She lost everything 💔
කලබලයෙන් ආව ජිමින් කෙලින්ම ඩ්‍රයිව් කලේ ගෙදරට.. මිස්ටර් කිම් හෙට උදේම ආයේ කොරියාවට එනවලු.. ඒ නිව්ස් එක අහපු ගමන් කොල්ල රත් වුනේ දැන් පැයකට විතර කලින් කෙල්ලට කරපුව මතක් වෙලා..
විනාඩි විස්සක් වගේ යද්දී ජිමින් ගෙදරට ආවා...
වෙලාව රෑ එකොලහා මාරට කිට්ටුයි.. ජිමින් කාර් එකත් පර්ක් කරලා කෙලින්ම ගියේ රූම් එකට.. අජුම්මා එයාගේ රූම් එකෙන් එලියට ආවත් ජිමින්ට කතා කරන්න ගියේ නෑ.. ජිමින් රූම් එකට යනකන් බලන් ඉදලා ලොකු සුසුමක් හෙලුවේ කෙල්ල ගැන මතක් වෙලා..
දෙයියනේ කෙල්ලව මරයිද දන්නේ නෑ.. ඇයි මේ ළමයව අපේ පොඩි මහත්තයට බැන්දුවේ?? අහිංසක කෙල්ලෙක්.. නිකන් ජීවිතය විනාස වෙනවා..
අජුම්මා හිතන ගමන් රූම් එකට ආයේ ගියා..
ජිමින් හෙමින් හෙමින් රූම් එකට ගියාම දැක්කේ කෙදිරිල්ලක් එක්ක නිදාගන්න ට්‍රයි කරන කෙල්ලව.. ජිමින් හෙමින් කෙල්ල ලගට ළං වුනා..
"සෙනා... ඔයා නිදිද??"
"ජි...ජිමි...ජිමින් 🥺🥺"
කෙල්ල තාම හිටියේ බයෙන්.. බයෙන් බයේ කෙල්ල එහාට වෙද්දී ජිමින් කෙල්ලගේ අත අල්ලගත්තා..
"බය වෙන්න එපා.. සොරි.. මට ගොඩක් කේන්ති ගියා"
කෙල්ලගේ ඇස්වලින් පෝලිමට කදුලු වැටුනා.. ජිමින් කම්මුල දිගේ බේරුන කදුලු පරිස්සමට පිහදැම්මා..
"බය වෙන්න එපා.. ඔයාට අමාරුද සෙනා??"
"හ්ම්ම්ම් ටිකක්"
එහෙම්ම ජිමින් නැගිටලා පෙති දෙකක් අරන් ආවා..
"මොනාද මේ??"
" painkillers"
කෙල්ල තිබ්බ අමාරුවටම ඒක බීලා ඇස් දෙක පියාගත්තේ ජිමින්ගේ අත තද කරගෙන.. ජිමින්ටත් හිතේ කොනක පොඩි දුකක් ඇති වුනේ නෑ කියන්නත් බෑ.. හැබැයි දැන් ජිමින් මේ කරන්නේ කෙල්ලව ශේප් කර ගන්න එක.. හෙට මිස්ටර් කිම්ට කෙල්ල මේවා කිව්වොත් ලොකු විනාසයක් වෙන නිසා.. ජිමින් කෙල්ලට නින්ද යනකන් ඔලුව අතගෑවා.. අමාරුවටම කෙල්ලට විනාඩි ගාණක් යද්දී ජිමින්ගේ තුරුලෙම නින්ද ගියා.. නොදැනුවත්වම ජිමින්ටත් එතනම නින්ද ගියා..
Next day morning 🌞🌞
Sena pov
උදේ වෙද්දී රෑ තිබ්බ අමාරුව අඩු වෙලා තිබ්බේ.. මන් නැගිටිද්දී මන් හිටියේ ජිමින්ගේ පපුවට තුරුල් වෙලා.. මට ඈත් වෙන්න හිත දුන්නෙම නෑ.. එහෙම්ම මගේ ඉස්සරහා හිටිය කොල්ලගේ කම්මුලට කිස් එකක් දුන්න මන් නැගිට්ටේ උදේම අමාරුව නැති වෙන්නත් එක්ක වොශ් එකක් දාගන්න..
Pov end
හොදට නා ගත්ත කෙල්ල ටවල් එකත් ඇගේ දවටගෙන කොණ්ඩෙත් පිහද පිහද එලියට එද්දී ජිමින් නැගිටලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටියේ.. කෙල්ලගේ දනිස්ස ළගට තිබ්බ කොණ්ඩෙ දැක්ක ජිමින් කෙල්ල ළග මොහොතකට නතර වුනා..
"😳😳😳😳"
"මොකද පුදුමෙන් වගේ??"
ජිමින් කෙල්ල ලගට ළං වෙන්න වෙන්න කෙල්ල අඩිය අඩිය පිටිපස්සට ගියා..
"ජිමින්....."
අන්තිමට කෙල්ල නැවතුනේ බිත්තියත් ජිමින්ගේ අත් දෙකත් මැද්දේ.. ජිමින් කෙල්ලගේ අතේ තිබ්බ ටවල් එක පැත්තකට විසික් කරන ගමන් ඒ කෙස් අතරින් ජිමින්ගේ අගිලි යැව්වේ ඒ දිහා ආදරණීය විදිහට බලන ගමන්..
"ආසයිද??"
කෙල්ලට තේරුනා ජිමින් කෙල්ලගේ කොණ්ඩෙට ආසයි කියලා..
"හ්ම්ම් ඔව්ව්.. ලස්සනයි... 😍"
කෙල්ල එහෙම්ම පිටිපස්ස හැරුනේ ජිමින්ගේ පැත්තට කොණ්ඩේ දාලා.. ජිමින් අත් දෙකෙන්ම කොණ්ඩේ ඇල්ලුවේ පොඩි ළමයෙක්ට ආසම දෙයක් හම්බුනාම ඇතිවෙන සතුට එක්ක..
"මොන දේ උනත් කොණ්ඩෙට අතක් තියන්න එපා.. මන් අසයි"
"කොණ්ඩෙට විතරද??"
එහෙම ඇහුවමයි මෙච්චර වෙලා කොණ්ඩේ සිහියෙන් හිටිය ජිමින් හරි ලෝකෙට ආවේ.. කෙල්ලගෙන් ඈත් වුන ජිමින් ඇද උඩට දැම්ම කෙල්ලගේ ටවල් එක අරගෙන වොශ්රූම් එකට ගියා..
.
.
.
.
.
.
.
.
.
Time passed
"කොහොමද අංකල්??"
ජිමින් මිස්ටර් කිම්ට හෑන්ඩ්ශේක් කරන ගමන් පිලිගත්තා..
"ගුඩ්.. කෝ මගේ කෙල්ල"
"සෙනා... මේ අප්පා ඇවිල්ලා"
ජිමින් මිස්ටර් කිම්ගේ ඉස්සරහම සෙනාට කතා කලා.. සෙනා රූම් එකේ ඉදන් ලොකු සතුටකින් පහලට දුවගෙන ආවේ අප්පා එනවා කියලා කෙල්ල දැනගෙන හිටියේ නැති නිසා..
"අප්පා... මට කිව්වෙත් නෑ"
කෙල්ල ආපු ගමන් මිස්ටර් කිම්ගේ ඇගේ එල්ලුනේ පොඩි ළමයෙක් වගේ..
"දැන් මෙහෙම හුරතල් වෙන්න ඔයාගේ හස්බන්ඩ් එක්ක.. මාත් එක්ක නෙමෙයි"
"මෙහෙම හුරතල් උනොත් මෙයා මාව මරයි"
කෙල්ල හිතන්නෙ නැතුව කිව්ව එකට මිස්ටර් කිම්ගේ මූණ නම් ටිකක් අවුල් ගියා.. ජිමින්ට කට උත්තරත් නැති උනා..
"අහ්හ් ඒ ඇයි??"
"නෑ අන්කල් මෙයා වැඩ කරලා ආවම කේන්ති ගස්සනවා.."
ජිමින් ඇග බේරගන්න එහෙම කිව්ව නිසා මිස්ටර් කිම් දෙන්නම එක්කන් ගියේ වාඩිවෙලා ටිකක් කතා කරන්න..
"මොකද දෙන්න රණ්ඩු වෙනවද??"
"මෙයා හෙන නපුරුයි අප්පා.."
"ජිමින්???"
"නෑ නෑ අප්පා ඒත් එයා ඉක්මනට ආයේ හොද වෙනවා.."
"ඔයා ජිමින්ව තරහා ගස්සන වැඩ නොකර ඉන්නකෝ"
මිස්ටර් කිම් සෙනාට ගොඩක් ආදරෙයි.. කෙල්ල ටිකක් මුරණ්ඩුයි කියලත් දන්න නිසා සෙනා කිව්ව දේවල් මිස්ටර් කිම් ඒ තරම් ගණන් ගත්තේ නෑ..
තුන් දෙනාම ගොඩක් විස්තර කතා කර කර හිටියා.. වෙලාව ගියා දැනුනෙත් නෑ.. දවල්ටත් කාලා ආයේ යන්න එලියට බැස්ස කිම් බැලුවේ සෙනා දිහා..
"සෙනා, ඔයා ඇතුලට යන්න.. මට ජිමින් එක්ක කතා කරන්න ඕනේ"
"මටත් හොරෙන් මොනාද??"
"නෑ මේ බිස්නස් දෙයක්.. ඔයා ඇතුලට යන්න"
මිස්ටර් කිම්ට සමුදීලා සෙනා ඇතුලට යද්දී මිස්ටර් කිම් ලොකු හුස්මක් ගත්තේ ජිමින්ගේ කරට අතක් දාගන්න ගමන්..
"අන්කල් මොකක්හරි අවුලක්ද??"
"මන් ආයේ ඇමරිකා යනවා හෙට"
"වට්?? ඒත්"
"ආයේ එන එක ශුවර් නෑ.. සෙනාගේ ඔම්මා නැති වෙලා අවුරුදු ගාණක් වුනාට මන් ඒක නොදැනෙන්න එයාව බලාගත්තා.. ඒත් මටත් යන්න කාලය හරි"
"අන්කල් මොකක්ද උනේ??"
"මට බ්‍රේන් කැන්සර් එකක්.. මන් ඒකට බෙහෙත් ගන්නේ දැන් මාස ගාණක ඉදන්.. ඒත් තවත් බෙහෙත් කරලා වැඩක් නෑ.. මන් අන්තිම පාරට මගේ කෙල්ල බලලා යන්න ආවේ.."
"අන්කල් මොනාද මේ"
"මගේ කෙල්ලට ඉන්නේ ඔයා විතරයි"
"අන්කල් අපි වෙන හොද ඩොක්ටර් කෙනෙක් බලමු"
"මන් මගේ ඔක්කොම ප්‍රොපටි සෙනාට ලියලා තියෙන්නෙ.. මන් හෙට ගියාම සෙනා අලුත් ඕනර් වෙනවා.. ඔයා එයා එක්ක මේ ඔක්කොම බලාගන්න"
"අන්කල්?? 🥺🥺"
"මන් එන්නත් පුලුවන්.. ඒත් නොඑන්නත් පුලුවන්... මේ මුකුත් කෙල්ලට කියන්න එපා.. එයාට කියල දෙන්න.. අනිත් දේ එයාට වචනෙකින්වත් රිද්දන්න එපා"
"හ්ම්ම්ම්"
ජිමින් ඔලුවත් බිමට නවාගෙන මිස්ටර් කිම් කියන ඔක්කොම අහගෙන හිටියා..
"මන් එහෙනම් යනවා ජිමින්.. මතකනේ කිව්ව ඒවා"
ජිමින් ඔලුව වනවත් එක්කම කාර් එකට නැග්ග මිසටර් කිම් යන්න ගියා.. මිසටර් කිම් යන දිහා බලන් හිටිය ජිමින්ට පොඩි සතුටක් ආවේ කිම් කම්පැනි එක කොල්ලගේ අතට ගන්න එක හිතන තරම් අමාරු නෑ කියල තේරුන නිසා..
කොල්ල එහෙම්ම කෝල් එකක් ගත්තේ ජීහාට..
ඊයේ රෑ යූජන් එක්ක නටලා නටලා ජීහා හිටියේ හෙම්බත් වෙලා.. යකා කේන්තියෙන් ෆෝන් එක බලද්දී ජිමින් කියලා දැක්ක ගමන් කෙල්ල ගැස්සුනා.. කෙල්ල අමාරුවෙන් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ෆෝන් එක ගන්න ගමන් බැලුවේ එහා පැත්තේ නිදාගෙන ඉන්න යූජන් දිහා..
"හෙලෝ බබා.. ගුඩ් මෝනින්"
"ගුඩ් නිව්ස් එකක්"
"මොකක්ද??"
"තාම නිදිද??"
"දැන් නැගිට්ටේ"
"හෙට 9 වෙද්දී කම්පැනි එකට එන්න"
"වාව් වැඩේ හරිද??"
"ඔව් මිස් මේන් මොඩ්ලර්"
"අනේ තැන්කිව් බබා.."
"තව එකක් තියනවා"
"මොකක්ද??"
"මිස්ටර් කිම් ඔක්කොම ප්‍රොපටි ටික සෙනාට ලියලා.."
"සීරියස්ලී??"
"ඔව්ව්ව්..මේ සෙනා එනවා.. මන් තියනවා..බායි උම්මා"
ජිමින් ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් සෙනා ලගට ගියා..
"අප්පා මොකද කිව්වේ??"
"බිස්නස් වැඩ තමා... යමු ඇතුලට"
ජිමින් කෙල්ලගේ කරටත් අත දාගෙන ඇතුලට ගියා..
Next day morning
"මේ ඉන්නේ ජීහා... අපේ අලුත් මොඩ්ලර්.. මෙයාට ස්ක්‍රිප්ට් එක දෙන්න"
ජිමින් ඇහැකුත් ගහන ගමන් ජීහට වැඩ ටික පෙන්නලා රූම් එකට ආවා.. ලබන සතියේ වැඩේ තිබ්බ නිසා ජිමින් ටිකක් බිසී උනා.. ඒ නිසා ජිමින්ට ජීහා එක්ක ගත කරන්න තරම් ටයිම් එකක් තිබ්බෙ නෑ.. මොකද කොල්ල දැන් හැම එකම බලන්න එපැයි...
"මිස්ටර් ජිමින් මන් ඇතුලට එන්නද??"
"එන්න"
ජිමින් ඔලුව ඔබාගෙන හිටියේ ෆයිල් ගොඩක..
"මගේ කට හඩත් අමතක වෙලා"
කොල්ලා එතකොටයි ඔලුව උස්සලා බැලුවේ..
"ජීහා... ඇයි ආවේ?? දන්නවනේ මේ කම්පැනි එක
"මන් ආවේ මගේ බොස්ව මීට් වෙන්න"
"බබා මන් ටිකක් බිසී මේ දවස් ටිකේ"
"අද එන්නෙත් නැද්ද??"
"මන් අනිද්දට එන්නම්"
"හ්ම්ම් දැන් අරකී ඉන්නවනේ රෑට.."
"අයියෝ මේ වැඩ අස්සෙ හිර වෙලා ඉන්නේ බබා.. විකාර කියවන්න එපා"
"හ්ම්ම්ම්"
"අනිද්දා එන්නම්"
"මන් එහෙනම් යනවා..."
ජිමින්ට සමුදීලා එලියට ආව ජීහා කෝල් කලේ යූජන්ට.. අදත් යූජන් තමා ඉතින් ජීහට..
ජිමින් වැඩ ටික ඉවර කරද්දී රෑ හතට විතර කිට්ටුයි.. කොල්ල මහන්සියට කෙලින්ම ගෙදර ගිහින් වොශ් දාලා බැල්කනි එකට ගියේ බියර් එකකුත් අරගෙන..
කොල්ල එද්දී කෙල්ල කිචන් එකේ අජුම්මා එක්ක දාගෙන උයනවා..
ජිමින් බැලක්නියට පේන ඈත අහස බලාගෙන බියර් එක එක හුස්මට ඉවර කලා.. එහෙම්ම ටින් පහක් ඉවර කරපු කොල්ලා ඇදට වැටුනේ මහන්සියටයි වෙරි මතේටයි..
"ජිමින්.... ජිමින්"
කිසිම සද්දයක් තිබ්බෙ නැති නිසා සෙනා කාමරේ ලයිට් එක දාද්දී දැක්කේ කොල්ලා හොදටම නිදි.. ලගට ගියපු සෙනා හෙමින් ජිමින්ගේ ඔලුව අතගෑවා.. ජිමින් ලාවට ඇස් ඇරියා..
"කන්න යමුද??මහන්සිද?? මන් අප්පට කියන්නද කාවහරි වැඩවලට දාන්න කියලා??"
"බඩගින්නක් නෑ.. ඔයා කලා නිදාගන්න"
"බෑ බෑ මන් හැදුවේ එන්නකෝ"
බලෙන්ම කෙල්ල ජිමින්වත් ඇදගෙන පහලට ආවා.. ජිමින්ගේ රතු කට්ට පැනලා තිබ්බත් කෙල්ලගේ අතේ ඔක්කොම ප්‍රොපටි ටික තියන නිසා කෙල්ලව ශේප් කරගන්න ඒ ඔක්කොම දරාගෙන කාගෙන හිටියා..
"කොහොමද කෑම??"
"අද බේබී තමා හැදුවේ"
"හ්ම්ම් අවුලක් නෑ"
ජිමින් නිදිමතේම කාලා ඉක්මනට නැගිට්ටෙ මහන්සිය පිටින් නිදාගන්න.. ජිමින් රූම් එකට ගියාට පස්සෙ කෙල්ල අජුම්මා එක්ක කාපු ටික අස් කරලා නිදාගන්න උඩට ගියාම ජිමින් ඇදේ නෑ.. වොශ්රූම් එකෙන් ආව සද්දේ එක්ක කෙල්ල දිව්වේ වොශ්රූම් එකට..
"ජිමින් මොකද මේ??"
කෙල්ල ජිමින් ලගට දුවලා ගිහින් පිට අතගෑවෙ කොල්ලා හොදටම වමනේ කරන නිසා.. කොල්ලටත් වෙනදාවගේ නෙමෙයි, ටිකක් වෙරි වැඩී.. ඒ අස්සේ කෑව නිසා තවත් අමාරුයි.. කෙල්ලට වාරු වෙලා ජිමින් ඇදට ආවා..
කෙල්ල අමාරුවෙන් ජිමින්ව හාන්සි කරලා නැගිටින්න හැදුවේ..
"කොහෙද යන්නේ?? මෙහෙ එනවා"
ජිමින් වෙරි මතේම කෙල්ලව ඇග උඩට ඇදලා ගත්තා.. කෙල්ලට නම් ඒකට ආස හිතුනත් කෙල්ල දන්නේ නෑ කොල්ල මේ දේවල් අසිහියෙන් කරනවා කියලා..
"ජිමින්..."
ජිමින් එහෙම්ම කෙල්ලව තුරුල් කරගෙන නින්දට වැටුනා.. කෙල්ලත් අයින් වෙන්න උත්සහ කලේ නෑ.. තුරුලෙම හෙලවෙන්නෙ නැතුව නිදාගත්තා..
ජිමින් උදේ නැගිටිද්දී උඩ ගියේ සෙනාව දැකලා.. කෙල්ල හිටියේ කොල්ලගේ අත් දෙක අස්සෙ..ජිමින් කෙල්ලව හෙමින් අයින් කරලා ඇදේ වාඩී වුනේ අත් දෙකෙන් මුලු කොණ්ඩෙම අවුස්සන ගමන්..
අම්බෝ ආයේ නම් බීලා එන්න නරකයි....
ජිමින් ඊයේ රෑ මොනා වුනාද කියලා හිත හිතම ලෑස්ති වුනේ වැඩට යන්න..
Time passed
මේ විදිහට දවස් දෙකක් ගෙවිලා ගියේ ජිමින්ව කම්පැනි එකේ වැඩවලට හිර කරලා..
ජිමින් අද ඉක්මනට වැඩ ඉවර කලේ ජීහට එන්න පොරොන්දු වුන නිසා.. වැඩත් ඉවර කරලා කැබින් එකෙන් එලියට බහිද්දිම ජිමින්ට කෝල් එකක් ආවේ නාදුනන නම්බර් එකකින්..
"හෙලෝ.."
" පාර්ක් ජිමින්????"
"ඔව් කවුද මේ??"
"සර් මන් මිස්ටර් කිම්ගේ සෙකට්‍රි..."
"අහ් ඔව් කියන්න මිස්ටර්??"
"සර් දැන් විනාඩි දහයකට කලින් නැති වුනා"
"වට්???"
"ඔව් සර්.. සර් නැති වෙන්න කලින් මට මොනාහරි වුනොත් සර්ට කතා කරන්න කිව්වා.."
"බොඩී එක කොරියාවට"
"බැරිවෙයි සර්.. ගොඩක් දුර්වල වෙලා හිටිය නිසා දවසක් ඇතුලත අවසන් කටයුතු කරන්න හොස්පිටල් එකෙන් කිව්වා"
"ඕකේ.. එහෙනම් ඔයා ඔහේ වැඩ ටික බලන්න.. මන් මෙහෙ ගැන බලන්නම්.."
කෝල් එක කට් කරපු ජිමින් කෙලින්ම ගියේ ජිමින්ගේ අප්පව හම්බෙන්න..
"මොකද හදිස්සියේ??"
ජිමින් එදා මිස්ටර් කිම් කිව්ව දේවල් එක්ක වුන හැමදෙයක්ම අප්පට කිව්වා..
"ඒ කියන්නෙ දැන් මගේ කොල්ලා කෝටිපතියෙක්... දැක්කද උබේ අප්පා උබව සල්ලිකාරයෙක් කරපු හැටි"
"සෙනා??"
"ටිකක් ශේප් එකේ තියන් ඉදපන්.. ඕකිටම එපා වෙලා යයි"
"නොගියොත්??"
"යන විදිහට වැඩ කරපන්.. අපේ නම කැත කරගන්න එපා"
ජිමින් අප්පා එක්ක ඉස්සරහට කරන ඔක්කොම ප්ලෑන් කරලා ගෙදර ගියේ සෙනාට විස්තරේ කියන්න.. කොහොමත් සෙකට්‍රි එහේ බලාගන්නම් කිව්ව නිසා කොල්ලා අනිද්දා මීටින් එකක් ඇරේන්ජ් කරන්න කිව්වේ ජිමින්ගේ අප්පට.. මොකද දැන් ceo මාරු වෙන්න කාලය හරිනේ..
.
.
"ජිමින් ඔයා ආවද??"
ජිමින් ලගට ආව කෙල්ලවත් අරන් සෝෆා එකෙන් වාඩිවුනා..
"මහත්තයා බොන්න මුකුත්??"
"එපා.. අජුම්මා ටිකක් යන්නකෝ.. මට සෙනා එක්ක කතා කරන්න ඕනේ"
දෙන්න සතුටෙන් ඉන්නවා දැක්ක අජුම්මා කිචන් එකට ගියා..
"සෙනා මන් මේ කියන දෙයින් ඔයාට දුකක් දැනෙයි.. ඒත් ඔයාට මන් ඉන්නවනේ.. ඒ නිසා හිත හදාගමු"
"මොකක්ද ජිමින් 🥺"
"සෙනා ඔයාගේ අප්පා නැති වෙලා"
ජිමින්ට කෙල්ල ගැනවත් මේ සිද්ධිය ගැනවත් කිසිම දුකක් තිබ්බෙ නෑ.. ඉතින් හිතන්නෙ බලන්නෙ නැතුවම ජිමින් කියලා දැම්මා..
"මොකක්?? මොනාද ජිමින් මේ කියන්නේ??"
කෙල්ල ඉදගෙන හිටිය තැනෙන් නැගිට්ටේ ජිමින් කිව්ව දේට කේන්ති ගිහින්...
"අහන්නකෝ"
"ජිමින් මොනාද ඔයා මේ කියන්නේ??"
ජිමින්ගේ කොලර් එකෙන් අල්ලලා සෙනා කෑගැහුවේ දුක හිරකරගන්න බැරුව..
"මන් ඇයි බොරු කියන්නේ?? අප්පට කැන්සර් එකක් තිබ්බා.. අප්පා ඒකට බෙහෙත් ගත්තා සෙනා..ඒත් අද නැතිවෙලා කියලා මට සෙකට්‍රි කතා කරලා කිව්වා"
කෙල්ල එහෙම්ම ජිමින්ගේ ඇගට වැටුනේ සිහිය නැතිවෙද්දී.. ජිමින් එහෙම්ම කෙල්ලව සෝෆා එකෙන් හාන්සි කලා..
"අජුම්මා.. අජුම්මා"
අජුම්මා දුවගෙන ආවේ කලබලයෙන්..
"වතුර එකක් ගේන්න"
ගෙනාව වතුර එකෙන් මූණට ටිකක් ගැහුවම කෙල්ල යාන්තමට ඇස් ඇරියා.. ඒත් කෙල්ලගේ මූණේ කිසිම හැගීමක් නෑ..
"බොඩී එක ගේන්න බෑ කිව්වා.......
ජිමින් විස්තර ඔක්කොම කියද්දි කෙල්ල කිසිම හැගීමක් නැතුව අහගෙන ඉදලා කෙලින්ම ගියේ රූම් එකට.. රූම් එකට ගිය කෙල්ල අල්මාරියම අවුස්සලා තනි කලු ඇදුමක් ඇදගෙන බැල්කනියට ගිහින් ඈත පේන අහස දිහා බලාගෙන සැනසුම් සුසුමක් හෙලුවේ පොඩි කාලේ කෙල්ල කන්නෙ නැති වුනාම මිස්ටර් කිම් ඉස්සර ගෙදරත් බැල්කනි එකට එක්කන් ගිහින් කතා කිය කිය කවන හැටි මතක් කරගෙන..
"අප්පා ඔයා මාව දාලා ගියේ ඇයි?? මන් තනි වෙනවා කියලා හිතුනේ නැද්ද?? ඔයයි ඔම්මායි දෙන්නම නරකයි.. දෙන්නම මාව තනි කරලා ගියා..මට බෑ මේ දේවල් තනියම දරා ගන්න අප්පා"
කෙල්ල අහස දිහා බලාගෙන මිමිනුවා..
"සෙනා... මන් ඉන්නවනේ..."
ජිමින්ට නිකන්ම එහෙම කියවුනා.. හිතලා නොකිව්වත් මේ වෙලේ කෙල්ලගේ තත්වය තේරුම් අරන් එයාව සනසන්න ජිමින් බොරුවට හරි කෙල්ලත් එක්කම ඒ වෙලේ හිටියා..
පැයක් විතර කදුලු ඇස්වලින් බේරෙද්දී සෙනා අහස දිහා බලාගෙන හිටියා.. බැල්කනියේ මුල්ලක ගුලිවෙලා හිටිය කෙල්ලට එතනම නින්ද ගිහින් තිබ්බේ කෙල්ලගේ දුක නිවන්න ආව ජිමිනුත් එතනම නිදාගෙන ඉද්දී..
Jimin pov
එන්න එන්න සීතල වැඩිවෙද්දී මන් ඇස් ඇරියේ මොකද බලන්න.. එතකොටයි මන් දැක්කේ මෙච්චරවෙලා ඉදලා තියෙන්නෙ බැල්කනි එකේ කියලා.. කෙල්ල හොදටම වෙව්ලනවා..
"සෙනා..."
කතා කලාට සෙනා හොදටම වෙව්ල වෙව්ල නිදි.. අමාරුවෙන් මන් සෙනාවත් අරන් ඇතුලට ආවා. ඇදෙන් හාන්සි කරලා මන් එහෙම්ම සෝෆා එකේ නිදාගත්තා..
Pov end
කාලය ගෙවිලා සතියක් ඉවර වුනා.. කෙල්ල නිසා ජිමින්ට ජීහාව ටිකක් මග ඇරුනා.. ජීහා ඒක ගැන හිටියේ සෙනා එක්ක පුදුම තරහකින්.. ජීහා බය වුනා ජිමින් එයාව අමතක කරයි කියල..
📞📞📞📞📞📞
"හෙ.."
"ඔයා අද එනවද නැද්ද??"
"සෙනා.."
"ඔයා එයා එක්කම ඉන්න ජිමින්.. දැන් සතියක් ගියා.. ඕකීට ඕනේ එකක් කරගන්න කියලා එනවා"
"සැර මෙයාගේ.. හරි හරි එන්නම් අද"
ෆෝන් එක කට් කරපු ජීහා මුලු ගෙදරම අස් කලේ කාලෙකින් ජිමින් එන නිසා.. ජීහා ජිමින්ට ආදරෙයි.. හැබැයි ඒ සල්ලි තියන නිසා.. කොච්චර හොර දේවල් ජීහා කලත් ජිමින්ව වෙන කෙනෙක්ට දෙන්න කෙල්ල ලෝභයි..
ජිමිනුත් වැඩ ඉවර කරලා කෙලින්ම ආවේ ජීහගේ අපාර්ට්මන්ට් එකට..
ඒ වගේම සෙනා අද එයාගේ ස්කූල් එකේ ක්ලාස්මේට්ලා එක්ක ඩිනර් එකකට යනවා.. කෙල්ල ටැක්සි එකකුත් දාගෙන ගියා.. සෙනාගේ යාලුවො දහයක් විතර ඇවිල්ලා හිටියේ එයාලගේ බෝයිලා එක්ක වුනාට සෙනාට තනියම යන්න වුනේ ජිමින්ට වැඩ නිසා.. ඒ බෝයිලා අතර තනිකඩ කෙනෙකුත් හිටියා.. හැමෝම කපල් කපල් ඉද්දී ඒ කොල්ලා ඉතින් සෙනා එක්කම කියව කියව හිටියා..
"මන් ජීහූ.. ඔයා??"
"සෙනා"
දෙන්න ගොඩක් විස්තර කතා කලා.. වැඩිය යාලුවො හිටියේ නැති සෙනාට ජීහූ හොද යාලුවෙක් වුනා ඒ තප්පර ගාණට..
Jiha's place
ජිමින් ආව වෙලේ ඉදන් කියලා කියලා යාන්තමට ජීහාව ශේප් කර ගත්තා..
"ජීහා... අනිද්දා වැඩේට රෙඩිද?"
"ඔව්... බයයි.. බට් ඔයා ඉන්නවනේ"
"බය වෙන්න එපා.. මගේ කම්පැනි එකේ ඔයාට මුකුත් කියන්න කවුරුත් නෑ"
"සෙනාගේ කම්පැනි එක"
"තව ටික දවසයි.. මන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නෙ"
"මොනාද??"
"ඉවසන්න.. ලගදිම අපි යමු එහේ නවතින්න.."
"සීරියස්ලී.. එත්කොට අරකී"
"ඒකීත් ඉදී අපි දෙන්න දිහා බලාගෙන"
"වාව්.. මන් ඒකට ආසයි"
"මන් දන්නවනේ.."
"එහෙනම් අද මන් ගානේ මොනාද ඕනේ??"
ජීහා ජිමින්ගේ තුරුලෙන් ඈත්වෙන ගමන් ඇහුවේ කොණ්ඩේ උඩට බදිද්දී.. තමන්ගේ ඉස්සරහා හිටිය කෙල්ලගේ ටී එක අස්සට අත දැම්ම ජිමින් කෙල්ලව තමන්ට ඇදලා ගත්තා.. ජීහා නැවතුනේ ජිමින්ගේ ඇග උඩ..
"ඕනේ දේ දන්නවනේ"
"අරකි ඕවට එන්නෙ නැද්ද??"
"අහ්... අපෝ ඒකී ඇදුම් නැතුව ආවත් කිසි සෙක්සි ලුක් එකක් නෑ"
"මොකක්?? ඒකී ඒ කියන්නෙ එහෙම ආවාද??"
"නෑ නෑ.. මන් කිව්වේ ඒකීගෙන් ඒවා ඉල්ලන්නවත් හිතෙන්නෙ නෑ කියලා බබා"
"හරි හරි ඇති.. එයා ඕනේ නෑ මන් ඉන්නේ"
එතනින් එහාට උන දේවල් දන්නේ ජිමින් ජීහා ඇන්ඩ් වටේ බිත්ති හතර විතරයි.. තවත් රැයක් ජිමින් ජීහා එක්ක ගත කලේ වයිෆ් වුන සෙනාව තවත් රැයක් කාමරයක බිත්ති හතර අතරේ තනි කරලා..කෙල්ල බලන් ඉදලා බැරිම තැන නිදාගත්තත් කෙල්ලගේ හිතේ කොනක ලොකු දුකක් තැම්පත් වෙන්න පටන් අරන් තිබ්බේ..
🌞🌞🌞🌞🌞🌞
"බබා.. නැගිටින්න"
ජිමින්ගේ අත උඩ හිටිය කෙල්ලව නැගිට්ටුව ජිමින් කෙල්ලා නිදාගෙන ඉද්දිම ඇද ලග තිබ්බ ටවල් එක ඉනේ දවටගෙන වොශ් එකක් දාගෙන ආවේ වැඩට යන්න බලාගෙන..
"ජීහා නැගිටින්න.. මන් යනවා.."
"අහ් මට අද අමාරුයි වගේ.."
"රෑ ටිකක් මට කන්ට්‍රෝල් නැති වුනා.. Painkillers දෙකක් ගන්න"
"හ්ම්..."
කෙල්ලගේ පිරුනු ශරීර කොටස් ඇගේ ලාවට දැවටුන ශීට් එක අස්සෙන් ජිමින්ට හොදට පෙනුනා.. ජිමින්ගේ කන්ට්‍රෝල් එක එන්න එන්නම ආයේ නැති වෙද්දී ජිමින් ටග්ගාලා එලියට බැස්සා..
පැය භාගයක් වගෙ යද්දී කොල්ලා ආවේ කම්පැනි එකට..
"බොස් අද මීටින් එකක්"
"ඕකේ..මට ටී එකක් එවන්න.."
කොල්ල මීටින් රූම් එකට යන ගමන් සෙකට්‍රිට කිව්වේ ටී එකක් එවන්න කියලා..
.
.
.
.
.
.
මීටින් එකත් ඉවර කරලා කොල්ලා දවසෙම අදත් ෆයිල් අස්සෙ හිර වුනා.. හෙට තියන අලුත් ඇඩ් එකේ වැඩේ ගැන තමා මීටින් එක..ජීහත් හෙට එන නිසා කොල්ලා ඒ ගැන හිටියේ ටිකක් හැපී එකේ..
වැඩ ඉවර කරලා යන්න හද්දිම කොල්ලට මැසේජ් එකක් ආවා..
"ටයිම් බලලම මොකාද යකෝ මැසේජ් එවන්නේ??"
තමන්ටම කියන ගමන් ආයෙම පුටුවට හේත්තු උන ජිමින් බැලුවේ ආව මැසේජ් එක..
"වට් 😡😡"
කොල්ලගේ ඇස් රතු වෙන්න තප්පර ගාණක්වත් ගියේ නෑ..
Plz vote and comment, if you like this story 💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top