A happy ending with a secret ♥️
ලැප් එක ඔන් කරපු කෙනා ප්ලේ කලේ වීඩීයෝවක්...
"දෙයියනේ......"
මිසිස් යූබින් ඉන්න තැනම වැටුනේ කෑගහගෙන..
"😳😳😳"
මගේ ඇස්වලින් මන් සාරාව දැක්කේ සෑහෙන්න කාලෙකින්.. සාරා අපි හැමෝම දාලා ගියාට පස්සේ මන් එයාගේ මතක එක්ක ජීවත් වුනා.. පස්සේ ඒ හැම මතකයක්ම මන් අයින් කලේ අලුතෙන් මගේ ජීවිතේ පටන් ගන්න ඕනේ නිසා.. ඒත් ආයේ සාරා... ඔව් ඒ වීඩියෝ එකේ හිටියේ සාරා..
"මොකක්ද මේ වෙන්නේ?? මේ විඩීයෝ කොහෙන්ද?? "
සාහියා කැඩුනු වචනවලින් ඇහුවේ දැන් නම් වෙන මුකුත් අපි කාටවත් නොතේරෙන නිසා..
"ඉන්න කලබල වෙන්න එපා.. මිස්ටර් යූබින් උබම ඇත්ත කියනවද අපි කියන්නද??"
මිස්ටර් යූබින් වචනයක්වත් කතා කලේ නෑ.. ඒ නිසා ආව පොලිසියේ කෙනා කතාව පටන් ගත්තා..
"මේ ඉන්නෙ සාරා යූබින්.. මීට අවුරුදු ගාණකට කලින් මැරුන සාරා.. හරියටම කාර් එක බීච් සයිඩ් එකේ වැටේ වැදිලා උන විසික් වීමකින් මුහුදෙ ගිලිලා මැරුන සාරා.."
ඒ වචනයක් වචනයක් ගානේ මගේ හිත මටම ගහනවා වගේ දැනුනේ.. මාශී මගේ අත තව තද කලේ සන්සුන්වෙන්න කියන්න කියල මට තේරුනා..
"හැබැයි සාරා එදා මැරුනේ නෑ.."
"මොකක්???"
සාහියා කෑගැහුවේ ඒ කිව්ව දේට.. මගේ ඇස් කෙලින්ම ගියේ ඒ වීඩීයෝ එකේ ඉන්න සාරා ලගට. ඔව් මේ මැරෙන්න කලින් මන් දැක්ක සාරා නෙමෙයි...
"ඔව්ව් එදා සාරා මැරුනේ නෑ.. එයාව බේරගන්න පුලුවන් වෙනවා.. හැබැයි ඒ ප්‍රයිවට් ගාඩ්ලා කට්ටියකට.. ඉතින් කෙනෙක් සල්ලි දීලා මේ හැමදේම හංගනවා.."
"මොනාද මේ කියන්නෙ??"
"සරලව කිව්වොත් මැරුනේ නැති සාරාව මරනවා.. සාරා ජීවත් වෙද්දී සාරාව මරල අවසන් කටයුතුත් කරනවා.. ඒත් සාරාට හිතුන තරම් කාලයක් ජීවත් වෙන්න වුනේ නෑ..එදා සාරාට වුන ඇක්සිඩනට් එක නිසා සාරගේ කකුල් දෙකම කැඩෙනවා.. ඒ එක්කම මොලේට හානි වෙනවා.. සාරට පිස්සු නෑ.. එයා හොදට ජීවත් වුනා.. හැබැයි වීල්චෙයර් එකක.. එයාට ඕනේ හැමදෙයක්ම හම්බුනා එක දෙයක් ඇරුනම..ඒ පවුල.."
මේ කතා අස්සේ මිසිස් යූබින්ගේ ඇස්වලින් නොකඩවා කදුලු වැටෙන්න ගත්තා.. කවදාවත් ඔම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙම නැති දෙයක් තමන්ගේ මැරුන දුව මැරුනේ නෑ කියන එක..
"කවුද මේවා කලේ??"
"ඔයාලම සාරාගේ කටහඩින් අහල බලන්න"
එහෙම කියල එයාලා වීඩියෝ එක ප්ලේ කලා.. ඒක තිබ්බෙ තියෙන්න පුලුවන් අඩුම කොලිටි එකේ..
"ඔම්මා... මන් සාරා.. ඔම්ම ඔයාට මාව පේනවා නේද?? සාහි බබා මන් සාරා.. මන් ඉන්නෙ හොදින් නෙමෙයි.. ඔයාලව ගොඩක් මතක් වෙනවා. ඒත් මට එන්න බෑ.. ටේ මට සමාවෙන්න.. අද හැමෝම ඔයාට බනිනවා ඇති මන් නිසා.. ඒත් මන් මැරුනේ නෑ.. මේ ඔක්කොම මේ ඔක්කොම අප්පගේ වැඩ..."
ඒ එක්කම හැමෝම බැලුවේ යූබින් දිහා.. ඒත් ඇයි එයා එයාගේ දුවට මෙහෙම කලේ...
"මන් මේක රෙකෝඩ් කරන්නේ මෙතන ඉන්න කෙනෙක්ගේ ෆෝන් එකකින්. මේ චිප් එක මන් මෙහෙ කොහේහරි හංගනවා.. හොරෙන් ගත්ත නිසා ඉක්මනටම මේක තියන්න ඕනේ.. අහන්න මන් ඔක්කොම සරලව කියන්නම්.. සාහි බබා.. මේ ඔක්කොම අප්පා කරන්නේ ඔයා වෙනුවෙන්.. අප්ප ඔයාට ගොඩක් ආදරෙයි.. මන් මන් ඔම්මා ඔයාගෙයි අප්පගෙයි ළමයෙක් නෙමෙයිලු.."
ඒ වචනෙට මිසිස් යූබින් කෑගැහුවෙ මුලු හෝල් එකම දෙවනත් වෙන්න...
"ඔම්මට අමාරු වෙලා හොස්පිටල් ගෙනිච්චම එදා ඔම්මට හම්බුන ළමයා නැති වෙලා.. ඔම්මාට තියන ආදරේට අප්පා මාව මගේ ඔම්මගෙන් හදාගන්න ඉල්ලගෙන.. මොකද මගේ ඔම්මා ගොඩක් දුප්පත්ලු.. එයාට මාව හදාගන්න තරම් වත්කමක් තිබිලා නෑ.. ඒ නිසා මාව අරන් හදාගන්න අප්පා තීරණය කරල.. ඒත් ඔම්මා මේ මුකුත් දන්නේ නෑ.. කාලයක් යද්දී සාහියව හම්බුනාම අප්පා සාහියට ගොඩක් ආදරේ දෙන්න පුරුදු වුනා.. හැබැයි මට තියන ආදරෙ අඩු කලෙත් නෑ.. ඒත් එදා ඇක්සිඩනට් එකෙන් පස්සෙ ඔක්කොම වෙනස් වුනා... ටේ කියන්නේ කිම් කම්පැනි ඔක්කොගෙම අනාගත අයිතිකාරයා.. අප්පා ටේගේ සල්ලිවලට ආසා කලා.. මාව එයාට බන්දල දුන්නොත් දවසක මේ ඇත්ත එලියට ආවොත් එයාට මේ සල්ලි නැති වෙන නිසා එයා සාහියව ටේට බන්දන්න තීරණය කලා.. ඒකයි මාව මේ විදිහට හිරකරගෙන ඉන්නේ.."
ටිකකට කතාව නැවැත්තුව සාරා හොදටම අඩන්න ගත්තා..සාහියා හිටිය තැනම ඉදගෙන ඇඩන්න ගත්තේ අක්කට ඔක්කොම වුනේ එයා නිසා කියල තේරුන නිසා..
"මගේ කකුල් දෙකම කැඩිලා..මට ඇවිදගන්න බෑ.. කොහොම කලත් ටේ මාව බාරගනී කියල අප්පා බය වුනා.. ඒ නිසා මාව නොමරා මැරුවා අප්පා.. පස්සේ ජීවිත කාලයටම අප්පා සාහියව ටේට ගැටගැහුවා.. මන් මේ ඔක්කොම දැනගත්තේ අප්පගේ කටින්මයි..මට ඔයාලට පේන්න එන්න ඕනේ... ඒත් මට එන්න බෑ.. සාහි බබා.. කවදහරි මේක දැක්කොත් ඔයාට වයිර කරගන්න එපා.. මන් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔම්මා.. ඔයා මගේ ඔම්මා හැමදාටම..මන් ඔයාට හැමදාටම ආදරෙයී.. හ්ම්ම්ම්ම්ම් ටේ.. ඔව් අපිට අපිව අයිති නෑ.. අප්පා නිසා නෙමෙයි, ඒත් ඔයා අවංකව ආදරෙයි නම් සාහි බබාව බලාගන්න..මන් තරහ නෑ.. තව දෙයක්...."
ඒ එක්කම පිටිපස්සෙන් ඇහුන සද්දයක් එක්ක විඩීයෝ එක එන්ඩ් වුනා.. හැමෝගෙම ඇස්වල තිබ්බෙ කදුලු විතරයි.. මන් හැරුන ක්ශනිකයෙන් දිව්වේ යූබින් ළගට..කොලර් එකෙන් අල්ලගත්ත මන් යූබින්ව තල්ලු කලේ එතන තිබ්බ පුටු ටික පෙරලගෙන වැටෙන්න..
"තමුසේ කොහොම අප්පා කෙනෙක්ද?? සාරා තමුසෙට ආදරය කලේ තමන්ගේම අප්පට වගේ.. හිතකින්වත් ඒ කෙල්ලට රිද්දන්න හිතුවෙ කොහොමද??"
මගේ කකුල් දෙකම පණ නැති වෙද්දී මන් එහෙම්ම ඉදගත්තේ අත මිටි මොලවලා පොලවට ගහන ගමන්....
"ඒත් මේවා කොහොමද හොයාගත්තේ??"
ජූන් ඉස්සරහට ආවේ පොලීසිය පැත්තට හැරෙන ගමන්..
"ඔව් එදා සාරාගේ බොඩි එක චෙක් කරන්න එන්න කිව්වම ආවේ මිස්ටර් යූබින් විතරයි..ආව ගමන් හරියට බලන්නෙත් නැතුව ඒ සාරා කියල එයා පිලිගත්තා.. මොකද එයාම තමා ඒ බොඩි එක දාලා තිබ්බේ.. අපිට එදා යූබින් ගැන සැකයක් ඇති වුනා.. අපි ගොඩක් පැන්නුවා..ඒත් අපිට මෑතක් වෙනකන්ම මුකුත් හොයාගන්න බැරි වුනා.. ඒත් දවසක් මරණ පරීක්ෂණයකට ගිය වෙලේ මේ කේස් එක කරපු කෙනෙක් සාරාගේ වගේ බොඩි එකක් ඒ මෝචරියේ දැකල තියනවා.. "
"සාරාගේ වගේ??"
"ඔව්ව්ව්.. අපි ගොඩක්ම උනන්දු වුන කේස් එකක් තමා සාරාගේ කේස් එක.. මොකද ඒක වෙන්න අමාරු මරණයක්.. මොකද එතන මුහුද ගොඩක් ගැඹුරත් නෑ.. ඒ නිසා සාරාව අපි හැමෝටම වගේ මතකයි.. ඒ කෙනාගේ තොරතුරුවලට අනුව ඒ සාරා කියල හොයාගන්න පුලුවන් වුනා.. ඊලගට අපිට ආව ප්‍රශ්නේ මෙච්චර කල් සාරට මොකද වුනේ කියන එක...ඒ වෙලේ අපි ආයේ යූබින්ගේ පස්සේ අපේ කට්ටිය දැම්මා.. හොයාගත්ත තොරතුරු මිනිස්සු එක්ක සාරා ජීවත් වුන පොඩි කාමරය හොයාගන්න අපිට පුලුවන් වුනා.. ගේ චෙක් කරද්දී මේ චිප් එක හම්බුනා"
කාටවත් ගැටලුවක් නොවෙන්න ඒ පොලිස් ඔෆිසර් වුන හැමදෙයක්ම අකුරෙන් අකුර පැහැදිලි කලා.. ඒ එක්කම මිස්ටර් යූබින්ට මාංචු දැම්මේ ඉක්මනටම මෙතනින් ගෙනියන්න.. මොකද කිසිම කෙනෙක් මේ වෙලේ මෙතන හිටියේ හොද මූඩ් එකක නොවන නිසා..
"අප්පා..."
අරන් යන යූබින් ළගට දිව්වේ සාහියා..
"ඇයි අප්පා අක්කට මෙහෙම කලේ?? එයා මට වඩා ඔයාට ආදරය කලා"
ඒ කියන හැමදෙයක්ම වචනයක්වත් නොකිය යූබින් අහන් හිටියේ කරපු වැරැද්දේ බරපතලකම තේරුන නිසා වෙන්න ඇති...
මිස්ටර් යූබින්ව අරගෙන ගියාට පස්සෙ හෝල් එක පුරාම ලොකු නිශ්ෂබ්දතාවයක් ඇති වුනා.. මෙච්චරකල් වුන හැම ප්‍රශ්නයක්ම විසදුනා වගේ..
ඒ නිශ්ෂබ්දතාවය නැති කලේ මිසිස් යූබින්..
"එහෙනම් අපි අපේ වෙඩින් එක කරගෙන යමු"
හැමෝම පුදුම වෙලා මිසිස් යූබින් දිහාවට හැරුනා.. මිසිස් යූබින් සාහියාගෙ අතින් අල්ලන ගමන් ටේ මාශී ලගට ආවා..
"ටේ, අපිට සමාවෙන්න හැමදේකටම.. සාරාට අද ගොඩක් සතුටු හිතෙයි.. ඔයා ඔයාගේ ආදරය එක්ක හැමදාම සතුටෙන් ඉන්න.. ආ ඒ එක්කම මේ ඉන්නෙ සාහියා යූබින්, යූබින් ක්ම්පැනිවල අනාගත ceo.. මන් හිතනවා ඔයාලා මෙයාට උදව් කරයි කියලා.."
එහෙම කිව්වම සාහියගේ ඔලුව අතගෑව මන් මිසිස් යූබින්ව හග් කලේ සාහියව මගේම නංගී වගේ බලාගන්න පොරොන්දු වෙන ගමන්..
.................
අපේ ආදර කතාවට වගේම අපේ වෙඩින් එකටත් ප්‍රශ්න ගොඩක් ආවා.. ඒත් අන්තිමට ටේ මගේම වුනා.
..................
"ටේ මේක ගලවන්න පොඩ්ඩක් උදව් කරන්නකෝ"
"කෝ පිටිපස්ස හැරෙන්න.."
මන් මේ වෙඩින් ඩ්‍රෙස් එක ගලවගන්න දහදුකක් විදින්නේ.. බැරිම තැන ටේට කතා කලේ තව වෙලා හිටියොත් මන් මේක ඉරල දාන නිසා.. ටේ හෙමින් සීරුවට ඒ ශිපර් එක ගැලෙව්වා.. ඒ එක්කම මන් ඉස්සරහට අඩියක් තිබ්බෙ වොශ්රූම් එකට යන්න.. ඒත් මාව ආයේ ටේ ලගටම ඇදිලා ගියා..
"කොහෙද යන්නේ??"
හෙමින් කනට කරල ටේ එහෙම අහද්දි නම් මගෙ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා..
"මන් වොශ් දාගෙන එන්නම්"
ඒ එක්කම මගේ පිට මැද සීතලක් දැනුනේ මගේ කටෙන් කෙදිරියක් එක්ක.. ටේගේ තොල් මගේ පිටට දීපු හාදුව වොශ් එකක් දන්න යන්න මගේ තිබ්බ හදිස්සිය අඩු කලා..
"මාශී... "
"හ්ම්ම්ම්ම්"
"මන් ඔයාට ගොඩක් ආදරෙයි.. "
එහෙම කියක ටේ එයාගේ පැත්තට මාව හරව ගත්තා..
"මාත් ඔයාට ගොඩක් ආදරෙයි.... මට මේක හීනයක් වගේ ටේ.. ඔයා මගේම වෙලා.. "
ඒ එක්කම මගේ තොල්වලට ඉක්මන් හාදුවක් දුන්න ටේ මාව හග් කලේ හරියට නිකන් එයාට මේ ලෝකේ වටිනම දේ ලැබිලා වගේ....
ටේගෙන් ඈත් වුන මන් වොශ්රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න.. මොකද මන් මේ මගුල ගලවන අතරතුර ටේ නම් හොදට වොශ් දාගත්ත නිසා..
........................
වොශ් එකක් දාගෙන ආවට පස්සෙ මායි ටේයි ඩිනර් එක ගත්තා.. අද දවස ගොඩක් වෙනස්.. අනිත් අයගේ ආදර කතා වගේ අපේ ආදර කතාව ගෙව්නේ නෑ.. ඒ වගේම වෙඩින් එකත්. ඒත් හැමදේම සතුටෙන් ඉවර වුනා..කෑම කලා ටේ ඇදෙන් හාන්සි වෙලා හිටියේ ජනේලෙන් පේන ඈත තියන හද දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ.. මන් ලගට යන ගමන් කතා කලේ ටේගේ මූණේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ නිසා..
"මොනාද කල්පනා කරන්නේ??"
"මුකුත් නෑ බබා.."
"සාරා ගැන නේද??"
"හ්ම්ම්ම් ඒත් සාරා දැන් හොද තැනක ඇති"
"ඔව්ව් සාරා ගොඩක් ලස්සනයි.. ඒ වගේන එයා ගොඩක් හොද කෙනෙක්.. ඉතින් එයා හොද තැනක තමා ඉන්නේ කොහොමත්"
එහෙම කිව්වම ටේ මන් දිහා බැලුවේ කට කොනෙන් ලාවට හිනා වෙන ගමන්..
"මොකෝ ඒ පාර??"
"මේ අපි ඉන්නෙ අපේ හනිමූන් එකේ"
"ඉතින්??"
"ඉතින් අහන්නෙ?? එන්නකෝ ළගට..."
එන්නකෝ ලගට කියල කිව්වට ලගට යන්න කලින් ටේ මාව එයාගේ ලගට ඇදල ගත්තා..
"මේ අපි ළමයි හදමු පස්සේ..මන් බබාලට ගොඩක් ආදරෙයි.. ඒත් අපිට අදරය කරන්න වුනේ නෑනේ.. ඉතින් අපි මුලින් ආදරය කරමු"
"දැන් කවුද දැන්ම ළමයි හදන්න ඕනේ කිව්වේ??"
"හරි කියන්න කලින් කිව්වේ.. "
එහෙම කියල මගේ නළලට කිස් එකක් දුන්න ටේ එක පාරටම කලබලයෙන් නැගිට්ටා..
"මොකද??"
මන් ඇදේ හාන්සි වෙලා ඉන්න ගමන්ම ඇහුවේ පුදුමයෙන්..
"මේ ඇදුම් මාර වාතයක්.. ඉන්න මන් ගලවනවා.. "
"මොකක්???"
.........................
Next day morning
මන් ඇස් දෙකත් අතින් පොඩි කරන ගමන් නැගිට්ටේ මගේ ඇගම තලලා දාලා වගේ රිදෙන්න ගත්ත නිසා.. ඒ එක්කම මගේ බඩ හරිය අනිත් තැන්වලට වඩා ටික්ක් උණුසුම් වැඩි ගතියක් තේරුනා.. මන් හෙමින් ඇස් ඇරියේ ඒ ඇයි බලන්න..
"හුටා.. "
මාව ගැස්සුනේ මායි ටේයි ඉන්න විදිහ දැකල.. යකො මන් නිදාගත්තේ ඇදුම් ඇදගනනේ.. මායි ටේයි හිටියේ සම්පූර්ණයෙන්ම නිරුවත්ව.. ශේප් එකේ ටේගේ අත මගෙන් අයින් කරල බිම තිබ්බ මගේ ඇදුමෙන් ඇග වහගෙන මන් දිව්වේ වොශ්රූම් එකට..
.
.
.
.
.
.
.
After 2 years
"ලියා..."
"කියන්න මාශී"
"මේ බඩු ටික..."
"ඔහොම ඉන්නවා.. මන් ගන්නම්.. ඔයා වාඩි වෙන්නකෝ, ටේ දැක්කොත් මගේ ඔලුව කයි බඩක් උස්සන් ඉන්න අම්මගෙන් වැඩ ගන්නවා කියල.."
"අනේ එයාගේ බොරු ගෙරවිල්ල."
"මොකෝ මට බනින්නෙ"
එක පාරටම මගේ පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්තේ ටේ.. මන් මේ ලියාගේ රූම් එකේ ඉන්නේ.. අද ලියා මෙහෙන් යනවා.. ඔව් කොරියාවලින් යන්නම යනවා.. එයාට ලංකාවෙන් හොද කොල්ලෙක් අම්මලා හොයලා.. ලියා කිව්ව විදිහට එයත් ඒ කොල්ලට අකමැත්තක් නෑ.. ෆෙලෙක්ස් ගැන හිත හිත ගෙව්න ලියාගේ ලයිෆ් එක ඒ කොල්ලට පුලුවන් වුනා වෙනස් කරන්න.. ඉතින් වෙඩින් එක නෙක්ස්ට් මන්ත් නිසා ලියා අද මෙහෙන් යනවා.. මායි ටේයි ආවේ එයාට උදව් වෙන්න.. ඒත් මේ බඩත් එක්ක මට නම් උදව් වෙන්න උනේ නෑ.. බට් මගේ වැඩත් එක්ක ටේ ඔක්කොම බලාගත්තා..
මායි ටේයි ලියාව එයාර්පෝර්ට් එකට බස්සලා ආවේ ඩෝම් එකට.. අද ඔක්කොම ඩෝම් එකට එකතු වෙනවා.. කාලෙකින් බැන්ග්ටැන්ලත් ෆ්‍රී වුන නිසා කට්ටියම එකට ඩිනර් ගන්න රෙඩී වුනේ..
අවුරුදු දෙකක් ගියා..ඒ කලේ පුරාවට ගොඩක් දේවල් වෙනස් වුනා..
ජිමින් හශී ආදර කතාව එදා වගේම අදත් ලස්සනට ගලාගෙන යනවා.. ජිමින් කොහොමත් වැඩ්ඩ නිසා එයාට පුලුවන් වුනා සෝහට තව නංගී බබෙක් ගේන්න..ජිමින්ගෙයි හශීගෙයි දෙවනි බබා හම්බෙලා දැන් මාස 4කට කියට්ටුයි..
අනිත් ඩබල.. අපේ ඩොක්ටර් නෝනයි ලීඩර් මහත්තයයි.. ජූන්ගේ ලොකුම හීනේ වුනේ තාත්තා කෙනෙක් වෙන එක වුනාට දෙන්නගෙම බිසී ලයිෆ් එක නිසා ටිකක් ඒ වැඩේ කල් දාන්න දෙන්නටම වුනා.. හැබැයි මගෙයි ටේගෙයි වෙඩින් එකෙන් පස්සෙ අහපු මුල්ම සුභ ආරංචිය වුනේ ජූන්ගේ පිය පදවිය තමා.. දැන් මනූගෙයි ජූන්ගෙයි දුවට අවුරුදු එකහාමාරක් වගේ වෙනවා..
අනිත් අය තාම ආදරේ හොයනවා විදිනවා කියල විතරක් කියල මන් එයාල ගැන කියන එක නවත්තන්නම්..
ඒ වගේම සාහියා.. එයත් දැන් හොද CEO කෙනෙක්.. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ කේ පොප් අයිඩල් කෙනෙක්..
අන්තිමට ඉන්නෙ මායි ටේයි.. අපි මැරි කරල හෙටට අවුරුදු දෙකයි.. ඉතින් හරියටම මාස දෙකකට කලින් ටේ අප්ප කෙනෙක් වෙන්න යනවා කියල අපි දැනගත්තා..
අපේ ආදර කතාව පොඩි වුනත් දුක හිතුනත් කවදාවත් අත නොහැර ඉන්න පුලුවන් වුනා.. වෙන් වෙන්න 1000ක් හේතු තිබ්බ අපේ කතාවේ එක් වෙන්න තිබ්බ ලස්සන හේතුව නිසා අන්තිමට අපි එකතු වුනා.. ඒ ආදරය.. ආදරයකට මනුස්සයෙක්ව මරන්න වගේම ජීවත් කරන්නත් පුලුවන්.. හරියට ටේගේ ආදරය නිසා මාශීත් මාශීගේ ආදරය නිසා ටේත් ජීවිතයට හම්බුන කෝටියක් ප්‍රශ්න එක්ක ජීවිතය වින්දා වගේ... ආදරයට මොනාද කරන්න බැරි???????
ආදරයටම ඇඩික්ට් වුන කෙල්ලො තුන් දෙනෙක්.. එක එක හීන වෙනුවෙන් ලෝකය එක්ක සටන් කලා හිත ඇතුලෙන්.. ලියා ෆෙලෙක්ස් වෙනුවෙන් වගේම මාශී සාහියා ටේ වෙනුවෙන්.. ඒත් කතාව ඉවර වුනේ මාශිට ටේව ළං කරද්දී සාහියව ඈත් කරල.. ඔව් ආදර කතාවකට තුන් වෙනියෙක් ඕනේ නෑ.. තුන් වෙනියෙක් නැති තාක් කල් ආදරය ගොඩක් ලස්සන වෙයි.. අන්තිමට කියන්න ඕනේ ලියා ඔයා ෆෙලෙක්ස්ගේ කතාවේ තුන්වෙනියා නොවී තනියම දුක විදගත්ත නිසා අද ෆෙලෙක්ස් කොහේ හෝ සතුටෙන් ඇති.. ඒ වගේම ඔයත්..
මගේ මේ කතාවට මන් පාදක කරගත් ආදර කතා දෙකෙන් එකක් සත්‍ය කතාවක් මත පදනම් වුන අතර අනිත් කතාව මනඃකල්පිත වේ.. හිතාගන්න පුලුවන්නේ මොකක්ද සත්‍ය සහ මනඃකල්පිත කියල.. ඒ වගේම සමහර කොටස්වල ප්‍රශ්න ඇති.. ඒවා ඉග්නෝර් කරල රසවිදී කියල බලාපොරොත්තු වෙනවා.. වැදගත්ම දේ මේ කතාවෙ එන කිසිම කෙනෙක්ට හෝ චරිතයකට හානියක් කරන්න උත්සහ කලේ නැති බව තහවුරු කරනවා.. නම් පමණක් යොදාගත් අතර අනෙක් සියලුම සිද්දි මගේ කැමැත්තම මත පමණක් ගොනු කර ඇත.. කතාව රසවින්ද හැමෝටම ස්තූතියි...
Plz vote and comment, if you feel this story 💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top