Ready to First Step 🖤

"ආයේ කියන්න තියන්න එපා නැගිටිනවා ඕයි"

එමී උගුර කඩාගෙන කෑගහනවා..මොන මගුලකට මේ යකා උදේම නැගිටලද මන්දා😒😒😒

"මොකද ඕයි කෑ ගහන්නෙ??"

"ඕයි අද අපේ වැඩේට යන්න ඕනේ.. බලනව වෙලාව?? ආයේ කියන්නේ නෑ මන්"

ඒ කිව්වම නෝරා ඇස් දෙකත් පිහද පිහද ඇදෙන් නැගිට්ටේ අද 10 වෙද්දී අලුත් වැඩේට බැන්ග්ටැන්ලා හම්බෙන්න යන්න තියන නිසා..

"තමුසේ ලෑස්තිත් වුනාද?? මාර උනන්දුවක් නේ"

"අනේ මේ යනව ගිහින් ලෑස්ති වෙනවා"

නෝරා වොශ් එකක් දාගෙන ආව ගමන් එමීගේ ඊලග ඉලක්කය වුනේ ආකී..

"ආකී තමුසෙ නැගිටිනවද, නැත්තම් මන් වතුර එකක් හලන්නද??"

"නැගිටල ඉන්නේ"

නෝරා වගේම ආකිත් ඇදෙන් නැගිට්ටේ මොන කරුමයක්ද කියල හිතන ගමන්.. මොකද එමී වගේ නෙමෙයි, නෝරා ඇන්ඩ් ආකී ටිකක් කම්මැලි පොරවල් දෙකක් උදේට..

ආකී වොශ් එකක් දාගෙන එලියට එද්දී එමී ඇන්ඩ් නෝරා ලෑස්ති වෙලා හිටියේ..

"කොහෙ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ??"

"ඇයි ඕයි අර වැඩේට.. 😒😒"

"මන් දන්නවා.. බට් දෙන්නා මනමාලයෙක් බලන්න යන්න වගේනේ ඇදගෙන ඉන්නේ 😂"

"ඇයි දන්නේ නැද්ද එතන කොල්ලො 7ක්ලු ඉන්නේ.. ඉතින් අපි ලස්සනට යන්න එපැයි සෙකන්ඩ් නොවී,නැද්ද එමී??"

"නැත්තම්"

කතාවෙන් කතාව තුන් දෙනාම ලෑස්ති වෙලා එයාලට දුන්න අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවේ එයාලව ගන්න ආව වෙහිකල් එකේ හෝන් සද්දෙට.. නෝරා ඇන්ඩ් එමී ලස්සන ස්කර්ට් දෙකක් අදිද්දී ආකී ඇන්දේ ඩෙනිමයි ටී එකයි.. කිව්වත් වගේ ආකීට කොල්ලො 7ක් නෙමෙයි 1000ක් හිටියත් වැඩක් නෑ, එයා අදින්නෙ ඩෙනිම විතරයි..

"එහෙනම් අපි යමු"

"ඕකේ මිස්"

තුන් දෙනාම ආවේ NIS හෙඩ් ඔෆිස් එකට..

"අම්බෝ බන් මේකේ ලොකු😳😳"

එමී මහ අමුතු ජීවියෙක්.. ඕකා නිකන් ඉන්නෙ ළදරු මානසික මට්ටමේ,ඉතින් හැමදේම මැජික් වගේ තමා😂😂

"කට පියන් එනවා.. මේ ඔන්න දැන්ම කිව්වා කොල්ලො දිහා බලල අගර දගර දාලා රෙදි ගලවගන්න එපා.. කිව්ව විදිහට හෙන දරුණු උන් ටිකක්ලු ඇන්ඩ් කෙල්ලො එක්ක වැඩ කරන පලවෙනි පාරලු"

"අනේ මේ ආකී, අපි නම් බය වෙයි.. බලමුකෝ කවුද කියල ඉස්සර වෙන්නෙ"

නෝරා කිව්ව එක අපි දෙන්නටම තේරුනේ නෑ..

අන්තිමට අපි ආවේ 14 ෆ්ලෝ එකේ තියන රූම් එකක් ළගට..

"ඔහොම ඉන්න මිස්.. ඔයාලට කතා කරයි"

ඒ ආව කෙනා අපිට ඉන්න කියල ඇතුලට ගියේ අපි ආව බව කියන්න වෙන්න ඕනේ.. අපි තුන් දෙනා බිත්තියට හේත්තුවක් දාන් කතා කරනකන් බලන් හිටියා..

"excuse me, අර අය ඇවිල්ලා"

"අහ්හ් ඕකේ.. මන් කතා කරන්නම්.."

...................

ඩෝ එක ඇරෙහ්දීම අපි තුන්දෙනා ගැස්සුනේ වෙන වෙන කල්පනාවල හිටිය නිසා..

"ඇතුලට එන්න"

ආකිව ඉස්සර කරගෙන තුන්දෙනාම ඇතුලට ගියා..

"ඕයි නෝරා මේ මොකක්ද ඕයි වෙන්නේ??"

එමී නෝරාගේ කනට කරලා ඇහුවේ බැන්ග්ටැන්ලා දැකලා උන් හිටි තැන් අමතක වුන නිසා..

"කිරිඅප්පට බල්ල පැනපි කිව්වලු යකෝ මේ මාෆියා ගැන්ග් එකක්ද නැත්තම් ඇක්ටර්ස්ලා සෙට් එකක්ද?"

එමීගේ කනටම කරල නෝරා කිව්වේ බැන්ග්ටැන්ලා දිහා බලලා ආචාර කරන ගමන්.. බැන්ග්ටැන්ලත් නැගිටල ආචාර කරලා ආයේ හිටියා වගේම ඉදගෙන බැලුවේ කෙල්ලො තුන් දෙනා දිහා..

"ඕකේ එහෙනම් කෙලින්ම කතාවට බහිමු.. ඔයාලා මෙහෙම්ම ඉද්දී අපේ කොල්ලො ටිකකට හදුන්වලා දුන්නොත් ලේසී වෙයි මිස්"

එහෙම කියල ඒ හිටිය ලොක්කා(හිතන විදිහටම මේක භාර පොරටද කොහෙද.. ) අපි දිහා බැලුවා.. තාම හිටගෙන අපි.. ආකී කතා කරන්න ගත්තේ හොද හුස්මක් අරන් 😌

"ගුඩ් මෝනින් හැමෝටම.. මන් ආකී.. මේ නෝරා ඇන්ඩ් මේ එමී.. අපි තුන්දෙනාම එකට තමා දැන් අවුරුදු ගාණක ඉදන් වැඩ කරන්නේ.. ඇන්ඩ් ඔයාලා එක්ක වැඩ කරන්න හම්බුන එක ඇත්තටම සතුටක්.."

"අපිටත් එහෙමයි මිස් ආකී.. එහෙනම් ජූන් ඔයාලවත් ඉන්ට්‍රඩියුස් කරන්නකෝ"

"ඕකේ බොස්.. මන් ජූන්, මේ ජින් හ්‍යොන්ග්, අර සුගා, හොබී, ටේ, මේ ජිමින් ඇන්ඩ් අතන ඉන්නෙ කුකී.."

"කුකී 😂😂😂"

එයා කුකී කියල කිව්ව ගමන් මට බකස් ගාලා හිනා ගියේ එමී ඇන්ඩ් නෝරාවත් හිනස්සන ගමන්.. කුකී කිව්ව කොල්ල මට රැව්ව රැවිල්ලක් මන් ටග්ගාලා හිනාව නවත්තගත්තේ තව ටික වෙලාවක් හිනා වුනොත් මාව අලු කරයි කියල හිතලා..

"හ්‍යෝන්ග් මන් කියල තියනවා මට කුකී කියන්න එපා කියල.."

"සොරි කොල්ලො.. කුකී කියන්නේ අපි ආදරේට.. එයා ජේකේ..."

"ජේකේ?? ඕකේ..."

මන් එහෙම කිව්වේ කුකී දිහා බලලා කට කොනෙන් හිනාවෙන ගමන්. අනිත් අය පේන තරම් අවුලක් නැති වුනත් අන්තිමට කිව්ව තුන් කට්ටුව නම් මට ඇල්ලුවේ නෑ..ඒකෙනුත් කුකීව 😒😒

"එහෙනම් කට්ටිය දැනගත්තනේ නම් මොනාද කියල.. මේකයි මන් මේක ඔයාලා දෙගොල්ලොන්ට දෙන්නේ ලොකු විශ්වාසයකින්..මට මේකට හොද ආවසානයක් ඕනේ.. ජූන් ආකී එක්ක එකතු වෙලා මේ වැඩේ කාටවත් කරදරයක් නොවෙන්න කරයි කියල හිතනවා.. අනිත් දේ මන් අවශ්‍ය හැමදේම ජූන්ට කියල තියෙන්නෙ ආකී.. මන් යන්න ඕනේ දැන් ස්පෙශල් මීටින් එකක් ප්‍රසිඩන්ට් එක්ක..ඔයාලා මේ මීටින් එක කන්ටිනිව් කරගෙන යන්න.."

එහෙම කියල මේ කේස් එක භාර බොසා යන්න ගියා.. එයා ගියාම මායි නෝරායි එමී ගිහින් එයාලට මූණලා ඉදගත්තා..

කවුරුත් කතා නොකර මූණට මූණ බලාගෙන හිටිය නිසා මන්ම කතා කරන්න පටන් ගත්තා..

"ඉතින් ජූන්.. කොහොමද මේක අපි පටන් ගන්නේ??"

ජූන් ඇන්ඩ් අනිත් අය හෝ ගාලා කතාව.. ඒ අතරේ ජේකේ හිටියේ වෙනම ලෝකෙක..

Jk pov

"ශික් මේ ජූන් එක්ක බෑනේ..රෙදි නෑ ඉතින්.. අනික මේ කෙල්ලටත් මාර දේවල් මීටර් වෙන්නෙ, අපෝ මුන් තුන්දෙනා කොහොම ජවුසම් තුනක්ද දන්නේ නෑ.. අනිත් කෙල්ලො දෙන්න නම් ටිකක් හරි ශේප් බට් මේ ආකී කියන එකී 😒😒 මට හිතෙන්නෙ පාඩමක් උගන්නලා ගන්න වෙයි වගේ මුලින්ම.. අනික මෙයා මන් කරන ෆැශන් එකමයි කරන්නේ..ඒ රෙද්ද නවත්තන්න ඕනේ ඔක්කොටම කලින්..මෙහෙ ඉන්නෙ එක ජේකේ කෙනෙයි....."

"ජේකේ... "

එක පාරටම ඇහුන සද්දෙට මන් ගැස්සෙද්දී ඔක්කොම හිනා වුනේ මහ සද්දෙට..

"ඔව් ජින් හ්‍යොන්ග් කියන්න"

"කියන්න කියන්නෙ මොනාද?? "

"ආ ඇයි කතා කලේ??"

"මේ ලෝකෙට වරෙන්, ජූන් මිශන් එක ගැන කියනවා"

"හරි හරි"

මන් කොණ්ඩෙ පිටිපස්ස කසන ගමන් හිනාවක් දාලා ජූන්ගේ පැත්ත හැරුනා..
.
.
.
.
.
.

"පැහැදිලීනේ?? ආ අනිත් එක මේකේ ෆයිල් ටික තියෙන්නෙ අපේ ඩෝම් එකේ.. ඔයාලා අද කොහොමත් එහෙට රෑ 8 වෙද්දී එන්න,මන් වෙහිකල් එකක් එවන්නම්..මොකද එහේ තමා අපි හැමදේම ප්ලෑන් කරන්නේ ඇන්ඩ් අපේ වැඩ වෙන්නෙ..ඔයාලා දැනගෙන ඉන්න එක හොදයි.."

"ඕකේ ජූන්"

"අනික් දේ...මේක හොදට ඔලුවට දාගන්න..ඔයාලව අපේ වැඩේට ගත්තේ බොස් කිව්ව නිසා..මේව පිටට ලීක් වුනොත්, අයි මීන් අපේ ඩෝම් එකේ වෙන දේවල් ඔයාලගේ අවසානේ තමා.. මොකද අපිට ඔයාලව ශුවර් කරන්න බෑ බට් බොසා ඕකේ නම් අපිත් ඕකේ නිසා ඔයාලව එතනට ගෙන්න ගන්නේ.."

"ඉට්ස් ඕකේ ජූන්.. ඒ ගැන බය වෙන්න එපා"

"ඒ එක්කම ඔය තුන් දෙනාට කැම්පස් යන්න වෙහිකල් එකක් අපාර්ට්මන්ට් එක ලගට එයි උදේට.. කැම්පස් එකේ වැඩවලට අපේ පොඩි තුන හෙල්ප් කරයි.."

"පොඩි තුන කිව්වේ??"

එමී එක පාරටම ඇහුවේ මූණේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක.. කවුද යකෝ පොඩි තුන කියන්නෙ 😳😳

"අහ්හ් ටේ,ජිමින් ඇන්ඩ් අපේ ජේකේ"

"හ්‍යොන්ග් අපිට බෑ කෙල්ලො බලාගන්න..අපිට තියන වැඩ දන්නවනේ"

"ඇයි ජිමින් උබල කොහොමත් ආසයිනේ කෙල්ලො බලාගෙන ලගට වෙලා හුරතල් වෙන්න.. මොකෝ දැන් බෑ කියන්නේ??"

සුගා හිනාවෙන ගමන් ජිමින්ට කිව්වේ එයා අපි තුන්දෙනා එක්ක ඉන්න අදිමදි කරපු නිසා..

"එහෙම නෙමෙයි හ්‍යොන්ග් ඒත් දන්නවනේ.. "

"හරි හරි කුකී... උබලගේ කෙල්ලොන්ට මේ කෙල්ලො වාත වෙන්නෙ නෑ.. බට් මෙයාලව බලාගන්න එක උබලට භාරයි කැම්පස් එකේදී.. ටේ උබ පොඩ්ඩක් බලපන්, මට මේ වසවර්තියෝ දෙන්න ශුවර් නෑ.."

"හරි හොබී කොල්ලෝ"

අපේ කතාව තව ටිකක් දුර ඇදිලා නැවතුනේ ආයේ රෑ 8ට හම්බෙන්න බලාගෙන..මායි නෝරා ඇන්ඩ් එමී එතනින් එලියට ආවේ ආයේ ලොකු වැඩක් ඔලුවට දාගෙන..දැන් අපේ ටාගට් එක කවුරුත් නොදන්න දැකලවත් නැති මිනිහෙක්. හිතන තරම් ලේසි නෑ කියල හිතුනත් අද වෙනකන් මිනිහා මාට්ටු නොවෙන්න හැම වැඩේම කරල තියන නිසා..

අපාර්ට්මන්ට් එකට එද්දී හරියටම 3යි වෙලාව. ආව ගමන් ඇදට වැටුනේ මහන්සියට.ඒ අතරේ නෝරා ඇන්ඩ් එමී බර කතාවක.. ඔව් ඔව් බැන්ග්ටැන්ලා ගැන..

"ඕයි මේ නෝරා.. අඩෝ මන් මේ අහන්නේ ඇයි බන් අර කොල්ලො රගපාන්න නොයන්නේ??"

"ඒකනේ බන්..බලපන් ලස්සන.. ඒත් මේ උබට එකක් කියන්නම් අපි අපේ තත්ත්වය තියාගන්න ඕනේ. ගණන් නොගෙන ඉමු බන්.. නැද්ද ආකී??"

මට එක පාරටම හිනා ගියේ කුකී කියන නම මතක් වෙලා.. හිනාව එක්කම අරුන් දෙන්න දිහා බලද්දී මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා..

"මොකෝ මොකෝ??"

"මොකටද හිනාවෙන්නෙ??"

"මේ කුකී කියන නම 😂😂😂"

"ඇඩෝ මන් කියන්නේ ගැලපෙන නමක් දාගන්න එපැයි ඕයි.."

මගේ හිනාව දෙගුණ තෙගුණ වුනේ එමීගේ කතාවට.. ඇත්තටම වසවර්තියෙක් වගේ ඉදන් කුකී කියල නමක් දාගත්තේ හාල් කැවිලද මන්දා.. 😂😂😂

"මේ ආකී වැඩියා හිතන්න එපා..අහල තියනවා කොරියන් කොල්ලොන්ට ආකර්ෂණය කරගැනීමේ බලයක් තියනවා කියල.. "

නෝරා හිනා වෙන ගමන් කියද්දී මන් පිටට තට්ටුවක් දාගෙන නැගිට්ටේ වොශ් එකක් දාගන්න යන්න..
.
.
.
.
.
.

කට්ටියම ඩෝම් එකට ඇවිල්ල වොශ් දාලා පහලට ආවේ අද ඩිනර් එකට පලවෙනි පාරට පිටින් තුන්දෙනෙක් එන නිසා.. කෑම ඕඩර් කරලා ඔක්කොම ලෑස්ති කරල බලාගෙන හිටියේ එයාලා එනකන්.. මොකද මේක අපිට ගොඩක් වැදගත් මිශන් එකක්. මේ වෙනකන් අපි සෑහෙන්න අපරාධකාරයෝ අල්ලලා තියනවා.. බට් තාම අපිට මහමොලකාරයා අල්ල ගන්න බැරි වුනා.. ඒ නිසා මේ පාරවත් වැඩේ ඉවරම කරන්න අපිට ඕනේ වුනා..

"මේ හැමෝටම කියන්නේ අර හෝන්තු ටික ආවම මට කුකී කියන්න නම් එපා.. මන් යනවා රෙද්ද නැගිටල"

"අම්බෝ ලැජ්ජද කොල්ලට??"

කට්ටියම කුකීව බයිට් කර කර ඉද්දී ඩෝ බෙල් එක වැදුනා..

"එන්න ඇතුලට.."

ජින් ඇවිල්ල අපිව ඇතුලට එක්කන් යද්දී අනිත් ඔක්කොම හිටියේ සෝෆා එකේ වාඩි වෙලා.. එතන කවුරුත් වාඩි නොවිච්ච සෝෆා එකක් තිබ්බා..අපි ගිහින් එකේ වාඩි වුනා..

"මෙන්න ෆයිල් ටික"

ජූන් ෆයිල් ටික මගේ අතට දෙද්දී මන් ඒක අරගෙන හොදට බැලුවා.. බැලූ බැලමට සෑහෙන්න අවුල් කේස් එකක්..

"ජූන් එතකොට මෙයා ගැන පොඩිවත් ඉගියක් ඔයාලා දන්නේ නැද්ද??"

කට්ටියම මිශන් එකේ කතාවට එන්ටර් වුනා..

"නෑ කවුරුත් දැකල නෑ..බට් මිනිහගේ එක ඇගිල්ලක මකරෙක්ගේ ටැටූ එකක් තියනවලූ.. කලින් අපි අල්ලගත්ත උගේ එකෙක්ගෙන් ඒක දැනගත්තේ.. ඊට එහා මුකුත් ඌ අපිට කිව්වේ නෑ.."

"ඒත් ඒක මදී"

"ඔව්ව්ව් මොක්ද දැන් ගොඩක් උන් ඔහොම ටැටූ ගහනවා.. හැබැයි ඌ කොණ්ඩේ වවපු කෙනෙක්.."

"හ්ම්ම් ඒක හොද පොයින්ට් එකක්.. ඒත් ඌ ඔය තරම් වැඩ්ඩෙක් නම් සාමන්‍ය මිනිස්සු අතරට එයි කියල හිතන්න බෑ.."

"ඔව් ආකී..ඌට අයිති ක්ලබ් එකක් තියනවා සෝල් වලට එහායින්..හැබැයි ඒක කරගෙන යන්නෙ මිස්ටර් බින් කියල පොරක්. හොයාගත්ත විදිහට ඒක මිස්ටර් බින්ගේ නෙමෙයි ඩේවිඩ් කියන එකාගේ"

සුගා මගෙයි ජූන්ගේයි කතාවට එකතුවෙන ගමන් කිව්වා..

"එහෙනම් අපි එතනින් වැඩේ පටන් ගමු"

"හ්ම්ම් ඒක තමා අපිත් කතා වුනේ.. කෙල්ලෙක් ඒකට යන එක ඒ තරම් හොද දෙයක් නෙමෙයි..බට් කෙල්ලෙක් ගියොත් ඒකේ උන්ව නම්මගන්න පුලුවන් ක්ශනිකයෙන්"

"ඔව්ව්ව්ව් අපි ඒ වැඩේ කරන්නම්"

"ඔව්ව්ව් බට් ඔයාලට තනියම එතනට යන්න දෙන්න බෑ.. මොකද ආරංචි වුන විදිහට උන් ඩ්‍රග්ස් දීලා කෙල්ලො අරන් යනවා.. ඒ නිසා ජේකේ ඇන්ඩ් ජිමින් ඔයාලව එක්කන් යයි"

"ඕකේ එහෙනම් හෙට රෑට අපි වැඩේ පටන් ගමු.. එමී ඔයා හෙට එන්න එපා.."

"ඔව්ව් මට කොහොමත් ඒ වැඩේ අමාරු වෙයි"

එමීට ඔය ඇල්කොහොල් සුවද ඇලජික්.. ඒ නිසා එයා නොඑන එක හොදයි කියලා අපි තීරණය කලා..

"එහෙනම් හෙට 8 වෙද්දී ජේකේ ඇන්ඩ් ජිමින් එයි ඔයාලව පික් කරන්න..ලෑස්ති වෙන්න ඕනේ විදිහ දන්නවනේ..අනික් දේ මුන් දෙන්න කියන දේවල් ඒ විදිහටම කරන්න.. මොකද ක්ලබ් ටොපික් එකේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් මුන් දෙන්නට තියනවා.."

"ඕකේ ජූන්"

ජේකේ දිහා කට කොනෙන් හිනා වෙන ගමන් බැලුවේ වෙන උන් නැත්තම කියල හිතන ගමන්..

කොහොම වුනත් නෝරා නම් මොකෙක්හරි දිහා හොදට බලන් ඉන්නවා.. ඒ මොකාද කියල හිතාගන්න බෑ එක ලග 4 දෙනෙක් වාඩි වෙලා ඉන්න නිසා.. ඒ ටේද?? නැත්තම් කුකී?? අපෝ එයා එපා නෝරා..නැත්තම ජිමින්?? නැත්තම් හොබීද?? මොකා දිහාද මේ මූ පැණියා වගේ බලන් ඉන්නේ??

මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ නෝරා මොකාටද පැණි හලන්නේ කියල.. ගියාම අල්ල ගන්නකන් මන් ඒ ප්‍රශ්නේ පස්සට දැම්මා..

"එහෙනම් කමුද?? "

ජින් එහෙම අහලා කතා කලාම අපිත් නැගිටල ගියේ කෑම මේසෙට.. කට්ටියම වාඩි වුනාට පස්සේ අපි කන්න පටන් ගත්තා.. මේක අපේ අලුත් වැඩේ.. භාර දෙන හැම වැඩේම තිතටම කරන එක තමා අපේ එකම ටාගට් එක..

කට්ටියම හිනා වෙවී කෑවා.. ඒ අතරේ අපි අපිව තව අදුන ගත්තා.. හැමෝම එක වගේ නොවුනට එයාලා එක දවසට අපි එක්ක සෑහෙන්න ෆිට් වුනා..

"එහෙනම් අපි යනවා.. තැන්කිව් ඔයාලගේ ඩිනර් එකට.."

"ඒක මොකක්ද.. හරි එහෙනම් ගුඩ් නයිට්.. හෙට කතා කරගත්ත විදිහට වැඩේ පටන් ගමු"

කට්ටියට සමුදීලා අපිට දුන්න වෙහිකල් එකේ ආයෙන අපි අපාර්ට්මන්ට් එකට ආවා.. කොච්චර ජොලියේ හිටියත් පුදුම මහන්සියක් දැනුනේ.. ආව ගමන් එමී වොශ්රූම් එකට රිංග ගත්ත නිසා මායි නෝරයි ටිකක් කියව කියව හිටියා..

"නෝරා උබ කාටද බැල්ම දන්නේ බැන්ග්ටැන්ලාගේ??"

"මොකක්??"

"අහ්හ්හ්හ්හ් මේ මට බොරු කරන්න ඉගෙනගෙන වරෙන්.. කවුද කියන්න.. අහ්හ් මේ කවුරු උනත් අර ජේකේ කියන එකා නම් එපා.."

"හරි හරි එයාව ඔයාම තියාගන්න.. මන් බැලුවේ අර අනිත් එකා දිහා.. ජිමින්"

"අනේ මේ මට ඕනේ නැති ජෙකේ කියල එකෙක් නෑ.. මන් කිව්වේ දැක්කම පේනවා එයා සෑහෙන්න සෙල්ලක්කාර කැරැක්ටර් එකක් කියල.. හැබැයි උබ ඔය කියන එකාගෙත් වැඩි වෙනසක් නෑ කුකීයා එක්ක බලද්දී"

"හරි ඕයි මන් මේ ඒකව බදින්න බලාගෙන හිටියේ නෑ..නිකන් බැලුවේ"

"හ්ම්ම්ම් වැඩිය ඕවා හිතන්න එපා..අපි එයාලා කවුද කිහල හරියටම දන්නෙත් නෑනේ..."

"හ්ම්ම් ඔව් ආකී.."

අපේ කතාව එහෙම්ම යද්දී එමී වොශ් දාගෙන ආවා.. ඊලගට අපි දෙන්නත් වොශ් දාලා හෙට වැඩේ ගැන කල්පනා කරන ගමන් නිදාගන්න ගියේ.. ලබන සතියේ ඉදන් කැම්පස් යන්නත් එපැයි.. වැඩ ඔක්කොම බැලන්ස් කරගෙන කරන්න වෙන හැටි මතක් වෙද්දී මගේ බඩත් දනනවා වගේ 😣😣 මේ මිශන් එකට අවුරුද්දක් වගේ යන නිසා එහෙන් අපි මේ කැම්පස් එකේ ඒ ගැන ඉගෙනගන්න ට්‍රන්සර් එකක් හදාගත්තා..ගොඩ ගහගන්නවට වඩා ඒක හොදයි කියල හිතලා..
.
.
.
.
.
.
.

At uni

"මේ ඕයි අර හෝන්තු තුන අපි එක තියාගන්න බෑ..මන් දැන්ම කිව්වා..මට මේ ඉන්න කෑලි ටික පරිස්සම් කරගන්න ඕනේ"

"මටත් බෑ..මායි කුකියයි මේව බලාගන්නේ අපේ ෆුල් ට්‍රයි එක දීලා.. බොහොම අමාරුවෙන්"

"හරි බන්.. මොකෝ උන් ආවා කියල අපි වඩාගෙන ඉන්නවද?? ආව නම් උන් ඉදී.. අනික උන් ලබන සතියේ ඕයි එන්නෙ.."

"හ්ම් බලමුකෝ.. මගේ නමටත් හිනා උනා අර හෝන්තුව.."

"අඩෝ උබේ නමට මටත් හිනා යනවා ඕයි 😂😂😂"

"😡😡😡😡😡ජිමිනා"

"නෑ ඉතින් මාෆියා කොල්ලෙක්ට කුකී කියද්දී හිනා නොගිය නම් තමා අවුල.. නැද්ද ටේ??"

"මේ මන් යනවා..අන්න උබලගේ කුමාරි හාමිනේලා එනවා.. තුක් මුන් නම්.."

"මූණටම ඔහොම කියන්න එපා ටේ.. දුක හිතෙනවා.."

ටේට කොහොමත් කුකීගෙයි ජිමින්ගෙයි මේ කෙල්ලොන්ගේ සීන් දිරවන්නේ නෑ.. ඈත තියාම කෙල්ලො දෙන්නෙක් එනව දැක්ක ටේ නැගිටල ගියේ ලෙක්චර් රූම් එකට.. ඉගෙනගන්න නෙමෙයි නිදාගන්න 😂😂

"හායි බේබී.. ඇයි කුකී අර ටේ අපිව දැකල ගියේ??"

දනිස්සේ ඉදන් වියතටත් වඩා උඩින් තිබ්බ ටයිඩ් ෆ්‍රොක් එකක් ඇදන් ආව කෙල්ලෙක් කුකීගේ ඔඩොක්කුවෙන් වාඩිවෙන ගමන් ඇහුවේ මූණත් ඇඹුල් කරගෙන.. අනිත් කෙල්ල ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි වුනේ බලෙන්ම උරහිසට ඔලුව තියගන්න ගමන්..

"ඌට නිදිමතයිලු.."

"මේ අපේ යාලුවෙක් ඉන්නවා ටේට කැමති.. මොකද කියන්නේ??"

"අපෝ මේ එපා එපා.. ඌට කෙල්ලො පිස්සුව නෑ"

ජිමින් එහෙම කියල ඉන්න තැනත් නොහිතා බර වුනේ එයාගේ එහා පැත්තෙන් ඉදගත්ත කෙල්ලගේ තොල්වලට..හැබැයි මේ දෙන්නගේ මේ හැසිරීම කාටවත් පුදුමයක් වුනේ නෑ...

"මේ අපි යනවා පොඩි ගමනක්.."

කිස් කර කර හිටිය ජිමිනගේ පිටට තට්ටුවක් දාගෙන කුකීයා කෙල්ල එක්ක ගියේ ලෙක්චර්ස් නැති හෝල් එකකට.. ඒක නම් එච්චර හොදකට වෙන්න බෑ..😌😌😌 කොහොම වුනත් කෙල්ලො කිව්ව ගමන් මේ දෙන්න එක්ක එන්න ලෑස්ති.. ඉතින් මෙයාලටත් මේක හෙන ආතල් වැඩක් වුනා..

ජිමින් තාම හිටියේ අර කෙල්ලගේ තොල්වල ඇලිලා..

"ආව්ව්ව්ව්ව්ව්"

"මොකද??"

"ඔයා රිද්දනවා.."

"එහෙනම් මන් යනවා වෙන කෙනෙක් ළගට"

"ඒයි මෙහෙ එනවා.."

ආයේ ඉතින් කටිනිව්.. 🙂🙂🙂🙂 ඔන්න ඕකයි හැමදාම වුනේ.. කොච්චර කෙල්ලො ආශ්‍රය කලත් තාම මේ දෙන්නගෙන් එකෙක්ටවත් හිතට ගැලපෙන කෙනෙක් හම්බුනේ නෑ.. ඒ නිසා දෙන්නට මේ දේවල හෙන ආතල් වැඩක් වුනා.. හැබැයි ටේ මේවා බැලුවේ අප්පිරියාවෙන්.. එයාට ඕනේ වුනේ නෑ මේ වගේ විච්චූරණ විගඩම් කෙල්ලො එක්ක තප්පරයක්වත් ඉන්න.. තනියම ඉන්න එක සැපයි කියලයි එයා හිතුවේ..
.
.
.
.
.
.

ලෙක්චර් එක ඉවර වෙද්දී හරියටම හවස 5යි.. අද පැය දෙකක් වැඩිපුර තියාගත්තේ ගිය සතියේ මිස් වුන ක්ලාස් එක නිසා.. කොල්ලො තුන එලියට ආවේ මරලා දාලා වගේ..

"බේබී හවසට ක්ලබ් යමුද??"

"අද බෑ හනී.. මන් බිසී..වෙන දවසක් යමු."

එහෙම කියාගෙන ජේකේ අනිත් කොල්ලො දෙන්නා එක්ක කාර් එකට නැග්ගේ අද රෑ අලුත් මිශන් එකේ වැඩේට රෙඩි වෙන්න ඩෝම් එකට යන්න.. කෙල්ලො ඔහොම නෙමෙයි ඇදුම් නැතුව ආවත් මෙයාලා මුල් තැන දෙන්නෙ මිශන් වලට..
.
.
.
.
.
.
.
"අපි ආවා.. කෝ මේකේ උන්??"

"ජිමින් කෑ ගහන්න එපා ඕයි"

"ආ ඉන්නවා නේ.."

"ඔව් ඉන්නවා තමා.. අර ජූන් ළගදිම මැරුම් කනවා"

"ඇයි මොකක්ද සීන් එක??"

"ඒ ගමන් අහිංසක කෙල්ලෙක් අල්ලන් ආයේ.. මූ ආතල් එකටනේ මේ ඔක්කොම කරන්නේ.. ඇයි බන් උබල තුන් දෙනා ඔහොම??"

ජින් හෙන අවුලෙන් ඇහුවේ මේ පාර ජූන් ආයේ තව කෙල්ලෙක් දැලේ දාගෙන කියල දැනගත්ත නිසා. කෙල්ල ගොඩක් අහිසක කෙල්ලෙක් නිසා ජින්ට මලපැනලා ඉන්නේ..

"අනෙ මේ අපි නම් අහිසක කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ නෑ..කෙලින්ම අමාරු තියන උන් එක්ක තමා 😒😒"

"අනේ මේ පලයන් පොඩි එකා..උබලට කියල වැඩක් නෑ"
.
.
.
.

"මේ කුකී ජිමින් අහගනින්, කෙල්ලො දෙන්න ගැන ඇහැගහගෙන ඉදපන්.. අනිත් එක අහු වෙන්න වැඩ කරන්නේ නෑ කියල මතකනෙ.. අවුලක් දැම්මොත් බය කරපන්,හැබැයි බය කරන්න විතරයි අවසර දුන්නේ.."

සුගා හොද උපදෙස් මාලාවක් දුන්නේ අද වැඩේට වෙනදා වගේ නෙමෙයි ටීම් එකට පිටින් දෙන්නෙක් ජොයින් වෙන නිසා..

කුකී ජිමින් කෙලින්ම ගියේ අපාර්ට්මන්ට් එක ලගට.. ජිමින් ගිය කාර් එකෙන් බැස්සේ ඒ කාර් එක ආකීටයි නෝරටයි දීලා කුකී එක්ක යන්න..මොකද ඔක්කොම එකට යන එක අවදානම් නිසා.. කුකී හෝන් එක උඩ නැගගෙන 😂😂😂

විනාඩි පහක් වගේ යද්දී ආකී නෝරා එමීට සමුදීලා මිශන් එකේ පලවෙනි ස්ටෙප් එකට යන්න එලියට ආවා.. ඒ වෙද්දී ජිමින් කුකී කාර් එකට හේත්තුවක් දාගෙන බලාගෙන හිටියේ..

"අඩෝ කුකී.. උබට පේන්නෙ මට පේන එකමද??"


Plz vote and comment, if you like this story 💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top