Why did you do that to me?? 😓

"miss sena, Will you let me be your partner today ??"

ජිමින්ගේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට කොල්ල යන එක නතර කලා.. ඒ ගමන්ම කොල්ල හැරුනේ සෙනාගේ පැත්ත..

හ්‍යොන්ග්....

කොල්ල හිතින් හිතුවත් ඒ වෙලේ කොල්ල ටිකක් ඈතින් හිටිය නිසා වෙන ඔක්කොම දිහා බලාගෙන හිටියේ..

Sena pov

ඊයේ ජූන් ඔප්පා කතා කරලා කිව්වා මට තනියම පාටි එකට ෆේස් කරන්න බැරි නම් කෙනෙක්ව ඒකට එවන්නම් කියලා.. මටත් හිතට මොකක්දෝ වගේ නිසා මන් ඒකට කැමති වුනේ ජූන් ඔප්පා මට වැරැද්දක් කරන්නේ නෑ කියලා මන් දන්න නිසා.. කිව්ව වගේම ඔප්පා මන් වෙනුවෙන් එවලා තිබ්බේ ජින් ඔප්පව.. ජින් ඔප්පා මගේ ළගට ඇවිල්ලා අත දික් කරලා එයාගේ පාට්නර් වෙනවද ඇහුවම ජිමින් අපේ පැත්ත හැරෙනවා මන් ඇස් කොනෙන් දැක්කා..

හ්ම්ම් විකාර.. ඔයාට පුලුවන් නම් මටත් පුලුව..

මන් හිතින් හිතන ගමන් ජින් ඔප්පගේ අත අල්ලගත්තා. ඒ එක්කම ජින් ඔප්පා මාවත් එක්කගෙන ඉස්සරහට ගියා.. ඉස්සරහට යද්දී අපිට හම්බුනේ ජිමින්ව.. ජිමින් ජීහා එක්ක අපි දිහා බලාගෙන හිටියේ පුදුමෙන්..

Pov end

"හ්‍යොන්ග් ඔයා?? කවදද ආවේ??"

"අද ආවේ කොල්ලො.. ඇයි එලියේ?? යමු ඇතුලට"

ජින් කට්ටියම අරගෙන ඇතුලට ගියා.. හොටෙල් එකේ අපේ ඒරියා එක ලස්සනටම ඩෙකෝ කරලා.. කෙල්ල චූටි කාලේ කම්පැනි එකේ පාටිවලට ඕනේ තරම් ආවත් තේරෙන වයසට ආවම කෙල්ල වැඩිය නෙමෙයි කොහොමත්ම මේවට ආවෙ නෑ..

ජින් කෙල්ලව අරන් ටේබල් එකකට යද්දී ඊට එහා පැත්තේ එකට ජිමින් ඇන්ඩ් ජීහා ගියා..

"ඉතින් කොහොමද සෙනා?? අපේ එකා තාම හැදිලා නෑනේ"

"හ්ම්ම්ම්"

"බය වෙන්න එපා.. අපි මොකක්හරි කරමු"

"ඔප්පා මන් දෙයක් අහන්නද??"

"මොකක්ද??"

"නෑ මන් දන්නවා ජීහා නරක කෙනෙක් කියල.. හැබැයි ජිමින් එයාට ආදරේ.. සමහරවිට ජිමින්ගේ ආදරේට පුලුවන් වෙයි එයාව හොද කෙනෙක් කරන්න"

"හිතුවේ මේක කතාවක් කියලද?? ජීහා අපි දන්න කාලේ ඉදන් ඔහොමයි... අපේ ගොනාට කිව්වට වැඩක් නෑ.. ඔයා කියනවා වගේ ආදරේ නිසා වෙනස් වෙනව නම් දැන් වෙනස් වෙන්න හොදටම කල් ඇති.."

"ඒත් ජිමින් මට පොඩ්ඩක්වත් කැමති නෑ.."

"හරි අපි ඉවසමුකෝ තව පොඩි කාලයක්.. ජූන් කිව්වෙත් ට්‍රයි එකක් දීලා බැරි වුනොත් අත ඇරලා දානවා කියලා"

"හ්ම්ම්ම්"

දෙන්නගේ කතාව දිගටම යද්දී ජිමින් ආවේ ජින් එක්ක කතා කරන්න හිතාගෙන..

"හ්‍යොන්ග්...."

"කොල්ලා.. මොකෝ වෙන්නේ??"

"විශේෂ දෙයක් නෑ හ්‍යොන්ග්.. කවද්ද ආවේ??"

"අද උදේ බන්.... උබ තාම කලින් වගේමයි"

"හ්ම්ම් හ්‍යොන්ග්... ඒත් මේ පාටි එකට"

"සෙනා නිසා ආවේ.. උබ උබේ යුතුකම් මග අරිද්දී අපිට බෑ මේ කෙල්ලට මෙහෙම වෙනවා බලන් ඉන්න.. එක කුස ඉපදුනේ නැතිවුනාට අපි එකම පවුලක් වගේ හිටියේ.. ඒත් අපි කාටවත් උබව හදන්න බැරි උනා.."

"අහ්හ්හ් ඒත් හ්‍යොන්ග්"

"උබ එක්ක අපිට තරහක් නෑ.. ඒත් උබ දවසක මේ හැම දේටම පසුතැවෙයි.. ඒ වෙනකන් අපි මේ කෙල්ලව බලාගන්නවා.."

"ඔප්පා.. ප්ලීස් ඕවා කතා කරන්න එපා"

"ඔයා හැමදාම තමන්ගේ හැගීම් හංගගෙන ඉන්න... පේනවද ඔය ශෝල් එක නොතිබ්බ නම් ඔයාගේ බෙල්ලේ ලස්සන??"

කෙල්ල ශොක් වුනා.. ඔව් ජිමින්ගේ කේන්තියේ සලකුණු කෙල්ලගේ මුළු ඇගේම.. කෙල්ල බෙල්ල වටේ ශෝල් එකක් දාන් හිටියත් ජින් අතරින් පතර ඒ පාරවල් දැක්කා.. ජිමින්ට කට උත්තර නෑ..

"මන් අර පැත්තට යනවා හ්‍යොන්ග්.. හෙට අපේ ගෙවල් පැත්තේ එන්න"

ජිමින් එතනින් ගියාට පස්සෙ කෙල්ල කලබලයෙන් ශෝල් එක හැදුවේ තව කවුරු හරි දකී කියලා..

"ඔප්පා මන් වොශ්රූම් එකට ගිහින් එන්නම්"

"හරි කෙල්ල"

සෙනා ඉක්මනට වොශ්රූම් එකට ගියේ ටිකක් ෆ්‍රෙශ් වෙලා එන්න.. සෙනා යන දිහා කෙනෙක් ඈත තියලා බලාගෙන හිටියේ හොද ඉවසීමෙන්..

අයියෝ මේ පාර.. මේක පෙනුනේ කොහොමද?? ඔප්පා මොනා හිතුවද දන්නෙ නෑ..

කෙල්ල තමන්ටම කියන ගමන් ඇදුමත් හදාගෙන වොශ්රූම් එකෙන් එලියට ආවා..

"සෙනා...."

කෙල්ල ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට.. කෙල්ල හැරෙද්දී දැක්කේ කෙල්ලගේ පිටිපස්සට වෙලා අතකුයි ඔලුවයි බැන්ඩේජ් කරගෙන ඉන්න ජීහුව..

"ජී...හූ... ඔයා??"

"හ්ම් ඔව් මන්... අද ලස්සනයිනේ ගොඩක්"

ජීහූ හෙමින් හෙමින් කෙල්ල ලගට ළං වෙද්දී කෙල්ල බයටම අඩිය අඩිය පස්සට ගියා..

"ඔයා... ඔයා ඇයි මේ??"

"ඔයාගේ හස්බන්ඩ් මට කරපු දේ??"

"ඔයා...ඔයා මගෙන් ඈත්වෙලා ඉන්න"

"බෑ.. ඌ උබට ආදරේ නෑ සෙනා"

"නෑ එයා මට ආදරෙයි.. නැත්තම් ඇයි ඔයාට ගහන්නේ??"

"ඒ ආදරේ නිසා කියලද සෙනා ඔයා හිතන්නේ?? මන් මැද්දට ආවම ඌට බෑ ඔයාට රිද්දන්න.. ඌට ඕනේ මාව අයින් කරලා ඔයාට තව තව රිද්දන්න.. මෝඩයෙක් වෙන්න එපා සෙනා.. ඇයි ඌ රිද්දන්න රිද්දන්න ඌට අවස්ථාව දෙන්නෙ??"

කෙල්ල කට පියන් ඔක්කොම අහගෙන හිටියේ කෙල්ලගේ හිතත් දැනගෙන හිටියා ජිමින් කවදාවත් කෙල්ලට ආදරේ කරන්නෙ නෑ කියලා..

"තාම මන් කියන දේ විශ්වාස නැද්ද?? ඔයා දැන දැන ඇයි අමාරුවේ වැටෙන්නේ??"

"ඇති ජීහූ.. ඔව් ඔයා හරි.. හරියටම හරි.. ජිමින් ආදරේ කරන්නෙ නෑ මට.. ඔව් පොඩ්ඩක්වත් ආදරේ කරන්නෙ නෑ.. ඉතින් ඔයාට මොකද?? ඒක අපේ පවුල් ප්‍රශ්නයක්.."

"සෙනා...."

ජීහූ කෙල්ලගේ ලගට තවත් ළංවෙලා කෙල්ලගේ අතක් අල්ලගත්තා.. කෙල්ල අත අදින්න ට්‍රයි කරද්දී ජීහූ තද කරලා අත අල්ලන් හිටියා..

"මෝඩයෙක් නොවී හිතනවා.. මට මීට වඩා කියන්න බෑ"

කෙල්ලගෙ අත අතෑරිය ජීහු එතනින් යනවත් එක්කම කෙල්ල බිත්තිය දිගෙ රූටලා ගිහින් බිමින් ඉදගත්තේ කෙල්ලට තවත් දරාගෙන ඉන්න බැරිවුන නිසා.. කෙල්ල දන්නවා ජිමින් ආදරේ ජීහට කියල.. ඒත් ඒක කිය කිය හැමෝම කලේ කෙල්ලට රිද්දපු එක..

එක පාරටම ජින් කෙල්ල ළගට දුවගෙන ආවා..

"මොකද සෙනා මේ?? ජිමින් බැන්නද??"

"නෑ නෑ අපි යමු ඔප්පා"

ජින් කෙල්ලවත් නැගිට්ටවගෙන ආයේ පාටි එක තිබ්බ ඒරියා එකට එක්කගෙන ගියා..

.............

"කොහෙද ගියේ ජිමින්??"

"අහ් මේ බිස්නස් පාට්නර් කෙනෙක් හම්බෙන්න"

...........

පැය කිහිපයක් ගෙවිල ගියා.. ජීහා වගේම ජිමින් හිටියෙත් කේන්තියෙන්.. ජිමින්ට මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නේ ඇයි සෙනා ගැන හිතද්දී එයා එක්ක ඉන්න අය ගැන කේන්තියක් දැනෙන්නෙ කියලා..

කට්ටියම ගොඩක් විනෝද වුනා.. එක පාරටම ඉස්සරහා තිබ්බ ස්ක්‍රීන් එකේ අනවුන්ස්මන්ට් එකක් කියලා වැටුනා..

Announcement

කට්ටියගෙම ආවදානේ ඒකට ගියත් කට්ටියම පුදුම උනේ ඒකේ ගිය දේ දැකලා..

"ජි..මින්.. ජිමින්.. මේ මොකක්ද??"

එක පැත්තක ජිමින් ජීහා බලාගෙන ඉද්දී අනෙක් පැත්තෙ ලොකු අසරණකමකින් සෙනා ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා..

"සෙනා.. අපි යමු"

ජින් සෙනාව එක්කගෙන එතනින් යන්න ගියත් සෙනා ස්ක්‍රීන් එක දිහාම බලාගෙන හිටියේ එතනින් අඩියක්වත් හෙල්ලෙන්නෙ නැතුව..

"සෙනා.. එනවා යන්න.."

ජින්ට කේන්ති ගියපු පාර සෙනාවත් ඇදෙගෙන එතනින් එලියට ආවත් සෙනා තාම හිටියේ හරි සිහියේ නෙමෙයි..

"ඕක නවත්තපන් 🤬🤬🤬"

ජිමින් ළග තිබ්බ මේසෙට ගැහුව පාර ඒක තිබ්බ තැන ඉදලා අඩි ගාණක් ඉස්සරහට විසික්වුනා..

"ජිමින්... ප්ලීස් කූල් ඩවුන්"

"පැත්තකට පලයන්.. කවුද මේක කරපු එකා.. මිස්ටර් ලී.. පැයක් දෙන්නම් මේක දාපු එකාව හොයන් වරෙන්.."

ජිමින් හිටියේ කේන්තියේ උපරිම හරියේ.. කේන්තිය වැඩිම වුන ජිමින් ලග තිබ්බ ග්ලාස් එක ගැහුවේ ඉස්සරහා තිබ්බ ස්ක්‍රීන් එකට..

ඒ අතරේ ජින් සෙනාවත් අරගෙන ආවේ සෝල් නගරෙම පේන ලස්සන තැනකට.. එනකන්ම කෙල්ල හොදටම අඩනවා.. ජින්ට කෙල්ලගේ ඇඩිල්ල නවත්තගන්න පොඩ්ඩක්වත් බැරිවුනා..

"සෙනා... කෙල්ල.. අහන්නකෝ"

"........."

"එන්නකෝ එලියට.. ඔයාට දෙයක් පෙන්නන්න"

ජින් බලෙන්ම වගේ කෙල්ලව කාර් එකෙන් එලියට ගත්තා.. කෙල්ලවත් අරගෙන තව අඩි ටිකක් ඉස්සරහට ගිය ජින් කෙල්ලට පෙන්නුවේ විදුලි බුබුලුවලින් ලස්සනට දිලිසෙන සෝල් නුවර..

කෙල්ලගේ ඉකිය තප්පර ගාණකට ඒ දසුන නිසා නැවතුනත් ඇස්වලින් බේරුන කදුලු එහෙම්ම බිමට වැටෙනවා..

"අඩන්න එපා කියන්නේ නෑ.. ඒත් පුලුවන් තරම් තමන්ව පාලනය කරගන්න.."

"ඇයි ඔප්පා ජිමින් මට එහෙම කලේ??"

"හ්ම්ම් මන් හිතුවෙ නෑ අපේ එකා ඔහොම එකෙක් කියලා..."

ඒ ස්ක්‍රීන් එකේ තිබ්බේ එදා ජීහා ඇන්ඩ් ජිමින් එකතු වෙලා කෙල්ලට ගැහුව බැන්න ඒවා.. ජිමින් මේ මුකුත් දැනගෙන හිටියේ නෑ.. ඒත් ජීහා...ඔව් මේ ඔක්කොම කලේ ජීහා...

Flashback

"රාවුන් මගේ වැඩේ..."

"මොකක්ද කරන්න ඕනේ"

"මන් තමුසෙට විඩීයෝ එකක් එව්වා.. ඒක හරියටම 9.30 මන් කිව්ව තැනේදී ප්ලේ වෙන්න ඕනේ"

"මට උන පොරොන්දුව මතකනේ.. ඒවා එහෙම නොවුනොත් දන්නවනේ උබට මොකක්ද වෙන්නේ කියල??"

"හරි.. මට ඒවා හොදට මතකයි"

එහෙම්ම කෝල් එක කට් කරපු ජීහා ඇදට වැටුනේ හෙට දවස ගැන හිතන ගමන්..

සෙනා උබ හිතුවේ මාත් එක්ක සෙල්ලම් කරන්නද?? හෙට මන් උබව හැමෝම ඉස්සරහා ලැජ්ජා කරනවා.. එදා මන් උඩට ආවට පස්සෙ උබයි ජිමිනුයි අතරේ ඔක්කොම විඩීයෝ කලා. ඒ එක්කම මන් උබට ගහපුවත් මන් යද්දී කෝකටත් කියලා හයි කරපු කැම් එකේ ලස්සනට තිබ්බා.. ජිමින් වෙනුවෙන් මෙහෙම නෙමෙයි ඕනේ නම් උබව මරන්න හරි මට පුලුවන්.. කිම් කම්පැනි එකේ අලුත් ceo නිකන්ම නිකන් කෙනෙක්ගෙන් ගුටි කනවා.. හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක එකට ඉන්නවා.. උබව මන් ලැජ්ජාවෙනම මරනවා.. ජිමින් මගේ...

Flashback end

"ඔප්පා මට මෙහෙන් යන්න ඕනේ??"

"ඔයාට පේනවද අර ලස්සන සෝල් නුවර??"

"හ්ම්ම්"

"හැබැයි ඔය පේන ලස්සන දැන් විතරයි පේන්නෙ.. හෙට ඉර පායනවත් එක්කම ඕක තනිකර බිල්ඩින් ගොඩක් වෙනවා.. මිනිස්සු එහෙ මෙහෙ යන නිකන්ම නිකන් තැනක් විතරක්ම වෙනවා.. ඒත් රෑට ඒ හැමදේම හංගන් ලස්සනට බැබලෙනවා.. ඔයා දන්නවද කී දෙනෙක් සෝල් නුවරින් එදා වේල හම්බකරන් කනවද කියලා.. ලස්සන හැමදේම ඇතුලේ තියෙන්නෙ දුකක්.. කටුක බවක් සෙනා.. ඔයාට ඈතකට යන්න ඕනේ නම් යන්න.. මන් දන්නවා ඔයා මේ වෙලේ ඉන්න තත්වය..ඒත් සෝල් නුවර වගේ වෙන්න.. මොනා කොහොම කලත් තප්පරයකට හරි ලස්සනට හිනා වෙන්න.. ඔයා වෙනුවෙන් ඉන්න අය ගැන හිතන්න.. "

කෙල්ල ජින් කිව්ව හැමදේම එකින් එක ඇහන් හිටියත් කෙල්ලට දෙන්න තරම් උත්තරයක් තිබ්බෙ නෑ.. කෙල්ල තාමත් ඈතින් දිලිසෙන සෝල් නුවර දිහා බලන් ඉන්නවා.. කෙල්ලට එහෙම්ම ඉන්න දීලා ජින් කාර් එකේ බොනට් එකට හේත්තු වුනේ විනාඩි ගාණකට කලින් වුන දේවල් ගැන හිතමින්..

පැයක් විතර එහෙම්ම ගෙවිලා ගියා..

"සෙනා ගෙදර යමුද??"

"මන් කොහොමද ඔප්පා ගෙදර යන්නේ?? මට බෑ"

"අපි ගිහින් කතා කරමු"

"ඔප්පා..."

"යමුකෝ.. මන් ඉන්නවනේ"

ජින්ගේ බලකිරිල්ලට අවසනේ සෙනා කාර් එකට නැග්ගා.. ඒත් කෙල්ල හිටියේ බලාගත්තු අත බලාගෙන.. හෙට ඉදන් කෙල්ල මේ වගේ තත්වෙක ආයේ ඔෆිස් එකට යන්නෙ කොහොමද?? කෙල්ල ඒ ගැන හිත හිත ආවා.. ජින් කෙල්ලව අරගෙන අන්තිමට ආවේ ගෙදරට..

"සෙනා අපි ආවා.."

"ඔප්පා.. අනේ මට බෑ"

"හරි අහන්නකෝ සෙනා"

"අනේ ඔප්පා.."

"අපි ඔයා එක්ක ඉන්නවනේ.. යමු එන්න"

ජින් කෙල්ලගේ අතින් ඇදගෙන බලෙන්ම ඇතුලට අරගෙන ගියා.. යද්දී අජුම්මා පඩිපෙල ලග වාඩිවෙලා අත් දෙකම ඔලුවට ගහගෙන හිටියා..

"අජුම්මා..."

"ජින් මහත්තයා.. කෝ පොඩි මහත්තයා??"

"ඇයි ඌ කොහෙද ගියේ??"

"අනේ මන්දා.. ටිකකට කලින් ඇවිල්ලා සෙනා බේබීව හෙව්වා.. මුලු ගේම වැනසුවා.. ආයේ යන්න ගියා"

"අනේ ඔප්පා ජිමින්...."

"යකෝ මේක මාර වැඩක්නේ.. දැන් ඒ ගමන ජිමින් ගැන බය වෙලා"

කෙල්ල ලැජ්ජාවට බිම බලාගත්තා..

"ඉන්න කෝල් එකක් දීලා බලමු"

එතකොටයි දෙන්නටම මතක් වුනේ දෙන්න ලග ෆෝන් එක නෑ කියලා..

"ෆෝන් එක නෑනේ... සෙනා ඔයාගේ එක???"

"කාර් එකේ ඔප්පා"

ජින් ඒ එක්කම දුවලා ගිහින් ෆෝන් දෙක අරන් ආවා.. එතකොටයි දැක්කේ ජිමින්ගෙන් මිස් කෝල් විස්සක් විතර තියනවා කියලා..

"මූ කෝල් බරට අරන්"

"මටත් ඔප්පා.."

"යකා නැගලා තියෙන්නෙ මේකට තමා... ඉන්න අරන් බලමුකෝ"

📞📞📞📞📞

"ජිමි...."

"කොහෙද ඉන්නේ?? මන් කී පාරක් කතා කලාද?? 😡😡"

"ඇයි උබ මේ කෙල්ල මැරුනද බලන්නද කතා කලේ??"

"හ්‍යොන්ග් කෝ සෙනා??"

"දන්නෙ නෑ... උබ ගෙදර වරෙන් දැන්ම"

"දන්නෙ නෑ කියන්නෙ ඔයා එක්ක එයා ගියේ??"

"උබ වරෙන්කො ගෙදර"

ජින් එහෙම්ම ෆෝන් එක කට් කරලා සෝෆා එකෙන් ඉදගත්තා..

"ඔප්පා ජිමින්"

"එයි එයි... ඉන්න අඩන්නෙ නැතුව"

"හ්ම්ම් මන් චේන්ජ් කරන් එන්නම්"

කෙල්ල අජුම්මට මොනාහරි බොන්න හදන්න කියලා ගියේ වොශ් එකක් දාගන්න.. ජිනුත් මහන්සියට සෝෆා එකේ ඇල වුනා..

.................

"හ්‍යොන්ග් හ්‍යොන්ග්...."

"මොකද යකෝ කෑගහන්නේ??"

"සෙනා කෝ?? හ්‍යොන්ග් මොකක්ද ඒ උනේ??"

"මගෙන් අහන්නේ උබ කරපුවා"

"මන්... මන් මොකටද එහෙම කරන්නේ??"

"උබට ඕනේ උනේ කෙල්ලව ලැජ්ජා කරන්නනේ.. දැන් උබට මොකද හිතෙන්නේ??"

"මන්... මන් නෙමෙයි.. මන් දන්නෙ නෑ.. හැබැයි මන් කරපු එකාව මරනවා"

"මැරුවා කියලා අර කෙල්ලට උන ලැජ්ජාව.. යකෝ ආදරේ නැත්තම් එක පාර කියලා දෙන්න ඇයින් වෙයන්.. මෙහෙම කරන්න එපා.. ඒකී රොබෝ කෙනෙක් නෙමෙයි"

"හ්‍යොන්ග් මන් නෙමෙයි... මන් ඔව් මන් නරකයි තමා.. මන් සෙනාට වද දුන්නා.. ඒත් මන් නෙමෙයි මෙහෙම කලේ... "

"ඕවා උබ කියපන් සෙනාටම.."

"කෝ දැන්??"

"අනිත් එක මොකක්ද උබ අර කෙල්ලට කරලා තියෙන්නේ??"

"මොකක්ද??"

"යකෝ ඒ කෙල්ලට ඇදුමක් අදින්න බෑ.. උබ බල්ලෙක්ද කියපන්"

ජිමින්ට ඒවට දෙන්න උත්තර තිබ්බෙ නෑ.. කරබාගෙන බිම බලන් හිටියා..

"කෝ දැන් එයා"

"එයා.... අනේ උබත්.. උඩ ඇති.."

ඒ කිව්ව ගමන් ජිමින් උඩට දිව්වා..

"කෙල්ලට ගහල අහුවෙන්න එපා"

ඒකටත් අත වනාගෙන ජිමින් දිව්වේ කාමරේට.. දොර භාගෙට අඩවල් කරලා තිබුන නිසා කොල්ලා කඩාගෙන ඇතුලට ගියත් සෙනා පේන්න හිටියේ නෑ.. කොල්ල කෙලින්ම දිව්වේ වොශ්රූම් එක ලගට..

"සෙනා.. මට කතා කරන්න ඕනේ"

.............

"සෙනා... තමුසේ ඇතුලේ ඉන්නවද??"

කෙල්ලගේ කිසිම සද්දයක් ආවේ නෑ..

"මන් මේක කඩනවා කතා නොකෙරුවොත්.. සෙනා.."

............

"මගේ යකා අවුස්සන්නෙ නැතුව අරිනවා දැන්ම දොර..."

ජිමින් කොච්චර කතා කලත් සෙනාගෙන් කිසිම උත්තරක් ආවේ නැති නිසා ජිමින් දොරට පයින් පාරක් ගැහුවා.. දොරේ ලොක් එක කඩන් ඇරෙනවත් එක්කම ජිමින් ඇතුලට ගියා..

"සෙනා 😓😳"









Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top