The black van.....

මන් ටග්ගාලා කිචන් එකට ගිහින් පිහියත් අරන් ආවේ කෝකටත් කියල.. හෙමින් ඩෝ එක ඇරපු මන් ගැස්සුනේ හිටිය කෙනා දැකල..

"😳😳😳😳😳"

"මොකද??"

Flashback

" මොන කරුමයක්ද ඕයි මේ??"

"ඒ පාර මොකද කුකී??"

"මට බෑ මේ මගුලේ ලෙක්චර්ස් අහගෙන ඉන්න.."

"ඉතින් උබට වගේ අපිටත් බෑ 😂😂"

"මේ ජිමින් උබව මන් අල්ලගන්නම්.. මන් උබට ආයේ කියන්නේ නෑ හොදේ"

"මොකක්ද??"

"මට අර ආකී ගැන කිය කිය ජෝක් කරන්න එන්න එපා 😡😡 මට පේන්න බෑ ඕයි"

"ඉතින් බලපන් ටේ, මූ කට ඇරියොත් බනින්න හරි කියවන්නේ ආකී ගැනමයි.. උබට පේනවද මුගේ අවුලක් 😁😁"

"හරි මන් ආයේ ඒ හොල්මන ගැන කියවන්නේ නෑ හරිනේ"

"ඕකේ..."

කුකී ඇන්ඩ් ජිමින් එකගතාවකට ආවේ ආයේ ආකී ගැන කතා කරන්නේ නෑ කියල.. ඒත් ඉතින් ජිමින්ගෙ කට දන්නවනේ 😌😌
.
.
.
.
.

"මේ බන් ජූන්ලා මොනාහරි හොයාගෙනද දන්නේ නෑ අර කෙල්ල ගැන?"

"හොයන් ඇති.. බලමුකො ගිහින්.."

ලෙක්චර් ඉවර වෙලා එලියට ආවේ ආයේ ඩෝම් එකට යන්න බලාගෙන.. අද නම් මේ උඩැක්කී එක්ක නටන්න මටයි ජිමින්ටයි හිත දුන්නේ නෑ.. ටේ කොහොමත් ඒ සබ්ජෙක්ට් එකේ නෑනේ..

"මේ මන් කෝල් එකක් අරන් එන්නම්"

"කාටද??"

"උබට මොකටද?? අනේ මේ ඉදපන්"

ජිමින් කෝල් එක ගන්න අතරේ මායි ටේයි ගිහින් කාර් එකට නැග්ගා.. ටික වෙලාවකට පස්සෙ ජිමින් ඇවිල්ල ටේට බහින්න කිව්වා..

"ඇයි මොකෝ?"

"උබ ආකීලගේ අපාර්ට්මන්ට් එකට යන්න"

"උබට මන් කිව්වා.."

"නෑ නෑ පලයන්කෝ.. යද්දී කැක්කුමට ගාන මොකක්
හරි අරන් පලයන්"

"අහ්හ්හ්හ්හ්"

"උබ ගැහුව පාරට ආකීට තාම නැගිටගන්නත් බෑලූ"

"උබ කොහොමද දන්නේ??"

හැබැයි මට ලාවට හිනාගියේ ආකීට සැරටම වැදිලා කියල තේරුන නිසා..

"මන් නෝරට කෝල් කලේ අද එනවද අහන්න.. එතකොට කිව්වේ ඒ දෙන්න ශොපින් ගිහින්, ආකීට යා ගන්න බැරි වෙලා.."

"දැන් උබ කියන්න මට යන්න කියලද? අනේ මේ ඕයි මැරුම් නොකා නගිනවා ඩෝම් එකට යන්න"

ඒ වෙලේ මෙච්චර වෙලා නිහඩව හිටිය ටේ කතා කරන්න පටන් ගත්තා..

"අහන්න කුකී.. උබල දෙන්න අතරේ ලොකු තරහක් තියනව කියල අපි දන්නවා.. ඒත් මොන උනත් උබල දෙන්න දැන් එකම ගෲප් එකක්.. ආකී කියන්නේ අපිට ඉන්න ලොකුම තුරුම්පුවක්.. ඒකී තමා හොයාගත්ත හැමදේම හොයාගත්තේ..ඉතින් පොඩ්ඩක් බලපන් ගිහින්.. ඇට් ලීස්ට් ක්‍රීම් එකක් හරි ගෙනියල දීපන්"

කුකී කියන්නේ ටේ කියන දේ අහන එකෙක්.. දැන් නම් කුකීට යන්න හිත නොදුන්නත් කුකී නිසා උන දෙයක් නිසා ඔලුව වනලා කාර් එක ස්ටාර්ට කලේ අපාර්ට්මන්ට් එකට යන්න.. ඒ අතරේ බෙහෙත් වගයකුත් ගත්තේ ටග්ගාලා ඒක දීලා එනවා කියල හිතාගෙන...

Flashback end

"ඔයා ඇයි මෙහෙ?? කවුරුත් නෑ"

"ඇයි තමුසෙ භූතයෙක්ද??"

"මටයි ඔහේටයි කතාවක් නෑනේ.."

"අහකට යනවා ඕයි"

කුකී මාවත් අතින් තල්ලු කරගෙන ඇතුලට ආවා.. මාත් ඩෝ එක වහල පස්සෙන් ගියේ මොන මගුලකට ආවද කියල දැනගන්න..

ඇතුලට ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා මන් දිහා බැලුවේ කන්න වගේ..

"මොකද පිහියක් අතේ??"

"අහ්හ් නෑ මේ මේ මන් උය උය හිටියෙ"

"තමුසෙට ඒවත් පුලුවන්ද?? කෝ ගේනවා බලන්න උයපුව කන්න"

"අනේ මේ මන් තමුසෙට ඉව්වේ නෑ.. මොකටද ආවේ?? අනික ආවා කාරණාව කියල ටග්ගාලා යනවා"

"තමුසේ මේ හොදට ඉන්නෙ"

"ඇයි මන් මැරිලා කියල කවුරුහරි කිව්වද?? මාර සතුටක් දැනෙන්න ඇති නේ??"

"කට පියාගන්නවා.. 😡😡"

කෑගහගෙන කුකී නැගිට්ටේ මාව බයටම ළග තිබ්බ සෝෆා එකේ ඉන්දෙන ගමන්..

"කොතනද කැක්කුම??"'

"මොකක්??"

"උදේ වැදුන තැන??"

"විකාරද?? දැන් කැක්කුම නෑ..ඔයා යන්නකෝ දැන්"

මන් නැගිට්ටේ මේ මොන විකාරයක්ද කියල හිතනගමන්.. මාර කරුණාවක්නේ.. මොකද දන්නේ නෑ 😒😒😒

"මේ ආකී මට ඔයාව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ.. මන් ආවෙ අපේ උන්ගේ කෑගැහිලට.. වාඩි වෙන්න.. මන් ටග්ගාලා යන්නම්.. ඔව් මන් තමුසෙට කොහොමත් කැමති නෑ.. ඒත් මේක මන් නිසා උන දෙයක් නිසා මන් මේකට බෙහෙත් කරන්නම්"

එහෙම කියල කුකී මාව වාඩී කරවලා එයාගේ සාක්කුවේ තිබ්බ ක්‍රීම් එකක් ගත්තා.. අතට ක්‍රීම් ටිකක් ගත්ත කුකී මගේ බඩ ලගට ටී එක ටිකක් උඩට උස්සලා ඒ ක්‍රීම් ටික ගාන්න පටන් ගත්තා..

"ඔතන නෙමෙයි ඔලමොට්ටලයෝ රිදෙන්නෙ"

මන් හිතින් හිතුවත් කියන්න ගියේ නෑ.. මොකද මෙයාට වැදුන තැන ක්‍රීම් ගාන්න බැරි නිසා.. ඒත් මට මේක නතරකරන්න ඕනේ උනේ නෑ.. එයා ගොඩක් පරිස්සමෙන් ඒ වැඩේ කරද්දී එයාගේ තොල් එකට ගෑවෙන දිහා මන් බලන් හිටියේ ලොකු උවමනාවකින්.. ඒ කොණ්ඩේ මූණට වැටෙද්දී අනික් අතින් කොණ්ඩේ ආයේ පිටිපස්සට දාද්දී පුදුම ලස්සනක් මෙයාට ගෙනවේ.. මන් තප්පරයකට කුකී ළග නැවතුනා කිව්වොත් හරි.. එක පාරටම ආයේ කොණ්ඩේ මූණට වැටෙද්දී මන් අතින් ඒ කොණ්ඩේ පිටිපස්සට කලේ මගේ අගිලි ඒ කෙස් අතරේ යවන ගමන්.. ඒ එක්කම කුකී මගේ ඇස් දිහා බැලුවේ කරන වැඩේ නවත්තලා..

අපි දෙන්න තප්පර ගාණකට අපේ ඇස් අස්සේ තනි වුනා.. කුකී මට කිට්ටු වෙන්න වෙන්න මන් කුකීගේ ඇස්වලින් මගේ ඇස් එයාගේ තොල් ළගට ගෙනිච්චා.. ඒවා මට ගොඩක් ළං වෙලා තිබ්බේ.. මට එයාගේ හුස්මත් වැදෙන තරම් එයා මගේ ළගට ආවා.. ඇයිදෝ මන්දා මට එයාව ඈත් කරන්න හිතුනෙමනෑ..

"ආකී....."

අපි දෙන්නම දෙපැත්තට විසික් වුනේ එක පාරට ඩෝ බෙල් එක එක්ක එලියෙන් ඇහුන සද්දෙට..

"කවුද ඒ??"

කුකී හෙමින් මගෙන් ඇහුවේ එලියෙන් ඇහුනේ පිරිමි කටහඩක් නිසා..

"මින්හෝ 😳😳"

මට ඒ කඩහඩ අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ.. ඒත් එයා කොහොමද අපාර්ට්මන්ට් එක හොයාගත්තේ??

"තමුසේ ඉන්න තැන කිව්වද??"

"පිස්සුද ඕයි?? මන් කිව්වේ නෑ.."

"යනවා ගිහින් බලනවා.. මන් කිචන් එකට වෙලා ඉන්නම්.."

"මට බෑ.."

"මන් ඉන්නවා ඕයි අතන.. තමුසේ ගිහින් බලනවා.. ඌ දොර කඩන්න කලින්"

මන් බයෙන් බයෙන් නැගිට්ටේ මූ මොන විනාසයකට ඇවිල්ලද කියල නොදන්න නිසා..

"ආහ්හ්හ් මේ, ඇතුලට ගන්න එපා ඌව"

මන් ඔලුව වනලා ඩෝ එක පැත්තට යද්දී මතක් වුනේ මන් ඇතුලට අරගෙන නෙමෙයිනේ කුකීත් ඇතුලට ආවේ කියල.. මන් ආයේ පිටිපස්ස හැරෙද්දී කුකී කිචන් එක පැත්තට ගියා..

........................

මායි ටේයි ඩෝම් එකට යන ගමන් අර පිස්සු ජෝඩුව ඉන්න පැත්තෙන් ගියේ පොඩි හලෝ පාරක් දාලා යන්න.. නෝරට කෝල් කරපු වෙලේ ඉන්නව කිව්ව මෝල් එකට අපි ගියාට දෙන්න නම් පේන්න හිටියේ නෑ.. ටේ අදිමදි කරද්දී මන් මගේ වදේටම ටේවත් ඇදන් ගියේ ලේඩිස් ඩ්‍රෙස් තියන ෆ්ලෝ එකට..

"අර ඉන්නේ"

ටේ දැකල මට පෙන්නුවේ ඉක්මනට මෙතනින් යන්න හිතාගෙන උනත් ජිමින්ට ඉතින් දැන් මෙතනින් යන්න හිත දෙන්නෙ නම් නෑ..

"යමු.."

"මේ ඉක්මනට යමු බන්.. මට මහන්සි"
.
.
.

"හායි ගර්ල්ස්"

ජිමින් නෝරාගේ පිටට තට්ටුවක් දාලා කතා කලාම දෙන්නම් බලලා අපිට කතා කලේ පුදුමයෙන් වගේ..

"ඔයාලා දෙන්න මොකද මේ ලේඩිස් ඩ්‍රෙස් ෆ්ලෝ එකේ??"

දීපන්කෝ දැන් උත්තර?? 😂😂😂

"අහ්හ්හ් මේ මේ ටේගේ කෙල්ලට ගිෆ්ට් එකක් ගන්න ආවා.."

ජිමින් ටග්ගාලා කටට ආව එක කිව්වේ ජාමේ බේරගන්න වුනත් ටේ ජිමින් දිහා බැලුවේ මරලා දාන බැල්මකින්.. ටේට තේරුනා මේ වෙලේ කට පියන් ඉන්න එක තමා හොදම කියල..

"අහ්හ් මෙයාට කෙල්ලෙකුත් ඉන්නවද??"

"ඇයි??"

ටේ නෝරා කිව්ව එකට පුදුම වෙලා වගේ ඇහුවේ ටේට කෙල්ලෙක් ඉන්නවද කියන එක නෝරා අමුතුවට ඇහුව නිසා..

"නෑ ඉතින් ඔයා ඉන්නෙ කෙල්ලො ඩෝන්ට් කෙයාර් සීන් එකේ නේ,ඒකයි.. ආ මේ කෝ කුකී??"

"ඌ ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ 😁😁"

"ආකී තනියම.."

"කුකී මරන් කන්නේ නෑ"

"මරන් කන්නේ නැති උනාට මේ වෙද්දී එකෙක් මැරිලද දන්නේ නෑ"

එමී මැද්දෙන් පැන්නේ කුකී ඇන්ඩ් ආකී නයි වයිරයි කියල අනිත් අයටත් මතක කරල දෙන ගමන්..

"නෑ නෑ කුකී ක්‍රීම් එකක් දීලා එන්න ගියේ.. ඇතුලටවත් යන එකක් නෑ" ( ඔව් ඇතුලට ගියෙ නෑ 😂😂😂😂)

"හ්ම්ම්ම්..එහෙනම් අපි යනවා ජිමින්"

"එන්න අපි ඩ්‍රොප් කරන්නම්"

"අයියෝ අපි ආවේ කාර් එකේ.. අපි යන්නම්"

"අහ්හ් එහෙනම් අපිව ඩ්‍රොප් කරගෙන යනවද?? අපි ආවේ ටැක්සි එකක"

ජිමින් ඔලුව පිටිපස්ස කසන ගමන් ඇහුවේ කුකී ගිය නිසා ටේ ඇන්ඩ් ජිමින් මෙතනට ආවේ ටැක්සි එකක නිසා.. ( මොකේද දන්නෙ නෑ ඩ්‍රොප් කරන්නද ඇහුවේ? 😂😂😂)

"ඒත් ඔයාලා මෙයාගේ gfට ගිෆ්ට් එකක් ගත්තේ නෑනේ"

එමීටත් ඕනේ නැති මගුලක් නෑ කියන්නේ මේක තමා..

"ඒක අපි ගන්නම්.. ආයේ ටැක්සි එකක යන්න බෑ.. ඒ නිසා ඩ්‍රොප් කරනවද??"

ජිමින් ආයේ අහද්දී නෝරා ඔලුව වැනුවේ හා කියන ගමන්..පස්සෙ 4 දෙනාම ගියේ කාර් පාර්ක් එකට.. ඒ යද්දී එතන ලොකු කලබලයක්.. හතර දෙනාම දිව්වේ කලබලේ උන පැත්තට...

"අහ්හ්හ්හ්හ් කවුද අර අඩන්නේ??"

අපි එතනට යද්දී මැදි වයසේ ගෑනු කෙනෙක් බිම ඉදගෙන හොදටම අඩනවා.. මායි එමී ළං වුනේ ඒ ගෑනු කෙනා ලගට..

"ආන්ටී මොකක්ද උනේ??"

එමී හෙමින් කතා කරල මොකක්ද උනේ කියල ඇහුවා..

"උන් මගේ ළමයව අරන් ගියා.."

"අහ්හ් කවුද උන්??"

ඒ කියද්දී එතන හිටගෙන හිටිය පිරිමි කෙනෙක් කතා කරන්න පටන් ගත්තා..

"අර ඩේවිඩ් කියන එකාගේ උන්.. මේ ගෑනු කෙනෙයි දුවයි ආවේ කාර් එකට නගින්න.. කලුපාට වෑන් එකක් ඇවිත් නවත්තලා මෙයාව තල්ලු කරලා කෙල්ලව දාගත්තා.."

"ඉතින් තමුසෙලා බලන් හිටියද??"

නෝරා කෑගැහුවේ වටේ බලන් හිටිය උන් දිහා බලලා..

"අපි මොනා කරන්නද?? ඔයා දන්නේ නැද්ද ඩේවිඩ්ගේ උන්ගේ හැටි?? උන් අපිව මරයි"

මන් නැගිට්ටෙ පුදුම කේන්තියකින්.. එමීවත් ඇදන් මන් කාර් එකට නැග්ගේ කොහෙන් හරි කෙල්ලව හොයාගන්න හිතාගෙන.. ඒ එක්කම ටේ ඇවිත් මාව පිටිපස්සෙ සීට් එකට දැම්මෙ ටේ වෙහිකල් එක ගන්නම් කියල.. අපි හතර දෙනා කෙලින්ම ගියේ මේන් රෝඩ් එකට.. ටික දුරක් යද්දී පාරවල් 2ක් තිබුන නිසා මොන පාරටද ගියේ කියල හොයාගන්න අපිට එතන ලග තිබ්බ කඩවල් දෙකේ cctv චෙක් කරන්න උනා.. අර මිනිහා කිව්ව විදිහේ වාහනයක් සෝල් වලින් එලියට යන පාරට දානවා තිබ්බ නිසා අපි ඒ පාරේ දිගේම ගියා..
.
.
.
.

At apartment

"ඔයා??? ඒ ඒත් ඇයි මේ වෙලේ??"

මගේ වචන එක පාරටම ගොත ගහන්න ගත්තේ මින්හෝ ඉන්න විදිහ දැකලා.. ඌ හිටියේ හොදටම බීලා..

"ඇයි මට මගේ බේබීව බලන්න එන්න බැරිද??"

"ඔයා කොහොමද මන් මෙහෙ"

"අනේ ශ්ශ්ශ්ශ්ශ් මන් මින්හෝ.. ඔයා ඉන්න තැන හොයාගන්න මට මහ වෙලාවක් යන්නේ නෑ.. ඇතුලට එන්න කියන්නේ නැද්ද??"

"ඒත් ඔයා ඉන්නෙ හොදටම බීලා.. මන් හෙට ඔයාව හම්බෙන්නම්.. දැන් ඔයා යන්න"

"අයියෝ බේබී.... මට අද උත්තරයක් ඕනේ, ඔයා මාව පිස්සු වට්ටනවනේ අනේ"

එහෙම කියාගෙන කුකී ආවා විලාසෙන්ම මින්හෝත් ඇතුලට ආවා.. ගිහින් සෝෆා එකෙන් වාඩිවුනේ කෝට් එක ගලවල විසික් කරන ගමන්..

"මින්හෝ ඔයා දැන් මෙහෙන් යන්න ප්ලීස්.."

"මොකද බය වෙලා?? අහ්හ්හ් මේ මොකක්ද මේ ක්‍රීම් එක??"

මින්හෝ අතට ගත්තේ කුකී ගා ගා ඉදපු ක්‍රීම් එක..

"අහ්හ්හ් මේ මගේ බඩේ පොඩි කැක්කුමකට මන් ඕක ගෑවා.."

"කෝ එන්න"

එක පාරටම මගේ අතින් ඇද්ද පාර මන් නැවතුනේ මින්හෝගේ උකුලේ.. මන් නැගිටින්න පොර කනවා එක්කම මන් දැක්ක කුකී අපේ පැත්තට එන චායාව..

"එපා..."

මන් හෙන සද්දෙන් කෑ ගැහුවේ කුකීට එන්න එපා කියන්න.. මොකද එයා දැන් ආවෝත් අපේ ඔක්කොම ප්ලෑන් අවුල් යනවා.. කුකී ආපස්සට යන හෙවනැල්ල දැක්ක මන් ආයේ ට්‍රයි කලේ මූගෙන බේරෙන්නෙ..

"මොකද කෑගහන්නේ?? මන් ගාන්න හෙල්ප් කරන්නම්"

"අනේ ප්ලීස් මට යන්න දෙන්න"

මට මූට හොම්බට 60ක් අනින්න පුලුවන් උනොත් ඉවසන් ඉන්න උන එක තමා මගේ ලයිෆ් එකේ වැඩිපුරම දැනුන දුක.. 😡😡😡😡

"ඉන්නවා.. නටන්න එපා කිව්ව නේ😡😡😡"

ඒ පාර නම් මින්හෝට ටිකක් තද උනා..ඒත් මූට තද උනා කියල මන් පලිද?? විකාර 😒😒😒

අයියෝ එමී නෝරා සමුසෙලා දෙන්න කොහෙද ඕයි ගියේ?? මන් හිතින් උන් දෙනටත් බැන බැන මූගෙන් ගැලවෙන්න ට්‍රයි කලා..

"මන් ඔයාට බොන්න මොනාහරි අරන් එන්නද?"

"අන්න ඒක හොදයි.. අපි මොනාහරි බොන ගමන් කතා කරමු"

ඒ හම්බුන විනාඩියේ මන් ටග්ගාලා උගෙන් ඈත් උනා..

"බේබී ඔයාගේ බෙඩ්රූම් එක කොහෙද??"

මන් ඒ ඇහුව එක ඇහුනේ නෑ වගේ කිචන් එකට ගියේ කුකීගෙන් හෙල්ප් එකක් ගන්න.. (ශික් මේකගෙන් ආයේ හෙල්ප් ගන්නේ නෑ කියල එදා පම්පෝරිය නම් ගැහුවා 😒😒😒)

"කුකී මොකක්ද කරන්නේ??"

"ඇයි මගෙන් අහන්නේ??"

අපි දෙන්න රහසින් කතා කලේ අර භූතයට ඇහෙයි කියල හිතලා..

"අහ්හ්හ්හ්හ්??"

"ඇයි තමුසේ තනියම කර ගන්නම් කියල එදා කිව්වේ??"

වස ලැජ්ජාවා.. ඊට වඩා මට දැනුනේ දුකක්, ඒ ඇයි කියන්න දන්නේ නෑ.. ආයේ කුකී එක්ක වචනයක්වත් කතා නොකර මන් ජූස් එකක් හදන්න ගත්තා..

"තමුසේ තනියම කරගන්නවද??"

"ඔව්ව්"

"මේ පැත්තෙන් යන්න වෙන ඩෝ එකක් නැද්ද??"

"අහ්හ්හ් කාටද??"

"මට.. මට මේ තමුසෙගේ මල ඉලව් ලව් බල බල ඉන්නද කියන්නේ??"

මන් කුකීගේ ඒ වචන එක්ක කුකී දිහා බැලුවේ අඩන්න බැරිකමට ඇස්වල කදුලු හිර කරගෙන..මේ දේවල් කලත් අපිට ආත්ම ගරුත්වයක් තියනවා..ආකී බය වෙලා ඉන්නෙ ඒ ගැන.. මොකද මින්හෝ කියන්නේ දැන් අවසිහියෙන් ඉන්න බල්ලෙක්.. ආකීට බේරෙන්න බැරි උනොත් ආකීට හැමදාටම විදවන්න වෙයි.. එහෙම කියල ආකී කවදාවත් මිශන් එක අවුල් කරන්නේ නෑ.. මොකද දැන් අවුලක් ගියොත් උන් දැන ගන්නවා උන් පස්සේ කවුරුහරි පන්නනවා කියල..

"මේක දානවා ඕකට"

"එපා මන් බලාගන්නම්"

කුකී සාක්කුවේ තියල අරන් මොකක්දෝ පෙත්තක් මට දික් කලා.. මට ඕනේ නෑ මේ යකාගේ උදව්..

කුකී මගේ නිකටෙන් අල්ලගත්තේ මන් ජූස් එක හද හද හිටිය මේසේට තියල තද කරල..

"පණ්ඩිත වෙන්න එපා ආකී.. කියන දේ"

"බබා මොකද පරක්කු??"

එක පාරටම මින්හෝගේ කටහඩ ඇහෙද්දී කුකී අතේ තිබ්බ පෙත්ත ජූස් එකට දාලා ෆ්‍රිජ් එක පිටිපස්සට ගියා.. ආකීට කුකීව නොපෙනුනාට එයා හිටිය විදිහට ආකීව හොදට පෙනුනා..

"අහ්හ් මන් මේ ජූස් එක හැදුවා"

එක පාරටම මන් ලගට ආවේ මින්හෝ.. කුකී වගේම මේසෙයි මින්හෝගේ අත් දෙකයි අතරේ මාව හිර කරද්දී මන් අතේ තිබ්බ ජූස් එක එයාට දුන්නා..

"මේක නම් කවදා බොන්න බැරිද?? ඒත් මේ තොල් 😍"

එක පාරටම මින්හෝ පාත් උනේ ආකීගේ තොල්වලට..

Jk pov

මන් ෆ්‍රිජ් එක පිටිපස්සෙ ඉදන් බලන් හිටියේ මොකක්ද වෙන්නෙ කියල.. මේ බල්ලා ආකීට ගැලවෙන්න දෙන්නෙම නෑ.. "බීපන් යකෝ ඕක.." මන් හිතින් මැතිරුවත් මූ ජූස් එක පැත්තකට කරල බර උනේ ආකීගේ තොල්වලට.. ඒ ඇස් කොනෙන් කදුලු වැටෙනවා මන් හොදටම දැක්කා.. මට ඒ වෙලේ පලවෙනි පාරට ආකී නිසා මින්හෝ එක්ක තරහක් ඇති උනා.. ඒත් ආකී අතින් මට එන්න එපා කියල කීප පාරක්ම කිව්ව නිසා මන් කාගෙන හිටියා..

Pov end

මන් අමාරුවෙන් මින්හොගෙන් ඈත් වෙලා ජූස් එක අතට දුන්නා..දෙපාරක් නොහිතා ඌ ඒක බිව්වා.. බොන ගමන් මගේ කරට අත දාගෙන ඌ මාවත් එක්කන් ගියේ ආයේ සාලෙට.. සැටිය ලගට යනවත් එක්කම මින්හෝ ඔලුව අල්ලන් වාඩි වුනා..

"ඇයි මින්හෝ මොකද??"

"මගේ ඔලුව පැලෙන්න වගේ බබා"

"අහ්හ් ඇල්කොහොල් එක්ක ජූස් මික්ස් උන නිසාද දන්නේ නෑ"

"ඒ වගේ.. මට හාන්සි වෙන්න ඕනේ"

"ඉන්න මන් ඔයාගේ ගාඩ් කෙනෙක්ට කතා කරන්නම්"

ඒ එක්කම මින්හෝ මගේ අතින් අල්ල ගත්තා..

"මට ඔයා එක්ක ඉන්න ඕනේ"

එහෙම්ම මින්හෝ සැටියට වැටුනා.. මන් හිතන්නෙ සිහිය නැති වුනා.. කුකී දුවගෙන ආවා..

"ටග්ගාලා ගිහින් ගාඩ් කෙනෙක්ට කතා කරන්න"

මන් ටග්ගාලා ගිහින් පහල හිටිය ගාඩ් කෙනෙක්ට කතා කරගෙන ආවා..ඒ වෙද්දී කුකී ආයේම කිචන් එකට ගිහින්.. විස්තරේ කිව්වට පස්සේ ගාඩ් මින්හෝවත් එක්කන් යන්න ගියා.. එයාලා එලියට ගිය ගමන් මන් ඩෝ එක ලොක් කරලා එතනම ඉද ගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්..
.
.
.
.
.
.
................

"මෙච්චර හයියෙන් මුන් ගිහින්ද??"

"ඔව් ඉතින් මොකද ඌ වීරකමක් කරල නෙමෙයිනේ ගියේ, කෙල්ලෙක් උස්සලා"

නෝරා මන් දිහා බලලා ඒක කිව්වේ මොන්ගල්ද කියල අහනවා වගේ..

මන් ඒ එක්කම ජූන්ට කෝල් කරල විස්තරේ කිව්වා.. සුගා ඇන්ඩ් හොබී එක්ක ජූන් අපි එක්ක එකතු වුනේ ශෝට්කට් එකකින් දාලා ඇවිල්ලා.. අපේ වෙහිකල් දෙකම ඒ පාර දිගේ පුලුවන් උපරිම වේගෙන ගියත් අපිට උන්ගේ වාහනේ තියා ඒ හා සමාන කිසිම වාහනයක් හොයාගන්න බැරි උනා..( බැන්ග්ටැන්ලා මේ වගේ කේස් කරල තියන නිසා මේ වගේ වැඩවලට බස්සන්නේ මොන වගේ වාහනද කියල එයාලා හොදටම දැනගෙන හිටියා)

ටික දුරක් ගිහින් ලග තිබ්බ ශෙඩ් එකක් ලගින් අපි වාහන දෙක නැවැත්තුවේ පිස්සො බල්ලො වගේ මෙහෙම ගියාට කිසි තේරුමක් නැති නිසා.. එලියට බැහැපු ගමන් ටේ වාහනේ රෝදෙට ගැහුවේ අපි මිස් කරගත්තේ ලොකු චාන්ස් එකක් නිසා.. උන්ව අල්ලගත්ත නම් අපිට ඩේවිඩ් ගැන ලොකු විස්තරය්ක් හොයාගන්න තිබ්බා..

ටික වෙලාවක් අපි නැවතිල කල්පනා කලේ අපිට වෙන කරන්න කිසිම දෙයක් නැද්ද කියල...

"ජූනා... පොඩ්ඩක් ශෙඩ් එක පැත්ත බලපන්"

ටේ කිව්ව සැනෙන් අපි ඔක්කොම ශෙඩ් එක පැත්ත බැලුවා.. ශෙඩ් එක එහාට වෙන්න නතර කරල තිබ්බේ අපි හිතුවා වගේම කලු වෑන් එකක්. ඒක නවත්තල තිබ්බේ ටිකක් ඇතුලට වෙන්න..

"ටේ මේ අර වගේ වෑන් එකක්.. යමන්"

ජිමින් යන්න හදද්දිම සුගා අතින් අල්ලලා නවත්ත ගත්තා..

"එමී නෝරා දෙන්න ගිහින් පෙට්‍රල් අරන් එන්න.. උබල මෙතන ඉදපන්.. ටේ ජූන් යමන්.."

මාවයි හොබීවයි කාර් එක ලග තියලා සුගා ජූන් ඇන්ඩ් ටේ එක්ක ගියේ ශෙඩ් එකේ වාහනේ නවත්තලා තිබ්බ තැනට.. එමී ඇන්ඩ් නෝරා ශෙඩ් එකේ උන්ගේ අවදානේ වෙනස් කරන්න පෙට්‍රල් ගෙන්න ගියා.. අපි බලන් ඉද්දිම ජූන්ලා වෑන් එක ලගට ගියා.. හරිම වාහනේ කියලා අපිට ශුවර් නැති උනත් ඒක නවත්තලා තිබ්බ හැටි දැක්කම ඒක තමා වාහනේ කියල අපිට තේරුනා..

......................

At apartment

"ඌ ගියාද??"

"හ්ම්ම්ම්"

"කොහොමද ඌ ඔයා ඉන්න තැන දන්නේ??"

"මන් දන්නෙ කොහොමද?? අනික ඌට ඕක හොයාගන්න බැරි වෙන්න විදිහක් නෑනේ"

"වෙන අපාර්ට්මන්ට් එකකට මාරු කරන්න වෙයි තමුසෙලාව"

මන් ඩෝ එක ළග වාඩි වෙලා ඉද්දිම කුකී සෝෆා එකෙන් වාඩි වුනේ මේ ගැන කියන ගමන්

"හ්ම්ම් අපි අනිද්දට කැම්පස් ආවම මට උගෙන් ගැලවීමක් නැති වෙයි"

"ඌට කිස් කරන්න දෙන්න එපා"

"ඔයා හිතන්නේ මන් ආසාවෙන් මේ දේවල් කරන්න ඉඩ දෙනවා කියලද?? අතට හම්බුන චාන්ස් එක නැති කරගන්න බැරිකමට ඉවසන්නේ"

"හ්ම්ම්ම්ම්ම්"

"ඔයා ලග මොකක්ද ඒ තිබ්බ පෙත්ත??"

"තමුසෙට දෙන්න ගෙනාවේ??"

"මොකක්??"

"නෑ කැක්කුම වැඩි නම් බීලා නිදාගන්න කියල.. අන්තිමට ඒකත් ඕනේ උනා"

"වෙලාවට එහෙම එකක් තිබ්බේ.."

"ඇයි තාම එමීලා නැත්තේ?? කෝල් එකක් දෙනවා"

කුකී කිව්වමයි මට ඒකත් මතක් උනේ.. 10ත් පහු වෙලා.. තාම මුන් දෙන්න නෑ 😡😡
.
.
.
.

"හෙලෝ"

නෝරාගේ ෆෝන් එක ආන්ස්වර් කලේ පිරිමි කෙනෙක්..

"කවුද මේ?? නෝරා කොහෙද??"

"මන් ජිමින් ඕයි"

"ජිමින්?? ඔයා මොනාද නෝරා එක්ක මේ රෑ කරන්නේ??කොහෙද ඉන්නෙ?? තමුසේ ඒ ළමයට කරදරයක් කරල තිබ්බොත් මරනවා දැනගන්නවා...

"ඉන්නවා ඕයි"

මන් කියවන් ගිය එක මැද්දෙන් ජිමින් බෙරිහන් දුන්න නිසා මන් කට පියාගත්තේ මොකද උනේ අහන්න.

ජිමින් උන හැමදේම කිව්වා... යකූ මෙච්චර දෙයක් වෙලාද මේ ටික වෙලාවට..

"ජිමින් ඔයාල කොහෙද ඉන්නෙ?? අපිත් එන්නම්"

"එපා තමුසෙ රෙස්ට් කරනවා.. කොහොමත් අපිත් මේ කාර් එක ළග වේලෙනවා.. නෝරාගෙ ෆෝන් එකත් මෙතන.. ආවට වැඩක් නෑ ජූන්ලා ඇතුලට ගියා"

"එහෙනම් මොකක්හරි හදිස්සියක් නම් කෝල් එකක් දෙන්න"

"හරි ආකී"

ජිමින් කෝල් එක කට් කලාම මන් ජිමින් කිව්ව දේ කුකීට කිව්වා... අපි දෙන්නම බලාගෙන හිටියේ එයාලගෙන් කෝල් එකක් එනකන්..
.
.
.
.
.

.....................

මායි ටේයි හොබී වෑන් එක පිටිපස්සට ගියාමයි දැක්කේ ඒකේ පිටිපස්සෙන් එලියට යන්න පුලුවන් තරම් ගේට් එකක් තියනවා...

"ගන් එක ගෙනාවා නේද??"

ජූන් ටේ ඇන්ඩ් සුගාගෙන් ඇහුවේ ගන් එකක් නැතුව යන එක අවදානම් නිසා.. කොහොමත් අපි කොහේ ගියත් ඕක අරන් යන්නේ..ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.. අපි දෙන්නම ඔලුව වනලා ඔව් කියල ජූන්ට කිව්වා.. ඒ අතරේ එමී ඇන්ඩ් නෝරා පෙට්‍රල් අරගෙන ආයේ කාර් එක පැත්තට ගියා..

ඊට පස්සෙ අපි තුන්දෙනා වහල තිබ්බ ගේට් එක හෙමින් ඇරගෙන ඇතුලට ගියා..ඒත් ඒ හරියේ කිසිම සද්දයක් තිබ්බෙ නෑ.. වටපිටාව ගැන අවධානෙන් අපි ගියේ ඩේවිඩ් කියන්නේ ලේසී මිනිහෙක් නොවෙන නිසා..

ටික දුරක් ඉස්සරහට යද්දී අපිට කවුරුහරි කෑගහන සද්දයක් ඇහුනා.. අපි තුන්දෙනා අඩිය ඉස්සර කරල ඒ පැත්තට යන්න හැදුවත් අපේ ගමනේ හරහට එතන ගාඩ්ලා පෝලිමක්.. අපි එතන තිබ්බ දිරපු වාහනෙකට කවර් උනේ ප්ලෑන් එකක් නැතුව ගියොත් අපිත් කොටු වෙන නිසා..
.
.
.
.
.

At apartment

"ඕයි මට බඩගිනි"

"ඉතින්"

"කන්න මොනාහරි ගේනවකෝ"

මාත් හිටියේ යකෙක් කන්න බඩගින්නේ..කොහෙද කන්න ගත්ත නූඩ්ල්ස් එක කන්න වුනෙත් නෑනේ මේ යකා ආව නිසා.. මන් ආයේ කිචන් එකට ගිහින් නූඩ්ල්ස් දෙකක් හදාගෙන ආවේ කෝක් දෙකක් එක්ක..

"ආ මෙන්න.. කනවද නැද්ද දන්නේ නෑ, බට් මේ වෙලේ තියෙන්නෙ මේවා විතරයි"

"කෝ තියන මගුලක් දෙනවා"

කුකී නූඩ්ල්ස් එක කටට දෙකට කෑවේ හත් වේලක් හාමතේ ඉදලා වගේ.. මන් ඉතින් හෙමින් හෙමින් කන්න පටන් ගත්තා..

"මේ කුකී.."

"ජේකේ 😡😡😡"

"අහ්හ් සොරි මේ ජේකේ, කාටහරි කෝල් එකක් අරන් බලන්න මොකක්ද තත්ත්වේ කියල"

ජේකේ කාටද කෝල් කරල විස්තර ඇහුවා.. ඒත් හරියට විස්තරයක් දැනගන්න අපි දෙන්නටම හම්බුනේ නෑ.. තවත් වෙලා බලාගෙන හිටියේ මොකක්ද වෙන්නෙ කියල...

"මේ ආකී.. තමුසේ ටිකක් මින්හෝගෙන් ඈත් වෙනවා.. ඔහොම ගියොටත් ඌව බදින්නම වෙයි"

"අහ්හ්හ්හ්"

"නෑ තමුසෙව හොයාගෙනත් ආවා කියන්නේ ලේසි නෑ.."

"හ්ම්ම් මන් දන්නවා.. අනේ මන්දා මට නම් නිකන් නෙමෙයි කෝටී ගාණක් එක්ක දුන්නත් ඔය වගේ මිනිහෙක් ඕනේ නෑ 😒😒"

"ඇයි තමුසේ අශ්වයා පිටේ කුමාරයෙක්ද හොයන්නේ?? මින්හෝ අවුලක් නෑ පොඩ්ඩක් කරන වැඩ තමා අවුල.. හදලා ගන්න බැරි නෑ"

"අනේ මේ..තමුසේ හදල බැදගන්නවා"

"අපෝ එපා මට කෙනෙක් ඉන්නවා"

ඒකට නම් මට මොකක්දෝ දුකක් දැනුනා.. ඒත් ඇයි?? විකාරද ඕයි ආකී.. මේ හෝතම්බුවට කෙල්ලෙක් ඉන්න විදිහක් නෑ.. හිටියත් තමුසෙට ඇති රුදාව මොකක්ද?? අනික මේකගෙයි අර මින්හෝගෙයි ලොකු වෙනසකුත් නෑනේ.. 😒😒😒

"පවු ඉතින් ඒ කෙල්ල"

එහෙම කියන ගමන් මන් නැගිට්ටේ නූඩ්ල්ස් ගෙනාපු කප් දෙකත් ගන්න ගමන්..

"තමුසේ මොකද මන් ළං වෙද්දී අර මින්හෝව වගේ අතින් ඈත් නොකලේ??"

මන් හිටිය තැනම ගල් උනේ ඒ ඇහුව එකට.. දැන් දීපන්කෝ උත්තර..

"අහ්හ්හ්හ්??"

"ඒවයින් වැඩක් නෑ.. තමුසේ මන් ක්‍රීම් ගාපු එකක් හරි වෙන මොනාහරි කාටහරි කියල තිබ්බොත් මරනවා"

"අනේ මේ මට පිස්සුද ඒවා කියන්න.. ඊට වඩා හොදයි ගලක් බැදන් මුහුදෙ පනිනවා, ඒක නම්බුකාරයි"

මහ හයියෙන් කුකීට බැන බැන මන් කිචන් එකට ගියේ කාපුව අස් කරන්න..
.
.
.
.
.
.

.....................

ටික වෙලාවක් කවර් වෙලා ඉදලා ටේ නැගිට්ටේ එතන හිටිය ගාඩ් කෙනෙක්ට වෙඩි තියන ගමන්. ඒකෙන් පස්සේ ගාඩ්ලා ටික ඇවිස්සුනේ කුඹි රැල වගේ.. ටේ වෙඩි තියන ගමන් ආපස්සට දිව්වේ ගාඩ්ලාව ඒ පැත්තට ගද්දී..ඒ එක්කම නැගිට්ට සුගා ටේ පස්සෙ දුවපු ගාඩ් කෙනෙන්ට වෙඩි තිබ්බා.. උන් ටේ ඇන්ඩ් සුගා පස්සෙ පන්නද්දී මන් ගියේ සද්දෙ ඇහුන පැත්තට..
.
.
.
.

"ඇතුලෙන් වෙඩි තියනවා ඇහෙනවා"

"ඔව්ව් ජිමින් යමන්"

මන් හොබී හ්‍යොන්ග් එක්ක ජූන්ලා ඉන්න පැත්තට එන්න හැදුවත් ශෙඩ් එකේ උන් හිටිය නිසා අපිට ආයේම ආපස්සට යන්න වුනා..ටික වෙලාවක් කාගෙන හිටිය අපිට චාන්ස් එකක් හම්බුනේ ට්‍රිප් එකක්ද කොහෙද ගිය බස් එකක් ශෙඩ් එකට ආව නිසා.. නෝරා ඇන්ඩ් එමීව කාර් එකට දාලා ලොක් කරගන්න කියල කී එක දුන්නෙ හදිස්සියක් උනොත් යන්න කියල කියන ගමන්.. මායි හොබී ශේප් එකේ ජූන්ලා ගිය පැත්තට ගියා.. යද්දිම ගන් එක ලෝඩ් කර ගත්තේ කෝකටත් කියල..

සද්දේ ඇහුන පැත්තට යද්දී එතන තිබ්බෙ පොඩි ගෙයක් වගේ එකක්..මන් ලං වෙලා බලද්දී දැක්ක දේ නිසා මගේ මුලු ඇගම පණ නැති වුනා.. මිනිස්සු පස් දෙනෙක් විතර වට වෙලා අර පොඩි කෙල්ලට දස වද දෙනවා.. දෙපාරක් නොහිතා මන් ඇතුලට ගියේ එතන ඉන්න එකෙක්ගේ ඔලුව කුඩු වෙන්න ශූට් කරන ගමන්.. ඒ එක්කම මගෙ පැත්ත හැරුන 4 දෙනාට වෙඩි තිබ්බේ උන්ට උන්ගේ ගන් එක ගන්නවත් වෙලාවක් නොදී.. කාලකණ්නි 😡😡😡 ඊලග තප්පරයේ මන් ගියේ අර පොඩි කෙල්ල ළගට.. අවුරුදු 16ක විතර ලස්සන කෙල්ලෙක්.. කෙල්ල ගොඩක් අමාරුවෙන් හිටියේ.. මන් දාගෙන හිටිය කෝට් එක ගලවලා කෙල්ලට දැම්මේ මේ තිරිසන්නූ කෙල්ලගේ ඇදුම සම්පූර්ණයෙන්ම ඉරල නිසා.. කෙල්ලව අත් දෙකෙන්ම උස්සගෙන මන් ආයේ දිව්වේ ආව පැත්තට... ඒ යද්දී අපේ කොල්ලො ගාඩ්ලට අපායේ සැප පෙන්නන ගමන් හිටියේ.. මන් ගේට් එකෙන් එලියට කෙල්ලව අරන් යද්දිම මගේ කකුල නැවතුනේ සුගාගේ කටහඩට...

"ටේ...."

සුගා මහ හයියෙන් ටේගේ නම කිව්ව නිසා මන් ගල් උනේ තව අඩියක්වත් ඉස්සරහට නොතියා... 🙁🙁





plz vote and comments, if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top