Would you like to be my partner? ❤️

කලින් කතාව මතකයි නේද???




"මොකක් ඔයා 😳😳😳?"

මගේ ඇස් දෙක අදහගන්න බැරි උනේ මාව තුරුල් කරන් හිටපු කෙනා දැකලා.. ජින් ඔප්පා.. මන් එයාගෙන් ඈත් වෙන්න ට්‍රයි කලේ..

"දගලන්න එපා.. මෙතන තව කොල්ලො ඉන්නවා"

මට මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරි වුනා.. ජින් මාව එහෙම්ම ම තද කරගෙන කාර් එක ළගට වෙන්කන් එක්කන් ගියත් තප්පරේකටවත් මාව අත ඇරියේ නෑ.. ඔප්පා ඔයා මේ මොකක්ද කරන්නේ??

"කුකී කාර් එකේ පිටිපස්සේ තියන ස්කාෆ් එක අරන් එන්න.."

Jk pov

ආකී අර කෙල්ලට එයාගේ ටී එක ගලවලා දෙද්දී මට මොකක්ද කරගන්නේ කියල හිතාගන්න බැරි වුනා.. ඒත් ජින් හ්‍යොන්ග් ආකීව එයාගේ ළගට ඇදල ගත්ත එක ගැන මට ලොකු පැහැදීමක් ඇති වුනේ නෑ..එයා ආකීට... නෑ නෑ.. අපි ආයේ කාර් එකට යනකන්ම හ්‍යොන්ග් ආකීව තප්පරේකටවත් අත ඇරියේ නෑ.. මට හිතාගන්න බැරි වුනේ ඒ ඇයි කියල.. කාර් එක ළගට ගියාම මට කාර් එකෙන් ස්කාෆ් එක ගෙන්න කිව්වම මන් ඇයි එච්චර හයියෙන් දුවල ගිහින් ගෙනාවේ කියල මන් දන්නේ නෑ..මන් දන්නේ ආකීව ජින් හ්‍යොන්ග්ගේ තුරුලෙන් එලියට ඉක්මනට ගන්න මට ඕනේ වුනා..

Pov end

" මෙන්න හ්‍යොන්ග්"

"මේක දාගන්න.. මෝඩ වැඩ කරන්න එපා.. ඔයත් කෙල්ලෙක්"

"ඒ වෙලේ මට වඩා ඒක එයාට ඕනේ..අනික මන් ස්කිනි එකක් ඇදලනෙ හිටියේ"

"හරි හරි දැන් නගින්න"

අපි එද්දී සුගාලා කෙල්ලො සෙට් එකක් හොස්පිටල් එකට යවලා.. අපේ හෙඩ්ගේ උදව්වෙන් අපිට ටග්ගාලා හොස්පිටල් එකක උදව් ගන්න පුලුවන් වුනා.. ඒත් අවාසනාවකට අපි ආව එක කාර් එකක් ස්ටාර්ට් වුනේ නෑ.. කොල්ලො ඔක්කොම හිටියේ ශර්ට්ලස් නිසා ගොඩක් වෙලා එලියෙ ඉන්නත් බැරි නිසා තිබ්බ වෙහිකල් එකට කට්ටියම නැග්ගා..

"මේකේ ඔක්කොටම යන්න ඉඩ නෑ"

"මෙතනට ටැක්සි එන්නේ නෑ.. අනික මෙහෙම ටැක්සිවල යන්න පුලුවන්ද??"

හොබී ඇහුවේ නෝරා ඉඩ නෑ කිව්ව නිසා..

කට්ටියම ෆුල් පැක් වෙලා නගිද්දී සුගා වෙහිකල් එක ගත්තේ ජින් අනිත් සීට් එකේ වාඩි වෙන ගමන්..

"නෝරා එමී ඔයාලා පිටිපස්සට නගින්න"

"අපි දෙන්නත් පස්සට යන්නද??"

ජිමින් කට කොනෙන් හිනා වෙලා අහද්දි නම් ඔක්කොටම හිනා ගියා..

"නැගපන් නැගපන්.. ඔඩොක්කුවේ හරි තියන් පලයන්"

ජූන් ඊලගට නගිද්දී හොබී නැග්ගේ ජූන්ගේ එහා පැත්තට.. අන්තිමට ඉතුරු වුනේ මායි කුකී.. අපි දෙන්නටම එක සීට් එකයි ඉතුරු..

"ජිමින් ඔයාට කුකී එක්ක යන්න වෙනවා"

මන් බැරිම තැන කිව්වේ මට කුකී එක්ක යන්න ඕනේ නැති නිසා..

"මොකක්ද ඕයි?? ආදරේට බාධා කරන්න එපා.."

"ඉන්න මන් එන්නම් ඔතනට.. ඔයා මෙතනට එන්න"

ජින් එක පාරට එහෙම කියද්දී ජූන් එපා කිව්වා..

"ජින් එපා.. ඇයි උබල දෙන්නට ලාදුරුද?? මේක මිශන් එක.. මිශන් එකට පෞද්ගලික දේවල් අදාලා නෑ.. නැගපන් නැත්තම් දෙන්නම දාලා යනවා.."

"ඔව්ව්ව් විකාර.."

ටේ පිටිපස්සෙ ඉදන් කෑ ගහද්දී කුකී මුලින්ම ඇතුලට ගිහින් වාඩිවුනා.. ඉන්න හිතුනත් අකමැත්තෙන් හරි නගින්න වුනේ හේතු දෙකකට.. එකක් මන් නැග්ගෙ නැත්තම් මගේ ලොකුකම කියල මාව අනිත් අයගෙන් කැපෙනවා, අනික ගල් ගැගෙන්න තරම් සීතල.. කුකීටත් සීට් එක මදි එකේ මට කොහේ ඇති වෙන්නද?? හිතාගන්න පුලුවන්නේ යන විදිහ..

"ඔය යන්නේ දැන් ලස්සනට"

මන් ජූන්ට එරෙව්වේ මටත් වාරයක් එයිනේ කියල හිතන ගමන්..

"ජූන් ඩෝම් එකටද හොස්පිටල් එකටද??"

"උබට පිස්සුද යකෝ මෙහෙම හොස්පිටල් එකට යන්න.. ඩෝම් එකට.. මන් අන්කල් ජේව යැව්වා අපි එනකන් බලාගන්න කියල.. අපි ඩෝම් එකට ගිහින් ශර්ට් එකක් දාගෙන යමු.. ඔක්කොම යන්න ඕනේත් නෑ ඉතින්"

"එහෙනම් ඔන්න පෑගුවා ඩෝම් එකට"

සුගා පුලුවන් හයියෙන් ගියේ ඩෝම් එකට.. පුදුම සීතලක් තිබ්බා.. මට සීතල වැඩි වෙද්දී මන් මාවම අත් දෙකෙන් බධා ගත්තේ ඉවසන්න බැරිම තැන..

"අම්බෝ සීතලයි"

"අපිට නම් නෑ.."

අපි ඔක්කොම පිටිපස්ස බැලුවේ මෙච්චර සීතලේ සීතල නෑ කියන්න මුන්ට අමු කැවිලද බලන්න..

"අපෝ ඕවා මෙතන කරන්න එපා"

කපල් හොදට තුරුල් වෙලා.. අම්බෝ ඕක තමා පස්සට රිංගගත්තේ..

"අනේ මේ මෙතන මුකුත් වෙන්නෙ නෑ.. සීතලට අපි මෙහෙම ඉන්නේ.. ජූන් ඔයා හොබීව බදාගන්නකො"

එමීගේ කතාවට ජූන් කට කොනෙන් හිනාවෙලා හොබීගේ පැත්ත බැලුවා...

"අනේ මේ මට සීතල නෑ.. එන්න එපා ළගට"

හොබී මර ලතෝනි දුන්නේ ජූන් බලෙන්ම හොබීව බදාගත්ත නිසා..

"ඔයාට නැති වුනාට මට සීතලයි යකෝ.."

"කුකී ඔයාට පුලුවන් ආකීගේ සීතල නැති කරන්න"

"මට සීතල නෑ"

මන් නෝරගේ කතාවට උත්තර දුන්නේ ශටර් එකෙන් එලිය බලාගෙන..

"දැන් ඔයාමනේ සීතලයි කිව්වේ?? කමක් නෑ කුකී ඔන්න මෙයාව බදාගන්න.. මිශන් එකට පෞද්ගලික දේවල් වැඩක් නෑනේ 😂😂"

"නෝරා කට පියන් නොගියොත් මන් ඔතන මැදට එනවා.."

"අපෝ එපා..මෙන්න කට පියා ගත්තා"

එහෙම්ම කට්ටිය ටිකක් නිශ්ෂබ්ද වුනා.. තවත් විනාඩි කිහිපයක් තිබ්බ නිශ්ෂබ්දතාව නැති උනේ ජින් කතා කරපු නිසා..

"අද වැඩේ හොදට ගියා.. අන්කල් ජේ මැසේජ් එකක් දාලා එහෙ අවුලක් නෑ කියල"

"හ්ම්ම් ඔව්ව්ව් පවු ඒ කෙල්ලො..මින්හෝලාව මරන්න ඕනේ"

"ආකී, උන්ව දැන් ම මරන්න බෑ.."

ඒ එක්කම සුගා බ්‍රේක් එකක් ගැහුවේ කිසිම දැනුම් දීමක් නොකර..

"සොරි"

" හ්ම්ම්ම්"

මාව නැවතුනේ කුකීගේ ඇගේ.. අපි දෙන්න ඒ තප්පර ගාණට ආයේ ආතීතෙට ගියා කිව්වොත් හරි.. මට ඔයා මාව බදාගන්න හැටි මට තප්පරේට මතක් වුනා.. ඒ ඔක්කොම බොරුවට කියල මතක් වෙද්දී මගෙ ඇස්වලට ආයේ කදුලු ආවේ මන් මගේ ආදරේ අමාරුවෙන් යට කරන් ඉන්න නිසා වෙන්න ඇති.. මන් ආයේ ශටර් එකෙන් එලිය බලාගත්තේ කාටවත් පේන්න මගේ දුක පෙන්නන්න ඕනේ නැති නිසා..

Time passed

මූණට ඉර අව්ව වැටුන නිසා මන් ඇස් දෙකත් කස කස නැගිට්ටේ වෙනදට මගේ කාමෙරේට මෙහෙම එලිය වැටෙන්නේ නැති නිසා.. මට තේරුනා මන් ඉන්නේ මගේ කාමරේ නෙමෙයි කියල..

"අහ්හ්හ් 😣😣😣"

මන් හිටියේ කුකීට තුරුල් වෙලා අපි ආව වෙහිකල් එකේමයි.. අපි දෙන්න විතරයි හිටියේ.. ඒ එක්කම කුකීත් ඇහැරුනේ ලොකු ඈනුමක් යවන ගමන්..

"මොකක්? අපි මෙතනද නිදාගත්තේ??"

මන් ඉක්මනට කුකීගෙන් ඈත් වුනේ එයාව තල්ලු කරන ගමන්.. ඒ එක්කම කුකී එහා පැත්තේ සීට් එකට විසික් වුනා..

"ආව්ව්ව්ව්.. මන් මොනා කරන්නද??"

"ඇයි අපි දෙන්න විතරක් මෙහෙම ඉන්නේ?? කෝ අනිත් අය??"

"මන් දන්නෙ කොහොමද?? මාත් දැන්නේ ඇහැරුනේ"

"ඔයා හිතලම නේ.."

"බම්බුව.. මට අමාරුවනේ"

"කෝ මගේ ස්කාෆ් එක?"

දෙයියනේ මගේ ස්කාෆ් එකත් නෑ.. මොකක්ද උනේ?? මට අනිත් අය ගැන ආවේ ලොකු කේන්තියක්. ඒ එක්කම කුකී සීට් එක අස්සෙ තිබිලා ස්කාෆ් එක අරන් දුන්නා..

"ආ..."

මන් ඒකත් ඇදගෙන එලියට බැස්සේ ඒක ඇගේ පටලවගන්න ගමන්.. ඒ එක්කම කුකීත් එලියට බැස්සා..
.
.
.
.
.

"තාම අරුන් දෙන්න ආවේ නැද්ද??"

"නෑ නෝරා.. "

"යකෝ මාර ඩබලක් නේ.. කුකී තාත්තා කෙනෙක් වෙලා එයිද දන්නේ නෑ 😂😂😂"

එමීගේ කතාවට ඔක්කොම හිනා වෙද්දී මන් ඇතුලට ගියේ කෑගහගෙන..

"මොකක්ද ඒ කලේ?? ඇයි එහෙම කලේ??"

"කොහොමද??"

"කොහොමද?? ඔයාල අපිව එහෙම දාලා ආවේ ඇයි??"

"මතක නැද්ද දෙන්නට හිටිය විදිහ??"

ජූන්ගේ ඒ කතාවට නම් මට බයත් හිතුනා.. හිටිය විදිහ කිව්වේ 😳😳😳

Flash back

Joon pov

අපි හරියටම පැය එකහා මාරක් යද්දී ඩෝම් එකට ආවා.. අපිට ගියා තරම් ලේසි වුනේ නෑ එන්න.. මොකද ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ නිසා.. අන්තිමට ඩෝම් එක ළගට ඇවිල්ල බහින්න යද්දී දැක්කේ ආකී කුකීව බදාගෙන හොදටම නිදාගෙන ඉන්නවා.. අපි ඔක්කොටම හිනා ගියත් අපි කවුරුත් ඇහරන්නේ නැතුව ඩෝම් එකට ගියේ නැගිට්ට වෙලාවක ඇතුලට එයි කියල හිතලා..

Pov end

"මෙහෙම තියල යන එක හරිද බන්??"

"කමක් නෑ හිටපුවාවේ 😂😂"

ජින් අදිමදි කලත් කට්ටියම කැමති වුන නිසා තනියම තියලා ගියේ කුකීගේ අත් දෙක අස්සෙ ගුලි වෙලා ඉන්න ආකී දිහා බල බල හිනා වෙවී.. දෙන්න ඇහරලා ඉද්දී මූණවත් නොබැලුවට නිදාගෙන ඉන්න විදිහ දැක්කම ආත්මගත ජෝඩුවක් වගේ පේන්නේ..

"පොඩ්ඩක් ඉන්න"

ජිමින් ටග්ගාලා ෆොටෝ එකක් ගහගත්තේ නැගිට්ටම පෙන්නන්න කියල හිතාගෙන.. ඇතුලට ගිහින් කට්ටියම රූම් වලට ගිහින් නිදාගත්තා.. හැබැයි අර දෙන්න තාම වෙහිකල් එකේ..

Jk pov

ටිකක් සීතල තදට දැනුන නිසා මට මහ පාන්දර ඇහැරුනේ ලොකු බරක් ඇග උඩ තියනවා වගේ දැනුනා නිසා.නිකන් කවුරුහරි මාව තද කරන් ඉන්නවා වගේ හැගීමක්.. මන් ටග්ගාලා ඇස් ඇරියේ මොකද බලන්න.. එතකොට දැක්කේ ආකී මට තුරුල් වෙලා නිදන් ඉන්නවා.. අපි දෙන්න කොච්චර ඈත් වුනත් මට ඔයාව මේ වෙලේ තප්පරයක්වත් ඈත් කරන්න හිතුනේ නෑ.. මොන වැරදි වෙලා අපි අපෙන් ඈත් වුනත් මේ ළග ඉන්න වෙලේ ඔයාව මන් ළගම තියාගන්න මට ඕනේ වුනා..හෙමින් ඔලුව අතගෑව මන් තව ටිකක් මට තද කරගත්තේ කාලෙකින් දැනුන ඒ උනුහුම විදින ගමන්..

Pov end

Flashback end

ආකීට ජූන්ලා ඒ වෙලේ උන හැමදේම කිව්වත් කුකී ඒ වෙලේ මොනාද කලේ කියල දන්නේ කුකී විතරයි... ඒ අස්සේ ජිමින් දෙන්නගේ ෆොටෝ එක පෙන්නුවම නම් ආකීට පොලව පලන් යන්න හිතෙන්න ඇති..

"ජිමින් ඕක ඩිලීට් කරන්න"

"ඒ ඇයි?? මේක මගේ ෆෝන් එකේනේ තියෙන්නෙ"

"ඒත් ඉන්නෙ අපිනේ"

"අනේ මේ"

මන් කොච්චට කිව්වත් ජිමින් ෆොටෝ එක ඩිලීට් කලේ නෑ..එහෙම්ම කට්ටිය උදේට කලා ඊයේ මොකද උනේ කියල කතා කලා..
.
.
.
.
.

"ඇයි ජූන් එන්න කිව්වේ??"

අපි අපේ රූම්වලට වෙලා ටිකක් රෙස්ට් කර කර හිටියේ.. ඒ වෙලේ ජූන් කට්ටියටම පහලට එන්න කිව්ව නිසා ඔක්කොම ආවේ මොකක්ද කාරණාව කියල දැනගන්න..

"පාටියක් තියනවා යන්න"

"ඒ කාගෙද??"

"අපේ සියෝක් ගෲප් එකේ.."

"වාව්.."

"යන්න පාට්නර් කෙනෙක් ඕනේ"

ජූන් ඇන්ඩ් ජිමින් අතරේ ගිය කතාවට අනිත් අයත් එකතු වුනා..

"අනිත් එක මතකනෙ අපි ඉන්න මිශන් එකක ..බීලා දෙල් කලොත් නේ"

"ඩෝන්ට් වෝරි ලීඩර්"

"උබව තමා ශුවර්ම නැත්තේ ජිමින් මට 😒"

"😂😂😂"

ඔක්කොම හිනා වෙද්දී ජූන් යන විදිහ කිව්වා.. මේක නම් මිශන් එකට සම්බන්ද දෙයක් නෙමෙයි.. ජින් නිසා තමා ඔක්කොටම මේකට ඉන්වයිට් හම්බුනේ..

"ජිමින් නෝරා එක්කනේ යන්නෙ, ටේ ඇන්ඩ් එමී"

"හ්ම්ම් ඔව්"

"සුගා යන්නේ ජේන් එක්ක.."

"උන් දෙන්න සෙට් ද??"

"තාම නෑ. හැබැයි දැන් කෙල්ල මාත් එක්ක ගොඩක් ෆිට්"

ටේගේ ප්‍රශ්නෙට සුගා උත්තර දෙද්දී ඊලගට ආව ප්‍රශ්නේ අනිත් අය යන්නෙ කාත් එක්කද කියල..

"හොබී උබ මගේ කසින් එක්ක පලයන්"

"කවුද කසින්?? මන් දන්නේ නෑනේ"

"ජූඩා.. දැකලා නෑ..එයා වැකේශන්වලට ගිය සතියේ ආවේ, එයා එක්ක ඔයා යන්න.. මන් වෙන අය දන්නෙ නෑ"

"ඕකේ අවුලක් නෑ"

"එතකොට ජූන් උබ??"

"මට කෙනෙක් ඉන්න්වා..එදාට එක්කන් එන්නම්"

"අම්බො කී වෙනියද දන්නේ නෑ.. 😂😂"

"අනේ ඉදපන් කොටා"

"ජින් කුකී ඇන්ඩ් ආකී, ඔයාලා??"

"මන් ඩෝම් එකේ ඉන්නම්"

ආකී කිව්ව එකට ඔක්කොටම බකස් ගාලා හිනා ගියා..

"ඔයා කියන්නේ කුකීටයි ජින්ටයි යන්න කියලද?? 😂😂😂"

"නෑ නෑ ඒත්.."

"හායි ළමයි...."

එක පාරටම ඩෝ එක පැත්තෙන් ඇහුන වොයිස් එකට අපි ඔක්කොම ඒ පැත්ත බැලුවා..

"මින්සෝ.. කොහොමද කෙල්ල??"

ජූන් ළගට ආව කෙල්ලව හග් කලේ ගොඩක් කල් ඉදන් දන්න කෙනෙක් වගේ..අනිත් අයත් ළගට ගිහින් එයාව ආදරයෙන් පිලිගත්තා.. මොනා වුනත් කෙල්ල මාර ලස්සනයි..

"කුකීයෝ..අම්බෝ මගේ කුකියා වෙනස් වෙලා තියන තරම 🥺🥺"

"මෝඩි.. ආවා කියලා කිව්වේ නැත්තේ ඇයි??"

කුකී ළගට ආව කෙල්ල කුකීගේ ඇගේ එල්ලුනේ ගොඩක් ආදරෙන්...

"අහ්හ්හ් මින්සෝ මේ ඉන්නෙ නෝරා ජිමින්ගේ gf, එතකොට මේ එමී අපේ ටේගෙ කෙනා..ඔතන ඉන්නෙ ආකී.. අපේ.."

"හායි මින්සෝ..අපි මේ මිශන් එකකට බැන්ග්ටැන්ලා එක්ක ජොයින් වෙලා වැඩ කරන්නෙ"

ජූන්ගේ වචනේ නවත්තලා මන් මැද්දට පැන්නේ කුකී එක්ක මේ කෙල්ලට මොකක් හරි තියනවා කියල මට තේරුන නිසා.. අපි අදුරගත්තට පස්සේ ජූන් මින්සෝව අපිට අදුන්වලා දුන්නා..

"මේ ඉන්නෙ අපේ මින්සෝ.. කුකී ටේ ඇන්ඩ් ජිමින් එක්ක ඉගෙනගත්තේ.. පොඩි කාලේ ඉදන් එකටමයි හිටියේ කුකී ඇන්ඩ් මින්සෝ..ඒකෙන් අපි එක්ක ගොඩක් යාලුවුනා.. ඒත් කොහෙද මෙයා අවුරුද්දකට කලින් ඔසී ගියා.."

"හරි දැන් මන් ආවනේ.. "

"කොච්චරකල් ඉන්නවද??"

"බලමුකෝ, යන්න නෙමෙයි ආවේ"

"සිරාවට??"

"හ්ම්ම්ම් මැරි කරන්න ආවේ"

"පව් කොල්ලා"

කුකීගෙයි මින්සෝගෙයි කතාව මැද්දට ආවේ ජිමින්.. මැද්දටමයි එන්නෙ 😂😂😂

"මන් එද්දී මොනාද ඔයාලා කර කර හිටියේ??"

"නෑ මේ පාටියක්.. ආකී ජින් ඇන්ඩ් කුකී විතරයි ඉතුරු.. කෙනෙක්ට පාට්නර් කෙනෙක් නෑ"

"ජින් ඔප්පා ඔයා ආකී එක්ක යන්න..මන් කුකී එක්ක යන්නම්"

එහෙම කියල එයා කුකීගේ අතේ එල්ලෙද්දී හැමෝටම ටිකක් අවුල් ගියා කිව්වොත් හරි.. ඒ එක්කම ජින් ඔප්පා මගේ අත අල්ල ගත්තේ මට දුක හිතුනා කියල දැනුන නිසා වෙන්න ඇති..

"අවුලක් නෑනේ ආකී?"

"අනේ නෑ ඔප්පා"

"හෙට රෑ 7 වෙද්දී තමන්ගේ පාට්නර් එක්ක මොන්ගොන් හොටෙල් එකට එන්න.. කතාව අසා සිටී ඔබ සැමට ස්තුතියි.."

එහෙම්ම කියාගෙන ජූන් යද්දී කට්ටිය තම තමන්ගේ වැඩ වලට යද්දී කුකීවත් ඇදගෙන මින්සෝ ගියේ කුකීගේ රූම් එකට.. මාත් මගේ රූම් එකට ගියේ ටිකක් නිදාගන්න හිතාගෙන...

Time passed

"ආකී මන් ඇතුලට එන්නද??"

"එන්න ජින් ඔප්පා"

"මොකද මේ?? ලෑස්ති වෙන්නෙ නැද්ද??"

"තව වෙලා තියනවා"

"මොකක්ද අදින්නේ??"

"තියන එකක් අදිනවා"

"සියෝක් ගෲප් එකේ ceoගේ පොඩි පුතාගේ පාට්නර්ට එහෙම යන්න බෑ..එන්න යන්න"

"අනේ ඔප්පා"

ජින් මාවත් එක්කන් ආවේ ලොකු මෝල් එකකට. ඒකෙන් එයා වෙන් කරලා තිබ්බ ඩ්‍රෙස් එකක් අරන් අපි ගියේ සැලූන් එකට..

"ඇයි මේ දේවල්??"

"ඉන්නකෝ.."

ඒ එක්කම ජින් එලියට යද්දී ආව ගර්ල්ස්ලා තුන් දෙනා මාව ලෑස්ති කරන්න ගත්තා..
.
.
.
.
.

අන්තිමට ඔක්කොම වැඩ ඉවා වෙද්දී වෙලාව 6.45යි.. 7ට නේද පාටිය?? මන් එලියට එද්දී හිටියේ ජින් ඔප්පා..

"වාව්.."

මගේ කටින් නිකන්ම කිය වුනේ ජින් ඔප්පා මාරම ලස්සන නිසා.. මීට කලින් මන් මෙහෙම මෙයාව දැකලා තිබ්බෙ නෑ..

"අහ්හ් අහ්හ් කට පියා ගන්න.. ඔයා මෙච්චර ලස්සනද ආකී???"

"අහ්හ්හ්"

ජින් මගේ කන ලගට පාත් වුනා.. මගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොද අරන් කන පිටිපස්සේ රදවන ගමන් ලස්සන බ්‍රේස්ලට් මගේ අතට දැම්මා..

"ඔයා අද ගොඩක් ලස්සනයි."

"තැන්කිව් ඔප්පා.."

එහෙම්ම කියලා මන් පොඩ්ඩක් ඈත් වුනේ මගේ හිතට මොකක්දෝ අමුතු දෙයක් දැනුන නිසා..

"යමුද?? ඔක්කොම ඇවිල්ලා"

"හා යමු"

ජින් මගේ අතින් අල්ලන් මාව එක්කන් ගියේ කාර් එකට..අපි දෙන්න කිව්ව හොටෙල් එකට යද්දී මන් දැක්කා අනිත් අයත් ඇතුලට යන්න අපි එනකන් බලාගෙන ඉන්නවා..

නෝරා මාර ලස්සනයි.. ජිමින්ගේ අතේ එල්ලිලා හිටියේ.. ඒ වගේම එමී..එමී මාර කිව්ට්..බෝනික්කෙක් වගේ.. ටේ අල්ලන් හිටියේ කවුරුහරි උදුරන් දුවයි වගේ 😀😀😀 හොබී ලස්සන චූටී කෙල්ලෙක් එක්ක හිටියේ..අහ්හ් මේ ජූන්ගේ කසින් වෙන්න ඇති.. සුගා හිටියේ ටිකක් ෆැශනබල් කෙල්ලෙක් එක්ක.. හරිනේ මෙයා ෆැශන් ඩිසයින්නේ කරන්නේ.. ඒ ජේන්.. ජූන් හිටියෙත් ලස්සන කෙල්ලෙක් එක්ක..

"මෙයාලා කොහෙන්ද ඔප්පා මෙච්චර ලස්සන කෙල්ලො හොයාගත්තේ??"

"ඒව වඩක් නෑ.. අද මගේ කෙල්ල තමා හැමෝගෙම ටොපික් එක වෙන්නේ??"

"ඔප්පාගේ කෙල්ල??"

"ඔයා..."

"😳😳😳"

ජින් කාර් එක නවත්තන ගමන් මගේ අතින් අල්ලගත්තා..

මන් කුකී දිහා බලද්දී එයාගේ අතේ එක පැත්තක මින්සෝ එල්ලිලා හිටියේ ගොඩක් ආදරෙන්.. දුකක්ද මොකක්ද කියන්න නොතේරෙන හැගීමක් ඒ වෙලේ මගේ හිතට ආවා..

"ඔහොම ඉන්න.. මන් ඩෝ එක අරින්නම්.. බය වෙන්න එපා.."

"ඕකේ ඔප්පා..

ජින් ගිහින් කාර් එකේ ඩෝ එක ඇරලා මට අත දික් කරනවා එක්කම මන් එයාගේ අතින් අල්ලන් එලියට බැස්සා..මගේ ඉන වටෙන් අත යවලා ජින් අල්ලගද්දී මන් බැලුවේ එයාගේ මූණ දිහා..

කට කොනෙන් හිනාවෙලා එයා මාව එක්කන් ඇතුලට යද්දී අනිත් අයත් අපි පස්සෙන් ආවා.. ඒත් කුකීගේ මූණේ තිබ්බෙ එච්චර හොද හිනාවක් නෙමෙයි..

"පුතා.. කොහොමද??"

මිස්ටර් සියෝක් ඇවිල්ල අපිව පිලිගන්නවා එක්කම අපි අනිත් අය එක්ක පාටි එකට එකතු වුනා..

"වාව් ආකී..මේ තමුසෙමද??"

"මොකද ඕයි??"

හැමෝටම හිතාගන්න බැරි වුනා මේ ආකීද කියල.. මොකද වෙනදට දැක්ක ආකී හිටියේ නිකන් පිස්සෙක් වගේනෙ..
.
.
.
.

"කුකී..."

"හ්ම්ම්ම්"

"ජින් ඔප්පගේ ගර්ල් මාර ලස්සනයි.."

"එයා එයාගේ ගර්ල් නෙමෙයි"

"ඒ වුනාට එයාලා මැච්"

"කට වහන් ඉන්නවකෝ මින්සෝ"

"මොකෝ මෙයාට තද වුනේ??"

ඒ එක්කම ඔක්කොම එකම ටේබල් එකකට ආවේ ජීවිතේට දැකල නැති කට්ටියක් වගේ..

"ආකී ඔයා ලස්සනයි අද"

"තැන්කිව් මින්සෝ.. ඔයත් ලස්සනයි"

"ඔයා මගේ bridesmaidට ගන්නත් හිතෙනවා"

"අහ්හ්හ්හ් 😀😀"

"මොකද කියන්නේ කුකී??"

මන් කුකීගේ මූණ දිහා බැලුවේ ඇයි ඒක එයා කුකීගෙන් ඇහුවේ කියල කල්පනා කරන ගමන්..

"මගෙන් අහන්නේ ඇයි??"

"මනමාලයගෙන් අහන්න එපැයි"

එව් කිව්ව එකට මගේ අතේ තිබ්බ ග්ලාස් එක බිමට වැටෙනවා එක්කම ඔක්කොම හැරුනේ මින්සෝ ඇන්ඩ් කුකීගේ පැත්තට..

"මොනාද කුකී මේ කියන්නේ??"

"මන් දන්නෙ නෑ ජූන්"

"මෙයා දන්නවා.. මන් මෙයාට කැමති කියල කිව්වා ඊයේ"

"ඉතින් මූ මොකද කිව්වේ??"

"මුකුත් කිව්වෙ නෑ ජිමින්"

ඒ එක්කම මිස්ටර් සියෝක් කතා කරන්න ගත්තේ ආව හැමෝම පිලිගන්න ගමන්.. මාව නිකන් කරකවල අත ඇරියා වගේ වුනා 😓😓😓

"ජින්.. ඔයත් ආව නම් හරි දැන්.. මන් හිතනවා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එයි කියල"

මිස්ටර් සියෝක් එහෙම කිව්වේ මුලු සියෝක් ෆැමිලි එකම ඒ වෙද්දී හිටියේ මේන් ගෙස්ට්ලා පිලිගත්ත ටේබල් එක ළග නිසා.. ඔක්කොගෙම ඇස් අපේ පැත්තට ආවේ එක තප්පරයෙන්..

"මොකක් උබල දෙන්නත් යාලුද??"

"මොනාද ජිමින් මේ වෙන්නේ??"

ඒ එක්කම ජින් කට කොනෙක් හිනා වෙල මගේ අතින් අල්ලන් මිස්ටර් සියෝක් හිටිය පැත්තට යන්න හැදුවේ.. ඒත් කුකී මගේ අතින් ඇල්ලුවේ ඒ වටේ හිටිය ඔක්කොගෙම ඇස් පුදුම කරවලා..එක පැත්තකින් ජින් මගේ ඇතින් අල්ලන් ඉද්දී අනික් පැත්තෙන් කුකී.. මන් කුකීගේ දිහා බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක..

"🤨🤨🤨🤨🤨"






Plz vote and comment, if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top