Because you like...... 😓

අජුම්මාගේ සද්දෙට ජිමින් ගැස්සුන පාර බැලුවේ පඩිපෙළ දිහා.. ජිමින් එහෙම්ම නැගිට්ටෙ හිතේ දුකත් ඒ එක්කම එකතු වුන තරහවක් එක්ක...

"දෙයියනේ බේබී.. කෝ කොණ්ඩේ??"

ඔව් සෙනා කොණ්ඩේ කොටටම කපලා.. ඉස්සර දනිස්ස ලගට තිබ්බ කොණ්ඩේ දැන් තියෙන්නෙ බෙල්ල ලගට...

"අජුම්මා... මන්...මන් කොණ්ඩේ කැපුවා"

කෙල්ල ලගට ගිය ජිමින් කෙල්ලව ඇදලා ගත්තේ තමන් ලගට.. කෙල්ලව ඇදිලා ආව පාර වැදුනේ ජිමින්ගේ පපුවේ..

"ජි...මින්"

"තමුසේ... 😡😡 මොකක්ද මේ??"

ජිමින්ට කතා කරගන්න බැරි තරමටම කොල්ල ගොලු වුනා.. කොල්ලා සෙනාගේ කොණ්ඩෙට ගොඩක් ආදරේ කලා.. කෙල්ලට කොච්චර රිද්දුවත් කොණ්ඩේ නිසා ජිමින් සමහර වෙලාවට කෙල්ලට ළං වුනා.. ඒත් 😓😓

"මාව අතාරින්න"

"ඇයි මේක කලේ?? කියනවා 😡😡"

කන එක පැත්තකින් තියලා ජිමින් කෙල්ලවත් ඇදගෙන ගියේ කාමරේට.. අජුම්මා ඉන්න නිසා ජිමින්ට මුකුත් කරගන්න බෑ.. කාමරේට ගිය ගමන් කෙල්ලව තල්ලු කලේ බිමට.. කෙල්ල පාන් පෙත්තක් වගෙ විසික්වෙලා වැටුනා.. ජිමින් ආස නෑ එයා ආස දේවල් කවුරුත් විනාස කරනවට.. කොල්ල තරහෙන් ළං වුනේ සෙනාගේ ලගට.. සෙනාගේ නිකටෙන් අල්ලගත්ත පාර කෙල්ල ගැස්සුනේ ජිමින්ගේ නියපොතුවලට හම හිල්වෙනවා වගේ දැනෙද්දී.. කෙල්ල ජිමින්ගේ අත අයින් කරන්න පොර බැද්දා.. අවසානේ කෙල්ලට පුලුවන් වෙනවා ජිමින්ව අහකට තල්ලු කරන්න..

ජිමින් එහෙම්ම සෝෆා එකට ඔලුව තියාගද්දී සෙනා මූණ කකුල් අතරේ හිර කරගෙන හොදටම ඇඩුවා..

"ඇයි එහෙම කලේ??"

ජිමින්ගේ ප්‍රශ්නෙට කෙල්ලගෙන් උත්තරයක් හම්බුනේ නෑ..

"කියපන් ඇයි එහෙම කලේ??"

"අහ්හ්හ්හ්"

"හවස මන් ජිහා එක්ක හිටිය නිසාද??"

කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න..

"එහෙනම්??"

"ඔයා ආස නිසා... 😓😓"

"මොකක්?? මන් ආස නිසා..."

"ඔව් දැන් මන් දන්නවා ඔයා මට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා"

"අහ්හ්හ්හ්"

"ඔයා ආස මගේ ලග තිබ්බ එකම දේත් මන් අයින් කලා ජිමින්.."

"මන් ආදරේ කලා ඒකට.. ආස කලා.. ඇයි එහෙම කලේ සෙනා??"

කවදාවත් නැතුව ජිමින්ගේ හඩ බාල වෙද්දී කෙල්ලට ලෝකෙම කඩාගෙන වැටුනා වගේ හැගීමක් ආවා..

"අපි හැමෝම අනිත් කෙනාගේ සතුට ගැන හිතනව නම් මොනාද කරන්ම බැරි ජිමින්... ඇයි මන් ඔයා ආස දේ එක්ක ජීවත් වෙන්නේ??"

එතනින් එහාට ජිමින් වචනයක්වත් කිව්වේ නෑ.. ආවේගෙට කොණ්ඩෙ කැපුවට කෙල්ල ඒ ගැන හිටියේ ලොකු දුකකින්.. ජීහාවයි ජිමින්වයි හවස දැක්ක වෙලේ කෙල්ලගේ ලෝකෙම කකුල් දෙක ඉස්සරහ වැටුනා.. එහෙම කෙනෙක්ට මේ දේවල්..... කෙල්ල එක මුල්ලක අඩද්දී ජිමින් තව මුල්ලක බලාගෙන හිටියේ උන දේ ගැන ආයේත් ආයේත් හිතන ගමන්..

කිසිම සද්දයක් නොතිබ්බ කාමරයේ ඇහුනේ සෙනාගේ අඩන සද්දෙ විතරයි.. විනාඩි කිහිපයක් හිටිය ජිමින් නැගිට්ටේ මේසේ උඩ තිබ්බ කාර් එකේ කී එක ගන්න ගමන්..
.
.
.
.
.

Flashback

"හෙලෝ..."

"කවුද මේ??"

"මට මිස්ටර් රාවුන්ට කතා කරන්න පුලුවන්ද??"

"ඉන්න මම් සර්ට දාන්නම්"

.
.
.

"හෙලෝ.."

"මන් ජීහා"

"ජීහා 🤔"

"එදා ක්ලබ් එකේ"

"ඔහෝ ස්වීටී.. ඇයි මේ??"

"මට උදව්වක් ඕනේ"

"මොනාද මට දෙන්නේ??"

"උදව්ව මොකක්ද අහන්නේ නැද්ද??"

"කියමු බලන්න"

"මට ජිමින්ගේ වයිෆ්ව මරන්න ඕනේ"

"වට්?? මරන්න??"

"මරන්න බැරි නම් ඕනේ එකක්.. බට් මට මගේ ජිමින්ගෙන් ඒ ගෑනිව අයින් කරන්න ඕනේ"

"දැන් මට ඇයි තමුසෙ ඕක කියන්නේ?? අනික මට මොනාද ලැබෙන්නේ ඕකෙන්??"

"ජිමින්ට රිද්දන්න"

"මොකක්?? ඇයි ඌට රිදෙන්නෙ??"

"තමන්ගේ වයිෆ් නැති වුනාම ඕනේ පිරිමියෙක්ට රිදෙනවා.."

"ඌට රිදෙන්නෙ උබව මැරුවොත්"

"වට්??"

"හරි මන් උබට උදව් කරන්නම්.. බට් මටත් දෙයක් ඕනේ"

"මොකක්ද??"

"උබව 🤤"

"මොකක්??"

"දවසකට උබට මගේ වෙන්න පුලුවන්ද?? එහෙම උනිත් හැමදාටම ජිමින් උබේ වෙයි"

"ඒත්"

"උබ හිතලා මට කියපන්.. මන් බලන් ඉන්නම් බබා"

රාවුන් ෆෝන් එක කට් කරනවා එක්කම ජීහා හිතුවේ රාවුන් කිව්ව දේ ගැන.. කෙල්ලට කොහොමත් ඕවා අලුත් දේවල් නෙමෙයි.. ජිමින් නැති වෙයි කියන බයට ජීහාට කරන්න බැරි දෙයක් නෑ..

"හරි මන් කැමති.. මට ජිමින්ව ඕනේ.. මන් ඕනේ දෙයක් කරනවා වෙනුවෙන්"

ජීහා මෝඩකම නිසාම රාවුන්ගේ යෝජනාවට කැමති වුනා.. ඒක මැසේජ් එකකින් ජීහා රාවුන්ට යැව්වා.. එහෙම කලාම රාවුන් සෙනාව මරලා ජිමින්ව තමන්ට දෙයි කියලා විශ්වාස කරන්න තරම් ජීහා මෝඩයෙක් වුනා.. මොකද ජීහාගේ හිතේ මේ වෙලේ තියෙන්නේ ජිමින්ව නැතිවෙයි කියන බය විතරයි.. ඒ ඇර තමන්ට මොකක් වෙයිද?? ජිමින් මේක දැනගනීද?? ඔය මුකුත්ම ජීහා හිතුවේ නෑ..

Flashback end

කිසිම කතාවක් නැතුව එලියට බැස්ස කොල්ල ආවේ ක්ලබ් එකට..

"සර් මොනාද බොන්නේ??"

"වෙනදා එකෙන්ම"

කොල්ල වැටෙන්න තරම් බිව්වේ හිතේ තිබ්බ දුකට.. බීලා බීලා එතනම ඔලුව තියාගත්ත කොල්ල කාඩ් එකවත් ගෙනල්ලා තිබ්බෙ නෑ..

"සර්.... සර්..."

කොච්චර කතා කලත් ජිමින් නෙමෙයි ඔලුව උස්සලා බැලුවේ..

................

"අජුම්මා අරගන්නකෝ"

කෙල්ල ටිකක් බයවුන පාර අජුම්මා ලව්වා කෝල් එකක් ගත්තේ ජිමින්ට..

📞📞📞📞📞📞

"මහත්ත..."

"සර්ට ටිකක් වැඩි.."

"අහ්හ්හ්. හරි අපි එන්නම්"

අජුම්මා ෆෝන් එක කට් කරලා විස්තරේ කිව්වම කෙල්ල කාර් එකත් අරන් ගියේ ජිමින්ව ගේන්න.. කෙල්ල ක්ලබ් එකට යද්දී ජිමින් මේසේ උඩ හොදටම නිදි..

"මිස් සර් කාඩ් එක ගෙනල්ල නෑ.. පේමන්ට් එක"

"මේකෙන් ගන්න"

"තැන්කිව් මිස්.. මිස් මන් බෝයි කෙනෙක් ලව්වා සර්ව කාර් එකට ගේන්නද??"

"නෝ තෑන්ක්ස් මිස්ටර්.. මන් එක්කන් යන්නම්"

ආයේ දුන්න කාඩ් එකත් අරගෙන කෙල්ල ජිමින්ව උරහිසට වාරු කරගෙන කාර් එකට එක්කන් ගියා.. ඩ්‍රයිවින් සීට් එකට එහා පැත්තෙන් වාඩි කරවලා ශීට් බෙල්ට් එකත් දැම්ම කෙල්ල කාර් එක අරන් ආවේ ලස්සන පාර්ක් එකකට.. පාර්ක් එක ඉස්සරහෙන් කාර් එක නවත්තලා කෙල්ල ජිමින්ගේ උරහිසට ඔලුව තියාගත්තා..

"ජිමින්....."

..............

"ජිමින්... මන් මෙහෙම ඉන්න ආසයි.. මන්...මන් මෙහෙම හිටියට කමක් නැද්ද??"

"හ්ම්ම්ම්"

ජිමින්ගෙන් ලැබුන උත්තරයට කෙල්ලගේ මූණට පොඩි හිනාවක් ආවා..

"මට සමාවෙන්න.. ඇයි ඔයා ජීහාට ඔච්චර ආදරේ?? මට දුක හිතුන නිසා මන් කොණ්ඩේ කැපුවේ.. ඔයා ආස නිසා.. ඔයාට රිද්දන්න.. ඒත්... ඒත් මට සමාවෙන්න ජිමින්..."

කෙල්ල නොනවත්වාම කියවනවා.. ජිමින්ට මුකුත් ඇහෙන්න නෑ කියලා දැන දැන කෙල්ල ඔහේ කියවනවා.. කෙල්ල ආසයි ජිමින් ලගට වෙලා ඉන්න.. මේ වෙලේ විතරයි එයාට එහෙම ඉන්න පුලුවන්.. ඒ නිසා එයා ඒ අවස්ථාව නැති කරගත්තේ නෑ..

පැයක් විතර කෙල්ල ඔහේ කටට එන දේවල් කියෙව්වා..

"අහ්හ්හ් ආයිශ්ශ්ශ් මගේ ඔලුව... වතුර"

ජිමින් යාන්තමට ඇස් ඇරියේ වතුර ඉල්ලන ගමන්.. කෙල්ල බය වුනේ කෑගහයි කියලා.. බයටම කෙල්ල වෙව්ලන ඇස්වලින් වතුට එක දික් කලා.. ජිමින් අමාරුවෙන් වතුර එක අර බීලා බැලුවේ කෙල්ල දිහා..

"මේ කොහෙද?? ඇයි ඔයා?? අශ්ශ්ශ් 🤬🤬🤬මගේ ඔලුව"

"ක්ලබ් එකෙන් කතා කරපු නිසා එක්කන් යන්න ආවේ"

"ඩ්‍රයිවර් කෙනෙක් එවන්න තිබ්බ"

කොල්ල ආයේම ඇලවුනේ ඔලුවේ කැක්කුම වැඩිවෙද්දී.. තාම කොල්ල හිටියේ මද සිහියෙන්..

"ජිමින්..."

"හ්ම්ම්ම්??"

"ඇයි මට වයිර කරන්නේ??"

"................"

"ජිමින්...."

"හ්ම්ම්ම්"

"ජීහාට එච්චර ආදරේ නම් ඇයි මාව මැරි කලේ??"

"............."

"ජිමින් කියන්නකෝ.. 😓😓😓"

කෙල්ලට ඉබේටම ඇඩුනා.. හොද සිහියෙන් හිටියේ නැති ජිමින් කෙල්ලව ළගට ඇදලා ගත්තා.. කෙල්ල නැවතුනේ ජිමින්ගේ පපුවේ...

"ජිමි..."

"ශ්ශ්ශ්ශ් නිදිමතයි"

කෙල්ලව තුරුල් කරගෙනම ජිමින් නින්දට වැටුනා.. ආසාවෙන් හිටිය කෙල්ලටත් ජිමින්ගේ තුරුලෙම නින්ද ගියා...

🌞🌞🌞🌞🌞

Jimin pov

💢💢💢💢💢

මොකකට හරි තඩිබාන සද්දයකට මන් ගැස්සිලා ඇහැරෙද්දී මන් හිටියේ කාර් එකේ.. ඒ මදිවට සෙනාවත් තුරුල් කරගෙන.. මන් සෙනාව මගෙන් ඈතට තල්ලු කරනවත් එක්කම ශටර් එක පාත් කලේ එලියෙන් තඩිබාන එකාට හොද දෙකක් කියන්න..

Pov end

"සර් උදේට මෙතන කාර් පාර්ක් කරන්න බෑ"

"අහ්හ් හරි මිස්ටර්..."

ජිමින් ශටර් එකත් වහන් බලද්දී සෙනා හිටියේ ඇස් හීනී කරගෙන ජිමින් දිහා බලාගෙන..

"මොකද?? මන් මොකද තමුසෙ එක්ක කරන්නේ??"

"අහ්හ්හ්... විකාර.. ඊයේ බීලා බීලා කෙලින් ඉන්නවත් බැරි වුනාම"

"තමුසෙට මන් කතා කලාද??"

"නෑ.. අජුම්මා කතා කලාම ක්ලබ් එකේ මැනේජර් කිව්වේ.. අජුම්මව එවන්න බැරි නිසා මන් ආවේ.. ආයේ යද්දී කාඩ් එක ගෙනියන්න"

ජිමින් කලබලයෙන් සාක්කුව අල්ලද්දී කොල්ලට තේරුනා කාඩ් එක නැතුව ගිහින් තියෙන්නේ..

"අයිශ්ශ්ශ්ශ්"

කොල්ලට කට උත්තර නැතිවුනත් කෙල්ලට නම් චුට්ටක් ඊයේ රෑ ගැන සතුටක් තිබ්බා..

"යමු ඉක්මනට..."

අන්තිමට දෙන්නම ගෙදරට නම් ආවා.. ජිමින් ආව ගමන් ලෑස්ති වෙලා වැඩට ගියත් කෙල්ල ටිකක් දවල් වෙලා යන්න හිටියා..

Time passed

ජිම්න් ඔෆිස් එකට ආව වෙලේ ඉදන් කලේ කල්පනා කරපු එක.. ජීහා එක්කවත් කතා නොකරපු කොල්ලා ආව වෙලේ ඉදන් කැබින් එකට වෙලා කල්පනා කලේ සෙනා ගැන..

ජිමින් තමුසෙට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.. සෙනා සෙනා සෙනා... ඇයි සෙනා එහෙම කලේ?? මන් මෙච්චර රිද්දද්දී තමුසේ කොහොමද ඉන්නේ?? මන් ගැන බලන්න?? ආයිශ් 😣😣😣

කොල්ලා මේසේටත් ගහ ගහා කල්පනා කලේ මොකක්ද කරන්නෙ කියලා..

"ජිමින්...."

කොල්ලා ගැස්සුනා..

"මොකද බය වෙලා?? මොකද ජිමින් වෙලා තියෙන්නේ?? කෝල් කලාට කතා කරන්නේ නෑ.. දවසෙම කල්පනාව??"

"මගේ හිතට හරි නෑ බබා"

"හරි එහෙනම් අද අපි ක්ලබ් එක පැත්තේ යමුද??"

"හ්ම්ම්ම්"

දෙන්නගෙ කතාව එහෙම්ම දීර්ඝ වුනත් ජිමින් හිටියේ වෙනම ලෝකෙක..

හරියටම හය වෙද්දී ජීහා කාර් පාර්ක් එකට වෙලා බලන් හිටියේ ජිමින් එනකන්.. සෙනා ගෙදර යන්න බලාගෙන කාර් පාර්ක් එකට යද්දී දැක්කේ ජිමින්ගේ කාර් එක ළග ඉන්න ජීහාව.. ජීහාව ගණන් නොගෙන සෙනා කෙලින්ම ගියේ සෙනාගේ කාර් එක ළගට.. මොකද මේවා අලුත් දේවල් නෙමෙයිනේ..

"සෙනා...."

"............."

"අද ජිම්න් එන්නෙ නෑ"

"හ්ම්ම්ම්"

සෙනා ජීහාව මගඇරලා යන්න ගියත් ජීහා සෙනාව හරස් කරලා හිට ගත්තේ සෙනාගේ ගමන නවත්තන ගමන්.

"කතා කරන්න ඕනේ"

"කියන්න..."

"මටයි ජිමින්ටයි පාඩුවේ ඉන්න දීලා තමුසේ අයින් වෙනවා.. කොහොමද ආදරේ නැති හස්බන්ඩ් කෙනෙක් එක්ක ඉන්නෙ??"

"ආදරේ නොවුනත් එයා මගේ.. ඉතින් ඇයි මැරි කරපු කෙනෙක් පස්සෙ එන්නෙ?? අයි මීන් ඔයාට වෙන කෙනෙක් හොයාගන්න බැරි මොකක්හරි??"

"වට්???"

"ඇයි ඇහුනේ නැද්ද??"

"තමුසෙට....."

ජීහා සෙනාව තල්ලු කරපු පාර හිටිය තැනෙන් පස්සට සෙනාව තල්ලු වුනා.. ආයේ සෙනා ලගට ආව ජීහා සෙනාගේ බ්ලවුස් එකෙන් ඇදලා අල්ලා ගන්නවා එක්කම දැක්කා පිටිපස්සෙන් එන ජිමින්ව...

"අව්ව්ව්ව්ව්ව් 😓😓😓😓"

ජීහා කම්මුලත් අල්ලන් බිමට වැටෙනවත් එක්කම ජිමින් ජීහා ලගට දුවලා ඇවිත් කෙල්ලව නැගිට්ටුවා..

" are u oky baba??"

"හ්ම්ම්ම් අපි යමු..."

"මොකද උනේ??"

"මන් ආයේ වැඩට එන්නෙනෑ.. මෙයා මෙයා... එක්කො ඕනේ නෑ බබා"

ජීහාව නැගිට්ටපු ජිමින් ළංවුනේ මුකුත් නොදන්න සෙනා ලගට.. ඇත්තටම සෙනා ජීහාට ගැහුවේ නෑ.. කෙල්ලට එච්චර දෙයක් කරගන්න කොහොමත් බෑ..

"හරි මේ තමුසෙගේ තැන නිසානේ නටන්නේ?? මේකට රිටන් එක දෙන්නම්.. ඉවසන් ඉන්නවා"

අත මිටි මොලවගෙන කේන්තියෙන් හිටිය ජිමින් ජීහාවත් ඇදගෙන කාර් එක ලගට ගියා.. ජීහව කාර් එකට දාලා ආයේ සෙනා දිහා බලපු කොල්ලා කාර් එකේ බොනට් එකට අතින් පාරක් ගහන ගමන් කාර් එකට නැග්ගා.. ජිමින් ජීහා එක්ක යන දිහා බලන් හිටිය සෙනාගේ කකුල් දෙකම පණ නැති වෙනවා වගෙ දැනෙද්දී කෙල්ල කාර් එක අස්සට වෙන්න ඉදගත්තේ දුක තුනී කරගන්න හිතාගෙන..

ජිමින්.... හ්ම්ම්ම් මට ළං වෙන්න දෙන්නෙම නෑ.. ඒත් එයා බොරු... 😣

ජිමින් කෙල්ලව කවදාවත් විශ්වාස කරන්නෙ නෑ කියලා කෙල්ල දැනගෙන හිටියා..

Time passed

විනාඩි ගාණක් කාර් පාර්ක් එකට වෙලා හිටිය කෙල්ල ආවේ ගෙදර.. මුලු ගෙදරම මූසලයි.. පාලුයි.. මාලිගයක් වගේ ගෙදර කෙල්ල තනි වෙලා.. කතා කරන්න දුක කියන්න කෙල්ලට හිටියේ කෙල්ලම විතරයි..

කවදත් පුරුදු තනිකම එක්ක කෙල්ල හොදට නාගෙන එලියට ඇවිල්ලා වෙලාව බැලුවම වෙලාව 8.30යි.. තාම ජිමින් ඇවිල්ලා නෑ කියලා තේරුන කෙල්ල පහලට ගියේ මොනාහරි කාලා ඉක්මනටම නිදාගන්න.. කෙල්ල පහලට යද්දී අජුම්මා කෑම මේසේට යවලා..

"බේබී.. එන්න කන්න..මන් ලෑස්ති කලා"

"මහත්තයා ආවේ නැද්ද??"

ඒ එක්කම ඩෝ බෙල් එක වැදුනා..

"ඉන්න මන් බලන්නම් බේබී.."

කෙල්ල අජුම්මා කවුද ආවේ බලන්න ගිය නිසා කන්න පටන් ගත්තා..

"බේබී ඔයාගේ යාලුවෙක්ලු"

"කෝ කවුද??"

ඊලග තප්පරයෙම කෙල්ලගේ ඇස් දෙක උඩ ගියේ තමන් ඉස්සරහා ඉන්න කෙනාව දැකලා..

"සෙනා... 🙂"

"ජී...හූ... ඔයා??"

"සොරි කරදර කලා නම්.. මගේ කාර් එක කැඩුනා.. මගේ වෙහිකල් එක එනකන් බලන් ඉද්දී මට මතක් වුනා ඔයා මේ ලග කියලා ඉන්නේ.. සෝ පොඩ්ඩක් ආවා.. ඔයාට වදයක් වගේද??"

වදයක් වගේද?? දැන් ජිම්න් හිටිය නම් වදේ වෙන්නෙ ඔයාට නෙමෙයි මට.. වෙලාවට වසවර්තියා නෑ.. වදයක් වුනත් ඔව් වදයක් කියලා කියන්නද?? 😏😏

කෙල්ල හිතින් හිතලා බොරු හිනාවක් දාලා කොල්ලා ලගට ගියා..

"අයියෝ නෑ ජීහූ.. එන්න වාඩිවෙන්න.. අජුම්මා බොන්න මොනාහරි"

"හරි බේබී"

වෙන කරන්න දෙයක් නැති නිසා කෙල්ල ජීහූ එක්ක සෝෆා එකෙන් වාඩිවෙලා කතා කර කර හිටියා..

"කෝ හස්බන්ඩ්??"

"එයා.. මේ... මේ.. පාර්ටි එකකට ගියා"

"ඔයාව දාලා??"

"ඒක එයාගේ යාලුවෝ එක්ක"

"සෙනා මන් දෙයක් අහන්නද??"

"මොකක්ද??"

"ඔයා ඉන්නේ සතුටෙන් නෙමෙයි නේද??"

"අහ්හ්හ්හ් අනී... "

"මට කියන්න.. අච්චර ලස්සන කොණ්ඩේ කෝ?? ඔයා දන්නවද ඒ කොණ්ඩේ නිසා ඔයා කොච්චර ලස්සනද කියලා?? කාගෙන් පලිගන්නද එහෙම දෙයක් කලේ??"

"මොනාද මේ අහන්නේ?? මට.... මට හිතිලා කැපුවේ"

"ඇත්ත කියන්න"

කෙල්ලට තව ටිකක් ළංවුන කොල්ලා කෙල්ලගේ අත ඇල්ලුවා.. බයටම අත ගසලා දැම්ම කෙල්ල එතනින් නැගිට්ටා..

"ඔයා මොකද කරන්නේ??"

"සෙනා...."

කෙල්ල පස්සට යන්න යන්න ජීහූ කෙල්ලට තව ළං වුනා.. අන්තිමට කෙල්ල බිත්තියට හිර වුනාම ජීහූ තමන්ගේ අත් දෙක මැද්දේ කෙල්ලව හිර කරගත්තා..

"ජීහූ අයිනට වෙනවා.. මට යන්න දෙනවා.. මොකද මේ"

කෙල්ල බය වෙන්න පුලුවන් උපරිම බය වෙලා හිටියේ.. කෙල්ල ජීහූව තල්ලු කරපු පාර ජීහුගෙ අත ගිහින් ළග තිබ්බ රැක් එකේ වැදුනා..

"අහ්හ්හ්හ්හ්හ් මගේ අත"

කොල්ල අත අල්ලන් කෙල්ල දිහා බලද්දී කෙල්ල බයට කොල්ලා ලගට දුවලා ආවේ තුවාල වුනාද බලන්න.. කෙල්ල ජීහූගේ අත අල්ලනවත් එක්කම කෙල්ල ගැස්සුනේ ජිමින්ගේ කටහඩට..

"සෙනා.... 😡😡😡😡"






Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top