Is it a love triangle??
සොරි කුකී.. මට තමුසෙව පේන්න බෑ තමා..ඒත් මෙහෙම දෙයක් කියන්න කරන්න වෙයි කියල හිතුවෙ නෑ.. කොහොමත් මේ ගැන දන්නේ මායි මේ යකයි විතරනේ..
"ඔයාට ඌව මරන්න වෙන්නෙ නෑ.."
"ඒ මොකෝ??😂😂😂 මන් කවුද කියල දන්නවද??"
"ඇයි ඔයා ඒ අහිංසකයව මරන්නේ??"
Jk - මොනාද යකෝ මේ හෝන්තුව කියවන්නේ?? මන් අහිංසකයි.. එක්කො පිස්සු හැදිලද??"
"කවුද අහිංසක?? ඌට තරම් කෙල්ලො මටත් නෑ.. තමුසෙ හොද ලණුවක් ගිලලා"
Jk- අනේ $##, තෝ තරම් මන් අපතයෙක් නෙමෙයි යකෝ...
මින්හෝගේයි ආකීගෙයි කතාව එලියෙ ඉදන් අහන් හිටිය කුකීට එක පැත්තකින් තරහ යද්දී අනෙක් පැත්තෙන් පුදුම හිතුනා.. මොකද ආකී මේ කියන දේවල් නිසා..
"ඔයා මේ මොන කුකියෙක් ගැනද කියන්නේ??"
"අහ්හ්හ්හ්"
"මන් කිව්වේ මගේ බව්වා ගැන.. මන් එයාට තමා ගොඩක්ම ආදරේ.. අනික මට දුක හිතුනම එයාව මතක් කරගන්නවා කියන්නේ මට ලොකු සැනසීමක්..."
"මොකක්?? මෙච්චර වෙලා බල්ලෙක් ගැනද කිව්වේ??"
"හ්ම් ඔව් ඇයි වෙන කා ගැනද??"
"මන් හිතුවෙ...අහ් ඒකෙන් වැඩක් නෑ.. අම්බෝ බබා ඔයත් මාර ඒවා කියන්නේ"
ඒ වෙලේ මින්හෝ හිටිය මූඩ් එක ටිකක් හොද වුන ගමන් මන් ටග්ගාලා එයාගෙන් ඈත් වුනේ එලියට එන්න..
"මන් යන්න ඕනේ.. යාලුවෝ හොයනවා ඇති"
"හ්ම්ම් යන්නකෝ.. යාලුවොන්ට කියන්න අදින් පස්සේ මාත් එක්ක හවසට යන්නේ, ඔයා එනකන් ඉන්න එපා කියල"
ඒ වෙලේ බේරෙන්න ඕනේ කමට මන් ඔලුව වනලා එතනින් එලියට ආවේ මන් කුකීට මේ කරපු අපරාදේ ඔය යකා දන්නවා නම් මාව පණ පිටින් එල්ලලා මරන්නේ කියල හිතන ගමන්..
Flashback end
"කුකී මේ අහන්නකෝ"
"තමුසේ මාවද බලු කලේ?? මන් හිතන්නේ නෑ තමුසෙට කුකී කියල බල්ලෙක් ඉන්නවා කියලා"
"නෑ මේ මන් කිව්වේ.."
"ශ්ශ්ශ්ශ් ඇති ඇති.. මට තියන අවුල තමුසෙ මාව බලු කරපු එක නෙමෙයි??"
එහෙනම් මොන මගුලක්ද මේ යකාට තියන අවුල..මන් මේ බයේ ඉන්නේ මගේ බෙල්ල ගලවලා අතට දෙයි කියල..ඒත් ඒක නෙමෙයිලු අවුල 😳😳
මන් හිතින් හිත හිත ඉද්දී කුකී මගේ මූණ ළගට ළං වුනේ මාව බිත්තියයි කුකීගෙයි අත් දෙක අස්සේ හිරකරගන්න ගමන්.. ආකී ඔයා දැන් කුකීව තල්ලු කරන්න කියල මගේ හිත කිව්වත් මගේ අත පොඩ්ඩකටවත් හෙල්ලුනේ නෑ.. එයාගේ හුස්ම මගේ මූණට වැදෙනකන්ම එයා මට ළං වුනා.. මන් ඒ ඇස් දිහා බලන් හිටියේ කියන්න බැරි කතාවක් ඒ ඇස්වල දැක්ක නිසා. ඒවා දිලිසෙන්නේ තරු වගේ..
"ඇයි කුකී කියල කිව්වේ??"
"අහ්හ්හ් මගේ බව්...."
"අනේ මේ යකා ඇවුස්සන්න එපා.. මට කෙල්ලො තේරුම් ගන්න බැරි බබෙක් කියලද හිතුවේ??"
මන් මොනාද කියන්නේ..ශික් ඇයි ආකී තමුසෙටම මේ වගේ නඩු වැටෙන්නේ..
"කුකී ඈත් වෙන්නකෝ"
"ඉතින් මින්හෝව වගේ මාවත් තල්ලු කරනවා.."
"අහ්හ්හ්"
"කෝ කරන්න"
ඒ කිව්වම මන් මගේ අත් දෙක එයාගේ පපුවට තියල තල්ලු කලා..ඒත් එයා හෙල්ලුනේවත් නෑ.. මන් ගහගන්න මරාගන්න කෙල්ලෙක්..කොටින්ම මට ගොඩක් අය කියන්නේ මන් කොල්ලෙක් වගේ කියල.. හැසිරීම වගේම කතාව ඔක්කොම.. ඒත් කුකී ඉස්සරහ මන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වෙනවා.. මන් හිතල නෙමෙයි මෙහෙම කරනේ 😣😣
මන් පපුවට තිබ්බ එක අතක් කුකී එහෙම්ම අල්ලගත්තේ එයාගේ අතින් මගේ අත පපුවට තද කරගෙන...
"කුකී මට යන්න දෙන්න"
"තමුසේ මට ආදරෙයිද??"
"අහ්හ්හ්හ්.. පිස්සුද??"
"පිස්සුද නැද්ද දන්නේ නෑ.. ඒත් මේක මතක තියාගන්නවා, එහෙම එකක් හිතේ තියනව නම් අමතක කරල දානවා.. තමුසෙට මගේ හදවත ගැහනවා තේරෙනවද??"
පපුවට තද කරන් හිටිය අත බලලා අහද්දී මන් ඔලුව දෙපැත්තට වැනුවේ මට මුකුත්ම දැනෙන්නෙ නැති නිසා..
"ඔව් මගේ හිතේ තමුසේ ගැන මුකුත්ම නෑ..ඒකයි ඒ 😒 හිතේ තියනව නම් කලින්ම කිව්වේ අයින් කරගන්නවා.. මොකද තමුසේ මගේ ටයිප් නෙමෙයි"
"විකාරද මන් තමුසෙට කැමති නෑ..විකාර"
"නැත්තම් කමක් නෑ.."
එහෙම කියක කුකී මගේ මූණට තව ළං වුනා..අපි අතර පොඩිවත් හිඩසක් නොවෙන්න ළං වෙලා කුකී කට කොනෙන් හිනා වුනේ මගෙන් ආයෙම ඈත්වෙන ගමන්..
"තමුසේ මට ආදරේ නෑ කියනවා නම් හිතලා බලනවා පොඩ්ඩක් තමුසේ කාටද බොරු කරන්නේ කියල"
එහෙම කියාගෙන කුකී මගේ අතත් ගසල දාලා යන්න ගියා..
Aki pov
ආකී තමුසෙට මොකද වෙලා තියෙන්නේ?? බැරිවෙලාවත් තමුසේ...නෑ ඒක කොහොමත් වෙන්න බෑ..ආකී කුකී තමුසෙට ආදරේ නෑ..ඇයි තමුසෙට මින්හෝව වගේ කුකීව ඈත් කරන්න හිතෙන්නෙ නැත්තේ?? එදා කුකී කියල මින්හෝ ඉස්සරහා නොකිව්ව නම් මේ මුකුත් වෙන්නෙ නෑනේ..හබැයි බලු වැඩේට බැන්නේ නැති එක නම් ලොකු දෙයක් 😒
Pov end
....................
කුකී ගිහින් විනාඩි ගාණක් ගියාම මන් කට්ටිය ඉන්න තැනට ගියේ ටිකක් වෙලා තනියම කිචන් එකට වෙලා කල්පනා කර කර ඉදලා...
.
.
.
"මොකෝ උබල දෙන්නා ආයේ වලිද ඕයි??"
ජිමින් ඇහුවේ ඒක නම් සීරියස් මූඩ් එකකින්..
මන් නෑ කියන්න ඔලුව වැනුවේ මගේ හිතේ කාටවත් කියන්න එපා කියන දෙයක් හිර වෙලා තියන නිසා..
"හ්ම්ම්ම් රණ්ඩු වෙන්න එපා බන්.. අපි දැන් ටීම් එකක්"
කට්ටියම අපි දිහා බැලුවත් අපි වැඩිය සීරියස් නොගත්තේ අපි අතරේ උන කතා අපි අතරෙම සීමා කරගන්න ඕනේ නිසා..
ගාඩ්ගේ තොරතුරු එක්ක අනිද්දා අපි වරායේ සීන් එකට යනවා.. ඒත් හෙට කැම්පස් යන්න එපැයි.. හෙට දවසක් නැතුව කෙලින්ම අනිද්දා කියල දවසක එනවා නම් 😒😒
.
.
.
.
Time passed
අද දවසම කැම්පස් එකටම ගෙවිල ගියා..ටේ අදත් ආවේ නෑ වගේම මින්හෝ ආකී එක්ක දවසෙම හිටියේ ආකීට කැම්පස් එකම එපා කරවලා.. ජිමින් නෝරා එක්ක වැඩි වෙලාවක් ගත කලේ ගොඩක් කෙල්ලොන්ට නෝරා ගැන තරහවක් හිතේ ඇති කරවන ගමන්.. ඒ වගේම කුකී.. සුපුරුදු කුකී අදත් ඒ වගේමයි 😓
.
.
.
"කෝ ආකී??"
"එයා මින්හෝ එක්ක යන්නේ කිව්වා..මට ඔයාලා එක්ක යන්න කිව්වා"
අද එමී ආවේ නැත්තේ උදේ ඇගට හරි නෑ කියල.. ඇගටද හිතටද දන්නෙ නෑ..
"එහෙනම් අපි යමු නේ"
නෝරා වගේම ජිමින්ගේ ඇසුත් උඩ ගියේ කුකී කිසිම ගාණක් නැතුව යමු කිව්ව නිසා.. ආකී මේ හැම රිස්ක් එකක්ම ගන්නේ මිශන් එක නිසා.. ඒත්,
"කුකී අපි බලන්න ඕනේ ආකී කොහෙද ගියේ කියල?"
"ඇයි?? කියලනෙ තියෙන්නේ අතේ දුරින් තියාගන්න කියල.. පණ්ඩිතකම වැඩී ඒකයි"
"නෑ කුකී ඒත්..."
"අනේ මේ එයා ඔච්චර නටන්නේ කවුද බන් දන්නේ ඇත්තටම එයා මින්හෝට කැමතිද කියල.. එපා කියන්න කියන්න ඌ එක්කම යන්නේ?? අනික ඉතින් මොකද අපිට පේන්නෙ නෑනේ මොනාද කරන්නේ කියල.. අපි එයා කියන දේනේ අහන්නේ 😒"
කුකීගේ කතාව නැවතුනේ ඒ කතාව එක්කම පිටිපස්සෙ ඉදන් ආව ආකීව දැකල..ඔව් ආකීට ඒ කිව්ව හැමදෙයක්ම ඇහුනා.. එයා බය වුනා වගේම එයාගේ කැරැක්ටර් එක ගැන මිනිස්සු කැත විදිහට හිතන්න පටන් අරන්.. කිසිම කතාවක් නැතුව ආකී ගියේ ජිමින් ළගට.. ගිහින් ෆයිල් එකක් දුන්නා..
"ජිමින් මේ මන් එදා මින්හෝගේ ගෙදර දැක්ක ෆයිල් එක.. එයාගේ කාර් එකෙන් මන් අරන් ආවේ.."
"දැන් ඌ කෝ??"
"කෝල් එකක් ආවා.. එලියට බැස්සා, එයාට හදිස්සියක් කියල ගියා.. එලියට බැස්ස වෙලේ ඕක ගත්තා.."
"ගුඩ් ගර්ල්.. යමු ඩෝම් එකට.. මේක හෙට වැඩේට වැදගත් වෙයිද බලමු"
"මායි නෝරයි අපාර්ට්මන්ට් එකට යන්නම්.. හෙට වැඩේට රෙඩි වෙන්න ඕනේ.."
හෙට පාන්දර 4ට වැඩේ... අනික කුකී කිව්ව ඒවා එක්ක ආකීට තව මොනා කතා කරන්නද??
"ආකී... මේ කුකී කිව්වේ..."
"මට මිනිස්සු කතා හැදුවා කියල මන් බය නෑ.. මන් කවුද කියල මන් දන්නවා ජිමින්.. අපි එහෙනම් යනවා"
එහෙම කියාගෙන මන් නෝරවත් එක්කන් එතනින් ආවේ මට මන් ගැනම දුකක් කලකිරීමක් ඇති වුන නිසා.. මට ඕන වුනේ ඉස්සර ආකීව.එයා කවදාවත් මෙහෙම දුක් වෙලා නෑ, කලකිරිලා නෑ.. ඒත් දැන් ඉන්නේ ඒ ආකී නෙමෙයි..
.
.
"මොකක්ද බන් උබ ඒ කිව්වේ?"
"අහ්හ්හ්"
"බලපන් ඒකී ගෙනාව එක.. උබ තරහ ඇති බන්,ඒ වුනාට චුට්ටක් කෙල්ලෙක් කියල හිතල කතා කරපන්.. දැක්කද උබ ඒ මූණ??"
"යමන් දැන්"
ජිමින් කිව්ව දේට උත්තරයක් නොදී කුකී කාර් එකට නැග්ගේ ජිමින්ටත් නගින්න කියන ගමන්.. ඒ එක්කම හැටට හැටේ කුකීලා ඈවේ ඩෝම් එකට..එනකන් ලොකු කතාවක් කුකී ඇන්ඩ් ජිමින් අතරෙ වුනේ නෑ 🙂
.
.
ඩෝම් එකට ගිය කුකී කතාවක් නැතුව රූම් එකට ගිය එක හැමෝටම ප්රශ්නයක් වුනත් ජිමින් උන මුකුත් කියන්න ගියේ නෑ.. මොකද නිකන් ප්රශ්නයක් වෙයි කියල..ජිමින් හිතුව කුකී කවදා හරි ආකී ගැන හොද විදිහට දකී කියල..ඒත් ඇයි කුකී ආකිට මෙච්චර අකමැති????
Time passed
නෝරා එමී ඇන්ඩ් ආකී හරියටම පාන්දර 3 වෙද්දී ඩෝම් එකට ආවේ අද වැඩේට යන්න.. මේක තමා මෙයාලා ආසම දේ... එමීට නම් ටිකක් අප්සට්, මොකද එයාට යන්න වෙන්මෙ නෑනේ... ටේටත් හිතින් බැන බැන එමී ඉද්දී ජූන් කියපු විදිහට වැඩේ කරන්න කට්ටිය එලියට බැස්සා.. මීට කලින් නොදැක්ක විදිහට අද ඔක්කොම එකිනෙකා දිහා බැලුවේ මෙච්චර කල් තමන්ගේ ඉස්සරහ ඉදල තියන අයගේ මාෆියා ලුක් එක අද පලවෙනි පාරට දැක්ක නිසා වෙන්න ඇති..
"එහෙනම් අපි යමු"
"පරිස්සමෙන්, සොරි මට එන්න බැරි එකට.. වැඩේ හොදටම කරන්න"
ටේ ටිකක් අවුලෙන් වගේ කිව්වේ මේ වෙනකන් එයා නැතුව කිසිම මිශන් එකකට කට්ටිය ගිහින් නැති නිසා.. කුකී ළගට ඇවිල්ල පිටට තට්ටු කරලා එමී දිහා බැලුවා..
"අපේ කොල්ලව හොදට බලා ගන්න"
"මගේ කෙල්ලො දෙන්නවත්"
එමීත් කුකී කිව්ව එකට අනිත් පැත්තට කිව්වේ ඊයේ ආකී හිටියේ හොද මයින්ඩ් එකක නෙමෙයි නිසා.. පස්සෙ කට්ටියම කෙලින්ම ගියේ වරාය ලගට.. ජූන් කුකී නෝරා ජිමින් එකක යද්දී ජින් ආකී හොබී ඇන්ඩ් සුගා ගියේ වෙන වෙහිකල් එකක..
4ට බෝට් එක එනවා කිව්ව නිසා අපි කල් තියාම කිව්ව විදිහට ජූන් කිව්ව තැන්වලට වෙලා බලාගෙන හිටියේ උන් එනකන්..
මන් ජින් ඇන්ඩ් ජිමින් බැක් එකට වෙලා බලාගෙන හිටියේ එකෙක් හරි ජූන්ලගෙන් බේරිලා ආවොත් ඌව ඉවර කරන්න..අපි ඔක්කොම වෝකී ටෝකී හරහා ජොයින් වුනා..
.
.
.
.
"උන් එනවා..ළමයි ලෑස්ති වෙන්නෙ"
ජූන්ගේ ඒ නිව්ස් එකත් එක්ක අපි රෙඩි වුනා..
ජූන්- ඒ බෝට් එකේ 10ක් ආවා.. උන් ආව ගමන් ටග්ගාලා ලොකු පෝර බෑග් 2ක් බාලා යන්න හැදුවේ.. මන් ඒකේ එකෙක්ට වෙඩි තිබ්බේ පැනගන්න තිබ්බ චාන්ස් එක නැති කරලා.. ඌ වතුරට වැටෙනවා එක්කම බෝට් එකේ ඔක්කොම අපි ඉන්න පැත්තට ආවා.. අපි මෙතන තිබ්බ ටැංකියකට කවර් වෙලා එක එකා වැට්ටුවේ උන්ට තාම මොකක්ද වෙන්නෙ කියල හිතාගන්නවත් නොදී..ඒ අතරේ අර පෝර බෑග් දෙක දාගත්ත කාර් එක බැක් එක පැත්තට හයියෙන් යනවා දැක්ක මන් ටග්ගාලා ජින්ට ඒ ගැන ඉන්ෆෝම් කලා..
"බැක් එකට එන්නේ.. සුගා ඇතුලට වරෙන්"
ඒ එක්කම සුගා නෝරා ඇන්ඩ් හොබී එක්ක ඇතුලට ආවේ තව කිහිප දෙනෙක් වට්ටන ගමන්.. අපි හිතුවට වඩා උන්ගේ කට්ටිය හිටියත් උන් මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතලා නෑ කියල තේරුනේ උන්ග්ගේ ගොඩක් උන් ළග ගන් එකක්වත් නොතිබ්බ නිසා.. වෙඩි තියන ගමන් අපි එලියට ගියේ අපි දන්න අඩි දෙක තුනක් නටල පෙන්නන්න.. ( මේ වෙලේ අපේ කාවවත්ම උන්ට අදුරගන්න බැරි වෙන්න තමා සෙට් එක ලෑස්ති වෙලා ආවේ)
"සුගා උබ පලයන් බැක් එකට.. එහෙට කාර් එක ගියා"
සුගා ශේප් එකේ කට්ටිය මග ඇරලා බැක් එන්ට්රන්ස් එකට ගියා..
...................
ජූන් කිව්ව ගමන් අපි අවධානෙන් බලන් හිටියේ කාර් එකක් එනකන්..
"අර එන්නේ.. මේ මින්හෝගේ කාර් එක"
මගේ ඇස් උඩ ගියේ මින්හෝගේ කාර් එක දැකලා.. ඊලග තප්පරයෙම අපි කාර් එක පාරට බැරල් ටික තල්ලු කලේ කාර් එක නවත්තගන්න.. කාර් එක නතර කරපු මින්හෝ එලියට බැස්සේ තව 4 දෙනෙක් එක්ක..
"උබල කවුද?? මැරෙන්න ආස හිතිලද😂??"
"කවුද මැරෙන්න බලමුද??"
ජින්ගේ කතාවට මින්හෝ හිනා වුනේ අපේ කේන්තිය තව වැඩි කරන ගමන්.. මුන් රටම කනවා මදිවට 🤬🤬🤬
ඒ එක්කම අපි ගන් එක ලෝඩ් කරද්දී උන්ගේ පැත්තේ උනුත් ගන් ලෝඩ් කරන් ඉස්සරහට ආවා.. මන් කෙලින්ම ගියේ මින්හෝ ගාවට..
උබට මන් අද හොද වැඩක් කරනවා.. මන් මේ දවස වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.. ඒ අතරේ මගේ වටින්ම හැහුනේ වෙඩි වරුසාවක්.. පලවෙනියා විදිහට මින්හෝගේ ගාඩ් කෙනෙක් බිමට වැටෙද්දී තව එකෙක් මින්හෝගේ ඇස් ඉස්සරහම ඇදගෙන වැදුනේ ජිමින් තිබ්බ ශොට් එක හරියටම ඔලුවටම වැදිලා..
"උබ කෙල්ලෙක්??"
"ඔව්ව්ව්ව්"
"මන් කෙල්ලොන්ට හරි ආසයි.. උබට ඕනේ නම් මාත් එක්ක යමු.."
"මොකක්ද උබ ළග තියන විශෙෂත්වය??"
වටේම වෙඩි තියද්දී මින්හෝට තුවක්කුව දික් කරන් මන් ඌට උත්තර දුන්නේ ඌගේ ඉතුරු ගාඩ්ලා දෙන්නවත් ජින් ඇන්ඩ් ජිමින් බිම දාද්දී.. ඒ එක්කම ජින් ඇන්ඩ් ජිමින් කවර් වෙලා හිටිය තැනෙන් එලියට ආවේ කට කොනෙන් හිනා වෙලා කාර් එක පැත්තට යන ගමන්..
"ඇවිල්ල බලපන්.."
"උබ මෙච්චරද උබේ ආරක්ෂාවට එක්කන් ආවේ??"
ඒ කිව්ව ගමන් ඌ සක්කුවෙන් ෆෝන් එකක් ගන්නවා එක්කම මන් ෆෝන් එකට කකුලෙන් ගැහුවේ ඒක අපි හිටිය තැන ඉදල මීටර් ගාණක් විසික් වෙන්න..
"උබල මගේ කාර් එක ළගට යන්න එපා.."
එක පාරට ඇගට පතට නොදැනී ඒ කිව්ව කතාව මට ඇල්ලුවේ නෑ..මන් කාර් එක පැත්ත බැලුවේ ඒ කිව්ව දේ ඇතුලේ මොනාහරි තියන නිසා..ඒ අතරේ ජින් ඇන්ඩ් ජිමින් කාර් එක ළගට යනගමන් හිටියේ...
මන් කාර් එක දිහා බලන අතරේ මින්හෝ මගේ අතට කකුලෙන් ගැහුවේ ගන් එක මීටර් ගාණක් විසික් වෙන්න.. ඒ එක්කම බිම වැටුන මන් දැක්කා කාර් එක යට හයි කරලා තිබ්බ මොකක් හරි දෙයක්..
"ජින්....."
මන් මට පුලුවන් උපරිම හයියෙන් කෑගැහුවේ එයාලා යන එක නතරකරන්න..
"ජින් යන්න එපා..ඒක පුපුරන්න යන්න"
මගේ වචනෙට මින්හෝ මගේ බඩඩ පයින් ගැහුවේ මගේ මුලු ඇගම පණ නැති කරලා.. හැබැයි ජින් ඇන්ඩ් ජිමින් ඒ එක්කම ආපස්සට දිව්ව එක මට සහනයක් වුනා.. එයාලට මට ලං වෙන්න බැරි උනේ මින්හෝ මගේ බෙල්ල තද කරන්න අල්ලන් හිටිය නිසා.. කාර් එකෙන් ඈත් උන අපි ඔක්කොම ටිකක් ආවේ මුහුද පැත්තට..
"ළගට එන්න එපා..ආවොත් මේකී අවසන් ගමන් යයි"
"අතඇරපන් යකෝ.. උබ පිරිමියෙක්ද කෙල්ලෙක්ව අල්ලන් ඉන්නේ??"
"උබලට ඒක පෙන්න එක නම් මොන වෙලේ කරන්න බැරිද??? මන් ඒක මේකිට පෙන්නද??"
ජින් ඇන්ඩ් ජිමින් ළග ගන් තිබ්බට ආකී හිටියේ මින්හෝගේ අත්වලට හිර වෙලා..ඒ නිසා ගන් බිම දාන්න උනේ ආකී වෙනුවෙන්..
"අතෑරපන් මාව"
"අතාරින්නම්. ඒත් කවුද මේ මගේ ගමනට බාධා කලේ කියල බලාගන්න එපාද?? අනික තමුසෙගේ කටහඩ.."
ඒ එක්කම මින්හෝ ආකීව කාර් එක පැත්තට ඇදගෙන ගියා.. ආකීගේ බඩට වැදුන පාර එක්ක ආකීට මින්හෝ එක්ක පොර බදින්න බැරි උනේ ඒ වැදුනේ එදා කුකී ගහපු තැනටම නිසා.. දරාගන්න බැරි වේදනාවෙන් ආකීව ඇදගෙන යද්දී එක පාරටම මින්හෝ ඇදගෙන වැටුනේ පිටිපස්සෙ ඉදන් ආව පොල්ලක් ඌගේ ඔලුවෙ වැදෙද්දී..
"සුගා..."
ජිමින් කෑ ගහගෙන ආවේ සුගා ආවේ හරිම වෙලේ නිසා.. දුවගෙන ආව ජිමින් මාව නැගිට්ටවද්දී ජින් ඇන්ඩ් සුගා මින්හෝව ගැටගහල අපේ බැක් එකේ නවත්තලා තිබ්බ කාර් එකේ ඩිකියට දැම්මා..
"ආකී ඕකේ??"
"හ්ම්ම් අවුලක් නෑ.."
ජිමින් මාව පැත්තක වාඩි කරවලා ඇතුලට ගියේ අනිත් අය බලන්න..මට නැගිටගන්න පණක් තිබ්බෙ නෑ.. කොටින්ම මන් මේ තරම් දුර්වල උන පළවෙනි පාර.. මන් එහෙම්ම හාන්සි උනේ මගේ දරා ගැනීම උපරිම උන නිසා..බඩේ වේදනාව වැඩි උනේ බලාගෙන ඉද්දී..මන් කෙදිරි ගාන්න පටන් ගත්තේ ඉවසන්න බැරිම තැන...
"ආකී ඔයාට අමාරුද?"
ජින් මගේ ටී එක ඉස්සුවේ වැදුන තැන බලන්න..
"සුගා බලපන්"
"මේ මේක හරියන්නේ නෑ මෙයාව හොස්පිටල් ගෙනියමු"
ජින් ඇන්ඩ් සුගා කලබල වුනේ වැදුන තැන නිල් වෙලා තියන හැටි දැකලා.. එතන හිල් වෙලා වගේ ලේ ටික ටික එන්න ගත්තා.. ඔව් ඌ මට සෑහෙන්න තදට ගැහුවා..
.
.
.
.
.
ජිමින් ජූන්ලා හිටිය පැත්තට යද්දී ඈත තියාම ජූන් ජිමින්ට කතා කලේ තත්වය දැනගන්න.
"ජිමින් ඒ පැත්ත ඕකේද?"
ජිමින් - එකෙක්ට අම්බානෙකට නෙලන ගමන් හිටිය ජූන් මගෙන් ඇහද්දී මන් ඔලුව වනන ගමන් බැලුවේ නෝරා දිහා..
"නෝරා.."
මන් කෑගැහුව පාරට නෝර මගේ පැත්ත බලද්දී පිටිපස්සෙන් ගහන්න ආව එකා බිමට වැටුනෙ නෝරා අයින් වුන නිසා.. මට කට කොනෙන් හිනාවක් දාලා නෝරා ඒ මිනිහාට ලග තිබ්බ පොල්ලෙන් ඔලුවට ගැහුවේ එක තප්පරේට ඌ සිහිසුන් වෙද්දී.. අපි හරි පරිස්සමෙන් කරන දේ කලේ.. වෙඩි තිබ්බ උන්ට වෙඩි කන්න වුනා..
"ජූන් ඇති දැන් යමු. ඕනේ එකා කොටු"
ජිමින් කියද්දී අපි ඔක්කොම ලතවෙන්නෙ නැතුව ආව කට්ටියට නෙලුවේ එකෙක්ටවත් ඔලුව උස්සන් ඉන්න බැරි වෙන්න.. අන්තිමට අපි මැදට එකතු වුනේ එලියට යන්න බලාගෙන.. ජූන්ගෙයි කුකීගෙයි අගේ ලේ තිබ්බත් ඒවා එයාල්ගේ ලේ නෙමෙයි කියක දැක්කම අපි ඔක්කොටම ලොකු සහනයක් දැනුනා.. හොබී නෝරාත් ආවම අපි එලියට ආවේ ඉක්මනට මෙතනින් යන්න.. මොකද කිව්ව විදිහට මේ වෙද්දී එමී අපේ හෙඩ්ලට මේක ඉන්ෆෝම් කරල ඇත්තේ.. පොලීසිය අත ළග එනවා ඇති..
"ඔයාට ප්රශ්නයක් නෑනේ??"
මන් නෝරගේ උරහිසට අතක් දාගෙන බැක් එන්ට්රන්ස් එක පැත්තට යන ගමන් ඇහුවා..
"අපෝ නෑ.. කිසිම අවුලක් නෑ, ආකීලා හොදින්නේ??"
හුටා.. ඒ කිව්වමයි මතක් වුනේ ආකී ගැන කිව්වේ නෑ කියල.. මායි නෝරයි පස්සෙන් යද්දී හොබී ජූන් කුකී අඩිය ඉක්මන් කරල ඉස්සරහෙන් ගියේ අනිත් අය ගාවට..
"ආකීට අවුල්"
ඒ වචනේ එක්ක කුකී ජූන් හොබී වගේම නෝරත් යන ගමන් නැවැත්තුවේ මන් දිහා අමුතුවට බලන ගමන්..
"ආකීට මොකද??"
නෝරා අහද්දී මන් කට්ටිය එක්ක ඒ පැත්තට දිව්වේ ඇත්තටම දැන් තත්වෙ මොකක්ද කියක මාත් නොදන්න නිසා..
.
.
.
.
.
.
.
At dorm
"ආ මෙන්න"
"මොනාද මේ?"
"ටී එකක්.. බොන්නෙ නැද්ද??"
මට හොදටම බඩගිනි නිසා මන් බැරිම තැන ටී එකක් හදාගත්තේ අපේ අය තාම පරක්කු නිසා.. වෙලාව බල බල මන් හිටියේ දැන් 5.30ටත් කිට්ටු නිසා.. කිව්ව විදිහට මන් අපේ හෙඩ්ට කෝල් කරල කිව්වා..
"හ්ම්ම් තාම නැත්තේ ඇයි මෙයාලා??"
"ඔව්ව් දැන් නම් එන්න ටයිම්"
"කෝල් එකක් ගත්තද??"
"ආන්ස්වර් කරන්නේ නෑ"
අපි දෙන්න ටී එක බිබී කල්පනා කලේ දැන් පැය භාගයකට කලින් වැඩේ ඕකේ කිව්ව කට්ටිය තාම නැත්තේ ඇයි කියල..
මන් ෆෝන් එක අරන් කරකව කරකව හිටියේ කොයි වෙලේහරි කෝල් එකක් එනකන්.. ඒත් එක පාරටම මගේ අත වැදිලා මන් ඊයේ රෑ අහලා නවත්තපු සෝන්ග් එක ප්ලේ වුනා..
"ෆයර්ර්ර්...."
මන් උඩ ගියේ ෆුල් සවුන්ඩ් එකට සද්දේ මුලු ඩෝම් එක පුරාම පැතිරෙද්දී..
"මොන මගුලක්ද කරන්නේ හලෝ??"
ටේ කෑගහද්දී මන් ශේප් එකේ බැලුවේ ඒ ගමන ඌට මොකක්ද උනේ කියල බලන්න.. හුටා ටී එක ඇගේ 🙂 ඉතින් මන් මොනා කරන්නද??
"අයියෝ හලාගත්තද??"
"හලාගත්තද?? තමුසේ බීරෙක්ද ඔච්චර හයියෙන් අහන්නේ ඕක?? අනික මේ එක පාරට??"
"වැරදිලා වුනේ.. 😒😒"
"මට ශර්ට් එකක් ගේනවා.. උණුයි මේක"
මන් ටග්ගාලා ටී එක මේසෙ උඩින් තියල ගියේ ටේගේ රූම් එකට.. ගිහින් ඇද උඩ දාලා තිබ්බ ශර්ට් එකත් අරන් මන් එද්දී,
"😳😳😳"
.
.
.
.
.....................
Jk pov
ජිමින් ආකිට අවුල් කිව්වම මගේ කකුල් එක තැනම ලොක් වුනේ මටවත් මොකක්ද උනේ කියක හිතාගන්න බැරුව.. අපි ටග්ගාලා එයාලා හිටිය පැත්තට යද්දී ආකී හිටියේ බිම දිගා වෙලා.. ජින් එයාගේ ටී එකෙන් ආකීගේ බඩ ගැට ගහලා තිබ්බේ ලේ එන එක නවත්තන්න කියල දැක්ක ගමන් කියන්න පුලුවන්.. අපි ටග්ගලා ළගට ගියේ මොකද උනේ අහන්න..
Pov end
"මොකක්ද අවුල හ්යොන්ග්??"
"එදා කුකීගෙන් වැදුන තැනටම වැදිලා තියෙන්නෙ..හිල් වෙලා වගේ අර 🤬🤬🤬🤬 සපත්තුවට.. ඉක්මනට මෙයාව හොස්පිටල් ගෙනියන්න ඕනේ"
එහෙම කියලා ජින් ආකීව අත් දෙකට ගත්තේ කාර් එක පැත්තට යන්න..
"කුකී වරෙන්"
සුගා හ්යොන්ග් මට කතා කරනකන් මන් බලාගෙන හිටියේ ජින් හ්යොන්ග් උස්සන් යන ආකී දිහා.. ඒත් ඇයි හ්යොන්ග් මට අමුත්තක් දැනෙන්නේ???? මාත් ටග්ගාල ගිහින් ඒ කාර් එකටම නගිද්දී ජූන් සුගා ඇන්ඩ් හොබී අනිත් කාර් එකේ ඩෝම් එකට ගියේ මින්හෝව අරන් හොස්පිටල් එකට යන්න බැරි නිසා..
ඒ එක්කම අපි මින්හෝගේ කාර් එක ගැනත් ස්පෙශල් නෝට් එකක් එමී ලව්වා හෙඩ් ඔෆිස් එකට ඉන්ෆෝම් කලා.. උන් ඒකට බෝම්බයක් හයි කරල.. පේන විදිහට උන් යන හැම වාහනයකටම ඒක කරනවා.. අහුවුනොත් පුපුරන්න.. අල්ලන උන් එක්කම බ්ලස්ට් වෙන්න.. ඒ නිසා අපි ඒ ගැන බැලුවේ නැත්තේ හෙඩ් ඒ ගැන බලාගන්න කිව්ව නිසා..
.
.
.
.
.
At dorm
"මොනාද බලන්නේ?? ඉකමනට ගේන්න ඕක"
මට කෙල ටිකත් හිර උනේ මන් ශර්ට් එක අරන් එන ඩිංගට මේ යකා ඇදන් හිටිය එකත් ගලවලා නිසා.. මන් හෙමින් ලගට ගිහින් ශර්ට් එක දික් කලා..
"ආව්ව්ව්ව්"
"ඇයි??"
"පොඩ්ඩක් උදව් කරනවා.. ගලවන්න පුලුවන් උනාට මේක අදින්න බෑනේ ඕයි"
මොන මගුලක්ද?? වෙලාවට ශර්ට් එකේ හැලුනේ ටී එක.. කලිසමේ එහෙම හැලුන නම්.. අපෝ තමුසේ මොනාද එමී හිතන්නේ 😒😒
මන් ලගට ගිහින් එයාගේ බෙහෙත් දාලා තිබ්බ අතට හෙමින් ශර්ට් එකේ අතක් දැම්මා.. මගේ බෙල්ලට හෙන රස්සනයක් දැනුන නිසා මන් බැලුවේ ඒ මොකක්ද කියල.. ඒ වෙලේ දැක්කේ ටේ හිටියේ මගේ මූණට ඔන්න මෙන්න.. මාව එක පාරටම ගැස්සුනා.. කොච්චර ගැස්සුනාද කියනව නම් මාව එතන තිබ්බ මේසෙත් පෙරලගෙන වැටුනා..
"අම්බෝ..."
"මොකද ඕයි..😂"
මන් අමාරුවෙන් පශ්චාත් භාගයත් අල්ලන් නැගිට්ටේ හොද පාරක් වැදුන නිසා..
මට මොකද යකෝ මේ යකාව දකිද්දී වෙන්නේ?? මොනා වුනත් මෙයා මාර හැන්ඩිනේ 😒😒
"තමුසේ මට මේක ඇදගන්න උදව් කරනවද නැද්ද?? දැන් අරුන් ආවොත් වෙන මගුලක් හිතයි ඕයි"
"හරි ලගට එන්න එපා ඔයා.. ඔයා මූණ ඈතට කරගන්න මන් මේක දානකන්"
"මොකක්?? ඕයි මූණ මගේ ඇගේ කොටසක්.. ගලවලා පැත්තකින් තියන්නද ඕයි කියන්නේ??"
මන් ටේගේ මූණ අතින් අහකට තල්ලු කරල අමාරුවෙන් ශර්ට් එකේ අත දැම්මා..
"අනික් අත දාගන්න 😒"
ටේ අනිත් අත දාගන්න ගමන් මගේ පැත්ත හැරුනේ හින වෙන ගමන්..
"මොකද හිනාවෙන්නෙ??"
"නෑ මුකුත් නෑ"
අපේ කතාව එක්කම හයියෙන් ආව කාර් එකක් නවත්තන සද්දයක් මට ඇහුනා.. මන් එලියට දිව්වේ ටේ මගේ පස්සෙන් හෙමින් හෙමින් එද්දී..
"ජූන් මොකද උනේ?? කෝ අනිත් අය??"
ජූන් සුගා මින්හෝව අරන් කලින් කිව්ව රූම් එක පැත්තට යද්දී හොබී එමීවත් අරන් ඇතුලට ආවේ මොනාද උනේ කියල කියන ගමන්..
"මොකක්?? දැන්ම මන් යන්න ඕනේ හොස්පිටල්"
"අපේ උන් එතන..අපිත් දැන් යනවා.. ඔයාලා හිටියා වගේ තව පොඩි වෙලාවක් ඉන්න.."
"බෑ මටත්"
"කියන දේ අහන්න එමී.. ටේ මෙයාව බලාගන්නවා"
එහෙම කියල එමීව ටේ එක්කම තියලා ආව පමාවට ආයේ ජූන්ලා යන්න ගියා.. හොස්පිටල් එකට..
"අඩන්න මුකුත් වෙලා නෑ එමී"
"අපි දෙන්නත් යමුද??"
"මට යන්න අමාරුයි එමී.. ඩ්රයිව් කරන්න බෑ"
"මන් ඩ්රයිව් කරන්නම්"
ඒ එක්කම ටේ මන් ළගට ආවේ මන් හොදටම අඩපු නිසා වෙන්න ඇති.. අපි තුන් දෙනා අද වෙනකන් එකටමයි හිටියේ.. ඒ නිසා කාටහරි කරදරයක් වෙනවා කියන්නේ ඒක අපිට දරාගන්න බැරි දෙයක් වුනා.. කොච්චර අපි දරුණුයි කියලා පෙන්න ගියත් අපේ අයට කරදරයක් වෙද්දී ඒකට වඩා අපේ සංවේදි පැත්ත උඩට එනවා.. හ්ම් ඔව් ඒක ලොකු දුර්වලතාවක්..
මගේ ලගට ආව ටේ මගේ උරහිසින් අල්ලා එයාගේ ලගට ගත්තේ මගේ ඔලුවත් අතගාන ගමන්..
"අඩන්න එපා.. ඔයාට දැන් දැනෙන දේ මන් දන්නවා.. මට එදා වෙඩි වැදුනමත් අපේ උන් බය වෙන්න ඇත්තේ මේ වගේ නේ??"
"හ්ම්ම්ම්ම්"
"ඒත් මන් හොදට ආවේ.."
"හ්ම්ම්ම්ම්"
මන් ටේගේ උරහිසට ඔලුව තියන් අඩ අඩ එයා අහන ඒවට කෙටි උත්තර දුන්නේ මට ඒ වෙලේ කතා කරන්නවත් වචනයක් ආවේ නැති නිසා..
"ඔයත් බය වුනාද?"
"හ්ම්ම්ම්"
"ඒ ඇයි??"
"දන්නේ නෑ.. ඒත් මන් ගොඩක් බය වුනා 😓"
"ඒත් මන් එහෙම එකක් දැක්කෙ නෑ"
"කොහොම එකක්ද??"
"ඔයා බය උනා කියල"
"ඉතින් කොහොමද පෙන්නන්නෙ??"
"හ්ම්ම් ඒකත් ඇත්ත.. එදා වගේ පෙන්න එපා.. ඔහොම අඩනවද මේ මාෆියා කෙල්ලෝ?"
"ඉතින් එදා ඔයාට වෙඩි වැදුනම අනිත් අයත් බය වුන හැටි?? එහෙම බය වෙනවද මාෆියා කොල්ලෝ??"
මන් අඩ අඩම එකට එක කියවන් ගියේ ඇඩුවා කියලා නෝන්ඩි වෙන්න බැරි නිසා..
ටික වෙලාවකට ටේගේ කතාවක් නැති වුන නිසා මන් හෙමින් හෙමින් එයාගේ උරහිසින් ඈත් වුනේ ඇස් දෙකත් පිහදාන ගමන්.. මන් ඈත් වෙලා ටේ දිහා බලද්දී එයා මන් දිහා බලන් හිටියේ වෙනදට වඩා වෙනස් විදිහට..
"ඇයි ඔහොම බලන්නේ??"
එච්චරයි මට අහන්න වුනේ... ටේ එක පාරටම මගේ තොල්වලට බර වුනා.. මන් එයාව මගෙන් ඈත් කරන්න ට්රයි කරද්දී එක පාරට මගේ අත එයාගේ වෙඩි වැදුන තැනට වැදුනා..
"ආව්ව්ව්ව්ව්ව්"
ටේ උරහිස අල්ලන් ඈත් වුනේ ඇස්වලින් කදුලුත් පනිද්දී..
"අනේ ටේ.. අනේ ඔයාට රිදෙනවද?? මන් හිතල නෙමෙයි කලේ 😣😣"
"හරි හරි අවුලක් නෑ"
ටේ උරහිස අල්ලගෙනම් කියද්දී මට තේරුනා ඒ බොරුවක් කියල..
"ඔයා මොකක්ද ඒ කලේ?? ඔයා ඔයා මට කිස්.."
"සොරි"
මට තව තප්පරයක්වත් එතන ඉන්න ඕනේ වුනේ නෑ.. මන් ටග්ගාලා දිව්වේ කිචන් එකට..
.
.
.
.
.
Tae pov
ටේ උබ මොකක්ද ඒ කලේ?? යකෝ කවදාවත් කෙල්ලෙක් ඉස්සරහ උබ උබේ කන්ට්රෝල් එක නැති කරගෙන නෑ.. දැන් කොහොමද ආයේ ඒ කෙල්ලගේ මූණ බලන්නේ?? නෑ ඒක වැඩිය හිතන්නේ නෑ කියල පෙන්න්න ඕනේ.. අයියෝ ගම කෑවනේ... 😕😕😕
Pov end
At hospital
"ඩොක්ටර් කොහොමද පේෂන්ට??"
"මේ කවුද එයාගේ??"
"අපි යාලුවෝ.. අපි ෆයිටින් ටීම් එකක්.. ඒකෙදී මේ.."
"මෙහෙමයි එයාට ලොකු අවුලක් නෑ.. කලින් එතනම ඉන්ජර්ඩ් එකක් වෙලා වගේ"
"ඔව් ඩොක්ටර්"
ජූන් ඇන්ඩ් ඩොක්ටර්ගේ කතාව මැද්දට ගියේ නෝරා.. එදා කුකී එක්ක උන එක ඩොක්ටර්ට කිව්වේ බෙහෙත් කරන්න ලේසි වෙන්න..
"ඒක තමා.. ඒකේ තැල්ම එහෙම්ම ඇතුලෙන් තිබිලා..අද වැදිච්ච පාර එක්ක තව වැඩි වෙලා.. අනික අද තුවලත් වෙලා..නිකන් මොකකින් හරි ඇනලා වගේ 😕"
"දැන් කොහොමද එයාට?? ප්රශ්නයක් නෑනේ??"
"නෑ නෑ.. රෙස්ට් කරන්න වෙයි.. ඕක වැඩි උනොත් එයාට අනාගතේ ලොකු ප්රශ්නයකට මූණ දෙන්න වෙයි.. ඒ නිසා රෙස්ට් කරලා තැල්ම හොද කරගන්න මන් දෙන බෙහෙත් හරියටම වැදගත්"
"ඕකේ ඩොක්ටර්.. අපිට එයාව බලන්න පුලුවන්ද??"
"දැන් එයා රෙස්ට් කරන්න ඕනේ.. ඔයාලා දැන් ගියොත් හොදයි.. හෙට ඔයාලට එයාව බලන්න පුලුවන්.."
"ඒත්..."
නෝරා ඩොක්ටර් කිව්ව එකට විරුද්ද වෙන්න ගියත් ජිමින් නෝරගෙ අතින් අල්ලලා තද කලේ ඩොක්ට හැමදේම ආකී ගැන හිතලා කියන නිසා..
"හරි ඩොක්ටර්.."
ඒ එක්කම ඩොක්ටර් යන්න ගියා..
"මන් ඉන්නම් මෙතන.. ඔයාලා යන්න"
"මන් ඉන්නම් ඔයාලා යන්න"
කුකී නෝරයි දෙන්න තරගෙට එහෙම කියද්දී ඔක්කොගෙන ඇස් ගියේ කුකී ලගට.. නෝරා ඉන්න එක හරි කියමුකෝ, ඒත් මේ යකා මොන මගුලකටද ඉන්න හදන්නේ??
"නෑ දෙන්නම ඉන්න ඕනේ නෑ.. උබල මෙතන හිටියා කියලා වැඩක් වෙන්නෙ නෑනේ"
"මන් නිසා මේක වුනේ??"
කුකී ඔලුව බිමට පාත් කරන් කියද්දී ජූන් කුකී ළගට ගියා..
"යකෝ එහෙම තමා.. ප්රැක්ටිස් වෙද්දී"
"මට එයාට බෙහෙත් කරන්න තිබ්බා..ශික් මන් එදා ක්රීම් ගා ගා ඉද්දිනේ අර $## ආවේ.. ඌ නිසයි නේ ඔක්කොම"
"මොකක්?? උබ ක්රීම් ගෑවා???? 😳"
සුගා හෙන හයියෙන් ඇහුවේ ජිමින්ගේ මූණට ලාවට හිනාවක් ඇදෙද්දී..
"අහ්හ්හ්හ් නෑ මේ මන් කිව්වේ??"
කට්ටියටම තේරුනා එදා කිව්ව දේට වඩා දෙයක් වෙලා තියනවා කියල..
"හරි හරි කොල්ලො.. හිතාගන්න පුලුවන්, අපි ඔය වයස පහු කරලා ඉන්නේ 😂"
"නෑ මේ ජූන්.."
"මේ දැන් යමු.. හෙට එමු.. ආකී රෙස්ට් කරයි, බය වෙන්න දෙයක් නෑ කිව්වනේ"
අකමැත්තෙන් හරි නෝරවත් ඇදගෙන කට්ටිය ගියේ කාර් පාර්ක් එකට.. ඩෝම් එකේ මින්හෝ ඉන්න නිසා ඌට හොද පාඩමක් උගන්නන හිතාගෙන කට්ටිය ඩෝම් එකට යන්න පිටත් වුනා.. ජිමින් නෝරා එක්ක වෙනම කාර් එකක ආවේ නෝරා ටිකක් අවුලෙන් හිටිය නිසා.. අනිත් අය අනිත් කාර් එකේ ඩෝම් එකට ගියා..
.
.
.
.
.
At dorm
Emi pov
ටේ... ඔයා මොකක්ද ඒ කලේ? ඔයා මාව කිස් කලා 😳 නෑ ඒ මට දැනුන හැටිද?? එයා එයා එහෙම නෑ.. නෑ නෑ ඒ මට හිතුන විදිහ වෙන්න ඇති.. මගේ අත ඉබේටම මගේ තොල්වලට ගියේ නෑ ඒක ඇත්තටම වුනා කියන්න වගේ..
Pov end
"එමී??"
කිචන් එකට එලියෙන් ඇහුන ඒ සද්දෙට මන් ආයේ පියවි සිහියට ආවා.. මන් බිමත් බලන් ඉස්සරහට ගියේ මට ටේගේ මූණ දිහා බලන්න ලැජ්ජ නිසා..
"අරුන් එනගමන්ලු.. ආකීව ඇඩ්මිට් කරලලු"
"අහ්හ්හ්"
"හෙට බලන්න පුලුවන්ලු.. අවුලක් නැලූ..එදා කුකීගේ අතින් වැදුන තැනට අද වැදිලා පාරක්.."
"හ්ම්ම්ම්"
"මේ තමුසේ ඔහොම ඉන්න එපා.."
"මොකක්??"
"හොර වැඩක් කරල වගේ ඉන්න එපා ඕයි.. සොරි ඉතින්, මට මේ පොඩ්ඩක්.."
"හරි හරි.."
මන් එහෙම්ම ඩෝ එක ලගට ගිහින් බලාගෙන හිටියේ අනිත් අය එනකන්..
.
.
.
.
..............
"නෝරා..."
"හ්ම්ම්"
"කියන්න දෙයක් තියනවා"
"කියන්න??"
"ඉතින් මගේ පැත්ත බලනවා"
නෝරා ජිමින් දිහා බැලුවේ මේ කරදර අස්සේ මගේ මූණ බලන් මොනාද කියන්න තියෙන්නෙ බලන්න..
"දැන් කියන්න.."
"මේකයි..ඔයා දන්නවා නේ මන් කෙල්ලො ආශ්රය කරනවා කියල"
"මන් විතරක්ද ඒක මේ රටම දන්නවනේ, තව ටිකක් හොද මාකටින් පාරක් දුන්න නම් මුලු ලෝකෙම ඒක දැනගන්නවා"
"ජෝක් නෙමෙයි නෝරා..."
"දැන් මන් කිව්ව එකේ මොන කෑල්ලද ජෝක්??"
"ඔයා කැමති නැද්ද??"
මට එක පාරට කැස්සකුත් ආවා.. මේ යකාගේ අද ඔලුවට පොලු පාරක් වැදිලද කොහෙද 😒😒
"මොකටද??"
"නෑ ඒ වගේ කොල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවා කියල හිතුවොත්.."
"ඇයි කොල්ලො නැතුවද කෙල්ලො 1000ක් විතර ඉන්න එකෙක් එක්ක යාලු වෙන්නේ??"
මන් ලාවට හිනාවෙන ගමන් කිව්ව එකට ජිමින්ට නම් තරහ ගියා.. ජිමින් කාර් එක නවත්තලා මන් දිහා බැලුවේ තරහ පිරුන ඇස් දෙකෙන්..
"මොකද නැවැත්තුවේ??"
මන් කැඩුනු කට හඩෙන් ඇහුවේ ජිමින් එයාගේ සීට් බෙල්ට් එකට ගලවපු නිසා..එයා මගේ පැත්තට එන්න එන්න මන් සීට් එකේ මට පුලුවන් උපරිම අයිනට ගිහින් හිර වුනා..
"මන් ඔයාට කැමති...."
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top