Get away from him......

කුකී මගේ අතින් අල්ලද්දී වටේ හිටිය හැමෝම බැලුවේ ලොකු පුදුමෙකින්..

"කුකී.. 😳"

"පොඩ්ඩක් ඉන්න"

ඒ එක්කම කුකී පාත් වෙලා මේසේට හිර වෙලා තිබ්බ මගේ ඩ්‍රෙස් එකේ කොටස අයින් කලා.. හත්වලාමේ මන් ගියා නම් ඔක්කොම පෙරලගෙන යන්නේ.. මට ඒත් පුදුම හිතුනේ ඇයි කියන්න මට තේරුනේ නෑ..

"හ්ම්ම් දැන් යන්න"

කුකී ඒ එක්කම නැගිටින ගමන් කිව්වා.. ඔයා මේ ඇත්තටමද මට යන්න කියන්නේ?? ඔයාට මන් ගැන මෙහෙම කියන්න හැගීමක් නැද්ද?? ඔයාට මාව නවත්තන්න ඕනේ නැද්ද?? මට දාහක් ප්‍රශ්න ආවත් කුකීට තැන්ක්ස් කරලා මන් ජින් එක්ක ඉස්සරහට ගියා.. අපි ගිහින් ජින්හේ අප්පා ඇන්ඩ් ඔම්මට එහා පැත්තෙන් හිට ගත්තා..

"හැමෝටම කියන්න යන්නේ ස්පෙශල් නිව්ස් එකක්.. මේක අපි සාමන්‍යෙන් හැම අවුරුද්දකම තියන ෆන්ශන් එකක් කියලා ආව ඔයාලා ඔක්කොම දන්නවනේ.. ඉතින් අද මේක වෙලාව කරගෙන මගේ ලොකු පුතාගේ වෙඩින් එක ගැන කියන්නයි මන් යන්නේ"

ඒ එක්කම ඔක්කොම සතුටෙන් අත්පුඩි ගැහුවේ ඒ කපල් එකට සුබ පතන ගමන්..

"ඉතින් හරියටම තව 6 මන්ත්ස් වලින් මගේ ලොකු පුතා මැරි කරනවා වගේම මේ සියෝක් ගෲප් එක භාර ගන්නවා.."

ජින් ලොකු සතුටකින් අයියා දිහා බලන් හිටියේ..

"ඒ වගේන මගේ අනිත් කොල්ල.."

ඒ එක්කම ඔක්කොගෙම අවධානේ ආවේ අපේ පැත්තට.. මාව ටිකක් ගැස්සුනා කිව්වොත් හරි..

"මේ දෙන්නගේ වෙඩින් එක ඊලගට අපි කරන්න හිතාගෙන ඉන්නවා.."

"මිස්ටර් සියෝක් ඔයාගේ ලේලීලා දෙන්නම මාර ලස්සනයි.."

ඉස්සරහම හිටිය කෙනෙක් එහෙම කියද්දී මන් බැලුවේ ජින් දිහා.. ජින් හෙමින් මගේ කනට පාත් වුනේ එයාගේ අතකින් මගේ උරහිස අල්ලන ගමන්..

"බය වෙන්න එපා.. මුකුත් වෙන්නේ නෑ.. ඔයා මෙයාලා කියන ඒවා ඔව් ඔව් කියල පිලිගන්නකෝ"

"ඒත්.."

"ශ්ශ්ශ්ශ් කියන දේ කරන්නකෝ"

ඒ එක්කම මිස්ටර් සියෝක් අපි දිහා වගේම ජින්ගේ අයියලා ඉන්න පැත්තත් මාරුවෙන් මාරුවට බැලුවේ මොකක්හරි අපිට මිස් වුනා වගේ..

"ඇයි අප්පා??"

ජින්ගේ ඔප්පා එහෙම ඇහුවේ අපි කාටවත් මුකුත් නොතේරුන නිසා..

"දැන් මන් ඔයාලා ගැන කියල ඉවරයි.. කෝ ඔයාලගේ කිස් එක??"

මොකක්?? මන් එක පාරට ගැස්සුනා.. මන් ජින්ගේ මූණ දිහා බැලුවේ මේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.. ටික වෙලාවකින් ජින්ගේ ඔප්පා එයාගේ ගර්ල්ට කිස් එකක් දුන්නේ හැමෝගෙම කෑගැහිල්ල මැද්දේ.. මන් ජින් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන් ඔලුව දෙපැත්තට වනන ගමන්..

"කෝ ජින්?? දැන් ඔයාලාගේ වාරේ"

"අප්පා ඒත් මේ.."

ඒ එක්කම වටේම කට්ටිය එක හඩට කිස් කිය කිය කෑගහද්දී මට ඉබේටම බැලුනේ කුකී දිහා.. කුකීගේ මූණේ කිසිම හැගීමක් තිබ්බේ නෑ..

"ආකී කලබල වෙන්න එපා.."

"ජින් මේක කරන්න බෑ.. කුකී.."

"අහන්න මන් කිස් කරන්නේ නෑ.. ඒත් ඔයා කලබල වෙන්න එපා.."

මන් ගලක් වගේ හිටියේ ජින්ව විශ්වාස කරලා.. ඒ එක්කම ජින් මගේ මූණට ළං වුනේ මගේ ඇස් දෙක ඉබේටම පිය වෙද්දී.. මට ජින්ගේ හුස්ම ගන්න සද්දෙ පවා හොදටම ඇහුනා.. ඒ රස්නේ මගේ තොල්වලට කෙලින්ම වැදුනා.. මන් ජින්ගේ අත තද කරගත්තේ මගේ ඇගම නිකන් ගැහෙන්න ගත්ත නිසා.. දෙයියනේ මන් මේ මොකක්ද කරන්නෙ?? කුකී...

ඒත් මන් තිබ්බ විශ්වාසය තප්පරයකටවත් ජින් කැඩුවේ නෑ.. එයා අනිත් අයට නොපෙනෙන්න එයාගේ මහපට ඇගිල්ල මගේ තොල් අතරේ තිබ්බේ එයාගේ තොල් මගේ තොල්වලින් වෙන් කරන්න.. ඒක කවුරුත් නොදැක්ක නිසා හැමෝම හිතුවේ ජින් මාව කිස් කලා කියල.. ඔයා ජින් 🥺🥺🥺 ඒ එක්කම ජින් මගෙන් ඈත් වෙද්දී මගේ ඇස් ගියේ කුකී ළගට.. කුකී පේන්න හිටියේ නෑ.. ඒ එක්කම මින්සෝත් 😓😓

ඊලග තප්පරේ අපිට විශ් කරපු හැමෝටම ආචාර කරලා අපි ආයේ බැන්ග්ටැන් කොල්ලො ටික හිටිය තැනට ගියා..

"කෝ කුකී??"

ජින් එක පාරටම ඇහුවේ කුකී හිටියෙ නැති නිසා..

"ජින්, උබ මොනාද මේ කරන්නේ??"

"ජූන් අහන්න, උබල හිතනවා ඇති නේ මන් ආකීව ගන්න ට්‍රයි කරනවා කියල"

"ඔව් ඒක හිතන්න දෙයක් නෙමෙයි"

"ජිමින් අහපන්කෝ... මට ඕනේ කුකීට උගන්නන්න"

"අහ්හ්හ්හ් මොනාද??"

"ඌ හිතන්නේ ආකීට ඌ ආදරේ නෑ කියල.. ඒත් ඌ ආකීට ආදරෙයි.. ඌ එක පිලිගන්නේ නෑ.. මායි ආකීට කිව්වේ අද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට ඇක්ට් කරන්න කියල... ඒ වගේම අපි කිස් කලේ නෑ.."

"මොකක්??"

නෝරා කිසිම දෙයක් තේරුනේ නැති නිසා ආයෙම ඇහුවා..

"ආකී ආදරෙයි කුකීට.. කුකී ළගට යන්න බයයි කුකී ආදරේ නෑ කියල,එහෙම නේද ආකී?"

මන් ඔලුව වැනුවේ ඇත්තමට මට කුකීව ඕනේ වුනත් එයා ළගට යන්න හිතේ තිබ්බ බය නිසා..

"ඉතින් මන් ආකී එක්ක ඉද්දී කුකීට ජේ එකක් එනවා.. ඒ එක්කම එයා ට්‍රයි කරයි ආකීව මගෙන් ඈත් කරන්න"

"ඒත් උබ දන්නවා නේ කුකී මොන වගේ කෙනෙක්ද කියල.. එයා ආකීව අමතක කලොත්??"

"අපි ඉන්නකන් ඒවා කොහෙද?? මන් මුන් දෙන්නවා ආයේ සෙට් කරලා තමා මේක නවත්තන්නෙ.. එතකන් ආකී මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්..."

"හ්ම්ම්ම් උබ අපේ හ්‍යොන්ග්නේ.. ඕනේ දෙයක් කරපන්.. ඒත් උබටවත් කුකීටවත් ප්‍රශ්නයක් නොවෙන්න"

"හ්ම්ම් ඕකේ..කෝ දැන් ඌ??"

"අර පැත්තට ගියා"

හොබී එහෙම කිව්වේ එලියට අත දික් කරලා..

"ඔයා යන්න ආකී.. ඌ දැන් කිස් එක ගැන හිත හිත ඇත්තේ.. "

"ඒත්.."

"අහන්න කුකීට ඇත්තටම ආදරෙයි නම් ඇයි ඒක හංගන් ඉන්නේ?? කියනවා මෝඩයෙක් නොවී.. තමුසෙට අපි කොච්චර පැහැදිලි කලාද?? තේරුම් ගත්ත නම් අද මෙහෙම අවුලක් නෑනේ"

කට්ටිය කිව්ව නිසා මන් කුකී ගියා කිව්ව පැත්තට ගියා..
.
.
.
.

"අහ් මේ ළමයි, මේ මෝහා"

"කවුද මේ උබේ??"

"මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්... 😡"

ජූන් ජිමින්ට එරෙව්වේ නිකන් දන්නේ නෑ වගේ ඇහුව නිසා..

"මෝහා.. හොදට හිතලද මූ එක්ක යාලු වුනේ??"

"ඇයි එහෙම කියන්නේ??"

"නෑ මූ මේ.."

"ජින් හ්‍යොන්ග්,මන් මේක ඇත්තටම කරන්නේ අනේ"

"උබ සෙල්ලම් දාන්න එපා මේ පාර.."

මෝහා ජූන් දිහා අමුතු විදිහට බැලුවත් ජූන් අර ඩිම්පල් හිනාව දාලා මෝහව ශේප් කරගත්තා..ජින් නෙමෙයි කාටවත් ජූන්ව කෙල්ලො සීන්වලදි ශුවර් නෑ..

"අහ්හ් මේ මිස් ජේන්"

සුගා ජේන්ව පෙන්නලා අනිත් අයට අදුන්වලා දුන්නා.. කට්ටියම ඉතින් ජේන්ව නම් දන්නවා.. මොකද ඩේවිඩ් නිසා..

"උබල දෙන්න යාලු??"

"නෑ නෑ මොනාද ටේ කියන්නේ?? මේ අපේ සියෝක් ගෲප් එකේ ඩිසයිනර් කෙනෙක්.."

ඒ කිව්ව ඔක්කොටම ජෙන් හිනා වුනේ ගොඩක් අහිංසක විදිහට.. ජේන්ව දැක්කම ඩේව්ඩ් එයාගේ අප්පා කියල කියන්නත් බෑ..

"අන්තිම චාන්ස් එක මට..මේ ජූඩා.. මගේ නෙමෙයි ජූන්ගේ කසින් 😁😁"

"හෙලෝ ජූඩා.. හොබීගෙන් පරිස්සම් වෙන්න"

"හෙලෝ හැමෝටම.. ඕකේ මන් මේ මෝඩයගෙන් පරිස්සම් වෙන්නම්කෝ"

"ඔව්ව් හොදේ මට මූ වගේ මස්සිනෙක් එපා"

කට්ටියගෙම කතාව හෝ ගාලා යද්දී ආකී ගියේ කුකීව බලන්න..එලියට ගිහින් වටේම බැලුවත් කුකී පේන්න හිටියේ නෑ.. ආයේ එන්න හැරෙද්දී පූල් එක ළග වාඩි වෙලා ඉන්න කුකීව ආකී දැක්කා..ආකී ටග්ගාලා කුකී ඉන්න තැනට ගියා..

"කුකී මොකද මෙතන කරන්නේ?? අර පැත්තේ"

"තමුසේ ඇයි ආවෙ??"

"අහ්හ්හ්??"

"මට හිතාගන්න බෑ ජින් හ්‍යොන්ග් ගැන"

"එයාට බනින්න එපා.. එයා වැරදි නෑ"

"කවුද බැන්නේ??"

"අහ්හ්හ් ඒ කියන්නේ?"

මගේ ප්‍රශ්නවලට උත්තර දෙන ගමන් කුකී නැගිට්ටේ අතේ තිබ්බ ග්ලාස් එකේ තිබ්බ අන්තිම ටිකත් උගුරට හලාගන්න ගමන්..

"තමුසේ වගේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.."

"ඇයි මන් වගේ කෙල්ලෙක්ගේ මොකක්ද ඔයා කියන්නේ??"

"නෑ තමුසෙගේ අවුලක් නෑ... ඒත් මගේ හ්‍යොන්ග් හෙන වැදගත්. උබව හරියන්නේ නෑ"

"අහ්හ්හ්හ්"

"මන් උබව අයින් කරපු දෙයක්.. මගේ හ්‍යොන්ග්ට මොකටද මන් විසික් කරපුවා"

ඒ වචනෙට මට ලොකු දුකක් ඇති වුනා..මාව විසික් කරපු දෙයක්.. 😓😓

"මන් ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමෙයි"

"නෙමෙයි නෙමෙයි.. එහෙම තමයි ඕයි.. බලනවා මුලින්ම මින්හෝ.. ඌ එක්ක මොනා කරන්න ඇත්ද??"

ඒ වචනෙට මගේ අත ඉස්සුනේ කුකීට ගහන්න.. ඒත් මන් අත නවත්තගත්තේ කවදාවත් මට එහෙම දෙයක් කරන්න බැරි නිසා..

"තමුසේ මට ගහන්නද අත ඉස්සුවේ?? ඇත්ත තිත්තයිලුනේ.."

"කුකී මන් කියන"

"අහනවා මේක.. ඕනේ කෙනෙක් එක්ක නටාගන්නවා, මගේ හ්‍යොන්ග්ව අත ඇරලා..තමුසේ මින්හෝගේ ගෙදර ගියා ක්ලබ් එකට ගියා..මොනාද වුනේ අපි දන්නවද?? තමුසේ දකින දකින එකා එක්ක"

"කුකී ඒක මිශන් එකේ කොටසක්..දෙයක් කියන්න කලින් හිතනවා"

"ඇයි මොනා හිතන්නද??"

"ඔයා ආසද ඔයා ගැන බොරු කියනවට ඔය වගේ.."

"මොනාද මන් දැන් කිව්ව බොරු?? මෙහෙට ඇවිල්ල මාස කීයද?? කොල්ලො කීයක්ද?? අපරාදේ මටත් තමුසෙව තව එන්ජෝයි කරන්න තිබ්බා"

"මොකක්??"

"නෑ තමුසේ.."

"කුකීයෝ..."

ඈතින් ඇහුන සද්දෙට කුකී ඒ පැත්ත බැලුවේ කියන්න ආව එක කටේම හිර කරගන්න ගමන්.. මන් එහෙම්ම බිම බලාගත්තේ කුකී කිව්ව දේවල් එක්ක මාවම මැනගන්න ගමන්..මන් ගැන එහෙම හිතන කෙනෙක්ටද මන් මෙච්චර ආදරය කරන්නේ??

"මොකද මේ ඔය දෙන්නා??"

"අහ් නෑ මෙයාත් මේ පැත්තට ආව නිසා කතා කලේ මින්සෝ.. යමුද ඇතුලට සීතලයි"

"හ්ම්ම් ඔව් සීතලයි.."

ඒ එක්කම කුකී එයාගේ කෝට් එක ගලවලා මින්සෝට දැම්මේ මන් බලාගෙන ඉද්දී.. ඒ එක්කම මින්සෝව තුරුල් කරගෙන කුකී ඇතුලට ගියේ මාව පූල් එක ළග තනි කරලා.. මට තවත් හිරකරන් ඉන්න බැරි තැන මන් එතනම බිම වාඩි වුනේ මහ හයියෙන් අඩන ගමන්.. පේන්න කවුරිත් හිටියේ නැති එක මගේ කදුලු නිදහසේ වැටෙන්න උදව්වක් වුනා..

කුකී මින්සෝ එක්ක ගිය එකට වඩා මට දුක හිතුනේ එයා මන් ගැන හිතන් ඉන්න විදිහෙන් 😓😓😓😓
.
.
.
.
.

කට්ටියම පාටි එක එන්ජෝයි කරද්දී ජින් හිටියේ අප්පා එක්ක එයාලගේ බිස්නස් පාට්නර්ස්ලා අදුරගන්න ගමන්.. පාටිය ඉවර වෙනකනුත් ජින්ට ගැලවීමක් තිබ්බෙ නෑ.. අනිත් අයත් තමන්ගේ පාට්නර්ස්ලා එක්ක එන්ජෝයි කලා.. ජිමින් නෝරා එක්ක තනි වුනේ ඩාන්සින් ෆ්ලෝ එකේ..

ඒ දෙන්න එතන හිටිය ගොඩක් අයගේ අවධානේ ගද්දී ටේ එමී එක්ක ගියේ හොටෙල් එකේ රූෆ් එකට..

"වාව් ලස්සනයි ටේ.."

"හ්ම්ම්ම් මන් මේ හොටෙල් එකට ඇවිල්ල තියනවා.. දවසක් අපි 7 දෙනාම මෙතනට වෙලා එලි වෙනකන් හිටියා.."

"ඇයි මාව එක්කන් ආවේ??"

"මන් ආසයි මන් දැක්ක ලස්සන දේවල් ඔයාට පෙන්නන්න"

"ටේ... 🥺🥺"

"අපි ගෙවන ජීවිතේ බැලුවම අපිට කොහෙන්ද ආදරය කරන්න වෙලාවක් කියල මට හිතුනා..ඒත් මන් ඒ හිතන් හිටිය විදිහ වැරදි"

"ඒ කිව්වේ??"

ටේ එමීගේ අතින් අල්ලන් ටේගේ පැත්ත හරවා ගත්තා..

"ආදරේ කරනවා නම් වෙලාව ඕනේ තරම් අපිට තියනවා.. බිසී ලයිෆ් එකක් ඇතුලේ ආදරේට ඕනේවටත් වඩා වෙලාව තියනවා.. මන් ඒක මගෙන්ම තේරුම් ගත්තා"

"හ්ම්ම් ඔව් ඒක ඇත්ත.. කවදාවත් ආදරයක් හම්බෙයි කියල හිතුවේ නෑ අපි වගේ කෙල්ලොන්ට"

"දැන් ඉන්නේ මේ"

"ඒක තමා.."

"මේ රෑ අපි දෙන්න විතරක් මෙතන ඉන්න නිසා මට නිකන් ඉන්න බෑ"

"ඒ කිව්වේ??"

ඒ එක්කම ටේ එමීගේ තොල්වලට බර වුනේ එමීව අත් දෙකෙන්ම උස්සලා රූම් ටොප් එකේ තිබ්බ කණ්ඩියෙන් තියන ගමන්.. ඒ තප්පරයෙම එමී ටේව ඈත් කලේ බය වුන පාර..

"මෝඩයෝ මන් වැටෙයි..අයිනට වෙන්න"

"අපෝ කට නම් දාහකට නෙලන්න.. මොකක්ද ඕයි??මන් වට්ටන්නේ නෑ"

"ඒ උනාට ඕවා මේ වගේ රිස්ක් එකක් අරන් කරන්න ඕනේ නෑනේ.. තියනවකෝ"

"මතක හිටින්න කරන්න ඕනේ.. කට පියන් හිටියේ නැත්තම් තල්ලු කරනවා"

"මොකක්??"

ඒ එක්කම ආයේ ටේ එමීගේ තොල්වලට බර වුනේ තොර තෝංචියක් නැතුව කියවන එමීගේ කට එක තප්පරට වහන ගමන්.. එමී මුලදි අදිමදි කලත් ටේගේ සියුම් හාදුව එමීගේ බය ලැජ්ජාව ක්ශනිකයෙන් අතුරුදහන් කලා.. එමීත් ටේට අවනත වුනේ ඒ හැගීම නැගුන හද එලිය එක්ක විදගන්න ගමන්..
.
.
.
.
.
.

"අම්බෝ මට මහන්සී"

"ඇයි උබ කුඹුරු කෙටුවද හ්‍යොන්ග්??"

"අනේ මේ ජූන්.. කෝ ආකී?? කෝ ටේ එමී?? අරුන් දෙන්න නම් ඩාන්ස් ෆ්ලෝ එකේනේ"

"අරුන් දෙන්නත් හොද වන්නමක් කොහෙටහරි වෙලා නටනවා ඇති..."

"එත්කොට ආකී කෝ??"

හොබීගෙන් ආකී ගැන මුකුත් කියවුනේ නැති නිසා ජින් ආයෙම ආකී ගැන අහද්දි මින්සො උත්තර දුන්නා..

"මායි කුකී එද්දී නම් ආකී පූල් එක ළග හිටියා"

ජින් ඒක කිව්ව ගමන් දිව්වේ පූල් එක පැත්තට.. පාටි එකට ආව අය ටික ටික එලියට යන ගමන් හිටියේ.. ඒ නිසා පූල් එක පැත්තෙත් ලොකු සෙනගක් හිටියා.. බැලුවට ආකීව හොයාගන්න ජින්ට බැරි වුනා..

"ආකී නෑනේ.. "

ඒ වෙද්දි නම් ටේ එමී වගේම ජිමින් නෝරත් ඇවිල්ල හිටියේ.. පාටි එක ඉවර නිසා කට්ටිය ගිහින් තිබ්බේ.. හොටෙල් එකේම බැලුවත් ආකී හිටියේ නෑ..

"ජින් අපි ඩෝම් එකට යමු..ආකී ඩෝම් එකට ගියාද දන්නේ නෑනේ??"

"ඒත් නොකිය යන්නෙ ඇයි සුගා??"

"හොටෙල් එකේ කොහේවත් නෑනේ.."

බැරිම තැන කට්ටියම ඩෝම් එකට ආවේ ආකී කොහේවත් නැති නිසා.. ජින් විතරක් නෙමෙයි කුකීත් ගොඩක් බය වෙලා හිටියේ.. මොකද කුකී විතරයි දන්නේ කුකී කිව්ව දේවල්..
.
.
.
.
.

"මේක හරියන්නෙ නෑ"

ඩෝම් එකට ඇවිල්ල බැලුවත් ආකී හිටියේ නෑ.. ආකී එයි කියල පැය භාගයක් වගේ බලන් හිටියත් ආකී ආවේ නෑ.. ජින් ඉදන් හිටිය තැනෙන් නැගිට්ටේ ආකීව හොයාගන්න යන්න..

"කොහෙද යන්නේ ජින්??"

"ජූන් මාත් එක්ක වරෙන්"

ජේන් මෝහා වගේම ජූඩාව බස්සලා සුගා ජූන් ඇන්ඩ් හොබී ආවේ හටියටම විනාඩි 15කට වගේ කලින්.. ඔක්කොම ඉද්දී ජින් ජූන් එක්ක එලියට යද්දී කුකීත් පස්සෙන් දිව්වේ එයත් එන්නම් කියන ගමන්..

"අපිත් එන්නම්"

"නෝරා එමී, ඔක්කොම යන්න ඕනේ නෑ.. එයා ආවොත් අපිට කියන්න.. "

එමීවයි නෝරයිත් ඩෝම් එකේ නවත්තලා ජූන් ජින් ඇන්ඩ් කුකී ගියේ ආකිව හොයන්න..

"ජින් හ්‍යොන්ග් කොහෙද යන්නේ??"

ජින් යන පැත්ත දැකලා ජූන් පුදුම වුනේ ඒ මින්හෝලව හිර කරලා ඉන්න තැනට යන පාර නිසා.. කා එක්කවත් කතා නොකරපු ජින් විදුලි වේගෙන් ගිහින් කාර් එක නවත්තනවා එක්කම බැහැහලා දිව්වේ මින්හෝලව හිර කරලා තිබ්බ කාමරේට.. ඒ පස්සෙන් ජූන් එක්ක කුකී දිව්වෙව් මුකුත් හිතාගන්න බැරුව..

"ආකී... 😣"

මින්හෝලා ගැටගහල ඉන්න තැනට ඉස්සරහෙන් ආකී වැටිලා ඉන්නවා දැක්ක ජින් කෑගහගෙන ආකීගෙ ළගට දුවද්දී කුකීගේ කකුල් ඉන්න තැනම නැවතුනේ මොනාද වෙලා තියෙන්නෙ කියල හිතාගන්න බැරුව..





Plz vote and comment, if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top