Can you wait for me?
"මාශී...... මාශී???"
මාවයි ටේවයි ගැස්සුනේ ඒ සාහියගේ කටහඩට.. ඉවරයි, සාහියා අපි දෙන්නව දැක්කොත් ලොකු අවුලක් වෙන්නෙ.. මන් ටග්ගාල ටේ ඔප්පට එතනම ඉන්න කියල ඇස් දෙකෙන් පෙන්නලා ටග්ගාලා සාහියා කතා කරපු පැත්තට ගියා..
"සාහියා... ඇයි??"
"මොනාද මෙතන කරන්නේ??"
"මගේ ඔලුව ටිකක් කැක්කුම ගත්තා..ඒකයි මෙතනට ආවේ??"
"මේ තොල්??"
මන් ටග්ගාල අතින් කට පිහදැම්මා..
"ඇයි මේ ලිප්ස්ටික් එක හැමතැනම ගෑවිලා???"
"නෑ මන් ඇඩුවා.. එතකොට මූණ පිහදාද්දී හැමතැනම ගෑවිලා වෙන්න ඇති..."
"ඇයි අඩන්නේ?? මාශී තමන්ට ළගා කරගන්න පුලුවන් දේවල්වලට විතරක් ආදරේ කරන්න.. නැත්තම් අඩන්න වෙන්නෙත් තමන්ටම තමා"
"හ්ම්ම්ම්"
"ටේ ඔප්පා මගේ.. මන් එයාව ඔයාට දෙන්නෙ නෑ..."
මාශීගෙයි සාහියගෙයි කතාව මන් බිත්තියට කවර් වෙලා අහන් හිටියා.. සාහියා කියන දේවල්වලට මගේ තරහ තව වැඩි වුනේ යූබින් අන්කල්ගේ වචන මතක් වෙලා.....
Flash back
"ටේ..එන්න මට කතා කරන්න ඕනෙ"
අන්කල් මාවත් එක්කන් එයාගේ ඔෆිස් රූම් එකට ගියා..
"වාඩිවෙන්න"
"තැන්කිව් අන්කල්"
"කෙලින්ම මන් කාරණාව කියන්නම්කෝ"
"ඇයි අන්කල්??"
"සාරා නැති වුන දවසේ මට ඔහේව මරන්න හිතුනා.."
සන්සුන්ව හිටිය යූබින් අන්කල් එක පාරටම කේන්තියෙන් මට එහෙම කිව්වම මන් පුදුම වුනා..
"අන්කල්??"
"දැන් තමුසේ මගේ අනිත් කෙල්ලවත් මගෙන් ඈත් කරන්නද හදන්නේ??"
"අන්කල් මන් කියන දේ පොඩ්....."
"ඇති ටේ.. එදා මගේ සාරා නැති වුනාම මන් තමුසෙට සමාව දුන්නේ මිස්ටර් කිම් නිසා.. එයා එදා පොරොන්දු වුනා ජීවිතේ තියනකන් ඔහේ මගේ සාහියව බලාගනී කියලා.. ඒත් ඒත් මොකක්ද මේ වෙන්නේ?? සාහියා කියන්නෙ පොඩි දේටත් භය වෙන කෙනෙක්.. ඒ නිසා තමුසේ මේ කරන දේවල් මගේ කෙල්ලට ඉවසන්න බෑ.."
"ඒත්..."
"ටේ හොදට මතක තියාගන්නවා එදා තමුන්ව මැරුවේ නැති වුනාට මට අදත් ඒක කරන්න පුලුවන්..හැබැයි දැන් මගේ කෙල්ල ඔහේට පිස්සු වැටිලා ඉන්නේ.. ඒ නිසා මන් තමුසෙට අතක්වත් තියන්නේ නෑ.. හැබැයි.."
"හැබැයි???"
"හැබැයි අර කෙල්ල... "
එහෙම කියද්දි වාඩි වෙලා හිටිය තැනින් මන් නැගිටුනේ ඉබේටමයි..
"ඒ කෙල්ලගේ ජීවිතේට එච්චර ආදරෙයිද?? එහෙනම් මේක මතක තියාගන්නවා, තමුසේ මගේ කෙල්ලට සලකන විදිහ බලල මන් ඒ කෙල්ලට කරන්න ඕනේ එක තීරණය කරන්නම්"
"මාශීට මුකුත් කරන්න එපා..මන් ඔයා කියන ඔක්කොම කරන්නම්"
මට මේ යකාට හොම්බට හැටක් අනින්න ඕනේ වුනත් මන් හොදටම මෙයා ගැන දන්නවා.. මෙයා මොන වගේ කෙනෙක්ද කියල.. සාරා ඉන්න කලේ මන් මේ මුකුත් දැනන් හිටියෙ නෑ..ඒ කාලේ තේරුමක් තිබ්බෙ නෑනේ..ඒත් මන් ලොකු වෙද්දී තේරුනා යූබින් කියන්නේ කවුද කියල.. මට මෙයා එක්ක හැප්පෙන්න අමාරුයි මාශී නිසා.. මේ මිනිහා මාශිට මොනාහරි කලොත් 😓😓😓
"අන්න හොද කොල්ලා. වාඩිවෙන්න... හෙට මීඩියා කන්ෆරන්ස් එකක් අරන් සාහියගෙයි ඔයාගෙයි අෆෙයාර් එක කියන්න මුලින්ම.."
"අහ්හ්හ්හ්"
"ඊට පස්සෙ මැරි කරනකන් මගේ කෙල්ලව බලාගන්න.. එච්චරයි.. ලේසිනේ??"
"හරි යූබින් අන්කල්"
මන් එතනින් එලියට ආවේ ජීවිතේම එපා වෙලා.. එලියට එද්දී ආයෙම මට අන්කල් කතා කලා..
"ටේ, සාහියට ඕන දේ මන් කොහොමහරි දෙනවා.. ඔයා සාහියගේ විතරයි..තුන්වෙනියෙක් ගාවගන්න එපා.. එහෙම උනොත් මට එයාව කතාවෙන් අයින් කරන්න වෙයි"
මේ ඔක්කොම තියල මට මැරෙන්න හිතෙනවා.. මාශී මන් ඔයාව මේ මිනිස්සුන්ගෙන් කොහොමහරි බේරගන්නවා..
මන් එලියට ඇවිල්ල කෙලින්ම ඩෝම් එකට ගිහින් ජූන්ට මේ ඔක්කොම කිව්වා.. ඒ කියල මන් රූම් එකට ගියේ මේ ඔක්කොම මට එපා වෙලා නිසා.. ටිකක් පාඩුවේ තනියම ඉන්න ඕන වුනේ..
මේ ගෙවුන හැම දවසක්ම මට මහා විකාර දවස් වුනා.. දවසක් හදිස්සියේම මාශී ආවා අපේ ඩෝම් එකට. මාශී මගේ රූම් එකට ඇවිත් මට කතා කරපු විදිහට මට මන් ගැන දුකක් ඇති වුනා.. මෙච්චර ආදරයක් මට ලබා ගන්න පින නෑනේ..ඒත් ඒ අස්සේ මට යූබින්ගේ කතාව මතක් වුනා.. මන් මාශීව තල්ලු කරගෙන නැගිට්ටේ කෙල්ල බිමට වැටෙද්දී.. එයා අත අල්ලන් නැගිටිද්දී මන් හිතක් නෑ වගේ පල්ලෙහාට ආව.. මගේ කරුමෙට සාහියාත් ඒ වෙලේම ඇවිල්ල මගේ ඇගේ එල්ලුනා.. මන් හිතින් මට සමාවෙන්න කියන ගමන් සාහියා එක්ක උඩට ගියේ ඇස්වලට ආව කදුලු හිරකරගෙන..
මන් දන්නවා ඔයාට මේවා විශ්වාස කරන්න බෑ කියල.. ඔයාට මන් එදා වගේම ආදරෙයි..ඒත් මේ ආදරෙ නිසා ඔයා විදවන්න ඕනේ නෑ හැමදාම.. මේ දුක ඉවසන්න ප්ලීස්.. මට හැරිලා ඔයා ලගට එන්න ඕනේ වුනත් මන් කෙලින්ම ගියේ රූම් එකට.. සාහියට ටිකකින් යන්න කිව්වෙ මට නිදාගන්න ඕනේ කියල.. යන්නම බෑ කියද්දී බලෙන්ම මන් එයාව එලියට දාලා දොර වහගත්තේ නිදහසේ ඉන්න ඕන නිසා..
එදායින් පස්සෙ යූබින් මට ආයේ වෝනින් කලේ සාහියව ඉග්නෝ කරන්න එපා කියල..
එදායින් පස්සේ මට තව සාහියට ළං වෙන්න සිද්ද උනා.. සාහියා මාශීට ජොබ් එකෙන් අයින් වෙන්න දීලත් නෑ.. මට මාශී ඉස්සරහ හිතක් නෑ වගේ හැසිරෙන්න වුනා.. සාහියා කතා කරපු ගමන් යන්න උනා.. ඔව් ඒ ඔයා නිසා.. මේ සත්තු ඔයාගෙන් පලිගන්නවා මන් උන් කියන දේ කලේ නැත්තම් 😔😔😔
හැමදාම වුන හැමදෙයකටම හේතුවක් තිබ්බා.. හැබැයි මන් දන්නේ එකම එක දෙයයි, ඒ හැමවෙලේම මන් හිතුවේ මාශී ගැන විතරයි.. අනිත් අතට මේ දේවල් දැක්කම ඔයාට මාව එපා වෙලා ඔයාම හිත හදාගනී කියලත් මන් හිතුවා..ඒකයි මන් ඔයා ඉස්සරහ සාහියට කිස් එකක් දුන්නේ.. ඒත් ඔයාගේ ඇස්වල කදුලු දැක්කම මට හිතුනේ මාවම මාරගන්න..
Flashback end
මගේ කේන්තිය එක්ක මන් හිටියේ අත මිටි මොලවගෙන.. මිනිස්සුන්ට මෙහෙම සත්තු වෙන්න පුලුවන්ද?? සාහියා මාශී එක්ක ගියාම මන් මිටි මොලවපු අතින් බිත්තියට ගැහුවේ මගේ අතින් ලේ එලියට එනකන්...
මගේ අත හොදටම තුවලා වුනා.. ලග තිබ්බ ලේන්සුව ගැටගහගෙන මන් ශේප් එකේ කාර් පාර්ක් එකට ගියා.. කාර් එකට නගිද්දිම දැක්කා සාහියාගේ කාර් එක යනවා.. එයා යනකන් හිටියේ දැක්කොත් ලොකු අවුලක් වෙන නිසා.. සාහියෙගේ කාර් එක එලියට ගියාට පස්සෙ මන් හෙමින් හෙමින් මගේ කාර් එක එලියට ගත්තා.. එලියට ගද්දිම මන් දැක්කා මාශී හෝල්ට් එකටද කොහෙද ඇවිදගෙන යනවා.. බැන්ඩේජ් කරපු අතත් උස්සන් යන හැටි දැක්කම මට මන් එක්කම ඇති වුනේ පුදුම තරහක්..
"ඒයි ඉක්මනට නගින්න"
මන් මාශී ළගින් කාර් එක ස්ලෝ කලේ කවුරුහරි දකින්න කලින් නග්ග ගන්න..
"ටේ සාහියා දැක්කොත්??"
"නෑ නෑ එයා ගියා.. බට් එයා කාව මගේ පස්සෙන් දාලද දන්නේ නෑ"
"ඒකනේ"
"නෑ හැබැයි කාවහරි දාලා නම් මන් කම්පැනි එකෙන් ගියේ නෑ කියල එයා දැනගන්න ඕනේ.. අනිත් එක සාහියා දන්නේ නෑ යූබින් ඇන්ඩ් මන් අතරේ වෙන කිසිම දෙයක්.. එයා හිතන්නේ මන් එයාට ඇත්තටම ආදරෙයි කියල"
"ඒත් මේ කරන්නේ වැරැද්දක්..සාහියා"
"දැන් එයාලා කරන්නේ හරිදේ ද??"
"නෑ ඔයා එයාගේ ගාණට වැටෙන්න ඕනේද??"
එහෙම කිව්වම ටේ මගේ ඔලුව අත ගෑවේ අනිත් අතෙන් ඩ්‍රයිව් කරන ගමන්..
"මොකද මේ අත??"
"අහ්හ්හ් අත පොඩ්ඩක් වැදුනා.."
"බොරු කියන්න එපා.. ඔයාට පිස්සුද??"
"හරි හරි.. මේකට මන් බෙහෙත් දාගන්නම්.."
"යමු, මගේ තුවලයට දාන්න ගෙනාපු බෙහෙත් තියනවා"
එහෙම කිව්වම ටේ කට කොනෙන් හිනා වුනා..
"මොකෝ??"
"යමු ඉතින්..."
"ටේ මේ මන් කිව්වේ ඕකට බෙහෙත් දාගන්න යමු කියල විතරයි.. ඔයා මොනාද හිතන්නේ??"
"ඉතින් මාත් ඒකම තමා හිතුවේ..."
"නෑ නෑ මෙහෙම්ම යමු හොස්පිටල් එකට"
"අනේ අනේ.. හරි හරි ටග්ගාල බෙහෙත් දාගෙන යන්නම්"
"හ්ම්ම්ම්ම්"
මන් රවලා ශටර් එකෙන් එලිය බලාගත්තේ මට හිනා යන්න ආව නිසා.. විකාර කියව කියව එද්දී මාව ආයේ සුපුරුදු මූඩ් එකට ගන්න ටේට පුලුවන් වුනා.. පස්සේ අපි අත් අල්ලගෙන ගොඩක් වෙලා කතා කර කර රූම් එක ළගට ආවා...
ටග්ගාලා ටේ රූම් එකට ගියේ කවුරුහරි දකී කියලා.. මාත් ඇතුලට ගිය ගමන් ඩෝ එක වැහුවා.. ටේ කෝකටත් කියල කාර් එක මගේ රූම් එකට ටිකක් එහායින් පාර්ක් කලා..
මන් ටග්ගාලා ගිහින් බෙහෙත් අරන් ආවේ ගොඩක් වෙලා මෙයාව තියාගන්න බැරි නිසා.
"මේක දැම්මම ඉක්මනට යන්න ටේ"
"ඇයි??"
"මට බයයි ටේ. යූබින් ඔයාට කරදර කරයි"
"මට නෙමෙයි ඔයාට.. ඒකයි මන් ඈතෙන් හිටියේ මාශී"
"මන් දන්නවා"
"එන්නකෝ ළගට"
එහෙම කියලා ටේ මාව ළගට ඇදල ගත්තේ මගේ නළලට කිස් එකක් දෙන ගමන්..
"ඉන්නකෝ මේක දානකන්.."
ටේ මාශී බෙහෙත් දානකන් කට පියන් හිටියා.. ආයේ කතාව පටන් ගත්තේ බෙහෙත් දාලා ඉවර වුනාට පස්සේ..
"මන් දුන්න පොරොන්දුව මතකද??"
"අහ්හ්හ්"
"මන් ඔයාව අතාරින්නේ නෑ.. මන් මොනාහරි කරල මේ ප්‍රශ්නේ විසදන්නම්.. එතකන් ඉන්න පුලුවන්ද??"
"හ්ම්ම් ඔව්ව්ව් මට පුලුවන් ටේ.."
"අහන්න වෙනදා වගේම ඉන්න.. සාහියා ඔයාට ආදරෙයි. ඒත් පරිස්සම් වෙන්න, මතකනේ වුන දේ කලින්??"
"හ්ම්ම්ම් හරි හරි මෝඩී"
"මේ ඔයා වොශ් දාලා එන්නකෝ.. මන් රෑට කන්න මොනාහරි ඕඩර් කරන්නම්"
"යන්නේ නැද්ද??"
ටේ වාඩිවෙලා හිටිය තැනෙන් නැගිට්ටෙ කේන්ති ගිය මූණකින්..
"හරි මන් යනවා මාශී"
මන් දුවල ගිහින් බැක් හග් කලේ කොල්ල කේන්ති ගිහින් යන්නේ කියල තේරුන නිසා..
"යනවද??"
"යන්න කියද්දී ඉන්න බෑනේ??"
"හරි හරි ඉන්න.. ඔයා ගැන බය නිසා එහෙම කිව්වේ"
"මන් දැන් ගියත් නොගියත් එයාලා අපිව දැකල නම් වෙනසක් නෑනේ??"
"හ්ම්ම්ම් හරි මන් වොශ් දාගෙන එන්නම්.. කන්න මොනාහරි ඕඩර් කරන්න.."
එහෙම කියාගෙන මන් වොශ්රූම් එකට ගියා.. ටේ ඇදෙන් හාන්සි වුනේ ඕඩර් එක දාන්න..
.
.
.
.
.
.
.
.
Liya's restuarnt
"ලියා..."
මන් වැඩ ඇරිලා රූම් එකට යන්න එලියට බැස්සා විතරයි.. ෆෙලෙක්ස්ගේ කටහඩට මාව ඉබේටම ඒ පැත්තට හැරුනා..
"කොහෙද යන්නෙ?? "
ෆෙලෙක්ස් එක්ක එයාගේ ගර්ල් ආවේ මන් ඉන්න තැනට..
"අහ්හ්හ් මන් මේ රූම් එකට යන්න.. ඇයි මොකක්හරි??"
"නෑ නෑ අපි ඩිනර් එකට යනවා.. ඔයත් ජොයින් වෙනවද??"
"අයියෝ ඔයාලා දෙන්න යන්න.. මන් මොකටද?? අනික මේ කපල් එකක් අස්සේ ඇවිත්..."
"අනේ අනේ අපි මේ ලව් කරන්න නෙමෙයි යන්නේ, එනවද??"
"අනේ අද නම් බෑ ෆෙලෙක්ස්..පේනවනෙ මේ කෑම.. මන් මේ මගේ යාලුවගේ ගෙදර යන ගමන්.එයාට අසනීපයි ටිකක්"
"අහ්හ් එහෙමද?? හරි හරි අපි එහෙනම් යනවා.."
ෆෙලෙක්ස් ගර්ල්ගේ අතින් අල්ලන් මාව පහුකරගෙන ගියා.. මට කියාගන්න බැරි දුකක් දැනුනත් මේවා මන් විහින් දාගත්ත දුක් නිසා ඉවසන් හිටියා..එයාලා ඈත පේන්නේ නැති වෙනකන් මන් බලන් හිටියේ පුදුම ආසවකින්.. මොකද මාත් එයා එක්ක එහෙම යන්න ආස කලා.. එයාගේ අතින් එදා මගේ අත අල්ලද්දී මන් හිතුවේ හැමදාටම එයා මගේ අත අල්ලන් ඉදී කියල.. ඒත් හැමදේම වෙනස් වුනේ එක තප්පරේට..
ඈත නොපෙනී ගිය මගේ හිතේ තාම හොල්මන් කරන ඒ අදරේ දිහා බලන් ඉදල මන් යන්න ගත්තේ මාශීගේ රූම් එකට.. කොහොම වුනත් අන්තිමට ඉතුරු වුනේ ඌ විතරනේ....
.................
මන් වොශ් දාලා ඉවර උනාට පස්සේ දැක්කේ වෙනද පුරුද්දට මන් ගෙනල්ල තියෙන්නෙ ටවල් එක විතරයි කියල..
"දෙයියනේ..තමුසෙට අමු කැවිලද මාශී?? දැන් කොහොමද ඕයි එලියට යන්නේ?"
මන් මටම බැන බැන වොශ්රූම් එක අතුලේ කැරකි කැරකි හිටියේ ටවල් එක ඇදගෙන.. මෙහෙම එලියට යන්න බෑ.. ඒත් ටේට කොහොමද කටක් ඇරල මට ඇදුමක් අරන් දෙන්න කියන්නේ.. වෙන කරන්න දෙයක් නෑ.. ටේට කියන්න බෑනේ මට අරකයි මේකයි අරන් දෙන්න කියලා.. ඕනේ මගුලක් කියල මන් ටවල් එක ඇදගෙන එලියට ගියෙ ටග්ගාලා ඇදුමක් අරන් එන්න..
මන් එලියට යනවත් එක්කම මන් දිහා ටේ බලන් හිටියේ කට ඇරන්.. මන් ටග්ගාලා අල්මාරිය ඇරල ආයේ දුවන්න ගියේ වොශ්රූම් එකට.. ඒත් ටේ ඒ එක්කම මගේ පාර හරස් කලේ කට කොනෙන් හිනාවෙන ගමන්..
"ටේ අයින් වෙන්නකෝ.. මන් ටග්ගාලා මේක ඇදගෙන එන්නම්"
"මොකෝ මේ හදිස්සිය??"
"අනෙ අයින් වෙන්නකෝ"
"ලස්සනයි..."
"මොකක්???"
"ඔහොම ලස්සනයි... 😉"
"අන්න අරහෙට වෙන්නකෝ අනේ.. මට ලැජ්ජයි"
"ලැජ්ජා නම් ඔහොම එලියට ආවේ??"
"නැතුව දවසෙම අරකේ ඇතුලේ ඉන්නද?? මට ඇදුමක් ගෙනියන්න අමතක වුනා"
"හරි ඉතින්... දැන් ඇයි ලැජ්ජා?? මන් නේ මේ ඉන්නේ...."
"ටේ මගෙන් ගුටි නොකා අතාරින්නකෝ.."
ටේ එක පාරට මගේ අතින් ඇදගෙන ඇදට වැටුනා.. මන් හිටියේ ටේගේ ඇග උඩ.. මන් දැගලුවත් ටේ නෙමෙයි මාව අත ඇරියේ... වැඩිවෙලාවක් යන්න වුනේ බෑ, අපි දෙන්න අපි දෙන්නගේ ඇස් එක්ක තනි වුනා.. මන් ඉන්නෙ කොහොමද කියලත් මට අමතක වුනා.. ටේගේ අතක් නගේ පිට මැද්දෙන් තද වෙද්දී අනෙක් අතින් එයා මගේ මූණ සියුම්ව පිරිමැද්දා.. ටේ එයාගේ මූණ මගේ මූණ ළගට හෙමින් හෙමින් ළං කලේ මගේ තොල් දිහා එක එල්ලේ බලන ගමන්..
"මන් ආවා......"
එක පාරට ඩෝ එක ඇරගෙන ආවේ ලියා.. ලියා තට්ටු කර කර ඉන්නේ නෑ ඉතින් කොහොමත්.. මොකද කී එකක් ඌ ගාව තියනවනේ.. මන් හිටිය විදිහටම මායි ටේයි බැලුවේ ඩෝ එක දිහා.. ලියාගේ අතේ තිබ්බ බෑග් එක එතනම බිම වැටුනා.. මන් ටග්ගාලා ටේගෙන් ඈත් වුනේ මන් ඇදන් හිටිය ටවල් එක අල්ලගන්න ගමන්.. ( තව පොඩ්ඩෙන් මේ රෙද්දත් කඩන් වැටෙනවා..) ටේත් ක්ශනිකයෙන් ඇදෙන් නැගිට්ටේ බිම බලාගෙන..
"ඔයාලා දෙන්නා????"
ලියා මටයි ටේටයි අත දික් කරන ගමන් ඇහුවේ පුදුමවෙලා.. ඔව් ඉතින් මායි ටේයි හිටියේ වෙන් වෙලානේ.. එයාට පුදුම හිතෙන එක සාදාරනයි..
මන් ඇදේ තිබ්බ ඇදුමත් අරන් වොශ්රූම් එකට දිව්වේ මට කරන්න වෙන දෙයක් තිබ්බෙ නැති නිසා..
"අයියෝ මන් කොහොමද ලියාට මූණ දෙන්නේ?? මේ ටේ නම්"
ඇදුමත් ඇදගෙන ලැජ්ජාව පැත්තක තියල මන් එලියට ගියා.. මන් යනකනුත් ලියා ඩෝ එක ළග හිටිය විදිටම ඉන්නවා.. ටේ ඇද ලග..
"මොනාද ඔය දෙන්නා කරන්නේ??"
"අහ්හ්හ්හ් නෑ නෑ.. "
ලියා කෙලින්ම මේසේ ලගට ගියෙ කෑම එක තියන්න..
"ටේ කාලා යන්න"
ලියා ටේට කතා කලේ ටේ යන්න ගිය නිසා..මන් හෙමින් ටේ ළගට ගිහින් කතා කලා..
"ඔව්ව් කාලා යන්න.. මාව තනියම දාලා යන්නද හදන්නේ?? ලැජ්ජාව... යන්න දෙන්නෙ නෑ.. ඔයා ලියාට මොනාහරි කියන්න 😡😡😡"
"ඔරවන්න එපා"
ටේ මගේ කනට කරල කියල හිනාවෙලා ලියා හිටිය පැත්තට ගියා..
"මේ ලියා....."
"කාලා ඉමු..කෑවට පස්සේ මොකද මේ වෙන්නෙ කියල කතා කරමුකෝ.."
කට කොනෙන් නෝන්ඩියට හිනා වෙලා මේසෙන් වාඩි වුනේ අපි දෙන්නටත් වාඩි වෙන්න කියන ගමන්..
කන්න පටන් ගද්දිම ඩෝ බෙල් එක කවුරුහරි ගැහුවා.. ලියා නැගිට්ටේ කවුද බලන්න යන්න.. මායි ටේයි මූණට මූණ බලාගත්තේ ගොඩක් බය වෙලා..
"ලිය....."
ලියා ආපස්ස හැරුනේ මගේ කටහඩට.. ප්‍රශ්නාර්ථයක් එක්ක ලියා මන් දිහා බලන් හිටියා..
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top