Nice acting 💥

"එතකොට කුකී??? ඌ කාත් එක්කද එන්නෙ??"

"මන් ජියාරා එක්ක එන්නෙ"

"වට්??🤬😳"

"උබලා දෙන්න ආයේ රණ්ඩුද??"

ජිමින් අහපු එකට දෙන්නගෙන්ම උත්තරයක් එලියට ආවේ නෑ..

"කියපන් මොකද ඒ ගමන?? යකො ඩේවිඩ්ගේ කේස් එක නතින් නේ මුන්ගේ ලව් එක එක්ක.."

"ඒකනේ ජිමින්..."

"මට පොඩි වැඩක් තියනවා.. සෝ ප්‍රශ්නයක් නෑ ඔයාලා එන්ජෝයි කරන්න"

"අපි එන්ජෝයි කරන එකේ අවුලක් නෑ, බට් මොකක්ද හේතුව"

"සමහර නොගැලපීම් ගලපගන්න අමාරුයි නෝරා.. ඒ නිසා අපි දෙන්නා ඈත් වුනා"

ඒ එක්කම කුකී නැගිටලා රූම් එකට ගියා.. අනිත් අයත් එතනින් ඒ ගැන අහන එක නතර කරලා දැම්මා..
.
.
.

Time passed

මේ අතරේ ජූන් ගියේ මෝහව හම්බෙන්න.. මෝහගේ ගෙදර ලගට වෙලා හොර පූසා වගේ බලන් හිටියේ මෝහා එලියට එනකන්.. හරියටම පැය භාගයක් විතර බලාගෙන ඉද්දී මෝහා එලියට ආවේ වැඩට යන්න බලාගෙන..

"මේ හවස වැඩට යන්න?? නයිර් ශිෆ්ට් එක වෙන්න ඇති.."

එහෙම හිත හිත ජූන් ලගට යද්දිම කවුදෝ මන්දා බයික්කාරයෙක් මෝහා ලගින් බයික් එක නතර කලා.. නතර කරලා හෙල්මට් එක දික් කරනවා දැක්ක ගමන් ජූන් අකුණක් වගේ මෝහා ළගට ඇදිලා ගියා..

"මෝහා 😡😡😡"

ඒ සද්දෙට මෝහගේ අතින් හෙල්මට් එකත් බිමට වැටුනා..

"ජූ.....ජූන්..."

"කවුද තමුසේ"

ආව ක්ශනිකයෙන් බයික් එකේ හිටිය කොල්ලගේ කොලර් එකෙන් ඇදලා ගත්ත ජූන් ලග තිබ්බ බිත්තියට හේත්තු කලා..

"මෝහා මේ කවුද?? මෝහා මූට පිස්සුද??"

"ජූන් නවත්තනවකෝ.. අනේ ප්ලීස්"

මෝහාට බයටම ඇඩුනා.. මොකද මෝහා දන්නවනේ ජූන් මොන වගේ කෙනෙක්ද කියලා.. අඩ අඩම මෝහා ජූන්ව අයින් කරන්න ට්‍රයි කලා.. බැරිම තැන ජූන්ගේ අත හැපුවේ පාර හිටින්නම..

"ආව්ව්ව්ව්ව්ව්ව්"

"අයින් වෙන්නකෝ ජූන්.. අනේ සොරි මිස්ටර් මින්.. ඔයා දැන් යන්න"

බිමට වැටුන හෙල්මට් එකත් අහුලලා දුන්න මෝහා ඉක්මනටම මින්ව එතනින් යැව්වා.. මූණත් දෙක කරන් මෝහා කිව්ව නිසාම මින් ටග්ගලා එතනින් යන්න ගියා..

"මොකක්ද වෙලා තියෙන්නේ?? ඒ මන් වැඩ කරන තැන කෙනෙක්, මේ පැත්තෙන් යන නිසා ආවේ"

"තමුසේ මොකටද ඌ එක්ක යන්නේ??"

"මේක මාර වැඩක්නේ.. ඇයි මට දැන් යන්න බැරි"

"ආයේ ගියොත් අඩු කඩනවා.. එනවා යන්න ගමනක්"

මෝහට හිතන්නවත් ඉඩක් නොතියා ජූන් අතින් ඇදගෙන ආවේ කාර් එක ලගට..

"විකාරද ජූන්.. මිනිස්සුත් බලනවා, අතාරින්නකෝ"

"නගිනවා"

"මට බෑ"

"නගිනවා"

"මට බෑ 😡"

"ඇයි බැරි??"

"ඇයි මන් නගින්න ඕනේ??"

"නැග්ගෙ නැත්තම් මන් කිස් කරනවා"

"ජූන් විකාර කියවන්න එපා.. මන් ඔයාට කොච්චර කෝල් කලාද?? ඔයාට ඕනේ උනාම එනවා..නැති උනාම යනවා"

"තමුසේ මට මොකද උනේ කියල දන්නවද??"

"ඇයි මොනා වෙන්නද?? ශුවර් වෙන කෙල්ලෙක් ඉන්න ඇති"

"නගින්නකෝ කියන්න"

"ඇයි මෙහෙම කතා කෙරෙන්නෙ නැද්ද?? මට වැඩට යන්න පරක්කු වෙනවා"

"මට ඇක්සිඩනට් එකක් උනා"

"අහ්හ්හ්?? 🥺🥺"

ජූන් ටී එක උස්සලා පෙන්නුවේ බඩ ලගට වැදුන තැනට දාලා තියන ප්ලාස්ටර් එක.. අඩ අඩ හිටිය මනුස්සයගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ ඒක..

"මොකද උනේ??"

මෝහා ජූන්ගේ ලගට ඇවිල්ලා ටී එක තවත් ඉස්සුවේ අඩන ගමන්..

"මිනිස්සු බලනවා.. ඕක පහලට දානවා"

"ජූන් මොකද උනේ??"

"වෙඩි වැදුනා.."

"මොකක්? ඒත් කවුරුත් මුකුත් කිව්වේ නෑ"

"හ්ම්ම් උන් හිතලා තියෙන්නෙ අපි අතරේ අෆෙයාර් එකක් නෑ කියලා"

"අහ්හ්හ්.. අහ් ඔව් නෑ තමා"

"නැද්ද?? හ්ම්ම් සොරි මන් එහෙනම් යනවා.. කොහොමත් මේක කිව්වත් ඔයා එන එකක් නැති වෙන්න ඉඩ තිබ්බ මාව බලන්න"

එහෙම කියලා ජූන් කාර් එක පැත්තට හැරුනේ ආයේම ඩෝම් එකට එන්න..

"ජූන්...."

මෝහා ජූන්ගේ අතින් අල්ලා නවත්තගත්තා..

"දැන් කොහොමද??"

"ඇයි අහන්නේ??"

ඒ එක්කම මෝහා ගිහින් ජූන්ගේ කාර් එකට නැග්ගා.. ජූන් ෆුල් හොල්මන්.. ඕනේ එකක් කියලා ජූනුත් නැග්ගා..

"කොහෙද යන්න ඕනේ??"

"ඇයි දැන් වැඩ කිව්වේ??"

"ඒක මන් බලාගන්නම්.."

"ක්‍රොස් රෝඩ් එකේ තියන පාර්ක් එකට යමුද"

"හ්ම් යමු"

මෝහා සහා ජූන් ඊලගට ආවේ ලස්සන පාර්ක් එකකට.. කෙල්ලො එක්ක ජොලි කරපු ජූන්ට මෙහෙම ආදරයක් හිතාගන්නවත් බැරිවුනා.. එයාට මේක අමුතු අත්දැකීමක් වුනා..

At dorm

"බබා දැන් කොහොමද??"

"හොදයි ජිමින්... ඔයාට??"

"මන් මේ ඉන්නෙ හොදට"

"හ්ම්ම්ම් මට තාම එදා දවස හිතාගන්න බෑ.. උන් ආව හැටි"

"ඕක අමතක කරන්න.. හෙට මොකක්ද අදින්නෙ??"

"ඒක හෙට බලන්නකෝ"

"මාර ගණන්"

ඇදේ හාන්සි වෙලා හිටිය නෝරගේ එහා පැත්තෙන්ම ජිමින් ඇල වුනේ නෝරගේ පපුවට ඔලුව තියාගන්න ගමන්..

"අරුන් දෙන්නා ආයේ රණ්ඩුවෙලා"

"හ්ම්ම් මොකක්හරි වෙලා වගේ"

"ඔව්ව්... කෙල්ලො නම්"

"ඇයි කෙල්ලො??? අනේ ශුවර් එකට කුකී මොකක්හරි කරලා ඇති"

"නෑ ආකී.."

"නෑ කුකී"

නෝරගෙන් හොද ටොකු පාරවල් දෙක තුනකුත් කාලා ජිමින් අන්තිමට පරාජය භාරගෙන නෝරගේ පපුව උඩම නිදාගත්තා..

.............
.............

"වාව්... හවසට මෙතන ලස්සනයි නේ"

"ඒ වගේ.."

"කලින් ඇවිල්ලා නැද්ද?? මන් නම් උදේට දැකලා තියනවා"

"අනේ මන් කෙල්ලො එක්ක මේවාවලට ඇවිල්ලා නෑ"

"ඔව්ව් ඉතින් ඔයා යන්නේ ක්ලබ්වලටනේ"

"ඔව් මේ පාර්ක්වලට ඇවිල්ලා මොන මගුලක් කරන්නද??"

"ක්ලබ්වලට ගිහින් මොනාද ජූන් කරන්නේ??"

"කරන්නද දේවල් නැත්තේ??"

"අපි යමු"

"ඇයි??"

"ඔයා කෙල්ලො කීයක් එක්ක"

"හරි ඔව්.. ඉතින් කිව්වනේ මන් නරක කොල්ලෙක් තමා.. මන් හදාගන්නම්"

"අතනින් වාඩිවෙමු"

මෝහා පොඩි බබෙක් වගේ දුවලා ගිහින් අයිනේ තිබ්බ බෙන්ච් එකෙන් වාඩිවුනා..

"මෝහා හෙට අපේ මිශන් එක වෙනුවෙන් පාටියක් තියනවා.. මාත් එක්ක යන්න එනවද??"

"ඇයි කලින් එක්කන් ගිය කෙනා??"

"හ්ම්ම් සොරි.. එනවද??"

"හ්ම් එන්නම්"

"මන් හෙට හවස 5ට එනවා ගන්න"

"හරි"

"මන් හෙට එවන්නම් ෆ්‍රොක් එකක්.. ඒක ඇදගන්න"

"ඔයාගේ පවුලේ අයට මට සල්ලි නැති එක"

"මට තිබ්බම ඇති.."

ජූන් බයෙන් බයේ මෝහගේ අතින් අල්ලාගත්තා..

"මොකද වෙව්ලන්නේ??"

"නෑ මේ..."

"කෙල්ලෙක්ට ආදරේ කරලම නෑ වගේ"

"නෑ තමා.. මන් ඔය එකෙක්ටවත් ආදරේ කලේ නෑ"

"හ්ම්ම්ම් දැන් කරන්නකෝ"

"කියල දෙනවද??"

"ඇයි යාලුවෝ දන්නෙ නැද්ද??"

"උන් දන්නෙත් නෑනේ කෙල්ලො හුරතල් කරන්න 😂😂"

මෝහා ජූන්ට ලොකු සහනයක් වුනා.. මෝහා ජූන් මොන වගේ කෙනෙක්ද කියලා දැන දැනම ආදරේ කරනවා.. අපි සුරංගනා ලෝකෙන් එලියට එමුකෝ.. ඇත්තටම ආදරේ කරන කෙනා මොන වගේ උනත් අපි ආදරය කරනවා.. අපිට ඕනේ වැරැද්දක් තියනව නම් ඒක හදාගෙන එයාට ආදරේ කරන්න.. අන්න ඒකයි කතාවක් තියෙන්නෙ හදාගන්න බලාගෙන ආදරේ කරන්න එපා කියලා..

Time passed

"කට්ටිය තාම ලෑස්ති වෙනවද??"

"එනෝ"

ආකී ඇරුනම හැමෝම ලස්සනට ඇදගෙන පහලට ආවා.. කොල්ලො ටික කුමාරයෝ වගේ..

නෝරා එමී ලස්සන දිග ෆ්‍රොක් එකක් ඇදලා හිටියේ.. ජිමින් ඇන්ඩ් ටේ නෝරා ඇන්ඩ් එමී ලගට ගියේ හෙන ගැම්මෙන්..

"කෝ ජූන්??"

"ඌ එතනට එන්නම් කියලා ගියේ"

"ජේන් කෝ??"

"අර යකා කාමරේ ලග කැරකෙනවා උදේ ඉදන්.. ඒ කෙල්ලට ඇදගන්නත් නෑ"

"ඕයි සුගා.. වරෙන්කෝ"

ඊයේ අඩලා අඩලා සුගාත් ජේන්ව කැමති කරගත්තා.. කෙල්ලට නම් තාම හොදක් නෑ.. ඒත් ප්‍රශ්න අමතක වෙන්න පාටි එකට එන්න කැමති වුනා.. ඉතින් සුගා උදේ ඉදන් ජේන්ගේ රූම් එක ලග ඒ කියන්නේ ආකීගේ රූම් එක ලග කැරකෙනවා..

"වාව් ජේන් ඒක ලස්සනයි.."

"හ්ම්ම් මේක හොදයි.. නැත්තම් ඇගේ පාරවල් පේනවා 🥺"

"ඕක ලස්සනයි.. පරණ දේවල් අමතක කරන්න"

"එහෙම කියන ඔයා ඇයි පරණ මතක එක්ක??"

"සමහර දේවල්වලින් ඈත්වෙන එක හොදයි ජේන්.. දැන් ඕවා හිතන්නෙ නැතුව යන්න.. අර යකා රූම් එක ඉස්සරහ"

"අනේ මන් මේ යන්නේ එයාව නලවන්න නෙමෙයි.."

එහෙම කියාගෙන ජේන් රූම් එකෙන් එලියට යනවත් එක්කම දැක්කේ කුමාරයෙක් වගේ ඉන්න සුගාව.. කෙල්ලට ලෝභ හිතුනත් සුගාව ගණන් ගන්නෙ නැතුව පහලට යන්න හැදුවේ.. ඒත් එක පාරටම සුගා ජේන්ව ඇදලා ලගට ගත්තා..

"ඇයි මාව දැක්කෙ නැද්ද??"

"දැක්ක නිසානේ යන්න හැදුවේ"

"අද ඔයා මගේ පාට්නර්.. මාත් එක්කම ඉන්නවා"

"හ්ම් දැන් අතාරිනවද මගේ අත??"

ජේන් ඇහුවේ සුගා තද කරලා අල්ලගෙන ඉන්න අත දිහා බලලා.. සුගා අකමැත්තෙන් අත ඇරලා ජේන්වත් එක්කන් පහලට ගියා.. ආකීත් දෙන්න පිටිපස්සෙන් පහලට ආවේ ඩෙනිමකුයි නිකන් ටී එකකුයි ඇදගෙන..

"ආකී කොහෙද යන්නේ??"

"මන් කිව්වේ වැඩක් තියනවා කියලා"

"මන් යනවා.. මන් ජියාරව එක්කන් එතනට එන්නම්"

ආකීව දැක්ක ගමන් කුකී එතනින් ගියේ නිකන් පලිගන්න වගේ..

Time passed

කට්ටියම රෑ හත වෙද්දී ජින් ලෑස්ති කරපු හොටෙල් එකට ආවා.. කපල් ඔක්කොම හිටියත් ආකී වගේම ජිනුත් පේන්න හිටියේ නෑ.. කුකී ජියාරා එක්ක ආව ගමන් මුලින්ම බැලුවේ ආකීව.. අහම්බෙන් හරි ආකී ඇවිල්ල ඇති කියල හිතලා.. ඒත් කොල්ලට අවුල් ගියේ ආකී විතරක් නෙමෙයි ජිනුත් නෑ කියලා..

"කෝ ජින් හ්‍යොන්ග්??"

"ආකී එක්ක ගියා"

"මොකක්?? 😓😡"

"ඔව් කෙල්ලව තනියම යවන්න බෑනේ"

ඒ වෙලේ ඉදන් කට්ටිය විනෝද උනත් කුකී හිටියේ හාරසිය ගාණට නැගලා.. ජියාරටත් වෙන කතා කරන්න කෙනෙක් නැති නිසා කුකී ළගට වෙලා හිටියේ..

"ජේකේ.. "

කතා කලාට කුකී හිටියේ වෙනම ලෝකෙක..

"කුකී...."

කුකී කියල කතා කරපු ගමන් කුකී ගැස්සිලා බැලුවා.. මොකද කුකී කියලා එහෙම කතා කරන්නේ ආකීනේ..

"ඇයි මේ අවුලෙන්??"

"මුකුත් නෑ"

"ඔයාට ඉන්න බැරි නම් අපි යමුද??"

"බෑ.."

.
.
.
.
.
.
.

කට්ටිය කාලා බීලා කරලා හිටියේ.. ජිමින්ට ජූන්ට ටිකක් වැඩී.. නෝරායි මෝහයි බැන බැන දෙන්නව ආම්බාම් කරනවා.. ඒ අතරේ ටේ කතා කලේ කට්ටියට නටන්න.. ඔක්කොම හිටියේ කපල් නේ.. හොබියත් ජූඩව එක්කන් ආවනේ.. කට්ටියම නටන්න යන්න හැදුවත් කුකී ගියේ නෑ.. එක පාරටම ඩෝ එක ඇරුනා.. ඔක්කොගෙම ඇස් ගියේ ඒ පැත්තට..

"ඔන්න අපිත් ආවා"

ජින් ආකීවත් එක්කගෙන ඇවිල්ලා.. දෙන්න දැන් බැන්ද ඩබල වගේ.. ජින් ෆුල් කිටක් ගහලා.. ආකී ලස්සන ෆ්‍රොක් එකක් ඇදලා..

"වාව්... මේ උබලා දෙන්න හොරෙන් බැන්දද??"

"ඔව් මේ බැදලා එන ගමන්"

කුකීගේ තිබ්බ කම්මැලිකම මැකිලා ගියාට හිතේ කොනක පොඩි දුකක් තිබ්බා.. කොල්ලා කොච්වර නපුරා උනත් පොරට ආකී ජින් එක්ක ඉන්න එක ටිකක් හිත අවුල් යන වැඩක්..

"අපි ඩාන්ස් කරනවා.. දෙන්න එන්න"

එමී කතා කලාට ආකීට ඒකට කැමැත්තක් තිබ්බෙ නෑ.. ආකීට ඕනේ උනේ නෑ කුකීට රිද්දන්න මේ වගේ දේවල්වලින්....

"අයියෝ එනවකෝ..."

කට්ටියගේ බර බරේට ආකී ජින් එක්ක ඩාන්සින් ෆ්ලෝර් එකට ආවා..

"කුකී වරෙන්"

ජින් අනිත් පැත්තට කුකීටත් කතා කරද්දී කුකීත් ජියාරව එක්කන් ඩාන්සින් ෆ්ලෝර් එකට ගියා..

ජින් ආකීගේ මූන දිහා බලාගෙනම ඩාන්ස් කලත් ආකීට ඒක ලොකු අහපසුවක් උනා.. ආකීගේ ඇස් කොනෙන් ආකී හිටියේ කුකී ළග.. ජියාරා එක්ක ඩාන්ස් කලත් ඇස් කොනෙන් කුකී හිටියෙත් ආකී ලග..

කාලෙකින් හම්බුන ආදරය ආකී කුකී ඇරුනම අනිත් හැමෝම ලස්සනට වින්දා..

ජේන්ටත් සුගා ඉස්සරහා නපුරුකම පෙන්නන්න බැරිඋනා..

ටික වෙලාවක් කාලය එහෙම්ම යද්දී කුකී ජියාරගේ අත ගසලා දාලා කෙලින්ම ගියේ ජින් ආකී ඉන්න තැනට.. ජින් වගේම ආකීත් බය වුනා..

"කුකී මොකෝ බන්??"

ජින් කතා කලත් කුකීගේ ඇස් තිබ්බේ ආකී ලග.. දෙපාරක් නොහිතා ආකීගේ අතින් ඇදලා ගත්ත කුකී ආකීවත් ඇදගෙන එතනින් ගියේ පඩිපෙල පැත්තට.

"මොකද මේ?? අතාරින්න"

"කට පියන් එනවා"

"ජේකේ... ආව්.. මගේ අත අනේ"

"මට තමුසෙට වඩා රිදෙනවා ඕයි"

ආකීව ඇදගෙන ගිය කුකී නැවතුනේ කාමරයක් ලග.. කුකී සාක්කුවෙන් ගත්ත මොකක්ද කාඩ් එකක් ඒකට ඇල්ලුවා.. ඒ එක්කම ඩෝ එක ඇරෙද්දී කුකී ආකීවත් ඇදගෙන ඇතුලට ගිහින් ඩෝ එක ආයේම ලොක් කලා..
.
.
.
.

"කුකී...."

කුකී ආකීව ඇදගෙන යනකොට ජියාරා පස්සෙන් යන්න හැදුවත් මෝහා ජියාරව නතර කලා..

"එයාලට කතා කරන්න දෙන්න"

"කුකී මගේ"

"කුකී ආකීගේ..."

ජියාරට මෙතන මුකුත් කියන්න බෑ.. මොකද එයා දන්නවා ඔක්කොම ඉන්නේ ආකීගේ පැත්තේ කියලා..
.
.
.

At room

"මේ ඩෝ එක අරින්න"

ආකී ඩෝ එකට ගහ ගහා කෑගැහුවා..

"අරින්නෙ නෑ.. "

"මොකක්ද මේ කරන්නේ? ඔක්කොම බලාගෙන ඇති"

ඒ එක්කම කුකීට මැසේජ් එකක් ආවා.. ආකීගේ කෑගැහිල්ල මැද්දේ කුකී ඕනවට එපාවට ආව මැසේජ් එක බලද්දී ඒ ජින් හ්‍යොන්ග්.. කුකී ටග්ගලා ඒක ප්ලේ කලා.. ඒක විනාඩි ගාණක විඩීයෝ එකක්.. කුකී යව යව ඒක බලද්දී දැක්කේ ඒ එදා ජියාරගේ ගෙදර කියලා..

කුකීට ජියාරා එක්ක ආවේ මරන්න තරම් තරහක්.. ජියාරා ඔක්කොම ප්ලෑන් කරලා කරලා තියෙන්නේ.. අර ලේ පැල්ලම් පවා ජියාරා දාපුවා..

වීඩියෝව බලද්දී කුකීට අමුතු සතුටක් ආවා.. ලාවට හිනාවක් ඇදුන කුකී දිහා ආකී බලන් හිටියේ පුදුම තරහකින්..

"මේක අරිනවා"

කෑගැහිල්ලට කුකී ආකී ලගට ළං වුනා.. ආකීගේ අත් දෙකම ඩෝ එකට තද කරලා අල්ල ගත්ත කුකී හෙමින් හෙමින් ආකීට බර වුනා.. ආකී මූණ දැපැත්තට ගැසුවේ එයාට මෙහෙම දෙයක් ඕනේ නෑ කියල අගවන්න.. කුකීගේ ලගින් ආවේ තද ඇල්කොහොල් ගදක්..

"කුකී අහකට යනවා.. මට හුස්ම ගන්න බෑ.."

එහෙම කිව්වම කුකී ආකීව ඇදලා අරන් ඇදට තල්ලු කලා.. තල්ලු කරලා ෆෝන් එකත් ආකීවේ ලගට විසික් කරලා වොශ්රූම් එකට ගියේ මූණ පොඩ්ඩක් හෝදගෙන එන්න...

කුකී ගියාට පස්සේ ආකී ෆෝන් එක අරන් බලද්දී දැක්කේ ජින්ගෙ මැසේජ් එක.. ආකීත් දෙපාරක් නොහිතා ඒක ප්ලේ කලේ ඒ ජින් එව්ව එකක් නිසා..

ආකී ඇදෙන් නැගිට්ට නෙමෙයි නැගිටුනා.. විනාඩි ගාණක විඩීයෝව බලපු ආකීට ජියාරා මෙච්චර පහත් දෙයක් කලේ කොහොමද කියලා හිතාගන්න බැරිවුනා..

ආකී හිතුවේ ඇත්තටම කුකීගේ අතින් මොකක්හරි වෙලා කියලා.. ආකී කියන්නේ ලංකාවේ කෙල්ලෙක්නේ.. අපි දන්නවනේ සාමන්‍යෙන් කෙල්ලෙක්ට වෙන්න පුලුවන් නරකම දේ.. එහෙම දෙයක් උනාම වෙන රටක ඒක සාමාන්‍යයෙන් හිතන්නෙ නැතුව ඉන්න පුලුවන් උනාට අපේ රටේ එහෙම බෑ.. ආකී හිතුවේ කුකීගේ අතින් එහෙම වෙලා නම් කෙල්ලෙක් විදිහට තව කෙල්ලෙක්ට එහෙම කරන එක වැරදී කියලා.. අනික් අතට කොච්චර ආදරේ කලත් විශ්වාස කරන්න පුලුවන් සාක්ශී තියෙද්දී අපි අසරණ වෙනවා.. ආකී කොච්චර ආදරේ කලත් ඒකයි කුකීගෙන් ඈත් වෙන්න තීරනය කලේ.. ඒත් ආකී කවදාවත් ජියාරා මෙහෙම දෙයක් කරාවී කියලා හිතුවේ නෑ..

වොශ්රූම් එකේ ඩෝ එක ඇරෙනවත් එක්කම ආකී ඒ පැත්ත බැලුවේ කදුලු පිරුන ඇස්වලින්..

"මොකද??"

කුකී ඇදන් හිටිය ටී එක ගලවලා ඇදේ පත්තට දාන ගමන් ටවල් එකෙන් මූණ පිහ දා දා හිටියේ..

ජනේලේ ලගට ගිය කුකී ජනේලෙන් එලිය බලාගෙන හිටියේ... ටික වෙලාවක් යද්දී ඉකි ගහන හඩට කුකී හැරෙද්දී ආකීගේ ඇස්වලින් කදුලු බේරෙනවා..

"ඇයි දැන් අඩන්නේ?? "

"මට.... මට සමා... සමාවෙන්න"

" මොකටද?? දැන් ඇත්ත දැනගත්තනේ"

"හ්ම්ම්ම් ජියාරා එහෙම කෙනෙක් කියලා මන්"

"හැබැයි තමුසේ මන් එහෙම කෙනෙන් කියලා හිතුවා"

"නෑ... කුකී"

ඇද ලගට ආව කුකී ශර්ට් එක අරන් ආයේ ඇදගත්තා..

"යමු.. කට්ටිය බලන් ඇති.."

"හ්ම්ම්... "

ආකීගේ උත්තරේ එක්ක කුකී ආකීව ලගට ඇදලා ගත්තා..

ඒ එක්කම කුකීගේ ෆෝන් එක රින්ග් උනා.. ආකීව තමන්ට තද කරගෙන කුකී කෝල් එක ආන්ස්වර් කලා..

"උබලා ඩෝම් එකට යන්නේ නැද්ද??"

"උබලා පලයන්.. මායි ආකී එන්නම්"

"ආව්ව්ව්ව්ව් ආව්ව්ව්ව් කොල්ලා"

ඒ එක්කන කෝල් එක කට් කරපු කුකී ෆෝන් එක ඇදට විසික් කලා..

.
.
.
.

"අපි යමු...අද පැනි හද බලයි වගේ.. "

මේ කියන දේවල් ජියාරට නම් පිහියෙන් අනිනවා වගේ වුනා..

"මොනාද වෙන්නේ?? මට ජේකේට කතා කරන්න ඕනේ"

"ඇයි එදා රෑ රගපාපුවා පෙන්නද??"

"මොකක්??"

"මේවා..."

ජින් ඒ එක්කම එදා ජියාරා කරපු ඔක්කොම හැමෝටම පෙන්නුවා.. ජියාරට මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරිවුනා..

ඒ එක්කම මෝහගේ අත නැවතුනේ ජියාරගේ කම්මුලේ..

"තමුසේ මාර ජරා ගෑනියෙක්"

"ඔව් ඇයි මොකද??"

"ශික් මන් තමුසෙව විශ්වාස කරලා මෝඩ වැඩක් කලේ.."

තවත් එතන ඉන්න ශක්තියක් ජියාරට තිබ්බෙ නෑ.. කට්ටියටම ඔරවගෙන ජියාරා එලියට දිව්වේ එක පැත්තකින් ඇස් දෙකේම කදුලු පුරවගෙන.. මොකද එයා හිතුවේ කුකී දැන් එයාගේ කියලනේ..

"මට සමාවෙන්න..මන් දැනන් හිටියේ නෑ එයා"

"උන දේ උනා..දැන් ඕක හිතන්න එපා..අපි යමු"

කට්ටියම කරට අත දාගෙන එලියට ගියේ ඩෝම් එකට යන්න.. කට්ටියගෙම සතුට දිහා තව කෙනෙක් ඇස් යොමාගෙන බලන් හිටියේ...
.
.
.
.

"දැන්වත් තමුසෙට මාව ශුවර් ද??"

"හ්ම්ම්ම්"

කාමරය පුරාම නිහඩබව පිරිලා.. කුකීගේ පපුව අස්සේ ආකී ගුලිවෙලා හිටියේ කාලෙකින් දැනුන ඒ ආදරය විදින්න.. කුකී පුලුවන් තරම් ආකීව තමන්ට නතු කරගත්තා.. ටික වෙලාවක් එහෙම්ම හිටිය දෙන්න මදකට දෙන්නගෙන් ඈත් වුනා..

"අපි යමු.. ඔයා බීලා ඉන්නේ"

"බීලා හිටියත් කොල්ල සිහියෙන්"

"දන්නවා දන්නවා.. මොකට කියනවද??"

"පෙන්නද??"

"මොනාද??"

ආකීට කතා කරගන්න උනේ එච්චරයි.. ආකීව අත් දෙකෙන්ම ඉස්සුව කුකී බර උනේ ආකීගේ තොල්වලට.. ටික වෙලාවක් ලැජ්ජවෙන් අයින් වෙන්න හැදුවත් ආකීත් තප්පර ගාණකින් ඒකට නතු උනා.. ආකී ආකීගේ කකුල් දෙකම කුකීගේ ඉන වටේ යවලා කුකීව තමන් සතු කරගත්තා.. කුකී එහෙම්ම ගියේ ඇද ලගට... මුලු කාමරයෙම තිබ්බේ ලා එලියක්.. ජනේලේ කර්ටන්ස් එහාට මෙහාට වෙන සැරයක් ගාණේ හද එලිය කාමරයට වැටුනා..

කුකී ආකීව ඇද උඩින් පරිස්සමට තියලා ආකීගේ ඇගට බර වෙන්න හැදුවා.

"කුකී අපි යමු..."

"ඇයි?? ප්ලීස්"

"බට්... මේක වෙලාව නෙමෙයි"

ආකීට මුකුත්ම කතා කරගන්න නොදී කුකී බර උනේ ආකීගේ බෙල්ලට..







Plz vote and comment, if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top