The first clue
මාව ඉස්සර කරන් යන්න ගිය කුකීගේ අත ඉබේටම මට ඇල්ලුනා.. කුකී ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බැලුවේ සතුටකින් නම් නෙමෙයි..
"මොකද??"
"මිස්ටර් ජේකේ, තමුන් කිව්ව කතාව ඇත්ත.. අපි මේ දේවල් කරන්නේ මැරෙන්න බලාගෙන තමා.. ඒත් මන් කවදාවත් තමුසෙ වගේ හිතක් පපුවක් නැති එකෙක් වගේ හැසිරෙන්නෙ නෑ.. මගේ ඉස්සරහ තමුසෙට කරදරයක් වුනොත් මන් බේර ගන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ අතින් තමුසේ මේ ලෝකේ මන් දැක්ක ජරාම මිනිස්සුන්ගෙන් එකෙක්.. තමුසෙගෙයි අර ඩේවිඩ්ගෙයි අතරේ කොහොමත් වෙනසක් නැති වෙයි.. මට කියන්න ඕනේ වුනේ මෙච්චරයි, මට තමුසෙගේ උදව් මන් මැරෙන්න ගියත් එපා.. එදා කෝල් එකක් නෝරා කිව්ව නිසා හරි දුන්නට තෑන්ක්ස්.. ඒක තමුසෙගෙන් මන් ගන්න අන්තිම උදව්ව වෙයි.."
ජේකේට වචනයක්වත් කතා කරන්න නොදී අල්ලන් හිටිය ජේකේගේ අත ගසල දැම්ම මන් යන්න ගියේ කෑම කන තැනට.. මන් ගිහින් වාඩි වෙලා විනාඩි කිහිපයක් යද්දී ජේකේ ආවා..
හැමෝම හිනා වෙවී කතා කර කර කෑම කෑවත් මගෙයි ජේකේයි මූණේ එක හිනා පොදක් තිබ්බෙ නෑ..
.
.
.
.
.
"එහෙනම් අපි යන්නම්"
මන් කාලා ඉවර උන ගමන් යන්නම් කියල නැගිට්ටේ අද දවසම මට අවුල් ගිය නිසා.. කට්ටියම මන් දිහා බැලුවේ නිකන් පුදුමෙන් වගේ.. පුදුම වෙන එකත් අහන්න දෙයක්ද?? කාලා ඉවර වුනා විතරනේ.
"දැන්ම??"
"ඔව් ටිකක් ඔලුවෙ කැක්කුමයි වගේ"
"අහ්හ් එහෙමද?? හරි ආකී එහෙනම් ඔයාලා දැන් යන්න.. කට්ටියම හෙට 8ට එන්න ඕනේ.. මතකනේ හෙට ඉදන් ප්රැක්ටිස් පටන් ගන්නවා.. කොහොමත් 10 අපි යනවා අර වැඩේට.. ඒ එක්කම ආකී ඔයා මින්හෝ ගැන බලාගන්න"
හෙට ඉදන් අපි හරියටම ගේම් එකට බහිනවා.. අපි හැමදාම උදේ 8ට ප්රැක්ටිස් දාගත්තේ අපේ තියන දුර්වලතා හදාගන්න.. මොකද අපි දෙගොල්ලො තාම අපේ ස්ට්රෙන්ග්ත් වීක්නසස් මුකුත්ම දන්නේ නෑ.. 8 ඉදන් 10 වෙනකන් ප්රැක්ටිස් කරල ජිමින්ලා කැම්පස් යද්දී අපිට වෙන වැඩ අපි බෙදාගත්තා..
මායි එමී ඇන්ඩ් නෝරා ඩෝම් එකෙන් එලියට ආවේ ඉක්මනටම එන්න බලාගෙන වුනත් අපේ ගමන් මග නැවතුනේ මින්හෝ නිසා..
.
.
.
.
.
"හෙලෝ..."
"බේබී.. මාව මතකයි මන් හිතන විදිහට"
මට කතාවෙන් මිනිහා කවුද කියල අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ..
"මින්හෝ"
"ඔහ්හ්හ්හ් ස්වීට් ගර්ල්.. ඉතින් කොහෙද ඉන්නෙ? මන් ක්ලබ් එකට යන ගමන්"
"අහ්හ්හ්හ්"
"මන් එන්නද ගන්න"
ජූන් කිව්ව වගේ මූ හොද ඉත්තෙක් අපිට.. වැඩකට නැති උනත් මූ අනිත් උන් කොටු කරගන්න හොද ඉත්තෙක්..
"ඕකේ.. මන් සෝල් මැන් ටවර් එක ලග ඉන්නම්"
"ඕකේ බේබී.."
එහෙම කියල අපි ආයේම කාර් එක හැරෙව්වේ මන් කිව්ව ටවර් එක ලගට යන්න. මොකද අපාර්ට්මන්ට් එකට මූව ගෙන්න ගන්න එක රිස්කි නිසා..
"ආකී අපි ජූන්ලට කියමුද??"
"එපා..."
"ඒත්.."
"නෝරා අපි අද වෙනකන් අපිට දුන්න හැමදෙයක්ම හරියටම කලේ කාගේහරි හෙල්ප් එකක් එක්කද??"
"ඔව් ඒක හරි ආකී.. බට්"
මගේ කතාව නැවතුනේ අපි ටවර් එක ලගට එද්දී අපිටත් කලින් එතනට ඇවිල්ල හිටිය කෙනා දැකලා.
"මොකක්?? මූ මෙච්චර ඉක්මනට ඇවිල්ලද??"
"ආකී.. අපි මේක කියමු"
"මන් බලාගන්නම්.. ඔයාලා අපාර්ට්මන්ට් එකට යන්න.."
"මොකක්??"
"කියන දේ කරන්න"
ඇයි මන් එහෙම ගොන් තීරණයක් ගත්තේ.. කුකී එක්ක තිබ්බ තරහටද?? මන් කවදාවත් එමී නෝරා කියන දෙයක් අහන්නේ නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි.. ඒත්....
මන් කාර් එකෙන් බැහැලා මින්හෝ ගාවට ගියාම එයා මට කාර් එකේ ඩෝ එක ඇරියා.. මන් බයක් හිතේ පොඩියට තිබ්බත් ඒක ගැන නොහිතා නැග්ගේ අද කොහොමහරි මන් උබෙන් ඩේවිඩ් ගැන අහනවා කියල හිතාගෙන.. විනාඩියක්වත් නොඉද අපි කෙලින්ම ගියේ ලොකු බංගලාවකට.. මන් හිතන්නේ මේ මූගේ ගෙදර..
.
.
.
.
.
"එමී මේක හරියන්නේ නෑ.. ජූන්ට කෝල් එකක් ගන්න"
"ඒත්.."
"එමී කියන දේ කරනවා.."
මන් කිව්ව ගමන් එමී කෝල් කලේ ජූන්ට..
.
.
.
"මොකක්???😡😡"
එක පාරටම ජූන් ෆෝන් එක කට් කලා...
.........
"මොකක්ද ජූන් අවුල?? කවුද කතා කලේ??"
"එමී"
ඔක්කොගෙම ඇස් එක මොහොතකට ගියේ ජූන් දිහාවට..
"ඇයි මොකක්ද අවුල??"
"ආකී ගිහින් මින්හෝව හම්බෙන්න"
"මොන $&#$? තනියම??"
සුගා ඉදන් ඉන්න තැනින් නැගිට්ටේ හොද එකක් කියන ගමන්..
"කුකී දන්නවද ඌගේ ගෙදර??"
"හ්ම් ඇයි??"
"උබ පලයන් ජින් එක්ක එහෙ.."
"මම??"
"ඔව්ව්ව් පලයන් කියන එක අහල.. මන් ජිමින් ඇන්ඩ් ටේ එක්ක ක්ලබ් එකට යන්නම්.. සුගා හොබී එක්ක ඌගේ ෆෝන් එකෙන් ඌ ඉන්න තැන හොයාගන්න බලපන්.."
"ඕකේ ජූන්"
ජූන් කතාව ඉවර කරද්දීම කට්ටිය එලියට බැස්සේ සුගා ඇන්ඩ් හොබීව ඩෝම් එකේ තියල..
...................
"කුකී ඉක්මන් කරල යමු බන්"
"පණ්ඩිත කෙල්ලෙක්.. මන් කිව්වා මින්හෝ කියන්නේ මොන වගේ එකෙක්ද කියල"
"ඒත් ආකී මෙච්චර මුරණ්ඩුද??"
"හවුවෙයන්කෝ ඕකීව මට.."
කුකී හිටියේ පුදුම තරහකින්.. විනාඩි 15ක් වගේ යද්දී කුකී ඇන්ඩ් ජින් මින්හෝගේ ගෙදර ලගට ගියා.. ඒ එක්කම ෆෝන් එක රින්ග් උනේ ජින්ගේ..
"කියපන් ජූන්??"
"ඌ ක්ලබ් එකට ඇවිල්ල නෑ.."
"මෙහෙ ඉන්නවද කියල දන්නේ නෑ අපි දැන් ආවා විතරයි"
"බලපන් ගාඩ් කෙනෙක්ගෙන් අහලා.. කුකී කැම්පස් එකේ එකෙක් නිසා මොකක්හරි බොරුවක් කියපන්"
ජූන්ගේ කෝල් එක කට් කරද්දිම ආයේ ජින්ට ආවේ සුගාගෙන් කෝල් එක.. ඔව් ඔව් අර නසරානී කුකී ෆෝන් එක දාලා ඇවිල්ල තියෙන්නෙ..
"ඌ ගෙදර ඉන්නේ.. උබල ඇතුලට යන්න එපා.. ටිකක් එලියට වෙලා ඉදපන්.. කෙල්ල මොනාහරි හොයාගන්න ඉඩ තියනවා"
"ඕකේ සුගා"
සුගාගේ කෝල් එක කට් කරල මායි කුකී කාර් එක ඇතුලට වෙලා ටික වෙලාවක් ඉන්න හිතුවෙ මොනාම හරි ආකී හොයාගනී කියල හිතලා.. මොකද කෙල්ල ඉන්න තැන දැන් අපි දන්න නිසා..
"හ්යොන්ග් ඇයි ජූන් කෙලින්ම අපිට ගෙදරට යන්න කිව්වේ??"
"නෑ උන් ගොඩක් වෙලාවට ක්ලබ් එක නැත්තම් ගෙදර තමා උන්ගේ පර්සනල් දේවල් කරන්නේ.. බලපන් අපි දිහා... අපි හැමදේටම ඩෝම් එකනේ යූස් කරන්නෙ"
"හ්ම්ම් ඔව් නේ.."
.
.
.
.
.
At minho house
"මොනාද බොන්නේ?"
"කූල් ඩ්රින්ක් එකක්"
මන් මුකුත් එපා කිව්වොත් සැක හිතෙන නිසා කූල් ඩ්රින්ක් එකක් ඉල්ලුවා..
"බට් මන් ගාව ඊට වඩා රස දේවල් තියනවා.."
ඒ ගමන්ම මින්හෝ මාව එයා ලගට ඇදල ගත්තේ ඉනෙන් තද කරල.. ඒ ඇස් මගේ දිහා බැලුවේ මට මොනාදෝ කියන්න වගේ.. ඒත් මට ඒ ඇස් දැක්කට කිසිම හැගීමක් ඇති වුනේ නෑ.. මන් හිස් හැගීමකින් එයා දිහා බලාගෙන හිටියා..
"මන් ඇහුව දේට??"
"මොකක්ද??"
"I love you"
"අහ්හ්හ්හ්හ්"
ඒ එක්කම එදා වගේ මින්හෝ මගේ තොල්වලට බර වුනේ එදාට වඩා සියුම්ව.. මොකද අද මින්හෝ හිටියේ හොද සිහියෙන්.. මන් හෙමින් මින්හොගෙන් ඈත් වුනේ ඒ සිපගැනීම මට අප්රසන්න හැගීමක් ගෙනාව නිසා.. අනික මට මිශන් එක වෙනුවෙන් වුනත් මෙච්චර මාව යූස් කරන්න දෙන්න බෑ..
"කියන්නකෝ"
තාම මාව අල්ලන් හිටිය මින්හෝ මගෙන් උත්තරක් දිගින් දිගටම බලාපොරොත්තු වුනා..
"හ්ම්ම් මන් හිතල කියන්නම්"
"ඕකේ දවස් දෙකයි දෙන්නෙ"
ඒ එක්කම මනුස්සයෙක් කඩාගෙන අපි හිටිය රූම් එකට ආවා..
"මන් උබලට කියල තියනව නේ මගේ රූම් එකට ඔහොම එන්න එපා කියල??"
මින්හෝ කේන්තියෙන් පුපුරද්දී ආවා මිනිහට කන හරහා දුන්නේ ඌ එතනම වැටෙන්න..
"උබල මොක්කු උනත් මට වැඩක් නෑ මගේ රූම් එකට එනව නම් තට්ටු කරල වරෙන්.. ආයේ මට කියල මැරුම් කන්න හදන්න එපා"
ඒ කියන ගමන් මින්හෝ ඒ මිනිහව කාමරෙන් එලියට තල්ලු කරල ඩෝ එක වැහුවා..
"බය වෙන්න එපා.. මුන් එක්ක බෑ, අපේ අප්පා මුන්ව හුරතල් කරනවනේ 😡😡😡"
"අයියෝ ඕක ඔච්චර හිතන්න එපා..."
"ඔයා ඉන්න පොඩ්ඩක් මන් වොශ්රූම් එකට ගිහින් එන්නම්"
මින්හෝ රූම් එකේ පැත්තක තිබ්බ වොශ්රූම් එකට යනකොට මන් ටග්ගාලා බැලුවේ මට මූගේ කාමරෙන් ගන්න මොනාහරි තියනවද කියල.. ඒ බලද්දී මගේ ඇස් නැවතුනේ ෆොටෝ එකක් ළග.. එකේ තුන් දෙනෙක් හිටියා.. මින්හෝ ඇන්ඩ් තව පිරිමි දෙන්නෙක්.. එක්කෙන් මිස්ටර් බින් කියල හිතුවොත් අනිත් කෙනා..ලගට කරලා බලද්දී කෙරෝලෙම හිටිය කෙනාගේ ඇගිල්ලේ මොකක්හරි මාර්ක් එකක් තියනවා මන් දැක්කා.. මන් ටග්ගාලා ෆොටෝ එකක් ගහගත්තේ මට මේක ගෙනියන්න මුකුත් බෑග් එකක් නැති නිසා..
මන් හිතන්නේ ඒ ඩේවිඩ් වෙන්න ඕනේ..එදා බැන්ග්ටැන්ලා කිව්ව විදිහට ඩේවිඩ් කියන එකාගේ අතේ ඇගිල්ලක ටැටූ එකක් තියනවා.. හරි අපි බලමුකෝ.. මන් තවත් බලද්දී මින්හෝගේ මේසේ උඩ තිබ්බ ෆයිල් එකක් දැක්කා.. මට ඒක ගැන සැකයක් හිතුනේ ඒකේ ගහල තිබ්බ "private" කියන ස්ටිකර් එක දැක්ක නිසා.. එතනට යද්දීම වොශ්රූම් එකේ ඩෝ එක ඇරුන සද්දෙ ඇහුන නිසා මන් ඒ පැත්ත බැලුවා..
"😳😳😳😳😳"
.
.
.
.
.
.
මන් එලියට ආවේ මගෙ පපුව හොදටම ගැහෙද්දී.. මරණ බයත් දැනුනා වගේ.. මුකුත්ම නොවුනා වගේ මන් ගේට් එකෙන් එලියට ආව ගමන් කලේ ඒ ලොකු තාප්පෙට හේත්තු වෙලා වාඩි උන එක..මට තව අඩියක්වත් යා ගන්න බැරි තරම් ඇග වෙව්ලන්න ගත්තා..
"ජින් අන්න ආකී.."
මන් ආකීව දැක්ක ගමන් බහින්න හැදුවේ ලගට යන්න..බට් ජින් මගේ අතින් අල්ලල යන්න එපා කිව්වා..
"පොඩ්ඩක් හිටපන්. ඔතන cctv ඇති.. එයා මේ පැත්තට එනකන් ඉන්න පොඩ්ඩක්"
අපි තව තප්පර ගාණක් බලන් ඉද්දී එතනින් නැගිට්ට ආකී අපේ පැත්තට ආවේ අපේ වෙහිකල් එක ඇදුරගත්තේ නැතුව කියල අපිව පහුකරන් ගිය නිසා තේරුනා.. අපිත් කාර් එක හරවන් ගිහින් පාර හරස් කරල නැවැත්තුවා..
"නගින්න"
ජින් ශටර් එක පාත් කරල කිව්වේ පොඩි හිනාවකුත් දාලා.. කොහොමත් ජින්ට ආකීව දැක්කම හරියට හිනායනවා..
"ඔයාලා කොහෙද මේ??"
"මේ ඕයි නගිනවද??"
කුකී කෑගැහුව නිසා ආකී ඔරවගෙන කාර් එකට නැග්ගා..
"ඇයි මෙහෙම දෙයක් කලේ??"
"හ්ම්ම් අනිත් අය කෝ?? එයාලා දන්නවද??"
"හ්ම් ඔක්කොම ඩෝම් එකේ.. කුකී යමු ඉක්මනට"
කුකීට ඉක්මනට කියන වචනේ ඇහෙන්න විතරයි ඕනේ, පොර පාගනවා ලෑල්ලටම..විනාඩි 10යි ඩෝම් එක ඉස්සරහ අපි 😌😌😌
කට්ටියම බලන් ඉද්දි මන් ඇතුලට ගියේ ජින් ඇන්ඩ් අර වසවර්තියා එක්ක.. යද්දිම දුවන් ආවේ නෝරා ඇන්ඩ් එමී..
"are u oky aki??"
මන් ඒ දෙන්න දිහා බලලා ඔලුව වැනුවේ ඔව් කියන ගමන්.. ඒ එක්කම එමීගේ ඇස් නැවතුනේ මගේ කම්මුල ලග..
"ආකී?? මොකක්ද මේ කම්මුලට උනේ?? ඌ ඔයාට ගැහුවද??"
"අහන්න ඒවා පස්සෙ කතා කරමු.. මන් දෙයක් හොයාගත්තා..එන්නකෝ"
මන් කට්ටිය එක්කම ගියේ කෑම මේසෙට..එතන තිබ්බ ලැප් එක අරන් මන් කනෙක්ට් කරල මන් ගත්ත පික් එක පෙන්නුවා..
"මේක දැක්කද?? මෙතන එක්කෙනෙක් මින්හො.."
"මැද ඉන්නේ මිස්ටර් බින්.. මින්හොගේ අප්පා"
ටේ මගේ කතාව මැද්දෙන් උත්තර දුන්නේ එයාලා බින්ව කලින් දැකල තියන නිසා..
"ඒත් අනිත් කෙනා??"
සුගා හොදට ඒ පික් එකට ලං වෙලා බලද්දී හොබී ඇහුවා..
"හොදට බලන්න ඒ ඇගිල්ලේ මාර්ක් එකක් තියනවා"
"ඔව්ව්ව් ජූන් බලපන්.. ඒ කියන්නේ මූ ඩේවිඩ් වෙන්න ඕනේ.. 100%ක් කන්ෆර්ම් නැතත් අපිට ඌ ඩේවිඩ් කියක හිතන්න පුලුවන්"
සුගා කියන ගමන් තවත් ඌගේ මූණ සූම් කලා..
"අයිනට වෙයන් සුගා.. "
සුගාව තල්ලුකරගෙන එත්නට ආවේ හොබී.. හොබී හොදට බලන් ඉදලා අපි දිහා බැලුවේ කට කොනෙන් හිනා වෙන ගමන්..
"එහෙනම් අපි දැන් එක එකාව නීතියට කොටුකරන්න පටන් ගමුද?"
හොබී ඇහුව දේ කාටවත් තේරුනේ නෑ..
"මන් මූව දන්නවා.. දන්නවා කියන්නේ මන් මීට කලින් මූව මගේ අස් දෙකටම දැකල තියනවා.. මූ ඉන්නෙ ss5 හොටෙල් එකේ"
"උබ කොහොමද"
ජූන්ට ප්රශ්නේ අහන්න ඉඩ නොදී හොබී කතාව පටන් ගත්තා..
"මන් හරියටම දවස් දෙකකට කලින් අපෙ අක්කටයි මස්සිනාටයි රූම් එකක් බුක් කරන්න ඕකට ගියා.. එත්කොට මන් මූව දැක්කා.."
"බට් උබට ඌව ඔච්චරම මතක??"
"මූ හිටියේ හෙන ගාඩ් එකක් එක්ක.. මන් ඒ වෙලේ ඌ කවුද කියල රිසෙප්ශන් එකෙන් ඇහුවම කිව්වේ ඇමරිකන්වල ලොකු සල්ලිකරයෙක් කියල.. මට ඌව මතක හිටිය හේතුව නම් ඒක නෙමෙයි"
"එහෙනම්??"
නෝරා ඇහුවේ අනිත අයත් අහන්න බලාගෙන හිටිය ප්රශ්නයක්..
"හේතුව මූ එක්ක හිටිය කෙල්ල.."
"මොකක්??"
"ඔව්ව් මූ එක්ක හිටියා අවුරුදු 22ක වගේ කෙල්ලෙක්.. ඒකී ගොඩක් ලස්සනයි.. ඉතින් මන් බලාගෙන හිටියේ සල්ලි තියනව නම් නාකී කියල නෑ කෙල්ලො ඕනේ එකෙක් ගාවට යනවනේ කියල හිතන ගමන්.. වෙලා දවස් දෙකක් නිසා මට තාම අද වගේ උගේ මූණ මතකයි"
එහෙම කිව්ද ගමන් අපි තුන්දෙනා හොබී දිහා බැලුව. බැදල කනවද නැත්තම් තම්බල කනවද කියල හිතන ගමන්.. හොබී ලාවට හිනාවක් දැම්මේ දැම්ම කන්න එපා කියන්න වගේ..
"ඒ කියන්නේ ඒ කෙල්ල මූගේ වයිෆ්??"
"අනිවාර්යෙන්ම බන්.."
"හරි ඒකී සල්ලිවලට නැවෙනව නම් අපිත් සල්ලි පෙන්නලා නම්මගමු.."
"ඒත් මන් හිත්න්නෙ නෑ ජින් ඒකී අපිට නැවෙයි කියල.."
"සුගා හෙට ලෑස්ති වෙයන් ගමනක් යන්න"
"කොහෙද ජූන්??"
"හොටෙල් එකට..ඇන්ඩ් අපිට එහෙදී වැඩ ගොඩක් තියනවා.. මන් හෙට ඒක කියන්නම්
"ඕකේ...."
"අනිත් අය 8ට ප්රැක්ටිස් පටන් ගන්න ඕනේ..පේන විදිහට සෑහෙන්න ගොඩක් අල්ලන්න ඉන්නව වගේ.. 10 වෙන්න තව දවස් 5ක් ඉතුරුයි.. ඒ වෙද්දී අපි මේ හරියටම ඩේවිඩ්ද කියල හොයාගන්න ඕනේ??"
"හ්ම් ඔව්"
"ඊට පස්සෙ එක එකා අල්ලන වැඩේ පටන් ගමු.. ඉලක්කය පැහැදිලි උන ගමන් තියෙන්නෙ එක එකා ගලවන එක"
වෙලාව හරියටම 11යි.. තාම අපි ඩෝම් එකේ..හෙට දවස ඇතුලත අපි මේ ඉන්නෙ ඩේවිඩ් කියල හොයාගන්න එක මාර වැදගත්.. මොකද ඩේවිඩ් කියන චරිතේ කොටු කරගත්තා කියන්නේ අනිත් ඔක්කොම අපේ අතේ කියන එක..
"දැන් කියනවා ආකී මොකක්ද උනෙ?? ඔයා ඇතුලේ ඉදන් ආවෙත් කලබලයෙන්"
ජින් මගේ පැත්ත හැරෙන ගමන් ඇහුවේ මන් මින්හෝගේ ගෙදරින් ආවා හැටි ඔක්කොම දැක්ක කියල අගවන ගමන්..
"ඌ මට ගැහුවා"
මගේ වචනෙට ඔක්කොගෙම මූණු ක්ශනිකයෙන් වෙනස් වුනා..
"මොකක්??"
"හ්ම්ම්ම් ඔව්ව්ව්"
"ඒ කියන්නේ අපිට ආයේ තමුසෙව යවන්න වෙන්නෙ නෑ ඔත්තු බලන්න"
ඒ කිව්ව කතාවට ඔක්කොම කුකී දිහා බැලුවේ ඔරවලා.. ඇයි යකෝ මට මෙච්චර දෙයක් වෙලත් මේ යකා... කොහොමත් මුගෙයි අර මින්හෝගෙයි ලොකු වෙනසක් නෑනේ 😒😒
"නෑ පුලුවන්.. ඌට කේන්ති ගිය නිසා ගැහුවේ කියල ඌ මගෙන් සමාව ගත්තා.. අනික් එක කොහොමත් මට ආයේ එතනට යන්න ඕනේ.."
"ආයේ??"
"ඔව්ව්ව් ජින් ඔප්පා, මොකද මන් දැක්ක ෆයිල් එකේ මොනාම හරි තියනවා.. මට ඒක ගන්නම ඕනේ.."
"ඒත් ඇයි ඌ ඔයාට ගැහුවේ??"
කට්ටියම මගෙන් දිගින් දිගටම එකම දේ ඇහුවේ මන් කෙලින් උත්තරයක් නොදුන්න නිසා.
"අයියෝ ඕක නවත්තන්නකෝ.. ඌට ඕන දේ නොකරපු නිසා"
"ඌට ඕන දේ??"
ටේ මොකෙක්ද වගේ ඒක ඇහුවම මට දුක හිතුනේ අනාගෙතේ මූ බදින්න ඉන්න කෙල්ලව මතක් වෙලා..
"ඌ මාව රූම් එකට ගෙනිච්චේ ආදරේට උනත් ඌට ඊට එහාට දෙයක් මගෙන් ඕනේ උනා.. ඒත් මට ඌව අප්පිරියයි.. මන් ඌව තල්ලු කලා.. අනික.."
"අනික???"
හොබී වාඩි වෙලා හිටිය කුකීගේ ඔලුව උඩින් අත දාලා වතුර වීදුරුවක් ගන්න ගමන් ඇහුවා..
"අනික ඌ හිටියේ ඇගේ එක නූල් පොටක් නැතුව.."
Flashback
මන් බාත්රූම් එකේ ඩෝ එක ඇරෙන සද්දෙට පිටිපස්ස හැරෙද්දී මින්හෝ හිටියේ ටවල් එක පිටින්.. බට් මන් ඒ දසුනේ කිසිම රාගික බවක් අඩුම ගානේ ඒ ගැන මට කිසිම හැගීමක් ආවේ නෑ..
එයා මගේ ළගට එන්න එන්න මට ඇති උනේ පිළිකුලක් විතරයි.. මොකද මගේ හිතේ මින්හෝ කියන චරිතෙට තිබ්බේ වයිරයක්.. එයා අපේ ඉලක්කයක් විතරයි.. එයා මගේ ළගට එන්න එන්න මන් පිටිපස්සට ගිහින් ඇන්තිමට නැවතුනේ බිත්තියට හිර වෙලා.. තවත් මෙතනින් යන්න බැරි නිසා මන් මින්හොට කතා කරන්න පටන් ගත්තා..
"මොකද මේ?? ප්ලීස් මින්හෝ ඇදුමක් දාගන්න"
"මොකක්ද බබා??"
"ප්ලීස්"
මගේ එක වචනයකටවත් එයා ඇහුන්කන් දුන්නෙ නෑ.. මාව එක ඇතකින් ඇදල අරන් ඇදට තල්ලු කලේ මට හිතන්නවත් වෙලාවක් නොදී.. මට කරන්නේ මොකක්ද කියල තේරුම් ගන්නවත් ඉඩක් නොදී එයා එයාගේ ඇග වැහෙන්න ඇදලා තිබ්බ ටවල් එක අයින් කලා.. මගෙ කේන්තිය උපරිම උනා.. මන් නැගිටින්න උත්සහ කලත් මට බැරි උනා ඌව තල්ලු කරගෙන නැගිටින්න.. මට මන් ගැනම ඇති වුනේ අප්පිරියාවක්.. උගේ මුලු ඇගම මගේ ඇගේ ගෑවෙද්දී ඌ මගේ ටී එක ඇයින් කරන්න ට්රයි කලා.. මට වෙන කරන්න දෙයක් නැති වෙද්දී මන් උගේ කම්මුලට ගැහුවේ මට ආව කේන්තිය පිට කරන ගමන්
"මොකක්?? $&# $## 😡😡😡 තෝ මට ගහන්න"
ඒ ක්ශනිකයෙන් මින්හෝගේ අත නැවතුනේ මගේ කම්මුලේ.. මට ඒක සැරට වැදුනා.. මන් කම්මුල අල්ලගත්තේ මගේ ඇස්වලින් කදුලු පනිද්දී..
"බබා im sorry, plz dont cry "
මින්හෝ ටිකක් කලබල උනේ මගේ කදුලු දැකලා.. මන් ඒක වෙලාව කරගෙන මින්හෝට පිටුපාලා නැගිට්ටේ එතනින් එන්න..
"මන් ඔයාට කැමති කියලත් නෑ.. ඒත් ඔයා... මන් ආස නෑ ඒ වගේ අයට.. මන් ක්ලබ් යන්නෙ යාලුවො එක්ක එන්ජෝයි කරන්ම මිසක් ඔයා හිතන දේවල් වලට නෙමෙයි"
" im really sorry baby.. Plz"
"මන් දැන් යන්න ඕනේ"
මින්හෝ ඒ එක්කම ටවල් එක ඇදගෙන මට ඩෝ එක ඇරියේ තවත් ප්රශ්නේ දුර දිග නොයවා.. මොකද තව ඇදුනොත් මන් සම්පූර්ණයෙන්ම මින්හෝ කියන චරිතෙට අකමැති වෙනවා කියල ඌ හිතන්න ඇති.. ඒ හම්බුන වෙලාවේ මන් එලියට ආවේ පුදුම වේගෙන්.. ආව ගමන් තාප්පෙට හේත්තු වෙලා වාඩි උනේ මට වෙන්න ගිය දේ ආයෙම හිතන ගමන්...
Flashback end
.
.
.
"අයියෝ හ්යොන්ග්..."
කුකී ඔලුව අල්ලගත්තේ මන් කිව්ව එකට හොබීගේ කටේ තිබ්බ වතුර ටික බකස් ගාලා කුකීගේ ඔලුව පුරා ගිය නිසා.. මට නම් ලාවට ඒකට හිනා ගියා.. 😁😁😁
"සොරි කුකියෝ.. මොකක්?? අම්බෝ ඌ මාර පොරක්නේ??"
"හැබැයි මන් ඕකව මරනවා. මගේ කම්මුල තාම ඇදුම් කනවා.."
"ඉතින් කොහොමද ඒ දර්ශනය??"
ජිමින් මහ හයියෙන් හිනාවෙන ගමන් ඇහුවේ මගේ කේන්තිය වැඩි කරන ගමන්..
"ඊයා...අප්පිරියයි🤮🤮🤮"
"😂😂😂අපේ කුකීයගේ බොඩි එක දැක්ක නම් ආකී කලන්තේ දානවා.. අන්න පැක් 😌😌"
"අනේ නිකන් දුන්නත් ඔය හෝතම්බුවගේ ඒව නම් බලන්න ඕනේ නෑ මට.."
මන් එහෙම කියන ගමන් නැගිට්ටේ අපාර්ට්මන්ට් එකට එන්න..නෝරා ඇන්ඩ් එමී දිහත් බැලුවේ උන් දෙන්න නම් එන්න තියා හිතලවත් නෑ කියල තේරුන නිසා..
"අනේ මේ ඕයි පෙන්න හරි කෙනානේ.. තමුසෙ වගේ උන්ට පෙන්න තමා මින්හෝලා ඉන්නේ.."
කුකී කේන්තියෙන් උඩට ගියේ ලග තිබ්බ මල් පෝච්චියටත් ගහගෙන.. ඒකත් කුඩු 😌😌
"හරි පරිස්සමෙන් යන්න.. හෙට වෙලාවට එන්න.. අනික් දේ අපි ටීම් එකක්.. ආයේ මෙහෙම වැඩ වෙන්න බෑ.."
"ඕකේ..බට් ඔයා ඕක අර ගිය මහ ඔලුවටත් කියන්න"
මන් එහෙම්ම එලියට ආවේ මටත් මල්පෝච්චියක් බිදින්න තරම් කේන්ති ගිය නිසා.. එලියට ආව අපි විනාඩි 15ට වගේ අපාර්ට්මන්ට් එකට ආවේ රෑ නිසා පාරෙ වැඩියා වාහන තිබ්බෙ නැති නිසා..
.
.
.
.
.
.
"නැගිටිනවා....."
අදත් එමී ටින් බෙලෙක්කේ හොලවනවා මහ උදේ පාන්දර..
"ඕයි මොකද ඕයි?? ඉන්න දෙනවකෝ කකුලෙන් අදින්නේ"
"වෙලාව 7.30යි.."
එච්චරයි කියන්න වුනේ නෝරා ඇදෙන් නැගිටල 7.50 වෙද්දී ලෑස්තිත් වුනා..ඒත් ආකී 😌😌😌
"ආකී අපි යනවා..තමුසේ ඕනේ වෙලාවක එනවා.."
එමී ඇන්ඩ් නෝරා මේ පාර නම් ආකීව දාලා ගියේ හොද පාඩමක් උගන්නන්නමයි.. මොකද ආකී කවදාවත් උදේට නැගිටින්නේ නෑනේ.. සද්දයක් බද්දයක් නැති නිසා ආකී හෙමින් හෙම්න් ඇස් ඇරියා..
"හුටා.. 8.15යි.."
.
.
.
.
.
"ගුඩ් මෝනින් අපි ආවා.."
"අහ්හ් වෙලාවටම ඇවිල්ල.."
නෝරා ඇන්ඩ් එමී ආවා නෙමෙයි ඉගිලුනා.. 😂😂😂
"කෝ ආකී??"
"තාම නිදි"
"මොකක්??"
"අපි ආවා..."
"යමු ප්රැක්ටිස් රූම් එකට.. අපේ කට්ටියත් එන්න.."
.
.
.
.
.
.
අද ඉවරයි.. මන් තමුසෙල දෙන්නව අල්ලගන්නම් මාව දාලා ගියාට..මන් ඩෝම් එක ලගින් බැස්සේ අරුන් දෙන්නට බැන බැන..
"හුටා සල්ලි??"
ඔය කලේ යස අගේට.. කෝ සල්ලි යකූ. අයියෝ දෙයියනේ 😣😣
"පොඩ්ඩක් ඉන්න අන්කල්..මන් ටග්ගාලා සල්ලි අරන් එන්නම්"
මන් දිව්වෙ ඩෝම් එක ඇතුලට සල්ලි ඉල්ලන් යන්න.. බලු බල්ලෙක් පේන්න හිටියේ නෑ..
"කවුරුත් නැද්දෝ??"
එක පාරටම ජූන් ආවේ මල හොල්මනක් වගේ.. මන් හොදටම බය වුනා..
"පහලට යනවා."
"ටැක්සි එකට සල්ලි??"
"මන් ගෙවන්න කියන්නම් ගාඩ් එකට.."
මන් ඉතින් මූනත් පහලට නවාගෙන ගියේ ප්රැක්ටිස් රූම් එක පැත්තට.. යද්දී අර හෝන්තු දෙක වැඩ පටන් අරන්.. ටේ ඇන්ඩ් ජිමින් එක්ක උන් දෙන්න ප්රැක්ටිස් කරනවා..
"අහ්හ්හ් ආවද මැඩම්?? වෙලාව කීයද??"
සුගා ඒක අහන ගමන් එක ඇහි බඹක් උස්සන් මගේ පැත්ත හැරුනා..
"අනේ සොරි මට පොඩ්ඩක් නින්ද ගියා.. නැගිට්ටුවෙත් නෑ මුන් දෙන්න"
"අහගන්න එපා.. මගේ උගුරත් මොක්ක්ද වෙලා මේ යකාට කෑ ගහලා.."
"අපේ කුකී වගේමයි.. මලාට නැගිටින්නේ නෑන්.."
ජිමින්ටත් අනේ මන්දා.. හැමවෙලේම මුන් දෙන්නව අවුස්සන එකමයි වැඩේ..
"අනේ මේ ජිමින් 😡😡"
"අහ්හ් නවත්තගනනින්... මායි සුගායි යනවා අර හොටෙල් එකට.. කුකී උබ ආකී එක්ක කරපන්"
"මොනාද??"
මන් ඉතින් මොකක්ද කරන්න ඕනේ කියල දන්නෙ නැති නිසා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගන්න ගමන්..
"😂😂😂 වෙන මොනාද ඉතින්.. මොනා කියලද හිතන්නේ??"
"අහ්හ්හ්හ්"
"උබල දෙන්න නයි වයිරයිනේ.. දැන් ගහගනින් ඇති වෙනකන්.."
ටේ කිව්වෙව් ජිමින් කිව්ව එකට හිනා වෙන ගමන්..
"ඔව්ව් හිතුව වෙන ඒවා වෙන වෙලාවක කරගනින්..දැන් ප්රැක්ටිස්.. කෝ එන්න ළමයි"
"ජිමින් උබ හවසට හම්බෙන්න ඕනේ මාව 😡😡"
"😂😂😂😂"
ටේ එමී එක්ක ප්රැක්ටිස් වෙද්දී ජිමින් නෝරා එක්ක ප්රැක්ටිස් වෙනවා.. අපි ඇන්ඩ් එයලා දන්න ස්පෙශල් දේවල් කියල දෙන්න පොරොන්දු උනා.. අපිත් හොදට මාශල් ආර්ට්ස් දන්න නිසා අපි එක්ක ලේසියෙන් ෆයිට් කරල දිනන්න එයාලට පුලුවන් වුනේ නෑ..
ජූන් සුගා එක්ක ගියාම කුකී මන් ලගට ආවේ දාඩිය පෙරාගෙන.. දාඩියට කොණ්ඩේ මූණට ඇලිලා.. කොණ්ඩේ දෙපැත්තෙන් දාඩිය බින්දු බින්දු බේරෙනවා.. ඇගටම ඇලුන ටී එක දැක්කම මට කෙල ගුලියක් ගිලුනේ ඇයි කියන්නත් මන් දන්නේ නෑ 😳😳😳
"මොනාද බලන්නේ?? ලස්සනද??"
"අහ්හ්හ්හ් විකාර.. යමු ප්රැක්ටිස් කරන්න"
මන් අපාර්ට්මන්ට් එකෙන්ම ලෑස්ති වෙලා ගියේ.. අපි දෙන්නත් වැඩ පටන් ගත්තා.. මොනා වුනත් කුකී හොද ෆයිටර් කෙනෙක්.. ලේසී උනේ නෑ.. අපි ප්රැක්ටිස් කර කර ඉද්දී මගේ ෆෝන් එක රින්ග් උනා.. මන් එක පාරට ඒ පැත්ත බලද්දී කුකීගේ කකුල ඇවිත් නැවතුනේ මගේ යටි බඩේ.. මාව හිටිය තැන ඉදල අඩි දෙක තුනක් විසික් වෙලා වැටුනේ ඔලුවත් හොද පාරක් වැදෙද්දී...
😣😣😣😣😣😣
"ඔහ්හ්හ්හ් ආකී.."
පිස්සු ඩබල මන් ලගට දුවන් ආවේ විදුලි වේගෙන්..
"අවුලක් නෑනේ ආකී??"
ජින් මට නැගිටින්න උදව් කරන ගමන් ඇහුව.. මන් එයාගේ වාරුවෙන් නැගිට්ටේ බඩේ කකුල වැදුන තැන අල්ලගෙන..
"අවුලක් නෑ.. එමී මගේ ෆෝන් එක රින්ග් වෙනවා"
"ඉන්න.........මින්හෝ කියල තියෙන්නෙ 😳😳"
"ශික් මූ නිසාද මන් ගුටි කෑවේ.. ඕක ආන්ස්වර් කරල ලව්ඩ්ස්පීකර් දාන්න.."
මන් සයිඩ් එකේ තිබ්බ සෝෆා එකේ වාඩිවෙන ගමන් කිව්වේ මට මින්හෝ එක්ක තනියම කතා කරන්න දෙයක් නැති නිසා..
"හෙලෝ බේබී..."
"හෙලෝ.."
"are you oky බබා??"
"අහ්හ්හ්හ් නෑ මේ පුටුවෙන් වැටුනා.."
"අවුලක් නෑ නේද?? මන් එන්නද??"
මූ ඇවිල්ල මට බෙහෙත් කරන්නද?? මගුල..පිස්සුද මන්දා 😒😒
"නෑ නෑ මන් හොදින්, ඇයි මට කතා කලේ??"
ඔක්කොම හිනාව තද කරගත්තේ මින්හෝගේ පැණිය නිසා..
"අද රෑට ෆ්රී නම් අපි ක්ලබ් එකට යමුද??"
මන් උත්තරේ දෙන්න කලින් කෙලින්ම බැලුවේ කුකී දිහා.. (මොන මගුලකටද මන් මේ හෝතම්බුවා දිහා බැලුවේ??) කුකී ඔලුව වනල එපා කිව්වා..
"මන් අද ෆ්රී නෑ..පොඩි වැඩ වගයක් තියනවා.. වෙන දවසක බලමු"
"ඕකේ බබා.. දවස් දෙකයි දුන්නේ. මට උත්තරයක් ඕනේ.."
"හ්ම්ම්ම්ම්"
"මට ඔයාව ඕනේ ආකී..ඒ නිසා මගෙන් ඈත් වෙන්න හිත්න්න එපා.. ඔයාගේ ලස්සන මූණ, හොට් බොඩී එක මාව පිස්සු වට්ටනවා කියල ඔයා දන්නවනේ.."
මේ යකා නොනවත්වාම විකාර කියෙව්වා.. මට පොලව පලන් යන්න හිතුනේ ඒ කිව්ව දේවල් වලට..
"එදා මට ඔයාට ලං වෙන්න දුන්නේ නෑනේ.. එහෙනම් මන් ඒ රෑ ඔයාට අමතක නොවෙන රැයක් කරනවා..මොකෝ කතා නැත්තේ??"
"අහ්හ්හ් නෑ නෑ"
"මේ මැට්ටී ආයේ ලැජ්ජ වෙන්න එපා මන් ලග.."
"හා හා මන් තියනවා.."
තව රෙදි ගලවගන්නේ නැතුව මන් ෆෝන් එක කට් කරල දැම්මා..
"හ්ම්ම් මේක දුර දිග යනවා වැඩි වගේ"
ජින් බැරෑරුම් මූණක් දාගෙන කිව්වේ හැමෝම ඒක අනුමත කරන ගමන්..
"ඔව් ඒක නම් එහෙම තමා. ඒත් අර ෆයිල් එක.."
"තමුසෙට ෆයිල් එක ගන්න හම්බෙයි ඔහොම ගියොත් 😒😒😒"
"අහ්හ්හ්??"
"ඔයාට ඌ එක්ක රැයක් ඉන්නම වෙනවා ඊලග පාර ගියොත්"
කවදාවත් නැතුව මගේ හොදට දෙයක් කුකී කියද්දී මන් බැලුවේ ඉර අනිත් පැත්තෙන් පායලද කියල..
"ඕකේ.. යමු යමු ප්රැක්ටිස්වලට"
එහෙම කියල මාත් අමාරුවෙන් නැගිටල ආයේ වැඩේ පටන් ගත්තා.. හැමදාම එකම අය එක්ක ට්රේන් වෙලා මෙහෙම වෙන සෙට් එකක් එක්ක ට්රේන් වෙන එකත් මාර අත්දැකීමක්..
.................
"එමී ඔයා බැක් එකට ගහන විදිහ වැරදී"
"අහ්හ්හ්හ්??"
"ඔයා ගහන විදිහට එක පාරින් ඔයාගේ ටෙක්නික් එක ඕනේ කෙනෙක්ට අල්ලගන්න පුලුවන්.. කැමති නම් මන් අලුත් එකක් කියල දෙන්නද??"
ටේ මගෙන් ඇහුවේ මූණේ කිසිම හිනාවක් නැතුව.. හිටිය විදිහට එපා කිව්වොත් යකා ආවේස වෙයි කියල හිතල මන් හා කිව්වා..
"මෙන්න මෙහෙම ඔයාගේ කකුල කොන්දට තියන්න ඌ හැරෙද්දීම"
එහෙම කියල මේ යකා මාව අනිත් පැත්තට බිමට වැට්ටුවා.. මන් වැටෙන්න යද්දිම ටේගේ ටී එකෙන් අල්ල ගත්ත නිසා මාවත් පෙරලන් ටේ වැටුනේ මගේ ඇග උඩට..
මන් අදයි ටේව පලවෙනි පාරට මෙහෙම දැක්කේ.. මෙච්චර උනන්දුවෙන් මන් මෙයා දිහා බලලා නෑ කවදාවත්.. වාව් මෙයාගේ ලස්සන.. මන් ඇහි පිල්ලමක්වත් නොගහ බලන් හිටියේ ඒ ඇස් දිහා.. එයාගේ නළල දිගේ බේරුන දාඩිය මගේ මූණට වැටුනේ මන් බලන් ඉද්දිමයි.. ඒත් ඒක මට ගාණක් ගියේ නෑ.. මොකද මන් ඒ තප්පරයේ හිටියේ එයාට වශී වෙලා..
"උබල දෙන්න වෙන මොක්ක්හරිද ඕයි කරන්නෙ??"
එක පාරට අපි දෙන්නම ගැස්සුනේ ඒ සද්දෙට.. හුටා හැමෝම අපිව වට කරගෙන.. මන් ටේව පැත්තකට තල්ලු කරගෙන ටග්ගාලා නැගිට්ටේ අනිත් අය වැරදියට හිතයි කියල හිතලා.. ( හිතන්න ඕනේ ඔක්කොම හිතුව)
"😂😂😂😂 මේ මේක හරියන්නේ නෑ.. මන් යනවා යන්න"
ජිමින් හිනා වෙලා කියල උඩට ගියේ 10ට ලග නිසා.. අද එයාලට 10.30ටද කොහෙද ලෙක්චර් එකක් නිසා.. ඔය මාර උනන්දුවෙන් යන්නෙ ලෙක්චර් එකට නෙමෙයි කියල දන්නවනේ...
.
.
.
.
.
කුකී ටේ ඇන්ඩ් ජිමින් ලෑස්ති වෙලා පහලට එද්දී අපිත් ආයෙම අපාර්ට්මන්ට් එකට යන්න ලෑස්ති වෙලා හිටියේ.. කට්ටියම හරියටක 10ට විසිරිලා ගියේ දෙතුන් දෙනෙක්ගේ ඇගේ අමාරුව වැඩි කරලා 😒😒😒
.
.
.
"මොකෝ ආකී තමුසෙට අමාරුද??"
"ටිකක්.. අර යකා ඉබි මස්ද මන්දා ඕයි කන්නේ??"
"දැක්කම පේනවනේ වැදුනොත් ඔන්දස්පොට් කියල.. "
"හ්ම්ම්ම් මගේ නිකන් බඩවැලත් ගැලවුනා වගේ ඕයි"
මගෙයි එමීගෙයි කතාව මැද්දට ආවේ නෝරා..
"මේ ශොපින් යමුද?? අනිද්දා කැම්පස් යන්න ඇදුම් ටිකක් ගන්න"
"මට නම් බෑ, ඔයාලා දෙන්න යන්න"
"මොකක්ද ඕයි??"
"මට මේ අමාරුව එක්ක එන්න බෑ නෝරා.. ඔයාලා යන්නකෝ.. මට ටිකක් රෙස්ට් කරන්න ඕනේ.."
"හ්ම්ම් එහෙනම් අපි යමුද එමී??"
"ඕකේ.."
දවලට කාලා එමී නෝරා එක්ක ශොපින් ගියේ හරියටම 3.15ට වගේ.. උන් දෙන්න ශොපින් ගියා කියන්නේ රෑ 10ටවත් එන්නෙ නෑ.. කාලා බීලා වටේම ගිහින් තමා එන්නේ..
මන් ඉතින් සැටියට වෙලා යටි බඩ අත ගා ගා ටිවී එක බැලුවේ මට කරන්න වෙන වැඩකුත් නැති නිසා.. ඒ එක්කම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා..
"බේබී ඔයා මොකද කරන්නෙ??"
අපෝ මේ අර වසංගතේනේ.. මාර ඇණයක් වුනානේ.. මන් ෆෝන් එක පැත්තකට විසික් කලේ මට ඌ එක්ක මැසේජ් කරන්න ඕනේ නැති නිසා..
වෙලාව රෑ 7ට වගේ ඇති.. තාම අර හෝන්තු දෙක නැති නිසා මන් නූඩ්ල්ස් එකක් හදන් කන්න ලෑස්ති වුනේ.. ඒ එක්කම ඩෝ බෙල් එක වැදුනා..
"මොකාද මේ වෙලේ?? එමී ඇන්ඩ් නෝරා වෙන්න ඇති.."
එහෙම හිතන ගමන් මන් ඩෝ එක අරින්න ගියාට මට මතක වුනා කවදාවත් උන් දෙන්න බෙල් ගහ ගහා ඉන්නෙ නෑනේ කියල.. අනික එක්ස්ට්රා කී එකක් අපි තුන් දෙනා ගාවම තියනවනේ.. මන් ටග්ගාලා කිචන් එකට ගිහින් පිහියත් අරන් ආවේ කෝකටත් කියල.. හෙමින් ඩෝ එක ඇරපු මන් ගැස්සුනේ හිටිය කෙනා දැකල..
"😳😳😳😳😳"
Plz vote and comment, if you like this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top