Finally, he said he loved me ❤️
"මොකක්?? තමුසේ? 🤬🤬"
ටේගේ කටින් එක පාරටන පිට වුනේ ඇස්වල තිබ්බ කේන්තිය එක්ක තිබ්බ වචන.. ඒත් කාටවත් මුකුත් කරගන්න බැරි වුනේ උන් ළග කට්ටිය වැඩි නිසා..
"ඔව් මන් තමා යකෝ.. උබල හිතුවද හැංගි හැංගි නටන්න?? 😂😂😂"
"උබ මොකද මෙහෙ කරන්නේ බින්?"
"හරි මන් යන්නම්.. උබලා මගේ කොල්ලට මොකද කලේ කියපන්??"
"ඌ අපි ළග නෑ"
"😂😂😂 NIS නිළදාරි මිස්ටර් කිම් ටේ, උබලා හිතුවද මාව ලේසියෙන් වට්ටන්න?? මගේ කොල්ලට එක හීරීමක් හරි වෙලා තිබ්බොත් උබලා එක එකා මරනවා දැනගනින්"
"උබගේ 🤬🤬 පුතෙක් අපි ළග නෑ යකෝ.."
"එතකොට මේ මොකක්ද??"
බින් ඒ වෙලේ මින්හෝව අපි ගැටගහල තියන ෆොටෝ එකක් පෙන්නුවා..
"උබලට හිතාගන්න බෑ නේ.. උබලගේ ළගම ඉන්න වුන් තමා මට මේවා එව්වේ 😂😂😂.."
"උබේ පුතාව යහතින් ඕනේ නම් අපේ අය එලියට දාපන්"
"මන් එච්චර මෝඩයි වගේ පේනවද උස කොල්ලො 😄"
"අහ්හ්හ්??"
"අරන් වරෙන් මගේ කොල්ලව.. උබලට පැය භාගයක් තියනවා.. පහු වෙන විනාඩිය ගානේ අරකිගෙන් පටන් ගන්නවා එලොව යවන්න"
එහෙම කියල බින් අත දික් කලේ නෝරට..
"ජූන් කාර් එකේ කී එක.. වරෙන් ටේ සුගා යමු.."
ජිමින් ටේ ඇන්ඩ් සුගාවත් එක්කන් ගියේ ඩෝම් එකට.. ඒත් ඇයි ජිමින් මෙහෙම හැසිරෙන්නේ?? ඒක අපිට වගේම නෝරටත් ආව ප්‍රශ්නයක්..
.
.
.
.
.
Time passed
"කෝ උබලගේ ගිය උන්?? තව විනාඩි 5යි තියෙන්නේ"
එහෙම කියල බින් ගියේ නෝරා ළගට.. නෝරාගේ මූණ දිගේ හෙමින් හෙමින් අතින් රටා ඇන්ද බින් ඒ ඇගිල්ල නැවැත්තුවේ නෝරාගේ තොල් ළග..
"අත ඇරපන් ඒ කෙල්ලව.. මෙන්න උබේ මහලොකු පුතා"
ජිමින් කෑගහගෙන ආවේ මින්හෝවත් අරන්..
"මින්හෝ..."
"අප්පා..."
"අහ්හ්හ් එන්න එපා ළගට.. මුලින් අපේ උන් දීපන්"
ජූන් ගන් එක මින්හෝට දික් කලේ අපේ හිර කරන් ඉන්න අය දෙන්න කියන ගමන්..
"උබලා මාත් එක්ක සෙල්ලම් දානවද?? උබලගේ 4ක් මන් ළග 😂😂"
"😂😂 අපි ඔක්කොම මේ කරන්නේ ජොබ් එකක් බින්.. උබේ පුතා ඉන්නෙ අපේ ළග.. උබට පුතාව වටින්නෙ නැද්ද??"
ඒ එක්කම ජූන් ගන් එක ලෝඩ් කරනවා එක්කම බින් අතින් සන් කලේ එමීවයි නෝරවයි ලිහන්න කියලා.. එමීවා ලිහුව ගමන් එමී දුවන් ආවේ බැන්ග්ටැන්ලගේ පැත්තට... ටේ ඇදලා ගත්තේ එමීව ටේගේ පිටිපස්සට කරන ගමන්..
"ඉක්මනට ලිහපන්"
නෝරගේ අත ලිහුව ගමන් නෝරත් ආවේ බැන්ග්ටැන් පැත්තට.. ජිමින් නෝරට අත දික් කලත් නෝරා කෙලිනම ගියේ එමීගේ පැත්තට..
"අනිත් දෙන්නා"
"😂😂 එතන ඉන්නවා නේ උබලගේ පොඩි කොල්ලා.. ඌව ඕනේ නම් මගේ කොල්ල අත ඇරපන්"
"බෑ මුලින් ඒ දෙන්නව දීපන්"
"උබල සෙල්ලම් කරන්න හදන්න එපා.. අරකිට තියපන්"
"අප්පා.."
මින්හෝ එක පාරටම කෑගැහුවේ බින් ආකීට වෙඩි තියන්න කිව්ව නිසා..
"අන්තිම පාරට කියන්නේ උබලා මගේ කොල්ලව අත අරිනවද නැද්ද??"
"අපේ කොල්ලව අත ඇරපන්"
ජූන් ආයේ ආයේ කුකීව ඉල්ලුවේ ලොකු හේතුවකට.. මොකද ටීම් එකේ හිටිය හොදම ෆයිටර් තමා කුකී.. කුකී නැතුව මෙච්චර ගොඩක් එක්ක හැප්පෙන්න බෑ.. කුකීව මුන් නිදහස් කලොත් අපිට මුන් එක්ක මේක බේර ගන්න ලේසී..
"ගෙනෙන් අර කොල්ලව"
කුකීව ගෙනල්ල ජූන්ගේ පැත්තට අත අරිනවා එක්කම මින්හෝව අපි බින්ගේ පැත්තට තල්ලු කලේ කුකීගේ ආරක්ෂාවට.. නිකන් හරි අපි ඌව නොදුන්න නම් මින්හෝව මැරුවත් බින් කුකීට වෙඩි තියනවා..
"කුකී.. Are u oky??"
"ඔව් ජින් හ්යොන්ග්.. බට් ආකී ඇතුලේ ගැට ගහලා.. මන් යන්න ඕනේ"
"පොඩ්ඩක් ඉදපන් කලබල නොකර"
ජූන් හෙමින් කට්ටියටම කිව්වේ බින්ලා දැන් මොකක්ද කරන්න යන්නේ කියල හිතාගන්න බැරුව.. කොහොමත් බින්ගේ කට්ටිය 15ක් විතර හිටියා... ගහනවා නම් ගහන්න පුලුවන් වුනත් ආකී නිසා බලාගෙන ඉන්න වුනේ මොකක්ද වෙන්නෙ කියල..
"අප්පා.."
"පලයන් කාමරේට.. උබට ඕන කෙනා ඇති"
"මින්හෝ උබ ආකීට අතක් හරි තිබ්බොත් මන් උබව මරනවා"
"😂😂😂 අත් දෙකම තියන්න මොකද කරන්නෙ?? මන් උබට බය වෙන්න ඕනේද?? ඒක නෙමෙයි උබට මොකටද ඔච්චර කැක්කුමක්?? ආකී මගේ කෙල්ල 😂"
"තියලා බලපන් උබට මොකද වෙන්නෙ කියල 🤬🤬"
"මට ඒත් හිතුනා ආකී ගැන උබ වද වෙද්දී මොකක්හරි ඇති කියල.. බලමුකෝ මගේ බබා මොකද කියන්නේ කියල"
එහෙම කියල ඇදන් හිටිය ටී එකේ බොත්තම් ගලවන ගමන් මින්හෝ ගියේ ආකීගේ රූම් එක පැත්තට.. ඇතුලට යන්න කලින් මින්හෝ ආයේ හැරුනේ බින්ගේ පැත්තට..
"අප්පා තැන්කිව්"
ඇතුලට ගියපු මින්හෝ ඩෝ එක වැහුවේ කුකී දිහා බලලා කට කොනෙන් හිනාවක් දාලා..
"මින්හෝ මන් උබව මරනවා 😡😡"
.
.
.
Minho pov
මන් රූම් එකට එද්දී දැක්කේ ඇදේ ගැට ගහලා ඉන්න ආකීව.. උබ මේවා විහින් කරගත්තේ.. උබ මට ආදරේ කලා නම් උබට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ මන්.. ඒත් උබ.. උබ එදා ඇහුව නේ මට මොකක්ද කරන්න පුලුවන් කියල..මන් උබට අද පෙන්නම්... මන් එහෙම හිතන ගමන් ළගට ගිහින් ආකීගේ කට ගැට ගහලා තිබ්බ රෙදි පටිය හෙමිහිට ලෙහුවා..
Pov end
"මට යන්න දීපන්"
"ශ්ශ්ශ්ශ් මොකද බබා සද්දේ? මන් මින්හෝනේ"
"මට යන්න දීපන්"
මින්හෝ ආකීගේ මූණේ රටා අදින්න පටන් ගත්තේ අනික් අතින් කම්මුලක් අත ගාන ගමන්..
"මාව අල්ලන්න එපා 🤬🤬🤬🤬"
"ඇයි උබ ජේකේ අල්ලනවටද ආස??"
එහෙම කියල මින්හෝ ආකීගේ කම්මුලට ගැහුවේ ඇස් දෙකෙන් තරහවෙ රස්නේ පිට කරන ගමන්..
"කුකී..."
ආකී මුලු ගේම දෙවනත් වෙන්න කෑගැහුවේ මින්හෝ ආකීගේ බෙල්ලේ පලිගැනීමේ සටහන් තියද්දී..
.
.
.
"මන් උබට 🤬🤬🤬"
තව දුරටත් ඉවසන් ඉන්න බැරි වුන කුකී ගන් එක අරන් බින්ගේ ලග හිටිය ගාඩ්ට ශූට් කලේ මුලු අපාර්ට්මන්ට් එකම අවුල් ජාලයක් කරලා.. මුලු ගෙදරම ඇහුනේ වෙඩි හඩ විතරයි... ගාඩ්ලාගේ කීප දෙනෙක් ඇදගෙන වැටෙද්දී අපේ අයටත් තුවාල වුනේ කවුරුත් හිතුවෙ නැතු විදිහට.. ඒත් ඒවා ඒ තරම් දරුණු නොවුන නිසා කට්ටිය කාගෙන ෆයිට් කලේ ආකීව බේරගන්න.. හටියටම විනාඩි 10ක් වගේ යද්දී බැන්ග්ටැන් සෙට් එකට පුලුවන් වෙනවා ආව ඔක්කොම අය මරන්න.. හැබැයි ඒ වෙද්දී බැන්ග්ටැන්ලාගේ නෝරටයි සුගාටයි වෙඩි වැදිලා තිබ්බේ.. එමී ටේ එක්ක ඒ දෙන්නව එලියට අරන් යද්දී ඉතුරු අය නැවතුනේ බින්ගේ වැඩේ බලන්න.. කොහොමත් මේ ඉන්නෙ ස්පෙශල් ට්‍රේනින් එකක් තියන සෙට් එකක්.. බින් වුනත් හැප්පෙන්න එද්දී මීට වඩා හිතන්න තිබ්බ.. 😒😒
"දැන් උබට අපි මොකද කරන්නෙ??"
"උබලා මාව අල්ලලා මොනා කරන්නද?? දැනටමත් උබලගේ අර කෙල්ල ඉවර ඇති 😂😂😂"
ඒ එක්කම කුකී දිව්වේ ආකීගේ රූම් එක පැත්තට..
"මින්හෝ ඇරපන් මේ දොර.."
තවත් තප්පරයක්වත් නාස්ති නොකර කුකී ලොක් එකට වෙඩි තිබ්බේ ඩෝ එක ඇරෙද්දී..
"තෝ 🤬🤬🤬"
කුකී කෙලින්ම දිව්වේ ඇද ළගට.. ආකීට හොදටම මින්හෝ ගහල තිබ්බේ.. ආකී ඇදන් හිටිය ඇදුම මින්හෝ ඉරල තිබ්බේ උඩ කොටස සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන්න.. ඒ නිරාවරණය වුන තැන්වල මින්හෝගේ සීරිම් පාරවල් හොදට පෙනුනා..
කුකී නොනවත්වාම මින්හෝට ගැහුවේ ආකීගේ වේදනාත්ම කෙදිරිය මැද්දේ..
"උබ කොහොමද මගේ කෙල්ලගේ ඇගට අතක් තිබ්බේ 🤬🤬🤬"
"උබේ කෙල්ල?? ඒකී මගේ කෙල්ල යකෝ.. උබ අපේ පාරෙන් අයින් වෙයන්..මට ඒකී ඕනේ"
"උබට 🤬🤬"
කුකී මින්හෝගේ මූණට ගැහුවේ මින්හෝව ඇදගෙන වැටෙන්නමයි..
"අයින් වෙයන් යකෝ.. මට ඒකීව මගේ කරගන්න ඕනේ.."
මින්හෝ කෑගහන්න කෑගහන්න කුකී නොනවත්වාම ගැහුවේ හිතේ තිබ්බ තරහටයි දුකටයි දෙකටම.. ඒ එක්කම ඇතුලට ආව ජින් කුකීව මින්හෝගෙන් ඈත් කලේ තව ගැහුවොත් මූ මැරෙන නිසා..
"කුකී ඇති නවත්තපන්.. මූ ගැන අපි බලාගමු පස්සේ.. ආකී ගැන බලපන්"
ඒ ක්ශනිකයෙන් කුකී දිව්වේ ආකී ළගට..
"මැණික ඔයාට අමාරුද??
කුකී කලබලයෙන් ආකීගේ ගැටගහල තිබ්බ අත් ලිහුවේ ඇදන් හිටිය ජැකට් එක ගලවලා ආකීට අන්දන ගමන්..
"නෑ තැන්කිව් කුකී.. ඔයා තව ටිකක් පරක්කු වුනා නම් 😓😓😓"
"ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. ඌ ඔයාට මොනාද කලේ?? මට කියන්න"
මන් අත් දෙකෙන්ම කුකීව තුරුල් කරගත්තේ අඩන ගමන්..
"ඌ මට ගැහුවා.. මගේ මගේ ඇග හීරුවා"
"මන් ඌව මරනවා 😡😡"
කුකී වෙලාවට ආවේ.. මින්හෝ කියන්නේ ආකීට පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක්.. ඒ නිසා මින්හෝට ආකී ගැන තිබ්බෙ කියාගන්න බැරි තරහක්... ඌට ඕනේ වුනේ එදා ආකී ගැහුව පාරවල්වල සැර ආකීට දෙන්න.. ඒ නිසා ආකීගෙන් තමන්ට ඕනේ දේවල් ගන්න කලින් ඌ කලේ ආකීට හොදටම ගහලා වද දුන්න එක.. ඒ වෙලේ කුකී ආව නිසා ආකී බේරුනා..නැත්තම් එදා අර අහිංසක කෙල්ලට කරපු දේමයි මුන් ආකීටත් කරන්නේ..
ජින් මින්හෝවත් අල්ලන් එලියට යද්දී කාමරේ තනි වුනේ කුකී සහ ආකී..
.
.
.
.
.
ජූන් ඩෝම් එකෙන් තව ගාඩ්ලා සෙට් එකක් ගෙන්නලා බින් සහ මින්හෝව බාර දුන්නේ බැන්ග්ටැන්ලගේ රහස් තැනට එක්කන් යන්න කියල.. මොකද බැන්ග්ටැන්ලට ඕනේ වුනා බින්ව වගේම මින්හෝවත් බාර නොදී එයලා ලගම තියාගන්න.. මුන්ව නීතියට භාර දෙනවා කියන්නේ සල්ලි පෙන්නලා එලියට එනවා කියන එක.. ඒ එක්කම ජූන්ගේ ඊලග ඉලක්කය ගියේ ඩෝම් එකේ ඉදන් ඔත්තු සපයන එකා හොයලා ඉවරයක් කරන්න..
"ජූන් මන් හොබී එක්ක හොස්පිටල් එකට යනවා.. ඔයා ජින් හ්යොන්ග් එක්ක අරුන් දෙන්නව එක්කන් එන්න"
ජිමින් හොබී එක්ක ගියේ නෝරා ඇන්ඩ් සුගාට වෙඩි වැදිලා හොස්පිටල් එකට ගෙනිච්ච නිසා.. ජින් අන්ඩ් ජූන් ආකීගේ රූම් එක ළග එලියට වෙලා වාඩි වෙලා හිටියේ කුකී ආකී එක්ක එනකන්..
"ජින් ඒ කියන්නෙ මුන් අපි ගැන ඇහැ ගහගෙන ඉදල තියෙන්නෙ??"
"ඔව් ජූන්.. අපි හිතුව තරම් මුන් ලේසි නෑ.. සමහරවිට ඩේවිඩ් අපි ගැන දැනටමත් දන්නව ඇති.. ශික්.."
.
.
.
................
"ආකී..."
"හ්ම්ම්"
"දැන් අඩන්න එපා.."
"මට හිතාගන්න බෑ කුකී ඔයා නාවනම් 😓"
"ඒ මන් නාවනම් නේ? දැන් ආවනේ"
කුකීගේ පපුවට තුරුල් වෙලා මන් හිටියේ මට එතන ලොකු ආරක්ෂාවක් දැනුන නිසා..
.
.
.
.
.
At hospital
"ටේ මොකෝ තත්වේ??"
මන් ඈත තියාම හිටිය ටේගෙ නම කියාගෙන කෑගහගෙන ගියා..
"අහ් ජිමිනා.. මොකෝ අවුලක් නෑනේ.. මෙහෙ අවුලක් නෑ, දෙන්නගෙම අතට වැදිලා තියෙන්නෙ"
"අම්බෝ මන් රත්වෙලා ආවේ??"
"ඒ ඇයි??"
එමී එක පාරට මගේ පැත්ත හැරුනේ මන් ලොකු හුස්මක් පිට කරලා වාඩිවෙන්න යද්දිමයි..මන් මුකුත් නොකිය බිම බලගෙනම හිටියේ මොනාද කියන්නෙ කියල නොතේරුන නිසා..
.
.
.
ටික වෙලාවකින් ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.. අපි ඩොක්ටර් ළගට දිව්වේ තත්ත්වය මොකද බලන්න..
"කලබල වෙන්න එපා.. එයාලව දැන් වෝඩ් එකට දානවා.. බ්ට්"
"බට් මොකක්ද ඩොක්ටර්?? ටේ උබ කිව්වා අවුලක් නෑ කියල"
"ඉදපන්කෝ ජිමින් පොඩ්ඩක්.. ඩොක්ටර්ට කතා කරන්න දීලා"
"ගෙනාව ගර්ල්ට නම් ටිකක් අමාරුයි.. එයාව අපි icu වෝඩ් එකකට දානවා.."
"මොකක්?? ඩොක්ටර් මට එයාව බලන්න ඕනේ"
"හරි බලන්න පුලුවන්. කලබල වෙන්න එපා.. එයාට රෙස්ට් එක ඕනේ"
ඩොක්ටර් එහෙම කියාගෙන මගේ පිටට තට්ටුවක් දාගෙන ගියා.. ඒ එක්කම ඔපරේශන් තියටර් එකේ ඉදලා සුගාව නෝමල් වෝඩ් පැත්තට ගෙනිච්චා.. එමී ඇන්ඩ් ටේ ඒ එක්කම ගියත් මන් බලාගෙන හිටියේ නෝරාව ගේනකන්.. මන් එහාට මෙහාට ඇවිද ඇවිද එද්දී ජින් ඇන්ඩ් ජූනුත් ආවා... මන් විස්තරේ කිව්වට පස්සෙ ඒ දෙන්නත් සුගාගේ තත්වෙ බලලා එන්න ගියා.. ආකීවත් බෙහෙත් දාගන්න කුකී එක්කන් ගිහින් තිබ්බේ..
.
.
.
ටික වෙලාවකින් නෝරාව එලියට ගෙනාවේ මගේ කකුල් දෙක නිකන්ම එතනට යද්දී..
"නෝරා ප්ලීස් නෝරා කතා කරන්න"
"මිස්ටර් කලබල වෙන්න එපා.. පේශන්ට රෙස්ට් එක ඕනේ"
එහෙන කිව්වම මන් කිසි කතාවක් නැතුව නෝරාගේ රූම් එක ළගට වෙනකන් ගියා.. නර්ස්ලා එලියට එනකන් මන් එලියට වෙලා බලාගෙන හිටියා..
"නර්ස් මන් ඇතුලට යන්නද??"
"හ්ම්ම් බට් එයාට රෙස්ට් කරන්න දෙන්න"
"ඕකේ නර්ස්.. තැන්කිව්"
මන් අවසරය ලැබුන ගමන් දුවලා ගියේ නෝරා ළගට.. ගිය පමාවට මන් ඒ අතින් අල්ල ගත්තේ මගේ පපුවට තියල තද කරගන්න ගමන්..
"නෝරා ඔයාට ඉක්මනට හොද වෙයි.. මන් මෙතනට වෙලාම ඉන්නවා"
මන් නෝරාට සිහිය එනකන් බලාගෙන හිටියේ ඒ මූණ දිහා..
"හ්ම් සොරි මන් රිද්දුවට.. මන් ඔයාට ඇත්තටම ආදරෙයි.. මන් දන්නවා මන් මොන වගේ කොල්ලෙක්ද කියල, බට් මන් ඔයාට බොරුවක් කරන්න නෙමෙයි මට ලං වෙනවද කියල ඇහුවේ?? දන්නවද ඔයා බෑ කිව්වම මට කවදාවත් නැතුව ලොකු දුකක් ඇති වුනා.. මන් පලවෙනි පාරට ඇඩුවා.. ඔයාට ඇහෙනවද?? මන් ඔයා වෙනුවෙන් ඇඩුවා කියල ඔයා විශ්වාස කරනවද??"
ඒ එක්කම නෝරා හෙමින් ඇස් ඇරියේ කට කොනෙන් හිනා වෙන ගමන්..
"මෝඩයා"
"අහ්හ්හ්හ් ඔයාට අමාරුද?? මන් ඩොක්ටර්ට කතා කරන්නද??"
"නෑ මෙහෙ එනවා.."
නෝරා ජිමින්ව ඇදලා ගත්තේ තොල්වලට සියුම් හාදුවක් දෙන ගමන්.. හම්බුන අවස්ථාව මිස් කරගන්නෙ නැතුව ජිමින් ඒ හාදුව තවත් දීර්ඝ කලා.. (ඔව් ඔව් ටේ එමීගේ ප්ලෑන් එකක් තමා මේක.. නෝරාට අමාරුයි කියල ජිමින්ව බය කරපු එක 😂😂)
.
.
.
.
.....................
"කොහොමද දැන්??"
"රිදෙනවා කුකී.. ඌ නම් ගිය ආත්මේ බල්ලෙක්ද කොහෙද??"
මන් බෙල්ල අල්ල අල්ල ගියේ අනිත් අයට කොහොමද බලන්න.. බෙහෙත් දාගන්න ලොකු වෙලාවක් ගියේ නෑ.. කට්ටියම හිටියේ ලේ පෙරාගෙන නිසා සමහර මිනිස්සු අපි දිහා බැලුවේ මොක්කුද දිහා බලනවා වගේ.. අපි සුගාව බලලා මායි එමී නෝරාගේ රූම් එක පැත්තට ගියේ ඌට කොහොමද බලන්න..
"නෝරා ඔයාට කො.."
ලප් තැනම ලොප් කියන්නේ ඕක තමා..
"අහ්හ් සොරි..කරගෙන යන්න.. අපි යන්නම්"
එමී එහෙම කියල මගේ අතත් අල්ලන් එලියට එන්න යද්දී මන් ආයේ හැරුනේ කිස් කර කර හිටිය කපල් එකට පොඩි නෝන්ඩියක් දාන්න..
"ජිමින්.. ඔය මනුස්සයට ඉන්න දෙනවා.. වැඩිය බර උස්සන්න බෑ"
එහෙම්ම කියාගෙන අපි දෙන්න එලියට ආවා.. 😌
Timw passed
හරියටම දවස් දෙකක් ගෙවිලා ගියා.. අපි ගොඩක් දවස් සුගා ඇන්ඩ් නෝරව හොස්පිටල් නොතියා ඩෝම් එකට ගෙනාවා.. ටික දවසක් යනකන් අපිත් ඩෝම් එකේ ඉන්න තීරණය කලේ ආරක්ෂාවට.. එමී හොයාගත්ත දේවල් එක්ක මේ ටිකේ අපි බින්ගේ ලගම උන් කිහිප දෙකෙන් ගැන තොරතුරු හොයාගත්තා.. ඒ එක්කම බින් ඇන්ඩ් මින්හෝ ඉන්නෙ බැන්ග්ටැන්ලගේ රහස් තැනකලු.. අහ් ජේන්ගේ වැඩේ හොබී හැන්ඩ්ල් කලේ සුගාට යන්න බැරි වුන නිසා.. දැන් ජේන් වැඩ කරන්නේ සියෝක් ගෲප් එකේ.. ඒකත් අපේ හොදටම වුන එක ගැන ඔක්කොම හිටියෙ සතුටෙන්.. අපිවත් තාම එතනට එක්කන් ගිහින් නෑ..මේ රස්නේ ටිකක් නැති වෙනක්න් ජූන් කට්ටියටම සාමන්‍ය විදිහට ඉන්න කිව්වේ අපේ හෙඩ්ට මින්හෝ පැන්න කියලා ලොකු බොරුවක් කිව්ව නිසා...
.
.
.
.
.
"මන් මේක නෝරට දීලා එන්නම්"
"ඕකේ අකී"
මන් නෝරට කෑම එකත් අරන් ගියේ එයාට ඩොක්ටර්ස්ලා රෙස්ට් කරන්න කිව්ව නිසා.. මන් කෑම එකත් අරන් රූම් එකට යද්දී මට රූම් එකෙන් කවුදෝ කතා කරන සද්දයක් ඇහුනා.. ටිකක් ළං වුනාම ඒ ජිමින්ගේ කට හඩ කියලා මට තේරුනා.. මන් ඩෝ එකට තට්ටු කරන්න යද්දිම මගේ අත ගල්වුනේ ජිමින් කිව්ව දේට..
"😣😣😣😣😣"
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top