Let's stop this 💔
ඒ වෙලේ හෙමින් ආකීව ශේප් කරගත්තේ මට කියන්න වෙන මුකුත් නැති වුන නිසා.. අපි බලාගෙන ඉද්දිම ඩොක්ටර් කෙනෙක් එලියට ආවේ ඔපරේශන් වෝඩ් එකේ ඉදන්..
"😓😓😓😓😓"
ඩොක්ටර්ගේ මූණ ඒ තරම් හොද උනේ නෑ...
"ඩොක්ටර් පේශන්ලට කොහොමද??"
"තාම බලනවා මිස්ටර් ජින්.. ඔයාලගේ ගාඩ්ලගෙන් දෙන්නෙක් නම් නැති වුනා.."
"වට්?? 🥺 ඩොක්ටර් අපේ කොල්ලො ටික??"
"බොරු කියන්න ඕනේ නෑ මට, එයාලගෙත් සිටුවෙශන් එක ටිකක් රිස්කි"
එහෙම කියපු ඩොක්ටර් එතනින් යන්න ගියා..
"කුකී දැන් අපි මොකද කරන්නේ??"
"අනිද්දට අපි ප්ලෑන් කරපු විදිහටම වැඩේ වෙනවා"
"බට්??"
"අපි තුන් දෙනා මේක කරනවා"
"ඔව්... කුකී හරි"
"ජූන් කිව්ව විදිහට උන් ක්ලබ් එකේදී මීට් වෙන්න ඉන්නෙ.. උන් කොරියාවලට අනිද්දා උදේම එනවලු"
"ඕකේ..අපි උන්ව නවත්තන්න ඕනේ"
"බට් අපිව ඩේවිඩ් දන්නවා"
"ඔව්ව්ව් බට් අපිට වෙනස් වෙන්න පුලුවන්.. මේ වෙලේ කාවවත් ශුවර් කරන්න බැරි නිසා අපිට මේක වෙන කට්ටිය දම්මලා කරන්න බෑ ජින් හ්‍යොන්ග්"
"හ්ම් ඔව් ඕනේ එකක් මටත්.. එක්කො උන්, නැත්තම් අපි"
"නෑ උන් ඔක්කොම ඉවර කරනවා.. මගේ හ්‍යොන්ග්ලට මෙහෙම කරපු එකෙක්වත් මන් අත අරින්නෙ නෑ"
ජින් කුකීගේ පිටට තට්ටුවක් දැම්මේ ටිකක් කූල්ඩවුන් කරන්න හිතාගෙන.. කලින් කිව්ව වගේම කොච්චර මිනී මැරුවත් කොච්චර අපරාධ දැක්කත් මේ හත් දෙනාට තමන්ගේ කෙනෙක්ට හීරිමක්වත් වෙනවා බලන් ඉන්න බෑ.. කුකීට ලොකු කේන්තියක් තිබ්බේ ඊයේ මේ වෙලේ එයාගේ හැසිරීමත් මතක් වෙලා..
"කුකී කලබල වෙන්න එපා.. අපේ අයට මුකුත් වෙන්නෙ නෑ"
ලග තිබ්බ පුටුවෙන් වාඩිවුන කුකී ලගින් ඉදගන්න ගමන් ආකී කිව්වා... ඒ එක්කම කුකී ආකීව තද කරලා තමන්ට තුරුල් කරගත්තා..
"ආකී.. තමුසෙට කරදරයක් නෑනේ??"
"නෑ මන් ඒ වෙලේ වොශ්රූම් එකේ හිටියේ.."
"හ්ම්ම්ම් ලොකු දෙයක්... තමුසෙට මොනාහරි උනා නම්"
"උනේ නෑනේ..."
"වෙලාවට තමුසේ වොශ්රූම් එකේ හිටියේ,නැත්තම් පණ්ඩිතය වගේ ඔක්කොම ඉස්සරහට ගිහින් වෙඩි කාලා 😓"
"අනේ ඉන්නවා"
මේ දෙන්නගේ කතාව දිහා ජින් බලන් හිටියේ කට කොනට පොඩි හිනාවක් එක්ක..
අන්තිමට ඊයේ රෑ සිද්දියෙන් බේරුන ජින් කුකී ඒ වගේම ආකී තනියම මේක කරන්න තීරණය කලා..
Time passed
පැය දෙකක් වගේ බලාගෙන ඉන්න අපිට වුනා.. ඒ අතරේ හෙඩ් ඔෆිස් එකෙන් මේ ගැන හොයන්න වෙනම සෙට් එකක් දාලා තිබ්බා..මොකද ඩෝම් එකට එන්නත් කෙනෙක්ට ලේසි නෑ..අනික එහෙම පිටට තැන යන්නත් බෑ.. මේවා අනතුරුදායක වැඩි..
"අන්න හ්‍යොන්ග්"
එලියට එන ඩොක්ටර්ව පෙන්නපු කුකී ජින් එක්කම ඩොක්ටර් ළගට දිව්වා..
"ඩොක්ටර්??"
"කලබල වෙන්න එපා.. එයාලගේ ඔපරේශන් එක නම් ඉවරයි.. කට්ටියව වෝඩ් වලට දානවා"
"එයාලට ප්‍රශ්නයක් නෑනේ"
"මෙහෙමයි, රිස්කි ගතිය තාම තියනවා..බට් දැන් එයාලට ඕනේ රෙස්ට් එක"
"හ්ම්ම් ඕකේ ඩොක්ටර්"
එහෙම කියල ඩොක්ටර් යනවත් එක්කම ඔපරේශන් තියටර් එකේ ඉදලා එක එක්කෙනා අරන් ගියේ වෙනම VIP රූම්වලට.. ඒ හැම රූම් එකකටම ලොකු ගාඩ් එකක් හෙඩ් ලව්වා දැම්මෙව්වෙ ආයේ කොහොමත් ඊයේ ආව උන් එන්න ඉඩ තියන නිසා..
............
............
"හෙලෝ...."
"ඩේවිඩ්.. මන් තමුසෙට ඕනේ"
"ශ්ශ්ශ් උබ කාටද 🤬🤬🤬 කතා කරන්නේ??"
"ඇයි මට ඕනේ දේ කලේ නැත්තේ??"
"කට පරිස්සමෙන් කතා කරපන්.. උබට එක උණ්ඩයයි මට යන්නේ.. "
"ආකී තාම ඉන්නේ කොහොමද??"
"ඒක වෙන්න බෑ.. අපේ උන් ඒ වෙලේ එතන හිටිය ඔක්කොටම වෙඩි තියලා"
"හැබැයි උන් එකෙක්වත් මැරිලා නෑ"
"එක පාර මැරෙන්නෙ නෑ.. දැන් උන්ට මගේ වැඩවලට අත දාන්න බෑ.. ටික ටික මැරෙයි"
"මට උන් කොහොම මැරුනත් කමක් නෑ..ඒත් ආකී"
"උබට කිව්වා,ඒ වෙලේ උබ කිව්ව තැන හිටිය ඔක්කොටම වෙඩි තිබ්බා"
"ඒ කියන්නේ ආකීත් ඊයේ ඩෝම් එකේ ඉදලා නෑ??"
"වෙන්න පුලුවන්"
"ඒකීව මරන්න ඕනේ..."
"උබ මට ලොකු උදව්වක් කලේ.. ඒකට උබට ඒ කෙල්ලව මන් ගෙනල්ල දෙන්නම්"
"ඔව් මට ඒකී මගේ ඉස්සරහා මැරෙන්න ඕනේ.. මගෙන් ජේකේව උදුරගත්තා.. 🤬🤬🤬"
ආදරය නිසා පිස්සු වැටුන අය ඕනේ තරම් ඉන්නවා.. තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ලග ඉන්නවා බලන්න බැරි වගේ... නිකන් පිස්සුවක් වගේ ඒක.. ජියාරත් ඉන්නේ ඒ වගේ සිටුවේශන් එකක්.. එයාට ආදරය එක්ක ලොකු පෙරේතකමක් තියනවා කුකී ගැන.. ඉතින් එයාට ආකී කියන්නේ ලොකු තරහකාරයෙක්....
.
.
.
.
.
.
.
At hospital
"කුකී උබලා ඩෝම් එකට පලයන්"
"නෑ නෑ අපිත් ඉන්නවා"
"ආකීට මහන්සි වගේ.. ඊයේ රෑ ඉදන්"
"මට හ්‍යොන්ග්ටත් අරම වෙනවා බලන්න බෑ"
"යකෝ මේ හොස්පිටල් එක"
"බෑ"
"වොශ් එකක් දාගෙන වරෙන් ගිහින්.. උබට එපා උනාට ආකීට ඕනේ ඇති"
ඒ කිව්වම කුකී බැලුවේ ආකී දිහා.. ආකී හිටියේ බිත්තියට ඔලුව තියන් ඇස් දෙකත් පියාගෙන..
"බබා..."
ආකීගේ උරහිසෙන් අල්ලලා කුකී හෙමින් ආකීට කතා කලා..
"අහ්හ් ඕ.. ඇයි?? කට්ටියට සිහිය ආවද?"
"නෑ නෑ.. අපි ගිහින් චේන්ජ් කරන් එමුද??"
"ඕනේ නෑ කුකී"
"ආකී...ගිහින් වොශ් එකක් දාන් එන්න.. එන ගමන් මටත් ඇදුමක් ගෙන්න"
"එහෙනම් අපි ටග්ගාලා ගිහින් එන්නම්.. ජින් හ්‍යොන්ග් ඔයා කොහෙවත් යන්න එපා ප්ලීස්.. මට බයයි"
"මෝඩයා... බය වෙන්න එපා"
කුකීගේ පිටට තට්ටුවක් දාලා ජින් ගියේ ජූන්ගේ රූම් එක පැත්තට.. ආකීවත් එක්කන් කුකී ආවේ කාර් පාර්ක් එකට..
ආකී සහ කුකී අතරේ මගක් එනකන්ම කිසිම කතාවක් තිබ්බෙ නෑ.. කුකී ලොකු කල්පනාවක ඩ්‍රයිව් කලේ..
කල්පනාවේ ගිය කුකී ගැස්සුනේ එක පාරට ආව මැසේජ් එකට. කුකී ෆෝන් එක අරන් බලද්දී ඒ ජියාරා.. කුකීගේ ඇස් ගියේ ආකී ලගට.. ආකී එලිය බලාගෙන බර කල්පනාවක..
"ජේකේ... ආයේ අරුන් ආවා.. මට බයයි, ප්ලීස් එන්න.."
Jk pov
මන් මොකද කරන්නේ?? ආකීට මේ ඔක්කොම කියන්න ඕනේ මට.. ශික් ඇයි මන් ඊයේ ගියේ?? ජියාරා තමුසේ මට ගැලවෙන්න දෙන්නෙම නැත්තේ ඇයි?? මේක වදයක් උනානේ.. මන් කොහොමද ඒකී ලගට යන්නේ.. අනික මන් මොකටද යන්නේ??
Pov end
කුකී රිප්ලයි නොකර ආයේ ෆෝන් එක සක්කුවට දාගන්න යද්දිම ආයේ මැසේජ් එකක් ආවා..
"කවුද කුකී??"
"අහ්හ්හ්හ් නෑ බබා..මේ කැම්පස් එකේ"
"අහ්හ් ඇයි හදිස්සියක්ද??"
"නෑ නෑ"
ආකී ආයේම ශටර් එකට ඔලුව තියාගත්තේ ඇස් දෙකත් පියාගන්න ගමන්.. කුකී ඒ වෙලේ ආයේ ෆෝන් එක දිහා බැලුවා..
"ඔයාට වදයක් නේද?? සොරි ජේකෙ.. මට බයයි.. උන් මාව මරයි"
"ඉන්න.. මන් එන්නම්"
කුකී රිප්ලයි එකක් දැම්මේ දිගටම මැසේජ් එන එක නවත්තන්න...
පැය භාගයක් වගේ යද්දී කුකී ආකී එක්ක ඩෝම් එකට ආවා.. කාර් එක නතර කලාම දැක්කේ ආකී හොදටම නිදී.. කුකී ආකී ලගට බර වෙලා නලලට පොඩි හාදුවක් තිබ්බේ ලොකු හුස්මක් පිට කරන ගමන්..
"බබා... මන් මේ මොකක්ද කරගත්තේ.. මට බයයි ඔයා මේව දැනගෙන මට වයිර කරයි කියලා"
කුකී හිතුවේ ජියාරා ගැන බයකට නෙමෙයි.. නමුත් ආකී මේවා දැනගත්තොත් හැමදාටම තමන්ට වයිර කරයි කියන බයට..
"ආකී.... අපි ආවා"
"අහ්හ්හ්හ්හ්"
ආකී අමාරුවෙන් ඇස් අරිද්දී කුකී හිටියේ ආකීගේ මූණට එබිලා.. ආකී තමන්ගේ තොල් කෙලින්ම තිබ්බ කුකීගේ තොල්වලට ඉක්මන් හාදුවක් දීලා කාර් එකෙන් බැහැලා ඉක්මනට ගියේ ඩෝම් එක ඇතුලට.. කුකී තාමත් කාර් එකේ..
"ශික්.. මන් මොකක්ද කරන්නේ?? එක්කෝ මන් ඇත්තම කියනවා.. ඒත් එහෙම කිව්ව කියලා ආකී මේක වැරදියට හිතන එක නවතීද??"
කුකී තනියම හිත හිත ඉදලා කාර් එකෙන් බැහැලා රෝදෙටත් පයින් ගහන් ඇතුලට ගියා.. ඇතුලම මූසල පාටයි.. වෙනදට හැමෝගෙම කියවිල්ල එක්ක තිබ්බ ඩෝම් එක කනත්තක් වගේ වෙලා.. බඩු කැඩිලා..
කුකී කෙලින්ම ගියේ ජින්ගේ රූම් එකට..ගිහින් ඩෙනිමකුයි ශර්ට් එකකුයි අනිත් ඕනේ කරන දේවලුයි බෑග් එකකට දාගෙන ආවේ ආකීගෙ රූම් එකට..
"ආකී ඔයා තාම වොශ් දානවද??"
"ඔව්ව් ඔයත් දාගෙන එන්න"
"අරින්න ඉතින් ඩෝ එක"
"අනේ මේ කුකී... යනවා ගිහින් වොශ් දාන් එන්න"
"හරි හරි අරින්න බෑනේ"
මූණත් ඇඹුල් කරන් යන්න හදද්දී කුකී කණ්නාඩියෙන් දැක්කේ ශර්ට් එකේ කොනක ලිප්ස්ටික් පාරක් තියනවා.. කුකී ඒ ක්ශනිකයෙන් ආකීගේ රූම් එකෙන් එලියට ආවා..
"අම්බෝ... තව පොඩ්ඩෙන් ඉවරයි"
Time passed
කුකීත් වොශ් දාගෙන ජින්ටත් ඇදුමක් අරන් ආකීත් එක්ක ආයේ හොස්පිටල් එන්න එලියට බැස්සේ.. එතකොටම ජියාරගෙන් කුකීට කෝල් එකක් ආවා.. කුකී ආකීට බෑග් එකත් දීලා කාර් එකට නගින්න කියලා පැත්තකට ගියේ කෝල් එක ආන්ස්වර් කරන්න..
"යෙබ..."
"කතා කරන්න එපා ඕයි මට"
"ඔයා එනවා කිව්වනේ"
"මන් ඉන්නේ ආකී එක්ක.. ප්ලීස් ජියාර ආකී මේවා දැනගත්තොත්"
"හ්ම්ම්ම් ඒත් මන් ගැන?? මට දැන් හැමදේම නැති වෙලා ඉවරයි"
"ජියාරා මන් කියන දේ අහනවා"
"ඕනේ නෑ.. ඔයා ආකී ගැන බලාගන්න.. මන් ඔයාට ආදරය කලා..ඒ නිසා මගේ හැමදේම දුන්නා"
"තමුසේ කෙල්ලෙක් වෙලා අවසිහියෙන් හිටිය මන් ඔච්චර දෙයක් කරනකන් මොකද ඕයි කලේ?"
"හරි හරි ඔයා එන්න ඕනේ නෑ.. මන් නේ මේ ඔක්කොම කලේ.. ඩේවිඩ්ගේ උන් මාව මැරුවම ඔයාලට හරිනේ..මට ඕනේ උනේ තමුසෙලාට උදව් කරන්න, බට්"
"ඉන්නවා මන් ආකීව හොස්පිටල් එකට දාලා එන්නම් කතා කරන්න"
එහෙම්ම කෝල් එක කට් කරපු කුකී කේන්තියෙන් ඇවිල්ලා කාර් එකට නැග්ගා.. නැග්ග ගමන් කිසි කතාවක් නැතුව කාර් එක ස්ටාර්ට් කරගෙන පුලුවන් උපරිම වේගෙන් හොස්පිටල් එකට ඩ්‍රයිව් කලා..
"කුකී මොකද අවුලක්ද??"
"නෑ..."
"මොකද බොරු කියන්නේ??"
"නෑ කිව්වනේ"
"හ්ම්ම් අහ් කොහෙද ඊයේ ගියේ කියනවා"
"මගුලේ"
"මොකක්??"
"ඔව් මගුලේ.. පොඩ්ඩක් ඉන්නවකෝ කට පියන් රෙද්ද"
"හ්ම්ම්"
කුකී ජියාරා එක්ක හිටිය කේන්තිය පිට කලේ ආකීගෙ පිටින්.. ඔව් ඉතින් කොහොමත් ඊයේ ගියේ කොහෙද කියල කියන්නත් බෑනේ..
ආකී ආයේ කිසිම දෙයක් අහන්නෙ නැතුව ශටර් එකෙන් එලිය බාලාගෙනම ගියේ කුකීගේ ලොකු වෙනසක් තේරුන නිසා..
.
.
.
.
කාර් එක කාර් පාර්ක් එකේ නතර කරපු ගමන් ආකී කිසි කතාවක් නැතුවම බැස්සා.. බැහැලා ආකී ආයේ හැරුනේ කුකී බැස්සෙ නැත්තේ ඇයි කියලා බලන්න..
ශටර් එක පාත් කරපු කුකී ආකීගේ පැත්තට එබුනා..
"මන් ගමනක් යනවා.. ඔයා ඔය ඇදුම් ටික හ්‍යොන්ග්ට දෙන්න.."
"කොහෙද... හ්ම්ම් හරි කුකී"
ආකී මුකුත්ම නොකියා ඇතුලට ගියා..
"කෝ කුකී??"
"දන්නේ නෑ..කොහෙද ගියා"
"මෙච්චර රිස්කි වෙලාවක?? ඔයා ඇහුවේ නැද්ද??"
ආකී ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියල කියන්න..
"මොකක්හරි අවුලක් උනාද??"'
"අහ් නෑ ඔප්පා..."
ජින් එහෙම්ම ෆෝන් එක අතට ගත්තා..
.
.
.
"කොහෙද උබ ගියේ??"
"..........."
"විනාඩි 10යි දෙන්නේ වරෙන් ආයේ"
"............"
"ඒ මගුලකටද??"
".........."
"කාගෙන්ද??"
"............."
"හරි විනාඩි 20ක් දෙන්නම් උබට"
එහෙම්ම ජින් ෆෝන් එක තිබ්බා..
"මොකද ඔප්පා කිව්වේ??"
"මේ සීන් එක ගැන මොනාද හොයාගන්නලු.. බලමු"
"හ්ම්ම්ම්"
ජින් බෑග් එකත් අරන් ගියේ චේන්ජ් කරන් එන්න කියලා.. ඒ එනකන් ආකී කට්ටියගේ රූම් වලට ඔලුව දා දා බල බල හිටියා...
.
.
.
.
.
.
........
.........
"ආවද?? එන්න ඇතුලට"
"මොකක්ද තමුසේ මේ කරන්නේ?? මේක අහපන්"
කුකී ජියාරා ඩෝ එක අරිනවා එක්කම නිකටෙල් අල්ලලා බිත්තියට හේත්තු කලේ පුපුරන ඇස්වලින්..
"මොකද මේ??"
"තමුසේ මාව සෙල්ලමකට ගත්තද?? අහපන් මේක, ආයේ මට කතා කරන්න හිතන්නවත් එපා.."
"එහෙමද?? ඔයා ඕනේ ඔක්කොම කරගෙන"
"මොකක්ද යකෝ මන් කලේ?? මට උබ කියන මුකුත් මතක නෑ ඕයි"
"මතක නෑ.. එතකොට මේ මොකක්ද??"
ජියාරා පෙන්නුවේ එදා සෝෆා එකේ ගත්ත ෆොටෝ එක.. බැලූ බැල්මට ඒකේ කුකී ජියාරව හග් කරගෙන ඉන්නවා වගේ පේන්නේ.. කුකී ජියාරගෙන් ඈත් උනේ හිතාගන්නවත් බැරිව..
"මොකක්?? මේ මොනාද??"
"ඔව් මාත් අහන්නේ මේ මොනාද කියලා?? මන් මේ ඔක්කොම ආකීට යවනවා.. මට බෑ මේවා තනියම දරාගන්න.. ඒකීත් මේ දුක විදින්න ඕනේ"
"ආකී... ආකීව අත ඇරපන්.. මේ මුකුත් ආකී ලගට යන්න බෑ.. එහෙම උනොත් මන් උබවත් මරාගෙන මැරෙනවා යකෝ"
කුකී කෑගහගෙනම ඉන්න තැනම බිම ඉදගත්තේ කේන්තියයි දුකයි හැමදේම එක්ක..
"ජේකේ..."
"අතගනින් මගෙන්"
"හ්ම්ම් මන් ආකීට කියන්නේ නෑ.. ඒත් ඔයාට මට ආදරය කරන්න පුලුවන්ද??"
කුකී ගැස්සිලා බැලුවේ ජියාරා දිහා..
"මොනාද මේ උබ"
"මට ආදරේ කරන්න.. ආකීව අත අරින්න"
"මට බෑ ආකීගෙන් ඈත් වෙන්න"
"ඔයා මාත් එක්ක හැමදේම බෙදාගෙන ඉවරයි.. අනික මන් ඔයාට ඕනේ හැමදේම හොයලා දෙන්නම්.. ආකී මේවට විදවන්න ඕනේද??"
කුකී කිසිම කතාවක් නැතුව ඕහේ බලාගෙන හිටියේ අත මිටි මොලවගෙන..
"ඔයාම තීරණය කරන්න.."
ජියාරා කුකී ලගින් නැගිට්ටේ ආකී ගැන තර්ජනයක් කුකීගේ ඔලුවට දාන ගමන්.. ඒ එක්කම කුකීට ආයේ කෝල් එකක් ආවේ ජින්ගෙන්..
"හ්‍යොන්.."
"කොහෙද ඉන්නේ උබ?? එනවද නැද්ද??"
"හ්‍යොන්ග් මන් එන්වා.. ඉන්න"
කේන්තියෙන් කතා කරපු ජින් කෝල් එක කට් කරනවා එක්කම කුකී ජියාරගේ ගෙදරින් එලියට බැස්සා..
Jiyara pov
ඔයා යන්නකෝ ජේකේ.. ඔයාට දැන් මගෙන් ඈත් වෙන්න බෑ.. ආකී ගැන ඔච්චරම බයද?? එහෙනම් මන් ලගට එන්න..එහෙම නැති උනොත් මට ඔයාව වගේම ඔයාට ආකීව නැති වෙයි.. ඔයාම හෙමින් හිතන්නකෝ බබා..මට දැන් කලබලයක් නෑ..
Pov end
..........
.........
"කොහෙද යකෝ ගියේ?? අර කෙල්ලත් බය වෙලා"
"අහ් මන් පස්සෙ කියන්නම් හ්‍යොන්ග්.. අපේ කට්ටියට කොහොමද??"
"හොබීටයි ජිමින්ටයි සිහිය ආවා.. ඒත් තාම ඉන්නෙ රිස්කි එකේ.. අනිත් අයට තාම නෑ.. ජූනට ටිකක් අමාරුයි 😓"
"මෝහා දන්නවද??"
"නෑ..."
"කියන්න ඕනේ නේද??"
"මේ වෙලේ මට බෑ බන් ඔක්කොම බලාගන්න.. මෝහා නොදන්න එක හොදයි.. අපි මුලින් ජූන්ට සිහිය එනකන් ඉමු"
"හ්ම්ම්ම් එතකොට ජේන්??"
"සුගාට සිහිය ආවම මොකද කියන්නේ කියල මන් මේ කල්පනා කරන්නේ?? ජේන් ගැන මුකුත්ම ආරංචියක් නෑ"
"උන් මරලා.."
"ගොඩක් දුරට.. මැරුනේ නෑ කියන්න හේතුවක් නෑ"
"හ්ම්ම්ම් මොකක්ද හ්‍යොන්ග් මේ උනේ??"
"උන දේ වැඩක් නෑ.. මොකක්හරි දෙයකට තමා උබවයි ආකීවයි මාවයි ඉතුරු කලේ.. අපි මේක ඉවර කරමු.."
"හ්ම්ම් ඔව් අපි මේක ඉවර කරමු"
"හරි හරි පලයන් ආකී හොබීගේ රූම් එකේ"
"හ්ම්ම්ම් ඔකේ"
හොබීගේ රූම් එක පැත්තට යන්න හැරුන කුකීව ජින් නැවැත්තුවෙ අතින් අල්ලලා..
"හ්‍යොන්ග්????"
"අවුලක්ද??"
"නෑ නෑ"
"එහෙනම් කමක් නෑ.. පලයන්"
කුකී හිතේ ප්‍රශ්න කෝටියක් තියන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා ගියේ ජිමින්ගේ රූම් එකට.. යද්දී ජිමින් හිටියේ ඇදේ හාන්සිවෙලා කෙලින්ම තියන සිවිලිම දිහා බලාගෙන..
"අහ්හ්හ් කොල්ලා.. මොකෝ කල්පනාව??"
"උබ?? කොහෙද යකෝ ඊයේ ගියේ?? ඒත් වෙලාවට උබ නොහිටියේ..."
"හ්ම්ම් මොකෝ උබට අමාරුද??"
"ටිකක්... නෝරට තාම සිහිය නෑනේ"
"ඒක හිතන්න එපා.. ඉක්මනට ඔක්කොටම හොද වෙයි"
"හ්ම්ම් හිතට බයයි.. වෙලාවකට අපරාදේ කෙල්ලෙක් හොයාගත්තේ කියලා හිතෙනවා කුකී"
"ඒ ඇයි?"
"නෑ මීට කලින් මට මෙහෙම කා ගැනවත් බයක් දැනිලා නෑ 😓😓"
"නෝරට හොද වෙයි බන්. අපි ඉන්නවනේ..."
"හ්ම්ම්ම් බලාගනින් එයාව.. කොහොමහරි මේක කරපු උන් හොයාගනින්"
"මරනවා උන්ව මන්"
"හ්ම්ම්ම්"
ජිමින් එක්ක ටික වෙලාවක් කතා කරපු කුකී ඊලගට ගියේ හොබීව බලන්න.. ඒ යද්දී ආකීත් හොබී එක්ක ලොකු කතාවක..
.
.
.
.
.
At devid's place
"අරකි මොකද කරන්නේ??"
"ඒකී කාවද කොල්ලෙක් ගෙන්න ගන්නවා"
"අර කිව්ව එකා වෙන්න ඇති"
"ඔව් බොස්.."
"දැන්ම මුකුත් කරන්න එපා.. පස්සෙ ඕකුන් දෙන්නවත් ඉවර කරපන්.. උන් වසංගත"
"ඕකේ බොස්"
"අනිත් උන් මොකෝ??"
"ඔය ආව එකා එක්ක තව දෙන්නෙක් බේරිලා ඊයේ"
"වට්?? අපේ උන්ට වැඩක් කරගන්න බෑ 🤬🤬🤬"
"සොරි බොස්"
"අනේ නවත්තගනින්.. අනිත් උන්??"
"උන් ඔක්කොටම අමාරුයි බොස්.."
"උන්ව දැන්ම මරන්න එපා.."
"බොස්???"
"අනිද්දා මන් ලොකුම ඩීල් එකට සයින් කරනවා.. ඒ වෙනකන් ඕකුන් ජීවත් වෙන්න ඕනේ.. ඊට පස්සෙයි උන් මැරෙන්න ඕනේ"
"ඕකේ බොස්.."
"අහ් ජෝන්... අර වැඩේ??"
"මොන වැඩේද බොස්??"
" මන් කිව්ව කෙල්ලව??"
"හරි බොස්.. බංග්ලෝ එකේ ඒකී.. බොස් යන්න"
"හොදයි.. දැන් ලෑස්ති කරපන් මගේ කාර් එක"
එහෙම්ම ජෝන් ගියේ බංග්ලෝ එකට යන්න කාර් එක ලෑස්ති කරන්න.. ඒ අතරේ ඩේවිඩ් ලෑස්ති උනේ අදත් පොඩි කෙල්ලෙක්ගේ ලස්සන ජීවිතයක් විනාස කරන්න යන්න..
.
.
.
.
.
.
At hospital
"හොබි හ්‍යොන්ග්... කොහොමද??"
"උබ කොහෙද යකෝ ගියේ... අහ්හ්හ් අම්බෝ"
"කෑගහන්න එපා යකෝ.. අමාරුවෙවත් ඉන්නවකෝ කටපියන්"
කුකී කෑගහගෙනම ගිහින් හොබී ලගින් වාඩිවුනා.. ආකීත් හිනාවෙලා එලියට ගියේ දෙන්නට කතා කරන්න.. කුකී හොබී පැය භාගයක් විතර කතා කලා..
.
.
.
.
.
.
.
"ආකී...."
"කුකී..."
"කතා කරන්න ඕනේ"
"කියන්න.. මොකක්හරි"
"එන්න"
කුකී හොබී එක්ක කතා කරලා එලියට එද්දී ආකී ජින් එක්ක බර කතාවක්.. ආකීවත් එක්කන් කුකී ගියේ එලියෙ තිබ්බ බෙන්ච් එකට..
"කුකී මොකක්හරි අවුලක්ද??"
"මට දෙයක් අහන්න තියනවා"
"මොකක්ද??"
"ඊයේ ඩෝම් එකේ හිටිය ඔක්කොටම වෙඩි තියලා.. බට් ඔයාට?"
"මොකක්?? මන් කිව්වේ මන් හිටියේ වොශ්රූම් එකේ"
"ඒත් උන් එච්චර හෙව්වේ නැද්ද??"
"ඔයා කියන්නේ උන් මට වෙඩි නොතිබ්බ එක අපරාදේ කියලද??"
"නෑ ඒත් මෙතනදී මට මගේ හ්‍යොන්ග්ලා වටිනවා.."
"මන් ඔත්තු දුන්න කියලද තමුසේ කියන්න හදන්නේ??"
"නෑ නෑ ඒත්"
"කෙලිනම කියනවා.. ඊයේ තමුසේ කොහෙද ගියේ?? ඒවට කෝ උත්තර?? දැන් කොහෙද ගිහින් ආවේ??"
"අහ්හ්හ්??"
"තමුසෙ හංගන්නෙ මොනාද??"
"මොකක්??"
"මන් වොශ්රූම් එකේ හිටියා කිව්වා.. තමුසේ එක පාරටම කොහෙද ගියේ??"
"උබ කියන්නෙ මන් මෙගේ හ්‍යොන්ගලා"
"ඔව්ව්ව්.. මොකද තමුසෙට උත්තර නෑනේ"
"මොකක්ද උබ කියන්නේ??"
කුකීගේ අත ආයේ පාරක් නැවතුනේ ආකීගේ කම්මුලේ.. ආකීගේ ඇස්වලින් හෝගාලා කදුලු වැටෙනවා.. ආකී කම්මුලත් අල්ලන් නැගිට්ටා..
"මාත් ජේන් පෙන්නුවා වගේම තමුසෙට මන් වැරදි නෑ කියල පෙන්නම්.. හැබැයි එදාට සුගා වගේම තමුසෙත් ලැජ්ජ වෙයි"
"ආකී...මට මගේ හ්‍යොන්ග්ලව මරන්න ඕනේ නෑ.. මට මේ අෆේයර් එක එපා වෙලා"
"අහ්හ් තමුසෙට ඕක කියන්නද මට අච්චර දේවල් කිව්වේ??"
"ආකී... අහනවා"
"අහකට යනවා"
"ආකී..."
"මන් හොයාගන්නම් තමුසේ ඊයේ රෑ මොකද කලේ කියලා.."
එහෙම කියලා ආකී යන්න හදද්දී කුකී ආකීගේ අතින් ඇදලා ලගට ගත්තා.. ලගට ගත්ත ආකීව පපුවට තුරුල් කරගත්තේ ලොකු ආදරයකින්..
"ආකී... අපි මේ අෆෙයාර් එක නවත්තමු..."
Plz vote and comment, if you like this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top