වෙන කෙනෙක් නැති නිසා.. ඒත් සැරෙන් සැරේ එයා එහෙට මෙහෙට ගියේ ආව අනිත් අය එක්ක කතා කරන්න.. ටේ දිහා මට බැලුනත් මන් හිතාමතාම ඇස් අයින් කරගත්තේ සාහියා මන් ගැන වැරදියට හිතයි කියල.. ඔව් එයා අද ගොඩක් ලස්සනයි.. සාහියා ඇයි ඔයාට අකමැති කියල මට තේරෙන්නෙ නෑ.. ඔයා දිහා බලන කෙනෙක් ආයේ පාරක් අනිවා බලනවා ටේ..
විකාර හිත හිත ඉද්දිම මට නිකන් වොශ් රූම් එකට යන්න ඕන කමක් ආවා.. ඒත් දන්නෙ නෑනේ...
" excuse me, මට වොශ්රූම් තියන පැත්ත චුට්ටක් කියනවද??"
එතන හිටිය වේටර් කෙනෙක්ගෙන් මන් අහලා එයා කිව්ව පැත්තට ගියා.. මන් ගිය පැත්තේ කවුරුත්ම හිටියේ නෑ.. ඔව් නේ මොකො පාටි එක මේ පැත්තේ නෙමෙයිනේ තියෙන්නේ.. බයෙන් බයෙන් මන් ගියේ කවුරුත්ම හිටියේ නැති නිසා.. ටික දුරක් ගියාම එක පාරට මගේ උරහිසට සීතලක් වගේ දැනුනා.. මන් ගැස්සුන පාර ටග්ගලා පිටිපස්ස හැරුනා..
හැරුන ගමන් මන් දැක්කෙ ටේ..
"මිස්ටර් ටේ... ඔයා මාව හොදටම බය කලා.. මේ බලන්න තාම පපුව ගැහෙනවා"
"කෝ බලන්න??"
"මොකක්??"
"කොහෙද මේ හොර පූසා වගේ යන්නේ?"
"වොශ් රූම් එකට"
"එන්න මන් එක්කන් යන්නම්.. ඔයාට හොයාගන්න බෑ.. මොකද මගේ ගෙදර සමහර වෙලාවට මටවත් හොයාගන්න බෑ සමහර දේවල්"
එහෙම කියල ටේ මාව එක්කන් ගියේ උඩ තට්ටුවට. ඔක්කොම එලියේ නිසා ගේ ඇතුලේ හිටියේ මායි ටේ කොල්ලයි විතරයි.. එයා ඩෝ එක ඇරල රූම් එකක් ඇතුලට ගියා.. මන් බයෙන් බයෙන් ඇතුලට ගියේ..ලයිට් දැම්මම දැක්කේ මේක ටේගේ රූම් එක කියල.. එයාගේ ෆොටේ මුලු රූම් එකේම..
"රූම් විසිට් එකක්ද ආවේ?? අන්න වොශ්රූම් එක.. ගිහින් එන්න"
අත දික් කරල රූම් එක කොනේ තිබ්බ වොශ්රූම් එක පෙන්නුවා.. මන් ඒකෙන් ඇතුලට ගිහින් දොර ලොක් කරන් මුලින්ම කලේ හොද හුස්මක් පිට කරපු එක...
Tae pov
මන් යාලුවො එක්ක ඉද්දී දැක්ක මාශී වේටර් කෙනෙක්ගෙන් මොනාදෝ අහනවා.. ඊට පස්සෙ බය වෙලා වගේ ගේ ඇතුලට ගියා.. මාත් පස්සෙන් ගියේ ශුවර් වොශ්රූම් එක හොයනවා ඇති කියල.. මන් උරහිස ඇල්ලුවා එක්කම කෙල්ල බය වෙලා මන් දිහා බැලුවේ පොඩි බබෙක් විදිහට.. ගෙස්ට් වොශ්රූම් එකට එක්කන් නොගිහින් මගේ රූම් එකට එක්කන් ආවේ කවුරුහරි දකී කියලා..
Tae pov end
මන් වොශ්රූම් එකෙන් එලියට එද්දී ටේ ඇදේ හාන්සි වෙලා හිටියේ..
ආව පාරෙන්ම යන්න හදල එක්කො මෙයාව ඇහරවනවා කියල හිතාගත්තේ එක්කන් ආව කෙනාව මෙහෙම දාලා යන්න බැරි නිසා.. අනික මේ යකා මෙතන නිදාගෙන හරියන්නෙ නෑනේ.. බර්ත්ඩේ එක මගේයෑ...
"ටේ.... මිස්ටර් ටේ"
මන් හෙමින් ඒයාගේ උරහිසට තට්ටු කරන ගමන් ඇහුවා..
"අම්බෝ....."
දෙන්නගෙම කටෙන් පිට වුනේ ඒ වචනේ විතරයි.. මේ යකා හොයන්නෙ බලන්නෙ නැතුව ටාං ගාලා නැගිට්ටා.. පාත් වෙලා එයාට තට්ටු කර කර හිටිය මගේ ඔලුවේ ඒ ඔලුව වැදුනේ දෙන්නටම හත්දින්නත් තරු පෙන්නන ගමන්..
"ඒයි මොකද කරන්නෙ? මගේ ඔලුව.."
"සොරි මිස්ටර් ටේ"
ටේ ඉක්මනට ඇදෙන් නැගිට්ටා... නැගිටල මන් දිහා උඩ ඉදන් යටට බැලුවා..
"මොකද ඔහොම බලන්නේ??"
"ඇයි බැරිද?"
කට කොනෙන් හිනාවෙන ගමන් ටේ එයාගේ යටි තොල හැපුවේ මගේ හුස්ම ගන්න වේගේ වැඩි කරවන ගමන්.. ටික ටික ටේ මගේ පැත්තට එන්න ආවේ ඒ හිනාව එහෙම්ම තියාගෙන..
"කෙල්ලෙක් වුනාම මෙහෙම කොල්ලෙක් එක්ක රූම් එකකට එනවද??"
"ආ....."
"ආ නෙමෙයි.. ආයේ ගිහින් අහු වෙන්න එපා.. මන් එක්ක විතරයි පුලුවන්.. තේරුනාද??"
එයා තව මන් ලගටම එන්න ගත්තා.. මට තේරුනා මට තව පස්සට යන්න බෑ කියල.. මොකද එහෙනම් මන් මේ බිත්තිය කාඩාගෙන යන්න ඕනේ..
"ටේ දැන් අපි යමු.. කට්ටිය ඔයා එනකන් බලන් ඇති"
එක පාරට මගේ කට අතින් වැහුව ටේ ෆෝන් එක අරන් කාටදෝ කෝල් කලා..
"හෙලෝ.. මන් මගේ රූම් එකෙ..කවුරුහරි හෙව්වොත් කියන්න මන් පොඩි වැඩකට ආවා කියල රූම් එකට.. ටග්ගාලා එන්නම් කිව්ව කියන්න.."
එහෙම කියල ෆෝන් එක සක්කුවට දාගත්ත ටේ වහන් හිටිය මගේ කටට නිදහස දුන්නා..
"ටේ මන් දැන් යන්න ඕනේ"
"ඇයි?? මට කතා කරන්න ඕනේ?? හැබැයි යන්න හැදුවොත් මන් නරකයි කියන්න එපා.."
"කියන්න ටේ.."
මන් බය වුන පාර ටේ ට කතා කරන්න දීල බිම බලාගත්තා.. මට ටේ ගේ හුස්ම පවා වැදෙන තරමට එයා මට ලං වෙලා හිටියේ..
"ඔයාව දැක්කම මට මොකක්ද වෙනවා මාශි"
"මොකක්??"
"හ්ම්ම් ඔව්ව්.. ඔයාට එහෙම නැද්ද??"
"ටේ මට යන්න ඕනේ..."
මටත් එහෙම තමා.. ඒත් මට බෑ මේව කියන්න..
"ඇයි යන්න හදන්නේ?? "
ඒ එක්කම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.. ටේ ෆෝන් එක ඇදල අරන් ඇද උඩට විසික් කරල දාලා ආයේ මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා..
" මාශී...."
"හ්ම්ම්ම්"
"කැන් අයි හග් යූ?"
"ආ..... 😳😳"
කැන් අයි කියල ඇහුවට කැන් කියන්න කලින් ටේ මාව එයාගෙ පපුවයි අත් දෙකයි මැද්දේ හිරකරගත්තා..
"මාශී මන් ගොඩක් කෙල්ලො දැකලා තියනවා.. ඒත් ඔයාව දැක්ක දවසෙ ඉදල මට මොකක්දෝ වෙනවා.. මට නිදහසේ ඉන්න බෑ වගේ.. මොකක්ද මගේ හිත කියන්නෙ මට තේරෙන්නෙ නෑ.."
"ටේ කවුරුහරි එයි.. මොනාද මේ කරන්නේ?"
මන් ටේගේ අත් දෙක අයින් කරන්න හැදුවත් මට බෑ එයාගේ ශක්තිය එක්ක හැප්පෙන්න.. මටත් එහෙමයි කියල මන් කොහොමද කියන්නේ?? මටත් ඔයාව දැක්ක දවසෙ ඉදන් ඔයාව මතක් වෙනවා කියලා කොහොමද කියන්නේ?? මන් ඈත් වෙන්න ට්‍රයි කලේ සාහියා මාව හොයනවා ඇති කියලා හිතාගෙන.. ඒත් මෙයා මට යන්න දෙන්නෙ නෑ..
එක පාරටම රූම් එකේ ඩෝ එක දඩාං ගාලා ඇරුනා.. දෙන්නම ගැස්සිලා ගියේ නිහඩබවෙන් ගිලිලා තිබ්බ ඒ සද්දේට... දෙන්නම ඩෝ එක දිහා බැලුවා.. මන් එක පාරටම ටේව මගෙන් ඈතට තල්ලු කලා..
"😳😳😳😳"
"මොනාද මේ වෙන්නෙ??"
plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top