No. 23 🖤
"ආකී....."
"කු...කී..."
ටිකක් කැඩුනු කටහඩකින් පිටිපස්සෙන් කුකී කියද්දී මන් ගැස්සිලා බැලුවා.. ඒ ආකී.. එයා කාර් එක දිහා බලන් ගල් වෙලා වගේ..
"තමුසේ.. තමුසේ කොහෙද ගියේ??"
"අහ්... මන්..මන් අර ශොප් එකට ගියා මල් එකක් ගන්න එමීලට"
"අම්බෝ... මන් බය උනා ඕයි"
මන් ආකීව තුරුල් කරගත්තා.. ආකී තාමත් හිටියේ පුදුම වෙලා තැලුනු කාර් එක දිහා බලාගෙන.. ඒ එක්කම පොලීසියෙන් එතනට ආවා..
"මොකද මෙතන උනේ??.. මිස්ටර් මේ ඔයාගේ කාර් එක නේද?? අපි කතා කරමුද??"
පොලීසියේ කෙනා මන් ලගට ඇවිල්ල ප්‍රශ්න පත්‍රයක්ම දුන්නා.. ඒත් මන්වත් ආකීවත් මොකද උනේ දන්නෙ නෑ..
ටික වෙලාවක් අපි එක්ක කතා කරලා පොලීසියේ ඔෆිසර් යද්දී අපේ කාර් එකත් එතනින් අයින් කලා..
"මන් හිතන්නේ මේක ඩේවිඩ්ගේ වැඩක්.. ඌ අපි පස්සෙ එවලා ඇති.. මතකනේ එදා ජිමින් ඇන්ඩ් නෝරට උන දේ"
"හ්ම්ම්ම් අපි යන්න ඕනේ හොස්පිටල් එකට ඉක්මනට"
"ඉන්න මන් කාර් එකක් ගෙන්නුවා.. ඒක එයි.."
ටික වෙලාවක් බලාගෙන ඉද්දී කාර් එකක් ආවා.. මන් ආකීට නගින්න ඩෝ එක ඇරලා මාත් පිටිපස්සෙන්ම නැග්ගේ මොකක්ද උනේ කියලා කතා කර කර යන්න ඕනේකමට.. ඒත් ආකීට මාත් එක්ක කතා කරන්න ඕනේ උනේ නෑ..
"ආකී..."
.........
"ආකී... මට කියන්න දෙයක් තියනවා"
"මේක ගැනද??"
ආකී ජියාරා එව්ව පික් එක පෙන්න ගමන් මගෙන් ඇහුවා.. මන් ෆෝන් එක උදුරලා ගත්තා..
"මොකද කරන්නේ ජේකේ??"
"කට පියන් ඉන්නවා"
මන් ජියාරට ආකීගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තා.. ඒක මන් ලව්ඩ්ස්පීකර් දැම්මේ මට ආකී ඉස්සරහ අර යක්සණීට බනින්න ඕනේ උන නිසා..
........
"හෙලෝ ආකී... මොකෝ??"
"මන් ජේකේ"
"බබා.. ඔයා මොකද එයාගේ එකෙන් ගන්නේ??"
"තමුසේ මොනද මේ එවලා තියෙන්නෙ?? හොදට මතක තියාගන්නවා මන් ආකීට විතරයි ආදරේ"
"හ්ම්ම් හරි ඒත් ඔයාට බෑ එදා රෑ උන දේවල් හරිගස්සන්න.."
"අහ්... ඒක වැරදීමක්.. අනික මට මුකුත් මතක නෑ"
"මතක නැත්තම් බලනවා මන් තව එව්ව ෆොටෝ.."
ඒ එක්කම ජියාරා කෝල් එක කට් කලා.. ආකී ෆෝන් එක අදින්න හදද්දී මන් ජියාරගේ මැසේජ් එක ඕපන් කලේ ආකීට නොපෙනෙන්න..
"wtf 🤬🤬🤬🤬"
එතන තිබ්බේ මගෙයි ජියාරගෙයි ෆොටෝ..
"කෝ දෙන්න මගේ ෆෝන් එක.. ඇයි තමුසෙ ශොක් උනාද එවලා තියන ඒවා බලලා"
"ආකී... මේවා මන් කලේ නෑ"
"ජේකේ අපි ඉන්නේ ලොකු මිශන් එකක්.. අපේ යාලුවො දෙන්නෙක් නැති වෙලා..අනිත් අය පණ අදිනවා.. තමුසෙට ලොකු මේකද??"
"මට ලොකු ඒක තමා..ඒත් මට තමුසෙත් වටිනවා"
"ප්ලීස් ඩ්‍රයිවර් ඉක්මනට අපි හොස්පිටල් එකට යමුද??"
ආකී ෆෝන් එක උදුරගෙන එහෙම්ම සාක්කුවට දාගෙන ශටර් එකෙන් එලිය බලාගත්තා..
මට කරන්න මුකුත් මතක් උනේ නෑ.. මන් ඔලුවට අත් දෙකත් ගහගෙන කල්පනා කලේ ජියාරට මොකද කරන්නෙ කියලා..
.
.
.
.
.
.
At david's place
"ගුඩ් මෝනින් මිස්ටර් ඇලෙක්ස්..."
"ගුඩ් මෝනින් මිස්ටර් ඩේවිඩ්"
"කවදාවත් දැකලා නොතිබ්බ මගේ මිත්‍රයා.. කොහොමද??"
"හොදයි මිස්ටර් ඩේවිඩ්.. මේ ඉන්නෙ මගේ පාට්නර් හරු"
"nice to meet you haru"
"nice to meet you too mr. David"
"මොනාද ඩේවිඩ් කල්පනා කරන්නේ??"
"මට ඔයා වගේම කෙනෙක් මතකයි.. හැබැයි ඔයාට වඩා ටිකක් වෙනස්.. අනික ඌ දැන් නෑ ජීවතුන් අතර"
"ඔහ්හ්.. යාලුවෙක්ද??"
"හතුරෙක්"
"එහෙනම් ජීවතුන් අතර නැති එක හොදයි"
" අපි වැඩේ පටන් ගමුද??"
"ඕකේ..."
ජින් යැව්ව දෙන්න පැය භාගයක් වගේ ඇතුලත ඩීල් එක කලා.. අවශ්‍ය ඩොකියුමන්ට් ටික සයින් කරගත්ත දෙන්නා අන්තිමට සූට් කේස් එක දුන්නා...
වැඩි වෙලා ඉන්න එක ඇගට හොද නැති නිසා ඒක දෙන ගමන් දෙන්නම නැගිට්ටා..
"ඇරලා බලන්න"
ඩේවිඩ් සූට් කේස් එක ඇරියා.. සල්ලිවලින් ඒක සම්පූර්ණයෙන්ම පිරිලා..
"අපි එහෙනම් යනවා"
"මෙච්චර ඉක්මනට??"
"ගනුදෙනුව උනාට පස්සෙ ඒ තැන අපි සාමාන්‍යයෙන් ඉන්නෙ නෑ.. අපි ආයේ හම්බෙමු... යමු හරු"
ඩේවිඩ්ට සමුදීලා එන්න පුලුවන් ඉක්මනට ඩේවිඩ්ගේ තැනෙන් එලියට ආවා.. එද්දී ජින්ගෙන් බලාපොරොත්තු උන කෝල් එක ආවා..
"ඉවරයි"
"තව ටූ මිනිට්ස් තියෙන්නෙ"
"ඕකේ.."
හරියටම විනාඩියක් තියලා ජින් බලාගෙන හිටිය රූප දෙක ඩෙවිඩ්ගේ ක්ලබ් එකෙන් එලියට ආවා.. ජින් කෙලින්ම ඉස්සරහෙන් ගිහින් කාර් එක නැවැත්තුවා..
"නගින්න.. වැඩිවෙලාවක් නෑ"
දෙන්න කාර් එකට නගිනවත් එක්කම මෙච්චර වෙලා වෙස්වලාගෙන හිටිය දෙන්න දාන් හිටිය රැවුල ගලවලා විසික් කලේ සයිඩ් කණ්නඩියෙන් ක්ලබ් එක දිහා බලාගෙන..
"ත්‍රී"
"ටූ"
"වන්"
💥💥💥💥💥
එක පාරට ලොකු ගින්නක් එක්ක ක්ලබ් එකම පිපිරුවා..
"වෙල්ඩන් බෝයිස්"
"කුකීලගේ වැඩේ??"
"කුකී වැඩක් අවුල් කලේ කවද්ද??"
"ඔව් ඒකත් ඇත්ත..."
"ජූන් ටේ... උබලට ආයේ පණ ගන්න වෙලාව හරි"
"මට අහන්න දෙයක් තියනවා ජින් හ්යොන්ග්"
"අහපන්"
"ඇයි අපි දෙන්න මැරුනා කියල බොරුවක් කලේ?"
"එදා ඩෝම් එකට උන් ආව කියන්නේ අපි ගැන ඔත්තු බලන උන් අපි වටේම ඉන්නවා කියන එක ටේ.. නිකන් හරි අපි මේ කරන්න යන වැඩේ ලීක් උනා නම් අපිට කරගන්න වෙන්නෙ නෑ"
"අහ්හ්හ්?"
"නෑ අපි ලගම ඉන්න උන් ඔත්තු දෙනවා.. උබලා දෙන්න මැරුනා කිව්වම ගොඩක් අය හිතුව අපි මේක අතාරී කියලා.. අනික් පැත්තෙන් ඩේවිඩ් මේක ගැන දැනගත්තම පොර කොහොමත් හිතන්නෙ නෑ මෙච්චර දෙයක් උනාට පස්සෙ අපි මේ ඩීල් එක මැද්දට එයි කියල..ඒකයි ඌ ඔහොම සැහැල්ලුවෙන් මේක කරන්න ගියේ..අනික ආකී කුකී පවා ඇත්ත නොදන්නේ ඇයි දන්නවද?? මට උන්ට කියන්න තිබ්බ.. බට් ඒක මන් නොකිව්වේ හේතුවකට"
"මොකක්ද??"
"කුකී තියා අපි කවුරුත් කුලියට මිනීමරන උන් නෙමෙයි.. හැබැයි අපි හොදටම දන්නවා මුන්ව නීතියට කොටු කලා කියල තේරුමක් නෑ කියලා.. මට ඕනේ උනේ උන් ඔක්කොම මරන්න"
"අහ්හ්හ්"
"කෙනෙක්ව මරන්න තරම් තරහක් තව කෙනෙක්ගේ හිතේ ඇති කරන්න ලේසි නෑ.. මන් කරපු වැඩේ වැරදී තමා.. ඒත් උබලා දෙන්නට මේ දේ උන වෙලේ ඉදන් කුකීට ඕනේ උනේ මුන් මරන්න.. ඒක අපිට ලොකු හයියක් උනා.. මන් දන්නවා කුකී ඒ ගැන පසුතැවිලි වෙන එකක් නෑ කියල"
"හ්යොන්ග් තනියම මේ ඔක්කොම ප්ලෑන් කලේ කොහොමද??"
"මේ සෙල්ලම ඇති නිසා.. උබලා ඔක්කොම මගේ ඉස්සරහා එදා වෙඩි කාලා ඉන්නවා දැක්කම මේ සෙල්ලම යන්නේ වෙන පැත්තකට කියලා මට තේරුනා.."
" එදා නම් උන දේ හිතාගන්නවත් බැරි උනා"
"අපේ එකෙක්ට හරි මොනාහරි උනා නම් මේ මොකෙන්වත් වැඩක් නෑ.."
"ඔව්ව්"
ජින් ටේ ජූන් තුන් දෙනා කතාවෙන් කතාව ආවේ ඩෝම් එකට.. දෙන්නව ඩෝම් එකට දාලා ජින් හොස්පිටල් එකට යන්න පිටත් උනා..
"මන් හොස්පිටල් එකට ගිහින් එන්නම්"
ජින් හොස්පිටල් එකට යන අතරතුර කෝල් කලේ පොඩි ඔත්තු වගයක් හොයන්න දුන්න ගාඩ් කෙනෙක්ට..
"හොයාගත්තද??"
"එව්වා බොස්"
"ගුඩ්"
ෆෝන් එක කට් කරපු ජින් ඒ එක්කම කෝල් කලේ කුකීට..
"කොහෙද ඉන්නෙ??"
"හොස්පිටල් එකේ"
"ලෝකෙශන් එකක් එව්වා.. වරෙන් තනියම"
"ඕකේ හ්යොන්ග්"
ආකීට ඉන්න කියලා කුකී කාර් එකක් අරන් ආවේ ජින් එව්ව ලොකේශන් එකට.. ජින් කුකී එනකන් කාර් එක පාර අයිනට වෙන්න නවත්තගෙන හිටියේ.. කුකී කාර් එකෙන් බැහැලා හෙමින් ආවේ ඈත තිබ්බ ජින්ගේ කාර් එක ලගට..
"හ්යොන්ග්"
"කුකී... නැගපන් මුලින්"
කුකී ජින්ගේ කාර් එකට නැග්ගා..
"මන් හොයාගත්ත ඩීටෙල්ස් එක්ක බැලුවා.. ජේන් ගැන පොඩි ඉගියක් මෙහෙන් එනවා"
"ඕකේ හරි හ්යොන්ග් අපි යමු"
"ඔව් දැන් කොහොමත් ඩේවිඩ් මැරුනා.. ඒ නිසා ඌගෙන් අවුලක් නෑ"
"යමු"
ජින් කුකී එක්ක ආවේ ජේන් ගැන ලැබුන ආරංචියකට.. ආරංචියේ තිබ්බේ හොටෙල් එකක්.. ඒක එච්චර ලොකු එකක් නෙමෙයි..
"අපිට නම්බර් 23ට යන්න ඕනේ"
"ඉන්න සර් මන් චෙක් කරන්නම්"
රිසෙප්ශන් හිටිය කෙල්ල ලොකු ෆයිල් එකක් අරන් බැලුවා..
"සොරි සර් ඔයාලා යන්න දෙන්න බෑ. ඒක ප්‍රයිවට් රූම් එකක්"
"වට්??"
"ඒකට පිට කාටවත් යන්න දෙන්න බෑ"
"අපි NIS එකෙන්"
කුකී id එක පෙන්නුවම කෙල්ල ටිකක් ගැස්සුනා..
"සර් ඒත්"
ඊලග තප්පරයේ කුකී ගන් එක එලියට ගත්තේ කට කොනෙන් හිනාවෙලා..
"කෑ නොගහා උබ දැන් අපිට කී එක දියන්..නැත්තම් උබව අඩි අටක් යටට යවනවා"
කෙල්ල බයෙන් බයෙන් වෙව්ලන අත්වලින් කී එක අරන් දුන්නා..
"වරෙන් යන්න"
කී එක ජින්ට දීලා කුකී කෙල්ලවත් එයාලා එක්ක අරගෙන ගියේ මේකී ලීක් කරයි කියල හිතලා.. රූම් එක ලගට ගිය ජින් ඇන්ඩ් කුකී දෙපාරක් නොහිතා රූම් එකේ ඩෝ එක ඇරියා..
"😳😳😳😳😳"
ඩෝ එක ඇරිය දෙන්නම ගල් උනේ ජේන්ව දැකලා.. ජින් ජේන් ලගට දුවගෙන යද්දී රිසෙප්ශන් කෙල්ල අනිත් පැත්ත හැරුනේ හෙමින් එලියට එන්න.. ඒත් හොද අවධානෙන් හිටිය කුකී කෙල්ලගේ කොණ්ඩෙන් අල්ලලා ආයේම රූම් එක ඇතුලට තල්ලු කලා..
"ඇයි උබට හදිස්සි??"
"මට යන්න දෙන්න..."
"යන්න දෙන්නම් මැණික.. ඉදපන්කෝ නටන්නෙ නැතුව"
ජේන් ලගට ගිය ජින් ඇදේ ගැට ගහලා හිටිය ජේන්ව ඉක්මනට ලිහුවා..
"jane are you oky??"
ජේන් ඔලුව වනලා ඔව් කියලා කිව්වත් ජේන් හිටියෙ හොදින් නෙමෙයි.. ජේන්ගේ මුලු ඇගේම තුවාල.. ජින් හෙමින් වාරු කරන් ජේන්ව ගත්තා..
"හ්යොන්ග් ඔයා කාර් එකට යන්න.. මන් ටග්ගාලා එන්නම්"
ජින් එලියට යනවත් එක්කම ලග හිටිය කෙල්ලගේ කොණ්ඩෙන් අල්ල ගත්ත කුකී කෙල්ලව තමන් ලගට ඇදලා ගත්තා..
"උබලත් කෙල්ලොද බන්?? තව කෙල්ලෙක්ට අර වගේ කරන්නේ??"
"මන් දන්නෙ නෑ මුකුත්.. මන් කරන්නෙ ජොබ් එක සර්"
කෙල්ලව ඇදට තල්ලු කරපු කුකී කෙල්ලගේ ඇග උඩට යනවත් එක්කම කෙල්ල වෙව්ලන හඩින් කතා කරන්න ගත්තා..
"මොකක්ද කරන්න යන්නේ?? 😳"
කෙල්ලගේ එක අතක් උඩට කරලා අල්ලගත්ත කුකී හෙමින් නැවුනේ කෙල්ලගේ කන ලගට..
"උබ එක්ක fq කරන්න ආව කියලා හිතුවද 🤬🤬🤬?? උබ අද ඉදන් ජේන් වගේ රගපාපන්"
කුකී අල්ල ගත්ත අත් දෙක ජේන්ව ගැට ගහලා තිබ්බ වගේම බැදලා දාලා කෙල්ලගෙන් ඈත් වෙලා ආයේම බැලුවේ ලාවට හිනාවෙන ගමන්..
"උබලා මේවා ඇතුලේ වෙන දෙවල් නොදැන ඉන්න විදිහක් නෑනේ.. ඉදපන් මොකෙක්හරි එනකන්.. බායි ස්වීටී"
කෙල්ලට සමුදුන්න කුකී රෙදි කෑල්ලකුත් කටට ඔබලා ඩෝ එකත් ලොක් කරලා එලියට ආවා..එද්දී ජින් කාර් එකට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා..
"වැඩේ හරි යමු හ්යොන්ග්"
ජින් කුකී ඉක්මනටම ආවේ හොස්පිටල් එකට.. ජේන්ට ෆේන්ට් වෙලා තිබ්බේ තිබ්බ වේදනාවටම..
"හ්යොන්ග් ඔක්කොම හොදට විසදෙනවා..ඒත්"
"ඇයි ඒත්??"
"ජූන් ටේ දෙන්න"
කුකීගේ ඇස් කදුලුවලින් දිලිසෙන්න ගත්තේ තප්පර ගාණයි..
"හ්ම්ම්ම් ඉවසපන්"
"ඕනේ එකක් ඉවසන්නම්... ඒත් මට බෑ මගේ හ්යොන්ග්ලාට මොනාහරි වෙන එක බලන්න."
"එයාලට එහෙම කරපු උන් දැන් යන්න ඕනේ තැනට ගිහින් ඇති"
"හ්ම්ම්ම්"
දෙන්නගේ කතාවෙන් කතාව දෙන්න හොස්පිටල් එකට ආවා.. කුකී අනිත් අය ගැන බලන්න යද්දී ජින් ජේන්ව එක්කන් ගියේ ජේන්ගේ සිටුවේශන් එක බලන්න..
..........
..........
කුකී එද්දී නෝරා එමී සුගාටත් සිහිය ඇවිල්ල තිබ්බේ.. හැබැයි ආකී වචනයක්වත් උන දේවල් කියන්න ගිහින් නෑ..
"ජේන් ඉන්නවා..."
"මොකක්??"
"ඔව්.. ජින් හ්යොන්ග් එයාව අරන් ගියා අර පැත්තේ වෝඩ් එකට"
කුකී ඒක කිව්ව ගමන් ආකී දුවන්න ගියේ ඒ පැත්තට.. කුකී ආකීගෙ අතින් අල්ලලා නවත්තගත්තා.. ආකී කුකීගේ අත ගසලා දාන්න දෙපාරක් හිතුවෙ නෑ..
"ජින් හ්යොන්ග් ඒක බලාගනී.. මට තමුසේ එක්ක කතා කරන්න ඕනේ"
"ජියාරා ගැන නම් මට මුකුත් අහන්න ඕනේ නෑ.. මන් හිත හදාගෙන ඉන්නේ"
"වට්??? මට කතා කරන්න දෙනවා"
"එයා මේක මොකට කලත් මේක කොහොම උනත් එයා ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරනවා.. ඔයා එයා ලගට යන්න.."
"මොනාද කියවන්නේ??"
"ඔය ෆොටෝ තව වටේ යවාගන්න එපා.. මට වද දෙන්න එපා.. තමුසේ ඒකී එක්ක නටන එකක් නටාගන්නවා.. අනික ඒ ෆොටෝ දැක්කනේ, ඒවා මේ තමුසෙව බය කරලා බලෙන් ගත්ත ඒවා නෙමෙයි"
"හරි ඔව් ඒක හරි..ඒත් මට මතක නෑ"
"ජේකේ බබෙක් වෙන්න එපා.. ප්ලීස් මගෙන් ඈත්වෙලා ඉන්නවා"
"අහ් එහෙමද?? තමුසෙ මට එහෙමද කරන්නේ?? හරි උබට එපා නම් මටත් මේ මගුල ඕනේ නෑ."
කුකී තරහෙන් ලග තිබ්බ බිත්තියටත් ගහගෙන ගියේ සුගාගේ රූම් එක පැත්තට...
.
.
.
.
.
.
.
කාලය ගෙවිලා දවස් දෙකකුත් ඉවරයි.. අද කට්ටියම හොස්පිටල් එකෙන් ගෙදර එනවා.. හැබැයි ජූන් ටේ ගැන කවුරුත්ම මුකුත් දන්නෙ නෑ.. ඒ දවස් දෙක ඇතුලත නෝරා ආකී එමීගේ හිත නොසෑහෙන්න හැදුවා.. කොච්චර දුකක් තිබ්බත් එමී අන්තිමට අඩලා අඩලම හිත හදාගත්තා.. ජින්ට ඇත්ත කියන්න ඕනේ උනත් කට්ටියටම ඇස් දෙකෙන්ම ඒ දේවල් දකින්න දෙනකන් කට පියන් ඉන්න උනා.. ජූන් ටේ නැතුව අද අනිත් අය ඩෝම් එකට එනවා.. ඒ වගේම ඩේවිඩ් මැරුනා කියලා නිව්ස් වලටත් ගියා.. හැබැයි මේකට කොල්ලො ටිකට ලොකු කේස් එකක් වැටිලා තියෙන්නෙ.. මොකද මරන එක හිතන තරම් ලේසියෙන් බේරෙන්න පුලුවන් ටොපික් එකක් නෙමෙයිනේ.. හැබැයි කොල්ලො තාම හොයනවා ඇත්තටම ඩේවිඩ් මැරුනද කියලා..
"අම්බෝ කොච්චර කාලෙකින්ද එන්නෙ මේකට"
"හ්ම්ම්ම්"
"එමී ප්ලීස් බන්.. අපි උබ එක්ක ඉන්නවනේ.. අනික ටේ උබට ආදරෙයි"
"මන් ඒක දන්නවා.. මෝහට කිව්වද ජූන් නැතිවුනා කියලා"
"නෑ... අද කියමු, මුලින් කට්ටිය ඇතුලට යන්න"
ජින් ඩෝම් එකේ ඩෝ එක ඇරලා කට්ටියටම ඇතුලට යන්න කිව්වා.. කට්ටියගේ ඇස් උඩ ගියේ මුලු ඩෝම් එකම ලස්සනට අස් කරලා නිසා..
"ජින් හ්යොන්ග්... මේවා??"
"යමන්කෝ ඇතුලට.."
ජින් කට්ටියම අරන් ඇතුලට ගියා.. කට්ටියම සෝෆා එකෙන් වාඩිවුනේ අත්වල හිරි අරින ගමන්..
"අපි මිශන් එක ඉවර කලා.. ඩේවිඩ් මැරුනා කියලා ඔප්පු වෙනකන් මට නම් ශුවර් නෑ.. බට් දැනට අපි මේක ඉවර කරලා ඉන්නේ"
"ඉතින්"
"මන් ඔක්කොටම විනෝද වෙන්න පාටි එකක් ඇරේන්ජ් කලා.."
"මොකක්?? ජූන් ටේ නැතුව අපිට මොන පාටිද ජින් හ්යොන්ග්??"
"ජිමින් ඇයි උබලට මන් කියන දේ අහන්න බැරිද??"
"මන් එන්නෙ නෑ.."
එමී නැගිටලා පඩිපෙල ලගට ගියේ උඩට යන්න.. පඩිපෙලින් ඇහුන සද්දෙට එමී බැලුවේ කවුද කියලා..
"ටේ.... 😓😳"
ඔක්කොම බැලුවේ එමී දිහා.. කට්ටියම හිතුවේ ජින් කරපු දේ නිසා එමීගේ හිත ආයේ පෑරුනා කියලා.. ඒත් කට්ටියම හිටිය තැන්වලින් නැගිට්ටේ පඩිපෙල දිගේ බැහැගෙන එන ටේව දැකලා..
ඔක්කොම එක පෙලට පඩිපෙල ලගට දිව්වා.. ටේ පිටිපස්සෙන් ජූනුත් පහලට ආවා..
"කට්ටිය මොකෝ පාටි එකට එන්නෙ නැද්ද?? බලපන්කෝ ටේ"
"ඒකනේ ජූන්.."
"උබල දෙන්නා?? ජින් හයොන්ග්??"
"හරි හරි මුන් හොදට ඉන්නවා.."
එමී ටේවත් පෙරලගෙන රූම් එකට ගිහින් ඩෝ එක ලොක් කරගත්තා.. ඔක්කොම ෆුල් හොල්මන්..
"ටේ උබම ගිහින් බලාගනින්..."
ජූන් ටේගේ පිටට තට්ටුවක් දාගෙන පහලට ගියේ ඔක්කොම එක්ක සෝෆා එකට ගිහින් උන දේවල් කතා කරන්න.. ඒ අතරේ ටේ ගියේ එමීගේ රූම් එක ලගට..
"ඩෝ එක අරින්නෙ නැද්ද එමී??"
"ඇයි මොකටද?? තමුසේ මැරුනා"
"එහෙමද?? හරි එහෙනම්.. මන් මැරිලා කියලම හිතාගන්න"
ටේ එහෙම කියල එන්න හදද්දිම එමී ඩෝ එක ඇරලා ටේව ඇදලා ගත්තේ ටේගේ පපුවට තුරුල් වෙන ගමන්..
"මෝඩයා.. ඇයි ඒ වගේ බොරුවක් කලේ?? මන් බය උනා.. මන් කොච්චර ඇඩුවද දන්නවද??"
"දන්නවා බබා.. මේ ඔක්කොම අපේ මිශන් එක නිසා.. සොරි.. දැන් අඩන්න එපා"
එමී ටේව බදාගෙන නොනවත්වාම අඩන්න ගත්තා..
"ප්ලීස් දැන් දවස් ගාණක් ඇඩුවා නේ.. දැන් නවත්තන්නකෝ"
උරහිස්වලින් ඈත් කරපු එමීව එහෙම්ම බිත්තියට හේත්තු කරපු ටේ අඩන එක නවත්තනම හිතන් එමීගේ තොල්වලට බර උනා.. එමී මුලදී පපුවට ගහ ගහා අයින් වෙන්න උත්තසහ කලත් ටික වෙලාවක් ඒ පහස විදිද්දී එමීත් ඒ පහසට අවනත උනා.. හෙමින් ටේගේ බෙල්ල වටේ අත් දෙක යවපු එමී ටේගේ සිපගැනීමට උත්තර දුන්නේ ඒ පහස ටේටත් ලබා දෙන ගමන්..
.
.
.
.
.
ඒ අතරේ ජූන් ජින් මොකද උනේ කියලා හැමෝටම කිව්වා..
"ජූන් එහෙනම් උබ හෙට මෝහා හම්බෙලා උන දේ කියලා කෙල්ලව එක්කන් වරෙන්"
"කෙල්ල බය වෙලා ඇත්තේ"
"ඇයි උබ හිතන්නෙ කෙල්ල උබට ලව් කියලද??"
"නැත්තම් මොන මගුලටද මෙච්චර කෝල් කරන්නේ??"
"හරි හරි..හෙට ගිහින් බලලා කෙල්ල එක්කන් වරෙන්"
"සුගා....."
"කියපන් හොබී"
"ජේන් ලග අපි කට්ටිය දම්මලා තියෙන්නෙ..හෙට කෙල්ලව බලලා උබත් එක්කන් වරෙන්.."
"ඒකී මාත් එක්ක එන්නෙ නෑ"
"උබ පේන නොබලා පලයන්කෝ"
"හ්ම්ම් බලමු"
"එහෙන්ම් හරිනේ..ජින් දැන් ඔයා කාත් එක්කද??"
"මන් එන්නෙ නෑ"
ආකී එක පාරටම මැද්දෙන් පැනලා කිව්ව එකට ඔක්කොම ටිකක් ගැස්සුනා..මොකද කවුරුත්ම කුකී ආකී ප්‍රශ්නේ දන්නෙ නෑනේ...
"මොකක්??"
"එතකොට කුකී??? ඌ කාත් එක්කද එන්නෙ??"
"මන් ජියාරා එක්ක එන්නෙ"
"වට්??🤬😳"
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top