The pain.......
"ජිමින් මේකී... මේකී කරලා තියන වැඩේ දන්නවද??"
සෙනා බිම ඉදන් කම්මුල අල්ලන් බලාගෙන හිටියේ ජීහා කියන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව.. ජිමින් ජීහා ලගට ගියේ මොකද උනේ අහන්න..
"මොකක්ද උනේ කියනවා"
"අර එදා ක්ලබ් එකේ ඔයා ගහගත්ත කොල්ලා"
"ඉතින් කියනවා"
"මේකී ඌට මගේ නම්බර් එක දීලා.. මන් මෙහේ ඉන්නේ විස්තර කියලා.. තව තව මගේ ෆොටෝ එහෙමත් යවලා"
"වට් 😡😡"
"අනෙ මොනාද මේ කියන්නේ ජීහා?? මන්..."
"කටවහපන්.."
ජීහා ආයේ කෙල්ලගේ අනික් කම්මුලට ගැහුවේ කෙල්ලට කතා කරන්න නොදී..
"ඊයේ මට ශූට් එකකට කතා කලා.. මන් කිව්වේ.. මන් අද ගියා.. බැලින්නම් මේකී කරලා තියෙන්නෙ.."
"මෙයා කොහොමද??"
"ඔයාට මාවද මෙයාවද ශුවර් ජිමින්?? අනික ඌ කොහොමද මෙයාව දන්නේ?? උන් මට කරදර කරන්න හැදුවා.."
"මොකක් 🤬🤬🤬"
"ඔව්.. මන් මෙහෙ ඉන්න එකට මේකී ආස නෑලු.. ඒකලු මෙහෙම කරන්නේ.. ජි..ජිමින් උන් කොහොමද ජිමින් මන් මෙහෙ ඉන්නවා කියලා දන්නේ?? මේකී මේ අහිංසකයි වගේ රගපානවා 🤬🤬🤬"
සෙනාට මුකුත්ම හිතාගන්න බැරිවුනා.. ජිමින්ගේ රතු කට්ට පැන්නේ ජීහා කියන්නෙ ඇත්ත කියලා පිලිගද්දී..
"තමුසේ එහෙම කලාද??"
ජිමින් කෙල්ල ලගට පාත් වෙලා අහද්දී හොදටම බය වෙලා හිටිය කෙල්ල නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..
"ඇත්ත කියපන්"
"ජි..ජිමින් මන්..මන්. මේ මුකුත් දන්නේ නෑ.."
"එහෙනම් මේ ගෙදර ජීහා ඉන්නවා කියලා පිට උන් දන්නෙ කොහොමද??"
"මන්.. මන් දන්නෙ නෑ.."
"අජුම්මා කිව්ව කියලද කියන්නේ??"
"අනී.."
"සෙනා තමුසේ කියන්නේ තමුසේ මන් මේ කියන මනුස්සයව දන්නෙ නෑ කියලද??"
"ඔව් ජීහා.. ඔයා මොනාද මේ??"
"මේ මොකක්ද??"
ජීහා ෆෝන් එකේ තිබිලා පෙන්නුවේ සෙනාගේ ස්කූල් කාලේ ෆොටෝ එකක්.. ඒක ක්ලාස් එකේ ඔක්කොම එක්ක ගත්ත එකක්..
"ඔය.. ඔය මන් ස්කූල්"
"එතකොට මේ උබට පිටිපස්සෙ ඉන්න එකාව උබ දන්නෙ නෑ කියලද කියන්නේ?? පාක්ජෝන් ඇමතිගේ පුතාව??"
කෙල්ල ඒකට නම් ටිකක් ගැස්සුනා.. ඔව් පාක්ජෝන්ගේ පුතා එහෙම නැත්තම් පාක් රාවුන් හිටියේ සෙනාගේ ක්ලාස් එකේ.. ඒත් සෙනා කතාවත් කරලා නැති කෙනෙක් රාවුන් කියන්නේ..
"එයා.. මගේ ක්ලාස් එකේ"
"ඔය කියන්නේ..."
"ඒත් මන් එයාව ආශ්‍රය කරන්නෙ නෑ ජිමින්.. මේ ඇත්තමයි"
කෙල්ල ජිමින් ළග බැගෑපත් වුනත් ජිමින් හිටියේ යක්සාවේස වෙලා.. ජිමින් කෙල්ලගේ කොණ්ඩේ අබරලා ළගට ගද්දී කෙල්ල කෑගැහුවේ වේදනාවට..
"අජුම්මා.."
"අනේ පොඩි මහ්"
"අජුම්මා උබටත් මැරෙන්න ඕනේද?? පලයන් යන්න"
කේන්තියෙන් හිටිය ජිමින් කෙල්ලව තල්ලු කරලා දැම්මේ පිටිපස්සෙ තිබ්බ මේසේ පෙරලගෙන වැටෙන්න.. ඒ එක්කම ජීහා ජිමින්ව බැක් හග් කලා.. කෙල්ලට මුකුත්ම හිතාගන්න බැරිවුනා..
"ජිමින් නවත්තන්න.. මට මුකුත් වුනේ නෑ"
ජිමින් කෙල්ලව ඉස්සරහට අරගෙන හග් කලේ සෙනාට පෙන්නම.. සෙනාගේ ඇස්වලින් පෝලීමට කදුලු වැටෙද්දී සෙනා තේරුම් ගත්තා ජිමින් සහා ජීහා කියන්නේ යාලුවෝ නෙමෙයි කියලා..
"ඔයා රූම් එකට යන්න ජීහා.."
ජීහාව රූම් එකට යවලා ජිමින් ආවේ කෙල්ල ලගට..
"ඇයි උබ පුදුමෙන්?? අප්පාට කියනවද??"
"ජි..ජිමි..න් ජීහා ඔයාගේ"
"ඔව් ඔව් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. තව ටික දවසකින් වයිෆ්"
කෙල්ල එක පාරටම කන් දෙක අතින් වහන් කෑගහන්න ගත්තා..
"නෑ නෑ ඒක වෙන්න බෑ.. අප්පා..."
"උබේ අප්පා එන්නෙ නෑ.. උබ මන් කියන විදිහට නොහිටියොත් උබව පාරට දානව 🤬🤬🤬"
කෙල්ලගේ නිකට අල්ලලා තද කරපු ජිමින් කෙල්ලගේ මූණට එබුනා..
"තව දෙයක්.. ජීහා කියන හැමදෙයක්ම කරපන්.. ජීහාගේ හිත රිද්දුවොත් උබට වෙන දේ හිතාගන්නවත් බෑ.. "
කෙල්ල ඉකි ගහද්දී ජිමින් එහෙම්ම කෙල්ලව දාලා ගියේ උඩට.. කෙල්ල හිටියේ වැටුන වේදනාවට වඩා හිතේ වේදනාවෙන්..
කෙල්ල එහෙම්ම අඩ අඩ හිටියත් කවුරුත් කෙල්ලගේ හිත නිවන්න ආවේ නෑ.. කෙල්ල අඩනවා බලන්න බැරිම තැන අජුම්මා බයෙන් බයෙන් ආවේ අජුම්මටත් කෙල්ලගේ වයසෙම ළමයෙක් ඉන්න නිසා..
"බේබී... 😓"
"අජුම්මා ඔයත් දැනගෙන.. දැනගෙන හිටියද??"
"මට සමාවෙන්න බේබී"
"ඇයි මට කිව්වේ නැත්තේ?? ඇයි අජුම්මා 😓😓😓"
"මන් මේ ගෙදර වැඩකාරී"
"ඔක්කොම මට බොරු කලේ.."
කෙල්ල නොනවත්වාම අඩද්දී අජුම්මා කෙල්ලව තුරුල් කර ගත්තා..
"මටත් ඔයාගේ වයසෙ දුවෙක් ඉන්නවා.. එයාව ජීවත් කරන්නේ මේ ජොබ් එකෙන්.. මට සමාවෙන්න බේබී.."
කෙල්ල අජුම්මව බදාගෙන සෑහෙන්න වෙලා ඇඩුවා.. අඩල අඩලා හති වැටුන කෙල්ල නැගිට්ටේ ජිමින් එක්ක කතා කරන්න.. කෙල්ලට හැමදෙයක්ම දැනගන්න ඕනේ වුනා.. කෙල්ල කෙලින්ම ගියේ රූම් එකට.. ඒත් රූම් එකේ ජිමින් හිටියේ නෑ.. කෙල්ලට යාන්තමට වගේ හිනා වෙන සද්දයක් ආවේ ජීහාගේ රූම් එක පැත්තෙන්.. කෙල්ල හෙමින් අඩි තිය තිය ගියේ ඒ පැත්තට..
.
.
.
.
.
At hotel
"අම්බෝ කොල්ලගේ ලස්සන... ජූන් හ්යොන්ග් මාර හැන්ඩ්සම් වෙලානේ නේ"
"මොකද උබල දෙන්න මට මල්ලී බලන්න යන්න කලින් එන්න කිව්වේ??"
ජූන් අද එනවා කියලා දන්නේ ටේ ඇන්ඩ් කුකී විතරයි.. මොකද කොල්ලට ඕනේ උනේ ජිමින්ව ටිකක් පුදුම කරන්න.. ඒත් ජිමින්ව පුදුම කරන්න ගිහින් කොල්ල පුදුම වෙයි කියලයි මුලින්ම හොටෙල් එකට එන්න කිව්වේ..
"උබට කියන්න දෙයක් තියනවා.. නැත්තම් ලොකු අවුලක් යයි"
"මොකක්ද කුකී??"
"ටේ උබම කියපන්"
"ජිමින් අර ගෑනිවත් ගෙදර ගෙනල්ලා"
"මොන??"
"ජීහා"
"මොන 🤬🤬🤬🤬 යමන්"
"ඕකනේ මූලග්ගින්න.. ඉදපන් කියනකන්"
"කියපන්.. මන් අද පොඩි එකාගේ බෙල්ල ගලවනවා"
"සෙනා දන්නේ නෑ ජීහා කවුද කියලා.. එයා දන්නේ ජීහා ජිමින්ගේ යාලුවෙක් කියලා.."
"මොකක්??"
"ඔව්ව්.. අරකිව අයින් නොකලොත් සෙනාගෙයි ජිමින්ගෙයි මැරේජ් එක නැති වෙයි ජූන්"
"අනික ජූන් ජීහා සල්ලි මත්තේ ඉන්න ගෑනියෙක්.. දන්නවනේ"
"හ්ම් ඔව් කුකී.. හරි මන් යනවා දැන්.."
ජූන් කොල්ලො දෙන්නට සමුදීලා කෙලින්ම ආවේ ජිමින්ලගේ ගෙදරට.. ගේ ළගට කාර් එක දාද්දී අමුතු මූසල ගතියක් දැනුනත් ජූන් යකා වගේ ආවේ ජිමින් එක්ක තරහෙන් පුපුරද්දී..
කොල්ලා කාඩාගෙන ගේ ඇතුලට ආපු ගමන් දැක්කේ පඩිපෙල උඩ වාඩිවෙලා අඩන අජුම්මව..
"අජුම්මා"
"ලොකු බබා.. අනේ ලොකු බබා බේබී ගියා.. බේබීව හොයන් එන්න.. අනේ කෙල්ල තාම මුකුත් දන්නෙ නෑ"
"කවුද මොකද උනේ කියන්න අඩන්නෙ නැතුව.. කවුද ගියේ? කොහෙද??"
"සෙනා බබා.."
"කෙල්ල කෝ?? මොකද උනේ??"
"පොඩි මහත්තයා ගැහුවා......
Flashback
කෙල්ල හෙමින් හෙමින් ආවේ ජීහාගේ රූම් එක ලගට...
"ජි...ජිමින්..."
කෙල්ල බයෙන් බයෙන් කතා කරද්දී මෙච්චරවෙලා කාමරය ඇතුලෙන් ඇහුන සද්දය නතර වුනා.. කෙල්ල තවත් බය වුනත් ආයේ කතා කලේ ජිමින් එක්ක ප්‍රශ්නේ කතා කරන්නම ඕනේ නිසා...
"ජිමි...ජිමින්..."
"මොකද???"
ජිමින් දොර ඇරලා දොර හරස් කරලා හිට ගත්තා.. කෙල්ලගේ දුක තවත් වැඩිවුනේ ජිමින් හිටිය හැටි දැකලා.. ජිමින් හිටියේ ටවල් එකක් විතරක් ඉනේ රදවගෙන.. ජිමින්ගේ අත් අස්සෙන් රූම් එකේ ඇතුල දැක්ක කෙල්ලගේ ඇස්වලින් හෝ ගාලා කදුලු කඩන් වැටුනා.. ජීහා හිටියේ ශීට් එකක් පපුව ලගට ළං කරගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා.. කෙල්ල විනාඩි ගාණකට ගල් වුනා..
"මොකද??"
"ජිමින් අපි කතා කරමු"
කෙල්ල කැඩි කැඩි කිව්වා..
"මොනාද??"
"බබා ඔයා එනවද?? මන් චේන්ජ් කරගන්නවා"
"wait darling"
"කියපන් මොනාද කතා කරන්න තියෙන්නෙ.."
"එන්න අපි යමු.. අපි යමු අපේ කාමරේට"
"අහකට පලයන්.. උබ ඕනේ මගුලක් කරගනින්.."
ජිමින් සෙනාව තල්ලු කරලා ඩෝ එක වහලා දැම්මා.. එතනින් එහා දොර එහා පැත්තෙන් ඇහුනේ සෙනාට අහගෙන ඉන්න පුලුවන් සද්දයක් නෙමෙයි..
"ජිමින්..... ප්ලීස් එපා"
කෙල්ල මුලු ගේම දෙවනත් වෙන්න කෑගැහුවත් කාටවත් කෙල්ලගේ දුක තේරුනේ නෑ.. දොරට ගහ ගහා කෙල්ල ජිමින්ට කතා කලත් ජිමින් මොහොතකටවත් දොර ඇරියේ නෑ.. ජිමින්ගේ ජීහාගේ සද්දේ සෙනාව පණ පිටින් මැරුවා.. තමන්ගේ හස්බන්ඩ් වෙන ගෑනු කෙනෙක් එක්ක තමන්ගේ ඉස්සරහා ඉන්නවා බලන් ඉන්න තරම් සෙනා ශක්තිමත් නෑ.. විනාඩි ගාණක් ඇඩුව සෙනා අන්තිමට බැරි බැරි ගානේ නැගිටලා රූම් එකට ගියේ සදහටම මේ අපායෙන් යනවා කියලා හිතාගෙන..
ඇදුම් දෙක තුනක් බෑග් එකකට ඔබා ගත්ත කෙල්ල ෆෝන් එකත් මේසේ උඩම තියලා වෙඩින් රින්ග් එකත් ෆෝන් එක ලගින්ම තියලා කාමරෙන් එලියට බැස්සේ ආයේ කවමදාවත් එන්නෙ නෑ කියන පොරොන්දුව එක්ක..
තාමත් ජීහාගේ හිනාවයි ජිමින්ගේ හිනාවයි ගේ පුරා දෝංකාර දෙද්දී තමන්ට අයිති හැමදේම දාලා සෙනා ගෙදරින් එලියට බැස්සේ යන්නේ කොහෙද කා ගාවටද කියලවත් නොදැන.. මොකද කෙල්ලට හිටියේ ජිමින් විතරයි..
Flashback end
හිටපු කේන්තිය වැඩිවෙද්දී ජූන් ආයේම එලියට ගියේ සෙනාව හොයන්න යන්න හිතාගෙන..කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කොල්ලා පාර දෙපැත්තම බල බල කෙල්ලව හෙව්වා..
"කුකී.... සෙනා ගෙදරින් ගිහින්"
"මොකක්??"
"ඔව් සීන් එක කිය කිය ඉන්න ටයිම් එකක් නෑ.. පොඩ්ඩක් බලපන් ටේ එක්ක.. මාත් මේ හොයනවා"
ටේ කුකීටත් කියලා ජූන් සෙනාව ගේ ලග ඉදලා තිබ්බ හැම පාරකම හෙව්වා..
.
.
.
.
.
.
.
.
Time passed
"ජිමින් 😡😡😡"
කෙල්ලව හොයලා හොයලා බැරිම තැන ජූන් ආවේ ආයේ ගෙදරට..
"හ්යොන්ග්"
ජිමින් තාම සෙනා ගෙදර නෑ කියලා දන්නෙ නෑ..ජිමින් හිටියේ පහල සෝෆා එකේ ජීහා එක්ක කතා කර කර.. දෙන්නම ජූන්ව දැක්ක ගමන් ගැස්සුනා..
"සෙනා කෝ?? කෙල්ලව එක්කන් වරෙන්"
"සෙනා..."
ජිමින් වාඩිවෙලා හිටිය තැනෙන් නැගිටලා සෙනාට කතා කලා.. ජිමින් ජූන්ට බයයි..
"ගිහින් එක්කන් වරෙන්"
"හ්යොන්ග්"
"ජිමින් 😡😡"
කොල්ල දැනගෙන හිටියේ නෑ ඇයි ජූන් කේන්තියෙන් ඉන්නෙ කියලා.. ජිමින් හිතුවෙ ජීහාව දැක්ක නිසා කියලා.. ජිමින් කරබාගෙන උඩට ගියේ සෙනාව එක්කන් එන්න.. රූම් එකට ගිය ජිමින් රූම් එක පුරාම සෙනාව හෙව්වත් සෙනා හිටියේ නෑ.. රූම් එකෙන් එන්න යද්දී ජිමින්ගේ ඇස් ගියේ මේසේ උඩ තිබ්බ වෙඩින් රින්ග් එකට.. කොල්ල ඒක දැක්ක ගමන් එතනට දිව්වා.. ඒ එක්කම පිටි පස්සෙන් ඇවිල්ල හිට ගත්තේ ජූන්..
"කෝ කෙල්ල??"
"හ්යොන්ග් මේ මේ සෙනා"
"කෝ??"
"හ්යොන්ග් සෙනා අහ්හ් සෙනා ගිහින්.."
"ඇයි ඒ??"
ජූන් මුකුත්ම නොදන්න ගාණට ඇහුවා.. ජිමින්ට කියන්න දෙයක් මතක් නොවුනත් ඇග බේරගන්න ඕනේ කමට බොරුවක් කියන්න තීරණය කලා..
"එයාට වෙන අෆෙයර් එකක් තිබ්බා.. මන් අද ඒකට රණ්ඩුවුනා.."
"සෙනා එහෙම කෙනෙක්ද??"
"ඔව් ඔය අහිංසක උන් දන්නෙ නැද්ද හ්යොන්ග්"
"එතකොට අරකි මොකද මෙහෙ??"
"අහ් මේ ජීහා ආවේ ඔෆිස් එකේ වැඩකට"
"ඒකීව යවපන්කෝ මුලින්"
"හ්යොන්ග්"
ජූන් ජිමින්ගේ කොලර් එකෙන් අල්ලලා ලගට ඇදලා ගත්තා..
"මන් පලවෙනි පාරට සතුටු වෙනවා මන් අප්පයි උබ වගෙයි නෙමෙයි කියලා ලෝකයා කිව්ව කතාවලට.."
"මොකද හ්යොන්ග්"
"උබ හිතුවේ මන් ගොනෙක් කියලද?? මන් ආයේ පැයකින් එද්දී අරකී මේ ගෙදර හිටියොත් මන් ඒකීගේ බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ.. උබ දන්නවනේ මන් කියන දේ ඒ විදිහටම කරනවා කියලා"
එහෙම්ම ජිමින්ව තල්ලු කරගෙන පහලට ආව ජූන් ජීහට ඇගිල්ල දික් කරගෙන එලියට ගියා.. ජීහත් ටිකක් බය වුනා.. මොකද ජූන් පෙනුමෙන් ටිකක් සැර ගතිගුණ තියන කෙනෙක් වගේ පේන නිසා..
ඔව් ගොඩක් අය කියන දෙයක් තමා ජූන් ජූන්ගේ අප්පා වගේ නෙමෙයි කියලා.. ජූන් ආස නෑ බොරුවට වංචාවට.. ජූන් කියන්නේ හොද මොලයක් තියන බුද්ධිමත් කොල්ලෙක්..
ජූන්ගේ කාර් එක යන සද්දේ එක්ක පහලට ආව ජිමින් කලබලයෙන් ජීහාවත් ඇදගෙන දිව්වේ කාමරයට..
"මොකද බබා??"
"ඔයා යන්න දැන්ම.. හ්යොන්ග්ට යකා නැගලා"
"ඔයා බයද??"
"ඔව්"
"මොකක්? ජිමින් මට බෑ"
"ජීහා ඔයා හ්යොන්ග් ගැන දන්නෙ නෑ.. කියන දේ අහන්න.. අරකී ගෙදරින් ගිහින්.."
"මොකක්?? ඉතින් අපිට ඕනේ වුනේ ඒකනේ"
"ඔව් ඒක තමා..ඒත් එක පාරටම හ්යොන්ග් ආව එක අවුලක්.. හ්යොන්ග් ලේසීයෙන් මට මේ දේවල් කරන්න දෙන්නෙ නෑ.. මන් මේ ඔක්කොම ශේප් කර ගන්නකන් ඔයා ආයේ අපාර්ට්මන්ට් එකට යන්න"
ජීහාට පැහැදිලි කරලා කියලා කියලා කොහොමහරි ටැක්සි එකක් ගෙන්නලා දාලා යැව්වේ පරන අපාර්ට්මන්ට් එකටමයි.. ජීහා යන දිහා සතුටෙන් බලන් හිටිය අජුම්මා කෑම ලෑස්ති කරන්න ගියේ රෑට ජූන් එනවා කිව්ව නිසා..
At unknown place
"බොස්..."
"කියපන්"
"මොකක්හරි අවුලක් වගේ"
"ඇයි??"
"එක කෙල්ලෙක් ගෙදරින් ගිහින්.. අනික් එකත් මේ දැන් පරණ තැනටම ගියා.."
"වට්??"
"ඔව් බොස්"
"අපරාදෙ... ඒකී ඌ එක්ක හිටිය නම් දවස් දෙකෙන් ඌ බංකොලොත් වෙනවා.. මට ඌව මරන්න ඕනේ.. මට කවුරුත් අතක් උස්සලා නෑ.. බල්ලා 🤬🤬"
"හැබැයි ඌගේ වයිෆ් ගිය නිසා දැන් වැඩේ ලේසී.. "
"හ්ම්ම්ම් අරකි මාර ගොන් බඩුවක් බන්.. මන් කිව්ව ඔක්කොම පිලිගත්තා"
"මොනාද බොස් උනේ??"
Flashback
" excuse me"
"කියන්න මැඩම්"
ජීහා ෆෝන් එකට ආව කාඩ් එක පෙන්නුවේ එතන හිටිය රිසෙප්ශනිස්ට..
"අතනින් දකුණට හැරෙද්දී තියන රූම් එක මැඩම්"
"තැන්කිව්"
ජීහා ඩෝ එකට තට්ටු කලාම ඇතුලෙන් එන්න කිව්වා.. ජීහා ඇතුලට ගියාම පුදුම උනේ ඇතුලේ හිටිය කෙනාව දැකලා...
"ඔයා??"
"උබ නිසා මට එක එක බල්ලොන්ගෙන් ගුටි කන්න උනා"
"ඒක අත් වැරැද්දක්"
"එහෙමද??"
රාවුන් නැගිටලා ජීහාගේ පැත්තට අඩිය අඩිය ළං වෙද්දී කෙල්ල බයටම පස්සට ගියා..
"උබ ලස්සනයි..."
"මන් යන්න ඕනේ"
"අමාරුවෙන් සෙනාට කියලා ගත්ත චාන්ස් එක නැති කරගන්නද කියන්නෙ තෝ??"
"සෙනා??"
"ඔව්ව්ව් සෙනා මගෙ ක්ලාස්මේට්.. මන් දැනගත්තා උබ මේ නටන්නේ සෙනාගේ හස්බන්ඩ් එක්ක කියලා.. ඉතින් මන් උදව් කරන්න කැමති වුනා උබව අයින් කරන්න"
එහෙම කියලා ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකක් පෙන්නුවා.. ඒක ස්කූල් කාලේ ගත්ත එකක්..
"මට යන්න දීපන්"
ලගට ලංවුන රාවුන්ගේ අත හැපුව කෙල්ල එලියට දුවද්දී කොල්ල ටිකක් බයෙන් යන්න එපා කියලා කෑගැහුවත් ඒක කලෙත් බොරුවට..
"බොස් අල්ලගෙන එන්නද??"
"එපා යන්න දීපන්.. දැන් අනිත් එකී කතාවෙන් අයින් වෙයි..."
Flashback end
.
.
.
.
.
.
හරියටම පැයක් යද්දී ජූන් ආවේ කුකී ඇන්ඩ් ටේ එක්ක..
"ජිමින්..."
"හ්යොන්ග්??"
"අද ඉදන් අපි තුන් දෙනා මෙහෙ ඉන්නවා.. මුන් දෙන්න යයි ඉක්මනට.. මගේ වැකේශන් ඉවර වෙනකන් ඉන්නවා.. අවුලක් නෑනේ"
"මොන අවුලක්ද හ්යොන්ග්... මාත් තනියමනේ ඉන්නේ"
"මේ කුකී ජින්ට කතා කලාද??"
"ඇයි ජින් හ්යොන්ග්ට??"
ජූන්ගේ ප්‍රශ්නෙට තව ප්‍රශ්නයක් දුන්නේ ජිමින්..
"සෙනාව හොයාගන්න ඕනේ"
"අහ්හ්හ්හ්"
"ඔව් ජූන් හ්යොන්ග්.. ජින් හ්යොන්ග් බලන්නම් කිව්වා ඒ ගැන"
"හ්ම්ම්ම්.."
තුන්දෙනා ඒ කතාව මදකට නවත්තලා විස්තර කතා කර කර කන්න ගත්තා.. කට්ටිය කාලා නැගිටිද්දී වෙලාව නවයත් පහු වෙලා නිසා තව වෙලා නොගෙන කට්ටිය ගියේ නිදාගන්න..
After 2 days
ජූන් ඉන්න නිසා මේ ටිකේ ජිමින්ට ඕනේ ඕනේ දේවල් කරන්න හම්බුනේ නෑ.. ජූන් අප්පගෙන් ජිමින්ව ඈත් කරන්න උපරිම උත්සහ කරනවා.. මොකද අප්පගේ හැටි ජූන් හොදටම දන්න නිසා..
අද ඉස්සරහ වැඩ ගැන කතා කරන්න ජිමින් බෝඩ් මීටින් එකක් ගත්තා.. කම්පැනි එකේ මැනේජ්මන්ට් එකම මීටින් එකට ආවා.. ජීහා ජිමින්ගේ සෙකට්‍රි විදිහට මීටින් එකට ආවා..
ජිමින් මීටින් එක පටන් ගන්න යද්දිම ජූන් excuse කරලා ඇතුලට ආවා.. ආව ගමන් ජීහාව දැක්ක ගමන් ජූන්ගේ රතු කට්ට පැන්නත් ජූන් ජිමින් වගේ කේන්තිය ලේසියෙන් පිට කරන නෙමෙයි..
"හ්යොන්ග්??? ඔයා.. ඔයා ඇයි??"
"එන්න ඇතුලට"
ජූන් දොර ලගින් එහාට වෙද්දී ඇතුලට ආවේ සෙනා..
"සෙනා 😳😳😳"
සෙනා ටික ටික ජිමින් ළගට ළං වුනා..
Sena pov
මට ජිමින්ව දැක්කම වෙනදා වගේම ලොකු බයක් දැනුනා.. ඒත් ජූන් කිව්ව දේවල් එක්ක මට බෑ නිකන්ම නිකන් දුර්වලයෙක් වගේ පැත්තකට යන්න.. මන් මට පුලුවන් උපරිම ශක්තිය අරන් ජිමින් ඉස්සරහට ගියා..
Flashback
මන් එදා ගෙදරින් එලියට බැස්සෙ යන්නෙ කොහෙද මොකද කරන්නෙ කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව.. මට මේ ලෝකේ හිටියේ අප්පා විතරයි.. මන් ඇදුම් බෑග් එකත් උස්සන් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා.. මහන්සියට මන් බස් හෝල්ට් එකට වෙලා බලන් හිටියේ අවසානයක් නොතිබ්බ පාර දිහා..
"සෙනා..."
මාව එක පාරට ගැස්සුනේ මගේ ඉස්සරහා නතර කරපු කාර් එකේ කෙනා කතා කලාම..ඒත් මන් එයාව දන්නෙ නෑ..මන් ගැස්සිලා නැගිට්ට ගමන් ඒ කෙනා මන් ළගට ආවා..
"බය වෙන්න එපා..මන් ජූන්..ජිමින්ගේ හ්යොන්ග්"
"අනෙ මට ඉන්න දෙන්න.. මන් මෙහෙන් යන්නම්"
"කොහේ යන්නද?? ප්‍රශ්නවලින් පැනලා??"
"අහ්හ්හ්"
"මන් ඔයාට උදව් කරන්නම්"
මන් ජූන් කතා කලාට යන්න අදිමදි කලා.. ඒ වෙලාවේ ජූන් ජූන්ගේ id එක වගේම ජිමින් එක්ක ගත්ත ෆොටෝ පෙන්නුවා.. ඒකෙන් මන් මේ ජිමින්ගේ හ්යොන්ග් කියලා විශ්වාස කලා..
ජූන් මාවත් අරන් ආවේ ටේලා නැවතිලා හිටිය අපාර්ට්මන්ට් එකට..
"සෙනා ඔයා කම්පැනි එකට යන්න ඕනේ"
"අනේ මට බෑ"
"සෙනා මටත් කේන්ති යනවා.. අර ජීහා කියන එකී ජිමින්ව රවට්ටගෙන ඉන්නෙ.. සල්ලිවලට.. තමුසෙට ඕනේ ඌ අරකි නිසා විනාස වෙනවා බලන්නද??"
"නෑ.. ඒත්.. ඒත් මන් මොනා කරන්නද??"
"ඔයා අලුත් ceo විදිහට යන්න ලෑස්ති වෙන්න"
"මන් මුකුත්ම"
"මන් ඔක්කොම බලාගන්නම්.. ඔයා ස්ට්‍රෝං වෙන්න.. ඔයාගේ අප්පා මේවා හැදුවේ ඔයාට.. වෙන වෙන ගෑනුන්ට නෙමෙයි.."
"ඔප්පා.."
"මන් කුකී ටේ ඒ වගේම තව තුන් දෙනෙක් ඉන්නවා ඔය එක්ක.. ඔයා බය නැතුව ජිමින්ට ෆේස් කරන්න.. ජිමින් අතක් හරි වැරදියට තිබ්බොත් මන් බලාගන්නම්.. තව දෙයක් දවස් දෙකක් දෙන්නම් රෙඩී වෙන්න.. ඊට පස්සෙ ආයේ ගෙදර යන්න ලෑස්ති වෙන්න"
"මට බෑ ඒ ගෙදර ඉන්න"
"අරකි නෑ.. යකෝ ඒක තමුසෙගේ ගෙදර.. සෙනා බබෙක් වෙන්න එපා.."
"හ්ම්ම්ම්"
"ටේ අර ෆයිල් ටික ගේන්න"
ටේ ගෙනල්ල දුන්න ෆයිල් ටික මගේ අතට දීලා මට අපාර්ට්මන්ට් එකේ ඉන්න කියලා ජූන් ටේ ඇන්ඩ් කුකී ගියේ ජිමින් එක්ක නවතින්න..
Flashback end
" excuse me.... මිස්ටර් ජිමින් පාර්ක්, මන් හිතන්නේ ඔය පුටුව මගේ"
මන් ජිමින් වාඩිවෙලා හිටිය ceo පුටුව පෙන්නන ගමන් කිව්වා.. ජිමින්ට ඒකට කේන්ති ගිය පාර මගේ අත තද කරලා අල්ල ගත්තා.. මාව ආයේ ගැහෙන්න ගත්තත් ජූන් ඔප්පා මැද්දට ඇවිල්ලා ජිමින්ගේ අත අයින් කලා..
"ජිමින් කේන්ති ගන්න එපා.."
ජූන් ජිමින්ව ඇදලා ලගට ගද්දී ජූන් කිව්ව විදිහටම මන් ceo පුටුවෙන් වාඩිවුනා..
Pov end
අප්පා... අද ඉදන් මන් මේ ඔක්කොම බලාගන්නවා.. ඔව් මන් බිසී වෙනවා.. මට රිද්දපු අයට රිද්දන්න.. අප්පගේ මහන්සිය මන් නිකරුනේ නාස්ති වෙන්න ඉඩ දෙන්නෙ නෑ..
කෙල්ල හිතන ගමන් කතා කලේ මිස්ටර් කිම්ගේ සෙකට්‍රිට.. ඒ කතා කරද්දී කෙල්ල ඇස් කොනෙන් දැක්කා පුපුර පුපුර ඉන්න ජීහාව..
"මිසටර් ලී.. මට අප්පාගේ කැබින් එක රෙඩී කරන්න.. මිස්ටර් ජිමින්ට වෙන කැබින් එකක් දෙන්න.. ඇන්ඩ් ඔයා??"
කෙල්ල ඇගිල්ල දික් කලේ ජීහට..
"එයා මගේ සෙකට්‍රි"
ජිමින් ජීහා ගොත ගහද්දී උත්තර දුන්නා..
"ඔයාට ඒක ප්‍රශ්නයක් නෑනේ.."
"කිසිම ප්‍රශ්නයක් නෑ.. බට් කම්පැනි එකේ සෙකට්‍රි කෙනෙක් යූස් කරන්න පුලුවන් මට විතරයි.. සෝ ඔයාගේ ප්‍රයිවට් ප්‍රොපටි එකෙන් සැලරි ප්ලේ කරනවා නම් එකට දහයක් වුනත් ඔයාට තියාගන්න පුලුවන්.."
ජිමින්ගේ රතු කට්ට එන්න එන්නම පනිද්දී කෙල්ල නැගිට්ටා..
"හැමෝටම ගුඩ් මෝනින්.. හැමෝම මාව දන්නවනේ.. මන් කිම් සෙනා.. අද ඉදන් ඔයාලගේ අලුත් ceo.. සෝ අප්පා එක්ක වගේම මාත් එක්කත් හොදින් වැඩ කරයි කියලා හිතනවා..බොරු කරන්න රවට්ටන්න හිතාගෙන ඉන්නව නම් ඒ අයට කලින්ම ගේම් එකෙන් අයින් වෙන්න පුලුවන්.."
කෙල්ල ජීහා දිහා බලන ගමන් කිව්වෙ කට කොනෙන් හිනා වෙලා..
"එහෙනම් මීටින් එකට ආව හැමෝටම තැන්කිව්.."
කෙල්ල ඒ එක්කම එතනින් යද්දී ජිමින්ව අත ඇරපු ජූනුත් කෙල්ල එක්කම ගියා.. මොකද ජූන් දන්නවා කෙල්ල මෙහෙම කතා කලාට හිත ඇතුලෙන් ගැහෙනවා කියලා.. කැබින් එකට ගිය ගමන් දොර අල්ලගෙන කෙල්ල එහෙම්මම ඉදගත්තා.. කෙල්ල හොදටම අඩනවා.. ළගට ගිය ජූන් කෙල්ලව නැගිට්ටවලා පුටුවෙන් වාඩි කරලා ජූනුත් ඉදගත්තේ කෙල්ල එක්ක කතා කරන්න..
"ඔප්පා.. මට... මට බයයි"
"ඇයි බය?? ඔයා නියමයි"
"ජි..ජිමින්..තරහෙන්... එයාට කේන්ති.. කේන්ති ගියා"
"ඉතින්??"
"එයාට කේන්තිය් පාලනහ කරගන්න බෑ.."
"එහෙනම් යන්න.. ගිහින් කේන්තිය නිවන්න"
කෙල්ල ඒ එක්කම කට පියාගත්තා.. ජූන්ට ඕනේ ජිමින්ට ඇත්ත තේරුම් කරන්න..ඒ වගේම සෙනා එක්ක සාමදාන කරන්න..
"සෙනා...."
කැබින් එකට එකපාර ආවේ ජිමින්... තරහෙන් ආව ජිමින් එක පාරටම මේසෙටත් ගහන ගමන් කෙල්ලගේ අතින් ඇදලා නැගිට්ටුවා... කෙල්ලගේ ඇස්වලින් බයටම කදුලු බේරුනා..
"මට ඩිවෝස් එක ඕනේ"
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top