Dark Note 🖤
ආදරණීය කියා,
උබ හෙන වාසනාවන්තයි.. උබට දෙන්නෙක් පණ වගේ ආදරය කරනවා.. මට වෙලාවකට ලෝභයි.. ඔව් ඔයාව දෙන්න.. ඒත් මට අයිති නැති උබව මන් කොහොමද ළග තියාගන්නේ?? දවසක ඕනේ උනොත් මන් බලන් ඉන්නවා.. ඒත් ලගට එන්නෙ නෑ.. ලගට එන්නත් බෑ.. මන් හෙට යනවා.. මේක මන් ලියලා පුච්චනවා.. ඒ ගින්දර එක්කම මේ ඔක්ක්ම ඉවර වෙයි.. සදහටම ඉවර වෙයි.. කවුරුත්ම මේක දැනගන්න එකක් නෑ.. ජූන් සුගා හොබී ජිමින් ටේ කුකී කවුරුත්ම දන්නෙ නැති වෙයි උන්ගේ හ්‍යොන්ග් කෙල්ලෙක්ට ආදරේ කලා කියලා.. අඩුම උබවත් දැනගන්න එකක් නෑ.. හිතේ තියන් ඉන්න බැරිම තැන මේක මන් මටම කියාගන්නවා.. ඔව් දැක්ක පලවෙනි දවසෙ ඉදන් මන් උබට ආදරේ කරනවා.. කරනවා... තාම...... නෑ මන් නවතිනවා... මොකද මට බෑ ඔයාට ළං වෙන්න.. මොකද මන් කුකීට නොසෑහෙන්න ආදරෙයි.. ඌත් මගෙ පණ වගේ.. කියා.... මන් උබට කියා කියන්නෙ ඇයි දන්නවද?? උබ කියා නෙමෙයි උබ මගේ කිආ... මට බෑ මගේ මල්ලිගේ කෙල්ලට ආදරය කරන්න.. ඉතින් මන් කිආට ආදරේ කරනවා.. පුලුවන් හැමවෙලේම මන් පරිස්සම් කලා.. දන්නවා කුකී උබේ පණ කියල.. ඉතින් දෙන්න වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා.. කවදාවත් උබල දෙන්නවා ඈත් කරන්නේ නෑ.. එදා කවුද මට බැහැ කියන කෙල්ල ඇහුවම ඒ ඔයා කියන්න ඕනේ උනත් මන් කොහොමද ඒක කියන්නේ?? පලවෙනි දවසෙ දැක්කම මට හිතුනා ඔයා මගේ කියලා.. ඒත් මට කලින් පොඩි කොල්ල ඉස්සර උනා.. ඒක හොදයි.. මොකද ඔයා ආදරය කරලා තියෙන්නෙ කුකීට.. මට නෙමෙයි.. මන් ඔයාට ආදරය කරනවා කියල දැනගත්තොත් කුකී මට ඔයාව දෙයි.. ඌත් මන් තරම් ම මට ආදරෙයි.. ඒත් අපි තුන්දෙනාම දුකින් එතකොට.. දැන් මන් විතරයි මේක දන්නේ.. හැමදාටම මන් විතරයි මේක දන්නේ.. බොලද උනා වැඩි වගේ.. ඒත් අන්තිමට මේක ලියන්නම ඕනේ... ආයේ ආත්මෙක හම්බුනොත් මන් ඉස්සර වෙන්නම් කුකීට කලින්...
ජින්........
ඇස්වල කදුලු පිරෙද්දී ජින් තමන් ඉස්සරහ තිබ්බ කලු කඩදාසියේ දිලිසෙන පාටට ලස්සනට තමන්ගේ සිතුවිලි වචන කලා.. ඔව් ජින් ආදරය කරපු කියා කියන්නේ ආකී.. තමන්ගෙම මල්ලිගේ කෙල්ලට ආදරය කරන්න බැරි නිසා ආකී කියන නම පොඩ්ඩක් වෙනස් කරගෙන එයා වෙනම රූපයක් මවාගත්තා.. ඒකයි කවදාවත්ම ඒ කෙල්ල ජින්ට හම්බෙන්නෙ නෑ කිව්වේ..
තමන් ලිව්ව වචන දිහා බලාගෙන ජින් සැනසුම් සුසුම් හෙලුවා..
"හ්‍යොන්ග්, මොකද මේ තනියම??"
ජින් කලබල උනේ එක පාරට ඩෝ එක ඇරෙනවත් එක්කම ආව කට හඩට.. ජින් ගැස්සිලා නැගිට්ට පාර පුටුවත් බිම..
"ජූන් 😳"
"මොකද බය වෙලා?? මොකක්ද ඔය?"
ජින්ගේ මේසේ උඩ තිබ්බ කඩදාසිය දැක්ක ජූන් ඒක ගන්න අත දික් කරද්දිම ජින් ඒක අරන් පිටිපස්සට කරගත්තා...
"මොකක්ද හ්‍යොන්ග් ඒ??"
ජූන් දැක්ක ජින්ගේ ඇස්වල නොවැටී තිබ්බ කදුලු.. ජින්ව තද කරලා අල්ල ගත්ත ජූන් කොලේ ඇදලා ගත්තා.. වෙන කෙනෙක්ගේ දෙයක් බලන එක හොද නැති වුනත් ජූන් ජින්ගේ ඇස්වලට කදුලු එන්න තරම් මොකද උනේ කියලා දැනගන්න ඒක බැලුවා..
"හ්‍යොන්ග්?? ඔයා??"
ජූන් කොලේ පොඩි කරගෙන ජින්ව බදාගත්තේ කවදාවත් අඩපු නැති ජූන්ගේ ඇස්වලටත් කදුලු ආව නිසා.. ආදරය සෙල්ලමකට ගත්ත කොල්ලෙක්ටත් ඒක ඒ තරම්ම දැනුනා..
"ජූන්... ප්ලීස් මේක කාටවත්"
"කියන්නෙ නෑ... ඒත් කොහොමද ඉවසන්නේ??"
"මොකද උන් දෙන්න සතුටෙන්නෙ..."
"හ්‍යොන්ග් 😓😓😓"
"හැමදේම අදින් ඉවරයි.. අවුරුදු දෙකකින් එලියට එන්නේ වෙනම කෙනෙක්.. අපි ආදරය කරන ඔක්කොම අපිට හම්බෙන්නෙ නෑ ජූන්"
"හ්ම්ම්ම්..මේකට මොකද කරන්නේ?? ඇයි මෙහෙම ලිව්වේ??"
එහෙම අහද්දී ජින් ජූන්ගේ අතින් කොලේ අරන් මේසේ උඩ තිබ්බ ලයිටර් එක අතට ගත්තා..
"පුච්චනවද??"
"හ්ම්ම්ම්"
ජින් එහෙම්ම ලයිටර් එක පත්තු කරලා කොලේ ළං කලා..
"ඔයාගේ හැගීම් ඔහොම පුච්චන්න එපා"
"අලුත් කෙනෙක් එන්න නම් පරණ දේවල් ඉවරම කරන්න ඕනේ"
එහෙම කිව්ව ජින් කලු කඩදාසිය මත ලිව්ව හැම හැගීමක්ම ගිනිවලින් පුච්චලා දැම්මා..
After 2 years
"අම්බෝ අදින් පස්සෙ නෑ අපි හමුවන්නේ.. බායි"
කුකී ජින්ගේ කරටත් අතක් දාගෙන ට්‍රේනින් එක තැන කට්ටියට අතත් වනාගෙන එලියට ආවේ අවුරුදු දෙකකට පස්සෙ.. දෙන්න ටිකක් රූපෙන් වෙනස් වුනාට හිටිය වගේම තමා හැසිරීම නම්..
ගිය අවුරුදු දෙකට ජින් කුකී ඇතුලේ තනි වුනා.. ඒ අතරේ එමී නෝරා ආකී ආයේ ලංකාවට ආවේ මිශන් එක ඉවර උන නිසා.. නෝරටයි එමීටයිත් පොඩි පොඩි කේස් වගයක් වැටුනේ විනය විරෝධී වැඩ නිසා.. ( මතකනේ කඩාගෙන ගිය ඒවා) ඒවාට අවවාද කරලා විතරක් හිටියේ ඒවා සාමාන්‍ය දේවල් නිසා.. ඒ කලේ පුරා ජූන් සුගා හොබී ටේ ඇන්ඩ් ජිමින් වෙනදා වගේම තමන්ගේ රාජකාරිය කලා.. ජූන් වගේම සුගා දැන් කණ්ඩායම් දෙකක් මෙහෙයවන හෙඩ්ලා දෙන්නෙක්.. ටේට පලමුපෙල නිළදාරියෙක් වෙන්න අවස්තාවක් හම්බුනා.. ජිමින් ජූන්ගේ කණ්ඩායමේ ලීඩර් විදිහට වැඩ කරද්දී හොබී සුගාගේ කණ්ඩායෙමේ මෙම්බර් කෙනෙක් වුනා.. කොහොම උනත් කොල්ලො තාම හිටිය වගේම එකටමයි කාලයක් ගෙවන්නේ..
මෝහා ජූන් ආදර කතාව ලස්සනට ගලාගෙන යනවා.. හොබී ජූඩා එක්ක එන්ගේජ් උනේ ජූඩගේ ස්ටඩීවලට ආයේ ඇමරිකා යන්න උන නිසා.. හැමදේම දැනගත්ත මින්සෝ ආයේ ඔසී ගියේ කුකීව සදහටම අමතක කරන්න හිතාගෙන.. ඒ අතරේ සුගා ජේන්ගේ ඔම්මවත් කොරියාවට ගෙන්නගෙන දෙන්නට ඉන්න පොඩි හවුස් එකක් අරන් දුන්නා.. ආකී එමී නෝරා ඉතින් ලංකාවෙ... ඩිස්ටන්ස් ලව් ලස්සනයි කියලා ටේ එමී වගේම ජිමින් ඇන්ඩ් නෝරත් එහෙම ආදර වින්දා.. මැරි කරන්න ඕනේ උනත් කවුරුත් ඒ ගැන හිතුවෙ නැත්තෙ කුකී ඇන්ඩ් ජින් නැති නිසා..
අද එමී නෝරා ආකී කොරියාවට එනවා.. ඒ කුකීලා එන නිසා.. කට්ටියම ඩෝම් එකට ඇවිල්ලා ඔක්කොම රෙඩි කරලා තියෙන්නෙ අවුරුදු දෙකකින් එන දෙන්නව පිලිගන්න..
කුකී ජින් ඩෝම් එකෙන් බැහැපු ගමන් කොල්ලො ටික ගිහින් බදාගත්තා..
"අම්බෝ කොල්ලො දෙන්න තව හැන්ඩ්සම් වෙලානේ"
"කොහොමත් එහෙමනේ"
කට්ටියම ඩෝම් එක ඇතුලට ආවා.. කුකීගේ ඇස් ගියේ දනිස්සටත් උඩට තියන පොඩි ෆ්‍රොක් එකක් ඇදලා හිටිය ආකී ළගට..
කුකීගේ වගේම ජින්ගෙත් ඇස් දෙක ලොකු උනා ආකීව දැකලා.. කුකී ආකී ලගට විදුලු වේගෙන් ගිහින් අතින් ඇදගෙන උඩට එක්කන් ගියා..
"මොකද මේ??"
"එනවා කට පියන්"
ඔක්කොම කට ඇරන් බලන් හිටියේ මොකක්ද උනේ කියලා.. කුකී ආකීවත් ඇදගෙන ගියේ ආකීගේ රූම් එකට.. රූම් එකට ගිහින් අල්මාරිය ලගට ගිය කුකී අල්මාරියේ ඩෝ එක ඇරලා ආකී දිහා බැලුවේ අලුකරන බැල්මෙන්..
"මොකද??"
"ඇදුමක් ගන්නවා.."
"ඇයි මේක?"
"ඕක ඇදුමක්ද ඕයි?? තමුසෙට මන් හිටියෙ නැති ටිකකට මොකක්ද ගැහුව පිස්සුව??"
"නෑ ඔයා ආස වෙයි කියල"
"ඇයි උබේ අහවල් එක බලන්න අමාරුවෙන් හිටිය කියලද හිතුවෙ??"
"කුකී... මන් එහෙම"
"මේ අවුරුදු දෙකට ඔහොමද ඇන්දේ?? අපරාදෙ නේ ඕකත් ඇන්දේ 😡😡"
කුකී ඔහේ කටට එන හැමදේම කියලා දැම්මා.. කුකී කිව්ව වචනවලට ආකීට කදුලු නවත්තන් ඉන්න බැරිවුනා..
"දැන් ඇයි අඩන්නේ?"
"මන්... මන් එහෙම හිතලා"
"අච්චර කොල්ලො ඉන්නවා ලැජ්ජාවක් නැද්ද?? තමුසේ මන් යන්න කලින් හොදට හිටියනේ??"
"සොරි කුකී..."
ආකී කදුලු පිහදන ගමන් අල්මාරියෙන් ඇදලා ගත්තේ ඩෙනිමකුයි බැගී ටී එකකුයි.. කුකීට කිව්ව දෙවල්වලට දුක හිතුනේ ආකී අඩනවා දැකලා.. කුකී ලග තිබ්බ මේසේට පයින් ගැහුවේ තමන් එක්කම තිබ්බ කේන්තියට..
"සොරි.. "
අල්මාරිය පැත්ත හැරිලා හිටිය ආකීව බැක්හග් කරපු කුකී කිව්වා..
"අඩන්න එපා.. ශික් ආව ගමන් මන් කෑගැහුවා නේ.. ඉතින් යකා නගින්නෙ නැද්ද ඕයි?? මන් ආස අර විකාර නැති ආකීට කියල දන්නවනේ.. ඔය වහන් ඉන්න මගුල් මට විතරක් පෙන්නුවම ඇති.. රෙද්ද??"
"ඒත් ඔයා කිව්ව දෙවල්??"
"ඉතින් බබා මට කේන්ති ගියා.. හරි සොරි.. මන් මොකක්ද කරන්න ඕනේ??"
ආකී කුකීගේ පැත්ත හැරුනා.. හැරිලා ආකීගේ අත් දෙකෙන්ම කුකීගේ මූණ අල්ලගත්තේ අවුරුදු දෙකකින් දැක්ක සතුටට.. කොහෙද මේ ගම්මිරිස් ඇටයා ආව ගමන් කෑගහන්න ගත්තනේ..
"ලස්සන වෙලා කුකී ඔයා"
"කොහොමත් එහෙමනේ.. "
"😏"
ඒ කියන ගමන් ආකී කුකීගේ කම්මුලට පොඩි හාදුවක් දුන්නා.. ඒ ලැබුන අවස්තාවෙන් කුකී ආකීගේ තොල් අල්ලගත්තා.. මොනා උනත් අවුරුදු දෙකක් කෙල්ලව දැක්කෙත් නෑනේ.. ආකීත් කුකීගේ බෙල්ල වටේ අත යවන ගමන් තවත් කුකීට ලන් උනා.. ටික ටික ඉන වටේ තිබ්බ කුකීගේ අත ආකීගේ ෆ්‍රොක් එක යටට යනවා වගේ තේරුන තැන ආකී කුකීව තල්ලු කලේ පල්ලෙහා කට්ටිය බලන් ඉන්න නිසා..
"මොකද??"
"කට්ටිය පහල අපි එනකන් ඉන්නව.. ඔයා යන්න.. මන් ඇදගෙන එන්නම්"
කුකී ඔලුවත් කස කස එලියට යද්දී ආකී ගත්ත ඩෙනිමයි ටී එකයි අදින්න ගත්තා.. මොනා උනත් ආකීත් ආස ඒ ඇදුමට.. කට්ටියගේ බලකිරිල්ලට ෆ්‍රොක් එකක් ඇන්දට කෙල්ලත් ආසම නැති ඇදුමක් ගවුම් කියන්නේ..
.
.
.
.
.
.
කට්ටියන දවල්ට කාලා ටිකක් වෙලා කතා කර කර හිටියේ පහුගිය ටිකේ මොකද උනේ කියලා..
After two years
"එමී... කෝ යකෝ??"
"කෑගහන්න එපා ටේ.. මේ යක්සයා වද දෙනවා"
"ඒයි යක්සයා මෙහෙ එනවා.."
ටේ එමී මැරි කලේ හැමෝටම කලින්.. කොහොමත් දෙන්නට පොඩි මෙව්වා එකක් තිබ්බනේ.. දැන් දෙන්නට පුතෙක් ඉන්නවා..
"ඇයි අප්පා???"
"මොකද දගලන්නේ?? දැගලුවොත් කුකී හ්‍යොන්ග්ලගේ ගෙදර එක්කන් යන්නෙ නෑ"
"අහ්හ් නෑ නෑ දගන්නේ නෑ.. ☺️☺️"
කුකී හැමෝටම එයාට හ්‍යොන්ග් කියන්න කියලා පුරුදු කරලා තියෙන්නෙ 🤣🤣
අද කුකී ඇන්ඩ් ආකී මැරි කරලා මාස හයක්.. ඒ නිසා කට්ටිය කාලෙකින් සෙට් උනේ නැති නිසා හැමෝම ඩිනර් එකට එහෙට යන්න ඉන්නේ..
.............
.............
At night
"වෙලාවට වැඩ නේ උබ තාම??"
සුගා ඇන්ඩ් ජේන් එද්දී කුකී ඩෝ එක අරින ගමන් කිව්වා.. දෙන්න ලබන මාසේ මැරි කරන්න ඉන්නෙ..
"මේ ජේන් ලේට් උනේ 😒"
"අහ් වරෙන් වරෙන්"
ටේ එමී සුගා ජේන් හොබී ඇවිල්ල හිටියේ.. තාම අනිත් කපල් එක ඇවිල්ල නෑ.. ජින් හිටියේ රටින් පිට.. එදා ජූන් පොරොන්දු උනා වගේම හැමදෙයක්ම ජූනුත් හිතෙන් මකලා දැම්මා.. ජින්ට කොරියාවේ ලොකුම කම්පැනිවලින් එකක් වුන කිම් කම්පැනි එකේ ceoගේ එකම දුවගෙන් ප්‍රොපොසල් එකක් ආවා.. ජිනුත් අක්මැත්තක් නැති නිසා ආයේ කොරියාවට ආවම ඒ වෙඩින් එකත් ගන්න තමා කට්ටියම බලාගෙන ඉන්නෙ..
"තේමි මෙහෙ එන්නකෝ..."
"ඕ..."
"ස්කූල් ගියාද??"
"ඕ...."
තේමී කියන්නේ එමී ඇන්ඩ් ටේගේ බබා.. ආකී තේමීව හුරතල් කර කර හිටියේ.. එක පාරටම ජිම්න් නෝරා එක්ක එද්දී තේමී දිව්වේ ඩෝ එක ලගට.. මොකද ජිමින් ඇන්ඩ් නෝරට ට්වින්ස්ලා ඉන්නේ..දෙන්න එක්ක තේමී ගොඩක් එකතුයි...
"ඔන්න අපිත් ආවා..."
"අපිත් ආවා.... මේ උබලට කියන්න ඕනේ මන් අප්පා කෙනෙක් වෙන්න යන්නේ"
ගෙදරට ගොඩ වෙද්දිම ජූන් කෑගහපු පාරට කොල්ලො ටික ජූන්ව හග් කලේ සතුටට..
ඒ නිව්ස් එකත් එක්කම රෑ වෙනකන් කියව කියව කට්ටිය සතුටු වුනා..
මොකද වැඩ එක්ක කාලෙකට පාරක් තමා කට්ටිය සෙට් උනේ.. කොච්චර පේන මානේ හිටියත් දැන් කට්ටියම බිසී වැඩි..
"එහෙනම් අපි යනවා කොල්ලෝ... "
කට්ටියම කුකීලගේ ගෙදරින් යද්දී එකට විතර ඇති.. කට්ටියම ගියාම ආකී පොඩ්ඩක් උඩින් උඩින් ගේ අස් කලේ හෙට උදේට අනිත් ටික අස් කරන්න හිතාගෙන..
"මන් වොශ් දාගන්න යනවා"
කුකී ආකීටත් කියාගෙන ගියේ වොශ් දාන්න.. ආකීත් අස් කරලා රූම් එකට යද්දී කුකී හොදටම නිදි..
"මේ මනුස්සයා නම් 😡"
කුකීට බැන බැනම ආකී වොශ් එකක් දාන්න ගියා.. වොශ් එකක් දාගෙන එද්දී කුකී ඇදේ නෑ..
"කුකී..."
ආකී එක පාරට කෑගැහුවේ බයට.. යද්දි හිටිය මනුස්සයා එද්දී නෑ..
"කුකී කෝ අනේ??"
ටවල් එක පිටින් හිටිය නිසා එලියට යන්න බෑනේ.. ඕනේ මගුලක් කියලා යන්න හදද්දී අකීව ගල් උනේ සීතල අතක් ඉන වටේ යද්දී..
"කුකී... අම්බෝ මන් බය උනා කෝ කියලා"
"බබා... මේ"
"මොකද??"
"හැමෝටම බබාලා ඉන්නවා"
"ඉතින්??"
"අපිත් හදමු"
ආකීගේ මූණ රතු උනා..
"ඔයා බබාලට ඔච්චර ආසද??"
"ඔව් ගොඩක්..."
"හදමු ඉතින්..."
ආකී කියන පමාවට ආකීගේ ඇගෙන් ටවල් එක අයින් කරපු කුකී ආකීත් එක්කම ඇදට වැටුනා..
.
.
.
.
.
.
.
.
.
.
හැමෝටම හැපි එන්ඩින්ග් එකක් දුන්නා.. මිශන් එකකට ඇවිල්ලා අන්තිමට මගුලකුත් කරගෙනම ඒක ඉවර කරලා දැම්මා.. කොහේ හිටියත් හම්බෙන්න ඉන්න අය හම්බෙනවලුනේ.. සමහරවෙලාවට නොගැලපෙනම අය තමා මේ ලෝකේ සතුටෙන් හිටියේ.. හරියට කුකී ආකී වගේ.. දෙන්නට දෙන්න තේරුම් ගන්න අමාරු උනත් ආදරේ වෙනස් උනේ නෑ.. ඉතින් කලු සටහන ජින්ගේ ආදරය එක්ක පිච්චිලා යද්දී හැම කෙනෙක්ටම සතුටක් ඉතුරු උනා..
Plz vote and comment, if you like this story 💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top