Everything changed..... 💔
"ලියා....."
ලියා ආපස්ස හැරුනේ මගේ කටහඩට.. ප්‍රශ්නාර්ථයක් එක්ක ලියා මන් දිහා බලන් හිටියා..
"ටේ ඔයා පොඩ්ඩක් වොශ්රූම් එකට යන්නකෝ"
ටේ වොශ්රූම් එකට යැව්වේ ආවේ කවුද කියන්න දන්නේ නැති නිසා. ඔව් කාටවත් බයේ ජීවත් වෙන්න ඕනේ නෑ තමා, බට් විහින් ලෙඩ දාගන්නවට වඩා ඒවයින් ඈත් වෙන එක හොදයි කියලා හිතුනා.. ටේ වොශ්රූම් එකට ගියාම ලියා ගිහින් ඩෝ එක ඇරියා..
"මාශී.... ඔයාලා කෑම ඕඩර් කලාද??"
ඒ සද්දෙට වොශ්රූම් එකේ ඉදන් එලියට ආවේ ටේ..
"ඔව් ඔව් මන් ඕඩර් කලා.."
ටේ ගිහින් කෑම ටික අරගෙන ආයේ අපි කෑම මේසෙට ආවා.. ඒත් ලියාගේ මූණේ තිබ්බේ ලොකු ප්‍රශ්නයක්.
"මට කියන්න මොකක්ද මේ වෙන්නෙ කියල?"
කන ගමන් මගෙයි ටේගෙයි දිහාවට හැරුන ලියා ඇහුවා..
"හ්ම්ම්ම්ම් ටේ සාහියට ආදරේ නෑ"
"අහ්හ්හ්හ්"
ටේ වුන හැමදෙයක්ම ලියාට කිව්වා.. යූබින් කිව්ව කරපු දේවල් එක්ක ටේ මොනාද කලේ ඇයි මාශීට රිද්දුවෙ මේ ඔක්කොම ටේ එක දිගට කිව්වා.. ටේ කියන වචනයක් ගානේ මගේ ඇස්වලට කදුලු ආවා.. මොකද ඒ වචනයක් වචනයක් ගාණේ ටේගේ ඇස් කදුලුවලින් දිලිසුන නිසා.. කොහොමත් මට එයා දුකෙන් ඉන්නවා බලන්න බෑ..
"බලෙන් ආදරයක් කොහොමද ටේ එයාලා ගන්නේ?"
"හ්ම්ම්"
"හ්ම්ම් මට ඔයාලා දෙන්න ගැනම ගොඩක් දුකයි.. ඒත් මෙහෙම හැංගි හැංගි ඉන්නද හදන්නේ හැමදාම??"
"මට පොඩි කාලයක් ඕනේ ලියා.. ඒ වෙනකන් මාශීට ඉවසන්න වෙනවා"
"හ්ම්ම් හොදට හිතල දෙයක් කරන්න.. ඒත්"
"ඇයි ඒත් ලිය??"
මන් කතාව මැද්දට පැන්නේ ලියාගේ මූණ වෙනස් වුන නිසා..
"ඔය කිව්ව වගේ යූබින් හොද නැති මනුස්සයෙක් නම් ඔයාලා හිතනවට වඩා මේක ඇවුල් ජාලයක් වෙයි.. ඔයාලා දෙන්නගේම ජීවිත අනතුරේ තියෙන්නෙ.. මට මගේ ආදරේ නැති වුනා.. ඒත් ඒකයි මේකයි වෙනස්.. ඔයාලා දෙන්න දෙන්නට මෙච්චර ආදරේ කරල ඈත්වෙලා විදින දුක දැක්කම මට මගේ දුක මොකක්ද කියල හිතෙනවා.. මන් හිතුවේ ආදරේ නොකියා ඉදල තමන් ඉස්සරහ නැති වෙන එක තමා දරාගන්නම බැරි කියල.. ඒත් මට තේරෙන්නෙ නෑ ඔයාලා කොහොම ඕක දරාගන්නවද කියලා.. බට් මේක මතක තියාගන්න, හැමදාම මේ ප්‍රශ්න තියෙන්නෙ නෑ.. ඔයාලට ඉක්මනටම මේ ප්‍රශ්නවල ඉවරයක් දකින්න ලැබෙයි"
ලියා මගෙයි ටේගෙයි හිතට සහනයක් ගෙනවේ ලොකු බලාපොරොත්තුවක් දීලා.. ඔව් කවදාහරි මේ ඔක්කොම විසදෙයි.. ඒත් මගේ හිත මොකක්දෝ භයක හිටියේ ටේ මට නැති වෙයි කියල...
කතාවෙ කතාව කාලා ඉවර වුනාට පස්සෙ ටේ යන්න ලෑස්ති වෙද්දි මායි ලියායි කාපුවා අස් කලා..
"මේ මන් එහෙනම් යනවා.."
ලියා ටේට කලින් එලියට බැස්සේ යනවා කියාගෙන..
"ඒ ඇයි ඉන්න.. මොකෝ හදිස්සිය??"
"නෑ නෑ මන් යනවා..."
මට වචනයක්වත් කියන්න නොදී ලියා අපි දෙන්නටම සමුදීලා ගියා.. වෙලාව හරියටම 10යි.. ටේ ලෑස්ති වුනේ යන්න..
"මාත් යනවා එහෙනම්"
"වහිනවා එලියේ... ඉන්න මන් කුඩයක් දෙන්නම්"
මන් කුඩේ අරන් එද්දී ටේ හිටියේ ලොකු කල්පනාවක..
"අම්බෝ ටේ මාර හයියෙන් වහිනවනේ.. ටිකක් පායනකන් ඉන්න.. ලියා කොහොම ගියාද මන්දා.."
"හ්ම්ම් ඔව් මට බෑ මේ වැස්සෙ ඩ්‍රයිව් කරන්න"
ටේ ආයෙම ගිහින් සෝෆා එකෙන් ඇලවුනේ ෆෝන් එක අතට ගන්න ගමන්..
"මොකක්??"
"ඇයි මොකක්ද ඇවුල??"
"සාහියා කෝල් 10ක් අරන්.. මොන මගුලකටද මන්දා"
"අරන් බලන්න.."
එහෙම කියන ගමන් මන් ගියේ ජනේලේ ළගට..
"හෙලෝ සාහියා...."
"..............."
"මන් දැක්කේ නෑ කෝල්.. මොකක්හරි හදිස්සියක්ද?"
ඒ එක්කම ටේ ලව්ඩ්ස්පීකර් ඔන් කලා.. මාත් ටේ ළගින් වාඩි වුනේ සාහියගේ කතාව අහන ගමන්..
"................."
"අහ්හ්හ් නෑ ඩෝම් එකට ආව ගමන් මන් ඇදට වැටුනා මහන්සියට"
"ඔප්පා... මට ඔයා ළගට එන්න ඕනේ ඉක්මනට"
එයාගේ හුරතලේ සහ වචන මාව පිච්චුවා.. ටේ මගේ උරහිසින් තද කරල එයා ලගට ගත්තේ ඒ වචන මට රිදෙන බව එයාට තේරුන නිසා වෙන්න ඇති..
"හ්ම්ම්ම්ම්ම්ම්"
"ඔප්පා..."
"ඇයි??"
"මන් ප්‍රශ්නයක් අහන්නද??"
"මොකක්ද??"
"මේ මහ වැස්සේ මන් ඔප්පා ළග හිටිය නම් මොනාද කරන්නේ??"
ටේගේ අතින් ෆෝන් එක වැටුනා ඒ ඇහුව එකට.. ටේ කෙලින්ම බැලුවේ මන් දිහා.. ටග්ගාලා ටේ ෆෝන් එක අහුලලා ආයේ කතා කරන්න ගත්තා.. මේ සාහියට මොකෙක් වැහිලද?? ලැජ්ජාවක් නැතුව මොනාද මේ අහන්නේ?
"ඇයි මොනා කරන්නද?? හොදට නින්ද යනවා මේ වැස්සට නම්"
ටේ හිනාව තද කරගන්න ගමන් කියල දැම්මා..
ඒ එක්කම මන් නැගිටල ගියේ වැස්ස අඩු වුනාද බලන්න.. මෙයාව මේ වැස්සෙ යවන්න බැරි මෙයා හෙමින් යන්නෙ නැති නිසා..
"මොකක්ද ඔප්පා..."
ඒ එක්කම ටේ වැඩක් කියල කෝල් එක කට් කරලා මගේ ලගට ආවා..
"ටේ මේ අපි කරන්නෙ වැරැද්දක්.. මේ දේවල්වලින් සාහියා ඔයා ගැන තව බලාපොරොත්තු ඇති කරගන්නවා කියල හිතෙන්නෙ නැද්ද??"
"හිතෙනවා.. මන් මොනා කරන්නද?? මන් කතා නොකර හිටියොත් මොකද වෙන්නෙ කියලා දන්නවනේ.."
ඔව් ඒකත් ඇත්ත.. ටේ කරන්නේ යූබින් කිව්ව දේනේ.. නැතුව එයා බලාපොරොත්තු දීලා අතාරින්න ආස නෑ.. ඒත් අපි ගැන හිතල එයාලා කියන කියන එක කරන්න වෙලා.
"ටේ වැස්ස අඩු කරන්නෙ නෑ.. නරකද ඩ්‍රයිවර්ට කෝල් කරල කාර් එකක් අරන් එන්න කිව්වොත්??"
"ඒ මිනිස්සු නිදි ඇති අනේ.. පව් නේ"
"මොකක්??"
"මේ ඒක නෙමෙයි සාහියා ඇහුව වගේ මේ වැස්සෙ තනිවෙල ඉන්න අපි දෙන්න ගැන ඔයාට මොකද හිතෙන්නෙ??"
"මට හිතෙන දේද අහන්නේ??"
"ඔව්ව්ව්"
"ටේගේ වෙස් පෙරලෙන්න යන්නේ.. ඉක්මනට මෙහෙන් යවන්න ඕනේ කියලා... 😂😂😂"
"අහ්හ්හ් එහෙමද?? මන් යනවා සාහියා ළගට"
"ඒයි ජෝක් එකටවත් කියන්න එපා එහෙම.."
මන් ටේව හග් කලේ ඒ වචනේ එක්කම.. ඒ ඇයිද මන්දා.. ටේ මගේ ඔලුව ඇතගෑවේ කතා කරන ගමන්..
"මට එයාව ඕනේ නෑ. ඕනේ නම් මෙහෙම ඔයා ලගට එන්න බලාගෙන ඉන්නෙ නෑනේ.."
"හ්ම්ම්ම්ම්"
"මේ මන් යන්නම් අනේ..මේ වැස්ස අඩු වෙන්නෙ නෑ.."
"හ්ම්ම් ඔව්ව් මෙහෙ ඉන්න අද.."
මාව ඈත් කරන ගමන් ටේ මන් දිහා බැලුවේ පුදුමයෙන් වගේ..
"ඔයා සෝෆා එකේ නිදාගන්න.. මන් ඇදේ.. ඔයා හෙමින් යන්නේ නෑනේ, මට යවන්න බෑ මේ වැස්සේ කොහොමත්"
"වැස්සත් මගේ වාසනාවටම වැස්සා එහෙනම්.."
මන් ජෙන්ට්ස් ටී අදින්න ආස නිසා මන් ගාව ටී දෙක තුනක් තිබ්බා.. මන් ඒ එකක් ටේට දුන්නේ චේන්ජ් කරන් එන්න කියල..
.
.
.
.
.
"ගුඩ් නයිට් ටේ"
"ගුඩ් නයිට් මාශී"
Time passed
එලාම් එක වදිද්දී මන් ඇහැරුනේ අත් දෙකෙන්ම හිරි අරින ගමන්.. මගේ අත මොකකහරි වැදුනා කියල තේරුනේ කවුරුහරි ආව්ව්ව් කියන සද්දෙට.. මන් ටග්ගාලා ඇස් ඇරියේ කවුද බලන්න..
"හුටා... "
ටේ හිටියේ ඇදේ මගේ එහා පැත්තේ නිදාගෙන.. කෝ යකෝ මේ යකා ඇදන් හිටිය ටී එක..
"මොකො?? මට අර මගුලේ නිදාගන්න බෑ.. ඉතින් මන් ආවා මෙතනට.. මේක මෙච්චර ලොකුවට හදල තියෙන්නෙ තනියම නිදාගන්න නෙමෙයි."
ඇස් දෙක පියාගෙනම ටේ කියල දැම්මේ ඈනුමක් යවන ගමන්.. මන් හෙමින් මූණ ඇල්ලුවේ උදේම දැක්ක හිත පිරෙන දසුන තව ටිකක් රසවිදින ගමන්..
ටේට බැන බැනම මන් ඇදෙන නැගිට්ටේ මේ යකා මේ කරන වැඩ එක්ක කවද හරි මේවා නවතින්නේ මන් ප්‍රෙග්නට් වෙලා කියල හිතන ගමන්.. එහෙම්ම වොශ්රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ආවේ උදේට කන්න මොනාහරි හදන්න.. ( මේ පාර ඇදුමක් අරන් ගියා 😂😂) කෑමත් හදල කනකනුත් ටේ තාම නිදි..
"ටේ මන් යනවා.. ඔයා යද්දී කී එක එලියේ තියන කාපට් එක යට තියල යන්න..
"ඉන්න මන් බස්සන්නම්"
"විකාරද?? මන් යන්නම්.. ඔයා යන වෙලාවක යන්නකෝ.."
එහෙම කියාගෙන මන් එලියට එන්න හදද්දී ටේ මට ආයෙම කතා කලා..
"මාශී... මැරි කලාම මට උදේට කිස් එකක් ඕනේ.."
"මොකක්?? හරි ඒ මැරි කලාට පස්සෙනේ 😁😁"
"මොකක්ද අනේ??"
මන් ටග්ගාලා ලගට දුවල ගිහින් නළලට කිස් එකක් දීලා එලියට ආවේ ඉක්මනට වැඩට යන්න.. නැත්තම් සාහියා නැති වැරදි එක්ක මාව ගස් යවයි..
.
.
.
.
.
මන් ගියාට සාහියා අද හිටියේ නෑ රූම් එකේ.. එයා කොහොමත් එන්නෙ හිතුන හිතුන වෙලාවටනේ.. මන් වෙනදා වගේ වැඩ පටන් ගත්තේ ටේට මන් ආවා කියල මැසේජ් එකක් දාලා... වෙනදා වගේම දවස ගෙවිල ගියා.. ටේත් යද්දී මට මැසේජ් එකක් දාලා තිබ්බා.. හවස 5ට මන් එලියට ආවේ රූම් එකට යන්න හිතාගෙන.. හැබැයි අද දවසටම සාහියා ආවේ නැති එක නම් මට ලොකු ප්‍රශ්නයක් වුනා.. ඒක ගැන හිත හිතම මන් රූම් එකට ගියා..
After 6 months
Liya's restuarnt
"ලියා.... ඔයාගේ යාලුව ගැන තාම ආරංචියක් නැද්ද??"
"නෑ, පොලීසියට කිව්වා.. එයාලා තාම හොයනවා.."
"එදා මොකද වුනේ??"
"දන්නේ නෑ ෆෙලෙක්ස්. එයා රූම් එකට ඇවිල්ල තියනවා. ඇතුල ඔක්කොම අවුස්සලා.. කොලේක ලියල තිබ්බ එයාව හොයන්න එපා, එයාට මේ ප්‍රශ්න දරාගන්න බෑ..එයා යනවා කියලා"
"අහ්හ්හ්හ්හ්"
"ඔව්ව් ඒවා බොරු.. එයාට ප්‍රශ්නවලින් පැනල යන්න ඕනේ වුනේ නෑ.. අනික එයා කලින් දවසෙත් සතුටෙන් හිටියේ.."
"හ්ම්ම් ඉක්මනට යාලුවා හොයාගන්න පුලුවන් වෙයි.. ඇත්ත එයා විතරනේ දන්නේ.."
එහෙම කියල ෆෙලෙක්ස් මාව හග් කලේ මගේ ඔලුව අතගාන ගමන්.. මන් එක පාරට කලබල වුනා.. මාස 6ක් වෙනවා අපි වෙනස් වෙලා නෑ..
ලියා කලින් වගේමයි.. තාම හම්බවෙන්නෙ නෑ කියල දන්න ෆෙලෙක්ස් ගැන හිතනවා.. ටේ පිස්සුවෙන් වගේ මාශීව හොයනවා.. සාහියා ටේට ගැලවෙන්න දෙන්නෙ නෑ... ඔක්කොම සාමාන්‍යයයි.. බට් මාශී විතරක් මේ සාමන්‍යෙ කතාවට අඩුයි.. එදා වෑඩ ඇරිලා මාශී රූම් එකට ආවා.. ඒත් ඒ වෙලාවෙන් පස්සෙ ඉදන් මාශී ගැන කිසිම හෝඩුවාවක් නෑ.. Cctv චෙක් කලාට මුකුත් හොයාගන්න බැරිවුනා.. Cctv වල තිබ්බේ රූම් එකට ආව මාශී බෑග් එකකුත් දාගෙන යනවා විතරයි.. ඒත් රූම් එක සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා තිබ්බේ..
"ටේ..."
"කියන්න ලියා"
"මුකුත් ආරංචියක් නැද්ද??"
"නෑ ලියා.. මට තේරෙන්නෙ නෑ.. කලින් දවසෙත් හොදට හිටිය කෙල්ලට මොකද වුනේ කියල?? එයා කොහෙද ගියේ?? හේතුවක් නැතුව යන්නෙත් නෑ.."
"හ්ම්ම්ම් මාත් දන්න හැමෝටම කියලා තියෙන්නෙ.. අපි බලමුකෝ"
එදා ඉදන් මායි ටේයි නොසෑහෙන්න මාශීව හෙව්වා.. ඒත් තාම හොයාගන්න බැරි වුනා..
Time passed
"කොහිමද මිස්ටර් කිම්. එන්න ඇතුලට"
අද සාහියගේ ගෙදර ඩිනර් එකක්.. අපි එහෙ ආවා.. අකමැත්තෙන් වුනත් මාශී ගැන මට භයක් තිබ්බ නිසා ආවා.. කට්ටියම මුලින්ම ගියේ ඩිනර් ගන්න.. මොකද අපි එද්දී ටිකක් ලේට් වුනා.. සාහියා දුවගෙන ඇවිත් මගේ එහා පැත්තේ වාඩි වුනා.. කට්ටියම හිනා වෙවී කෑම කෑවා.. මට මේ අය එක්ක හිතේ ඇති වුනේ පුදුම කේන්තියක්..
"අද මෙහෙම ස්පෙශල් ඩිනර් එකක් අපි ලෑස්ති කලේ පොඩි යෝජනාවක් කරන්න.."
"ඒ මොකක්ද??"
අප්පා එක පාරටම යූබින් ඇහුව එකට ආයෙම ප්‍රශ්නයක් ඇහුවා..
"සාහියගේ ඇන්ඩ් අපේ ටේගේ වෙඩින් එක"
ඒ වෙලේ මන් යූබින් දිහා බැලුවේ මරන්න කේන්තියෙන්.. මගේ කෙල්ලව හංගගෙන මාව බලෙන්ම බන්දන්න හදන්නේ.. ඒත් මාශී එයාලා ලග ඉන්නේ කියල හිත කිව්ව නිසා මන් මට ආව කේන්තිය පාලනය කර ගත්තා..
"ඒක නම් හොදයි.. දැන් වයසක් ඕකේනේ.."
"නෙක්ස්ට් මන්ත් ඩේට් එකක් තියනවා.."
එහෙම කියල මොකක්දෝ ෆයිල් එකක් යූබින් අප්පට දුන්නා..
"අහ්හ් ඔව්ව් මෙදා හොදයි.."
"ඔන්න එහෙනම් ලබන මාසේ 10 අපේ සාහියා ඔයාලගේ දුව වෙනවා.."
"ඇයි අපි නෑයෝ වෙනවා.. අනිත් එක අපේ ටේත් ඔයාලගේ එකම පුතා වෙනවා.."
හැමෝම සතුටෙන්.. හැමෝගෙම මූණූවල හිනාව.. සාහියා, යූබින්, මිසිස් යූබින් ඒ එක්කම අප්පා ඔම්මා හැමෝම සතුටෙන්.. ඒත් මේ කතාවේ ඇත්තටම සතුටු වෙන්න ඕනේ මන් 😔😔😔 මන් ඔයාව මැරි කරන්නම් සාහියා.. ඒත් මට මාශීව එක පාරක් බලන්න ඕනේ.. එයා මන් වෙනුවෙන් ඉන්නවා කියල පොරොන්දු වුනා.. මට ඒ පොරොන්දුව රකින්න වෙන්නෙ නෑ කියල විතරක් කියන්න ඕනේ... ප්ලීස් මගේ හිත කියන දේ ඔයාලා කාටවත් ඇහෙන්න නැද්ද? හැමෝගෙම හිනා අස්සේ කලකිරුනු විදිහට හිටිය මන් එතනින් නැගිටල එලියට ආවේ හිත සැහැල්ලු කර ගන්න..
.
.
.
.
.
මගේ වෙඩින් එකට තව දවස් 10යි.. ඒත් මන් මාශීව හොයන වැඩේ අතෑරියේ නෑ..
"ටේ... "
"ජිමිනා... මොකෝ??"
"හෙට හශීලා එනෝ.. ඉතින් ඊට පස්සෙ මායි ජූනුයි ආයේ යනවා ගෙදර.."
"හරි ඊලග බබා බලන්න එන්නම් බන් මාස 9කින්"
"ගහනවා උබට.. "
"😂😂😂"
"වරෙන් ගමනක් යන්න.. ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ"
"අනේ මට බෑ ජිමින්.. උබලා යන්න"
"එහෙමද උබ?? අපි වෙනුවෙන්??"
"හ්ම්ම් ඉන්න මන් එන්නම්"
කොහොමත් මට ජිමින් කියන එකට බෑ කියන්න බෑ.. ඒ නිසා මාත් ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා.. ගිහින් අපි කට්ටියම වෙහිකල් වලට නැග්ගේ රෑ කෑමට යන්න.. සෝල්වලින් ටිකක් ඈතට වෙන්න රෙස්ටුවරන්ට් එකකට අපි ගියේ.. ජූන් කිව්වා මනූ එක්ක මෙතනට ඇවිල්ල තියනවා කියල.. ගොඩක් කෑම රස තැනක් කිව්වා.. ඉතින් අපිත් ආවේ රස බලන්න..
"වාව් මාර ලස්සනයි.."
"ඔව්ව්ව් නේද? ජූන් මෙතන හෙන රොමෑන්ටික්"
"ඔව්ව් ජිමින්"
"මාර තැන්වලටනේ මෙයා ඇවිල්ල තියෙන්නෙ..."
"ඇයි උබට විතරද හොද??"
"ඔන්න ආයේ ජිමින් එයාගේ නිදාන කතාව අහගන්න යන්නේ කොල්ලනේ"
කුකී මහ හයියෙන් හිනාවෙන ගමන් කිව්වා..ජිමින්ගේ මූණ ලොරියට අහුවුන කජු ලෙල්ල වගේ..
"හරි හරි ඕක හැමතිස්සෙම කියවන්න එපා"
කට්ටිය හිනාවෙවී ඇතුලට ගියා.. එලිය වගේම ඇතුලත් ගොඩක් ලස්සනයි.. අපි ළගට ආවේ මැදිවයසේ ගෑනූ කෙනෙක්...
" good evening sir"
"good evening"
"සර්ලා නේද බුකින් එකක් දාලා ආවේ??"
"ඔව්ව්"
අපි පිටිපස්සට වෙලා ඉද්දී ජූන් අහන ඔක්කොමට උත්තර දුන්නා..
"එන්නකෝ.. මන් වෙනම රෙඩි කලා එතන"
ඒ ගෑනු කෙනා අපිව එක්කන් ගියේ ලස්සනට සරසපු ටේබල් එකකට.. එතනට අපි ඉන්න බවක් කාටවත් පේන්නෙ නෑ..
"අපේ ඕඩර් එක ලෑස්තිද??"
"ඔව් සර්.. ඉන්න මන් එවන්නම්"
ඒ ආව ගෑනු කෙනා යද්දී මන් බැලුවේ ඇවිල්ල ඉන්න අනිත් අය දිහා.. හිතුවට වඩා කට්ටිය ගොඩක් ඇවිල්ල හිටියා..
"මෙන්න සර් ඕඩර් එක..."
කට්ටියම හිටියේ වෙන වෙන කතාවල නිසා ළගට කෑම ගේනකන්ම අපි දැක්කේ නෑ.. මන් හිටියේ ෆෝන් එකේ මූණ ඔබාගෙන.. ඒත් ඒ කටහඩ... මන් ක්ශනිකයෙන් ඔලුව උස්සලා බැලුවේ මට ඒ කට හඩ හොදට පුරුදු නිසා..
"මාශි...."
ඔව්ව් ඒ හිටියේ මාශී.. එයා මෙතන වැඩ.. මන් ඉදන් හිටිය තැනෙන් නැගිටුනේ ඉබේටමයි.. මාශී අඩියෙන් අඩිය පස්සට යද්දී කලින් ආව ගෑනු කෙනාගේ ඇගේ හැප්පුනා..
"මාශී.. ඔයා බැන්ග්ටැන්ලට ආසයි නේද?? මන් දැකල තියනවා ඔයා එයාලගේ සෝන්ග් එකක් එහෙම යද්දී ආසවෙන් අහන් ඉන්නවා.. ඒ නිසා ඔයාව සර්ප්‍රයිස් කරන්න මන් මෙයාලා තමා බුකින් එක දැම්මෙ කියල කිව්වේ නෑ.. අර ඉන්නෙ ඔයා අර හැමදාම බල බල ඉන්න පොටෝ එකේ ඉන්න කෙනා.."
එහෙම කියල එයා මන් දිහාවට අත දික් කලා.. අපි ඔක්කොම එක මොහොතකට ගොලු වුනා.. මුකුත්ම නොකියා මාශී දිව්වේ ස්ටාෆ් රූම් එකට.. මාත් ඒ පස්සෙන්ම දිව්වේ මට ආයේ මාශිව නැති කරගන්න ඕනේ නැති නිසා..
"මොකක්ද මේ වෙන්නෙ??"
"වාඩි වෙන්නකෝ මිස්.."
ටේ මාශී පස්සෙ යද්දී මෙතන හිටිය කඩේ අයිති ගෑනු කෙන පුදුමයෙන් බලන් හිටියේ වෙන දේ හිතාගන්න බැරුව.. ඒකයි අපි එයාව අපි ළගින් වාඩි කරන් මොකක්ද වුනේ කියල කිව්වේ.. ඔක්කොම කිව්වට අපි ඔක්කොම කිව්වෙ නෑ.. සරලව මාශී ටේගේ කවුද කියල කිව්වා..
....................
"මාශී...."
මන් ස්ටෆ් රූම් එක ඇතුලට යද්දිත් තව කෙල්ලෙක් මගේ ඉස්සරහට ආවා..
"මාශී කොහෙටද"
එයා මට අතෙන් එයාගේ දකුණු පැත්තෙ තියන රූම් එකක් පෙන්නුවා..ඒක චේන්ජින් රූම් එක..මන් දුවගෙන ඩෝ එකත් අරගෙන කෙලින්ම ඇතුලට ගියේ මාශී කියල කෑගහගෙනමයි..
"😳😳😢😢"
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top