The second trump.......
ජින් හෙඩ් එව්ව ෆොටෝ ටික බලාගෙන ලග තිබ්බ වාස් එකට ගැහුවේ වාස් එක බිදිලා වීදුරු කටු පහල තට්ටුව පුරා විසික් වෙද්දී.. සද්දෙට කිචන් එකේ හිටිය එමී නෝරා දුවගෙන ආවා..
"ජින් ඔප්පා..අවුලක්ද??"
"හ්ම්ම් ඔව් ශික්"
"මොකද??"
"මුන් ආයේ කෙල්ලො දෙන්නෙක් උස්සලා.."
"ආයේ??"
"ඔව්ව්ව් ඒත් අවුල වෙන එකක්"
"මොකක්ද??"
ජින් එමීගෙයි නෝරගෙයි පැත්තට ලැප් එක හරවල පෙන්නුවේ හෙඩ් එව්ව ෆොටෝ ටික..
"මේ මේ අරයා නේ??"
නෝරා අන්තිම ෆොටෝ එක දැක්ක ගමන් අදුරගත්තෙර් ඒ මෝහා කියලා.. ජින් හොදටම දන්නවා මෝහා කියන්නේ ගොඩක් දුප්පත් අහිංසක කෙල්ලෙක් කියලා.. ඒකමයි ජූන්ට රවට්ටන්න ඉඩ නොතියා එයා ඒක නතර කරලා දැම්මේ.. ඒත් ඒ මොහොතෙම මේ වෙලා තියන දේ දැක්කම 🥺🥺
"ඔව්ව් මෝහා.. ජූන්ගේ"
"මොනාද වෙන්නේ?? මොකෝ මේ වාස් පොලේ ගහලා??"
ජූන් පහලට එනවා එක්කම ජින් ටග්ගාලා ලැප් එක වහල දැම්මේ ජූන්ට මේක දැන්ම කියන්න ගියොත් අවුලක් වෙයි කියල හිතලා..
"නෑ ජූන් මේ ආයේ අරුන් කෙල්ලො ටිකක් කිඩ්නැප් කරලා.. අපි කොච්චර උන් ඇල්ලුවත් වැඩක් නෑ බන් මුදුන් මුල කපන්නේ නැතුව"
"හ්ම්ම් දැන් ඇයි උබ මේ බඩු පොලේ ගහලා??"
"නෑ කේන්ති ගියා.."
"හ්ම්ම්ම් අද කුකී මින්හෝව ඉවර කරලා ඩේවිඩ්ට යවලා"
"වට්??"
"හ්ම් ඔව්..දැන් ඌ ඇවිස්සෙනවා.. අපිව හොයන්න පටන් ගන්නවා"
"හ්ම්ම් ඒකත් හොදයි.. මෙහෙම හැංගි හැංගි නටලා එපා වෙලා"
"ඔව්ව් අනික බින්ගේ සීන් එක ටිවී එකේ කිව්වා.. අපිවත් පෙන්නුවා"
"සිරාවට.. කොහොමද ලස්සනද??"
"😂😂 අවුලක් නෑ හොදට හිටියා.. මේ වැකේශන් එකෙන් පස්සේ ටේට නම් කැම්පස් යන්න බැරි වෙයි"
"ඌට ඊට වඩා සතුටක් නැතුව ඇති 😂😂"
"හැබැයි එහෙම මූණ අදුරගන්න බෑ ඒකේ"
"එහෙනම් අවුලක් නෑ.. ඒත් උබයි ටේයි එලියට යන්න එපා වැඩිය"
"ඔව් හ්යොන්ග්"
ජින් ජූන් එක්ක කතා කරන අතරේ නෝරා එමී ආයේ කිචන් එකට ගියේ හද හද හිටිය කෑම එක හදන්න.. ( මිශන් එකට ගිය උන් නේ මේ 😂😂😂 ඕක තමා ගිය වැඩේ කරගන්න කියන්නේ)
.
.
.
.
" excuse me, අපි NIS එකෙන්"
ජිමින් ID එක පෙන්නලා එදා ගිය යාඩ් එක ඉස්සරහ තිබ්බ ශොප් එකට ගියේ cctv චෙක් කරන්න..
"මොකක්ද වෙන්න ඕනේ සර්??"
"Cctv රෙකෝඩ් ටිකක් ගන්න ඕනේ.."
"හරි සර්.."
කිසිම පැකිලීමක් නැතුව ඒ ශොප් එකේ හිටිය මනුස්සයා ජිමින් ඇන්ඩ් හොබීව එක්කන් ගියේ cctv එක ළගට..
"සර් කවදා.."
හොබී දිනයයි වෙලාවයි කිව්වා.. ඒ එක්කම අදාල දවසේ අදාල වෙලාවේ කොටස දැම්ම ඒ මනුස්සයා ජිමින්ට වාඩිවෙන්න දීලා නැගිට්ටා..
"හොබී මේ බලපන්"
"අංකේ බලපන්"
"හ්ම්ම් Nv10g"
ජිමින් හොබී විස්තර බල බල හිටියේ.. ඒත් එක පාරටම අර හිටිය මනුස්සයා එලියට ගියේ ඩෝ එකත් ලොක් කරලා..
"ජිමින්"
"ඇරපන් දොර"
කිසිම සද්දයක් නැති තැන හොබී කෝල් එකක් ගත්තේ ජින්ට..
"ජින් අපිට ප්‍රශ්නයක්"
.
.
.
.
"ජූන් ටේ සුගා වරෙන්"
"මොකද???"
"හොබියලට අවුලක්"
"මොකක්??"
නෝරා කිචන් එකේ ඉදලා දුවගෙන ආවේ ජිමිනුත් හොබී එක්ක ගියේ කියල දන්න නිසා..
"මොකද"
කුකීත් උඩ ඉදන් දුවගෙන ආවේ ජින්ගේ කෑගැහිල්ලට..
"මන් හිතන්න අපේ උන් එනවා කියල දන්න නිසා උන් මෙහෙම කරල ඇත්තේ.. අහපන් ඔක්කොම යන එක රිස්කි.. දැන් කොහොමත් ටේ ඇන්ඩ් ජූන් ලාවට එලියට ගිහින් ඉවර නිසා උබල දෙන්න යන්න කුකී එක්ක"
"කුකී එපා, මායි ජූනුයි යන්නම්"
"බෑ කුකී එක්ක පලයන්"
ජින් කිව්ව දේ ඇත්ත..ඔක්කොම ගියොත් ඔක්කොලවම උන් අදුරගන්නවා..හොබී කිව්ව තැනට ජූන් ටේ ඇන්ඩ් කුකී එක්ක ගියා.. අනිත් අය බලාගෙන හිටියේ හොද නිව්ස් එකක් එනකන්..
.
.
.
.
"ඇරපන් යකෝ දොර"
"නටන්න එපා උබල.. ලොක්කා එනකන් කට පියන් හිටපන්"
"මේ ඩේවිඩ් ගාව ඉන්න උන් ඔක්කොම මෙහෙම මොංගල් වැඩද හොබී කරන්නේ??"
"මොකෝ??"
"නෑ බලපන් ෆෝනුත් අපි ලග.. මේ මුන් කීයට හරි මේක අරීනේ.. අපේ උනුත් මගනේ, අපි අර රෙකෝඩ් ටික දාගමු"
"ඕකේ කොල්ලො"
හොබී ජිමින් ටග්ගාලා අදාල රෙකෝඩ් ටික ෆෝන් එකට දාගෙන බලන් හිටියේ අනිත් උන් එනකන්..
"මේ ඕයි බඩගිනි"
"කට පියන් ඉදපන්"
"රෑ වෙයිද බන් උබලගේ උන් එද්දී??"
"කට පියන් ඉන්න කිව්ව නේ??"
"ඉතින් බන් කීයේ ඉදන්ද?? පොඩ්ඩක් මානුශීය වෙනවකෝ"
"අපේ ලොක්කා ආවම උබලට මානුශීය වෙයි 😂😂😂"
"හ්ම්ම් එහෙනම් අපි නින්දක් දානවා..කතා කරපන් ලොක්කා ආවම"
ජිමින් නෝන්ඩියටම කතා කරලා වාඩි වුනේ අරින පාටක් නැති නිසා..
"කඩන් යමු ජිමින්"
"ඩෝන්ට් බී කලබල හ්යොන්ග්..අපේ උන් මග ඇති"
අපි තවත් ටිකක් ඉවසන් හිටියේ අපේ උන් එනකන්..
At dorm
"අහ්හ්හ් මොකද උනේ??"
"ආකී... තමුසෙට ඇවිදින්න හොද නෑ. ඉන්නවකෝ ඇනයක් නොවී"
"කුකී චේන්ජ් කරන් එන්න ගියේ.. කෝ තාම නෑනේ"
"මොකටද චේන්ජ් කරන්නේ??"
"අහ්හ්හ් අනේ මේ එමී 😒😒"
එමී ආකීව සෝෆා එකෙන් වාඩි කෙරෙව්වේ කුකී පරක්කු නිසා සහ අනිත් අයගෙත් කතාවක් නැති නිසා පහලට ආව හින්දා..
නෝරා මොකද උනේ කියල ආකීට කිව්වා..ආකී විතරක් නෙමෙයි අනිත් අයත් බලාගෙන හිටියේ කට්ටිය ආයේ එනකන්..
.
.
.
.
"අපේ උන් ඇවිල්ලා"
එලියෙන් ඇහුන සද්දෙට ජිමින් නැගිටින ගමන් කිව්වා..
"හ්ම්ම් ටග්ගාලා වරෙන් යකෝ.."
හොබී කෑගහද්දී කවුදෝ මිනිස්සු පස් දෙනෙක් වගේ ඇවිල්ලා ජිමින් හොබී හිටිය රූම් එක ඇරියා..
"කවුද උබලා??"
ඒ එක්කම එතන ආව එකෙක් ඉස්සරහට ගියෙ ජිමින්ගේ මූණට මොකක්හරි ගැහුවා..ඒ එක්කම ජිමින් ඇදගෙන වැටෙද්දී හොබී ට්‍රයි කලේ ජිමින්ව නැගිට්ටවන්න..
"දගලන්න එපා.."
ගන් එකක් හොබීගේ පැත්තට දික් කරගෙන ආව කෙනෙක් කෑ ගහද්දී ඒ කෙනා ඊලග තප්පරය ඇතුලත අදගෙන වැටුනේ පිටිපස්සෙන් වැදුන උණ්ඩයක් නළලෙන් එලියට එද්දී.. හොබී කට කොනෙන් හිනාවෙන වුනේ ඒ ශොට් එක කුකීගේ නිසා..
ටික වෙලාවක් දෙගොල්ලො අතරේ තිබ්බ උණ්ඩ හුවමාරුව ඉවර උනේ සුපුරුදු විදිහට අපේ කොල්ලො ටික වැඩේ තිතටම ඉවර කරන ගමන්.. කොහොමත් ස්පෙශල් ට්‍රේනින් එකක් තියන සෙට් එකක් නේ.. ජිමින් තාම හිටියේ සිහිය නැතුව.. ජූන් ජිමින්ව උස්සගත්ත අතරේ කඩේ හිටිය අයිතිකාරයා කියන එකාව හොබී අල්ලගෙන වාහනයට දාගත්තේ ඌගෙන් හෝඩුවාවක් හොයාගන්න..
.
.
.
.
At devid place
"මොකක්?? උබලට ඒකවත් හරියට කරගන්න බැරි වුනාද 🤬🤬🤬"
"..............."
"මට එකෙක්ව ගේන්න විතරයි උබලට තිබ්බේ... ඒකවත් කරගන්න බැරිද??"
"............."
"තියපන් යකෝ.."
"බොස් අපේ උන්ට ටයිම් එකට යන්න බැරි වෙලා.. ඒකයි උන්ගේ අනිත් උන් ඇවිල්ල තියෙන්නෙ"
"ඒකට මන්ද යකෝ පලි?? උබට දවස් දෙකක් දෙන්නම්.. මට උන්ගෙ හොදම තුරුම්පුව ඕනේ.. නැත්තම් උබට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි"
ඒ එක්කම ඩේවිඩ් කෝල් එක කට් කලේ එහා පැත්තෙන් හිටිය කෙනාට අවසාන තර්ජනය දෙන ගමන්..
....................
At dorm
"ජිමින්.... ජිමින් මොකද මේ??"
ජූන් උස්සගෙන ගිය ජිමින්ව දැකලා නෝරා දුවගෙන ආවේ කදුලු පිරුනු ඇස්වලින්..
"මූට අවුලක් නෑ..ටිකකින් සිහිය එයි.."
එහෙම කියාගෙන ජූන් ජිමින්ගෙ රූම් එකට ගියේ ජිමින්ව තියන්න..නෝරත් පස්සෙන්ම ගියා.. ඒ අතරේ හෙඩ් එව්ව මේල් එක ගැන ජින් අනිත් අයට කිව්වා..
"ජින් හ්යොන්ග්, මේක ජූන්ට කියමු"
"හ්ම්ම් ඔව් කියන්න ඕනේ..බට්"
"ඌට නටන්න බෑ..ඌ මෝහව අත ඇරලා ඉන්නේ"
"හ්ම්ම් කියමු.."
.
.
.
.
.
"මොනාද උබලා කුටු කුටු ගාන්නේ??"
"ජූන් වරෙන්කෝ.. කියන්න දෙයක් තියනවා"
"මොකක්ද??"
ජූන් ඇවිල්ල සෝෆා එකෙන් වඩිවුනාට පස්සේ කට්ටියම බලන් ඉද්දි ජින් කතා කරන්න ගත්තා..
"ඩේවිඩ් මේ පාර කිඩ්නැප් කරපු කෙල්ලො දෙන්නගෙන් කෙනෙක්ව අපි දන්නවා"
"කවුද??"
"මෝහා"
"වට්???"
"හ්ම්ම්ම් ඔව්ව්.."
"වෙන්න බෑ.. මෝහට මුකුත් වෙන්න බෑ"
"ඇයි මේ උබ කලබල වෙලා.. මෝහා කියන්නේ උබේ කවුරුත් නෙමෙයි.. සෝ අපි හෙමිහිට මේ වැඩේ බලමු"
"බෑ මෝහට එක හිරීමක් හරි කරල තිබ්බොත් 🤬😡"
ඒ එක්කම ජූන් මේසෙටත් ගහගෙන නැගිට්ටේ ලොකු තරහකින්..
"වඩිවෙයන්.. හ්ම් ඔව්ව් මෝහා නිසා නෙමෙයි, කොහොමත් අපි ඒ අයව බේරගන්නවා"
"හ්ම්ම්"
"ආදරේ හංගන්න බෑ කියන්නේ ඕකයි"
"ජින් හ්යොන්ග්.. ප්ලීස් අපි මොකක් හරි කරමු 😓"
"දැන් රෑ වෙලා.. මේ ගැන බින් දන්නවා වෙන්න බෑ, බට් අපි අල්ලගත්ත එකානම් මොනාහරි දන්නවා ඇති"
"උන්ගෙන් අහ අහ ඉන්න බෑ.. සුගා ජේන්ව යූස් කරමු"
"හ්ම්ම් මට ඕනේ එකක්.."
"සුගා හෙට ජේන්ව එක්කන් වරෙන්.. මොකෝ ඒකී කිව්වේ??"
"අකමැත්තක් නෑ ඒකී මට.. මැසේජ් එකක් දාන්නම් කිව්වා"
"හෙට අරන් වරෙන්"
"හ්ම්ම් ඔව්ව්"
"මෝහා මන් ඔයාව බේරගන්නවා. ඉක්මනටම"
ජූන් හැමෝම ඉන්න තැන එහෙම කිව්ව නෙමෙයි කියවුනා.. කට්ටිය ජූන්ගේ හිත හැදුවත් ජූන්ට හිතේ ලොකු කලකිරීමක් තිබ්බා..ඔව් ජූන් මෝහට ආදරේ නෑ කිව්වටම නැත්තෙමත් නෑ වගේ..
.
.
.
"අහ්හ්හ්හ්හ්හ්"
"ජිමින් ආයූ ඕකේ??"
"හ්ම්ම් මන් ඩෝම් එකේද?? අපේ උන්ට අවුලක් නෑනේ??"
"නෑ හැමෝම හොදින්"
"හ්ම්ම්ම් නෝරා මට බඩගිනි"
"ඉන්න මන් මොනාහරි ගේන්නම්"
ජිමින්ට සිහිය ආව නිසා නෝරා පහලට ගියේ ඒ ගැනත් කියලා කන්න මොනාහරි අරන් යන්න..
.
.
.
.
"තමුසෙ ඇයි පහලට ගියේ??"
"මේ... මේ ඔයා නැති නිසා"
"හැමදාම ඔහොම ඉන්නද ඕනේ??"
"නෑ ඉතිම්"
"කන පලාගන්න හදන්න එපා ආකී"
"හ්ම්ම්ම්"
"මේ මට තමුසෙට කියන්න දෙයක් තියනවා"
"මොකක්ද??"
"මන් වොශ් එකක් දාගෙන එන්නම්.. ඒක දිග කතාවක්"
"හ්ම්ම්ම්"
.
.
.
.
.
සුගා ඇදට වැටුනේ අද දවසේ මහන්සිය පිට කරන ගමන්.. ඒ එක්කම සුගා ජේන්ට මැසේක් එකක් දැම්මේ කෙල්ල මොකද කියන්නෙ බලන්න..
"නිදිද??"
හිතුවට වඩා ඉක්මනට සුගාට රිප්ලයි එක නම් ආවා..
"නෑ.."
"මොකද කරන්නේ ඇහැරගෙන??"
"මුකුත් නෑ"
"හෙට මාත් එක්ක ගමනක් යන්න එනවද?"
"කොහෙද?"
"මගේ යාලුවෝ පොඩි පාටියක් දානවා අපේ ඩෝම් එකේ.. කැමතිද යන්න??"
"හ්ම්ම් අකමැත්තක් නෑ"
"හැබැයි මගේ කෙල්ල විදිහට තමා යන්න වෙන්නෙ.. මොකද ඔක්කොම කපල් එන්නෙ"
"හ්ම්ම් හා"
"ප්‍රශ්නයක් නෑනේ"
"ඇයි මන් ඔයාගේ කෙල්ල නෙමෙයිද??"
සුගාට ඒ මැසේජ් එකට හිනා ගියේ ජේන් හොදට ලණුව කාලා නිසා..
"ඔයා හරියට කිව්වේ නෑනේ"
"හා මන් හිතුවා ගොඩක්.. මන් කැමති සුගා"
සුගා මහ හයියෙන් හිනා වෙවී මැසේජ් කලේ හිතුවට වඩා ජේන් මෝඩයි කියල හිතන ගමන්..
"ඇත්තටමද??"
"හ්ම්ම් ඔව්..මන් ඔයාට කොහොමද කියන්නේ කියල හිත හිත හිටියේ"
"එහෙනම් මන් අහපුවම පස්සෙ කියන්නම් කිව්වේ??"
"එහෙම තමා අනේ කෙල්ලො"
"එහෙමත් එකක්ද?? හෙට කතා කරමුකො"
"හ්ම්ම් ඔව් මන් එහෙනම් නිදාගන්නවා.. ගුඩ් නයිට්"
"ගුඩ් නයිට් ජේන් ❤️"
සුගා ලේසි කෙනෙක් නෙමෙයි.. සාමන්යෙන් කෙල්ලො පස්සෙ ගිහින් නාස්ති කරන්න කාලයක් එයාට නෑ.. ඒ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව එයා ජේන්ව ලස්සනට හැන්ඩ්ල් කලා..
.
.
.
.
At aki's room
තෙත කොණ්ඩෙ ගස ගස ආව කුකී දිහා ආකී අදත් බලන් හිටියේ කට ඇරගෙන.. ඇදේ පත්තට හේත්තු වෙලා හිටිය ආකී ඇදෙන් නැගිටලා ගියේ කුකී ළගට..
"වාඩි වෙනවකෝ..කොහෙද ඇවිදින්නේ??"
"මන් නිකන් ප්රග්නට් වගේනේ මාව බලාගන්නේ?😒"
"ඔහොම ආදරෙන් තමා එදාටත් බලගන්නේ.."
අපි දෙන්නම ඇදෙන් වාඩිවුනා..
"මොකක්ද කියන්න තියනවා කිව්වේ??"
"වැදගත් දෙයක් නෙමෙයි.. මේ ආකී මින්සෝ ඉස්සරහා මගේ කෙල්ල නෙමයි ඔයා"
"මොකක් 🥺🥺"
"අහන්න බබා..මන් මේක ගෙදරට කියල ශේප් එකක් දාගන්නකන් ඔයා මගේ කෙල්ල නෙමෙයි.. මින්සෝ ඉස්සරහ විතරයි.. මන් මොන මාෆියා උනත් ගෙදරට මන් පොඩි පුතා..අනික අප්පගේ බිස්නස්වලට මේ අවුල බලපාන්න දෙන්න බෑ"
"හ්ම්ම්"
"තේරුම් ගන්නවකෝ.. මට තමුසෙව ඕනේ ඕයි"
"හරි"
"ඒ නිසා මන් මේක හෙමින් ලිහනකන් මට කාලය දෙනවා"
"එයාව ඇත්තටම බදින්න වුනොත්"
"මොංගල්ද?? මන් ආදරේ තමුසෙට"
"බැන්දම එයාටත් ආදරේ වෙයි"
"මගුලක් කියල මගේ යකා අවුස්සන්න එපා.. අහනවා මන් තමුසෙව අත අරින්නෙ නෑ.. ඒත් මට කාලය ඕනේ පොඩ්ඩක්"
"හා හා"
"මගේ හොද කෙල්ල"
එහෙම කියන ගමන් කුකී මගේ නළලට පොඩි හාදුවක් දුන්නේ මාව එයාගේ උරහිසට හේත්තු කරගන්න ගමන්..මාත් එයාගේ උරහිසට ඔලුව තියන් ඒ අතින් තද කරලා අල්ලගෙන හිටියේ අනික් අතින් කුකීව තව තවත් ළගට ගන්න ගමන්.. මට ඔයාව හම්බෙනව නම් මන් බලාගෙන ඉන්නම්..
"කුකී..."
"හ්ම්ම්"
"මට ඉක්මනට හොද වෙන්න ඕනේ.. අපි ආවේ මිශන් එකට"
"ඉතින්"
"දැන් ඔයාලනේ ඒක කරන්නේ"
"ඔව් ඉතින් අපි ආදරෙන් බැදුනනේ කෙල්ලෙ.. දැන් ජිමින් ආස නෑ නෝරව අනතුරේ දාන්න..එමීව යවන්න ටේ ආස නෑ.. මාත් ආස නෑ ඔයාව අනතුරකට යවන්න.. බට් හොද වුනාම අපි දෙන්නම එකට යමු"
"හ්ම් ඔව්ව්ව් මට ඉක්මනට හොද වෙන්න ඕනේ"
අපි දෙන්නගේ ආදර කතාව තව පැය කිහිපයකට දීර්ඝ වුනා...
.
.
.
.
ඒ අතරේ ජූන් ඇදට වෙලා බලාගෙන හිටියේ මෝහගේ ෆොටෝ එකෙක් දිහා.. කොච්චර වුනත් ජූන්ට මෝහට කරදරයක් වෙයි කියල බයයි..
"මන් ඔයාව හොයාගන්නවා මෝහා..ප්ලීස් මට සමාව දෙන්න"
කවදාවත් නැතුව ඒ ඇස් අගින් කදුලු පෝලිමට වැටුනේ ජූන්ටත් එයා ගැනම ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති කරලා..
.
.
.
.
.
"ටේ....."
"මොකද?"
"මේ කවුද??"
එමී ටේට පෙන්නුවේ ටේ වොශ් දාන්න ගිය වෙලේ ආව මැසේජ් එක......
"මෙහෙට දෙනවා"
ටේ එමීගෙන් ෆෝන් එක උදුරලා අරන් රූම් එකෙන් එලියට ගියා....
එමීට හිතාගන්න බැරි වුනා මොකද උනේ කියලා.. ටේගේ පස්සෙන් එමී ගියේ ටේට නොදැනෙන්න.. කෙලින්ම ටේ ගියේ රූෆ් ටොප් එකට..
"හෙලෝ කෙල්ල"
"................"
"ඔම්මා මට ඔක්කොම කිව්වා"
".............."
"ඔයා ගැන හිතන්නෙ නැතුව මන් වෙන කා ගැන හිතන්නද??"
".............."
"හරි හරි දැන් ඕක ඇති.. මන් හෙට බලන්න එන්නම්.. පරිස්සමෙන් ඉන්න.. Love U"
ඒ එක්කම ෆෝන් එක කට් කරපු ටේ ආයේ පහලට එන්න හැරෙද්දිම දැක්කේ එමීව..
"එමී...... 😳"
plz vote and comments, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top