Private.....
මගේ අතින් අල්ලන් හිටිය කුකී දිහා මන් බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථයකින්..
"මොකක්ද ප්‍රශ්නේ?? ඇයි මේ ඇස්??"
"මන් කියන දේ හොදට අහගෙන ඉන්න ආකී.."
"මොකක්ද??"
"අපේ මේ ප්‍රශ්නේ අපේ මිශන් එකට ලොකු බධාවක් කියල ඔයාට තේරෙන්නෙ නැද්ද?? අද ඔයා මින්හෝ ළගට ගිය එක"
"මට යන්න වැඩ සැලැස්සුවේ ඔයා.. ඔයාට තේරුම් ගන්න පුලුවන්ද කෙල්ලෙක්ට තමන්ගේ ආත්මගරුත්වය කොච්චර වටිනවද කියල??"
"මට ජින් හ්‍යොන්ග් හැමදේම කිව්වා.. මන් ඒ කිව්ව හැමදේකටම සමාවෙන්න.. ඒත් ඔයා අද කරපු වැඩේ ගොඩක් මෝඩයි"
"හ්ම්ම්ම් ඒත් ඔයාට දැන් මට එහෙම චෝදනාවක් කරන්න බෑ.. පේනවද මගේ තොල්"
කුකී ඒ එක්කම ආකීගේ තොල්වල එයාගේ ඇගිලි යැව්වේ රතු වුන ඇස් තව රතු කර ගන්න ගමන්..
"ආව්ව්ව්ව්"
"පේනවද?? රිදෙන්නෙ ඔයාටමයි... මින්හෝ නෙමෙයි මාත් පලවෙනි පාර ඔයාව කිස් කලේ මේ තොල්වලට.."
"හ්ම්ම්ම්"
"අහන්න මන් ආවේ වැදගත් දෙයක් කියන්න"
ආකීගේ තොල්වලින් අත ගත්ත කුකී බිම බලාගෙනම කතා කරන්න පටන් ගත්තා.
"අපි අෆෙයර් එකක් පටන් ගත්ත වුනාට මේ වෙනකන් ඒක තියනවද නැද්ද අපි දෙන්නම දන්නේ නෑ.. මේක අපි හැමදාටම නවත්තලා දාමු"
කිසිම දෙයක් සීරියස් ගන්නේ නැති කුකී ඒ කතාවත් ඇගට පතට නොදැනෙන්න කියල දැම්මා.. ඒත් ඇයි ඔය ඇස්වල කදුලු??
"හ්ම්ම් ඔයාට ඕනේ ඒකද??"
"මට ඕනේ කතාවක් නෙමෙයි, ඒත් අපේ මේ දේවල් අපේ මිශන් එකට ලොකු ප්‍රශ්නයක්.. මන් හිටියා වගේම ඉන්න ආසයි මන්.. කිසිම කෙනෙක් මත්තේ ඉන්නෙ නැතුව"
"හ්ම්ම්ම්"
මට කියන්න මුකුත් තිබ්බෙ නෑ.. ඔයාට මේ තරම් ලේසි වුනාට ගෙවෙන හැම විනාඩියේම ඔයාව ආයේ මගේ කරගන්න මන් ට්‍රයි කලා.. ඒත් 😣😣
"මන් ඔයා ගැන හිතපු විදිහ වැරදි.. ඒක හරි... අපි ආයේ කවදාවත් අපේ සීමාවෙන් පිට නොගිහින් ඉමු.. පලවෙනි දවසෙ දැක්කා වගේ ආකී ඇන්ඩ් කුකී කියන්නේ එකම මිශන් එකක් කරන ටීම් එකක දෙන්නෙක් විතරයි"
"හ්ම්ම්ම්"
ඒ වචනයක් වචනයක් ගාණේ කුකී මට කිව්ව සුරංගනා කතා පෝලීමට මතක් වුනා.. එයාගේ ළග ආරක්ෂාව හෙව්ව මගේ මෝඩ වැඩ මතක් වුනා.. එයාට ඉරිසියාවක් හිතවලා මගේ ලගට ගන්න කරපු මෝඩ වැඩ මතක් වුනා..
"ආකී... තමුසෙට ඕනේ නම්"
කුකී මගේ උරහිසින් අල්ලලා එයාගේ පැත්ත හරව ගත්තේ මගේ තොල් එයාගේ ඇස්වලින් අල්ල ගන්න ගමන්..
"අහ්හ්හ්??"
"අන්තිම කිස් එක දෙන්න මට"
"මොකක්??"
"අන්තිම පාරට... මට ඕනේ"
ඒ එක්කම මන් කුකීගේ ඈත් වුනේ ඩෝ එක ළගට යන්න.. ඩෝ එක ළගට ගිය මන් ඩෝ එක ඇරලා කුකීට එලියට පෙන්නුවා..
"දැන් ආව ඔක්කොම කිව්වනේ.. යන්න පුලුවන්.. අපි මෙහෙ ගොඩක් දවස් ඉන්නෙ නෑ.. අපි වෙනම අපාර්ට්මන්ට් එකකට යනව, සෝ අපි මෙහෙන් යනකන් ඔයාට කිසිම පර්සනල් දෙයකට මේ ඩෝ එකෙන් ඇතුලට එන්න බෑ"
"වට්?? 😳"
"ඇයි?? මේ තප්පරයේ ඉදන් ඔයා මගේ මිශන් පාට්නර් විතරයි, මිස්ටර් ජේකෙ"
"ඕකේ..."
එහෙම කියාගෙන කුකී එලියට ගියේ ආකීගේ මූනේ ඉදන් යටි පතුල් දෙකට වෙනකන් බලලා.. කුකී ගියපු ගමන් ඩෝ එක වැහුව ආකී එතනම බිම ඉදගත්තේ හැමදාම කොහොමද මෙහෙම රගපාන්නේ කියල මතක කරන ගමන්..
"ආකී.. තමුසෙට පුලුවන් වෙනස් වෙන්න.. යන මිනිස්සුන්ට යන්න දෙන්න ඕනේ කියල නේ ඔයා හිතන්නේ?? ඇයි ඉතින් දැන් මොකක්ද අවුල?? කුකී කියන්නේ පරණ මතකයක් විතරයි.. හැමදේම අමතක කරනවා"
ආකී හිතින් කියන ගමන් ගිහින් ඇදෙන් හාන්සි වුනේ හෙට ඇහරෙද්දී අලුත්ම ආකී කෙනෙක් විදිහට නැගිටින්න හිතාගෙන..
.
.
.
.
.
Next day morning
"ඔයා..😳"
"මොකද??"
"මොකද මෙතන කරන්නේ?? ගියේ නැද්ද මෝඩයෝ??"
"යන්න දුන්නේ නෑනේ"
"මොකක්??"
නෝරා නැගිටිද්දී ඇදේ පත්තට හේත්තු වෙලා හිටිය ජිමින් දැකලා කලබලයෙන් නැගිට්ටේ අනිත් අය දැක්කොත් හරි නැති නිසා..
"ඇයි මන් යන්න හදද්දී ජිමින් යන්න එපා.. තව චුට්ටක් ඉන්න කිය කිය ඇඩුවේ"
"අනේ වැඩේමයි"
"මතක නැද්ද??"
"හරි හරි නවත්තගන්නවා.."
"දැන් බොරුවට නිකන් කියවනෝ.. රෑ මීයා වගේ 😁😁"
"මන් වොශ් දාගෙන එන්නම්"
"කොහෙද යන්නෙ?? ලැජ්ජද?? අනේ ජිමින්... ඒකට මන් ආසයි හොදේ"
ජිමින් මරලතෝනී දෙද්දී මූණත් වහන් මන් බාත්රූම් එකට රිංග ගත්තේ නම්බුව නැත්තටම නැති වෙද්දී.. අයියෝ වස ලැජ්ජාව.. මන් ටග්ගාලා වොශ් එකක් දාගෙන එලියට ගියේ ඇදන් හිටිය ටවල් එක පිටින්..
"මොකක්ද මේ උදේ කරන්නේ ඔහොම??"
"මොකද??"
"ඇදුමක් දාගන්නවා.. නැත්තම ආයේ ආනේ ජිමින් ගාන්න වෙයි"
එහෙම කියල ජිමින් මගේ ළගට ඇවිත් මාව බැක් හග් කරගෙන හිටියේ මන් ඇදුමක් හොයන අතරතුරේ.. ඒ එක්කම රූම් එකේ ඩෝ එක ඇරගෙන ආවේ ආකී..
"මේ මන් දුවන්න යනවා..එනවද??"
අපි හිටිය විදිහ එයාට ගාණක් ගියේම නෑ.. මන් ටවල් එක පිටින් හිටියේ අඩුම ගාණේ ජිමින් ඇයි මේ වෙලේ කියලවත් එයාට ගාණක් ගියේ නෑ..උදේ ඇහරලා මේ මෝඩ ගහ ඩෝ එකත් ඇරලා.. 😒😒
"මේ උදේ??"
"දැන් 8යි ඕයි.. එනවද නැද්ද??"
"ඔයා යන්න ආකී..මන් හෙට ඉදන් ජොයින් වෙන්නම්.. මන් රෙඩි වෙලා නෑ"
"ඕකේ මන් යනවා.."
ජිමින් මන් මූණට මූණ බලාගෙන හිටියේ ඒ මොකක්ද වුනේ කියල..කවදාවත් මලාට උදේට නැගිටින්නෙ නැති ආකී අද මහ උදේ දුවන්න 😳😳
මන් ටග්ගලා ඇදුමක් දාන් ජිමින් එක්ක පහලට යද්දී එමීත් පහලට ආවේ දුවගෙන..
"ඒ මොකක්ද ඒ වුනේ??"
"දන්නේ නෑ.."
"තමුසෙලා දෙන්න මොකද එකට ආවේ??"
හරිනේ.. මූ මාර බෝම්බයක්. මෙච්චර අවුලක් ගිය වෙලේ මූට පෙනුනේ මන් ජිමින් එක්ක ආව එකනේ.. බැදලවත් නිදහසේ ඉන්න පුලුවන් වෙයිද මන්දා..
"ජිමින් ආවා අද මේ සුගා එක්ක යන වැඩේ ගැන කියන්න"
"ජිමින් මන් උබට ඊයේ රෑනේ ඒක කියන්න කිව්වේ"
සෝෆා එකේ නිදාගෙන හිටිය සුගා හිනා වෙන ගමන් කිව්වේ අපි දෙන්නගෙම රෙදි එක තැන ගලවන ගමන්..
"මන් යනවා"
ජිමින් ඇග බේරගෙන දිව්වේ මාව අර මකර කටට අහු කරලා..
.
.
.
.
නෝරා ඇන්ඩ් එමී එන්න බෑ කිව්ව නිසා මන් තනියම දුවන්න ආවේ, අද ඉදන් හරියටම මිශන් එක ෆෝකස් කරන්න.. අදින් පස්සෙ නෝ ලව්.. ඔන්ලි මිශන්.. පැය 2ක් වගේ දුවලා දුවලා මහන්සියට පාරේ අයිනේ තිබ්බ බෙන්ච් එකෙන් වාඩි වුනාමයි දැක්කේ ඒ අර ඩේවිඩ් ඉන්නවා කිව්ව හොටෙල් එක කියල.. ටික වෙලාවක් බලාගෙන ඉදලා මන් හොටෙල් එක පැත්තට ගියේ ආව එකේ මොනාහරි හොයාගෙන යන්න..
මන් හොටෙල් එක ඇතුලට යනවා එක්කම ලොකු ගාඩ් එකක් එක්ක මනුස්සයෙක් ලිෆ්ට් එක පැත්තෙ ඉදන් ආවා..අනිත් පැත්තෙන් ආවේ ජේන්.. ඔව් මට එයාව අදුරගන්න ලොකු වෙලාවක් ගියේ නෑ.. මන් අවධානේ ගන්නම හිතන් උඩ බලන් ගිහින් ජේන්ගේ ඇගේ හැප්පෙද්දී එයා කලබල වෙලා බිම වැටුන මට නැගිටින්න හෙල්ප් කලා..
"අහ්හ් මේ ඔයා මිස්ටර් සුගාගේ.."
"ජේන්.."
"ඔව්ව් ඔයාගෙ නම නම්.."
"ආකී... කොහෙද මේ??"
"ඩැඩාව හම්බෙන්න ආවා.. ඔයා??"
"අහ්හ් මේ මන් ආවේ මගේ දන්න කෙනෙක් මෙහේ ඉන්නවා.. එයාව බලන්න."
ඒ එක්කන අර ගාඩ් එක්ක ආව මනුස්සයා අපි ළගට ආවා..
"ජේන්.. කවුද මේ?? මන් කියල තියනව.."
"මේ මගේ යාලුවෙක්.. මෙතනදි අහම්බෙන් හම්බුනේ.. ආකී මේ මගෙ ඩැඩා"
"හෙලෝ මිස්ටර්.."
"ජෝශප්.."
එහෙම කියල එ මනුස්සයා මට අතට අත දුන්නා.. ජෝශප්??? එත්කොට ඩේවිඩ්?? හ්ම් සමහරවිට නම මාරු කරගෙන ඇත්තේ..
"යමු ජේන්..මට කතා කරන්න ඕනේ"
"හ්ම් ඕකේ..අපි යනවා ආකී"
"ඕකේ බායි"
ජේන් අප්පා එක්ක එලියට ගිහින් ආව කාර් එකේ නැගලා ගියා.. ඒත් ජේන් හිටියේ ලොකු කැමැත්තකින් නෙමෙයි..
මන් එතනින් එලියට ආවේ ප්‍රශ්න ගොඩක් එක්ක.. ජේන්ට මෙච්චර සල්ලි තිබිලා ඇයි මේ ජොබ් එකක් කරන්නේ?? අනික එයා අප්පා ඉස්සරහා හිටියේ සෑහෙන්න වෙනස් විදිහට.. ඒවා හිත හිත එලියට ආව මන් ටැක්සි එකක ගෙදර ගියේ සුගා හ්‍යොන්ග්ව හම්බෙන්න...
.
.
.
.
.
මන් ඩෝම් එකට එද්දී කට්ටියම එක එක්කෙනාගේ වැඩ.. සුගා නම් හොදටම නිදි සෝෆා එකේ.. කුකී හිටියේ මින්සෝ එක්ක මොකක්හරි ෆෝන් එකේ බලන ගමන්.. මන් එනවා දැක්කත් කුකී මාව ගණන් නොගත්ත නිසා මාත් කෙලින්ම ගියේ සුගා ලගට..
"ඔප්පා..මේ"
"මොකද??"
සුගා ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටේ මූණත් ඇඹුල් කරගෙන..
"මට ඩේවිඩ්ව හම්බුනා"
මගේ කතාවට ඔක්කොම මගේ පැත්ත බැලුවේ කන්න වගේ..
"ආයේ තනියම කොහෙද ගියේ??"
"නෑ නෑ ජින් හ්‍යොන්ග්.. මන් දුවලා මහන්සියට වාඩිවුනේ ඩේවිඩ් ඉන්නවා කිව්ව හොටෙල් එක ඉස්සරහ තිබ්බ බෙන්ච් එකෙ.."
"ඉතින්"
ඔක්කොම මගේ ළගට ආවේ මාව මරන් කන්න වගේ..
"ඉතින් මන් නිකන් ඇතුලට ගියා..ඇතුලෙදි ජේන්ව හම්බුනා..ඒ එක්කම ජේන්ගේ අප්පා කියල එයා කිව්ව කෙනෙක් අපි ළගට ආව.. ඔයාලා කිව්ව විදිහට ජේන්ගේ අප්පනේ ඩේවිඩ්??"
"ඔව්ව්ව්ව්.."
"ඉතින් ජේන් මට එයාව අදුන්වල දුන්නා..බ්ට් එයා කිව්වේ නම ජෝශප් කියල 🤨"
"හ්ම්ම් ඌ නම වෙනස් කරන් ඇත්තේ.. හැබැයි ඒ නම හොයාගත්ත එක වටිනවා.."
"ඒ ඩේවිඩ් වෙන්නම ඕනේ.. ලොකු ගාඩ් එකක් එක්ක හිටියේ"
"හ්ම්ම් ඉන්නවකෝ අද නෝරා එක්ක මන් ගිහින් ජේන්ගෙන් මොනාහරි දැනගන්න බලන්නම්"
"ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා"
"මොකක්ද??"
මන් කිව්ව එකට උත්තරේ ප්‍රශ්නයක් විදිහට නෝරා ඇහුවා..
"ඩේවිඩ් කොච්චර සල්ලිකාරයෙක්ද?? ඒත් ඇයි ජේන් ජොබ් එකක් කරන්නේ?? අනික ජේන් ගොඩල් අහිංසකයි වගේ"
"පිටින් බලලා මිනිස්සු මනින්න එපා.."
"හ්ම් ඔව් ඒක නම් ඇත්ත.."
මන් හින්ට් එකට වගේ ඔව් කිව්වේ කුකීට ඇහෙන්න..
"අනික ඒක එයාලා ගැන සැක නොහිතෙන්න කරන වැඩක්ද දන්නෙ නෑනේ.."
"හ්ම් ඔව්ව් සුගා කියනවා වගේ උන් ඕවත් කරන්නේ මොකක්හරි දෙයකට වෙන්න ඇති"
හොබී උත්තර දුන්නේ වාඩි වෙලා හිටිය තැනෙන් නැගිටින ගමන්..
"සුගා ඔයා නෝරා එක්ක ජේන් හම්බෙන්න යන්නේ කීයටද??"
"2ට වගේ ජින්.."
"හරි මායි ජූනුයි ටේයි මින්හෝලා හම්බෙන්න යනවා තව ටිකකින්.."
"මාත් එනවා.."
මන් ජින්ගෙන් ආයාචනාත්මක මූණක් දාලා අවසර ඉල්ලුවා..
"ඔයා? ඒත්"
"හරි මන් ලෑස්ති වෙලා එන්නම්"
උත්තරයක් දෙන්න කලින් මන් රූම් එකට දිව්වේ ලෑස්ති වෙන්න..
"ජූන් උබත් ලෑස්ති වෙයන්. අනික් උන් කොහේහරි යනවද??"
"නෑ හ්‍යොන්ග්"
.
.
.
.
.
.
ලෑස්ති වුන ජූන් ටේ ඇන්ඩ් ජින් ගියේ ආකීත් එක්ක.. ඒ එක්කම සුගාට නෝරා එක්ක ජේන්ගේ වැඩේ බලන්න කිව්වේ ජේන් තමා ඉන්න හොදම ඉත්තා නිසා..
Time passed
"ආකී...."
නෝරා සුගා එක්ක කලබලයෙන් ආවේ ආකීව හොයාගෙන..
"මොකද නෝරා.. ආකීලා තාම ආවේ නෑ"
ඒ එක්කම නෝරා ආකීට කෝල් කලත් ආකී ආන්ස්වර් කලේ නෑ.. කුකී මින්සෝ එමී වගේම හොබීත් පුදුමෙන් බලන් හිටියේ මොකක්ද මේ වෙන්නෙ කියල..
"සුගා ඔප්පා,ඔයා අනිත් අයට අරන් බලන්න"
"මොකක්ද වෙලා තියෙන්නෙ කියනවකෝ නෝරා"
"එමී ආකීව ඩේවිඩ්ගේ අය දන්නවා..උන් ආකීව හොයනවා"
"මොකක්??"
"ඔව්... ජේන් අද කිව්වේ"
කෝල් කරන අතරතුර නෝරා ජේන් මොනාද කිව්වෙ කියල කට්ටියටම කිව්වා..
Flashback
"ඔයා නම් නියමෙට වැඩේ කලා නෝරා"
"තැන්කිව්"
"දැන් ඔයා යන්නේ කොහොමද??"
"සුගා ඔප්පා එක්ක.. මන් මේ අහන්න හිටියේ මොකෝ අපේ ඔප්පා ඔයා ගැන කියවන්නේ??"
"ඒ කිව්වේ??"
"නෑ ඔයාව මාර විදිහට වර්ණනා කරනවා අපි එක්ක.. 😒😒 මොකෝ ඒ??"
"මිස්ටර් සුගා හරිම හොදයි.. මටත් මෙතන ජොබ් එක එයා තමා හොයලා දුන්නේ"
"ඉතින් ඔයාගේ ෆැමිලි එකේ අය මොකද කරන්නේ??"
"මමී ඉන්නේ ඇමරිකාවල.. මන් මෙහෙ ජොබ් එකක් කරනවා.."
"අප්පා??"
"මන් ලොකු ආශ්‍රයක් නෑ.. "
"අහ්හ් සොරි ජේන්.. අහ් ඒක නෙමෙයි අද ඔයාලව උදේ හම්බුනා කියල ආකී කිව්වා"
"අහ්හ් මට අමතක වුනා.. මන් මේ දෙයක් කියන්න හිටියේ ආකීට.. ඒත් ඩැඩා ආව නිසා කියන්න වුනේ නෑ.. මේ"
"ඇයි මොකක්ද??"
"මෙහෙම කිව්ව කියල ඔයාලා මන් ගැන වැරදියට හිතයි සමහරවිට..ඒත් මන් ආස නෑ මන් දැනුවත්ම කෙනෙක්ට වැරැද්දක් වෙනවට.."
"ඇයි ජේන්?? මොකක්ද අවුල??"
"මේකයි.. මගේ ඩැඩාගේ අය ආකීව හොයනවා.. අද එයාව හම්බුන වෙලේ එයාව අදුරගෙන මගෙන් ආකී ගැන ඇහුවා.. මන් ඇයි කියල ඇහුවත් මුලදි කිව්ව නෑ.. බට් පස්සෙ කිව්වෙ"
"මොනාද??"
"ආකීට ඩැඩාගේ හොදම යාලුවෙක්ගේ සන් කෙනෙක් එක්ක අෆෙයාර් එකක් තිබිලා.. බට් දැන් ඒ දෙන්නම ආගිය අතක් නෑලු.. මුලින් ඒ යාලුවගේ සන් නැති වෙලා තියෙන්නෙ.."
"ඉතින් ආකී"
"නෑ නෑ ආකී මොනාහරි දන්නවද කියල අහගන්න"
"ඒත් ඇයි වැරැද්දක් වෙනවා.."
"මේකයි මගේ ඩැඩාගේ සමහර මිනිස්සු මහ එපා කරපු උන්. ඒකයි මමී ඇන්ඩ් මන් ඩැඩාගෙන් ඈත්වෙලා ඉන්නේ.. ආකී ලස්සන කෙල්ලෙක් නිසා ඔය ජරා මිනිස්සු කරදරයක් කරන්න ඉඩ තියනවා.."
"ඒ කියන්නේ ඔයාගේ ඩැඩා අන්ඩර්වල්ඩ් ද??"
"ප්ලීස් මාව ඒ මිම්මෙන් මනින්න එපා.. මන් ඒ ගැන කතා කරන්නවත් ආස නෑ..ඒත් ඔයාලා මට ගොඩක් හොදට සැලකුව නිසා මට දැන දැන නරකක් කරන්න ඕනේ නෑ.."
"ඒත් ඔයා ඩැඩාව හම්බෙන්න යන්නේ"
"අහ්හ්හ්??"
"නෑ නෑ ඔයත් පරිස්සමෙන්"
"හ්ම්ම්ම් ප්ලීස් මන් ගැන ඩැඩාගේ දේවල් වලින් මනින්න එපා.."
"එහෙම නෑ.. මන් දැන් යන්න ඕනේ..ආකී ගැන බලන්න. බායි, මන් ඔයාට කෝල් එකක් දෙන්නම්..."
Flashback end
"මොකක්??"
"ජේන් නරක කෙනෙක් නෙමෙයිද??"
"අපිට එහෙම කියන්න බෑ හොබී.. ඕක උන්ගේ ඇක්ටින් එකක් වෙන්නත් පුලුවන්.. මන් කියන්නේ විශ්වාසය ඇති කරගන්න"
"ඔව් සුගා ඔප්පා කියන එක හරි.."
"මේ එකෙක්වත් කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ.. හොබී සුගා ජිමින් අපි යමු"
"ඉන්න අපිත් එන්නම්"
"එපා.. ඔයාලා ඉන්න.."
"ඕකේ.."
වැඩිවෙලා ආගිව් නොකර කුකී ඇන්ඩ් අනිත් කොල්ලො ටික ගියේ මින්හෝලා හිර කරන් ඉන්න තැනට..
A few hours ago
"උබල අදත් ආවද?? උබලට මොනාද යකෝ ඕනේ?? මරනවා නම් මරලා දාපන්"
"උබලට එච්චර සැප පහසු මරණයක්??"
"අහ්හ්හ් මගේ කෙල්ල 😂"
"ඔව් උබේ කෙල්ල තමා.."
ආකී මින්හෝ ළගට ගියේ මින්හෝගේ ඔලුව හෙමින් අතගාන ගමන්..
"බලන්න ඔප්පා.. ඔයලා මට මගේ කොල්ල එක්ක ඉන්න දෙන්නෙ නෑනේ"
"උබට කුකී බූට.."
"අයියෝ 😒😒 ඕක ඇති ඕයි.."
ආකී අතගාපු අතින්ම මින්හෝගෙ ඔලුවට ගැහුවේ මොන මගුලට ගියත් කුකී ගැන කියවන නිසා..
"බින්, උබේ ලැප් එක අපිට ඕනේ"
"😂😂 "
"ඔය ඔය හිනා වෙනවනේ... මන් මේ අලුතෙන් ගත්ත පිහිය බලන්න ලස්සනයි නේ"
ටේ අතට ගත්ත පොඩි පිහියෙන් බින්ගේ මූණේ පොඩි සලකුණක් තිබ්බේ බින්ගේ කම්මුලෙන් ලේ බේරෙද්දී..
"ඒක තියන තැනට යන්න උබලට බෑ.."
"ඔව් අපි දන්නවා.. ඒකනේ අපි මේ ආවේ"
"ඒයි උස කොල්ලො, උබලට මාව මැරුවත් මගේ එක සතයකටවත් අත තියන්න දෙන්නෙ නෑ.."
"උබල දෙන්නම මැරිලා මොකටද බන් ඔය සල්ලි??"
ජින් කට කොනෙන් හිනා වෙන ගමන් ඇහුවා..
"අහපන් ලැප් එක තියෙන්නෙ බෑන්ක් එකේ සේප්පුවේ.. ඒක දෙන්නෙ එක්කො උබට නැත්තම් මූ ගියොත් විතරයි"
"ඔව් ඉතින් උබල අපිව මරලා කොහොමද ඒක ගන්නේ??"
"ඒකනේ එක්කෙනෙක්ව මරන්නේ??"
"අහ්හ්හ්"
"මින්හෝ උබේ අප්පට උබ ගැන ගාණක් නෑ බන්.. ඔන්න උබ මැරියන්"
ටේ පිහියෙන් මින්හෝගේ අතේ පොඩි කැපුම් තුවාල ටිකක් කලේ මින්හෝ කෑගහද්දී..
"බින්,බලපන් උබේ ළමයගේ හැටි?? එක අතක් කඩාගෙන..අනික් අත කපාගෙන. උබ මේ සේප්පු පරිස්සම් කරනවා.."
"කියන්නෙ නෑ යකෝ මන්🤬🤬🤬"
ඒ එක්කම ජූන් දාන් හිටිය උල් සපත්තුවේන් බින්ගේ බඩට ගැහුවේ කටින් ලේ පනින්න..
" කාටද 🤬🤬🤬 කෑගහන්නේ?? උබෙන් අහන අන්තිම පාර.. අද අරූ එලොව යවනවද නැද්ද??"
"මගේ ගෙදර ඔෆිස් රූම් එකේ තියනවා ප්‍රයිවට් කියල ගැහුව ෆයිල් එකක්"
"අප්පා.."
ඒ එක්කම ටේ මින්හෝගේ ඔලුව පුටු පත්තට තද කලේ බින් කියන්න යන දේ මූ නවත්තන්න හදන නිසා..
"කට වහපන් 🤬🤬🤬"
"ඒකේ තියන ලෙටෙර් එක දුන්නම ලැප් එක දෙනවා.."
"ඕකනේ නිකන්නෙ ගුටි කෑවේ.. අපි මේ සල්ලි ගන්නේ කන්න බොන්න නෙමෙයි බන්"
"මරපන් යකෝ දැන්වත් 🤬🤬🤬 තොපිට තව මොනාද ඕනේ"
"යමු කට්ටිය.. බායි..ආයේ එන්නම්"
ජූන් අනිත් අයගේ පිටට අත දාගෙන යන ගමන් බින්ට අත වැනුවේ ආයේ එන බව මතක් කරලා..
"මින්හෝ මාත් යනවා"
බාගෙට මැරිලා හිටිය මින්හෝට ආකීගේ වචන හිතේ කේන්තිය වැඩි කරන්න හේතු වුනා..
.
.
.
.
"අම්බෝ මහන්සි"
"ආකී තමුසේ ඇයි අර අහිංසකයට මෙහෙම කරන්නේ??"
"කාටද? මින්හෝටද??"
"ඔව්ව්"
"අනේ මේ ටේ.. කට පියන් ඉන්නවද??"
මින්හෝලගෙන් අවශ්‍ය දේවල් දැනගෙන අපි ආයේ ඩෝම් එකට එන්න පිටත් වුනා.. අපි කෙලින්ම ඇවිල්ල ක්‍රොස් රෝඩ් එකෙන් මේන් රෝඩ් දැම්මේ යන ගමන් මොනාහරි කන්නත් අරගෙනම යන්න..
"අම්බෝ ට්‍රැෆික් එක"
"ඔව් ජූන් කාර් එක ඉස්සරහෙන් දකුණට දාපන්"
"ඕකේ.."
ට්‍රැෆික් එක නිසා ශෝට් කට් එකකින් එන්න හිතුවෙ ගිහින්ම කෑම ඕඩර් කරන්න හිතාගෙන..
"ජින්,පිටිපස්සෙ කවුරුහරු අපිව ෆලොව් කරනවා"
අපි ඒ එක්කම පිටිපස්ස බලද්දී කලු ජීප් එකක් අපි පිටිපස්සෙන් එනවා..
"අහ්හ්හ්??"
"ඔව් මන් බලාගෙන උන් මේන් රෝඩ් ඉදල අපි පස්සෙන් එන්නෙ.. ගන් ටික රෙඩි කරගනින්"
"ඕකේ ජූන්"
ජූන් කියන පරක්කුවට මායි ටේයි ගන් දෙක ලෝඩ් කලා..
"නවත්තපන් වාහනේ"
ජිනුත් ගන් එක ලෝඩ් කරගත්තේ වෙහිකල් එක පාරේ පැත්තකට කරලා නවත්තන ගමන්.. ඒ එක්කමාර ජීප් එක අපිව පහු කරන් ගිහින් ඉස්සරහෙන් නැවැත්තුවෙ දෙන්නෙක් බහිද්දී..
"අහපන් කලබලයක් කලොත් විතරයි ගන් යූස් කරන්නේ?? නිකන් අපි ගැන උන්ට දැනගන්න දෙන්න බෑ"
ජින්ගේ කතාවට ඔලුව වනලා අපි 4 දෙනත් එලියට බැස්සේ උන් අපි පස්සෙ පන්නන්න හේතුව දැනගන්න..
"උබද ආකී??"
ඈත තියලම ආව එකෙක් මගෙන් ඇහුවා..
"උබ දැන් අපි එක්ක එන්න ඕනේ"
"ඒ ඇයි??"
ජූන් ලාවට හිනාවක් එක්ක ඇහුවේ නිකන් පොලිසීයෙන් ඇවිල්ල අරගෙන යනවා වගේ ගැම්මෙන් උන් එන්න කිව්ව නිසා..
"උබලට වැඩක් නෑනේ..කලබල නොකර ආවොත් ප්‍රශ්නයක් නෑ.. උබව ආයේ හිටිය විදිහටම බස්සනවා"
"කලබල කිව්වේ??"
ටේත් ලාවට හිනා වුනේ ඔලුව පිටිපස්ස කසන ගමන්.. ඒ එක්කම ඒ ආව උන් දෙන්න ගන් දෙක ගත්තේ අපේ පැත්තට දික් කරන ගමන්..
"හෝව් හෝව්...මොකක්ද මේ වෙන්නෙ??"
"උබල එක්ක ප්‍රශ්නයක් නෑ.. කිව්වනේ ප්‍රශ්නයක් නොදා නැගපන් අර වාහනෙට"
ඒ එක්කම මන් ජින් ඔප්පා දිහා බැලුවේ අවසරේ ගන්න.. ඔප්පා ඔලුව වනනවා එක්කම මායි ජූන් ඇන්ඩ් ටේ රෙඩි වුනේ ඇගේ හිරි ඇරගන්න..
"ඕකේ ඕකේ. මන් එන්නම්.. යමුකෝ"
මන් අත් දෙකත් උස්සන් ඉස්සරහට ගිහින් එක පාරට මගේ කෙලින් හිටිය එකාගේ අතේ තිබ්බ ගන් එකට පයින් ගැහුවේ ඌට හිතන්නවත් වෙලා නොදී.. ඒ එක්කම උන්ගේ ජීප් එකෙන් තව 5 දෙනෙක් වගේ ඇපේ පැත්තට දුවන් එද්දී අපි ලෝඩ් කරපු ගන් එලියට ගත්තේ සංදර්ශනයක් පෙන්නන්න.. ළග හිටිය දෙන්නට හිතන්නවත් නොදී ටේ වෙඩි තියද්දී අපි ඈත් එන උන්ගෙන් බේරෙන්න අපේ වෙහිකල් එකට කවර් වෙලා වෙඩි තියන්න පටන් ගත්තා..
"ආකී අර පැත්තේ එකාට"
මන් ජූන්ගේ අත කෙලින් හිටිය එකගේ කකුලට වෙඩි
තිබ්බේ ඌට නැගිටින්න බැරි වෙන්න..
"ආව්ව්ව්..."
කාර් එකෙ අයිනට වෙන්න කවර් වෙලා හිටිය ජින් ඔප්පගේ කකුලට වෙඩි වැදුනා..
"ජින් හ්‍යොන්ග්.."
"මට අවුලක් නෑ..කරගෙන පලයන්. එකෙක් ඉතුරු කරගනින්.."
මට ඇස් කොනෙන් ජින් ඔප්පා කකුල අල්ලන් හිටිය හැටි පෙනුනා.. මේක හරියන්නේ නෑ..ඕනේ මගුලක් කියල මන් කාර් එකෙන් එලියට ගියේ ඉස්සරහ හිටිය එකාගේ ඔලුවටම තියන ගමන්.
ඒ එක්කම ආව ටේත් හරියටම එකෙක් වට්ටද්දී මන් කෙලින්ම ගියේ ජීප් එක ලගට.. ඒත් මට ජීප් එකේ එකා අල්ලගන්න බැරි වුනා.. ඌ අපි යනවා එක්කම ඒක ස්ටාර්ට් කරගෙන යන්න ගියා.. පලවෙනියට කකුලට තිබ්බ එකාව අල්ල ගත්තේ ඌට සිහිය තිබ්බ නිසා..
"ඔප්පා.. Are u oky??"
මන් ජින් ඔප්පව නැගිට්ටද්දී ජූන් කාටදෝ කතා කලා. විනාඩි කිහිපයක් යද්දී ඇම්බියුලන්ස් එකක් ආවා..
"අපේ එකෙක්ට නෙමෙයිද කතා කලේ??"
"නෑ නෑ..උන් නිකන් කලබල කරන්න ඕනේ නෑනේ ටේ"
ජින්ව හොස්පිටල් එක්කන් යද්දී මන් ඒකට නැග්ගේ ජූන් ඇන්ඩ් ටේ කාර් එකේ ගැටගහලා තිබ්බ එකාව ආයේ මින්හෝලා ඉන්න තැනට ගෙනියද්දී.... කොහොමත් උන්ට අපේ බෙහෙත් තමා.. හොස්පිටල් එක්කන් යන්න කොහොමත් බෑ..
.
.
.
.
.
Time passed
මන් හිටියේ ඔපරේශන් තියටර් එක ළග පුටුවක වාඩිවෙලා..ලොකු සද්දයකට මන් ඇහරෙද්දී අපේ ඔක්කොම එතන හිටියා..
"ඔයාලා කොයි වෙලේද ආවේ??"
"මරු මිනිහට ජින් ඔප්පව භාරදීලා තියෙන්නෙ"
"නෑ මේ.."
"පස්සෙ කියන්නම්..ඩේවිඩ්ගේ උන් උබව හොයනව. ඒක කියන්න කෝල් කරද්දී ෆෝන් වැඩ කරේ නැති නිසා මින්හෝලගේ තැනට අනිත් අය යද්දි තමා ජූන්ලව හම්බෙලා ආවේ.. ඒ ඒකම අපිත් ආවා.."
එමී ශෝට් ඇන්ස් ස්වීට් විදිහට උන දේ කියල දැම්මා..
"හ්ම්ම් දැන් කොහොමද ඔප්පට.."
"තව ටිකකින් බලන්න යන්න පුලුවන්. අවුලක් නෑ.."
"අම්බෝ මන් බය වුනා.."
මන් ලොකු හුස්මක් පිට කලේ මන් ඇත්තටම ලොකු බයකින් හිටිය නිසා.. මොකද මන් හැමදාම හැමදේටම හිටියේ ජින් ඔප්ප නිසා සහ මේ දේත් මන් නිසා වුන නිසා..
"මේ ආකී උබ ඩෝම් එකට ගිහින් වොශ් එකක් දාගෙන වරෙන්"
"බෑ බෑ"
"අහපන්කෝ..තාම සිහිය නෑ ඔප්පට.. ටිකකින් කිව්වට පැයක්වත් ඉන්න වෙයි.. උබ නිදි අතරේ ජූන් ටේ ගිහින් වොශ් දාගෙන ආවේ.."
"ඕකේ.. කෝ මට කී එකක් දෙන්නකෝ"
"තනියම මූව යවන්න බෑ"
"මෙන්න මෙහෙ දෙනවා.. මන් ටග්ගාලා ගිහින් එන්නම්"
"කුකී... ඔයා මින්සොව බස්සන්න යනවනේ.. මූවත් දාගෙන යන්න"
"නෑ නෑ මන්"
"අහ් ඔව්. එහෙනම් යමු ආකී"
මින්සෝ යමු කියද්දී ආයේ බෑ කියන්නත් බැරි නිසා මාත් ඒ දෙන්නගේ පස්සෙන් ගියේ එමීගේ බෙල්ල ගලවන්න තරම් කේන්තියෙන්..
.
.
.
.
.
මින්සෝ ඇන්ඩ් කුකී ඉස්සරහෙන් නගිද්දී මන් පස්සෙන් නැග්ගලා ටග්ගාලා ශටර් එකෙන් එලිය බලාගත්තේ කොහොම කලත් පරණ ආකී ආයේ එලියට එයි කියලා බයට..
.
.
.
"මින්සෝ ට්‍රැෆික්නේ.. ඔයාව දාගෙන තමා යන්න වෙන්නෙ"
"ඒත් ඔය දෙන්න.."
"මාව ඔය ඉස්සරහෙන් දාන්න. මන් ටැක්සි එකක් අරන් යන්නම්"
"නෑ නෑ එහෙම ඕනේනෑ..මාව දාගෙන යන්නක්කො කුකී"
මාව බස්සගෙන මින්සෝව දාලා ආයේ මාව ගන්න එන්නයි අපි ප්ලෑන් කලේ.. බට් ට්‍රැෆික් එක නිසා මාව බස්සන්න යන්න හිටියොත් පරක්කු වෙන නිසා අපි මින්සෝව බස්සලා අපේ ඩෝම් එකට යන්න කතා කරගත්තා..
.
.
.
"මන් යනවා කුකීයෝ.. හෙට එන්නද මන්??"
බහින්නෙ නැතුව මින්සෝ කුකී එක්ක හුරතල් වෙන හැටි මට හොදට ඇහුනා.. හැබැයි තප්පරයකටවත් මන් ඒ පැත්ත බැලුවේ නැත්තේ මට මාව කන්ට්‍රෝල් නැති නිසා.. ගලක් වගේ හිටියට කෙල්ලො කොහොමත් ඇතුලෙන් මල් තමා..
"හ්ම් එන්න"
"මන් එහෙනම් යනවා.. ඉක්මනට යන්න හොස්පිටල් එකට.. ආකී මන් යනවා..බායි"
මින්සෝට සමුදීලා අපි ඊලගට එන්න පිටත් වුනේ ඩෝම් එකට.. අපි දෙන්න අතරේ කිසිම කතාවක් තිබ්බෙ නෑ..මාත් බලාගත්ත අත බලාගෙන යද්දී කුකීත් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කලා.. පැය භාගයක් විතර ගියා අපිට ඩෝම් එකට එන්න..
"ටග්ගාලා එන්න..මන් කාර් එකේ ඉන්නේ"
"හරි"
කුකී කාර් එකේම ඉද්දී මන් ඩෝම් එක ඇතුලට දිව්වේ ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න.. ඒත් ඇතුලට යද්දී මගේ ඔලුව නිකන් කැරකෙන්න ගත්තා.. ඇග පුරාම ලේ නිසා වෙන්න ඇති කියලා හිතාගෙන මන් අමාරුවෙන් රූම් එකට ගිහින් වොශ් එකක් දාගත්තා..
"අහ්හ් මගේ ඔලුව.. "
මගේ ඔලුව එන්ම එන්නම කැක්කුම ගත්තත් මන් ආමරුවෙන් ඩෙනිමකට ටී එකක් ඇදගත්තා..ඒ එක්කම මන් ඇදෙන් වාඩි වුනේ පොඩ්ඩක් හිටියම අඩුවෙයි කියල හිතලා..
.
.
.
.
.
"කොහේ මගුලේ ගියාද මන්දා?? ගිහින් පැයකටත් ළගයි 😠"
මන් කාර් එකට වෙලා බලන් ඉදලා බැරිම තැන ඩෝම් එකට ගියේ මෙච්චර වෙලා මොන බම්බුවක් කරනවද කිහක බලන්න..
"ආකී.. ඕයි තමුසේ වෙඩින් එකකට යන්නද ඕයි ලෑස්ති වෙන්නේ රෙද්ද??"
බැන බැනම උඩට ගියත් ආකීගෙන් කිසි කතාවක් තිබ්බෙ නෑ.. හෙමින් හෙමින් ඩෝ එක අරිද්දී දැක්කේ ආකී ඇදේ දිගා වෙලා ඉන්නවා..
"තමුසේ නිදිද ඕයි??"
කෑගහගෙන ගියත් කිසිම උත්තරයක් තිබ්බෙ නෑ..
"ආකී ආකී ඕයි.."
මන් ළග තිබ්බ වතුර එකෙන් ටිකක් මූණට ගැහුවම ආකී ටික ටික ඇස් ඇරියේ එක අතකින් මාව අල්ලන ගමන්..
"කුකී..."
"හ්ම්ම්"
"මට මොකද උනේ??"
"ඔයා ෆේන්ට් වෙලා"
අමාරුවෙන් නැගිටින ආකීව මන් නැගිට්ටවලා අල්ල ගත්තේ මොකද වුනේ අහන්න..
"මොකද උනේ?? ඇයි ෆේන්ට් වුනේ?? ඔයාට අවුලක්ද??"
"අනේ මන්දා..අපි යමු කුකී.අනිත් අය බලාගෙන ඇති"
"බෑ..."
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top