I can take care of myself.... 💔

"අහ්හ් කුකී........"

"ආකී.. ආකී.. මොකද ඕයි??"

එමීගේ කෑගැහිල්ලට මාව ගැස්සිලා ඇහැරුනා..  එහෙම්ම මන් අත් දෙක ඔලුවට තියගත්තේ මන් දැක්ක දේවල් එකින් එක මතක් කරන ගමන්.. එමී නෝරා මගේ එහා පැත්තේ වාඩි වෙලා මාව සන්සුන් කලේ මන් හොදටම දාඩිය දාලා හිටිය නිසා..

Aki pov

දෙයියනේ ඒක හීනයක්ද?? හ්ම් හීනයක් වුන එක හොදයි.. ඒත් කුකී එහෙම කරයිද?? ඇයි මන් එහෙම දෙයක් දැක්කේ 😣 මින්හෝගේ කතාව නිසාද? නැත්තම් ඇත්තටම 😓 නෑ මේ මගේ හිත, එහෙම වෙන්න බෑ.. මන් මට ඒ වගේ දෙයක් කරගන්නේ නෑ...

Pov end

"ආකී මොකෝ වුනේ??"

"නෑ නෝරා මේ මන් හීනයක් දැක්කා.. ඒක ඉවරයි, විකාර"

"මේක බීලා නිදාගන්න"

එමී මට දික් කරපු වතුර කෝප්පේ අරන් මන් එක හුස්මට බිව්වා..

"දැන් වෙලාව කීයද?"

"පාන්දර 4යි ඕයි.. බලනවා නින්දත් කෑවා"

"නෝරා පාන්දර දකින හීන හැබෑ වෙනවා නේද??"

"ඇයි මොකක්ද දැක්කේ?? අනේ මේ ඕයි තමුසේ ඕවත් විශ්වාස කරනවද??"

"නෑ.. හරි හරි එහෙනම් නිදාගමු"

මන් දැක්ක ඒවා මුන්ට කොහොමද යකෝ කියන්නේ.. තමුසේ හීනෙන් හරි මරු ඒවා දකින්නේ.. මන් කියල කියලම මේ හෝන්තු දෙක යවාගෙන ආයේ ඇදෙන් ඇලවුනේ මන් දැක්ක දේ ගැනම හිත හිත..
.
.
.

Time passed

"අහ් අද ආකිත් ඉන්නෙ ඇවිල්ල.. කොහොමද??"

ටේ මන් ළගට ඇවිල්ල කතා කලාට ඒ ඇස් තිබ්බේ එමී ළග..

"හොදයි.. ඔයා ඒක මගෙන්ද ඇහුවේ ටේ??"

"අහ්හ්හ්හ් ඒ කිව්වේ??"

"නෑ, ඇස් දෙක වෙන කෙනෙක් ළගනේ තිබ්බේ"

"අහ්හ්හ් මේ යමු යමු වෙලාව හරි නිදාගන්න යන්න"

ටේ කතාව මග අරින ගමන් කුකීවත් ඇදගෙන ගියේ ලෙක්චර් රූම් එක පැත්තට..

"කෝ අද ජිමින් නැත්තේ ඇයි??"

"ඒක අපෙන් අහන්නේ?? අර ජෝඩුවගෙන් අහන්න එපැයි"

"නෝරා..."

"කියන්න ආකී"

"ඔයා ජිමින්ට ඇත්තටම ආදරෙයිද??"

"අහ්හ්හ් මන් දන්නේ නෑ"

"අහන්නකෝ මෝඩී.. ඒත් මෙහෙම ඔයා දුක් විදින්න එපා..එයා ඔයාව ඉග්නෝ කරනව නම්"

"නෑ කමක් නෑ.. මන් නේ මෝඩ වුනේ.. මන් කොහොමද එයාව අමතක කරන්නේ ආකී??"

"හරි හරි දැන් යමුකෝ.. අපි බලමු මොකක්හරි කරන්න"

කතාවෙන් කතාව අපි ලෙක්චර් රූම් එකට ආවා.. වෙනදට වඩා සෙනග වැඩි නිසා අපේ ඇස් හෝල් එක පුරාම ගියා..

"මේ මොකෝ කට්ටිය??"

"ඒකනේ එමී.. මේ වැරදි හෝල් එකද??"

"අර බලනවා කුකීලා ටේලා"

නෝරා පෙන්නුවේ පිටිපස්සෙන වාඩිවෙලා ඉන්න කුකීලගේ පැත්තට අත දික් කරන ගමන්..

"මොකක්??"

"එන්න යමු.."

එමී අපිවත් ඇදගෙන ගියේ කුකීලා හිටිය පැත්තට.. බට් ඒ වෙලේ කවුදෝ කෙල්ලො තුන් දෙනෙක් ඇවිල්ල එයාලගේ ලගින් වාඩි වුනා.. අපි යන එක නවත්තලා ලගම තිබ්බ මේසෙන් ඉදගත්තේ එතන අපිට ඉඩක් තිබ්බෙ නැති නිසා..

Aki pov

මන් ආයේ කුකී දිහා බලද්දී එයා මන් දිහා බලාගෙන හිටියේ.. ඒත් කවුද ඔය කෙල්ල කුකී?? එයා ඇයි ඔයා ළගට ආවේ?? අනික ඔයාලා ඇයි අපේ ලෙක්චර් රූම් එකෙ?? මට දුක හිතුනේ නෑ කියන්න බෑ.. ආකී තමුසේ ඕනවට වඩා හිතනවා ඕයි.. එයා එයා තමුසෙට ආදරෙයි කිව්ව පලියට ඒක මහ ලොකුවට පිලිගත්තද?? නෑ කුකී ඔයා හිත්නව වගේ කෙනෙක් නෙමෙයි ආකී.. මින්හෝ කිව්ව වගේ.. නෑ නෑ

Pov end

මාව ගැස්සිලා ගියේ නෝරා මාවත් පෙරලගෙන නැගිටලා එලියට ගිය නිසා..

"මොකෝ වුනේ?? ඇයි නෝරා"

එමී මට ඇහෙන් පිටිපස්ස පෙන්නද්දී මන් බැලුවේ මොකක්ද වුනේ කියල.. හ්ම්ම් ජිමින්.. මේක නම් දැන් ලොකු ප්‍රශ්නයක් වුනා.. ජිමින් හිටියේ අර ආව කෙල්ලෙක්ගෙ උරහිසට ඔලුව තියන්..නෝරා හිතනවට වඩා ජිමින්ට ආදරෙයි කියල මට තේරුනේ ඒ වෙලේ.. මන් එමීවත් එක්කන් එලියට ගියේ නෝරව හොයන්න.. අපි කෙලින්ම ගියේ වොශ්රූම් එකට..

"නෝරා.. Are u oky??"

"හ්ම්ම්ම්"

"එමී ඔයා එලියෙන් ඉන්න..කවුරුහරි එනවද බලන්න..මට මෙයා එක්ක කතා කරන්න ඕනේ.."

මන් එමීව එලියට යැව්වේ ඇත්තටම අපි ජිමින් ගැන කතා කරද්දී කවුරුහරි ආවොත් නෝරට හොද නැති නිසා.. නෝරා ජිමින්ගේ පස්සෙන් යනවා කියල පතුරයි එහෙම වුනොත්..

"නෝරා, අහන්න ඇයි ආවේ??"

"ආකී.. ජිමින්"

"ඔයා එයාට ඒ තරම් ආදරෙයිද??"

"මන් හිතන්නේ ඔව්.. ඒත් එයා එහෙම නෑ"

"එහෙනම් ආදරේ කරන්නෙ ඇයි??"

"එහෙම කොහොමද ආදරයක් නවත්තන්නේ ආකී??"
.
.
.
.
.................

"ඒයි"

මාව ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ආව සද්දෙට.. මන් හිටියේ වොශ්රූම් එකේ ඩෝ එක ළග..ආකී කිව්ව නිසා මන් එලියට වෙලා හිටියා ඉතින්..

"අම්බෝ මන් බය වුනා.. ඔයා මොකද ලේඩිස් වොශ්රූම් ළග කරන්නේ??"

"එහා පැත්තේ තියන එක දැක්කද??"

මන් එතකොටයි දැක්කේ ජෙන්ට්ස් වොශ්රූම්.. ශික් නානවනේ 😒😒 ටේ හිනා වෙලා යන්න හදලා ආවේම මගේ පැත්ත හැරුනා..

"එනවද යන්න??"

"මන් මොන මගුලකට එන්නද??"

"මාත් වැඩේ කරන් එනකන් මුර කරනවා"

"අනේ මේ 😡"

මගේ ඔලුවට තට්ටුවක් දාන් ටේ වොශ්රූම් එකට ගියා.. ටික වෙලාවකින් ආයේ ටේ එලියට ආවේ කලිසම හදන ගමන්..

"තාම ඔතනද ඕයි??"

"මොකද ඉතින් ඔයාට??"

"එනවා යන්න"

මන් බෑ කියන්න කියන්න ටේ මගේ අතින් ඇදගෙන මාව එක්කන් ගියේ අපේ කැම්පස් එකේ පැත්තකට වෙන්න තිබ්බ ලස්සන පොන්ඩ් එකක් ගාවට.. එතන හරිම නිස්කලංකයි..

එතන අයිනේ තිබ්බ බෙන්ච් එකේ අපි දෙන්න වාඩිවුනා.. හැබැයි ටේට තාම මගේ අත නම් අතාරින්න මතක් වුනේ නෑ..

"මේ ටේ"

"හ්ම්ම්"

"මගේ අත"

ඒ කිව්වම කොල්ල ලැජ්ජාවෙන් මගෙ අත අතෑරියේ සොරි කියන ගමන්.. මොකටද අනේ සොරි ඉතින් 🤭

"ලෙක්චර් යන්නේ නැද්ද ටේ??"

"නෑ"

ඒ එක්කම වටේ පිටේ අය කුටු කුටු ගෑවේ අපි දෙන්න ගැන..මොකද ටේ සාමාන්‍යයෙන් කෙල්ලො එක්ක කැම්පස් එකේ ඉන්නෙම නැති චරිතයක්නේ.. එයාලට මැජික් වගේ මන් ටේ එක්ක ඉන්න එක..

"මොකද තමුසෙලට වෙලා තියෙන්නෙ?"

ඒ එක්කමඅපේ ළගට ආවේ ලස්සන කෙල්ලො සෙට් එකක්..‍යකෝ මේ නිලියොද කියලත් මට හිතුනා..

"ටේ... මෙයාද ඔයාගේ"

"අනේ නෑ මේ අපි.."

"ඔව් මොකද??"

මන් ටේ දිහා බැලුවේ බොරු කේන්තියක් අරන්.. 😊😊

"එයා මැච් වෙන්නෙ නෑ ටේ..අපේ සාශා ඔයාට කොච්චර කැමතිද??"

එහෙම කියලා එයාලා පෙන්නුවේ ලස්සන කිව්ට් කෙල්ලෙක්.. මන් කැලේනේ ඒ කෙල්ල එක්ක බලද්දී.. මට පොඩි දුකකුත් ඇති වුනා..

"ඒ වුනාට මන් මෙයාට කැමති"

"ඒත්.."

ඒ කෙල්ලට කියන්න වුනේ එච්චරයි..ටේ මගේ ඉන වටේ අත යවලා මාව ළං කරගත්තේ ඒ තොල් මගෙ කම්මුලේ තියන ගමන්.. ඒ එක්කම අර කෙල්ලො ටික ගස්සගෙන ගියා.. මන් ටේව තල්ලු කලේ අච්චර ගොඩක් ඉස්සරහ කරපු අලුගුත්තේරු වැඩේ මොකක්ද කියල අහන ගමන්..

"මෝඩයා.."

"මොකද??"

"මොකක්ද ඒ කලේ?? දැන් එයාලා එහෙම හිතයි"

"කොහොමද??"

"මන් ඔයාගේ..."

"ඉතින් හිතපුවාවේ..."

ඒ එක්කම ටේ එයාගේ නළල මගේ නළලට තියාගත්තේ මගේ ඇස් දිහා කෙලින්ම බලන ගමන්..

"ටේ ඈත් වෙන්නකෝ"

"ඔහොම හුරතල් වෙන්නත් පුලුවන්ද මාෆියා කෙල්ලොන්ට??"

මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න ටේ ඔලුව තද කරගෙන හිටියේ..

"ටේ අහන්න අනේ කවුරුහරි දැක්කොත්"

"කෙල්ල එක්ක මෙහෙම ඉන්න එක අවුල්ද?? අර ජිමින්ලා කුකීලා ඉන්නේ"

"මන් ඔයාගේ කෙල්ල නෙමෙයිනේ"

"එහෙනම් කවුද??"

"දන්නේ නෑ"

"මගේ කෙල්ල තමා ඕයි තමුසේ.. තමුසේ හිතුවද මන් දකින දකින කෙල්ලව කිස් කරනවා කියල"

"අහ්හ්හ්හ්"

"මෝඩා ගහක්නේ ඕයි.."

එහෙම්ම මගෙන් ඈත් වුන ටේ මගේ අත තද කරලා ඒ ඇගිලි අතරේ රදව ගත්තා..

ඊලග තප්පරේ මගේ අතට කිස් එකක් දුන්න ටේ මාව එයා ළගට ඇදලා ගත්තේ මට ටොක්කකුත් අයින ගමන්..

"තමුසේ මගේ හොදේ.. කවුරු ඇහුවත් තමුසේ මගේ.."

"අහ්හ්හ්හ්"

"කන් ඇහෙන්න නැද්ද??"

"ඒක මාර වැඩක්නේ.. ඔයා කොහොමද තනියම"

එහෙම කියද්දිම ටේ අත ගන්න හැදුවේ.. හැබැයි මන් ඊට කලින් ඉස්සර වුනේ මගේ අතින් ඒ අත තද කර ගන්න ගමන්..

"හ්ම්ම් හරි"

මන් බිම බලාගෙනම එහෙම කිව්වේ මට ටේ දිහා බලන්න ලැජ්ජ නිසා.. අර කිව්වත් වගේ අපි ආවේ මිශන් එකකට..ඒත් දැන් 😒😒 එක ගලෙන් කුරුල්ලො පොකුරු පොකුරු අල්ලන්නේ 😌

අපේ කතාවට ඉවරයක් නැති වුනා.. කොයිවෙලෙත් ඔරවගෙන ඉන්න ටේ අද ගොඩක් දේවල් මාත් එක්ක කතා කලා.. මාත් එහෙමයි..
.
.
.
.
.
.

...................

"මොකක්?? ඔයා ජිමින්ට කැමතිද?? අහ්හ් ඒක අහන්න දෙයක් නෙමෙයි..බට් සීරියස් ගන්න එපා.. එයාට කෙනෙක් ඉන්නවා"

එක පාරටම ඩෝ එක පැත්තෙන් ඇහුන සද්දෙට මායි නෝරයි ගැස්සුනා.. අපි දෙන්නම ටිකක් කලබල වුනා කිව්වොත් හරි..

"ඔයා කියන ජිමින් නෙමෙයි අපි කියන්නේ"

මට ඕනේ වුනේ කතාව වෙනස් කරන්න.. මොකද නැත්තම් මේ ගෑනී කැම්පස් එකේ නෝරාව චොරම කරයි..

"ලැජ්ජ වෙන්න එපා.. මට ඇහුනා.. 😂"

ඒ එක්කම මන් තවත් එතන ඉන්නෙ නැතුව නෝරවත් ඇදගෙන කෙලින්ම ආවේ ලෙක්චර් රූම් එකට.. ඇවිල්ල බැලුවම එමී හිටියේ නෑ.. මන් කෙලින්ම ෆෝන් එක ගත්තේ කුකීට මැසේජ් එකක් දාන්න..

"හවසට යන්න එපා.. අපි එක්ක ගමනක් යමු"

ඒකට රිප්ලයි එකක් ආවේ නැතත් මන් දැක්කා එයා ෆෝන් එක අරන් බලනවා.. ඉදී කියන විශ්වාසෙන් මන් කෝල් එකක් ගත්තේ එමීට..
.
.
.
.

"කොහෙද ඕයි ගියේ??"

"මන් ටේ ආකී"

"මොකක්?? කොහෙද ඉන්නෙ??"

"අපි ඉන්නෙ මේ ළග.. ලෙක්චර් ඉවර වුනාම මේ හොලමනගේ බෑග් එකත් අරගෙන එන්න..බායි"

ෆෝන් එකත් තිබ්බ.. යකෝ මුන් 😡😡
.
.
.
.
.

Time passed

"හෙලෝ..."

"හෙලෝ මිස්ටර් සුගා"

"ඔව් කවුද මේ??"

"මන් ජේන්.. මතකද දන්නන්නෙ නෑ.. අර ෆැශන් ඩිසයින්"

"අහ්හ් මිස් ජේන්..කියන්න"

"මන් කැමති ඔයාලගේ කම්පැනි එක එක්ක ජොයින් වෙන්න"

"ඕකේ..අපේ බොසාට.. නෑ මේ අපේ හෙඩ්ට හම්බෙන්න ඕනේ කිව්ව කතා කරන්න.. හෙට ෆ්‍රී නම් මන් ඇරේන්ජ් කරන්නම්"

"ඔයා කිව්වද මන් ගැන?"

"ඔව්ව්ව් මිස් ජේන්"

"ඕකේ මන් හෙට ෆ්‍රී.."

"ටයිම් එකයි ප්ලේස් එකේ ඇඩ්‍රස් එකයි 5ට මැසේජ් කරන්නම්"

"තැන්කිව් මිස්ටර් සුගා"

"ඕකේ බායි"

සුගා ෆෝන් එක තිබ්බේ ලොකු සතුටකින්..

"මොකෝ මගුලක් හරි ගියා වගේ සතුටෙන්"

"අයිනට වෙයන් හොබී.. මේ ජින් කොල්ලො"

"මොකද??"

"අපිට උබලගේ අප්පගෙන් හෙල්ප් එකක් ඕනේ"

"මොකක්??"

සුගා ජින්ට එදා ජේන්ට ජින්ලගේ කම්පැනි එක ගැන කිව්ව හැම එකම කිව්වා..ජින්ට කේන්තිත් ගියේ අහන්නෙත් නැතුව කරපු ඔලමොට්ටල වැඩේට..බට් මිශන් එකේ වැඩක් නිසා ජින් අප්පට කියල වැඩේ කරල දෙන්න කැමති වුනා..
.
.
.
.
..

ලෙක්චර් ඉවර වෙලා මන් නෝරා එක්ක එමීගේ කදමල්ලත් උස්සන් ගියේ කුකීලාගේ කාර් එක තියන තැනට.. එමී ඈත ඉදන්ම හොර පූසා වගේ ආවේ හොද වන්නමක් නටලා කියල අපි දෙන්නටම තේරුනා.. අමතක වුනා අද ස්පෙශල් ලෙක්චර් එකක් තිබ්බෙ.. ඒකයි කුකීලත් අපේ එකේ හිටියේ..

"කොහෙද ඕයි ගියෙ??"

"හරි හරි මන් කියන්නම් පස්සෙ"

"නගින්නකෝ නෝරා"

"ඕකේ ඔච්චර යන්න ඕක බස් එකක් නෙමෙයි ඕයි.."

ජිමින් කෑගැහුවේ අපි කාර් එකට නගින්න යද්දිමයි.. කොහොමත් මෙයාලා එක වෙහිකල් එකකනේ එන්නේ, සෝ අපි 6 දෙනාටම මේකේ යන්න නම් ඉඩ මදි..ඒත් කොහොමහරි යන්නත් එපැයි..

"හරි නෝරා නගිනවා ඉස්සරහෙන්"

"මොකක්? මේ නගින්න එපා"

ජිමින් කෑගහද්දී මන් බලෙන්ම නෝරව නැග්ගුවා..

"ඔය දෙන්නා පස්සෙන් නගින්න"

"මන් යන්නෙ මේක උඩද ඕයි??"

කුකී මරලතෝනී දෙන්න ගත්තා.. ඒ එක්කම ජිමින් කුකීට කාර් එකේ කී එක දික් කලා..

"උබ ගනින් කාර් එක.."

"එතකොට උබ??"

"මගේ වාහනේ ආවා.."

ජිමින් ඒ එක්කම අර ලෙක්චර් හෝල් එකේ හිටිය කෙල්ලගේ කාර් එකට නැග්ගේ ඒක ආව පමාවට.. නෝරා බලාගෙන හිටියේ මේ දිහා කියන්න බැරි දුකකින් කියලා ඒ ඇස් දැක්කම මට තේරුනා..

තවත් එතන ඉන්න එක වැඩක් නැති නිසා අපි තුන් දෙනා කුකීටයි ටේටයි සමුදීලා ටැක්සියක් අරන් ආවා.. මට කුකී එක්කවත් කතා කරන්න හිත නොදුන්නේ ජිමින් ඒ කරපු ජරා වැඩේ නිසා.. එයා හොදටම දන්නවා අපි ආවේ නෝරා ඇන්ඩ් එයා නිසා කියල..ඒත්... 😒😣

.
.
.
.
.

At dorm

"මොකද අද මීටින් එකක්ද ජූන්??"

"ඔව් ටේ, ඉන්න අර තුන් දෙනා මග??"
.
.
.

"කුකී ඩෝ එක අරින්න ගිහින්"

ජූන් හදිස්සියේම කෝල් කරපු නිසා අපි තුන්දෙනා ටග්ගාලා ලෑස්ති වෙලා ඩෝම් එකට ආවා.. හැබැයි අද නම් එන්න තරම් මූඩ් එකක් නෝරට තිබ්බේ නෑ.. බට් එමී එයගෙයි ටේගේයි දේවල් කිව්වම නෝරට ගොඩක් සතුටු හිතුනා.. ඒ වගේම නෝරා පොරොන්දු වුනා ආයේ ජිමින් ගැන හිතන්නෙ නෑ කියල.. කොහොමත් අපිව එපා නම් ඇයි අපි වදයක් වෙන්නෙ නේද??

"කොහොමද කෙල්ලො තුන්දෙනාට?"

අපි ඇතුලට යද්දිම අපිව පිලිගත්තේ ජින් ඔප්පා.. අනිත් අයත් ඔක්කොම එතන හිටියා..

"හොදයි ඔප්පා.. ඇයි මේ හදිස්සියේ??"

"මේකයි ප්‍රශ්නේ.. ඩේවිඩ්ගේ අලුත් වැඩක් ගැන ආරංචි වෙලා තියෙන්නෙ.. ඌ මේ සතියේ අන්තිමට කෙල්ලො තොගයක් රට පටවන්න හදන්නේ"

"අහ්හ්හ්හ්"

"අපිට කෙල්ලො ඉන්න තැන හොයාගන්න බෑ.. උන් ක්ලබ් එකට එන කෙල්ලො උස්සනවා.. කෙල්ලො 50ක් වගේ අතුරුදහන් කියල කම්ප්ලේන් ඇවිල්ල තියනවලු..සෝ අපි හොයාගන්න ඕනේ ඇන්ඩ් ඒ කෙල්ලො ටික බේර ගන්න ඕනේ"

"හ්ම් මොකක්ද අපි තුන්දෙනාගෙන් වෙන්න ඕනේ??"

"ඔයාලගෙන් කෙනෙක් යන්න ඕනේ ක්ලබ් එකට.."

"හරි ඊට පස්සේ"

ජූන් ඇන්ඩ් ආකී ප්ලෑන් එක ගැන කතා කර කර හිටියේ..

"උන් කොහොමත් ඩ්‍රග්ස් දෙනෙවලු කෙල්ලොන්ට.. අපේ කෙනා බොන්න එපා.. බට් බීලා වගේ ඇක්ට් කරන්න ඕනේ.. පස්සෙ අනිව අනිත් කෙල්ලො ඉන්න තැනට එක්කන් යනවා.. අපි එයාගේ හයි කරලා තියන ලෝකේශන් ට්‍රැකින් එකෙන් තැන හොයාගන්නවා.. හැබැයි අපි මේක පුලුවන් තරම් ඉක්මනට කරන එක තමා හොද.. මොකද.."

"ඇයි??"

නෝරා මැද්දෙන් පැන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"මොකද අපිට තැන හොයගන්න ලේට් උනොත් උන් කෙල්ලො රට යවනවා.."

"හරි මන් ඒක කරන්නම්"

නෝරා වැඩේ භාර ගද්දී අපි ඔක්කොම නෝරා දිහා බැලුවා.

"ඒත් නෝරා.."

"අහන්න ආකී, ඔයාට බෑ ඒකට ආයේ යන්න. උන් ඔයාව අදුරන්නෙ නෑ කියන්න බෑ.. මන් යන්නම්"

"නෝරා, හැබැයි මේක කොච්චර රිස්කිද දන්නවද??"

"ඔව් ජූන්"

"හ්ම්ම් එක්කො මේක ගැස්සෙන්න පුලුවන්.. නැත්තම් හරියන්න පුලුවන්.. ගැස්සුනොත් ඔයාව රට යවන එක කෙසෙවෙතත් ඒ බල්ලො මෙහෙදිම ඉවර කරයි.. දැක්කනේ අර පොඩි කෙල්ලට කරපු දේ??"

"හ්ම්ම් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා.. මන් වැඩේ කරන්නම්.. මට ඔක්කොම ඩීටෙල්ස් දෙන්න"

නෝරා ඇන්ඩ් ජූන් අතරේ මේ කතාව යද්දී ජිමින්ට නම් මේ ගැන කැමැත්තක් තිබ්බ බවක් පෙනුනේ නෑ.. ඒත් එයාට මුකුත් කරන්න බෑ..

"එහෙනම් අපි යනවා"

"ආකී.. මින්හෝ.."

මන් යන්න නැගිටිද්දී ජූන් කතා කලේ මින්හෝ ගැන කියන්න..

"ඔව් කියන්න.. ඇයි මොකක්ද උගේ අවුල??"

"අවුලක් නෑ.. අපි හිතුව ඌව අපේ කට්ටියට බාර දෙන්න"

"මොකක්?? ඒත් ඇයි??"

"ඌ මේ හිතන තරම් වැඩ්ඩෙක් නෙමෙයි.. ඌ දන්නේ නෑ මුකුත්.. අපේ උන් ඌට නීතියෙන් පියවර ගනී,බඩු එක්කනේ ඇල්ලුවේ"

"ඒත්"

"අපිත් කැමති නෑ.. බට් ඉහලින් එන ඕඩර්ස් මේවා.."

ශික් මෙච්චර අමාරුවෙන් අල්ලලා, ඔන්න ඕකයි මට මේ වැඩ එපා වෙන්නෙ.. මන් ළග තිබ්බ පුටුවටත් ගහගෙන එලියට ආවේ පුදුම තරහකින්..
.
.
.
.

"කේන්ති ගන්න එපා"

මගේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට මන් බැලුවේ ඒ කුකීගේ වොයිස් එක නිසා..

"ඔයා ඇයි එලියට ආවේ?? අනිත් අය"

"එයාලා එයාලගේ වැඩ.. කේන්ති ගන්න එපා.. අපිත් පසුතැවෙන්වා මින්හෝ ගැන කිව්ව එකට අපේ අයට"

"ඌට තියෙන්නෙ හෙරොයින්වලට තියන ඔය ප්‍රශ්නේ විතරයි.. ඌ සල්ලි පෙන්නලා එලියට එයි"

"හ්ම්ම්ම් ඔව්ව්ව් ශික් මටත් ඕකව මරන්න ඕනේ"

"ඒ ඇයි??"

"ඌ මට කිව්ව දේවල්??"

"හ්ම්ම්ම් මන් හිතුවේ මට වද දුන්න නිසා කියල"

"අහ්හ්හ් ඒකත් හේතුවක් තමා.. ඌ එලියට ආවොත් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ"

මන් කුකීගේ කතාව ඔලුව වැනුවේ මට කුකී එක්ක කතා කරන්න ඕනේ වුනේ නැති නිසා. මින්හෝ කිව්ව වගේ කුකී... නෑ නෑ.. ඒත් එයා මට ආදරයක් නෑ කියලත් වෙලාවකට මට හිතෙනවා..

"කුකී මට අහන්න දෙයක් තියනවා"

"මොකක්ද??"

"ඔයා මේ දේවල් අයි මීන් මේ අෆෙයාර් එක"

"ඔයාට සැකයිද?? මින්හෝ කිව්ව දේවල් නිසා??"

"නෑ ඒත් මට බයක් දැනෙනවා.."

කුකී මගේ ළගට ආවේ මගේ අත් දෙකෙන් තද කරල අල්ල ගන්න ගමන්..

"අපි මේක හැමෝටම කියමු මේ මිශන් එක ඉවර වුනාම.. මට දැන්ම කියන්න බෑ, මොකද ඒක මේ වැඩවලට අවුලක් වෙයි කියල හිත්නවා"

එහෙම කියලා කුකී මගේ කම්මුලට කිස් එකක් දුන්නේ අනිත් අතින් මාව ලගට ගන්න ගමන්..

"කුකී කවුරුහරි එයි.. අයිනට වෙන්න... හ්ම්ම් හරි අපි මේක ඉවර වුනාම කියමු. ඒත් කැම්පස් එකේ??"

"මට කැම්පස් එකේ ඉන්න වෙන්නෙ කලින් හිටියා වගේමයි.. ගොඩක් අය ඔයා මින්හෝ එක්ක සෙට් කියල දන්නේ.. මාත් එක්ක හිටියොත් අවුලක් කියල තේරෙනවා නේද??"

"හ්ම්ම් ඒත් ඔයා වෙන කෙල්ලො"

"මාර ඉරිසියාවක්නේ... හරි හරි මන් පුලුවන් තරම් ඈත්වෙලා ඉන්නම්.. උන් මට ඉන්න දෙන්නෙ නෑනේ ඉතින්"

මන් රවලා අහක බලාගත්තේ පස්සෙන් එනව නම් බනින්න පුලුවන්කම තියාගෙන මෙයා නලවන්න යන නිසා..

"කිස් එකක්"

"මොකක්?? පිස්සුද?"

කුකී මගේ අතින් ඇදගෙන ගියේ ඩෝම් එක පිටිපස්සට..
.
.
.
.
ඒ අතරේ ජින් ජූන් එයාලගේ හෙඩ්ලා එක්ක කෝල් එකක හිටියේ.. අනිත් අය එයාලගේ වැඩ..

"නෝරා"

"ජිමින්??"

"ඔයාට ඕක කරන්න පුලුවන් කියලා ශුවර්ද?"

"ඔව්ව්"

"තව පාරක් හිතනවා.. මෝඩයෙක් නොවී"

"මන් කරන්නේ මට හරි කියල හිතෙන දේ.."

"පණ්ඩිතකම තමුසෙගේ"

"ඒක මන් බලාගන්නම්.. ඔයා ඔයාගේ කෙල්ලව පරිස්සමෙන් බලාගන්නකෝ වෙන කෙල්ලොන්ගේ මගුල් හොයන්න එන්නෙ නැතුව"

"බලාගන්නවා තමා.. තමුසෙගේ හොදට කිව්වේ"

"මන් ගැන බලාගන්නම් මන්.."

"ඕනේ මගුලක් කරගන්නවා"

ජිමින් කේන්තියෙන් යන්න ගියේ උඩට.. ජිමින් මට අකමැති කියල දැන දැන මන් බලෙන් පස්සෙන් යන එක අපි දෙන්නටම වදයක් නිසා අමාරුවෙන්හරි හිත හදාගන්න මන් තීරණය කලා.. අකමැති වුනත් ඔයාව මන් මගේ මතකයෙන්ම ඈත් කරනවා..
.
.

Time passed

"කට්ටියම කමු ළමයි"

ඒ වෙද්දී ඔක්කොම හිටියේ කෑම මේසේ ළග.. ජිමින් ඇර..

"ඉන්න මන් ඌව එක්කන් එන්නම්"

කුකී නැගිටල ගිහින් පැය කාලකට විතර පස්සෙ දෙන්නම පහලට ආවා..

කට්ටියම කිසි කතාවක් නැතුව කෑවා.. මුලු ඩෝම් එකම කනත්තක් තරමට නිශ්ෂබ්දයි..

"එහෙනම් අපි යනවා"

නෝරා කාලා ඉවර වුනාම යනවා කියලා කිව්වේ ඒ මුලු නිශ්ෂබ්දතාවන බිදින ගමන්.. නෝරා වැඩිය ජිමින් ළග ඉන්න අදිමදි කරපු නිසා අපිත් එයා එක්ක එන්න ආවා.. හැබැයි බැන්ග්ටැන්ලාගේ තිබ්බේ ලොකු ප්‍රශ්නාර්ථයක්.. මොකද නෝරාගේ හැසිරීම සෑහෙන්න වෙනස් වෙලා නිසා..
.
.
.
.

මායි නෝරයි එමී ආයෙම අපාර්ට්මන්ට් එකට ආවේ හෙට රෑට නෝරාගේ වැඩේ ගැන කතා කර කර.. සුගා ඕනේ ඩීටෙල්ස් හෙට උදේම එවන්නම් කියල කිව්වා.. මගේ හිතට නම් අවුල් නෝරාව යවන එකට. මොකද ඌ මේ වෙලේ ඉන්නෙ අවුලක නිසා.. බට් ඌටම මේක කරන්න ඕන කිව්ව නිසා මන් මුකුත් නොකිය ඉන්න තීරණය කලා..එමී නම් අද දවසෙම හිටියේ වෙන මොකක් හරි ලෝකයක.. ඌ වුනේ මොනාද කියලවත් දන්නවද දන්නේ නෑ.. අපාර්ට්මන්ට් එක ළගින් බැහැලා අපි කියව කියව ඩෝ එක ඇරියා..

"මොකක්??😳😳"

"කවුද මෙහෙම කලේ??"

අපේ මුලු ඩෝම් එකම කවුරුහරි වනසලා..

"ඒත් අපේ පාස්කෝඩ් එක??"

නෝරා එහෙම කියද්දී එමී කෝල් එකක් ගත්තේ ටේට..
.
.
.
.

"කියන්න එමී"

"........................."

"මොකක්?? ඉන්න අපි එන්නම්..හෙලෝ හෙලෝ එමී"

"මොකද ටේ??"

සුගා ඇහුවේ ටේ කලබලයෙන් කතා කරපු නිසා..

"එමීලගේ අපාර්ට්මන්ට් එක කඩලා.. යමන්"

ඒක කිව්ව ගමන් කොල්ලො 7 දෙනා ටග්ගාලා පෑගුවේ අපාර්ට්මන්ට් එකට.. විනාඩි 10ක් වගේ යද්දී අපාර්ට්මන්ට් එක ළගට ගියත් ඔක්කොම උඩ ගියේ එතන කාර් 5ක් වගේ නවත්තලා තියනවා දැකලා..

"ගන් ටික ගනින්"

ජූන්ගේ වෝනින් එකට ඔක්කොම ගන් ටිකත් අරන් එලියට බැහැලා විදුලි වේගෙන් ගියේ ආකීලාගේ අපාර්ට්මන්ට් හවුස් එකට..

හැබැයි යන පාරෙවත් ඩෝ එක ළගවත් මොකෙක්වත් හිටියේ නෑ.. අපි ශේප් එකේ ඩෝ එක අරිද්දී ඩෝ එක ඉබේම ඇරුනේ ඒක ලොක් කරලා තිබ්බේ නැති නිසා.. මුලු ගේම කට්ට කරුවලයි.. අපි ඇතුලට යද්දිම ඔක්කොම ලයිට් එකින් එක පත්තු වෙන්න ගත්තා... ලයිට් පත්තු වෙද්දී අපි දැක්ක දෙයින් අපි ඔක්කොම ගැස්සුනේ මෙහෙම දෙයක් අපි බලාපොරොත්තු නොවුන නිසා.. එමී නෝරා දෙන්නම හිටියේ පැත්තක පුටුවක ගැට ගහලා.. එමීව දැක්ක ගමන් ටේ ඉස්සරහට දුවද්දීම එතන හිටිය එකෙක් එමීගේ ඔලුවට ගන් එක තිබ්බ..

"පුලුවන් නම් තව අඩියක් වරෙන්😂"

ටේ ආයේ ආපස්සට ආවේ එමීගේ ජීවිතේ තියෙන්නෙ අනතුරේ නිසා.. ඒත් කෝ ආකී??

"ජූන් ජූන්.. ආකීව බේරගන්න"

නෝරා කෑගහපු පාරට නෝරා ළග හිටිය මිනිහා නෝරගේ ඔලුවට ගැහුවේ ගන් එකේ මිට පැත්තෙන්..

"උබට මන් 🤬🤬🤬"

ජිමින්ට ඉබේටම කියවුනා කිව්වොත් හරි.. ඒත් ජිමින්ටත් ඉන්න තැනම ඉන්න වුනේ උන්ගේ අතේ ගන් තිබ්බ නිසා..

අපිට කරගන්න දේ හිතාගන්න බැරි වුනේ අපි කරන පොඩි වැරැද්දකින් හරි කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න පුලුවන් නිසා..

"උබලා කවුද??"

ජින් බලන් ඉදලා බැරිම තැන ඇහුවා..

"කෝ යකෝ ආකී?? ආකී තමුසේ කොහෙද?"

කුකී මහ හයියෙන් කෑගැහුව පාරට ආකීගේ රූම් එකේ ඉදන් මනුස්සයෙක් එලියට ආවේ හිනාවේගෙනෙ..

"😂😂😂 උබල නම් වැඩක් කරගන්න දෙන්නෙම නෑ"

"කෝ යකෝ ආකී?? ආකීට අතක් හරි තියල තිබ්බොත් මන් උබව මරනව 🤬🤬🤬"

"අහ්හ් උබද ඒකීගේ පෙම්වතා 😂😂 ඌව අල්ලගෙන වරෙන්"

ඒ කිව්වම එතන හිටිය මිනිස්සු දෙන්නෙක් ආවේ කුකීගේ පැත්තට.. අපි ඔක්කොම ගන් ලෝඩ් කරද්දී ඌ ඇහෙන් නෝරා ඇන්ඩ් එමීව පෙන්නුවා..

"උබලා දැගලුවොත් අරුන් දෙන්න එලොව යයි"

"උබ කවුද කියපන් 🤬🤬🤬"

"අහ්හ් අදුරගන්න බෑනේ.. මන් මේ මූණ වහගෙන ඉන්න නිසා.. ඉන්නකෝ මන් පෙන්නන්නම්.. ඔක්කොටම කලින් මූවත් ගෙනිහින් අරකිගේ එහා පැත්තෙන් බැදපන්"

කුකී ළගට ආව මිනිස්සු දෙන්න කුකීවත් අරන් ගියේ ආකීගේ රූම් එක පැත්තට.. ඒ එක්කම මෙච්චර වෙලා මූණ වහගෙන හිටිය රෙද්ද අයින් කලේ අපිට ඌව අදුරගන්න..

"මොකක්?? තමුසේ? 🤬🤬"

ටේගේ කටින් එක පාරටන පිට වුනේ ඇස්වල තිබ්බ කේන්තිය එක්ක මික්ස් වුන වචන.. ඒත් කාටවත් මුකුත් කරගන්න බැරි වුනේ උන් ළග කට්ටිය වැඩි නිසා..

"ඔව් මන් තමා යකෝ.. උබල හිතුවද හැංගි හැංගි නටන්න?? 😂😂😂"





Plz vote and comment, if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top